•දයාබර සිංදු ඇනෝ SANDUMAL "සහෘදයාණෙනි.. ඔබව සාදරයෙන් පිළිගන්නෙමු..."අතීතයේ දවසක අපේ බ්ලොග් අවකාශය පුරා සැරිසරමින්, අපේ බ්ලොග් පෝස්ටු වලට ගී මල් දම් පළඳවමින් හරි අපූරු පුද්ගලයෙක් අපිට මුණ ගැහුනා. "ඇනොනිමස්" මේ වචනය බ්ලොග් ලොව එතරම් පැහැදීමක් ඇතිකරන වචනයක් නෙවෙයි. මේ සංකල්පය බොහෝ වෙලා වලදි භාවිතාවෙන්නෙ යහපතට වඩා අයහපතට කිව්වොත් නිවැරදියි. බොහෝ විට, යම් අඩවියක අදහස් ප්‍රකාශ කිරීමේදී, කෙලින් කියාගත නොහැකි අදහස් ප්‍රකාශ කිරීමටයි ඇනොනිමස් ගොඩක් ...
•යථාර්තය SANDUMAL "ඒ තරු එලිය ලෝකය සනසන දාට..මගේ කවිය දරුවනි නුඹ ගයනු ඇත.."පැන මඩ කඩිති වැව් තාවලු නොදුටු ලෙසින්..සුවඳක් නොමැති කුසුමකි ගුරු පාද පියුම්..රතු තොල් උල් කරන් දොඩනා වහසි බැනුම්..පංතිය කුලය පට්ටම තුල ගිලුණු නුවන්..සීතල සිහින සුරපුරයක සිහින දැක..දහදිය කඳුලු සුවඳට ඔරවමින් හිඳ..කොටුවෙන් එපිට ඇති ලෝකය නොදුටු සඳ..පට්ටම මතම හිඳගෙන උඹ සිටිනු මැන..ගුරුවරු දුටිමි මේ වගෙ උන් නොම දුටිමිසවරම් ලොවට අපි පොෂ් ...
•අපිට තැනක් SANDUMAL "අපේම අපේම නවාතැනක්..."කිරි සයුරේසූරිය පවුලේ..නිල් පාට...පුංචි පෘථිවියේ...අපේම නවාතැනක්වෙන්කර ගතිමු අද...
•ඈ මගේ නෙළුම් මල SANDUMAL "හඬින් පණ ලැබූ මගේ නෙළුම් මල...""පුතේ.. උදේ උඹට ලියුමක් ආවා. ඕං මං මේසෙ උඩ තියල ඇති."මා නිවසට ගොඩ වන හඬ ඇසී අම්මා කුස්සියේ සිට කීවාය. එකත් එකටම මේ මං මඟ බලාගෙන උන්නු ලියමන වෙන්නෝනි."දිලීගෙන්ද අම්මේ?""ඒ දරුව තමයි මයෙ හිතේ. උඹේ නමට තිබුන නිසා මං කඩන්න ගියේ නෑ."සිතූ පරිදිම ලියමන ඇගෙනි. ඔළිඳ ගෙඩි වැනි ඇගේ වටකුරු අත් අකුරින් ලියූ මගේ නම ...
•මිතුදම් SANDUMAL "නොමැත මිතුරන්.. මේ කටුක පොළොව මත..."මිතුදම...තවත් එක් බැඳීමක්බැඳීමට අපහසුදරන්නට අපහසු..නොමැත මිතුරන්අත ඇඟිලි තරමටනොගනිමි ලෙහෙසියෙන්අතැඟිලි'තර තවත් අතැඟිලි..නමුත් සමහර අතැඟිලිහැරයයි මිතුරුදම්..පවසා අපට ගහන්නට අත්පොඩි..තනි අතින්....කොන්දේසි විරහිතවබොහෝ දේ කැපකරහදවතින් ගොඩනැඟූඒ වගේ මිතුරුදම්අද මඟැර යන විටහැඟේනොමැත මිතුරන්..මේ කටුක පොළොව මත...හුදෙකලා ලොව තුලගොඩනැඟූ තනිකමසම්පතකි..කිසිදානොරිදවන සිත... ...
