මාස තුනක් සහ එක දවසක් ..........මනුෂා ප්රභානි දිසානායක......රේඩියෝ කෙටිකතා.... අනුරුද්ධ වැලිගමගේ මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...අද කතාව මාස තුනක් සහ එක දවසක් ..........සමාජ මාධ්‍ය ජාල හරහා ගොඩ නැගෙන වර්තමාන ප්‍රේම කතාවක්බූන්දි බ්ලොග් අඩවියේ පලවූ ඇගේ මුල් කථාවhttp://www.boondi.lk/article.php?ArtID=5081සවනට රචනා කලේ මනුෂා ප්රභානි දිසානායකකැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ...
ඔන්ටාරියෝ තැනින් තැන Fall Colors බලමුද ? අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ දෙවන විශාලතම පලාත වන අප ජීවත්වන ඔන්ටාරියෝ පලාතේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 1.076 ක් වෙනවා ( හෙක්ටෙයාර් මිලියන 107.6 ක්) එයින් 66% ක් වනාන්තර හෝ රක්ෂිත ලෙස සංරක්ෂණය වෙනවා . ශීත සෘතුව ඝර්ම කලාපීය අපට එතරම් පහසු ජීවන රටාවක් ගෙන නොදුන්නත් කැනඩාවේදී අප අත් දකින සෘතු 4 ජීවිතයට වෙනස් අත්දැකීම් රැසක් ගෙනදෙනවා. කැනඩාවේ ජීවත්වන අවුරුදු 15 කට වැඩි ...
හීන වලට පාට දෙන්න.... අනුරුද්ධ වැලිගමගේ ......කවි..... අනුරුද්ධ වැලිගමගේ හීනවලට පාට දෙන්න දේදුන්නකනැගල එන්න ලස්සනසිතුවම් මවන්න එකරෑනේ ඉගිල එන්න පාටපාට මල් පොකුරක් වාගේඑකමිට බැදෙන්න වෙනසමලස්සන කරලා හිත්යායේ පුබුදුවන්න තරුකැට ඉහෙනා අහසේ නෙකනෙක හැඩතල මවන්න මුතුඇමිණු මාලය වී එකමුතුවී නිති හිදින්න අනුරුද්ධ වැලිගමගේසේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ...
තනිකඩ හීනය ......අනුරුද්ධ වැලිගමගේ.... අනුරුද්ධ වැලිගමගේ රෑනකිතුල් සේ දිලෙනා ඔබේ නිල් කෙහෙරැල් පොරකනවාහුළග එක්ක කරමින් හුරතල් නීලමැණික් වගෙ දිදුලන ඔබෙ නිල් නෙතුදැල් ලෝකෙපුරා කලබලයෙන් දුවනවා තව කල් සැළලිහිණියේ, තිසර, මයුර පොත්වල වැනුමන් සිහිකෙරුවාඔබේ පිරුණු පියයුරු අබිමන් ඉටිරූපෙක වගේ පිරුණු ඉග සුග වැනුමන් සිතුවම්පෙල ඇන්ද වගෙයි හිත තුල සක්මන් ඉගිලගිහින් සයුරු මතින් කාලය අතරින් මිසර, රෝම , ඉන්දු නිම්න ළදුන් පිරිවරන් තනියහනේ පාළු කපන දවසක් එනකං ...
සෙනෙහෙ විලයි ඔබ මට නිති සිසිලස කැන්දන..........අනුරුද්ධ වැලිගමගේ.... අනුරුද්ධ වැලිගමගේ රෝස කැකුළු මට මොකටද , ඔබේ දෙතොල් ළගසමණල තටු පහස තිබෙයි ඔබෙ දෙකොපොල මැද කවි ගී වල ඇති වරුණා නැතිමුත් ඉග ළගරැජිනයි මට සතුට සදන සැමදා මා ළග බාධක කම්කටොළු නැත්තෙ මේ ලොව කොයිබද දිරිය නුබයි මවට පසුව හිත සුව කැන්දන රිදෙන විටදි සිත තැවිලා හිතේ රිදුම් දෙන හද සනසන පැන් බිද නුබ ඒ දුක් දුරුලන දුක සතුටත් සමව ...
