හීන වලට පාට දෙන්න ...එක රෑනේ ඉගිල එන්න... අනුරුද්ධ වැලිගමගේ හීනවලට පාට දෙන්න දේදුන්නකනැගල එන්න ලස්සනසිතුවම් මවන්න එකරෑනේ ඉගිල එන්න එකමුතුවී සොයුරු දමින් එකරෑනේ ඉගිල එන්න පාටපාට මල් පොකුරක් වාගේඑකවිට බැදෙන්න වෙනසමලස්සන කරලා හිත්යායේ පුබුදුවන්න මල්පොකුරක් වගේ එකට නොමියෙනමිතු දම් පුරන්න තරුකැට දිලෙනා අහසේ නෙකනෙක හැඩතල මවන්න මුතුඇමිනු මාලය වී මුතුහරවිලසින් දිලෙන්න එකමුතුවී දස්කම් පා ගුණදම් සුවදින් පිරෙන්න අනුරුද්ධ වැලිගමගේසේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. ...
අමයුරු කවි රස 2. කොළඹ යුගයෙන් තරු තුනක්. අනුරුද්ධ වැලිගමගේ පී බී අල්විස් පෙරේරා , විමලරත්න කුමාරගම සහ ගුණදාස අමරසේකර අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර ...
යෝධ අඩි මතින් පැරණි විදුලි විදී රථ සොයා ගිය ගමනක් .....සංචාරයක මතකය..... අනුරුද්ධ වැලිගමගේ ටොරෝන්ටෝවට නුදුරින් ඇති තැන් කිහිපයක මතකය .. ඔන්ටාරියෝ පළාතේ වාහන නාම පුවරුවල සදහන් වන්නේ Yours to discover කියල ඒ කියන්නෙ ඔබටම සොයාගන්න කියලයි . අපට ප්‍රතිචාර දැක්වූ හිතවතෙක් එය උපුටා දක්වමින් දසතට ස්තුතිවන්ත වී තිබුණේ ඔහු සහ පවුල අපේ ලිපි පෙල කියවා බොහෝ තැන්වලට ගිය බව දන්වමින්. සංචාරයක මතකය ලිපි පෙල කියැවූ අපේ හිතවතුන් විද්‍යුත් තැපෑලෙන් විවිධ ඉල්ලීම් කරනවා. විස්තර ...
පරිකල්පනය සහ විචිත්රත්වය ........ චිත්‍රපට තුලින් ලෝකය දකිමු 10. අනුරුද්ධ වැලිගමගේ චිත්‍රපට තුලදී අප දකින කථා සියල්ල සැබැවින්ම සිදුවූ දෑ නොවේ. ඉන් සමහරක් සත්‍ය සිදුවීම් ප්‍රතිනිර්මාණය කල ඒවාය. එවිට එම සිදුවීම සිනමාරුපි වීම සදහා විවිධ කොටස් එයට එකතු කර තිබෙනු දැකිය හැකිය. තවත් සමහරක් කථා මවන ලද ඒවාය. ඒවා සුරංගනා කථා වල සිට විද්‍යා ප්‍රබන්ධ දක්වා අතීතයේ සිට අනාගතය දක්වා විහිදෙයි. කලාමාධ්‍යයක් සේම සිනමාව කර්මාන්තයක් බැවින් එහි වාණිජ අරමුණු තිබේ. ඒවා ...
නොපිරවෙන හිස්තැන් .... යශෝධා සම්මානි ප්‍රේමරත්න ........ රේඩියෝ කෙටිකථා ...... අනුරුද්ධ වැලිගමගේ සපත්තු දෙක ටීපෝව යටට තල්ලු වෙලා නැවතුණා. එක මේස් එකක් ටීපෝව උඩත්, අනිත් මේස් එක සෝෆාව අයිනේ බිමත් වැතිරිලා මහන්සි අරින්නට වුණා.නාන කාමරය තුළින් හමා ආවේ සිහින් ලැවැන්දර සුවඳක්.රැවුල සේරම කැපුවොත් ඉස්සර වගේ ලාමක පෙනුමක් ඒවි. මම සබන් දියර තැවරූ හිසකේ තලමින් කල්පනා කලා. නිකට මුල නැඟුණු එකම එක කුරුලෑවක් කඩන්න කණ්නාඩියට එබුණෙ ලොවි රතුපාට ඇස් දෙකක්.උරහිස් මත පිපුණු ...
