•කුඹලා... SANDUMAL "රහසේම නික්ම යති කුඹලුන්..."ගේ හදලා..බිත්තර්දාලා....එන පැටවුන්ට ඇති තරම්..කෑම ගොඩගහලා..ගේ වහලා යන්නම යනවලුකුඹලා..පැටවුන්ගෙන් කිසිවක් නොඉල්ලාමබලාපොරොත්තු වෙන්නෙම නැතුව..සොබාදහමට යුතුකම් ඉටුකොට...පැටවුන්ට සුරක්ෂිත හෙටක් සදා..උන් නික්මෙනවලු රහසේම...දරුවන් හදා, දරුවන් වදා..උන් ජීවිතයම..තම සතුට කරගෙන..තම බලාපොරොත්තු ඉටුකොටගෙන..තමන්ට බැරිවුන හීන්ද...දරුවන්ගෙන් දැක සැනහෙන..පෙරළා යුතුකම් බලාපොරොත්තු පොදි ගහගන්න..මිනිසි මාපියො අතර..කෙතරම් උතුම්ද..කුඹලා...... ...
•මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ SANDUMAL "එදා අපෙ හීන මාලිඟ මෙදා උන් තනා ගත් සඳකඩා නොලන්ටයි...""කීයටද අද ක්ලාස් ඉවරවෙන්නෙ?""දෙකහමාරට අම්මේ""හරි තුන වෙද්දි ගෙදරට එන්නෝනි, අතන මෙතන රස්තියාදුවෙනවා එහෙම නෙවෙයි ඔන්න""අනේ අම්මෙ, මට අද ලයිබ්රියට යන්නත් ඕනි. අනූත් එනවා කිව්වා, නෝට්ස් වගයක් හොයාගන්නත් තියෙනවා.""අනේ මේ දුව, උඹට බෑ මාව තම්බන්න. උඹ ලොකූ අඩව්වුකට සැරසෙනව කියල මට හොඳට තේරෙනවා පහුගිය දවස් ටිකේ ඉඳලම. මං මේ බොහෝම කරුණාවෙන් කියන්නෙ, ...
•අජානේය ස්කූටර SANDUMAL "කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා..."සචින්ත ඉස්කෝලෙ යන කාලෙ ඉඳල මගේ යාලුවෙක්. ඒත් ඔහුත් මාත් එතරෙ එතරම්ම සමීප බවක් තිබුනෙ නෑ. ඒ කියන්නෙ ගජයෙක් නෙවෙයි. අපි දෙන්න කවදාවත් එකම පංතියකට අහුවෙලත් නෑ. කොහොම උනත් පුංචි කාලෙ ඉඳල අද වෙනතුරු ඔහුත් මමත් එකම විදියටම මිතුරන්. මුණ ගැහුනම කතාකරනවා, හිනාවෙනවා එච්චරයි ඉතින්. ඒත් අද මං ඔහු ගැන ලියනවා. ඒ ඔහු වෙනුවෙන් ...
•අබුඩාබියේදීය දයාබර ස්වාමිනී SANDUMAL "මා ඔබේ... ප්‍රියාදර... පියවතී.. ස්වාමිණී..."ජීවිතයේ පළමුවන වතාවට අත්විඳි නුහුරු නුපුරුදු වෙහෙසකර අත්දැකීම් ගොන්නකට පසු ඇය අන්ත අසරණ විලාශයෙන් මිනිසුන් දහසක් අතර හුදෙකලා වී බලා සිටී. ගුවන් යානයෙන් බට ඇය අනෙක් මගීන් අනුගමනය කරමින් කලින් ලද උපදෙස් වලට අනුව මගී පර්යන්තයට පැමිණ ඇයට ලබා දී තිබූ නාම පුවරුව හොඳින් පෙනෙන සේ තම පපුව ඉදිරිපසින් සිටින ආකාරයට අල්ලා ගත්තාය. "පියවතී" ඉංග්‍රීසි ලොකු ...
•බොල්පින් වෑහෙන වේලාවේ SANDUMAL "තවත් නිවහනෙක ගිමන් නිවන තුරුඔබ සිහියට එන්නේ..."එකම හඬින් දිය ඇල්ලක් සේ වතුර මලෙන් හිසට වැටෙන ජල කඳට නිදැල්ලේ ගලා යාමට ඉඩදෙමින් මා ඔහේ හිටගෙන උන්නේ සිරුර නහවමින් ගලා යන ජල කඳින් මගේ මහන්සියද සේදී යාමට ඉඩහරිමිනි. සිත්සේ නාගෙන තුවාය දවටාගෙන නාන කාමරයෙන් එලියට එනවාත් සමඟම කාමරයේ දොරට කිසිවෙකු තට්ටු කරන හඬ ඇසුණු හෙයින් හිස ගසා දමමින්ම "කවුද.." යැයි විමසුවෙමි."මහත්තයා මං ...
