ප්‍රියය World Of Aru ප්‍රියය..දවන විට දැවෙන එකත්.නිවෙන විට නිවෙන එකත්.ප්‍රේමයය...ගිනි ගහන උණුහුම වුව,මිදෙන සීතල වුව..හමන්නේ ප්‍රේමය දෙසටය..මේ දරා ගැනීමම අපහසුවේදනාව ශෝකය නම්....ඉදින්,ප්‍රේමයමය..ප්‍රේමය පමණක්මය. ...
Untitled Post World Of Aru මැනිය හැකිමද..ඔය ප්‍රේමය.,ළතෙත් හිත හංගාරුදුරුකම් කෙරෙන.පැතුම් පොඩි මිරිකාඔහේ ගලන්න ඉඩ හරින..මේකමද ප්‍රේමය.සොඳුර...නුඹ නොදනිතැයි නොසිතමි.නමුදු නොසොයමි.ප්‍රේමය නම්,නොරිදවා නොහඬවානොසඟවාපැවසීමය.සනහස පිදීමයතෙත හිතින් ස්පර්ශයමය..ප්‍රති ප්‍රේමයක් නොමැතිව වුවප්රේමය දලු ලෑමය..අවසානයේ අතහැරීමය.. ...
සඳ දූ World Of Aru පියෙක් තමන්ගේ දුවට කොයිතරම් ආදරේද කියා පවසන්න මේ විශ්වයේ භාෂාවක අකුරක්වත් තියෙනවද කියන්න සැකයි. ඒ තරම් මහා ස්නේහයක් මහ ළය මත දරාගෙන වදනක්වත් නොපවසා හුස්ම ගන්න පියෙක්ට මේ වගේ සිදුවීමක් දරා ගැනීමම දෛවයේ කෲරතර දඬුවමක්... මේ වචන මේ හඬ, වගේම මෙලඩි එක,යන තුනම සමපාත කරලා කෙනෙක්ට විඳින්න පුලුවන් නම් ඒක විඳීමකට වඩා වඩා දරුණු වේදනාවක් විඳවීමක්ම වෙනවා... ඒ තරම් දරුණුවට ...
Untitled Post World Of Aru සනහස මැවී බොඳවුණ එක නිමේෂෙක.තොටුපල පෙනි පෙනී හැරගිය පාරුවෙක.සිතිජය දැන දැනම හොයමින් ඇසිල්ලෙක.කුමකට පෙමම තව පූදිනු නුරාවෙක.තනිකම තුටකි, තොටුපල හැර ගිය දාක.නැවියෙකු වේද පාරුව පැද ගියදාට.මදහස මැවෙන නෙත අග ඇති කඳුලෙකද.ශෝකය නැතැයි කා හට නම් කිව හැකිද. ...
යන යන මඟේ නුඹ කාටත් මල් පිපියන්. World Of Aru සතුරු වෙසින් රට හාවෝ පැන යද්දීපතුරු ගැලවි ගැලවී සියුමැලි වෙද්දීපදම් කල යකඩ මෙන් හරි බර වෙද්දීසිත නොවෙ ගලක් අවසානේ ඉතුරු විණි.කළුවර රෑට දුම් දමනා ලයිට් කණුසෙවනක් වෙන්න උසට උසේ සිට ගත්තුහවහක ඇවිත් ඉස ඉඹ අතගා බලනුරත් වුණ යකඩ මෙන් ලෝ බොර සේ පුළිගු.සතා වෙසින් නොව දෙවියන් සේ වෙසෙසින්රෑට රෑට මඟ මරුවෝ රඟ පාමින්අත ගුලි කරන් මිට මොලවන මොණර කොලෙන්හෙට මගෙ ...
ප්‍රේමය... World Of Aru මාසික වේදනාවෙන්පෙළෙමි.. කියා ගත නොහී..නුඹ පැමිණ "මහන්සි අද හරිම සුදු.. "යැයි පවසද්දි..මගේ වේදනාව දිය යටට කර පාගා පයෙන්..හනි හනික තේ එකක් සාදමි...එකම එක හාදුවක් දෙනවද..ආදරෙන් නළලතට... ...
මේ කවි නුඹට .... World Of Aru බරටම දැනෙන හුස්මක් සුසුමක් වීලාගහගෙන යාවී මාරුතයම කලඹාලාඒ සුසුමෙන් උපදින කවි පබඳාලානිහඬව ඉන්නේ නුඹ දකිනවා රිසි වීලාඅඹ ගහෙ හැදෙන්නේ අඹ ඵල නොවේදමඩෙ වුව පිපෙන්නේ නෙලුඹු නොවේදසැඟවු නියා ආදරයක් බිඳේ දමේ කවි සියල් නුඹ නමටම නොවේද ...
