බ්ලොග් ලොවේ බ්ලොක් වීම Kolompure 2022 වසර ලබද්දී ජනවාරි පළමුවෙනිදා බ්ලොග්වාසි සනුහරේට සුභපතා දමන ලද පොස්ටුව සින්ඩිවලට නොවැටී පළ නොවී කිසිවෙකුගේ ඇස ගැටුනේ නැත. ලැබුනු එකම කොමෙන්ටුව අපේ හිතාදර නිදි ලොක්කාගෙනි. එයත් මෙහෙම පොස්ටුවක් දමා ඇතිබව දුරබනුවෙන් පැවසීමෙන් අනතුරුව ලැබුනි. මාගේ කාර්යාලීය ගුරුජී අන්දුබයියාගේ ත්‍රාසජනක වැඩ කෑලී ගැන දැමූ පොස්ටුවට උරනව අන්දුබයියා ගසනා ලද කුණු පොල්ගෙඩියක් වත් මෙයට බලපා ඇද්දැයි සැකයක් මසිත පහළවෙයි. ...
කාටද පුලුවන් මේ ගීත නම් කරන්න. Kolompure කොළොම්පුරයා සිංහල ගීත දහයක් අරන් ආවා... කාටද පුලුවන් මේ ගීත නම් කරන්න.1. මුගටියෙක් ගයනා ගීය2. කලුකුමාරයා ගයනා ගීය3. ගිණිභටයා ගයනා ගීය4. බඩජාරියා ගයනා ගීය5. සමකාමි ඇසුරකට ආරාධනා කරනා ගීය6. ත්රිසම් එකක් ගැන ගැයෙනා ගීය7. උපත් පාලන පෙත්තක් ගැන කොල්ලෙක් ගයනා ගීය8. සමකාමි යාලුවා වෙන්වියෑම ගැන ගයනා ගීය9. තොට යකා ගැන ගයනා ගීය10. බත් නොකන කෙල්ලක් ගැන ගයනා ගීය.මේ ගීතයන් සියල්ල ...
දෙකෙන් තුනට - සයුරේ දසවසක් Kolompure පළමු නෞකාව වූ උහන නෞකාවේ අති දුෂ්කර කාලයක් ගතකර අනුනමය වසරේ අගොස්තු මසඅගදී එහි සේවයෙන් ඉන් ඉවත්වන්නට හැකිවිය. දෙවන නෞකාව ලෙසින් මාගේ අඛණ්ඩ මුදාහැරිමේ සහතිකයේ ලියවුනේ හැඳල නෞකාවයි. දෙවන නැව ලෙසින් ලියවෙන හැඳලහි ගතකළේ දින කිහිපයක් පමණි. ඒ කොළඹ වරායේ නවතා තැබුනු දින කිහිපයක සිදුවු හදිසි අලුත්වැඩියාවන් කිහිපයකට සහභාගිත්වය දෙනු වස්ය. මා වැඩිම වාරගනනක් සේවය කර ඇත්තේ මේ නෞකාවෙය. ...
කොට රංජිගේ කුකුල් කේන්තිය - සයුරේ දසවසක් - 7 Kolompure Posted: 06 Nov 2018 11:43 PM PST එක් නෞකාවක් කොළඹටත් අනෙක කන්කසන්තුරයටත් බලා යාත්‍රා කලේ අප ගාල්ලේ තනිකරවමින්ය. ඉන් තෙදිනකට පසුව අප නෞකාවද ති‍්‍රකුණාමලය බලා පිටත්වුයේ නාවිකයින් කිහිප දෙනෙකු තම සේවය නිම කර පිටත්විමෙන් අනතුරුවය. අප සමගින් සිටි ඉතා සුහදශිලි චරිතයක් වු ඔයිලර් අල්විස් අයියාද මෙසේ ගාල්ලෙදි අපෙන් සමුඅරන් නැවෙන් බැස ගිය නාවිකයන් අතර විය. ඔහු අපට ආධුනිකයින් කියා වෙනසක් ...