•මියෙන්න පුතුනේ SANDUMAL "මාළිග මන්දිර මණ්ඩප පුපුරා නැගූ කෙසර හඬඅයෝමයයි පුතුනේ..."මියෙන්න පුතුනේ මියෙන්න වධ විඳ...හෙලන්න පුතුනේ හෙලන්න ලේ කඳ...කකියන දඬු කුරුසේ...වාවා ගන්නම් මගෙ හද ඉකිබිඳමිරිකා කඳුළු ඇසේ..."ඔවුන් මගේ පුත්‍රයාට කටු ඔටුනු පලන්දාකස පහර දී මුහුණට කෙළ ගසාකුරුස ගසේ තබා ඇණගසලා…"ගලවා සළුපිලි අධර්මයේ ගලවා අභරණ අයුක්තියේ ..පෙන්වූයේ පුත නුඹමයැ නිරුවතපාලක ඝාතක ජඩයන්ගේ...පාහර පූජක ගවයන්ගේ...“ඔහු කල මහා පාප කර්මය එයයි..අධර්මයේ නිරුවත අයුක්තියේ නිරුවතපෙන්වා දීමයි..”ඉපදී පොඩි ...
•ශාන්තිනී SANDUMAL "මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න..."අද කෙටිකතාවක් වගේ ගී සංවේදනාවක් නෙවෙයි ඔබ මේ කියවන්න සූදානම් වෙන්නෙ. මගේ ප්‍රියතම විනෝදාංශයක් තමයි ගීත ලියන්න පසුබිම් වෙච්ච කතා හොයන එක. ඒවා කියවන එක. අපි ආසාවෙන් රසවිඳින සමහර ගීත, ඒ රචකයාට ලියන්න හේතු වෙච්ච මුල් හේතු හරිම සුන්දරයි. ආකර්ෂණීයයි. ඒ කතාව දැනගත්තම, ඊළඟ පාර ඒ ගීතය අසනකොට කවදටත් වඩා බැඳීමක් ඒ ගීය එක්ක ...
•අනුපිටපත් ඉවත් කරමු SANDUMAL "අපේ පරිගනකයේ මතකය ගිලගන්නා Duplicate Files..."ලියන්න යන්නෙ නම් පොඩි පහේ තාක්ශ්ණික කාරණයක් ගැන. ගී සංවේදනාවක් කියවන්න හිතාගෙන ඇවිත් මේ කිව්ව කතාව අහල කේන්ති එහෙම ගියානම් තරහ අවසර! ඒත් අමතකවෙලා යන්න කලින් මේකත් ලියල දැම්මනම් කවුරු හරි වැඩක් ගනී කියල හිතුවා. ඒ නිසා ඔන්න ඔහේ ඕනි එකක් කියලා ලියල දැම්මා.මේකත් මගේම අත්දැකීමක ප්‍රතිපලයක් තමයි. දැන් දවස් දෙකතුනකට කලින් මට පොඩි අලකලංචියක් ...
•මුල් දින මතක SANDUMAL "අනාගත ගුරුවරුන්.. සිරගතව හිඳියි අද..."හැමතැනම අයියලානමුත් ඒ මල්ලිලාඔවුන්ගේ ගර්ජන,රැවුම් එරවුම් හමුවේබිම බලා සිටිනාඅනාගත ගුරු පැටවු...සර්ලා මෙහෙමද?ටීචර්ලා මෙහෙමද?ඉස්කෝලවල මොවුන්බකතපස් රකිනවද..?පරිප්පු හා සම්බෝලසම්බෝල හා පරිප්පුකලණ මිතුරන් වෙලාතුන් වේල ලඟ හිඳියි..මදුරු රජදහනක් අසලගලා යන කුණු ඇලක් අසබඩ"ඩෝම්" යැයි කියාගත්බිං ගෙයකි හිසට වහලට..කියන දේ අහනඇහෙන දේ කරනඅණ ලැබෙන තුරු කල් මරනදැන්ම පිට කොඳු බිඳූඅනාගත ගුරුවරුන්සිරගතව හිඳියි අද... ...