දන්නවද මං දැන් තනි වෙලා... World Of Aru ඒක මට කියන්න අමාරුයි.. මොකද මං විඳින දුක ඔයාට චුට්ටක් හරි දැනුනොත් ඔය හිත් රිදෙන නිසා..දන්නවද මං දැන් තනි වෙලා...මං ළඟදි අහපු ගීතයක්...ඒ වචන මගේ හිත පසාරු කරගෙන ගියා. මගේ හිතේ හිර වෙලා තිබ්බ වේදනාව කඳුලු කැට විදියට එකින් එක ගැලවිලා මේ මහ පොළව බදා ගත්තා.. ඒ කඳුලු කැටත් වත්තන් කරගන්න මහ පොළව බලාන හිටියට මාව තුරුල් කරන් ඔළුව අත ගාන්න ...
ඉර්ෆාන්... World Of Aru ඉර්ෆාන් ඉතින්..මං බුර්කාව නොඅඳිනදුහුල් ඇඳුමට ප්‍රිය,කතෝලික කෙල්ලක්මි.මට නෙත් හසුන් එව්වට...අපි අසල්වැසියන් බව ඇත්ත..ඒත් ප්‍රේම කරනු කෙලෙස..ඔබ මගේ මූලික හිමිකම් හොරකම් කරන්නම මග බලන බව පමණක්ම දනිමි..ඔබේ ඔය නෙත් හසුන් වල ප්‍රේමය කෙලෙස නමුදු...ඔබගේ වෛවාහක බිරිඳ වූ කලරාත්රිය බිහිසුනු වෙනු ඇත.හඬමින් සීතල පොලවෙහි නිදන්නට වෙනු ඇත..මේ දුහුල් සුව ඇඳුම් පසෙකලාලෝගු පොරවන්නට වනු ඇත.ඔබ ...
ඒ සියලු වරදවල් මම පවර ගනිමි. World Of Aru ඒ සියලු වරදවල් මම පවර ගනිමි.සිනාසුන තැන් වල විසිරු වූ කඳුලු ඇටමා විසින් වගා කොට වතුර දමා සත්කාර කල බැව්,ඔබ කරන චෝදනා නොසඟවා හර කරමි...මම මගේ ගිණුමට...ඔබට යන්න ඉඩ හරිමි..ඈත දුර ලෝකයට..මමත් මගේ සුවඳවත් නොහමනා ලෝකයට...නමුත් තවමත් ශේෂ වූ ප්‍රේමය.කැබලි නොකර රුවාගමි..හදවතේ පත්ලට...යලි හමුවෙනා දිනෙක පෙන්වමි..ඒ අරුම ප්‍රේමයම හොවා හදවතින්...රිදුම් දෙන තැන් සමඟ... ...
Carrier guidance World Of Aru මං මේ ලියන්නේ, ලියන්න හිතාගෙනම හිටපු ලිපියක් .. මේ ලිපියෙන් ඇත්තටම තමන්ගේ වෘත්තීය තෝරාගන්නේ කොහොමද යන්නයි කතා කරන්නේ...ඇත්තම කියනවා නම් මටත් නිවැරදි carrier guidance එකක් ලැබුණේ නැහැ.. ඉතින් මං කැමති මට පුලුවන් හැමෝටම carrier guidance කරන්න..මේක ලියන්නේ මගේ දැනුමින් නිසා සමහර විට වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්.. නමුත් බහුතර කරුණු නිවැරදි බව සහතිකයි..මුලින්ම සාමන්‍ය පෙළ ශිෂ්‍යයෙක්ගෙන් මං පටන් ...
කැමති... World Of Aru කිව යුතුම දේ කවියකට නැඟීමම අපහසු..ඊටත් ඔබට කියවීමට තබාකියවා රිදුන පසු නුඹේ වදන යළි යළි කියවීමම හුඟක් අපහසු..."මං දන්නවා ඒ මං ගැනම ලියූ බව.."යන කෙටි පණිවිඩයපැමිණීමට පෙර, නිවනක් බව සීතීමමකෙතරම් අඥානද...මේ මෝඩි තවමත් ආදරේ බව රහසක්ද...රිදවන්නට පෙර මගේ සියුම් ඉසියුම් හැඟුම්කවි කිරීමම අවැසි..නුඹ මගේ බව අසන්නට පමණක්ම කැමති... ...
විසංයෝජන World Of Aru "මිස් කතා කරන්න කැමති ෆෙමිනිසම් ගැන නේද... ලියන කවි වලත් තියෙන්නේ ෆෙමිනිසම්... ඩොමෙස්ටික් වයල්න්ස් ගැන තකහනියක්ම අවලාද කියලා..."රාහුල් මගෙන් ඇහුවේ ඒ ගැන කතා කල හැකි වෙලාවක නෙවෙයි... මොකද මං හිටියේ අදිසි කම්පනයක... එක දිගට කම්පන සියයකටත් අධික ප්‍රමාණයකට මුහුණ දුන්න මං හිටියේ එල්ලෙන්න පිදුරු ගහක් හරි හොය හොය... කිසිම පිලිතුරක් දුන් නැති වුණත් රාහුල් දිගටම කතා කරමින් හිටියේ..."මැඩම් ...
