ශ්‍රී ලාංකීය බ්ලොග්කරුවන් පිලිබඳ මහා දැනුමැති විදුලි බලාගාර කළමනාකරුවා ඔබෙන් සඟවන සත්‍යය පෙනෙන නොපෙනෙන "ස්වභාවික වායු බලාගාර බෝඩ් සහිතව ඩීසල් බලාගාර" ඉදිකොට මහජන මුදල් ගරාගැනීම සම්බන්ධයෙන් තව දුරටත් විග්රහ කොට රචිත ලියවිල්ල මෙම බ්ලොග් අඩවියෙත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සඟරාවේත් (SLEN - Sri Lanka Engineering News) පලවීම නිසා කෙරවලපිටිය බලාගාරයේ විදුලි ඒකකයක් 2015 වර්ෂයේ රුපියල් 45 ක් වැනි ඉහල මුදලකට (ඉහල මුදලක් යි පැවසුවේ 2015 වසරේ ලං. වි. ම ඒකකයක් විකුණුවේ රු . ...
ඇල්ෆා මේල්ගෙන් ප්රජාතන්ත්රවාදය ඉල්ලීම පෙනෙන නොපෙනෙන Alpha කියන්නේ ග්‍රීක හෝඩියේ මුල් අකුර!ඔය ගොඩක් සත්ව කොට්ඨාශ වල ඉන්නවා ඇල්ෆා මේල් (Alpha Male ) කියල හඳුන්වන පිරිමි සත්වයෙක්!උදාහරණයක් විදියට චිම්පන්සියෝ කණ්ඩායමක් ගත්තහම ඉන්නවා එකේ Alpha Male - මෑන් තමා කණ්ඩායමේ නායකයා. මෑන්ට යටින් තමා අනික් අය. රැහේ ඉන්න හොඳම (හොඳම කියල මේ මෑන් ට හිතෙන) ගැහැණු චිම්පන්සියෝ මිනිහගේ පරිභෝජනෙට. හොඳ පලතුරු ගස් වගේ හැම හොඳ දෙයක්ම උගේ සහ ...
බැඳුම්කර මගඩිය හාල් මැස්සෙකි - විදුලි බලාගාර මාෆියාව තල්මසෙකි පෙනෙන නොපෙනෙන ඊයේ දිනයේ අප සරල ජනාධිපති පැවසු ආකාරයට බැඳුම්කර වංචාවේ රජයට පාඩුව රුපියල් බිලියන 8.5 කි. බැඳුම්කර වංචාව - රු බිලියන 8.5 සිල් රෙදි මගඩිය - රු බිලියන 0.6 ඉහත මගඩි දෙකෙහිම එකතුව රුපියල් බිලියන 10 වත් වන්නේ නැත. 2017 විදුලි තෙල් බිල - රු බිලියන 80කෙරවලපිටිය බලාගාරය ප්‍රාග්ධන වියදම දෙගුණයක් බව පෙන්වීම නිසා ගෙවීමට සිදුව ඇති මුදල - රු බිලියන ...
ඩීසල් බලාගාර කළමණාකරු ගේ පිළිතුරු ලිපිය හෙවත් ස්වභාවික වායු බෝඩ් සහිතව ඩිසල් වලින් විදුලිය නිපදවීම සාධාරණීකරණය කිරීම පෙනෙන නොපෙනෙන මා විසින් පළමුවෙන් මුහුණු පොතේ පල කරන්නට යෙදුනු ඉන් පසුව විවිධ මාධ්‍යයෙන් අවධානයට ලක්වූ (මාධ්‍ය සදාචාරයක් නොමැති ලංකාඊනිව්ස් විසින් සොරාගත්) මාගේ ලිපිය, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ඉංජිනේරු ප්රවෘත්ති (Sri Lanka Engineering News) හි ලිපියක් ලෙස පළවීමත් සමග එයට පිළිතුරු ලිපියක් කෙරවලපිටිය සංයුක්ත විදුලි බලාගාරයේ කළමනාකරු (ස්වභාවික වායු බලාගාරය බෝඩ් එකක් සහිතව ඩිසල්/දැවිතෙල් මගින් විදුලිය සාදන මෙගාවොට් 300 බලාගාරය) මා හට ...
ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් ( පළමු කොටස) පෙනෙන නොපෙනෙන ලංකාවේ බලශක්ති අර්බුදයක් ඇති බවත් ඒ සඳහා පියවරගැනීම කාලීන අවශ්‍යතාවයක් බවත් සෑම විටකම මාධ්‍ය මගින් මෙන්ම දේශපාලකයන් ද වේදිකාවල සංවාදයට ලක් කරනු ලබන මාතෘකාවකි. නමුත් නිවැරදි ලෙස මෙම අර්බුදය කුමක්ද යන්න පැහැදිලි කර ඇති සිංහල ලිපි වල අඩුවක් දක්නට ලැබෙන අතර මේ පිලිබඳ නිවැරදි දැක්මක් සාමාන්‍ය ජනසමාජය තුල නොමැති බවත් දක්නට ලැබේ. මෙම ලිපිය එම අඩුව පුරෝකථනය කිරීමට හා මේ ...