විශ්ව කාන්තා සාහිත්‍යය - ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ ප්‍රකාශයට පත්වන දසත පුවත්පතේ කලාපයක ළමා සාහිත්‍යය පිළිබද ලිපියක් පලවෙනවා. එහි අන්තර්ගතය තුලින් මට පෙනුණේ එය ලියා තිබෙන්නේ සුවිසල් පර්යේෂණාත්මක වෑයමකින් පසුව බවයි. රූපණ අන්තර්ජාල රූපවාහිනියට අළුත් සංකල්පයක් වෙනුවෙන් සම්පත් දායකයින් සොයමින් සිටි ඒ කාලයේදී මට ඇයව සම්බන්ධ කරගැනීමට ඉඩ ලැබුණා. ඒ නොමැකෙන ගී රස , ගීත රචකයින්ගේ නිර්මාණ කැඩපත් චාරිකාව වෙනුවෙන් කෙරුණු මහගම සේකර සහ ළමා ගී ...
දළදා හිමි සරණ දෙවන හෙට දවසක් .......කවි....අනුරුද්ධ වැලිගමගේ........ අනුරුද්ධ වැලිගමගේ රන්වැලිසෑ මළුවෙන් එන සිරිමාබෝ පත් සොලවන පින්පවනක් නවයුගයේ මගේ බිමට දළදාහිමි සරණ දෙවන හෙටදවසක් ....... පුරන්කුඹුරු අස්වද්දන බිත්තිපුරා චිත්‍ර අදින නවයුගයක් පරිසරයටහැම දහමට මෙත්පතුරා හිත් පුරවන සරුයුගයක් ....... පන්දහසක්වස් වපුරා අටුකොටුබත් බුලතින් පිරි පින්දෙරණක් හෙළවෙදකම් බල මහිමෙන් දීනනැතුව පෙරටම ආ මනුකුලයක් ...... අනුරුද්ධ වැලිගමගේ සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. මගේ ලිපි අතර ඇති අකුරු ...
අමයුරු කවි රස 1 - ජනකවියේ චමත්කාරය .......රූපවාහිනි අත්දැකීම.... අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - ...
සෙල්ලම් ගෙයි වැලි පොල්කටු ........අනුරුද්ධ වැලිගමගේ.....රුපවාහිනී ළමා ගීත...... අනුරුද්ධ වැලිගමගේ සෙල්ලම්ගෙයි වැලි පොල්කටු කොස්කොළයෙන් තැනු කොළගොටු වීසිකරලාගෙදර එන්න පුංචිනංගියේ ........ පුංචිනංගියේ ..... පොල්පිතිකපලා හදාපු රූන්රූන් රූන් පෙත්ත දාලහනික ගෙදර එන්න පුංචිමල්ලියේ .... පුංචිමල්ලියේ ..... පහලළිදෙන් දිය ගේන්න වේලුණුදර ගෙයට ගන්න අම්මාවිතරයි කුස්සියේ නංගිගිහින් උදව් වෙන්න නංගිගිහින් උදව් වෙන්න..... එළවළුකොරටුව පැත්තේ තාත්තවිතරයි ඇත්තේ පාත්තියටවතුර ගන්න මල්ලිටිකක් උදව් වෙන්න මල්ලිටිකක් උදව් වෙන්න සෙල්ලම්ගෙයි වැලි පොල්කටු ....... කන්දඅස්සෙ ඉර හැංගි කළුවරගෙට ගොඩවෙනවා ...
පුංචි පුංචි අත්තටු ඇති මී මැස්සෙක් මං ......අනුරුද්ධ වැලිගමගේ..... රුපවාහිනී ළමා ගීත...... අනුරුද්ධ වැලිගමගේ පුංචිපුංචි අත්තටු ඇති මී මැස්සෙක් මං මලින්මලේ පියබා ගිහින් පැණි උරනවා මං ඒපැණි අරගෙන ගිහිල්ල වද බදිනවා මං ගතින්කුඩා වුණත් හරිම කඩිසරයෙක් මං කම්මැලිකම්නැතුව උදෙන් නැගිටිනවා මං රංචුපිටින් ඉහල ගිහින් පැණි ගේනවා මං සමගිදමින් එකමුතු වී වැඩකරනවා මං ලෝකෙටපාඩම් කියනා පුංචි සතෙක් මං අසමගියෙන්බේද නොවී සමගිව හිටියොත් එකපෙලකට රට හදන්න පෙලක් හැදෙනු දැන් ජාතිබේද කුල මල ඇයි මොකටද ආයෙත් ...
චුටි නංගි හීනෙන් හිනැහෙනවා .... අනුරුද්ධ වැලිගමගේ..... රුපවාහිනී ළමා ගීත.... අනුරුද්ධ වැලිගමගේ සද රැස් පිරිලා මිදුල පුරා කුමුදු මල් පොකුරු පිබිදෙනවා වෙනදා නැති සුවදක් අද පිරිලා චුටි නංගි හීනෙන් හිනැහෙනවා .... පිණිබිදු අහසින් පහලට බැහැලා තණබිම සුව යහනක් කරලා කලාමැදිරි රෑනක් රෑ ඇවිදින් චුටි නංගි සමගින් හිනැහෙනවා…. සද රැස් පිරිලා මිදුල පුරා…… කැවුම් සුවද කුස්සිය පුරවාලා කෙසෙල් කැනේ සුවදට මුසුවී... අකුරු කියන දා චුටි නංගිගේ නැකතට ආසිරි සුවද ගෙනෙනවා සද රැස් ...
