පාගමනක් තරු මිතුරෝ සිය ප්‍රථම පාසල් දිනය ආරම්භයේදී තරමක චකිතයක් හසාරාගේ සිත තුල තිබුණද දිනය ගෙවී යද්දී එය යටපත් කරමින් ප්‍රීතිය මුසු හැඟීම් පෙළක් නැගී එන්නට විය. එම හැඟීම් පෙළ දෙගුණ තෙගුණ වූයේ පාසල අවසන් කිරීමට තවත් හෝරාවක් පමණ තිබියදී ගුරුවරිය ඉදිරිපත් කල අපූරු අදහසක් නිසාවෙනි."මොකද කියන්නේ.... අපි ටිකක් ඇවිදින්න යමුද?"සිසුහු එක හඬින් එයට කැමැත්ත ප්‍රකාශ කළහ. මුළු උදය වරුවේම ජිම් සමග ...
අපූරු පාසලේ පළමු දිනය - (ii-කොටස) තරු මිතුරෝ "තරු රටා පාසල් ජාලයේ අනෙකුත් පාසල් වලට වඩා තරමක් වෙනස්, සුවිශේෂී පාසලක් විදිහට සැජිටේරියස් පාසල හඳුන්වන්න පුළුවන්. ඉන් ප්‍රධානම දේ තමයි 'ශිෂ්‍ය රුචිකත්වය' ට මුල් තැන දෙන ඉගැන්වීම් ක්‍රමවේදයක් මෙහි භාවිත කිරීම. මේ ක්‍රමයේදී ශිෂ්‍යයාට පාසල් පරිපාලනයෙන් ලබාදෙන කාලසටහනට අනුගතව විෂයන් ඉගෙනගන්නවා වෙනුවට තමන් කැමති වේලාවකදී කැමති විෂයයක් හැදෑරීමේ අවස්ථාව ලබා දෙනවා. සෑම වාරයක් ආරම්භයේදීම එම වාරයට අදාල විෂයන් ...
අපූරු පාසලේ පළමු දිනය - (i-කොටස) තරු මිතුරෝ තමාට නින්ද ගියාදෝ, නොගියාදෝ යි සැකයකින් යුතුව වෙනදාටත් වඩා වේලාසනින් හසාරා අවදි වූවාය. එදින කවදාදැයි සිහිපත් වෙත්ම සිරුර පුරා දිවගිය ප්‍රබෝධවත් හැඟීම ඇගේ නිදිමත ක්ෂණයකින් පළවා හැරියේය. මුව දොවා ගැනීමට, කුටියෙන් නික්මී කොරිඩෝව වෙත පා තබනවාත් සමගම ඇගේ දෑස් මත සිත්තම් වූවේ නානකාමරය පිහිටි ඉසව්වේ සිට සිය කුටියට පියමනිනා ෆියෝනාගේ රුවයි. ඇය අවදිව ඇත්තේ තමාටත් පෙරාතුවයි."සුභ උදෑසනක් ! ඊයේ ...
අළුත් මිතුරියක් - (v-කොටස) තරු මිතුරෝ ඈ යුහුසුළුව කුටියෙන් නික්මී ජිම් පසුපසින් යන්නාවූ නවක සිසුන් අතලොස්සට එකතු වූවාය."හැමදාම.... එකම රටාව...."ඈ පසුපසින් හුන් ෆියෝනා තාලයකට පැවසුවාය.හසාරා හා ෆියෝනා හැරුණු කොට තවත් සිසුන් තිදෙනෙකුගෙන්ද, සිසුවියන් දෙදෙනෙකුගෙන්ද නවක සිසු පිරිස සමන්විත විය. ඔවුහු නේවාසිකාගාරයෙන් නික්මී කෘත්‍රිම ආලෝක ප්‍රභව වලින් අඳුර පළවා හරිනු ලැබූ, දිගු සෙවණැලි වලින් රටා මැවුණු විදුහල් බිම ඔස්සේ ජිම් අනුව පා නගන්නට වූහ. හාත්පස වෙලාගෙන ...