•රෑ වැඩ මුරය අවසන්වන කණිසමට SANDUMAL "ඇඳුමද නුඹේ ජීවිතය ද මහන්නේ..."අසූව දශකය ආරම්භ වන්නේ සිංහල විරෝධාකල්ප ගීතයට මංපෙත් සකස් කරමිනි. නන්දා මාලිනියගේ "සත්‍යයේ ගීතය" ගුණදාස කපුගේ ගේ "කාලයේ රාවය" නැවත නන්දා මාලිනිගේ "පවන" වැනි ඒක පුද්ගල ප්‍රසංග සිංහල ගීතයේ පෙරළිකාර ප්‍රසංගයන් ලෙස හැඳින්විය හැකි ය. මේ වාගේ අන්තර්ගත නිර්මාණ පිළිබඳ සංවාද විසංවාද පැවතියද විවෘත ආර්ථිකයේ ඇතැම් අතුරු ප්‍රතිඵල පිළිබඳ නිර්දය විවේචනයන් ද අභියෝගාත්මක ප්රකාශනයන් ද මේ ...
•මගෙ බිසවුනේ අසාපන් SANDUMAL "දුෂ්කර වු ඒ පළාතේ මට යන්න දෙන්න දේවි...""රත්නේ.. රත්නෙ..""රත්නේ..""හ්..හ්ම්.. ඇ..ඇයි?""හප්පේ..මොන ලෝකෙද හිටියේ? මං කොච්චර කතාකලාද. ඇයි රත්නෙ මේ? අද ඉස්කෝලෙ ඇරිල ආව වෙලාවෙ ඉඳල ඔයා හරි වෙනස්. බලාගත්තු අතේ බලාඅගෙන කල්පනාකරනවා. ඇයි මේ? මොකුත් ප්‍රශ්නයක්වත්ද? කියන්නකො මටත්.""ප්‍රශ්නයක්නම් තමයි හේමා. ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. කෝ.. දූ නිදිද?""හ්ම්.. උදේ ඉඳල නට නටා ඉඳල ඔන්න දැන් නින්දෙ. ඒක නෙවෙයි, කියන්නකො රත්නෙ, මොකද උනේ? රස්සාවෙ ...
•පස් මහ බැලුම් SANDUMAL "දැන් නුඹට මෙහෙ එන්න රතු පලස තියෙනවා..."දුවේ අර කඳු වළලුඅතර ඇති වලාකුලුසන්ධ්යාවෙ ක්ෂිතිජ ඉමහැඩකරන රූ වර්ණ..සිත්තමකි වැව් දියේරන් අහස් ඡායාව..ගොම්මනේ අලුපාටතොටියාට තනි නෑලූ..සතර අත කැදලි වෙතපියාඹන කඩිමුඩියෙවිහඟුන්ගෙ ගී නාදතාලෙමයි මද සුළඟෙරැලි නඟන දිය දහර..තව ටිකයි පුරහඳටඉඩහසර සලසන්නසඳ එලියෙ රෑහඳේකුමුදු මල් පූදිනවා..අලුයමට පින්සලෙන්කඳු පාට කරනවා..පෙරඹරේ රතුපාටලහිරු රැස් පේනවා..දුවේ... ඒ සුබ ලකුණමොනවදෝ කියනවා..දැන් නුඹට මෙහෙ එන්නරතු පලස තියෙනවා... ...
