•සොඳුර නුඹ ලිහිණියක SANDUMAL "අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින සිදීගිය ගඟ දෑල හැර දැමූවේ කව්ද ...?"දයාබර හේමා,ඔන්න ඔයාට පොරොන්දු වුන විදියටම ඔයාට ලියුමක් ලියනවා. හේමා මං අද හවස දෙකහමාර විතර වෙද්දි මෙහෙට ආවා. කෙලින්ම මං ඉස්කෝලෙට ආවේ. බොහොම පුංචි ඉස්කෝලයක් හේමා. මං විදුහල්පති තුමාව මුණගැහුනා. ඉස්කෝලෙ වරදක්නම් නෑ. හරිම අහිංසක ළමයි ඉන්න ඉස්කෝලයක්. දෙකට ඉස්කෝලෙ ඇරලා, ඒත් මං යනකොටත් ළමයි කිහිප දෙනෙක් ...
•හොඳින්, බැරිනම් නරකින්.. SANDUMAL "නුඹට හැකිවෙද.. සුදු නෙලුමක් වී පිපෙන්න..."මිනී කන කැනිබලුන්පිරී ඇති නිම්නයකනුඹව අතහැර ග#
•වැහි මතක SANDUMAL "හුරුපුරුදු සුවඳකින් වෙලෙයි මගෙ සියොළඟම..."වහිනවා අනෝරා වැහි..අඳුරුලලා පාසල් බිම..ලා අඳුරෙ ගුලිවෙලාඋස මහත ගොඩනැඟිලි..නඟිනවිට පඩිපෙල්..හරිම අඳුරුයි කොරිඩෝ..සීතලයි පාලුයි..දශකයකටත් දුර එපිටමිහිරිතම අතීතෙකහුරුපුරුදු සුවඳකින්වෙලෙයි මගෙ සියොළඟමමෙවන් වැහි කෝඩ වලඔබ එතැයි මඟබලාඋඩතට්ටුවට වී මංහිටිය හරි සීතලෙන්..පතා ඔබෙ උණහුමක්ගෙවුනු එවන් දින දහසක්ගෙනෙයි මතකයට මගෙඅදත් මේ අඳුරු වැස්සේ...දැල් හෝල් පිස හමනකිතිකවන හීතලේ..අඳුරු කොරිඩෝ කෙලවර හිඳිද්දී.. ...
•මුල SANDUMAL "අතීතෙක දුර ඈත දවසක..."මල්වතු ඔයේ ඉවුරකඅතීතෙක දුර ඈත දවසක...නම නොදන්නා උතුම් මිනිසෙකුපැල කරපු වී අහුර අදටත්රටක කුසගිනි නිවන අරුමය...
•මීෂා SANDUMAL "මිනිසෙකි නුඹත් නොමිනිසුන් අතර ඉපදුන..."මීෂා.......මාවත කොනක ගුලිවී අසරණවපෙර දිනෙක නුඹ පැමිණ මගෙ දෝතටසත් වසක් ගෙවුනු තැන අද දිනටමිනිසුන් වී ඉපිද නොමිනිසුන් වී මියෙන සමයකනොමිනිසෙකු වී ඉපිද මිනිසෙකු විලස මිය ගියදයාබර ලබැඳියේ...මතු දිනක උඹ ඉපදෙනව සත්තයිමිනිසෙකුම වී අප අතර...සුබ ගමන් "මීෂා"... ...
•නව දැලි හේනක පෑව වැඳිරි රුව SANDUMAL "මා පෙම් කළ ජනපද කල්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා..."පද රචනය, සංගීතය හා ගායනය එකම පුද්ගලයා අතින් නිමැවෙන අවස්ථා සිංහල ගීතය තුළ හමුවන්නේ ඉතා කලාතුරකිනි. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ෂර්ලි වෛජයන්ත ආදීන්ගේ නිර්මාණ තුළ මේ තත්ත්වය කලාතුරකින් දක්නට හැකිය. මේ අතර සෝමතිලක ජයමහ නම් වූ ගාන්ධර්වයාට හිමිවන්නේ සුවිශේෂත්වයකි. අප අතර කීර්තියට පත්වූ ගී නිර්මාණ කීපයකම මේ ත්‍රිපුද්ගල සංයෝගය සෝමතිලක ජයමහ ...
