යූ ටියුබ් අවකාශයේ දස්කම් දක්වන අපේ කොල්ලෝ , කෙල්ලෝ අනුරුද්ධ වැලිගමගේ යූ ටියුබය පටන් අරගෙන තියෙන්නේ පෞද්ගලික උවමනාවක් මත වුණත් මේ වෙනකොට එය කරන සමාජ බලපෑම අති මහත් . වෙලාවකට යූ ටියුබයට වැඩසටහන් ඉදිරිපත් කරන එක කලාවක් . තවත් වෙලාවකට උන්මාදයක් . සමහරු ඒක සංදර්ශනයක් කරගෙන තියෙන අතරේ සමහරෙක් එය විලාසිතාවක් කරගෙනත් තියෙනවා. පොඩි පොඩි උපාංග ටිකක් අරගෙන ආසාවට වගේම ව්‍යාපාරික අරමුණකිනුත් වැඩසටහන් කරන්න විශේෂයෙන්ම තරුණ පරපුර අතරේ ලොකු උනන්දුවක් තියෙනවා ...
පොත් පිටු අතරින් ..... සුමනා විජේරත්න ගේ කතා කරන මහවැව සහ බුදුන් දුටු සමාජවාදය සමග එක්වෙමු. අනුරුද්ධ වැලිගමගේ පොත් පිටු අතරින් ..........කැනඩාවේ නිර්මාණ කරුවන්ගේ පොත් නිර්මාණ විමසුම .....මේක ගොතපු කතාවක් එහෙම නෙමෙයි. ඇත්තටම මගෙ මතකයේ තියන කතාවක්. ඇයි තාත්තා මාව එක්කරගෙන ගියේ? අපි දරුවන්ට උගන්වන්න මහන්සි ගන්නවට වඩා හරිම පහසුයි, ඒ වගේම සාර්ථකයි දරුවන්ට ඉගෙන ගන්න ඉඩ හැරපුවාම. තාත්තා මට ඉගැන්නුවේ නෑ. ඉගෙන ගන්න ඉඩ ඇරියා. මම දැන ගත්ත කොහොම ද එක කරන්නේ කියලා. විධිමත් අධ්‍යාපනය තුළ ...
අපට තව දුර යන්න තියෙනවා…. අනුරුද්ධ වැලිගමගේ සිත්පාන අද්දරම විසිරෙන්න පිණි බිංදු තරු පිරී මග ලකුණු කියනවා අත් අල්ලගෙන එන්න , ප්‍රිය මිතුර එක්වෙන්න අපට තව දුර යන්න තියෙනවා මේ ගමන තව යන්න තියෙනවා සුසුදු සඳපාන මැද , නේක මල් උයන්වල මල් පිපී දිලි දිලී තියෙනවා කටුක රුදු කතර මැද එක්වෙලා ගියෝතින් සත්තමයි කෙම් බිමක් පෙනෙනවා ඒ ගමන යන්න දිරි ලැබෙනවා හරියටම දුක සැපත්, හමන මද ...
ලක්සෙට කොඩිය දැම්මට පස්සේ ...... අනුරුද්ධ වැලිගමගේ 2022 දෙසැම්බර් 14 වැනිදා අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේ පිටු කියැවීම් ගණන 100,000 ( ලක්ෂය ) පසුකරා. ගණනින් නොව ගුණයෙන් යන්න මම තරයේ අදහන දෙයක් වුණත් ඒ දිරිය සිංහල බ්ලොග් කරුවෙක් විදිහට මට තව ඉදිරි ගමනකට පාර කියනවා. බ්ලොග් එකක් ලියන්න හිතුණු හැටි.සිංහල බ්ලොග් එකක් ලියන්න මට හිතුනෙ අහම්බෙන්. 2017 නොවැම්බර් මාසෙ සවන අන්තර්ජාල රේඩියෝව පටන් ගන්න සුදානම් වෙනකොට ...
ඇනෝලාට බයවෙන්න උවමනා ද ? අනුරුද්ධ වැලිගමගේ දියුණු සමාජයක කියවීමේ සහ ලිවීමේ නිදහසක් උපරිමයෙන්ම තියෙන්න ඕන කියලයි මම හිතන්නේ. ඒ වගේම විශේෂයෙන්ම සිංහල බ්ලොග් ලියැවිලි ලියන අපි බ්ලොග් එකක් පවත්වාගෙන යන්නේ රසිකයන් කියල හිතන පිරිසක් එක්ක නිර්මාණ ගනුදෙනුවක යෙදෙන්නයි. ගෝත්‍රිකත්වයෙන් මිදුණු ඒ දියුණු සමාජයේම අපි ලියන දේවල් වලට වගේම අපි අනික් අයට තබන ප්‍රතිචාරවලටත් යම් සීමාවක් තියෙන එක සුදුසුයි කියලයි මම හිතන්නේ.නිර්මාණකරුවා සහ පෞද්ගලික චරිතය අතර ...
