නොනිමි.... කටුසු හදවත නුඹ මගේ වී මා නුඹේ වී අපි අපේ වී සෙනෙහසින්තවත් කොපමණ දුරක් යන්නද වාරුනැති ගත දැඩිකරන්ලැබුණු සියුමැලි ලතෙත් සෙනෙහස දෑස්තුල තව තදකරන්සිහින් දෑගිලි හොවා සිරසට දෙතොල් නළලත සිරකරන්යොවුන් සිතුවිළි දඟකරනදා රුදුරු වනයක කෙළිදොලින්නොමග නොයනට වෙලා හදවත සිසිල් තුරු සෙවනක් වෙමින්විසල් දරඳඩු පිරිමි දිවියම මගේ දිවියට දියකරන්කෙසේ අමතක කර දමමි නුඹ ගිලන්වූදා රත්තරංනොමති හැඟුමන් අවට ලොවගැන අයාලේ ගිය හදවතක්මටම පුදුමයි වසඟවුන ...
සුදු සහ කලු.... කටුසු හදවත චන්ද්‍රමඩල මුවාකරන්ගත ඇඳි සළු නෙක උනමින්ක්ෂීරපථය තනි අතකට ගත්ත රූබරී....නිල් දෙනයන කැල්මදරන්සිත ටිකකට නතරකරන්සප්ත සාගරය කැළඹුවරත්න මෝහිණී....කල්බලා ලැබුන ඉඩකින්ඉවතහෙලා ලොව පතිදම්විශාකාව තුරුලට ගියදීඝ ගාමිණි....කිරට හඬන තම බිළිඳුන්නොලා මගට සිත මවුවත්දරු දෙනෙතට සිත කැපකළකිසාගෝතමී....කඩා තනය පොළවෙගසන්සාප නොකර නුවර දනන්දුක තම ලැම මතම හෙවූචන්ද කින්නරී....දරුපෙම සිත තුල දරමින්වැගිරෙන කිරි නතරකරන්පියවුරු කෙළි බඩුවක් කලසප්ත පත්තිනී....සලිතකරගන්න යටිකයහොවන දණ්ඩ දැඟලිලි මැදදරු කුසගිනි නිසාමපිළිගත්තු ද්‍රෞපදී....අනුරා
එනවාද හෙටත් නුඹ.... කටුසු හදවත එනවාද හෙටත් නුඹ අද මෙන්මහිනහෙමින්....බැසයන්න වෙර දරන හිරු රැසට පිටුපාලාවිවර නෙතු ලෝකයේ සිතින් අමතකකරලාදිලිසෙනා සසල නෙතු අගින් වත සරසාලාඅපි දෙන්න විතරක්ම ඉන්න අපෙ ලෝකයටඑනවාද හෙටත් නුඹ.... හිනහෙමින් මගෙ ලඟටමගේවුන පෙර දිනක නොතිබුනා කඩොළු මැදවටා රැකවල් සදන සිත් නොමැති මුර අතරනුඹට මට නොලැබිච්ච ආදරය දැකගන්නලෝකයට නොතේරෙන අපෙ හැඟුම් විඳගන්නඑනවාද හෙටත් නුඹ....අපේ'යැයි කියන්නට කිසිදෙයක් නොමැති ලොවඅපේවුන සුසුම් මැද අපෙ පැතුම් කියවන්නඑනවාද හෙටත් ...
තනි යහන.... කටුසු හදවත සඳ එළිය පවා තරු දෙසට එබී තව පතයිනම් මුදු උණුසුමක්මල් කිණිති පවා තුරු දෙසට නැමී තව සොයයිනම් හද සිසිලසක්සමණලුන් පවා මහ රැයෙත් ඇවිත් රූ බලයිනම් පිපි කඩුපුලක්මට ලඟට ඇවිත් සිපගන්න දෙතොල් ඔබෙ කවුද දැම්මේ තහනමක්නෙත තෙමුන විටක ඔබ තුරුළුකරන් මගෙ දෙතොල තැබුවත් හිස මතින්ඒ දෙතොල අරන් මුළු ලොවට හොරෙන් මම සොයන්නද සුදු කඳු මුදුන්මුදු මෙලෙක මතින් සුව දැණුන සැනින් ගත ...
