එදා ඔබ ආයෙමත් හොයනවා........අනුරුද්ධ වැලිගමගේ......කවි.......... අනුරුද්ධ වැලිගමගේ ඉගිමරනතරු රෑන නුවරවැව කෙලවරක හැංගිලාහද දිහා බලනවා හොරෙන්ඇවිදින් හෙමින් නිදනඔබ දිහාවේ හෙමිහිමින් මම ඇවිත් බලනවා .... මතකයන්දිගේ ඇවිද වැවරවුම වටේටම හෙමිහෙමින් හිත මගේ දුවනවා ඔබේඅත අල්ලගෙන තරුණපෙම් යුවලක්ව හේවිසියඅතරෙ හිත දුවනවා ...... බාලිකාවෙන්ඇවිත් ඇහැලමල් ගස් යටින් හිතඇතුලෙ පෙරහැරක් දුවනවා පැතුම්මල් පුරෝගෙන ඔබ දකින මොහොතකට මල් පාරේ මම ඇවිත් ඉන්නවා...... ගලහහන්දියේ ඉදන් හන්තානපාමුලට එකකුඩේ සෙවණ අපි විදිනවා අහස්ගව්වෙන් ඇවිත් අත්දෙකෙන් ...
චිත්‍රපට තුලින් ලෝකය දකිමු 13 - චරිත තුලින් ජීවිතය විදීම අනුරුද්ධ වැලිගමගේ චිත්‍රපට තුල නොස්ටල්ජියානු මතක තිබෙන්නට පුළුවන. කල්පිත මනෝ ලෝක තිබෙන්නට පුළුවන. සොබා දහමේ අපූරුව සේම විද්‍යා ප්‍රබන්ධ තිබෙන්නට පුළුවන. ඒවා අඩු වැඩි වශයෙන් මුසුව තිබෙන්නට පුළුවන. චිත්‍රපට කථා රචකයා සේම රූප අදහස මවන අධ්‍යක්ෂකවරයා ප්රමුඛ කණ්ඩායම කතාව ඉදිරියට ගෙනයන මාධ්‍යය වන්නේ චරිතයි . විහිළුවට කීවත් චිත්‍රපට නළු නිලියන්ට බයිසිකලයේ සිට අභ්‍යවකාශ යානා දක්වා සියළු වාහන පැදවිය හැකිය. නිලියට නළුවාට ...
අමයුරු කවි රස 4 නිසදැස් කවියක විප්ලවය අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - අමයුරු ...
සවන කවි මිණි ආර ගැන ඔබේ ප්‍රශ්න වලට පිලිතුරු ... අනුරුද්ධ වැලිගමගේ කවිය ගැන උනන්දුවක් ඇතිවෙලා තියෙන මේ කාලෙ මුහුණු පොතේ සහ ලංකාවේ සමහර රූපවාහිනී මාධ්‍යය තුල කවියට විශාල අවධානයක් යොමුවෙලා තියෙනවා. සේයාරුවක් එක්ක කවියක් කියැවීම පුරුදු දෙයක් වුණත් ජනකවි හැරුණාම අනෙක් කවි අහන්න ලැබෙන ඉඩ අඩුයි. සවන කවි මිණි ආර පටන් ගත්තෙ ඒ අරමුණ ඇතිව. කැනඩාවෙ වගේම ලංකාවෙත් මේ වැඩසටහන අහන කවියට ලැදි පිරිස වෙනුවෙන් මේ තොරතුරු එකතු කරන්න හිතුවෙ ...