රෑන් පිටින් ඉගිල්ලෙමින් මහ හඩ දී තටු ගසමින් .....අනුරුද්ධ වැලිගමගේ.....රුපවාහිනී ළමා ගීත.... අනුරුද්ධ වැලිගමගේ රෑන්පිටින් ඉගිල්ලෙමින් මහ හඩ දී තටු ගසමින් රෑන්පිටින් වී පැදුරට එන්ට එපා කුරුල්ලනේ රෑන්දිගේ රෑන් පිටින් ආයෙත් යන්නේ රෑන්රෑන් රෑන්පි ටින් ආයෙත් යන්නේ ගතවූසිව් මස තිස්සේ වැගිරූ දහඩිය ඉස්සේ අප්පච්චිගේමහන්සියේ පංගුව පමණයි ඇත්තේ ඉරමාමා මුවා නොකර වලා පොකුරු ඒ අස්සේ වේලුහොද වී පැදුරයි මගේ ඉදිරියේ ඇත්තේ රෑන්පිටින් ඉගිල්ලෙමින් මහ හඩ දී තටු ගසමින් ...... බේත්ගන්න වෙද මාමා ගාවට ගිය ...
වැට අද්දර පැපොල් ගහේ ඉන්නා තුන් ඉරි අප්පු ...... අනුරුද්ධ වැලිගමගේ......රුපවාහිනී ළමා ගීත..... අනුරුද්ධ වැලිගමගේ වැටඅද්දර පැපොල් ගහේ ඉන්නා තුන් ඉරි අප්පු දැක්කේනැහැ හුග කලකින් කොහේ ගියාද අපෙ අප්පු එහෙන්එබිලා මෙහෙන් එබිලා පැපොල් ගහේ මුදුනේ ඉදන් කරණම්වැඩ හරිම ගොඩයි කෝ මේ තුන් ඉරි අප්පු ...... ඉරිතුන පිට මැද හරියට ලස්සන සිතුවම් වැන්නේ දැක්කෙනැතුව කාලයකින් පාළුව තනියක් එන්නේ මුළුවත්තම පාළු වගෙයි ටිං ටිං හඩ නැහැ ඇහුණේ වන්නම්හැඩ නැටුම් එක්ක එන්නෙ නැද්ද අපෙ අප්පු වැටඅද්දර පැපොල් ...
මාස තුනක් සහ එක දවසක් ..........මනුෂා ප්රභානි දිසානායක......රේඩියෝ කෙටිකතා.... අනුරුද්ධ වැලිගමගේ මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...අද කතාව මාස තුනක් සහ එක දවසක් ..........සමාජ මාධ්‍ය ජාල හරහා ගොඩ නැගෙන වර්තමාන ප්‍රේම කතාවක්බූන්දි බ්ලොග් අඩවියේ පලවූ ඇගේ මුල් කථාවhttp://www.boondi.lk/article.php?ArtID=5081සවනට රචනා කලේ මනුෂා ප්රභානි දිසානායකකැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ...
රේඩියෝ කෙටි කථාවෙන්, රේඩියෝ කවියට ....... සවන කවි මිණි ආර ..... අනුරුද්ධ වැලිගමගේ ...... අනුරුද්ධ වැලිගමගේ පසුගිය වසර දෙක මුළුල්ලේ කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියෙන් ඔබ සවන් දුන් රේඩියෝ කෙටිකතාව දින නැති දිනපොතයි. ජීවන ගමනේ සිත නැවතුණු තැන් යන තේමාව යටතට ගැනුණු ජීවන කතන්දර ඔබ රේඩියෝවෙන් ඇහුවේ අළුත් අත්දැකීමක් ලෙසයි. යූ ටියුබ් මාධ්‍යයට මුදා හැරුණු ඒ රේඩියෝ කතන්දර මේ වනවිට මසකට වරක් අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේ වෙබ්ගත වෙනවා. මගේ නවතම රේඩියෝ වැඩසටහන සවන ...