මල්ලියේ..... කටුසු හදවත රැයක් එළිවන තරුත් සැඟවෙන ලොවම සැතපෙන මැදියමේනිදිවැදුන මුදු වසන්තය ඉකිගසා වැලපෙන කම්මලේඅගක් නොදකින සිතත් කළඹන නැගෙන රළු හඬ යන්තරේනුඹේ හදවත ගයන ගීතය සොරාගත්තද මල්ලියේපාන් කාලයි කෙසල් ගෙඩියයි දනියි නම් කුසගිනි නුඹේවතුර හොද්දයි නාඩු හාලයි ගනියි වෙන වෙස් දහවලේකඳුළු හෙලනට තහනම්ව ඇති පිරිමි හදවත දහවලේහෙලන කඳුළුද බිංදු දා ලෙස සිමෙන්තිය මත දිලිසුනේඅට පැයක වැඩ මුරය ගැන කිසි දින අසා නැති වැඩබිමේදවස් ...
පමාවූ සුභ පැතුම.... කටුසු හදවත තව දිනක් ඔබ නැතුව මං නොදැන වල්මත්වඒ උනත් පෙර දිනක මේ දවස අමතකදරෝස මල් පොකුරු මැද රැඳුණ සුභ පැතුම්පතදිවිමගේ සුන්දරම වසත්කල මගේවුනතාම දැනෙනව සීත වප් සුළඟ දඟකෙරුවහමන නළ හා එක්ව පාවයන මකරන්දඅසෙනියා රේණු මත දඟකරන බඹරුන්ටකොදුරණා සොඳුරු කව ථේරි ගීයක් ලෙසටසවනතේ හැමදාම රැවුදිදී නිම්නාදසදාකල් රැදෙනු මැන අදට නොව හැමදාමකල්බලා මං සොයන සමණලුන් තටු අතරඉඳුසරින් සොරාගන සගවගත් හැම වර්ණනුඹ දිවිය අදුරුකල ...
බයිසිකලේ.... කටුසු හදවත "කොහේද ගල් හෝතම්බුවෝ යන්නේ.....?තෝ හිතුවාද මගේ කකුල් දෙක ලංගම එකට අයිතියි කියලා...?""ලබ්බක් කියනවා....තෝගේ කකුල් දෙක ගහගනින් ඕන රෙද්දක....ඉක්මනට වරෙන් පහළට යන්න....සජිය කතාකරල කිවුවා ඉක්මනට පහළට එන්න කියල....""ඇයි ඌ ආයිමත් ජම්බුගහෙන් වැටිලද...?""ආයිමත් වැටෙන්න ඌ කලින් වැටිල තියෙන්න එපැයි....ඕකා ජම්බුගහෙන් වැටෙනකම් බලන් හිටියොත් අපේ ආච්චිත් ආපහු කාසල් එකට යන්න කතාකරයි සීයට යකඩ පෙතියි ෆෝලික් ඇසිඩුයි ගන්න....ඉක්මනට වරෙන්කෝ බන්...""ආච්චි එහෙට ගියාට සීයට එහෙම ...
පිහිට.... කටුසු හදවත සූනියම් රජුනි වර වර ඔඩ්ඩි දේවතා මෙහෙවරභද්රකාලී මහා ලක්ෂ්මි හනුමන්තා හනිකට වරමේ නරයන් දුක් සනහා පඬුරු ගන්න දුවගන වරමගෙ පවුලට සැප සම්පත දෝතින් අරගන වර වරභද්රකාලී මෑණියනි මේ ගැත්තට පිහිටවන්නයාබද නිවසේ ගෙහෙමියා සත් කඩකට පුපුරවන්නඇගෙ දියණිය මේ පාරත් උසස් පෙළින් බිම දමන්නඒ පිහිටෙන් මගෙ දෝණිට දෑවැද්දත් සරිකරන්නසිද්ධ සූනියම් දෙවියනි අසුපිට නැග මෙහි වඩින්නමේ බඩ තඩියට කෙළවන මුදලාලිව සුන්කරන්නඒ කඩේට යන ...