වෙල්ඩර් හෙල්පර් ගේ අවසානය - සයුරේ දසවසක් - 10 Kolompure Posted: 14 Feb 2019 10:21 PM PST”උඹ එනවාද නාන්න යන්න?””නාන්න? කොහේද මුහුදේද?””පිස්සුවටද මුදේ නාන්නේ? ෆෙෂ් වොටර් තියෙද්දි.””කොහේද තියෙන්නේ? මේක නිකං කාන්තාරයක් වගෙයිනේ.”සුළඟට ඇවිස්සි ඉහිල නගින දුළි වලාවන් දෙස බලමින් මා කඞ්ඩාට කිවෙමි.”කෑම්ප් එකෙන් පිට ලිඳක් තියෙනවා එකෙන් නාන්න පුළුවනි. එනවා නම් දෙකාට කියලා වරෙන්.” නෑමට වඩා නොදුටු කන්කසන්තුරය දැක බලාගැනිමේ නොනිත් ආසාව මා පෙලබවන්නට ඇත. ඉක්මනින් තුවායක් හා කළිසමක් කරට ...
1999 වල්ඩ් කප් එක හා හොල්මන් දැකිම.- සයුරේ දසවසක් - 13 Kolompure Posted: 01 Jul 2019 07:12 PM PDT 1999 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවත්වුයේ එංගලන්තයේදිය. වසර විස්සකට පසුව මෙවර ලෝක කුසලාන තරගාවලියත් එංගලන්තයේදිම යලිත් පැවැත්විම එක්තරා අහඹුවක්දැයි සිතේ. 96 වසරේ ලෝක ශුරයන්වු බැවින් අප සිතුවේ 99 දිත් ලෝක කුසලානයත් රැගෙන එන්නට අප කන්ඩායමට පුලුවන්වේ යැයිද එය අප සියල්ලන්ගේම පැතුම විද තිබුනි. 1999 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අපේ කණ්ඩායම මා ...
අලුත් බ්ලොග් එකක් Kolompure https://thepsychblog.com/ අපේ බ්ලොග් අඩවි අතරට අලුතින්ම එකතුවුනු බ්ලොග් එකක් තමයි https://thepsychblog.com උඩ තියෙන ලිංක් එකෙන් අලුත් බ්ලොග් එකට ගොඩවැදිලා කොමෙන්ට් එකක් එහෙම දාලා දිරි ගැන්වීමක් කරලා යන්න යාලුවනේ.... ...
හෝරස්ගේ දරුවා - දහතුන්වන දිගහැරුම Son of Horus -13 Kolompure “මේ මොකද්ද මේ මුට්ටිය?”මංජු සුදු මහත්තයාගෙන් ඇසුවේය.“ඔන්න බලාපල්ලා තොපිලා වාගේ ගොන්නු රැලක්. ඉතිං උඹලාත් මෝඩයින් වාගේ මුට්ටියකුත් උස්සාගෙන ඇවිල්ලා.”අමනාපයෙන් සිටි මංජු මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රංග ඇතුලු සියල්ලන්ටම දෝෂාරෝපණය කරන්නට විය. “තොපිලාත් වටින දේවල් අඳුරන්නේ නැද්ද? මේකෙන් මොන කෙන්ගෙඩියක් කරන්නද බං?” “රංග අයියායි කිව්වේ සේප්පුවේ තියෙන ඔක්කෝම බෑග් වලට දාගන්න කියලා. මේක වටින්නේ නැතිනම් ...
හෝරස්ගේ දරුවා - නමවන දිගහැරුම Son of Horus - 9 Kolompure වේගය පාලනය කරගත නොහැකිවුනු පිම්මේ ආ හොර හරක් පවාගත් ලොරියක් ගුණසිරිගේ වෙළද සැල තිබූ නිවසේ ගේට්ටු පලු සුනු විසුනු කරමින් එතැන රැදි හුන් ගුණසිරිද තලා මිරිකා දමා මිදුල මැද තිබූ අඹ ගසේ හැපී නතරවී තිබුනි. තම පියාගේ අවසන් කටයුතු සදහා ලංකාවට ආ අසේල හා අමිලද තීරණය කළේ තමන් කවුරුත් ලංකාවේ නොසිටන බැවින් ඔවුන්ගේ රටට අම්මාව රැගෙන යාමයි. වයලට් එකහෙලාම විරුද්ධවූවත් ...
පළිගු කිරිල්ලී - විසි දෙවන කොටස Kolompure ඉරාකය විසින් කුවේටය ආක්රමනය කිරීමෙන් තමාලිගේ මැදපෙරදිග දෙඅවුරුදු සේවා කාලය නොසිතුවිරූ ලෙසින් මාස කිහිපයකට දීර්ඝ විය. තමාලිව නිවසේ තනිකරවමින් ඇගේ හාම්පුතුන් කුවේටයෙන් යුරෝපා රටකට පැනගත්තේය. ඔවුන්ගෙන් කිසිඳු පිළිසරණක් නොමැතිව අනෝරා දුක් විදිමින් සිටි ඈ මාස කිහිපයක පඩි සල්ලිද නොමැතිව ලංකාවට පැමිණියා ය. කිසිඳු ලිපිගනුදෙනුවක් සිදු නොවුනු බැවින් තමාලි හා හල්දුම්මුල්ල ...