•ෆෝන් එක බ්‍රික් උනාද? SANDUMAL " ෆෝන් එක බ්‍රික් උනානම්, බයවෙන්නෙපා..."සුපුරුදු ශෛලියෙන් අපගමනය වෙලා අද මං මේ ලියන සටහන නම් මෙතෙක් කල් ලියපු සටහන් වලින් සපුරාම වෙනස් මුහුණුවරක් ගනී. වෙනදා ඔබට සුපුරුදු ගී විචාර, ගී සංවේදනා හෝ හද සසල කරවන සිදුවීම් මොකුත් නෑ අද ලියන මේ සටහනේ. මේකත් මං මුහුන දුන්න අත්දැකීමක්ම තමයි. ඒත් ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදාගන්න තරම් වටිනා අත්දැකීමක් විදියටයි මට හැඟෙන්නෙ. ...
•අරලිය ලන්දට SANDUMAL "අරලිය ලන්දට සඳ පායන කොට තුරුලිය මල් වට බඹරු බමන විටසිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහිවෙනවා..එතකොට ගී පද ලියැවෙනවා..."අපේ ජීවිතවල සමහර අත්දැකීම් තියෙනවා ජීවිත කාලයක් පුරාවටම අපිට අමතක කරන්න බැරි, අමතක වෙන්නෙ නැති. මතක් කරල බලන්න, හය හතර තේරෙන්න පටන් ගත්ත දා ඉඳල අද වෙනතුරු ඔබේ ජීවිතේට ඒ වගේ අත්දැකීම් නම් කීයක් ඇත්ද. සමහර දේවල් ඉතාම ...
•සිලිං බිලිං කූරු වළලූ SANDUMAL "අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතීබෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා..."සිහිනෙන් ගෑ සුවඳක් මෙන් යටි සිත පත්ලෙහි තැන්පත්ව තිබූ මතක අග්ගිස්සක ඡායා මාත්‍රයන් පසුකරමින් මෝටර් රිය පදවමින් සිටි මගේ පාදය ක්ෂණිකවම තිරිංග හා සිර වූයේ අකුණු පහරක් මෙන් පැන නැඟී ආ සිතුවම් පටක් අසුරු සැනකින් මගේ නෙත් සිත මානයේ පෙනී නොපෙනී ගිය නිසාවෙනි. ඒ සමඟම අවධි වූයේ මසිතෙන් මැකී යමින් තිබූ ...
•අවුරුද්දයි SANDUMAL "දිවි මගෙහි මෙතෙක් දුර මා සමඟ ගමන් කල.. මා සමඟ සිනාසුනු.. මා සමඟ ඉකිබින්ද.. රසික ඔබ.. මට..කුමුදෙකි..ගඟුලෙකි.. පහනෙකි..පවනෙකි..."E - Money ගැන නොදන්න කෙනෙක් ඉන්නවද? මං හිතන්නෙ එහෙම නොදන්න කෙනෙක් නෑ. අනිවාරෙන්ම මේ සටහන කියවන හැමදෙනාම අනිවාරෙන්ම නිකමට හරි මේ කියන්නෙ මොකක්ද කියල දන්නවා. ඇතැම්විට මෙය කියවන කිහිප දෙනෙක් හෝ මේ පිළිබඳව උනන්දුවක් දක්වා මේ පිළිබඳ හදාරා ඇති බවටත් සැකයක් නෑ. ...
•පැන මඩ කඩිති SANDUMAL "සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේඅපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ"ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ, මට අමාරුම පාඩම උනේ කුලක පාඩම. මොන හේතුවකටද මංදන්නෙ නෑ අනිත් උන් සේරටම ලේසිම පාඩමක් වෙච්ච කුලක පාඩම මට අමාරුම එක උනා. ඒ නිසා මුල ඉඳලම මං හිතන් හිටියෙ ඕලෙවල් වල ගණිත පේපරේ කුලක ගාන අත්තරින්න. හැබැයි.. කවදාවත් නොහිතපු විදියට මට කුලකත් ලේසිම පාඩමක් උනා. ඒ, අපේ අමරවර්ධන ...
•කඩයිමක් SANDUMAL "සිය වෙනි පියවර.. ඔබත් සමඟම.."නුහුරු ලොවකට අහඹු ලෙස මාපය තබා යට ගිය දිනේ..ඔබ සමඟ අද ඇවිද විත් ඇතටිකක් දුර මේ රස ලොවේ..කෙටියි ආ මඟදුරයි යා යුතු මඟනිබඳ හිඳිනෙමි ඒ මඟේ..ඇරඹුමේ සිට ලඟ ඉඳන්අත ලඟින් මා එක්කරන්මංමුලාවෙන් වලකමින්මෙතෙක් දුර මට එළිය දුන්දයාබර සඟයිනේ පුදමි තුති..සියක් පියවර තබන මෙදිනේ... ...