නොමියන.... කටුසු හදවත මැවෙන සිතුවිළි දැනෙන හැඟුමන් එකින් එක ගෙන ඉවතලාසුළඟේ පාවෙන වරාමල සේ මගේ ලෝකෙන් පාවෙලාසිතට වදදෙන අපේ මතකය ලොවට රහසින් සඟවලාඋදයෙ සුපිපුන පින්න මල සේ ඉන්න ඔහු තුරුලටවෙලානමුනුකුල සිප හමන සුළඟට සිතින් පෙම්බැන්දත් එදාරැඳෙනු නොහැකිව හමන සුළඟත් දුකින් කෑගැසුවා මෙදාදුටුවේ හැම මං අප කතාවේ නමුනුකුල පමණක්නිසාකිසිකෙනෙකු ලොව දොසක් නොකියත කන්ද තාමත් ගොළුනිසාඑක්ව දුටු හැම හීන පොකුරෙම පාට තැවරුවේ ඔබනිසාතනිව දකිනා හීන ...
හිමි අහිමි - 01. කටුසු හදවත "බීප්...බීප්..."මේ මොකාද මේ මහ රෑ මැසේජ් එවන එකා...?අඩෝ...එක්සෑම් ලේසිද?මේපාර ගොඩද?මේ කවුද මේ...?කාටහරි වැරදිලා වෙන්න ඇති.පොඩි එවුන් මගුල් නටනවා මේ මහ රෑ ඇහැරිලා ඉදගන.ක්‍රියා විරහිතවුන සිංදුව ආපහු දාගත්තු මම හෙඩ්පෝන් එක කනේ ගහගත්තා.එදා දුරසිට දුටුව ඔබ නොව මෙදා ළඟසිට මා දකින්නේසදාකාලික නොවූ ලෝකයෙ සදා කෙලෙසද පෙම්කරන්නේ..."බීප්..බීප්..."ආපහු මේ මගුල...මොකද ඩෝ සද්ද නැත්තේ? නිදිද?මොන රෙද්දක්ද මේ?ඔයාට වැරදිලා.මම ඔයාගේ යාළුවා නෙමෙයි.නම්බර් චෙක්කරලා බලන්නසොරි.ඒත් මගේ ...
වටිනාකම.... කටුසු හදවත "පොඩ්ඩී...ඒයි පොඩ්ඩි...නැගිටිනවා...බලනවා වෙලාව කීයද කියලා.....අද ඉස්කෝලේ යන්නේ නැද්ද...?මහ රෑ වෙනකන් මොනවා කරනවාද මන්දා ටීවි එක ඉස්සරහටවෙලා...පාඩම් කරන්න කිවුවහම තමයි පොත අතට ගත්ත ගමන් නින්ද යන්නේ....නැගිටිනවා.ගිහින් ලෑස්තිවෙනවා ඉස්කෝලේ යන්න...."හුටා....පරක්කුවෙලා නේන්නම්.යකෝ..දැන් කොහොමද ස්කූල් බස් එක අල්ලගන්නේ.කෝච්චියේ පිහිට තමයි අද.ඒත් කොහොමද තනියම යන්නේ...එපා වෙනවා අප්පා...මේ ටීවි වල ෆිල්ම් පෙන්නන එවුන්ව අල්ලලා ගස් බඳින්න ඕනේ.අපි වගේ ඉගනගන්න දරුවන්ව මුන් නොමග යවනවා ෆිල්ම් පෙන්නලා."තාම නිදිද...? ...
තහනම්.... කටුසු හදවත කල්පයක් තරමටම වටිනවා තප්පරෙත්ඔබ දිහා බලාගන හීන අහුලන විටකකොබෙයියොත් ගෙට වදින රතුපාට අහස යට ඉඩෝරෙට අහුවිච්ච සඳත් පණ යදින කලකළුපාට ඇස් ඇතුලේ මගේ රුව සොයන විටගයන්නේ සරදමටද රැහැයියොත් නිදි වැදුනඋකුල මත සුව යහනෙ දැනෙනවිට නුඹේ අත්ලපිළිවෙලක් වෙයිද දැන් දඟවැටුන කෙහෙරැල්ලහැරුන විට මගෙ මුවට තදවෙනා නුඹෙ නෙරියහපන්නද හිමින් දැන් ඇඹරෙන්න බෑ හොඳදඉනවටේ වෙළුන අත සොයනකොට මුදු මෙලෙකදැඟළුවොත් බලාගමු මරනවා මම උඹවවදනකඳු ...