මං එතකොට මගෙ දූගේ කොණ්ඩේ ගොතනවා....කවි.....අනුරුද්ධ වැලිගමගේ..... අනුරුද්ධ වැලිගමගේ පාටවැටුණු හැන්දෑවක ඉරරත පිරිසුදු වෙරළක සිගිතිදෝණි මාපස්සෙන් දුවගෙනඑනවා. මගේහිතින් මංහනිකට ගම්රට යනවාසුදුගවුමක ටයිපටියක සේයාරූමුහුණු පොතේපාසැල්යනවා මගේහිතින් මංආයෙත් අකුරුකරනවා(පාසැල් යනවා)ලස්සනසුදු බෝනික්කෙක්ඩිජිටල්සල්පිල ඇතුලේඇස්උදුරනවා මං එතකොටමගෙ දූගේකොණ්ඩේගොතනවා අනුරුද්ධ වැලිගමගේසේයාරූ අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයිමගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු ...
Hoover වේල්ලේ අසිරිය බලන්නට යමු.....සංචාරයක මතකය... අනුරුද්ධ වැලිගමගේ ඇමෙරිකානු සංචාරයක මතකය ...... Grand Canyon වටේ රවුමක් 4.Herbert Hooverගංවතුරපාලනය , විදුලි බලය , වගාවන්ට අවශ්‍ය ජලය , පානීය සහ දෛනික කටයුතු සහ නගර වාසීන්ට භාවිතය පිණිස කොලරාඩෝ ගගේ ගලායන ජලය පාලනය ඇරබුනේ අතීතයේ පටන් . 1905 දී ඉදිකළ Laguna බැම්ම ඉන් පළමුවැන්නයි.ප්‍රාන්ත ගණනාවක් කලක තිස්සේ වාද විවාද කල මේ ජල භාවිතය පිළිබද ගැටළුවට විසදුම් දෙන්නට පසුකාලීනව ඇමෙරිකාවේ ජනාධිපති වූ ...
සවන හීන හතක් ..... ගී පොකුරක් හදවතින්ම විදිමුද ? ....අනුරුද්ධ වැලිගමගේ .... අනුරුද්ධ වැලිගමගේ සමහර ගීත අපට ඇහෙනවා. ඒ වගේම අපි ගීත අහනවා . තවත් සමහර වෙලාවකට අපට අමාරුවෙන් හරි ගීත අහන්න වෙනවා. ඒත් රටාවකට එකතු කරලා පොඩි අදහසකුත් එක්ක ගී එකතුවක් අහන්න ලැබුණොත් ඔබට ගීත විදින්න පුළුවන්. හීන හත ඔබට ලැබෙන වෙනස් අත්දැකීමක්. මේ පහුගිය දවසක සවන සිහින සතක් තෝරන්න මම සවන මැදිරියට ගොඩවුණු මොහොත මගේ හීන හත 1. ගිලෙම් ගිලෙම් ගුණ මුහුදේ ...
භාෂා මායිම් නැති සිනමාව ............... චිත්‍රපට තුලින් ලෝකය දකිමු 9. අනුරුද්ධ වැලිගමගේ මටඉරාන භාෂාවත් , රුසියානු භාෂාවත් ලියන්නටවත් කියවන්නටවත් බැරිය. ජර්මන් හෝ ප්‍රංශ බස කථා කරන්නට බැරිය. ඒත් ප්‍රංශයේ, ජර්මනියේ, රුසියාවේ හෝ ඉරානයේ ගමක වෙසෙන මිනිසුන් සහ ගැහැණුන් අතර සිදුවන පුද්ගල සම්බන්ධතා හෝ ඉන්දියාවේ මුම්බායි නුවර නාගරිකයින් අත්විදින දේ සේම තුර්කියේ ඉස්තාන්බුල් මධ්‍යම පාන්තිකයින් විදින ජීවිතය තේරුම් ගන්නට පුළුවන. ඒසදහා මට ඉඩ ලැබෙන්නේ සිනමාව තුලිනි. සංචාර සදහා ලෝකයේ විවිධ කලාපවල රට ...
උඩු කබාය සහ කවියෙකුගේ වික්‍රමය....... නිලූක කදුරුගමුව...... අනුරුද්ධ වැලිගමගේ ‘ඒයි ළමයා,’‘ඔව් සර්’‘තමුසෙ ගාව රුපියල් දහයෙ කොළයක් මාරු කරන්න තියෙනවද?’‘නෑ සර්, හැබැයි මට මාරු කරලා ගෙනැල්ලා දෙන්න පුළුවන්.’‘සල්ලිත් අරන් තමුසෙ ආපහු ආවෙ නැත්නම් මොකද කරන්නේ?’‘සර්ට මාව විස්වාස නැත්නම් මාත් එක්ක එන්න පුළුවන්. සර්ට මොනවද ඕනෑ?’‘නෑ, කමක් නෑ.... මෙන්න මට ඇනා එකක් හම්බ වුණා. දෙනවා මට හොඳ සිගරැට් එකක්. දීලා මෙතැනින් යන්න යනවා.’ඔහු දුම් උරන විට පෙනී ගියේ ඒ සෑම ...