අළුත් මිතුරියක් - (iv-කොටස) තරු මිතුරෝ "ආ.... ඔව්.... න්.... නෑ.... නෑ.... තමුන්ලට ඒ කථාව අදාල නෑ....."පියවි සිහියට එළඹෙමින් ජිම් පැවසුවේ දැඩි හඬිනි."මට දැන් යන්න වෙනවා.... වැඩ ගොඩක් තියෙනවා.... ගැහැණු ළමයින්ගේ නාන කාමර මේ කොරිඩෝවේ කෙළවරම තියෙනවා.... පාඩම් කාමරය පහළ තට්ටුවේ තියෙනවා.... ඒ වගේම තමයි මතක තියාගන්න, මේ නේවාසිකාගාරයේ විනය ගැන මං බොහොම තදින් හොයා බලනවා...."හේ පැවසුවේ හසාරා වෙත වැඩි අවධානය යොමු කරමිනි. ඈ කිසිවක් පවසන්නටත් ...
අළුත් මිතුරියක් - (iii-කොටස) තරු මිතුරෝ "ආ....හා.... තවත් අළුත් ශිෂ්‍යාවක්""ඔව් මර්බෙට් මහත්මයා.... මම හසාරා සුවිමාලි" ඈ තරමක් ගෞරව සම්ප්රයුක්තව පැවසුවාය."හසාරා සුවිමාලි. හැත්තෑ නව වෙනි ග්‍රහලෝකයේ කුමාරිකාව"ජිම් කියාගෙන ගියේය."දැක්කනේ.... මම තමුන්ව දන්නවා.... ඒක නෙවෙයි, මට ඔය 'මර්බෙට් මහත්මයා' කියන කොටස කියන්න එපා.... නිකන්ම 'ජිම්' කියන්න. සරලවම.... 'ජිම්'. මොකද කෙටියෙන්ම කිව්වොත් 'මර්බෙට්', 'මහත්මයා' කෑලි වලට මම කැමති නැහැ."හේ අවසාන වාක්‍යය පැවසුවේ තරමක් පහත් හඬිනි. "ඔව්….. ම.... ජි.... ...
අළුත් මිතුරියක් - (ii-කොටස) තරු මිතුරෝ “ජිම් ! !”හසාරා විමතියෙන් එයම ප්රතිරාවය කළාය.“ඔව්, ජිම්.... ජිම් මර්බෙට් මහත්මයා.... එයා තමයිලු මෙහේ ශාරීරික අධ්‍යාපන ගුරුතුමා. ඒ වගේම අපේ නේවාසිකාගාර බලාගන්නෙත් එයා....”නමුත් එකවිටම යමක් මතක්වූවාක් මෙන් දැරිය කතාව මොහොතක් නතර කළාය. “ඒක නෙවෙයි..., මම ෆියෝනා ස්ටෝන්ස්. ඔයා...?” ඈ සුරත හසාරා වෙත දිගු කළාය. “මම හසාරා සුවිමාලි.”අතට අත දෙමින් හසාරා පැවසුවාය. “හසාරා සුවිමාලි !! ”ෆියෝනා විමතියෙන් එයම ප්රතිරාවය කළාය. ...
අළුත් මිතුරියක් - (i-කොටස) තරු මිතුරෝ සියල්ලටම ප්‍රථමයෙන් ඇගේ දෑසට සිත්තම් වූයේ ගේට්ටුව අසලින් ආරම්භ වී ඈතින් වූ ගොඩනැගිලි දක්වා දිවෙන පුළුල් මාවතකි. මනා ලෙස නඩත්තු කරන ලද මල් පැල එහි දෙපස සීමා සනිටුහන් කල අතර, බැසයන හිරුගේ ආලෝකය වැදී ඒවා දිළිසුම් දෙමින් පැවතුණි. මාවත දෙපසත්, පාසල් භූමියේත් තැනින් තැන මනා සෙවණින් යුතු සුවිසල් වෘක්ෂයන් වූ අතර ඒවා පාමුල බංකු තබා තිබුණි. විදුහල් බිම ජන ...
පෘථිවි ආගමනය - (v-කොටස) තරු මිතුරෝ කහ-තැඹිලි පැහැ තුරු මුදුන් මතින් සන්ධ්‍යා හිරු කිරණ නුබ ගැබ සිසාරා පැතිර ගොස් තිබුණි. විටින් විට වලාකුළු වියන් යටින් කැදලි කරා ඇදෙනා සියොතුන් ඒ මත අලංකාර රටා මැවීය. සිහින් මන්ද මාරුතයෝ ගත දැවටෙමින් ජනිත කලේ ප්‍රබොධමත් බවකි. නිශා යාමය එළඹීමට ඉතිරිව ඇත්තේ තවත් හෝරා කිහිපයක් බැව් සිහිපත් කරන්නට මෙන් රැහැයියන්ගේ නිනොනවතින නාදය වා තලය සිසාර පැතිර යාම ඇරඹී තිබුණි. වියළි ...
