යන්නම්.... .....ජීවිතයෙන් බිඳක්...... අතීතයේ දවසක හිත තුල තෙරපුණ ඒක පාර්ශ්වික ප්‍රේමයක් කියාපාන්නට සැරසුණ මොහොතක ලොවට හොරා සැඟවගිය නුඹ අහඹු මොහොතක දෑස් යාවී කල්පයක් බඳු ස්වල්ප මොහොතක මුවින් නොපැවසූ දහසක් දේවල් සිතාගන්නට ඉඩ තබා නාඳුනන කෙනෙකුගේ දෑතේ පැටලී යන්නම් කියා ගිය අපූරුව... ...
අඳ ගොවියෝ .....ජීවිතයෙන් බිඳක්...... පැළ සිටුවා හදා වඩා උදේ සවස වතුර දමා නිසි කාලෙට පොහොර යොදා අණ වින දොස් සැම පරදා කල දවසත් ගෙවී ගිහින් පුංචි පැළත් ලොකු ගස්වී මල්බරවී පිරිපුන්වී ඵලදාවෙන් අතු බරවී හදා වඩා රැකගත් ඒ මුල අමතකවූ ගස්වල දැන් හිමි කාරයෝ සැම වටවී තම රිසිසේ ඵල බුදිතේ ගහෙන් හැදුණු තව අංකුර පෙරදා මෙන් හදා වඩා අඳ කුඹුරට ආල වඩන මහමෙර ...
තරු ඇස්දෙක .....ජීවිතයෙන් බිඳක්...... තරු කැට දිඳුලනඇස්දෙක අරගෙනයන්නම නුඹ පලයන්..දඩාවතේ ගිය ඇස්දෙක එක්කොටබැඳලා තියාගෙනමම ඉන්නම්....කිසිදා නොමැකෙන හදේ ඇඳුණු නෙතුමගේ ම කරගෙනසැමදා සිටින්නම්... ...
සාපේක්ෂ දෘෂ්ඨිය .....ජීවිතයෙන් බිඳක්...... නිරුවත් දෑසින් නොදැක යතාර්ථය පාට පාට කණ්ණාඩි තුලින් අපි දකිනා මිත්‍යාව * * *A: මචං ඒක සුදු පාටයි නේ??B: නෑ බන් ඒක කලු පාටයි බොරුනම් මේක දාගෙන බලපන්A: ඇත්තනේන්නම් ඒක කලු පාටයිනේ...A: මචං ඒක කලු පාටයි නේ??C: නෑ බං ඒක සුදු පාටයි බොරුනම් මේක දාගෙන බලපන්A: ඇත්තනේන්නම් ඒක සුදු පාටයිනේ.... ...
ඇතිවෙන්න තලපන් .....ජීවිතයෙන් බිඳක්...... උඩ පැන පැන උඹ තලපන් මං ඔහේ බලා ඉන්නම් මාව තැලෙද්දි උඹට හරි සතුටු ඇති ඒත් උඹ දන්නෙ නෑ උඹ තලන වාරයක් ගානේ මම මුවහත් වෙනව හීනෙන්වත් හිතන්නෙපා දවසක මම උඹේ ගෙල සිඳියි කියා, උඹ ඒ තරම් මෝඩයි උඹට පෙනේවි ඒ යකඩ මුවහතින් මම මගේ ජීවිතය නමැති කැටයම කපන හැටි අද වගේ ම හෙටත් තලපන් ඇතිවෙනකම් සතුටු වෙයන් මහන්සි ...
බොරළු පාර .....ජීවිතයෙන් බිඳක්...... දිනකට නොයෙක්වර ඔබමොබ ගමන්කළ ඒ බොරළු පාර අද කොන්ක්‍රීට් තට්ටුවක් දරා සිටින අන්දම... නිරුවත් දෙපා යුග විඳි කටුක වේදනා සීරීම් ලප කැලැල් ඇත තවම නොමැකිලා.... අතීතයේ බොරළු මතින් නැඟී ආ දෙපා යුග රෝද සතරක නැඟී ඉගිලයන අපූරුව... ...
කිරි කලේට ගොම ටිකක් වැටිලා .....ජීවිතයෙන් බිඳක්...... නැවුම් බවෙන් පිරිපුන්වී රස පානය සැපයුම්කළ පුරුදු පරිදි අද උදයෙත් එකතු කළා කිරි කලයක්... ඇති නොකියා තව ඉල්ලූ කිරි ටිකටත් උන හදියක් එපා කියා යන්නට යයි වැටුන නිසා ගොම බිඳුවක්... කුස ගිනි ඇති තවත් එකෙක් ආවෝතින් කිරි ගන්නට රසකර කර බොන්නෙ නැතැයි දන්නේ නැතිව වැටුණ බවක් කිරි කලයට ගොම බිඳුවක්.... ...