අපි ගිම්හානයේදී ගැ රඩියා කන්දෙන් අරඹා ශීත කාලයේදී හිම මත ලිස්සා ගියෙමු.....කැනේඩියානු සංචාරයක මතකය... අනුරුද්ධ වැලිගමගේ මනරම්නයගරා දියඇල්ල අප නෙතට මවන්නේ මහත් චමත්කාරයක්. ඉතිහාසය දෙස බැලීමේදී නයගරාව බිහිවූ භූගෝලීය වෙනස්වීම් සමග ඇතිවූ කලාපයක් ඔන්ටරියෝ පළාතේ දකින්නට පුළුවන්. සොබාදහම මවා ඇති ඒ වෙනස්කම ඔබට, මට සංචාරය කරන්නට අපුරු තැන් රැසක් ඉතිරි කර තිබෙනවා. හොල්ටන් රක්ෂිතය මගින් පාලනය වන උද්‍යාන කිහිපයකම නිස්කලංක,විචිත්‍ර , පහසුකම් සපිරි මේ පරිශ්‍ර ගිම්හානයේ දවසක් ගතකරන්නට කදිමයි.ඇවිදින්නට,බයිසිකල් පදින්නට, හිතවත් පවුල් කිහිපයක් සමග බිත්ති ...
ඒත් හිත හදාගෙන ඉන්නවා ....... අනුරුද්ධ වැලිගමගේ දගකරන සද එළිය කිතිකවයි මගේ හිතහිනාවක් දෙකොපොලේ දුවනවාහිතේ හැංගුණු මතක සිතුම් වැල් පුබුදුවයිමගෙ හිතම පෙරහැරක් මවනවා හිමයාය පිස හමන හීත මදනල රොදක්හෙමි හෙමින් ගත සිසිල ගෙනෙනවාපොඩි කුඩේ තෙරපිලා මන්දාරම දිගේවැහිදාට හිත තාම දුවනවා අද මගේ ලග නැතත් හිත් විලේ තොටමුණකපිදුණු පෙම ආදරෙන් තියෙනවාලංවෙන්න බැරි දුරක පැතුම් මල් වැල් අතරඔබ ඈත තරුවක්ව මැවෙනවාඒත් හිත හදාගෙන ඉන්නවාඅනුරුද්ධ වැලිගමගේසේයාරූ - අන්තර්ජාලයෙන් Google ...
අතීතාවර්ජනය, කවි දෙක තුනක කතාවක් සහ දූපතේ නිවාඩුව ..... හැලපයා ගේ කතාවක් ..... රේඩියෝ කෙටිකතා...... අනුරුද්ධ වැලිගමගේ ඒ සද්දෙ නං එච්චර හොඳ එකක් නෙවෙයි....ජුලියස් කියනව,එතකොටම දොරෙන් එළියට ආපු මම දැක්කෙ ලංකා බැංකු බිල්ඩිමේ(පිට්ටු බම්බුවෙ )උඩම තට්ටුවලජනෙල්වල වීදුරු කෑලි එළියට වීසිවෙනව.බෝම්බයක්ම තමයි.....කට්ටිය කතාවුණා..අපි කට්ටියම එකවර ඒ පැත්තට යන්න පිටත්වුණා...වරායෙ ලේඩන් බැස්ටියන් ගේට්ටුවෙන් අපි එළියට එනකොට පාර පිරිල සෙනග,යෝක් වීදියෙන් ජනාධිපති මාවත පැත්තට ඇදෙනව.අන්තිමට වෙච්චි දේ ආරංචි වුණා...මහ බැංකුවට බෝම්බ ගහල.....මගෙ ඇඟ හීතල වෙලා ගියා,බිරිඳ උදේ වැඩට ආව නේද...අපි ...
ටක් .... ටක්.... ටක් .....අනුරුද්ධ වැලිගමගේ...... අනුරුද්ධ වැලිගමගේ හිරුදඑබෙනවා ටක් ......ටක්... ටක්.. කුකුළා හඩලයි ටක් .... ටක් ... ටක්... පාසැල්යන්නට වෙලාව හරි දැන් නැගිටින් ළමුනේ ටක් .... ටක් .... ටක්... මුහුණදොවනවා ටක් ..... ටක් .... ටක්... දතුත් මදිනවා ටක්.... ටක්.... ටක්.... විගහට, හනිකට ලෑස්ති වෙන්නකො අකුරුකරන්නට ටක් .... ටක් .... ටක්.. අතහැඩකරනා ටක් ..... ටක් .... ටක් තත්වයරකිනා ටක් ..... ටක් .... ටක් රටින්රටට යන අරුමැකි මෙහි ...