අතීතාවර්ජනය, කවි දෙක තුනක කතාවක් සහ දූපතේ නිවාඩුව ..... හැලපයා ගේ කතාවක් ..... රේඩියෝ කෙටිකතා...... අනුරුද්ධ වැලිගමගේ ඒ සද්දෙ නං එච්චර හොඳ එකක් නෙවෙයි....ජුලියස් කියනව,එතකොටම දොරෙන් එළියට ආපු මම දැක්කෙ ලංකා බැංකු බිල්ඩිමේ(පිට්ටු බම්බුවෙ )උඩම තට්ටුවලජනෙල්වල වීදුරු කෑලි එළියට වීසිවෙනව.බෝම්බයක්ම තමයි.....කට්ටිය කතාවුණා..අපි කට්ටියම එකවර ඒ පැත්තට යන්න පිටත්වුණා...වරායෙ ලේඩන් බැස්ටියන් ගේට්ටුවෙන් අපි එළියට එනකොට පාර පිරිල සෙනග,යෝක් වීදියෙන් ජනාධිපති මාවත පැත්තට ඇදෙනව.අන්තිමට වෙච්චි දේ ආරංචි වුණා...මහ බැංකුවට බෝම්බ ගහල.....මගෙ ඇඟ හීතල වෙලා ගියා,බිරිඳ උදේ වැඩට ආව නේද...අපි ...
රොකී කදුවැටිය හරහා දුම්රිය මගක් ...... අනුරුද්ධ වැලිගමගේ රටක් යා කරමින් තැනුණු දුම්රිය මග 2.1882 දී වැන් හෝන් ගේ අධීක්ෂණය යටතේ දුම්රිය මග කිලෝමීටර 673 ක් දුරට හැදුනා . තැනිතලා බිමෙහි වූ ඒ ඉදිකිරීම් එතරම් අසීරු වුනේ නැහැ . කැනඩාවේ නැගෙනහිර සහ බටහිර දෙකොන යාකරමින් දෙපැත්තකින් තැනෙන දුම්රිය මග යථාර්තයක් වීමට ප්‍රධාන බාධකය වූයේ ස්වභාවික පිහිටීම වුණු රොකී කදුවැටිය .A B Rogersවිශේෂයෙන්ම වසරේ මාස ගණනක් හිමෙන් වැසීයන ...
සිදු වෙන්නේ ආයෙමත් අහුවෙන්න කාලෙකට අනුරුද්ධ වැලිගමගේ ආයෙමත් පටන්ගෙන පෙර පුරුදු පොරයක් පිල් බෙදී මඩ ගසයි නැත කිසිම අරුමක් නිදහසින් පසු ගෙවුණු කලම සත් දශකක් කවදාද දකින්නේ අපි අලුත් එළියක් පාට ලකුණුත් සමග ජාති කුල මලයක් අල්ලගෙන යන්නේම නිමක් නැති වලියක් නඟන්නට හදන්නට නැත කිසිම දැක්මක් ඡන්දයෙන් කරන්නේ උන්ගෙ මඩි තරයක් සුදුසුකම් පලපුරුදු හොයන කොට ජොබ් වලට කවදාද හොයන්නේ රට කරවන අයට සැලැස්මක් විනය හා විනිවිදව ...
යන්නට බැරිද දැන්වත් අපි එක්වී... අනුරුද්ධ වැලිගමගේ සබද අපි හසු නොවෙමු මෙවරේ වරින් වර හසු වුනෙමු මිතුරේ ජනබලය සවිය මැද සොදුරේ සාමයෙන් නගමු ගොස මෙවරේ පාන් ගෙඩියට , හාල් ඇටයට රැවටී බලා හුන්නෙමු ගිලින හැටි උන් දැවටී කා කොටාගෙන පාට පාටට රැවටී තරු පෙනෙනකම් හිටිය තබමින් හූ මිටී දහඩිය වගුරුවා උගුරත් ලේවී පෙරමුණ අරන් කෑ ගැසුවාය පේවී ලේ කදුලැලි මතින් ඉහලට පාවී ගිය උන් හිදියි නැසු ...
උඩු කබාය සහ කවියෙකුගේ වික්‍රමය....... නිලූක කදුරුගමුව...... අනුරුද්ධ වැලිගමගේ ‘ඒයි ළමයා,’‘ඔව් සර්’‘තමුසෙ ගාව රුපියල් දහයෙ කොළයක් මාරු කරන්න තියෙනවද?’‘නෑ සර්, හැබැයි මට මාරු කරලා ගෙනැල්ලා දෙන්න පුළුවන්.’‘සල්ලිත් අරන් තමුසෙ ආපහු ආවෙ නැත්නම් මොකද කරන්නේ?’‘සර්ට මාව විස්වාස නැත්නම් මාත් එක්ක එන්න පුළුවන්. සර්ට මොනවද ඕනෑ?’‘නෑ, කමක් නෑ.... මෙන්න මට ඇනා එකක් හම්බ වුණා. දෙනවා මට හොඳ සිගරැට් එකක්. දීලා මෙතැනින් යන්න යනවා.’ඔහු දුම් උරන විට පෙනී ගියේ ඒ සෑම ...