ප්රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක් Kolompure දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දිවියේ ලබන්නට තිබෙන නරකම සිදුවීම් අතරින් දරුණුම එකකි. මෙය මාගේ බ්ලොගයට ලියනවාද නැද්දයි බොහෝ වාරයක් සිතමින් හුන් දෙයක්. එදා මා සමඟින් මේ සිදුවීමට මුහුණ දුන්න සැමගේ සිත් සතන්වල මේක අමතක වෙලා නැතිව ඇතියි සිතමි. මුහුදු රළ නැව් තට්ටුවට වඩා ඉහළින් වැදෙනා ...
හෝරස්ගේ දරුවා - හතරවන කොටස Son of Horus Kolompure නිවසේ ඉදිරියෙන් තාරපාර හරහා ඇද ඇති කොහුලණුවේ එල්ලුණු කහ පැහැගැන්වුණු සුදු කොඩි දෙක අවු වැසි වලින් නිරුපද්‍රිතව කඩින් කඩ හමන මඳ සුළගට ලෙලදෙයි. තරුණ කළ හැඳුනුම්පතට ගත් ඡායාරූපයකින් හැඩවී නිවස දෙපස ලයිට් කනුවල ඇලවුනු පියසෝම රත්නායකගේ මරණ දැන්වීමේ කොළවල උඩින් ගෑවුණු පාප්පවලට ඇල්ලූ කළු පුස් පැල්ලම් වියළී ගොසිනි. විමලා හා පියසෝමගේ මංගල ඡායාරූපය අනෙක්පස හැරවී බිත්තිය දෙස බලාගෙන ඉඳියි. සාලයේ කොනක ...
හෝරස්ගේ දරුවා - අටවන දිගහැරුම Son of Horus - 8 Kolompure වැස්ස එකසීරුවට ඇදහැලෙන්නට ගත්තේ තද කරගෙන හිටි සියලු දුක්ඛදෝමනස්සයන් පිටකරන්නට සැරසෙනවා මෙනි. තහඩු මඩුවේ ටකරං උඩට වැටෙන වැහිබිංදු විශාල ගෝසාවක් නගමින් බිමට ඇඳවැටී ගමන් කළේ දෙපාවලට පෑගී පොඩිවුණු තණබිස්සේ දුඹුරු පැහැ මඩකඩිති සාදමින්ය. තවත් එල්ලීගෙන ඉන්නට බැරියැයි කියන්නාක් මෙන් සිටින විවිධ ආයතන වලින් එල්ලු සුදු පැහැති ශෝක ප්‍රකාශ බැනර් තෙතබරිත කඩා හැලෙන්නට ආසන්නය. හිරිකඩට තෙමෙමින් බුලත් හෙප්පුවේ ...
පළිගු කිරිල්ලී - විසි වන කොටස Kolompure යටිකයෙන් නැගෙන වේදනාවත් සමඟින් උදේ අවදිවූ ඉන්දිරාට සිරුරේ තැලී පොඩිවුණු අත්පා වලින් නැගෙන වේදනාවන්ට වඩා සිත තුළ කැකෑරෙන දුක් වේදනාවන් බලවත් විය. පෙර දින රාත්‍රියේ ගෙවුනු ඒ මූසල හෝරාව ගැන යළිත් සිහිපත්වෙද්දී මුළු සංර්වාංගයම බියෙන් සසළ වන්නට විය. නෙත් බොදකරමින් නැග ආ කඳුළු පටලය තුළින් බිම වැතිර ගොරොද්දේ අදිමින් නිදන තාත්තා ඈ දුටුවා ය. අප්‍රාණික සිරුර අවදිකරවාගෙන අමාරුවෙන් වූවත් ඈ ...