කැනඩාව බේරාගන්න කිලෝමීටර් 32 ක් පයින් ඇවිද ගිය වීර කාන්තාව එක්ක නයගරා ආශ්රිත සංචාරක ස්ථාන බලමුද ? අනුරුද්ධ වැලිගමගේ නයගරා ඇල්ල වටේ රවුමක් යමු 2.ඇමෙරිකානුදේශසීමා මායිමේ තියෙන හින්ද නයගරා කලාපය නිතර ඇමෙරිකානු ආක්‍රමණ වලට ගොදුරු වෙලා තියෙනවා . ඒ අතරෙ 1812 වූ යුද්ධය ඉතිහාසගතයි . ඇමෙරිකාවට පරාජය ගෙනදෙමින් බ්‍රිතාන්‍ය පාක්ෂිකයින්ට ජය අත්වූ ඒ යුද්ධයේ තීරණාත්මක සාධකයක් ලෙස සැලකෙන්නේ ඇමෙරිකානු ආක්‍රමණය ගැන තොරතුරු බ්‍රිතාන්‍ය පක්ෂපාති හමුදාවට ලබාදීමට දිවි පරදුවට තබා Laura Secord නම් කාන්තාව පයින්ම ඇවිද ගිය කිලෝමීටර් 32 ...
මල් දෙකක් ............අනුරුද්ධ වැලිගමගේ...........කවි............ අනුරුද්ධ වැලිගමගේ ඉසුරුමුණිහන්දියේ මල්කඩය අද්දරට යානොයා බැරිවුණේ නෙළුම්මල් අරගන්න ඉන්දුගේඅත උඩට මල්වට්ටි වැඩිදාක එළියවුණු හද එළිය විදුලියක්විණි එසැණ දම්මිගේඅත අරන් හෙමිහෙමින් සීරුවට පායුගල ඇවිද්දත් හිතතාම නැවතුමක දරුගැබක් පතාගෙන බෝධියටයන කලට ඉන්දුපැන්නා පාර ගැබක්කුස දරාගෙන අනුරුද්ධවැලිගමගේ ...
හඩ කැවුණු චිත්‍රපට සමග ලෝකයට එක්වෙමු .....චිත්‍රපට තුලින් ලෝකය දකිමු 12 අනුරුද්ධ වැලිගමගේ අපට හොදින්ම හදට දැනෙන්නේ තමන්ගේ මව් බසයි. ඒ උපන්දා සිට හදට දැනුණු හැගීම් හොදින්ම සන්නිවේදනය කරන්නට සමත් එය හින්දයි.ලෝකයේ විවිධ රටවල නිපදවුණු වෙනස් කථා තේමාවන් ඔස්සේ ජීවිත අත්දැකීම් සමපාත කරන්නට හඩ කැවූ චිත්‍රපට කරන්නේ ඉමහත් මෙහෙයක්.අප හිතනවාට වඩා හඩ කැවීම සංකීර්ණ වැඩක්. චරිතවල තොල් චලන අනුව වඩාත් සුදුසු සරල එහෙත් ගැලපෙනම වචන තෝරන එකත් ඒවා අපට දැනෙන විදිහට පටිගත ...