රටක් යා කරමින් තැනුණු දුම්රිය මග .... 1. අනුරුද්ධ වැලිගමගේ 1867 දීනෝවා ස්කොෂියා, නිව් බ්රුන්ස්විච්ක් , කුවිබෙක් සහ ඔන්ටාරියෝ පළාත් එක්ව තැනුණු කැනඩාවට එක්වන්නට නම් බ්‍රිටිෂ් කොලොම්බියාව 1871 දී කොන්දේසියක් ඉදිරිපත් කලා . ඒ කැනඩාවේ බටහිර කොනේ පිහිටි තම බිම්කඩ කැනඩාවේ අනෙකුත් පළාත් සමග යා කරමින් තැනෙන දුම්රිය මගක් . අද මෙන් ගුවන් යානා , අධිවේගී මාර්ග නැති ඒ යුගයේ භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය ප්‍රධාන මාධ්‍යය වුනා . ඔවුන් ඒ ...
ලෝකයේ ලොකුම මිරිදිය විල බලන්නට උතුරු ඔන්ටාරියෝවට අනුරුද්ධ වැලිගමගේ කැනේඩියානු සංචාරයක මතකය කැනඩාවේ පලාත් අතරින් 4 වන විශාලතම පලාත විදිහට සැලකෙන්නේ වර්ග කිලෝමීටර 1,076,395 ක බිම් කඩක් වසා පැතිර පවතින අප ජීවත්වන ඔන්ටාරියෝ පලාතයි. පංච මහා විල් අතරින් 4 ක කොටස් ඇමෙරිකා එකසත් ජනපදය සමග සහයෝගයෙන් බෙදා ගන්නා කැනඩාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 10.8 ක් මේ පලාතට අයිතියි. මේ මුළු ඉඩෙන් 3/4 ක ප්‍රදේශය සැලකෙන්නේ උතුරු ඔන්ටාරියෝව ( ...
කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට ..... අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ රොකී කදු කලාපයේ අසිරිය බලන්න බොහෝ දෙනෙක් යන්නෙ බැන්ෆ් නගරයට.ඒත් ඒ කලාපයේ තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. බැන්ෆ් නගරයේ ඉදන් පැයක දුරින් තියෙන යෝහෝ ජාතික උද්‍යානය එවන් තැනක්. පහුගිය දවසක මා ලද අත්දැකීම් රූපණ බලන ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. පැය බාගයක් පුරා ඔබට දකින්නට ලැබෙන මේ මනරම් දසුන් දැක්කාම ඔබ හෙටම මේ ගමන සැලසුම් කරාවි.එන්න අපිත් එක්ක Wapta ...
මුහුණු පොතේ පැරණි පතපොත ඩිජිටල් ගත කරන මෙහෙවර .... අනුරුද්ධ වැලිගමගේ මා ලංකාවේ සිටියදී එකතු කල විවිධ පතපොත පිරි පොත් රාක්කයක්ද , පුවත්පත්, සගරා ආදියේ පලවූ මගේ ලිපි ඇතුලත් කබඩ් එකක් ද විය. අන්තර්ජාල පහසුකම් නොතිබූ ඒ අවධියේ අපට ලොව වටා දැනුම ලබන්නට උදව් වූයේ සතිපතා පලවූ විවිධ පුවත්පත් සහ සති අන්ත පුවත්පත් වල අතිරේකයන් ය. නවයුගය, විජය, Little Star පුවත්පත් සමග අතිරේක වශයෙන් දුන් විශ්වකෝෂ සහ දැනුම් පොත් සේම ...
ගිම්හානයේ සුව විදින්නට ඊරි විල දිගේ තවත් තැන් හොයමු. අනුරුද්ධ වැලිගමගේ හියුරන් විල ආශ්‍රිතව විවිධ ක්‍රියාකාරකම් කල හැකි උද්‍යාන ගැන හොද ප්‍රතිචාරයක් ලැබුණා. ඒ හින්ද ටොරොන්ටෝවේ ඉදන් පැය 2 ක තරම් ගමනකින් යා හැකි ඊරි විල අසබඩ තැන් කිහිපයක් ගැන තොරතුරු එක්කලේ ඉඩක් ලැබුණොත් මේ ගිම්හානයේ හරි ඉදිරි අවුරුද්දක හරි ගිහින් ඒ අත්දැකීම් විදින්නයි.ඊරි විල ( Lake Erie) පංච මහා විල් අතුරින් 4 වන තැන හිමි කරගන්නා ඊරි විල අඩුම කලක් ...
