පව World Of Aru යන්න ඕන වෙන්නේ ආදරය නැති නිසා නෙවේ... හුඟක් ආදරය නිසා.. ඒත් ඈතට වෙලා ඉන්න බැරුව එන්නේත් ආයේ ඒ හුඟ ආදරේ නිසා.... ඒකට කියන්නේ "සංසාරගත වූ ප්‍රේමණිය පව" කියලා... ...
නොලියවෙන කවිය.. World Of Aru කෙතරම් කවි ලියුවත්, නොලියවෙන කවිය ඔබය.. ඒනමුත් ඔබ, ලියැවුන හැම කවියකම හුස්ම ගන්න හැටිත් පුදුමය..
සඳ World Of Aru සැඟවී මසක භාගයකුත් ගෙවාගෙන, දිලිහී ඉතිරි දින සොලොසත් පිපිගෙන, සඳ සේ එලිය කර මා දිවි, පිපිගෙන එක තරුවක්ද මම සඳ වට දල්වගෙන
ප්‍රේමය World Of Aru කඳු මුදුනු මත හැපී බිඳෙනා සුළං රැල්ලක මහරු ප්‍රේමය. දියව දියඇලි වලින් නිර්මිත කඳුලු බොර කල සසල ප්‍රේමය. ගඟක දියරැලි මතින් ගෙනයන සයුරේ නවතින අපුල ප්‍රේමය. සියල් ඇරඹුම නුඹේ බැල්මයි, පෙමට මුල් ගල් තැබූ ප්‍රේමය. ...
මම පෙමිනි World Of Aru සිනා මලක් මුව මඬලේ විසිරවමි.එ'හැඩ බලන නෙත අතහැර දුර බලමි.හොරෙන් හොරෙන් ඒනෙත මත වැතිරගමි.ආදරයේ මුලකුරු මා කියවමිනි.සිතමි පතමි, ඔබේ සුවඳක් මෙහි ඒවා.හමමි, විඳිමි, ප්‍රේමය සුවඳෙහි වේවා.අත අත නෑර තව තව කව දිගු වේවා.නුඹ නැති කලෙක ...
දර්ශනය World Of Aru නාඩි වැටෙනව තවමමැරිලා නෑමයි දැනටනොමියව, හුස්ම ගන්න සවිය තියෙන්නෙම තරබෑරුමක...ඉතින්... මං යනව හැමදාම බොන්න...මගේ වීදුරුව අස්සේඋඹ හිනහෙනවා. මා එක්ක කියවනවා..පෙම් කතා කියනවා....මං ඔහේ ඒ දර්ශනෙ බලලාගෙදර එනවා..ආයේ හෙට දර්ශනෙටත් යනවා..**********************************************සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.. මට හිතෙනවා දැන් බ්ලොග් ලෝකේ යාලුවොත් දැන්දැන් හරියට බිසී වෙලා කියලා.. දුමී අයියත් ...
පිලිගැනීම් දෙකක් World Of Aru "යූ හැව් ටූ බී ප්රේරන්ටින්." එයා එහෙම කිව්වේ මගේ ඇස් දෙකට එබීගෙන. මගේ ඇස් දෙකම එයාගේ යටතට අරගෙන තිබ්බේ. අලංකාර පසුබිම් සංගීත වාදනය වුනේ නැහැ. හැමදේම කලුවරයි වගේ... එක පාර මාව කරකැවෙන්න පටන් ගත්තා. මටම පාලනය කරන්නම බැරිව. කැරකැවීම පුදුම වේගයකින්. මගේ දෙඅත් තිබුනේ එයාගේ දෙඅත් වල එල්ලිලා. මගේ බෝඩිම් කාමරය නිහඬව හීල්ලුවා. අවස්ථාව උචිතව හැමදේම නිහඬව. කොටින්ම බිත්ති ඔරලෝසුව ...
නම World Of Aru පාවහන් පැලැඳ විත් ගලවාම නොතබා...හදවත මත ඇවිදින විදියත්,ඔබ හුඟක් අරුමයක්.ඇනී සිර වුණ ගල් කැට පතුලතගැලවි ගැලවී විසි වනනුමුත් රිදුමට වඩා නොරිදවන.....මා නොඇඳ කිසිවක්.ඉවසමි නුඹේ අඩි.රිදෙමි, රිදවගමි.ආයෙත් සිඹිමි නුඹේ අඩි.සටහන්ව ඇත්දැයි බලමි,නොදුටු සේ ඉමි...යලිත් හිස රුවා පා සටහන් ගැනම වෙහෙසෙමි..ඝනීභවනය තරම් රිදුමකුඳු නොදනිමි.නුමුත්, නටඹුනුත් නොසලකමි.පොසිල පමණක්ම පතමි.ඒ පොසිලයට ආදරය යන නම තබමි. ...