•තනි තරුවේ... SANDUMAL තනි තරුවකට ලියූ ගී පද"තනි තරුවේ...ඔබත් ඔහොම ඔතැන ඉන්නමමත් මෙහෙම මෙතැන ඉන්නවානෙතඟ නෙතඟ පැටලි පැටලිමුවඟ මුවඟ ඇලලි ඇලලිමෙතෙක් දුරක් එක්වී පැමිණීතනි තරුවේ...මහද අරණ ළතැවි ළතැවිරැඳෙනු බැරි ව ඉගිළි ඉගිළිමගෙන් ඉවත ඇදිලා සැනසීතනි තරුවේ...."ගී පද - ප්‍රේමකීර්ති අල්විස්සංගීතය හා ගායනය – වික්ටර් රත්නායකතනි තරුවේ....... යැයි මුහුදු වැල්ලේ දිගාවී ප්‍රේමකීර්ති කෑ ගැසුවේ ය. ඔහුට ඉහළින් ආකාසයේ තනි තරුවක් පායා තිබුණේ ය. ඔහු ...
•ආවාට තිබුණත් නිසසල සඳ මත SANDUMAL "ඔබට පිදූ පෙම සඳ මෙන් අහිංසකයි"මීට වසර තිස් පහකට පමණ පෙර එක්තරා දහවලක මම ගුවන්විදුලි වැඩසටහනකට සවන් දෙමින් සිටියෙමි. මගේ මතකය නිවැරැදි නම් ඒ “වෙලෝනා ගීත ධාරා” නමැති වැඩසටහනයි.ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි පි්රයංකරයිනැවුම් වචන මාලාවක් සමඟ නැවුම් හඬක් මගේ සවන් සිසාරා යන බවක් මට දැනිණි. ඉන්පසු කීප අවස්ථාවකදීම මේ ගීතය ශ්‍රවණය වූ අතර එකල සිට එය මගේ ...
• සිහිනයක්.. SANDUMAL අඬගසයි මට අඬගසයි.. ගිම්හානයක සිට අඬගසයි...ගිනි හුලන් හමා යනමද්දහන ගිනි ගහන..සියඹලා මැයි ම
•සිව් සක සිහිනය SANDUMAL "ජීවිතයේ බර අදින්න... රෝද දෙකට උදව් වෙන්න..."මෙතුවක් කල් අපි දෙන්නගෙජිවන බර කරට අරන්ඇද්ද නුඹට උදව් වෙන්නඔන්න තවත් කෙනෙක් ඇවිත්හතර රෝද වලටත් බැරිමහ බර කඳ කෙඳිරි නොගාඇද්ද නුඹට උදව් වෙන්නඔන්න තවත් කෙනෙක් ඇවිත්නෑ බෑ නැති උඹෙයි අපෙයිසබැඳියාව ගැන කියාලාහෙට ඉඳලා මෙන්න මෙයත්හොඳට පුරුදු කරල ගනින්..උඹට රෝද දෙක උනාටමෙයාට සිව් සක තිබුනටඋඹයි අයියා උඹයි ලොක්කාගනින් මෙයත් හරි පාරටකවිකාරියි මමයි දෙන්නමුලින් දැකපු දරුවො ...
•සොහොයුරේ.. SANDUMAL "නුඹේ නාමෙන් තවත් රතු මල්.. දෙරණ සුපිපෙයි දහස් ගනනින්..."මේඝ ගර්ජනා අසෙනි වැසි වැටුණුඅනන්
•වැහි ලිහිණියනේ SANDUMAL "දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතක අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..."වැහි ලිහිණියනේ විදු බිමට උඩින්වැහි කඳුලු මැදින් දුර පියාසලන්දුර ඈත හිඳින පෙම් සිතක පැතුම්ගොස් රැගෙන එන්න හැකිවෙයිද ඉතින්..නුහුරු රටේ මම තනිව හිඳිම්පුරුදු රටේ ඈ සුසුම් මැදින්දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතක්අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..මේ සිරිපොද මැද අප ගියපු ගමන්සිහිකරන් හිඳිම් නුඹ ගොසින් වරෙන්වැහි අඳුර මැදින් ඇගෙ සුසුම් පවන්සැනසුම් බිඳුවක් නුඹ අරන් ...