පළිගු කිරිල්ලී - හත්වන කොටස Kolompure පළිගු කිරිල්ලී - හත්වන කොටස යළිත් ජයවීර නොමැති ඡීවිතයකට හැඬගැසීමට තමාලිට හා දරුවන්ට දින කිහිපයක් ගතවිය. නිවසේ ආර්ථික තත්වය එන්න එන්නම දුර්වල වෙද්දී තමාලි රැකියාවක් සොයාගැනිමට උත්සාහකළා ය. මිල්ටන් මල්ලි හමුවට ගොස් රැකියාවක් සොයාගැනිමට උදව්වක් ලබාගත හැකිදැයි විමසිමට තමාලි අදහස් කරගත්තා ය. එහෙත් ඇය නොසිතුපරිදි සැමුවෙල් මුදලාලි තමාලි හමුවිමට පැමිණියේ මේඅතරවාරයේදීය. ඔහු ඇගේ අරාධනාවකින් ...
හෝරස්ගේ දරුවා - පළමු කොටස Son of Horus Kolompure සිතිජය සීමාවේ ගිනිබෝලයක්සේ දිලෙන සැන්දෑ හිරු සිය චණ්ඩ රශ්මී කදම්බයෙන් මිහිකත දවාලූ වෙහෙස දුරලන්නට අවරගිර අහසෙන් බැස සයුරේ ගිලී සැතපෙන්නට ආසන්න වෙමින් ඇත. මලානික කහ පැහැති ආලෝක කදම්බයන් අතරින් පතර නිවෙස් හා ගස්කොලන් නොමැති හිඩැස් වලින් පෙරී ඇවිත් පාරට දෙසට එබී බලමින් සිටී. දිනය නිමාවීමට ආසන්න නිසාදෝ සවස් වරුවේ වැඩ නිමවී යන බොහෝ දෙනා ලහිලහියේ තම කූඩු වලට ගාල්වනු පිණිස ...
ඉල ඇදෙන සටන් සමග භීතිය ඉස්පොල්ලේ ගිය මීමුරේ සවාරිය Kolompure හැමදාමත් කොළොම්පුරයට වෙලා ඉදලාත් බැරි හින්දා කොළොම්පුරේ කොළොම්පුරයෙන් පිටට යන්නයි මේ හදන්නේ. හැබැයි මේ ලියන්නේ සයිබර් අවකාශයේ බොහෝ දෙනෙක් ලියලාත් තියෙන නොදන්නා කෙනෙකුත් නැති නොයිදුල් ගම්මානයක් කියාගත්තු හැමෝම ගිහිල්ලා නොයිදුල් එක ඉදුල් කරලා දමාපු මීමුරේ ගම්මානයට ගිය ගමන ගැනයි. මේ ලිපිය නම් මේ කවුරුත් ලියනා ජාතියේ මීමුරේ ගම ගැනවත් එහි පාරසරික වටිනාකම ගැනවත් ලියැවෙන ලිපියක් නම් වෙන්නේ නෑ. එහෙනම් මෙන ...
පළිගු කිරිල්ලී - තුන්වන කොටස Kolompure “තමාලි අක්කේ. . . . තමාලි අක්කේ. . . . ගෙදර කව්දෝ. . . . . ” “කවුද? ආ . . . මේ මිල්ටන්නේ ඇයි මොකද? අද වැඩට ගියේ නැද්ද?”“නෑ, අද වැඩට ගියා. ඒත් මේ . . . . ”“වැඩට ගියානම් මෙහේ මොකද කරන්නේ? ඇයි ජයවීර අයියා පණිවිඩයක් කියන්න එව්වාද?”“නෑ අක්කේ පොඩි කරදරයක් සිද්ධවූනා.” “ඇයි අදත් බස්එක කොහේ හරි වද්ද ...
හෝරස්ගේ දරුවා - පහළොස් වන දිගහැරුම Son of Horus - 15 Kolompure ගාල්ල ටවුමේ සමනල පාලම ක්‍රීඩාංගනය දෙසට වන්නට රිය නැවැත්තු ඔහු බස් නැවතුම්පල දෙසට පියනැගුවේ පියරත්න ඉස්කෝලේ මහත්තයා ගැන තොරතුරක් ලබාගන්නා අටියෙනි. කිහිපදෙනෙකුගෙන් විමසීමෙන් පසුව වැඩි වේලාවක් නොයවා ඉස්කෝලෙ මහත්තයා ගැන දන්නා අඳුනන පුද්ගලයෙකු ඔහුට මුණගැසුනි. “ඔය කියන්නේ අපේ ගාලු සංස්කෘතික හා පුරාවිද්‍යා උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපතිවෙලා හිටපු මහත්තයා ගැන වෙන්න ඇති.”“මමනං එහෙම දන්නේ නැහැ.”“ ...