විරාගී.... කටුසු හදවත සිනා පිපෙන මල් අතරෙක ජීවිතයක සුවඳ සොයනනුඹේ මුදු වදන් අභිමුව සිල් ගත්තා සේ නවතිනනෙලූ පලා බිම දා යලි දුවන මුවන් දිහා බලනමේ සිත නවතනු හැකි වෙන හදක් ඇතිද මා කලඹනරාග රතු වලා සිපගනු රිසියෙන් හැම බැමි බිඳලනසුසුම්සර සිහින් කෙඳිරිය අතරින් දා බිඳු වැගිරෙනවල්මත් සිත දිවයන හැම මං පෙතකම මැවී පෙනෙනනුඹ නෙතු දකිනා සිත යලි නිවී සැලෙයි මග නොදන්නදකිනු රිසින් පියයුරු ...
මංජුල ලක්මාල් කන්දේවිදාන සහෝදරයාට.... කටුසු හදවත දුරක් ආ මුත් පතා නුඹ සිත හමුනොවුන බව කෙම්බිමක්මටවඩා නුඹ දනියි ඒ බව කියන්නේ නෑ වෙන යමක්රන්මලක් ලෙස දකින මුත් අද කටු අතර නිදි කුමරියක්අතීතය දුර වැඩියි අප හට ඉතිරිවුනෙ ඇයි මතකයක්දුටුවදා සිට ලංව ඉන්නට ගෙතුවමුත් එක කවි පෙළක්පද එකින් එක ගෙන ගයන්නට තිබුනෙ නෑ එහි අරුමයක්අපේ මතකය ගිනි ගොඩක්වුන තැනදි ඔබ ගැයු පද පෙළක්අකීකරු සිත සමග සිරකර සැඟවුවා මම ...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන...සෙනෙහසින් කටුසු හදවත පාළු අහසට එබුන සවසකදුටිමි තරුවක් බෝ දුරින්සරා පුරසඳ වළා අතරෙකදකින්නට නෑ තව වරම්තනිව පැතුමක් සිහින ලෝකෙකකොපුල් සැලිලා සීතලෙන්පුරුදු කඳුලක සිසිල දැනුනාවෙන්ව ගියදා හද විලෙන්එක්ව වෙන්වුන සුසුම් නිම්නෙකහඬන මසිතට බෝ දුකින්වෙනස්වී ඇත ලොවේ දස අතපැතුම් නෑ අද පෙර තරම්ඔබේ සුවඳට අදුරෙ ඉකිලනමා බලන්නට එක සිතින්ඇවිත් නෑවිත් හාත්පස සිටදොඩන්නේ නෑ තව ඉතින්විහඟ හඬ නෑ හරිත තුරුයටරැහැයි පළඟැටි හඬ තරම්ලංව තනිවුන සවන් අද්දරඉපිද ...
තාමරෛකුළම් මැද පිපුණු හෘදයාංගම නෙළුම් කැකුළු.. Inside out of 'Journey to Thalawakele' by Katussa කටුසු හදවත "ජීවිතේ කියන්නේ මොකද්ද සර්....?"එදා මීරියබැද්ද නාය යාමේදී තම පවුලේ සාමාජිකයන් අහිමිවූ තරුණයෙක් මාධ්‍යවේදී කැමරාවක් ඉදිරිපිටදී ඇසූ ප්‍රශ්නයට මාගේ හිත ගොඩක් සංවේදී වුනා.එදා ඔහු එම ප්‍රශ්ණය අසනවිට තෙත්වුන දෙනෙතෙන් රූපවාහිනිය නැරඹූ අයුරු මට තාමත් මතකයි.ඒ ප්‍රශ්නයම මටත් අහන්න වෙයි කියලා එදා මට නිකමටවත් හිතුනේ නෑ."ජීවිතය කියන්නේ මොකද්ද බං...?"නෙළුම් යාය විසින් තලවකැලේ බලා ගිය නෑගමන අවසානයේ හිතට නැගුන එම ප්රශ්නය මම උඹලා ...