නිරෝගීමත් නව වසරක් ...... අනුරුද්ධ වැලිගමගේ කොවිඩ් 19 වසංගතය හින්ද 2020 ලෝකෙටම සුබදායක අවුරුද්දක් නොවුනේ සෞඛ්‍යමය සහ ආර්ථික වශයෙන් විශාල හානියක් වුනු හින්ද . ඒත් මේ වෙනකොට එන්නත් කිහිපයක්ම ඉතා සාර්ථක මට්ටමේ තියෙන හින්ද අපට 2021 ගැන සුබවාදීව බලන්න පුළුවන් වේවි.අහස් ගව්වෙන් එහා ලෝකය කියවන හැමෝටම 2021 ලබන්නාවූ අළුත් අවුරුද්ද නිරෝගීමත් වාසනාවන්ත අවුරුද්දක් වේවායි පැතුම් එක්කරනවා. රූපණ අන්තර්ජාල රූපවාහිනිය හැම අවුරුද්දකම පලවෙනි සෙනසුරාදා ලබන්නාවූ අළුත් අවුරුද්ද ...
දේවී ...........අනුරුද්ධ වැලිගමගේ.....කවි....... අනුරුද්ධ වැලිගමගේ කෝච්චියවැරදිලා වැරදිපැත්තට ඇදුණු දාකදුටු මල් ගවුම හිතකොනක මල් පිපුණු දෙකොනගිනිගත් රටේ ඒපැතුම් එක නොවුණු වාගෙහරියට එයත් රේල්පීලි වගෙලු හිනාහඩ පිරිවරා දකුණඋතුරට යැවුණු යාල්දේවියනැතිලු මගුල්කිංකිණි ගැයුණු හිත්අතර පිපුණු මල් අකල්පරවී වැටුණු තාමමතකයේ තියේ ඉස්ටේසමේකුළුණු අනුරුද්ධ වැලිගමගේසේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා ...
හැතැප්ම හතක් පස්සට ගිය නයගරා ඇල්ල බලමු......කැනේඩියානු සංචාරයක මතකය අනුරුද්ධ වැලිගමගේ නයගරා ඇල්ල වටේ රවුමක් යමු 1ටොරොන්ටෝවේඉන්න අපට පැය 2 කට අඩු කාලයකින් අවුරුද්දෙ ඕනෑම කාලයක බලන්න පුළුවන් ජනප්‍රිය තැනක් තියෙනවා . ලංකාවෙන් එන නෑදෑ හිතවත්තු කවුරු උනත් එක්කගෙන යන මෙතැන තියෙන දේවල් වලින් අපි දන්නෙ කොච්චර ටිකයිද ? ඒ ලෝකයේ තිබෙන දිය ඇලි අතරින් ජනප්‍රියම සහ ලස්සනම දිය ඇල්ල ඇල්ල. ඉස්සර වෙලාම ඔබ පුදුම වේවි නයගරා ඇල්ල අවුරුදු 12500 ...
සරුංගලයක් සේ .......ෆ්රීඩා විල්ලවරායන්.......රේඩියෝ කෙටිකතා...... අනුරුද්ධ වැලිගමගේ තාත්ති තාත්ති.... තව ...තව...... උඩ අරින්න.... අන්න.... අන්න .... ඒක කුරුල්ලන්ටත් වැඩිය උඩ යනවා පුරුදු කටහඩ ආයෙමත් ඇහුණා.සුරනිමල ගෙ හිත සන්තෝෂෙන් පිරිලා ගියා. චූටි දුව අත්පුඩි ගහන්න පටන් ගත්තා සුරනිමල ආයෙමත් උඩට යන සරුංගලේ දිහාවෙ බලාගෙන හිතන්න පටන් ගත්තා ඇත්තටම කොච්චර අපූරුද සරුංගල් යවන එක. මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ...
අමයුරු කවි රස 3. සිංහල කවියේ සදැස් ලකුණ අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - අමයුරු ...