පෘථිවි ආගමනය - (iv-කොටස) තරු මිතුරෝ "මං මේක විතරක් අතේ අරන් යන්නම්.... අනික් බෑග් ටික අපි එහෙනම් ඉස්කෝලෙට යවමු."අදාල ගමනාන්තය පවසන ලදුව, සිෆ් වරයා ඔවුන්ගෙන් නික්ම යන්නට වූ අතර පියා සහ දැරිය යාත්‍රාංගනය පසක වූ ගොඩනැගිල්ල වෙත පියවර එසවූහ.ස්වයංක්‍රීය පිරික්සුම් දොරටු පසු කරමින් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි ඔවුන්ගේ දර්ශණ පථයට හසු වූයේ ඉදිරියෙන් ඇදී යන මහාමාර්ගයයි. දෙපසටම රථ වාහන ගමන් කල හැකි සේ තනා තිබූ එහි එක් ...
පෘථිවි ආගමනය - ( iii-කොටස) තරු මිතුරෝ සැබැවින්ම එය ප්‍රියජනක සන්ධ්‍යාවක් විය. නීල වර්ණ නුබ කුස වසාගෙන පැතිරී තිබුණු වලාවන් අහස් තලයම තැඹිලි පැහැයෙන් වර්ණ ගන්වා තිබුණි. එක් අන්තයක වූ පුළුල් ගොඩනැගිල්ලක් සහ ඒ හා සම්බන්ධව නිමවා තිබූ සුවිසල් තාප්පයකින් වටවූ විශාල බිම් කඩ මත, තැනින් තැන නවත්වා තිබූ විවිධාකාර හැඩයන්ගෙන් හා විවිධාකාර ප්‍රමාණයන්ගෙන් යුත් අභ්‍යවකාශ යානාවන් බැසයන හිරුගේ රශ්මිය වැදී දිළිසුම් දෙමින් පැවතුණි. විටින් විට ඒවා ...
පෘථිවි ආගමනය - (ii- කොටස) තරු මිතුරෝ දැරියගේ අවධානය කවුළුව වෙතින් බැහැරව තමා ඉදිරියෙන් වූ පුළුල් තිරය වෙත යොමුවිය. කෙමෙන් චලනය වන නීල වර්ණ පෘථිවියේ සහ අයිස් යුගයෙන් පසු දැනට ඉතිරි වී ඇති එකම ගොඩබිම් තලයේ දර්ශනය දෙස ඈ ඇසිපිය නොහෙලා බලා සිටියාය."තාප ආවරණය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා..."ඇගේ අවධානය බිඳී ගියේ යාන්ත්‍රික ගැහැණු කටහඬකින් ඇසුණු පණිවිඩයක් නිසාය. මේ වන විට ඔවුන් රැගත් යානය පෘථිවි වායුගෝලය හරහා යෑම ...
පෘථිවි ආගමනය - (i- කොටස) තරු මිතුරෝ සැබැවින්ම, එය නවමු අත්දැකීමකි. "සමපාත යන්ත්‍රය" හරහා ඈ විශ්වයේ මේ තරම් දුරක් පැමිණි පළමු අවස්ථාව මෙයයි. තාරකා විද්‍යාඥයන් විසින් "හැත්තෑ නව වෙනි ග්‍රහලොව" ලෙස හඳින්වූ ඇගේ මව් ග්‍රහලොවේදී නම් වරක් "අයිස් ග්‍රහයා" වෙත යෑමටද, තවත් වරක් "වාමන ග්‍රහලොවේ" විද්‍යාගාර වෙත යෑමටද ඇය එය භාවිතා කර තිබුණි. එම ගමන් වලදී නම් ඇය එතරම් විශ්මයකටත්, චකිතයකටත් පත් නොවූයේ මව් ග්‍රහලොවේ සිට නුබ ...