දා බිඳු සිහින.... කටුසු හදවත සරා වන උයන් නෙක ඵලමවා සුභ සිහින හිස මතනෙරළු තුරු අගිස් මත්තේදරු පවුල තබානොබලනා විටදි දෙවියොත්පාන්කඩ වළල්ලට වැඳජීවිතයම බාර දුන්නේදරු පවුල නිසානොනැවතී ගලන දා බිඳුගෑවිලා පපුවේ සීරුම්රිදුම් දෙන ගතින් නැග එන වෙහෙස නොමබලාඑකක් නැග එකක් බැස යලිනොනැවතී කරන සක්මනකෙළවරක් කරනු කෙළසින්දිවියේ බර නිසාඇඟිලි තුඩු මතින් එකිනෙකගැනිය හැකි තරමේ ඉලඇටයටින් පණ ගැහෙන හදවත හඬන හඩ දරාකම්පිතව සැලෙන මදනළහමන විට නෙරළු තුරුමතයදින්නේ ...
සොයන නුඹ... කටුසු හදවත ලඟ නොයිඳ පිටව ගිය බව නොදැනසොයන නුඹ.... දුර ඈතක්ෂිතිජයකමැවෙනවිට හද මඩල....යන දිනයේ කියන්නට නොහැකිවුනකතාවක.... පදපේළි අතර මැදනැවත හිනහේවි අද....අදත් නුඹ එනතෙක්ම හැරතිබූදොර දෙසම... අයා නිරුවත් දෙනෙතබලා සිටි හැම පැයම.... කල්පයක් උනේ ඇයිසිතනවා මම තවමගිය නොගිය මග දෙපස රැදෙනපෙම්වතුන් ලඟ.... නවතිනා දෙනෙත් අගමැවෙනවා අප දෙදෙනසංසාර ආදරය ඉකිබිඳින මුළු රැයමඅමතකව යහන මත සොයනවා නුඹ කොහිද....කොහොම කෙළසද වුනේ වරදකා අතද වග.... සොයන්නට ඉඩ ...
ග්‍රේරෝ... කටුසු හදවත පොලිස් සුනඛ ග්‍රේරෝ පිට පිටම පස්වෙනි සොරකමත් අල්ලයි -පුවතක්.ග්‍රේරෝ...ග්‍රේරෝ...ගර්....ගර්...කොහෙද යකෝ හිටියේ උඹමෙච්චර හොරකම් උන රට.......?ලොකු එකාගේ ගුරු හොරුන්ට ටියුශන් කාසිය ගෙවන්නපොඩි දෝනිගේ අසනීපෙට දොස්තර දොළ ඇන්න යන්නබඩ තඩි කලු මුදළාලිගේ ගෙදරට පැන්නට හොරාටගොරව ගොරව මගේ ලඟට ඇවිත් මාව කොටු කලාටමොනවද හම්බුනේ බොට අද.......?මස් කට්ටක්වත් දුන්නද වැඩිපුර උන් උඹේ බතට.....?අපේ එවුන් බුරුතු පිටින් ගහගන ගිය සුනාමියටආධාරෙට ඒරොප්පෙන් දුන්න සල්ලි උගේ ...
U-Turn.... කටුසු හදවත දෑස් අග රෑදී සිට පැතුම් මල් පුබුදුකලසයුරවන් සෙනෙහසක් නිරතුරුව තිළිනකලසිනාමල් මුව සරස සිනහවම උරුමකලඅනේ නුඹ නැති දිනක කෙසේ හිනහෙම්ද මමකවා සිප සනසවා සෙනෙහසින් තුරුළුකරදෙවා ඔවදන් සතර මවක්සේ ලඟින්හිදමවුවතින් සුසුදුවන් පෙමක් මට දුන් සබඳතනිවෙන්නේ කෙලෙසින්ද ඔබෙ සුවඳ ඈත්කරසාගරය වන් විසල් තනිව විඳි කඳුළු බිදවිඳගත්තේ කෙළෙසින්ද මට නොදී සුසුම් පොදඔබ වින්ඳ දුක් කන්දෙ අරගන්න මගෙ කොටසළගදීම මම එනවා තනිව නෑ නුඹ තවමකටුස්සා...2012.08.30. ...