රස World Of Aru ප්‍රේමිය ඔබ ඉව් හොද්දක ලුණු රහක් නොබලමි.මේ නොරහ දිවි ඔබම රහ කරදුන් අයුරු පමණක්මමතක් කරන්නට කැමැත්තෙමි.
විස්මය World Of Aru ඔබ එනතුරු බලා හිඳ,නිදිමත තරු, නයනත සිඹිනි.මා අනියත බියෙන් තරු වැරෙන් ගලවා විසි කරමි.ඔබවිත් (නො)සිප (නො)වැලඳනාන කාමරයට වැදෙනි.මම, දොර'ගුල නොහැර ඒ තුල මැවෙමි.ඔබ නුදුරුව හිඳිමි.නොදුටු නුඹ සැනෙන් විත් බොජුන් කිසනිදිමත තරු බලෙන් නයනතට ඔබා නිදති.මා තරු නිවා පහනක් ගෙන එලිය ගමි.ඔබ දෙස බලා මත් වෙමි.තොල් මත වැතිරෙමි.සිහිනෙන්ම හාදු අත'රිමි.විඩාවට බනිමි. ඔබට නොබනිමි.ආදරෙන් හිස මත අතැඟිමි දුවමි.ඉදින් මේ ...
Untitled Post World Of Aru සියල් ඵල නෙලා අවසන ඔබ නිදයි, නිදන මැදිරියක. මා අහම්බෙන් එල්ලුන පා පුවරුවේ තවම....
විසඳුමක්?? World Of Aru පිරිමි පපුවක ලතෙත් බව මහ හුඟක් මිහිරියි දන්නවා. තුරුලු කරගෙන නින්ද එනතුරු නලල හෙමිහිට ඉඹිනවා. මට හෙමින් හෙමින් හැම හැඟීමක්ම ලියන්න හිතුනා. මේ මහ රෑ ඇහෙරෙනවා සමහර වෙලාවට.. එතකොට මං ඔයා දිහා බලන් ඉන්නවා.. සමහර වෙලාවට ඔයා මාව තුරුල් කරගෙන ඉන්නවා මං හදිස්සියේ නැගිට්ටෙන කොට. සමහර වෙලාවට අනික් පැත්ත හැරිලා ඔයා නිදි. ඇත්තටම හුඟක් වෙලාවට අනික් පැත්ත හැරිලා නිදා ගන්නේ ...
විසඳුමක්?? World Of Aru පිරිමි පපුවක ලතෙත් බව මහ හුඟක් මිහිරියි දන්නවා. තුරුලු කරගෙන නින්ද එනතුරු නලල හෙමිහිට ඉඹිනවා. මට හෙමින් හෙමින් හැම හැඟීමක්ම ලියන්න හිතුනා. මේ මහ රෑ ඇහෙරෙනවා සමහර වෙලාවට.. එතකොට මං ඔයා දිහා බලන් ඉන්නවා.. සමහර වෙලාවට ඔයා මාව තුරුල් කරගෙන ඉන්නවා මං හදිස්සියේ නැගිට්ටෙන කොට. සමහර වෙලාවට අනික් පැත්ත හැරිලා ඔයා නිදි. ඇත්තටම හුඟක් වෙලාවට අනික් පැත්ත හැරිලා නිදා ගන්නේ ...
පන්දම World Of Aru ආයෙත් ඔන්න කාලෙකට පස්සේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ ඉහලම තියන ගීතයක විචාරයක් එක්ක මං ආවා.. මේ ගීතයත් කරලියට එන්නේ කතරකට දියපොදක් වැටෙන සේ.. එහෙම නැත්තම් පසු බැහැපු සංගීත ලෝකයට සාර්ථක සාධාරණත්වයක් ඉටු කරමින්. විශේෂයෙන් සංගීත රූප රචනයට කියලම කිව්වොත් තමයි සාධාරණ. මුලින්ම කියන්න ඕනා මං මේකේ විචාර කිහිපයක් යූටියුබ් එකේ කියෙව්වා. ඒවලත් අදහස් එක්වෙයි. නමුත් මේක මට අනුව නම් කුවේණී තරම් ...