කරන්ට් එක වැදුනොත් මැරෙනවාද? පෙනෙන නොපෙනෙන කරන්ට් එක වැදුනොත් මැරෙනවද? නැද්ද? අද මේ ලෑස්ති වෙන්නේ ඒ ගැන කථා කරන්න!ඔබටත් මටත් අත් වැරදීමකින් විදුලිය සැර නැත්නම් කරන්ට් එක වැදුනත් මේ වැඩේ තවත් ප්‍රයෝජන තියෙනවා. උදා - වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස (Electroconvulsive Therapy (ECT))නතර වූ හදවතක් නැවත ක්‍රියා කරවීමට ගැනීම (defibrillator මගින්)ඉස්සුවේ මෙතනින් හැබැයි අද කතා කරන්නේ කරන්ට් එක වැදිලා මැරෙන එක ගැන. ඒක පටන් ගන්න හොඳම තැන ...
මොකටද බොලව් ගල් අඟුරු බලාගාර? දන්නේ නැද්ද සූර්ය, සුලන් බලාගාර ගැන?? පෙනෙන නොපෙනෙන හැමෝම දන්නවා ගල් අඟුරු වල තියෙන පාරසරික ප්‍රශ්න ගැන හා එකට තියෙන විරෝධේ ..... ඉතින් අපේ අදාළ බලධාරීන් විශේෂයෙන් මේ ක්ෂේත්රය පිලිබඳ දැනුවත් අය මොකෝ මේ ගල් අඟුරු පස්සෙම දුවන්නේ? ඇයි මේ පරිසරවෙදියෝයි මේකට විරුද්ධව කෑ ගහන අය කියන විදියට පුනර්ජනනීය බලශක්තියට යන්නේ නැත්තේ? අද කථා කරන්නේ ඒක ගැන සරලව! උඩ තියෙන බහිරව රූපේ නැත්තම් වාමන රුපෙට මේකට අදාළ වෙන්නේ ...
බලශක්ති අර්බුදය ආර්ථික අර්බුදයක් කරා යන අයුරු! පෙනෙන නොපෙනෙන 2016 මහා බැංකු වාර්තාව නිකුත් වී ඇති බව මම දැන ගත්තේ ඉක්නොනොමට්ටා ගේ සතපහ බ්ලොග් අඩවියෙනි. එයට අනුව විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 13.2 ක පාඩුවක් 2016 වර්ෂයේදී ලබා ඇත. 2015 වර්ෂයේ මෙම අගය රු. බිලියන 19.4 ක ලාභයකි. එනම් නැවතත් විදුලි බල මණ්ඩලය ජාතික ආර්ථිකයට සෘණ දායකත්වයක් ලබා දීමට පටන් ගෙන ඇත. මෙයට සරලම හේතුව වර්ෂාව අඩුවීම නිසා එම ...
නොපෙණෙන විදුලියේ නොපෙනුණු කතාවක් පෙනෙන නොපෙනෙන මා විසින් මුහුණ පෑ සත්‍ය සිදුවීමකි!දිනය - 2013 අප්‍රේල් මාසයේ දිනයක් ස්ථානය - වත්තහේන කණිටු විදුහල මම - ඉස්කෝලෙට විදුලිය ලැබීම නිසා සිදු වූ ලොකුම හොඳ මොකද්ද?විදුහල්පති - අපි මේ ඉස්කෝලෙට කරන්ට් එක ආවහම … ඉස්සෙල්ලම කරේ සල්ලි ටිකක් හොයාගෙන වතුර පොම්පයක් අරන් … වතුර ටැංකියක් හයි කරලා ටොයිලට් එකට වතුර දුන්නා මම - හ්ම්ම්ම් (මම හිත ඇතුලෙන් “ඕකේ ඉතින් ...
ලෝක ඉතිහාසය වෙනස් කල කැසීම - උකුණෝ පෙනෙන නොපෙනෙන නම කියන විටත් පිළිකුලක් උපදවන උකුණා වනාහි මිනිසා වානරයා ගෙන් පරිණාමනය වීමටත් කලින් කාලයේ සිටම (බල්ලාටත් කලින්ම) මිනිසා සමග බැඳී පවතින සත්වයෙකි - හරියටම කිව්වොත් පරපෝෂිතයෙකි.පින්තූරේ ඉස්සුවේ මෙතනින් මිනිසා සහ උකුණා අතර ඇති සම්බන්ධය ඇත්තෙන්ම පුදුම උපදවන සුළුය. උකුණන් විසින් ඉතිහාසය වෙනස් කරන ලද ප්‍රභලම සන්ධිස්ථානයක් අපට හමුවන්නේ නැපෝලියන් අධිරාජ්‍යයා සම්බන්ධයෙනි. 1812 වර්ෂයේ රුසියාව ආක්‍රමණය කිරීමට ගිය සොල්දාදුවන් ලක්ෂ 6 ...