විශාදය වළක්ව ගන්නේ කෙසේද.. World Of Aru විශාදය කලින් ලිපියට... මේ කොටසින් මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ depression වල ප්‍රතිකාර වගේම වළක්වා ගන්න ක්‍රම.. මේ ක්‍රම ඕනෑම මානසික රෝගයක් සඳහා යොදන්න පුලුවන්.. ඒත් depression ගැන කතා කරන නිසා ඒ ප්‍රතිකාර හුඟක්ම ගැලපෙන්නේ විශාදය නැත්තම් depression වලට.. මානසික රෝග වලට ප්‍රතිකාර කරන ක්‍රමය ඖෂධීය ප්‍රතිකාර හා ඖෂධීය නොවන ප්‍රතිකාර යනුවෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුලුවන්.. Depression ...
ප්‍රේමයේ නිදානය World Of Aru ආදරණීය හොරෙක් නුඹ.නොපල කවියක් ඉන්දවන,මගෙ හද මැද වලක් හාරා...වල ගොඩැලි සමතලා කොට,යන්තමින් ඉසුව පෙම් දියරකේෂ නාලිකා වලින් උරාගෙන මනි පත්‍ර දක්වාම ගෙන ගොස්,දලුදමා වැඩෙන'යුරු,නුඹවත් නොදැන...තකහනියක්ම දුරැර බාධා හමාශේෂ වුන කවි සුලං,නතරව අභිමුව, පාදා සිතැති සේ නොලත් ගිවිසුම්,ඔබ නුදුටුවද යවන අනිසි කිවිසුම්.,ඔබ නිසා ලදින්, උපදි හද මැද කුසුම්. ...
හමුවීම... World Of Aru අවසාන වතාවට සියලු දේනොනිමි යැයි හිතෙනු ඇත.ඔබේ සනහස මැවී බොඳවමගේ මුවග අපහසුවෙන් දිලෙනු ඇත.අසල හිඳිනා හෙදියකටමියැන මොහොතෙත් හිනැහෙනරෝගියෙකු දක්නට හැකි වනු ඇත.එතැන සිට මා නුඹේය..වනපස මල් පොඩිවඅතු රිකිලි බිඳවපාවෙනා මාවත අබිමුවනුඹ මා එන තෙක් ඉසිඹුලනු ඇත..නුඹ මට කලියෙන් ගිය ගමනමා වසර ගණනක් පතමින් බලාහිඳපැමිණෙනු ඇත...නොකී පෙම කියාගන්නට නොහීආයෙත්ම තැවෙනු ඇත..මෙතරම් කල් නුඹ තනිව ගෙව්වාටසමාව ...
ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික වශයෙන් වන වැදගත්කම World Of Aru නියතයෙන්ම යටත්විජිතකරණයෙන් පසු නිදහස ලබාගන්නා අවදියේ අන් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ඉහළ තත්වයකට පැමිණීමට හැකි විභවතාවක් තිබිණි.. එනම්, අන් රටවලට සාපේක්ෂව නිදහස් අධ්‍යාපනය නිසාවෙන් සාක්ෂරතාව අතින්ද, නිදහස් සෞඛ්‍ය පහසුකම් නිසා සෞඛ්‍යමය අංශයෙන්ද ඉහළ තත්වයකද, අන් රටවලට සාපේක්ෂව ඒක පුද්ගල ආදායම ඉහළ අගයක පැවතීම මෙන්ම භූගෝලීය පිහිටුම අතින්ද වැදගත් ස්ථානයක පිහිටීම හේතුවෙන් ය.නමුත් 1978 විවෘත ආර්ථිකය සමඟ ...
එක් පෙති මල World Of Aru මට තව මල් පෙති නැහැ. සමනලුන්ට බෙදන්න තරම්.. එක සමනලයෙක් වැහුවොත් බර වෙලා පෙත්ත කැඩෙන්න ඔන්න මෙන්න වෙනවා. ඉතින් කොහොමද සමනල්ලු කිහිපදෙනෙක්ට ඉඩ දෙන්නේ..." ඔයා හිතන විදිය වෙනස් චාරු. මට ඕන හැමදාම ඉන්න වුනාට ඔයා බයයි. ඒ නිසයි ඔයා මාව අතැරියෙත්. හිනා වෙන්න එපා. අඬන්න ඕන වෙලාවට.." එහෙම කිව්වේ දසි හුඟක් කාලෙකට පෙර."මේ බලන්න අද මගේ අත කැපුනා. උයන්න ගිහින්. ...
Raazi සමඟ කාශ්මීර ඉතිහාසය World Of Aru මං කාවදාවත් නොලියපු වර්ගයේ ලිපියක් ලියන්නේ.. මොකද කියනවා නම් මේ කතා කරන මාතෘකාව තවමත් මගේ හිතේ භූමිකම්පා ඇති කරනවා... ඒ තමයි Raazi කියන හින්දි ෆිල්ම් එක. ඊට අමතරව කාශ්මීර අර්බුදය ගැනත් මේ ලිපියෙන් කතා කරනවා.. මං හුඟක්ම බලන්න කැමති හින්දි ෆිල්ම් නිසා, කාලෙකින් ෆිල්ම් එකක් බලන්න බැරිවුණ නිසාත්, සම්මාන ගත්ත චිත්‍රපට ලිස්ට් එක බැලුවා.. ඒකෙන් ෆෙයාර් සම්මාන ලිස්ට් එක දිහා ...