ඔබ ගාවම දැවටෙන්න හිතෙනවා.......අනුරුද්ධ වැලිගමගේ...... අනුරුද්ධ වැලිගමගේ නිමිත්ත මවක් සහ දුවක අතර තිබෙන බැදීම ගැන ගීයක් ලියල දෙන්න කියල ආචාර්ය බුද්ධිමතී ජයසේකර( බුද්ධි ) දවසක් මට කිව්වා. අපටත් දුවල දෙන්නෙක්ම ඉන්න හින්ද මගේ බිරිද දුවලා ගැන මෙහෙම හිතනවා කියල උපකල්පනය කර ගනිමින් තමයි මම මේ පද කැටිකලේ. මේ පද ලැබුණාම බුද්ධි කිව්වේ ඒ අතරෙ ගොනුවුණු සමහර සිදුවීම් ඇයට හැබැහින් අත්දකින්නට ලැබුණු උදාහරණ කියලයි.මහත් සේ වෙහෙස වෙලා ආචාර්ය ...
අපි බිග් නිකල් කාසිය බලා පතලකට ගියෙමු අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ උතුරු ඔන්ටාරියෝ ප්‍රදේශය පටන් ගන්නා සඩ්බරි ( Sudbary) නගරය ජනප්‍රියව තිබුණේ පතල් කර්මාන්තය සහ දැව කර්මාන්තය සඳහා. කැනේඩියන් පැසිපික් දුම්රිය මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ඩිපෝවක් ලෙස සංවර්ධනය වුණු මේ නගරයට මේ නම ලැබෙන්නේ එංගලන්තයේ සඩ්බරි ප්‍රදේශයේ තැනැත්තියක් දුම්රිය සේවය ඉහළ නිලධාරියෙකුගේ බිරිඳ වුනු හින්දයි ලෝකයේ දෙවන ප්‍රධානතම නිකල් නිධි මේ ප්‍රදේශයෙන් හමුවීම නිසා මේ ප්‍රදේශයේ පතල් කර්මාන්තය අතරින් ජනප්‍රිය ...
වැට අද්දර පැපොල් ගහේ ඉන්නා තුන් ඉරි අප්පු ...... අනුරුද්ධ වැලිගමගේ......රුපවාහිනී ළමා ගීත..... අනුරුද්ධ වැලිගමගේ වැටඅද්දර පැපොල් ගහේ ඉන්නා තුන් ඉරි අප්පු දැක්කේනැහැ හුග කලකින් කොහේ ගියාද අපෙ අප්පු එහෙන්එබිලා මෙහෙන් එබිලා පැපොල් ගහේ මුදුනේ ඉදන් කරණම්වැඩ හරිම ගොඩයි කෝ මේ තුන් ඉරි අප්පු ...... ඉරිතුන පිට මැද හරියට ලස්සන සිතුවම් වැන්නේ දැක්කෙනැතුව කාලයකින් පාළුව තනියක් එන්නේ මුළුවත්තම පාළු වගෙයි ටිං ටිං හඩ නැහැ ඇහුණේ වන්නම්හැඩ නැටුම් එක්ක එන්නෙ නැද්ද අපෙ අප්පු වැටඅද්දර පැපොල් ...
අමයුරු කවි රස 4 නිසදැස් කවියක විප්ලවය අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - අමයුරු ...
අමයුරු කවි රස 5 ළමා කවියේ රුව ගුණ අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - අමයුරු ...
අත්හැර දමන ලද තැන් 500 ක් හරහා ලෝකය දකිමු. අනුරුද්ධ වැලිගමගේ අත්හැර දමන ලද තැන් වල අභිරහස් - Mysteries of the abandoned. පහුගිය මාස 4 තිස්සේ දිනකට එක බැගින් බෙහෙත් වඩියක් බොනවා තරමට බලන්නට මම ඇබ්බැහිව සිටි වැඩසටහන් පෙලක් තිබුනි. ලෝකයේ හතර දිග් භාගයේ විවිධ තැන්වල පිහිටි මේ වනවිට අත්හැර දමන ලද ඉදිකිරීම් සහ නිර්මාණ 500 කට වැඩි ප්‍රමාණයක් ගැන විනාඩි 45 වැඩසටහන් 108 ක් පුරා කතාකරද්දී ඉතිහාසය, දේශපාලනය , ...