•ගුරු පියසටහන් 2 SANDUMAL "දඩයක්කාර තාත්තා..."පොව්වාට කිරි පොවනමුවැත්තියෙ වනු සමා..උණුහුමේ කිරි උරනමුව පොව්වො වනු සමා..මගෙ කෙලීට පොත් අරන්කොළඹින් එන මහතැන්ලහරි මනාපයි මුවැත්තියෙඋඹෙ මසට......මහතැන්ල හෙට එන්නෙහිස් අතින් නොවන්නේ..මගෙ කෙලිට වගෙමකෙලීගෙ දුප්පත් ඉස්කෝලෙපොඩි එවුන් හැමෝටමඒ මහත්තුරු ගේනවාපොත් පෑන් පැන්සල් සපත්තු හැමදේම..ලස්ස ගානක බඩුලු....මහතැන්ල ඉල්ලන්නෙඑකම එක පොඩි දෙයක්ඒ තමයි මේ බැද්දෙඋඹ වාගෙ දඩ මසක්..ඉතිං කොහොමෙයි බෑ කියන්නෙ..මහතැන්ල කරන්නේහරිම හරි පිංකමක්..මුව අම්මෙ, පොඩි පොව්වො,උඹලත් ඒ පිනට හවුල්මේ වෙඩි ...
•පාළුව දෙවනත් කරලා නාඬන් උලලේනෝ SANDUMAL "උඹටත් එක්කයි මං පැල් කවිය කියන්නේ..."දුර ඈත කවදා හෝ මේ ගීතය ඇසුණා මට මතක ය. ඒ පාළු රාත්‍රියක ගුවන්විදුලියෙනි. ගීතයක ගැඹුර, අරුත වටහාගත හැකි වයසක එකල මම නොසිටියෙමි. එහෙත් පාළු හුදෙකලා බවකින් මගේ මනස වෙලී ගියා මට මතකය. ඒ තනුව හා ගායනය නිසා මිස අරුත නිසා නොවේ. “උලලේනෝ” යන යෙදුම කපුගේ සතු නාසික්‍ය හඬ ඔස්සේ ඇද පැද ගයන අයුරු අනුකරණය ...
•මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි SANDUMAL "මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි..."මම මහගමසේකරයන් ව කිසි දිනෙක දැක නැත්තෙමි. ඔහුගේ උඩුකය පිළිබිඹුවක් මා ප්‍රථමයෙන් දුටුවේ මා පාසල් ශිෂ්‍යයෙකුව සිටියදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළයි. මහගමසේකර නම් පුද්ගලයකු මිහිපිට ජීවත් වූ බව මට දැනෙන්නට පටන්ගන්නේ1980 වර්ෂයේදීය. එතුමන් ගේ ගීත අසා තිබුණද ඒවායේ රචකයා සොයා වෙහෙසීමට තරම් උනන්දුවක් ...
•වැසි දිය මහ බිම තෙමුවට SANDUMAL "මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද..."සිංහල සරල ගීතය ඒකාකාරී පේ‍්‍රම අඳෙීනා වලින් පිරෙමින් පවතිද්දී අතරින් පතර හෝ මේ ඒකාකාරිත්වය බිඳෙන නිර්මාණයක් අසන්නට ලැබීම ඉඩෝරයට පොද වැස්සක් හා සමානය. නුවන් ලියනගේ නම් වූ පද රචකයා ගේ මේ නිර්මාණය වරක් ඇසු සැණින් ම එහි අන්තර්ගත නැවුම් අනුභූතිය අසන්නා තුළ ප්රබෝධයක් ඇති කරවයි. ඒ අනුභූතිය මනොඥ පද මාලාවක දැවටී මියුරු ...