පළමු තහනම World Of Aru මං කිව්වේ සුළඟටඋඹේ ලස්සනපුංචිම පුංචි පදපෙලකට එක්ක කර..සුළඟ ඇඹරුනේ ක්ෂණයෙන්ම,එය ඇසූ පමණින්ම..එතකොට උඹ උන්නේ සයුරු රැල්ලට දෙපා ඔබාගෙන...මං උඹ දෙස බලානඇස් මගේ නුඹෙ ළඟම...එකෙනෙහිම ආ සුළඟ උඹේ රතු කෙටි සායඉස්සුවේ හරි දඟව.මගේ ඇස් දිව්වේළඟපාත පිරිමි ඇස් වලට.රත් කලව යුග්මයදිලිසුනේ හිරු එලියත් උරාගෙන.ඒ සියක් ඇස් පිබිදුනේඋඹේ ඒ දිලිසුමට.හිරුත් රතුව ගිනි සිළුවක් දැවුනෙ සීරුවට.තරහ කොහෙන්දැයි නොදැනමා රතු වුනේ ...
ඉරණම්. World Of Aru ශිෂ්‍යත්වේ පාස් වෙලා ඈත ගමක ඉඳන් කොළඹ ලොකු ස්කෝලෙකට එන හැම කොල්ලෙක්ගෙම එකම හීනේ වෛද්‍යවරයෙක් වෙන්න හරි ඉංජිනේරුවෙක් වෙන්න හරි කියලා මං දැන ගත්තේ මීට අවුරුදු අටකට ඉස්සෙල්ලා රෝයල් එකේ හය වසරේ ඩී පන්තියට වැටුනම. එදා තමයි ශිෂ්‍යත්වෙන් ආපු ළමයිගේ රෝයල් එකේ පලවෙනි දවස. හැමෝම යාලුවෝ හොයන් හිටියා. මං විතරක් තනියෙන්. එදා මට යාලුවෙක් උන්නේ නැහැ.. මට මතකයි ක්ලාස් එකේ ...
Untitled Post World Of Aru ඔබට අවැසි වුනේ සිප ගන්න... මට අවැසි වුනේ කියවන්න.. ඔබ හොඳ අසන්නෙක්.. මේ කටකාරිව ඉවසපු... ඒ හුඟක් ඉස්සර... ඒත් දැන්, මට අවැසි සිපගන්න. ඔබ ආස බලා හිඳින්න. මගේ දෙනෙතේ එල්ලෙන්න. තව හුඟක් කියවන්න.. මං දැන් හොඳ දඟකාරියෙක්.., දන්නවා...,ඔබ මාව ඉවසනවා... ...
ප්‍රේමය World Of Aru ප්‍රේමයම "ප්‍රේමය" වන්නේ හිමිකමෙන් මිස ලංව විසීමෙන් නොවන බව කියමි.ලං වන්න අවැසි තැන ලංව ස්පර්ශයක් නොමැතිවත්ආදරය පවතින බව දනිමි.ආදරය හට ගත්තේ අනාරාධිතව සේමඅනායාසයෙන් බව උනුන්ට කියා දෙමි.සම්මතයක්වත්, අසම්මතයක්වත් නොතැකුව බවද පවසමි.රිදෙනවද කියා අසන විටරිදිල්ලකුඳු කෙසේදැයි අසමි.එතරම්ම ආදරය විඳිමි.නොවිඳවමි.වස්තු,ඔබ නොමැති වුවඔබ හිඳිනවා සේ දකිමි.ඔබේ නිහඬබව ඉවසමි.ඔබේ ආදරයම එතරම්ම බව දනිමි.ඉතින්, ...
ලිහිණියා World Of Aru සමනොලුන් යනෙන මඟ නොතිබුනත් කටු කොහොල, ජීවිතය නම් විසල් තරණයක.. විමසුමක් මහ සමනල් හෙළ තරණයම.... ලිහිණියෙක් පියඹලා සමනල් ගිරි දුර්ග මුදුන මත වසා.. ඉගිල යන්නට වරම් ඉල්ලුවේ කුරිරු දෛවයෙන් සදහටම... මහ ගිරි දඹට තරමක් පහලදී ලිහන්නට ඈ වෑයමක් කර සදාතන මතකයට ඉඩහැර පලා යන්නට ගියේ ඈ ආයෙ නොඑන්නම.. නොබිඳි කඩතුරා බැමි තවමත්ම වරද පටවනු ඇගේ ගැහැණුකමටම. රිදව රිදවා යලි යලිත් ...
කුමරියකගේ වැලපුම World Of Aru සනහස් බවෙන් පිරි උතුමන් සේ පැහැද අනුහස් වියෙන් සිරි දිවියෙන් පිරි නිබඳ තිසුලවි පිනෙන් කිරි සීනය වේ ඉපිද පින්දම් වඩන් පිරි යන්නට සිරි නිරිද කුලුණු ගුණෙන් පිරි හද දෙවොලක වැඳුම සැලුණු හදින් කඳුලැල් දිය ...