ප්‍රවාහනය ඇසුරින් ලෝකය දිහා බලන අපූරු you tube වැඩසටහන් එකතුවක් අනුරුද්ධ වැලිගමගේ මා බ්ලොග් එකට එකතු කරන සමහර සටහන්වල තිබෙන වාර්තා වැඩසටහන් තමන්ට බලන්නට නොහැකි වන්නේ ඒවායේ මූලාශ්‍ර හොයාගන්නට බැරි හින්දා කියලා සහෝදර බ්ලොග් රචකයන් කිහිපදෙනෙක්ම ලියා තිබුණා. . මම චිත්‍රපට සහ වාර්තා වැඩසටහන් බොහොමයක් බලන්නේ IPTV හරහා.ඉඳ හිට you tube එකෙනුත් ඒවා බලන අවස්ථා තිබෙනවා. අධික වෙළඳ දැන්වීම් ධාරිතාවය වගේම ඒවායේ ශ්‍රව්‍ය දෘශ්‍ය තත්වයන් ඒ තරම් හොඳ නැති හින්දා මම ...
හඩ කැවුණු චිත්‍රපට සමග ලෝකයට එක්වෙමු .....චිත්‍රපට තුලින් ලෝකය දකිමු 12 අනුරුද්ධ වැලිගමගේ අපට හොදින්ම හදට දැනෙන්නේ තමන්ගේ මව් බසයි. ඒ උපන්දා සිට හදට දැනුණු හැගීම් හොදින්ම සන්නිවේදනය කරන්නට සමත් එය හින්දයි.ලෝකයේ විවිධ රටවල නිපදවුණු වෙනස් කථා තේමාවන් ඔස්සේ ජීවිත අත්දැකීම් සමපාත කරන්නට හඩ කැවූ චිත්‍රපට කරන්නේ ඉමහත් මෙහෙයක්.අප හිතනවාට වඩා හඩ කැවීම සංකීර්ණ වැඩක්. චරිතවල තොල් චලන අනුව වඩාත් සුදුසු සරල එහෙත් ගැලපෙනම වචන තෝරන එකත් ඒවා අපට දැනෙන විදිහට පටිගත ...
නිම්සි..... අනුරුද්ධ වැලිගමගේ කංචන නැගිට්ටෙ හීනෙන් වගේ. ඒත් නැගිටලා බැලුවාම දුරකථනයේ වට්ස්ඇප් තිරයේ මතුවුණු සටහන නම් ඇත්තම ඇත්ත එකක්. ඒත් කංචනට හිතුණේ “මේක කොහොම අදහන්න ද?” කියල යි. කංචනගෙ හිත අතීතයට ගියෙ නොදැනීම. ඒ නිමාලිකා හසන්ති රාජකරුණා එහෙමත් නැත්නම් නිම්මි කංචනට හමුවුණුපළමුවෙනි දවස. “ගලෙන්බිදුණුවැව තියෙන්නෙ කොහෙද?” නිම්මි ඇහුවෙ මුණ ගස්සලා. “උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ” කංචන කියන්න පටන් ගත්තා. “නවත්තන්න අනේ, කෝලම් නැතුව ...
අමයුරු කවි රස 1 - ජනකවියේ චමත්කාරය .......රූපවාහිනි අත්දැකීම.... අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - ...
චූටි නංගියේ ......... අනුරුද්ධ වැලිගමගේ රතුපාටටඉදී දිලෙන ජම්බුගෙඩිය වාගේ මුණ ඇයිඅද මේ එල්ලාගෙන චූටි නංගියේ වෙනදාවාගේ නැහැ අදනම් අය්යට දුක හිතෙනවාලු චූටිනංගියේ ......... ඊයේහවස වෙනදා වගේ සෙල්ලම්කලේ නැහැයි කියල මාත්එක්ක තරහවෙලා නේද නංගියේ හිනාවෙලායමු අපි දැන් චූටිනංගියේ...... පාඩම්වැඩ ගොඩගැහිලා ගණන්ටිකක් ඉතුරුවෙලා ඒවකරන්නට ගිහිල්ල එන්න බැරිවුණේ හිනාවෙලාමෙහෙට එන්න චූටිනංගියේ දෑසේකදුළු පිහදගන්න පොඩියක්හිනැහී බලන්න ඔන්නඉතින් සෙල්ලම් කරනට ආවානේ හනිකටදුවගෙන යමු අපි චූටිනංගියේ ...... අනුරුද්ධවැලිගමගේ 1991-1994 වකවානුවේදී ...