•ඈත එපිට ගම්මානෙන් නැඟ එන SANDUMAL "පාළු රැයක ඇසෙන දුක්බර ම කවිය..."එක්දහස් නමසිය අසූව වසරේ මම නුගේගොඩ දෙල්කඳ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටියෙමි. තෙමහල් ගොඩනැඟිල්ලක තුන්වන මහලේ මා සිටි කාමරයට යාබද කාමරයක චිත්‍ර ශිල්පියෙක් සිටියේ ය.ඔහු නමින් තිලක් නින්දවන්ත ය. රාත්‍රියේ ඔහුගේ කාමරයට අල්ලාප සල්ලාපයේ යෙදීම සඳහා ප්‍රථමයෙන් ම ගිය දිනයේ ඔහුගේ බිත්තියේ එල්ලා තිබූ විශාල චිත්‍රයක් මගේ ඇස ගැටිණි.පැල්පතක කවුළුවෙන් එළිය බලා සිටින දුක්බර යුවතියකගේ මුහුණකට ...
•සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ SANDUMAL "සිහිල් සුළඟක දැවටුණ ආදරය..."ආදරය ස්පර්ශ කළ නොහැකිය. එය කොහේ හෝ තිබේ. කායික ස්පර්ශයෙන් තොරව මනෝ ලෝකයේ සැරිසරන ආදරය පිවිතුරු ය. සුන්දරය විචිත්‍ර ය. හමන සුළඟක, දිය ඇල්ලක, ගලන ගඟක, මිටියාවතක, ඒ පිවිතුරු ආදරය රැඳෙයි. එය සුළඟක් වගෙයි. නොපෙනෙයි. එහෙත් දැනෙයි. එන්න, අපි සුන්දර කඳුකරයේ කඳු මුදුනකට ඇවිද යමු. අපි පුංචි ගලක් උඩ වාඩි වෙමු. මෙන්න සීතල සුළං රැල්ලක්, හඳුනනා හෝ ...
•දම්පැහැ වීදුරු පුංචි වළල්ලක් මා ළඟ තවම තියේ SANDUMAL "ඔබට මතක නැති මට අමතක නැති පුංචි වළල්ලක් මා ළඟ තවම තියේ...."මට මගේ ආර්ථික විද්‍යා ගුරුවරයා එක්වර ම සිහිවෙයි. යම්කිසි භාණ්ඩයකට ඍජු මෙන් ම වක්‍ර වටිනාකම් ඇතැයි කියා දුන්නේ එතුමන් ය. අලුත් සිතාරයකට වඩා රවිශංකර් පාවිච්චි කළ පරණ සිතාරයක මිල වැඩිවන්නට පුළුවන. ඒ එම වක්‍ර වටිනාකම්වල ස්වභාවයයි. ආර්ථික විද්‍යාවෙන් බැහැරව වුව ද ඒ සංකල්පනාවේ යථාර්ථයක් පවතී.කෙනකු යම් නගරයකට වැඩියෙන් කැමතිය. ...
•සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ SANDUMAL "උඹ කපුගේ ගැන දන්නව ද?""නෑ...""උඹ දෑස නිලුපුල් තෙමා අහල තියෙනව ද?""නෑ...""එතකොට මාරියාවේ?""නෑ...""උඹල මොනවද බං අහන්නෙ?"මේ සංවාදයට දැන් වසර තිහක් ගෙවී ඇත. ප්රශ්නය අසන්නේ මගේ මිතුරෙකි. පිළිතුරු දෙන්නේ මා ය. ඇඹිලිපිටිය ප්‍රදේශයේ වී මෝලක වී ගෝනි දෙකක් මත අපි වාඩි වී සිටියෙමු. උසස් පෙළ විභාගයෙන් පසු මම මගේ මිතුරාගේ ඥාති නිවසක ගොස් සිටියෙමි. මගේ මිතුරා අද කොහේදැයි මම නොදනිමි. නම සිංහාරච්චි ...