•ආයෙත් එනකල් SANDUMAL "ආයෙත් දවසක ආපහු එනකල්... රෑ බස් එකේ දහඅටෙන් එනකොට.."කවුලුවෙන් දුර එපිට පෙනෙන නිම්නයේසියදහසක් එළි අතරපුංචි තරු ඇස් දෙකක් හැංගිලා..ඒත් බැරි නෑ අඳුනගන්න මටඒ බොඳවූ තරු එළිය..කඳුලු බිංදුවකින්..ආයෙමත් දවසක එනකල්..බලන් ඉන්න තරු ඇස් දෙක..දහ අට වංගුව දිහා.. ...
•තනි තරුවේ SANDUMAL "ඈත අහසෙ පාලු කොනකතනිව දිලෙන තනි තරුවේ..."තනි තරුවේ...තනි තරුවේ...ඈත අහසෙ පාලු කොනකතනිව දිලෙන තනි තරුවේ...අන්සතු එලියෙන් බබලනලප කැළලින් අවලස්සනචෞර රැජින සරා සඳටනොදෙවෙනි මගෙ තනි තරුවේ...ඔබෙ එලියෙන් දිදුලනනෙත් සනහන රුවින් සපිරිආඩම්බර සඳට පවාඑළිය සදන තනි තරුවේ...සඳක් වෙන්න හීන මවනදහස් ගනන් තරු අතරේජීවිතයේ බහ තේරුවමහ පොලොවට පෙමින් බැඳුනුඅමරණීය තනි තරුවේ... ...
•පියසටහන් SANDUMAL "ජීවිත වැලි මළුවේ ගැඹුරටම එරුණු පියසටහන්..."අද මං මේ කියන්න හදන්නෙ ටිකක් වෙනස් විදියෙ දෙයක්. ඇත්තෙන්ම අද මං ඔයාලට ගීත විචාරයක්වත්, සංවේදනාවක්වත් අරන් ආවෙ නෑ. ඒත් යමක් අරන් ආවා. කියන්න හිතාගෙන ආවා. මේක එක්තරා ආකාරයක ඉල්ලීමක් විදියටත් කියන්න පුලුවන්.කෙලින්ම මාතෘකාවට එන්නම්. අද මගේ කවිකාරි අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා. මේ කවිකාරි ගැන මීට කලින් වතාවකද දෙකකදි මං පුංචි ඉඟියක් ඔයාලට දුන්නා. ඔව්.. ...
•එකතුවට ස්තූතියි.. SANDUMAL "රන් අස්වනු නෙළුවෝ වෙමු..."අද මේ ලියන්න යන්නෙ වෙනදට වඩා විශේෂ සටහනක්. ඒ නිසා ගී සංවේදනාවක්නම් ඔබ වෙත ලබා දීමට නොහැකියි අද. සාමාන්‍යයෙන් මට සෙනසුරාද දවසට පරිගනකය සමඟ එකතුවීම බෙහෙවින්ම අපහසුයි. රැකියාවට නොයන සෙනසුරාදා දින මට ඒ තරමටම කාර්ය බහුලයි. ඉති මේ සතියෙ සෙනසුරාදා, ඒ කියන්නෙ ඊයේ, මේ වැඩ රාජකාරි අස්සෙ විවේකයක් ලැබුනු පුංචි මොහොතක මං නිකමට වගේ පරිගනකය අන්තර්ජාලයට සම්බන්ධ ...
•මරණයක සැමරුම SANDUMAL "උඹේ අවුරුද්දෙ පිංකමට.."සබඳ...බක් මහේ දිනක පෙරදා..උඹේ කඳුළැල් සෝ සුසුම් මැද..උඹේ උණුසුම් කරමතින් මමනොඑන ගමනක් ගියෙමි..වර්ෂයක් ඉක්ම ගොස් ඇත..ඔබ තවම දුකින් යැයි හිතුන හින්දාමමම පැමිණියෙමි මීදුමකබැහැදකින්නට ඔබ සැවොමපිසලන්න ඔබෙ කඳුලු..දුමාරය මැදින් මමදුටුව දේ ඇත්තක්ද..පීඨෙ ක්‍රීඩා පිටිය සැණකෙළියක්ය එකම එක..හෙණ හඬින් ගිගුම් දෙනරළු බේස් නද අතර නේකවිද ගී සින්දුඒ අතර රඟයි මා මිතුරු කැල කුල්මත්වඑය ක්‍රිකට් උළෙලක්ලුඅණුස්මරණය කරනඔබ සැවොම දුක් වෙච්චමගේ මළගම ...