දෙකොන විලක්කුව සමග අතීතයට ......... අනුරුද්ධ වැලිගමගේ 2005 දී ලියූ මේ කතාව 1987- 2005 කාලයේදී මා ලද අත්දැකීම් රැසක නොස්ටැල්ජියානු මතකයන් ඇසුරින් ලියැවුනකි. මේ තුලින් දේශපාලන හෝ වාර්ගික මතවාද ඉදිරිපත් නොවන බව සලකන්න. මගේ කතාව සංස්කරණය කොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පලවන සිසිල 2022 පෙබරවාරි කලාපයට එක් කලේ එහි සංස්කාරක රසික සුරියආරච්චි විසිනි. ( බ්ලොග් රචක - රසිකොලොජි ) හරබර විවිධ අංග ඇතුලත් සම්පුර්ණ කලාප ලබාගැනීම සදහා ...
ඒ ඔබයි ....... අනුරුද්ධ වැලිගමගේ සඳ රෑ යාමයේ සල රූ පෙරහැරේ සිහිනයේ මතුවුනේ ඔබයි වැහි පොදේ මතුවෙලා සිත මගේ කැලබුවේ දේදුන්න වාගේ තමයි රැළි නගා දිය මතින් ඇදි ඉරක් වන් ලෙසින් පාවෙලා ගිය බවත් සැබැයි තිස් වසක් ගිය නමුත් සයනයේ සිහිනයේ ඉදහිටක යලි රැදී ඉන්නවා නම් තමයි රැළි ගැහුණු කම්මුලෙන් සුද පෙනුණු කෙහෙ රොදින් මුහුණු පොත් පිටු තුලින් මතුවෙවී යන බවත් හැබැයි උගුරටත් හොරකමින් බොන ...
හේතු...... අනුරුද්ධ වැලිගමගේ “දඩාස්”ඉස්සරහ සීට් එකේ තිබුණු ෆයිල් මිටිය බිමට වැටුණා. ඒ දිල්කිට හදිස්සියේම වාහනේ බ්රේක් කරන්න වුනු හින්ද.තමන්ගෙ ධාවන පථයට එහා මං තීරුවෙ ඉඳන් තරුණ කාන්තාවක් වාහනය කැපුවෙ අනපේක්ෂිත විදිහට. අද දවස හරිම කාර්ය බහුලයි. දිල්කිට දවසේ වැඩ ටික එකින් එක සිහියට නැගුණා. උදේ නමයට දික්කසාද නඩුවකට එන ඉන්දීය යුවලක්. දවල් දොළහට දුෂණයට ලක් වූ තරුණියක් සම්බන්ධ නඩුවක පූර්ව සංවාදයක්.හවස හතරට ...
අශ්ව රේස් බලන්නට සියෙනාවටත් , අළුත්ම විලාසිතා බලන්නට මිලාන් නුවරටත් ගිය හැටි……. අනුරුද්ධ වැලිගමගේ ඉතාලි සංචාරයක මතකය 5. අපි තාමත්ඉන්නෙඉතාලියෙ. අපේසංචාරකබස්රථයයන්නෙසියෙනානගරයට. ටිකෙන්ටිකනගරයෙන්ඈත්වුණුඅපිමිදිවතුසහඅනෙකුත්ගොවිපොලමැද්දෙන්දිවෙනඅධිවේගීමාර්ගයෙන්ගියේයුනෙස්කෝලෝකඋරුමයක්වනසියෙනාබලන්න. ඉතාලියේවයින්සදහාප්රසිද්ධටස්කන්කලාපයහරහාඅපේමාර්ගයවැටීතිබුනා. ඉතිහාසකථාවලටඅනුවරෝමයතැනුසහෝදරදෙපලගේපුතුන්සියෙනානගරයඇරබුබවයිකියන්නේ. ඒත්මේවෙනකොටමේනගරයප්රසිද්ධවෙලාතියෙන්නෙසෑමවසරකමජුලි2 වැනිදාසහඅගෝස්තු16 වැනිදාපැවැත්වෙනPalio අශ්වරේස්හින්දයි. අපටමේතරගසදහාඅශ්වයින්දුවනධාවනපථයසකස්කරනවාදකින්නටලැබුණා. ඒත්පුළුවන්කමක්තියෙනවානම්ඉත