ඔටාවා සිදුවීම හරහා මතුවන සංක්‍රමණික ශ්‍රී ලාංකික ශිෂ්‍ය අභියෝග අනුරුද්ධ වැලිගමගේ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යය සහ ජනමාධ්‍යය විවිධ අර්ථකථන දෙමින් වාර්තා කල කැනඩාවේ ඔටාවා නගරයේ සිදුවූ සිදුවීම අප දකින්නේ පශ්චාත් කොවිඩ් සමයේ විදේශ අධ්‍යාපනය සදහා සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාව තුල කැකෑරෙමින් තිබූ ගැටළු සහ පීඩනය නමැති ගිනිකන්දේ සිදූවූ එක් පිපුරුමක් ලෙසටයි. මහා බ්‍රිතාන්‍යයේ සියදිවි නසා ගැනීමක් ලෙසින් වාර්තා වූ සිසු මරණයත් එවන් තවත් එකක් වන්නට පුළුවන්. 2024 සැප්තැම්බර් මාසයේ ...
ලැව් ගිනි නිසා විනාශ වුනු රොකී කඳු කලාපයේ අසිරිමත් නගරය අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ ඇල්බර්ටා පළාතේ ජැස්පර් නගරය ( Jasper) ගිම්හාන කාලයේ හිරු එළියෙන් දීප්තිමත් වී ඇති විට විවිධ හැඩතල මවන්නේ ග්ලැසියර සහිත කඳු පන්ති පරිසර පද්ධති වලින් මනස්කාන්ත පරිසරයක් මවමින්. ඒ අවස්ථාවලදී ගන්නා සේයාරූ ඉතාමත්ම දැකුම්කළුයි. කැනේඩියානු රොකී කඳු කලාපයේ පාරාදීසයක් බඳු මේ ප්‍රදේශය ඉතා විශාල කඳු ප්‍රමාණයක් ඇති නිසා හිම ආශ්රිත කටයුතුවලදීත් ඉතා වැදගත්කමක් දරනවා. ඒ හින්දා ශීත කාලයේදීත් මේ ප්‍රදේශය ...
ගී ලියමු ගේය පද සංචිතය. අනුරුද්ධ වැලිගමගේ විනෝදාංශයක් විදිහට නිර්මාණකරණයේ යෙදෙන මම , එච්චර මම කරන දේ ගැන කතා කරන්න කැමති නෑ. ඒත් මගේ ලියැවිලි ගැන කියවන අනිත් අයගේ අදහස් දැනගන්න , අහන්න ආසයි. ඒ කියවන ඔබේ අදහස් ,මගේ ඉදිරි නිර්මාණ සරු කරන්න උදව් වෙන හින්දා. තදබල බ්ලොග් රසිකයකු වෙලා හිටපු මම මගේම කියලා බ්ලොග් එකක් පටන් ගත්තෙත් ඒ හින්දම තමයි.කවි , කෙටි කතා කිහිපයක් ලියන්න මම ...
සඳකඩ පහනේ බ්ලොග් පැතිරවීමේ වෑයම ...... අනුරුද්ධ වැලිගමගේ සඳකඩ පහන සිංහල බ්ලොග් සින්ඩිකේටර් අතරට පැමිණි අළුත්ම සාමාජිකයා යැයි මට සිතේ. සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙනයාමේ කාර්යයේදී බ්ලොග් සින්ඩිකේටර් කරන්නේ අතිමහත් කාර්යභාරයකි.බ්ලොග් සින්ඩිකේටර සහ පරිගණක මෘදුකාංග පිළිබද මගේ අල්ප දැනුම නිසා මේ සටහන තුල තාක්ෂණික කරුණු පිළිබදව නොලියන්නට පරිස්සම් වෙමි.කලක් තිස්සේ බොහෝ සිංහල බ්ලොග් අඩවි කියවා තිබූ මා බ්ලොග් අඩවියක් පටන් ගන්නට අත්පොත් තැබුවේ 2018 ජූනි මාසයේදීය. ටිකෙන් ටික ...
මගේ රේඩියෝ මතක ......අනුරුද්ධ වැලිගමගේ ...... අනුරුද්ධ වැලිගමගේ මා සාමාන්‍යයෙන් එදිනෙදා බ්ලොග් ලිපි ලියන කෙනෙක් නොවේ. ඉඩ ලැබෙන දවසක අකුරු අමුණා සෑම සෙනසුරාදාවකම මතුවන ලෙසට බ්ලොග් සටහනක් ගොනු කරන එක මගේ පුරුද්දයි. එලෙස මේ සතියට ගොනු කරන්නට නියමිතව තිබුණු සටහන ඉවත් කර මේ රැයේ ලියන්නට හිතුනේ තට්ටයා මහත්තයා ලියූ " මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි "සටහන නිසයි. එහි සදහන් කර තිබෙන ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේදී මට ...