සවනට මී බිදක් වන සවන අන්තර්ජාල රේඩියෝව ..........සටහන.... අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් වෙබ් ගත වන සවන අන්තර්ජාල රේඩියෝව වෙබ්ගත වීමේ 3 වන සංවත්සරය සමරන්නේ අදයි. ( 2020 නොවැම්බර් වන 29 දිනයි )ගීත වලට අමතරව වෙනස් විෂය ක්ෂේත්‍ර සහ තේමාවන් යටතේ නිමැවුණු වැඩසටහන් මෙන්ම කාලීන මාතෘකා යටතේ සකස්වුණු වැඩසටහන් පෙලකින් සැරසුණු සවන රේඩියෝව මව්බිමෙන් පිටත දුර ශීත රටක ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ප්‍රබල වේදිකාවක් තනා තිබෙනවා . http://www.sawana.ca/ වෙබ් ...
කමලා නැන්දා ගේ පැතුම 3 .......ආචාර්ය සරත් චන්ද්‍රසේකර .....රේඩියෝ කෙටිකතා අනුරුද්ධ වැලිගමගේ අනේ ඉතින් මගේ ජීවිතෙත් හැටි. වෙනදාට සිගිතියි , පුතයි එක්ක ගම්පහ යන මම කොහෙද ?බබාට ඕන නම් පින්තූර ටිකක් ගන්න පුතාටයි නංගිටයි යවන්න .මොහොතින් මොහොත රමණිගේ මනස තැම්පත් වූ බවක් ඇයට දැනිණ. අනාගතය පිළිබද බලාපොරොත්තුවක් ටිකෙන් ටික සිත තුල ජනනය වන බව ඇයට තේරුම් ගියේය .සුරංජන් අය්යේ ,.... නෑ රත්තරං .... හරි අමුතු පැත්තකට යනවා කියල දැනෙනවා ..මේ කෙටිකතාවක් ...
නයගරා ඇල්ල මගහැර නැව් යන හැටි බලා වරෙන් ...... කැනේඩියානු සංචාරයක මතකය අනුරුද්ධ වැලිගමගේ කැනඩාවත් , ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර මායිමේ පිහිටි නයගරා දියඇල්ල ලොව වැඩි සංචාරක පිරිසක් නරබන අතිශය ජනප්‍රිය සංචාරක ඉසව්වක්. ටොරොන්ටෝවට නුදුරින් ජීවත් වන බොහෝ දෙනා සෑම ගිම්හානයකටම දවසක් හෝ මේ ඉසව්වට යන බව රහසක් නොවෙයි . සොබාදහමේ මහගු දායාදයක් වන නයගරා ඇල්ල ආශ්රිත සංචාරක බල ප්‍රදේශයට යනෙන සංචාරකයින්ට කරන්නට ඇති පදම් දේ තිබෙනවා . එහෙත් ඒ ඉසව්වට යන අයගෙන් ...
වාර්තා චිත්‍රපට තුලින් කාලය තරණය කරමුද ? ...... චිත්‍රපට තුලින් ලෝකය දකිමු 11. අනුරුද්ධ වැලිගමගේ ඔබටමේ මොහොතේදී සියවස් කිහිපයක් පසුපසට යන්නට පුළුවන්ද ? අඩුම තරමේ විනාඩියක්වත් ගෙවුණු කාලය යලිත් ගත නොහැකි අයුරින් සිදුවීම් ඉතිහාසයට එකතු වන්නේ විදුලි වේගයෙනි. පොත්පත් රැසක ඇති මුලාශ්‍ර , ගවේෂණාත්මක තොරතුරු පුරාවිද්‍යාත්මක කාරණා සමග ගලපා ඒ ඉතිහාසය මවන්නට වාර්තා චිත්‍රපට නිෂ්පාදකයින් දක්වා ඇත්තේ මහත් කුසලතාවයකි. ත්‍රිමාණ රූප, සිද්ධි නිරූපණ චරිත සහ විෂය ප්‍රවීණ විද්වතුන්ගේ අදහස් සහ මතවාද අපට ඒ ඉතිහාසය ...