විදුලි අර්බුදය ගැන කථා කලයුත්තේ ඉංජිනේරුවෝ පමණක්ද ? පෙනෙන නොපෙනෙන පරිසරවේදියාගේ ප්රශ්නය - දැන් ඔයා කියන්නේ ඔය විදුලි බල ක්ෂේත්රය ගැන කථා කරන්න වගේම අවබෝධ කරගන්න විදුලි ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙද? අපිට බැරිද ඕවා ගැන කථා කරන්න?උත්තරේ - අපෝ පුළුවන්! ඒ වගේම මම ධෛර්යමත් කරනවා හැමෝම ඇවිත් මේ ක්ෂේත්රය ගැන දැනුවත් වෙන්න කියල....මම කොහේදීවත් කියල නැහැ මේ විදුලි ක්ෂේත්රය තේරෙන්නේ විදුලි ඉංජිනේරුවන්ට විතරයි කියල.... මගෙත් උත්සාහය මේ විෂය සරල කරලා කියල ...
මිථ්‍යාව සමාජ ගත කරන රාජ්‍ය උපදේශකගේ කථා වස්තුව පෙනෙන නොපෙනෙන මාර්තු මස 15 වැනි දින දිවයින පුවත්පතේ පලවූ “ගල් අඟුරු බලාගාර මිත්‍යාව” නමැති ලිපියට පිළිතුරු ලිපියකිමම ඊයේ දාපු බ්ලොග් පොස්ට් එකට කලාහිත බ්ලොග් එක ලියන කල්‍යාණ මිත්‍ර අහල තිබ්බ ඉහත කාරණේ ගැන..... මම ඊයෙම මේකට පිළිතුරු ලිපියක් ලියමින් හිටියේ! ඉතින් ඔබ සැමගේ වින්දනයට/දැණුමට සහ කමියගේ කොමෙන්ටුවටත් ප්‍රතිචාරයක් විදියට පිළිතුරු ලිපිය අදම පල කරනවා!මෙහි සඳහන් සියලුම කරුණු වලට හා සංඛ්‍යා ලේඛන ...
අපේ පරිසරවේදීන්, ජාතික ප්‍රතිපත්ති හා ජාතික ආර්ථිකය පෙනෙන නොපෙනෙන ඇතිවියහැකි පාරිසරික ප්‍රශ්න හේතුවෙන් යෝජිත මෙගාවොට් 500 සාම්පුර් ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය නතරකොට දැනට මාස හයකට ආසන්න කාලයක් ගතවී ඇත. සාම්පුර් නතර කිරීමේ පසුබිම යෝජිත සාම්පුර් ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරියෙන් අවශ්‍ය පාරිසරික අනුමැතිය ලබාගෙන තිබියදී රජය විසින් කුමන පදනමක් යටතේ එම ව්‍යාපෘතිය පාරිසරික පදනම යටතේ අවලංගු කරේද යන්න බලවත් ප්රශ්නයකි. අංක 47 දරන 1980 ජාතික පරිසර පනත මගින් ශ්‍රී ලංකාවේ ...
නිවැරදිව CFL බල්බ් එකක් තෝරාගමු හරියට භාවිතා කරමු - Sustainability Begins @ Home පෙනෙන නොපෙනෙන සමහරු මේ පිලිබඳ දැන සිටියත් නොදන්නා අයගේ දැනුමට මේක ලියන්නේ
සිංහලෙන් Sustainability - පළමු කොටස පෙනෙන නොපෙනෙන විදුලි ඉංජිනේරු රස්සා දෙකක් අවුරුදු 6 කරලා.. මම ඉස්සෙල්ලම Sustainability ජොබ් එකක් කරන්ඩ යද්දී අපේ අම්මා මගෙන් ඇහුවා - මොකද්ද පුතා ඔය රස්සාවේ කරන්නේ කියල? පුළුවන් විදියට විස්තරේ කිව්වත් මට තේරුණා මේක සිංහලෙන් කියන එක ටිකක් අමාරුයි කියල.මම ඊට කලින් විදුලි ඉංජිනේරුවෙක් විදියට වැඩ කරද්දී නම් ඉතින් කවුරුත් ඔය වගේ එකක් ඇහුවේ නැහැ..... ඉතින් මම ඒ Sustainability සම්බන්ධ රස්සාව කරගෙන ...