හැඳින්වීම තරු මිතුරෝ මේ කථාව ඇරඹෙන්නේ අනාගතයෙනි, ඒ කවදා ද, කොතැනකදී ද යන්න තීරණය කිරීම කාලයට බාරය. කෙසේ වුවද මෙය පෘථිවියේ නව යුගයක සමාජ, සංස්කෘතිමය පැතිකඩ පිලිබිඹු කරන්නකි. මේ යුගයේ මිනිසාට සිහිනයක් වූ බොහෝ දෑ ඉටුවූ යුගයක් පිලිබඳ ගතු කියන්නකි.මේ අනාගත ලොවෙහි වූ එක්තරා පාසලක සිසු සිසුවියන් කණ්ඩායමක් මින් ඉදිරියට දිගහැරෙන කථාවට පාදක වී තිබේ. නමුත් කථාවට පෙරාතුව වෙනස් වූ ලෝකය පිලිබඳව ඔබ ...
ආයුබෝවන් ! තරු මිතුරෝ මා දයාබර පාඨකය, ඔබ මා ද, මා ඔබ ද නොහඳුනන දිනෙක අපි මෙසේ හමුවී සිටින්නෙමු.... සැප දුක් නොවිමසූ නමුදු පවසන්නට බොහෝ දේ අප දෙදෙනාටම ඇතුවා නොඅනුමානය. එ නමුදු ඔබට විරාමයක් දී මා හඬ අවදි කරන්නෙමි. මින් ඉදිරියට මා ඔබට පවසන්නට යන්නේ කථාන්දරයකි.... සැබැවින්ම කිවහොත් අනාගත ලොවක් පිලිබඳ කථාන්දරයකි..... ඒ අනාගත ලොව තුල ජීවත් වන අපූරු, පුංචි මිතුරන් සය දෙනෙක් මේ ...
දබරයක් තරු මිතුරෝ වනාන්තරයේ සැඟවුණු දිනයෙන් අනතුරුව තවත් දෙදිනක් පමණ ජෙරමි හා චමිල ක්‍රීඩා පුහුණුවීම් වලට සහභාගී වූවද ඉන්පසු ඔවුන්ගේ රූ තවදුරටත් එහි දැකගත හැකි වූයේ නැත. දෙමිතුරියන් මෙන්ම ඔවුන්ගේ පන්තියේ සිසුන් කිහිපදෙනෙකු ද ඔවුන් දෙදෙනා ක්‍රීඩා පුහුණුව මගහරින බව දැන සිටියද, ඒ පිළිබඳ ගුරුවරුන් දැනුවත් කිරීමට තරම් උනන්දු නොවීය. එය දෙමිතුරන්ගේ වාසියට හේතු වූ අතර ඔවුන්ගේ නොපැමිණීම පිළිබඳ කිසිඳු අදහසක් නොවූ ...
වැදගත් තොරතුරක් තරු මිතුරෝ "මනුෂ්‍ය ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ නිරන්තරව ක්‍රියාකාරී වීම සඳහා…. ඒ කියන්නේ ඇවිදින්න, දුවන්න, පනින්න වගේ කාර්යයන් වලට. නැතුව දවස පුරාම පන්ති කාමරයේ මේසයක් ළඟ වාඩිවෙලා, එහෙමත් නැත්නම් පරිගණකයක් ළඟ වාඩිවෙලා කාලය ගත කරන්න නෙවෙයි…." ජිම් ගේ උස් හඬ ක්‍රීඩා පිටියේ වා තලය සිසාරා පැතිර යන්නට විය. සිය සුපුරුදු ඇඳුම වෙනුවට විදුහල් ලාංඡනය සටහන් කරන ලද ජර්සියකින් හා දිගු ක්‍රීඩා ...
ජෝව් තරු මිතුරෝ ජෙරමි හා චමිල පෙරටු කොට ගත් ජිම් විදුහල්පති කාර්යාලයට ඇතුළු වන විට විදුහල්පතිතුමා සිටියේ සිය මේසය අසල අසුන් ගෙන ඒ මත වූ කිසියම් ලේඛණයක් වෙත යොමුවූ දෙනෙතිනි. කුටියේ ද්වාරය විවර වූ හඬ ඇසී හේ හිස ඔසවා බැලීය."බාධා කලාට කණගාටුයි පැට්රික් මහත්මයා.... මේ ළමයි දෙන්නා ඉස්කෝලේ ප්‍රධාන ජාලයට හොරෙන් ඇතුළු වෙන්න හදද්දී මං අල්ල ගත්තා...."ජිම් පැවසුවේ සිසුන් දෙදෙනාගේ උරහිස් වලින් ...