පරිසර සංරක්ෂණයේ මිත්‍යාව - සුද්දාගේ දැනුම සහ අපේ නොදැනුම පෙනෙන නොපෙනෙන පෙරේදා වැඩ ඇරිලා ගෙදර ගියපුවහම දුවගේ ඉස්කෝලේ Communication book එකේ තිබ්බා "dictation note sent " කියල. මම අරන් බැලුව … අකුරු තුනේ වචන list එකක්ම එවල නිවාඩු කාලෙ පාඩම් කරන එන්ඩ…. මට මේ හිතාගන්ඩ බැරි අවුරුදු 4 ළමයට මොකටද මේ වචන? ටීචර්ට syllabus එක මාරු වෙලාවත්ද? නැත්තන් හැම ඉස්කෝලෙම ඔහොමද? පොඩ්ඩක් මාව දැනුවත් කරනවද කරුණා කරලා...මට හොඳට මතකයි 4 වසරේ ...
ගෙවල් ඇතුලේ වායු දූෂනෙන් ශ්‍රී ලාංකිකයෝ මැරෙන හැටි පෙනෙන නොපෙනෙන හැමෝම දන්නවා ඩෙංගු මාරයා ගැන...... මමත් බයයි නම අහපුවහම..... හැබැයි ඉතින් ඩෙංගු වලින් මැරෙනවා වගේ 100 ගුණයක් විතර මැරෙනවා ගෙවල් ඇතුලෙම (https://www.facebook.com/nadeerawije/posts/10154133022177636) ඉන්න කිසි සද්දයක් නැති මාරයෙක් ගෙන් (silent killer ).... හැම තැනම පෝස්ටර් ගහල ටීවී එකේ කෑ ගහල එක ගැන දැනුවත් කරනවා ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්ඩ කියලා ….. ඉතින් අපේ මිනිස්සුත් කඩේට ගිහින් මදුරු කොයිල් එකක් පත්තු කරගෙන… ළමයාවත් වඩාගෙන ...
මොනවද මේ ස්වභාවික වායු එහෙමත් නැත්නම් LNG කියන්නේ? පෙනෙන නොපෙනෙන හැමෝම කථා කරනවා නේ LNG , Natural Gas , ස්වභාවික වායු කියල... පත්තරෙත් තියෙනවා මේ බ්ලොග් එකෙත් තියෙනවා... අර 20 අවුරුදු ජාතික විදුලි බල සැලැස්මේ ගල් අඟුරු බලාගාර අයින් කරලා ස්වභාවික වායු බලාගාර මෙගාවොට් 4800 දාපු හුටපටෙත් එක්ක මේ වචන ටික ආපහු කරළියට ඇවිත්!ඉතින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් තිබ්බ මෙන්න මේ ස්වභාවික වායු ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියල. අද මේ ...
බ්‍රසීලයේ සමනලයකුට පියාපතක් සලා ටෙක්සාස් වල ටොනේඩෝවක් ඇති කළ හැකිද? පෙනෙන නොපෙනෙන බ්‍රසීලයේ සමනලයකුට පියාපතක් සලා ටෙක්සාස් වල ටොනේඩෝවක් ඇති කළ හැකිද?මෙය 1972 දී ඇමරිකාවේ සිටි කාළගුණ විද්‍යාඥයෙකු සහ ගණිතඥයෙකු වූ එඩ්වර්ඩ් ලෝරන්ස් (පසුකලෙක මහාචාර්ය ලෝරන්ස්) විසින් ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක පත්‍රිකාවක මාතෘකාවයි. මෙහිදී ලෝරන්ස් විසින් පෙන්නා දීමට උත්සාහ කලේ කාලගුණය වැනි සංකීර්ණ ක්‍රියාදාමයක් පිලිබඳ අනාවැකි ඉදිරිපත් කිරීමට යොදාගන්නා පරිඝනක ආකෘති (computer simulation models) වලට අප ලබාදෙන මූලික දත්ත වල ඉතා සුළු ...
ඉන්දියාවේ බලශක්ති ඇමති හා අපේ ඇමති - මනං කල්පිත ලෝකය සහ පියවි ලෝකය පෙනෙන නොපෙනෙන අපෙන් සුද්දා අවුරුදු 500 විතර හොරා කෑවේය. අන්තිම අවුරුදු 200 අපෙන් හොරා කන අතර කාර්මික විප්ලවේ කොට ඇති තරම් පරිසරය දූෂණය කළේය. සුද්දා අපෙන් නිදහස් වූ පසු අපි උන්ගේ වැදී බණ අසා ලෝකය ගෝලීය උණුසුමින් බේරා ගැනීමට උත්සාහ කරන්නෙමු. ඒ අතර අපේ එවුන් කුණු ගොඩට යටවී පණ පිටින් වැළලෙති. මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ලත වෙති. අපට අපේ එවුන් ...