•කොළොම්පුරේ SANDUMAL "අපුලයි.. අපුලයි.. අපුලයි..."දසත නැඟෙන අජිනොමොටෝ රසකාරකෆ්රයිඩ් රයිස් සුවඳ...ගලා හැලෙන උණුසුම..දහදිය..ගින්දර...ගින්දර...ගින්දර...ගිනිගහන රළු වැල්ලපිළී ගඳ මඳ සුළං...මුඩුක්කු වට කරගත් දෙව් විමන්විදුලි ආලෝක සැනකෙළිහෙන පුපුරු වන් බේස් නද...මත් වතුර..බමන නෙත්..දසත විසිරුණු කුණු..ගඳ ගසයි..ගඳ ගසයි..ගඳ ගසයි..පෙලට පෙලට එකට යාවඅඳුරු බිං ගෙවල් වන් ලෑලි ගෙවල්..දිවි ගෙවන මිනිසුන්.. ගැහැණුන්..විසඳෙන ඉරණම්...නගරෙ මැද නිශ්චලවකොල පාට දිය පිරුණුගඳ ගහන දිය මං...ඒ වටා මවන්නට වෙර දරන සුරපුරක්..සුනිල දිය දහරනොදුටු නෙත් ...
•පින්නේ රැයේ SANDUMAL "මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද...""යකෝ මං මෙච්චර නැහීගෙන දඟලන්නෙ තොට හොඳට උගන්නල මිනිහෙක් කරන්න. මේ විදියට නන්නත්තාරෙ ගිහින් කාලකණ්නි වෙන්න වටිනවද උඹට.""යකෝ මේක පුදුම කරුමයක් උනානෙ. උඹට ඉගෙන ගන්න බැරිවෙච්ච එකට මංද පලි? උඹට හැබෑ කරගන්න බැරිවෙච්ච හීන උඹ මගෙන් දකින්නද හදන්නෙ?""පාහරය, වටිනවද උඹට උඹේ අයියට ඔයවගේ කථාවක් කියන්න. යකෝ මගේ ඉස්කෝලෙ ගමනත් නවත්තල දාල මං ගල් වලේ ගල් තලන්නෙ ...
•පිපුණු මලේ රුව එමල දනීදෝ SANDUMAL "මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා"ලූෂන් බුලත්සිංහලයෝ සිංහල ගීතයේ රූප රචකයා යන විරුදාවලිය ලබා ඇත්තෝ ය. එය සැබෑවකි. ඔහු විසින් රචනා කරන ලද “දම් පාටින් ලා සඳ බැස යනවා” නැමැති ගී යේ පද විමසා බැලීම පමණක් ම ඒ සඳහා සෑහෙයි. ස්ත්‍රි පුරුෂ පේ‍්‍රමයේ නොදුටු අපූර්ව පාර්ශවයක් ප්‍රථමයෙන් ස්පර්ශ කරන්නේ ද ඔහු ය. ගුණදාස කපුගේ සහ මාලනී බුලත්සිංහල ගායනා කරන “මං හින්දා ...
•උත්තමාචාරය SANDUMAL "ඔබ මට පවනෙක් මැයි ගිම් සමේහී හමා ආ..."ගීත විචාරයන් සමඟින් මා මෙතෙක් ආ ගමන් මඟ තුල මගේ බ්ලොග් සටහන් අතර සියේට අනූනවයක්ම වූයේ ධම්මික බංඩාරයන් නම් වූ සොඳුරු ගේය පද රචකයාණන් ගේ ගීත විචාරයි. මගේ බ්ලොග් සටහන් දයාබර බ්ලොග් පාඨකයන් හට වඩා සමීප වූයේ පසුගිය මාර්තු මාසයේ පමණ සිටයි. මාර්තු සිට ජූනි දක්වා වූ මේ ඉතාම කෙටි කාලපරිච්ඡේදය තුල මා ...
•කඩේ ප්‍රියංකා SANDUMAL "ඔබ පැතු මැණික ඔබ තුරුලේ ඉන්නේ..."සමහර අයට උඹ ප්‍රියංකා අක්කා උනා. සමහර අයට උඹ ප්‍රියංක නංගී උනා. තවත් සමහරක්ට උඹ ප්‍රියංක ඇන්ටි උනා. කට්ටියකට උඹ නිකම්ම ප්‍රියංකා උනා. මේ කොහොම උනත් අපි හැමෝටම උඹ කඩේ ප්‍රියංකා උනා.අපේ හංදියට මානෙල් කඩේ හංදිය කිව්වම මහියංගණේ නොදන්න කෙනෙක් හිටියෙ නෑ. ඒත් කාලයත් සමඟ මානෙල් කඩේ අරාජික උනත් අදටත් ඒ නම ඉතිරිවෙලා තියෙනවා. ඉතින් ...
•ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ SANDUMAL "මැකී නොයන යසෝදරා වත..."ශ්‍රී ලාංකීය ජනකවි සාහිත්‍යයේ සුවිශේෂත ම ජන කාව්‍ය යසෝධරාවතයි. අඥාත ජනකවියකු ගේ සුවිශේෂ ප්‍රතිභාව එහි ගැබ් ව පවතී. මේ අනගි ජනකාව්‍යයේ පහස විවිධාකාරයෙන් ලබා ගැනීමට එදා සිට අද දක්වා කවියෝ, ගේය පද රචකයෝ සමත් වූහ. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ “ළා දළු බෝපත්” නම් වූ නිර්මාණය ද එබඳු වූ එක් අවස්ථාවකි.බෞද්ධ සාහිත්‍යකරුවන් සිද්ධාර්ථ චරිතය වීර චරිතයක් බවට පත්කරන්නට වැරවෑයම් ...
•වැව අසල නිවහන SANDUMAL "වැවක කෙතක නිලක සෙවනක .."නිල්ල නිලන නිල් කඳුවැටි සෙවනේ..රැළිති නඟන නිල් වැව දිය කොමලේ..පහස ලබන කෙත් යායේ ඇසුරේ..පුංචි කැදැල්ලක උණුහුම දැවටේ..
•සුදු රැළි ගවුම සලායා SANDUMAL "පුංචි දෝණියේ නුඹ නුඹෙ මවට සමානා"වෙලාව දහවල් එක හමාර පසු වූවා පමණි. පාසැල් ගේට්ටුවට මදක් එපිටට වී මෝටර් රථයේ හිඳිමින්ම මා බලා සිටියේ කඩි ගුලක් සේ පොදිකන ගේට්ටුවෙන් මගේ දියණියගේ සිඟිති මුහුණ මතුවෙනා තුරුය. විවිධ වයස් මට්ටම්වල, සිසු සිසුවියෝ පොරකමින් පාසල් ගේට්ටුවෙන් මතුවෙමින් නොපෙනෙමින් සිටියේ මගේ පාසැල් කාලයට මගේ හිතද යොමු කරමිනි. අතීතයේ මෙවැනිම දිනක මම මෙසේ මෙම ගේට්ටුව අභියසට ...
•නිල් මහනෙල් බරයි කියා SANDUMAL "වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ...""නංගියේ..මොකද්ද බං මේ ලියුම? ඈ බං, මේ ගාමන්ට් එකකින් නේද?""කෝ ඕක මෙහෙ දෙන්න අක්කෙ. ඕක මට ඇවිත් තියෙන්නෙ?""මොකද නංගියේ මේ? උඹ ගාමන්ට් යන්නද හදන්නෙ?""අනේ නංගියේ, මං මට පුලුවන් විදියකට කන්න අඳින්න දෙන්වනේ, ඇයි රත්තරන් උඹ රස්සාවක් කරන්න හදන්නෙ? මලක් වගේ සැහැල්ලුවට සියුමැලිව හැදිච්ච උඹට බෑ බං කොළඹ රටේ ගිහින් මෙච්චල් වෙන්න""බෑ කියල හරියන්නෙ නෑ අක්කෙ. අක්කට ...
•රහසක් SANDUMAL "දළදා හාමුදුරුවනුත් සැතපී සිටි මොහොතක..."නුවර වැවේ වැව රවුමේහඳ පායපු රෑ දවසකඇවිද ගියා මමතනියම...සීත සුළං හා මුහු උනදිය රැළි මුමුණන රහසක්මට ඇහුනා හීං හඬින්ඉකි ගසමින් බිඳුනු හඬින්...අනේ මගේ කිරි කැටියාවංගෙඩියේ ලා කෙටුවා...කිරිත් එක්ක ලේ මුහුවීමගෙ ඇස් ලඟ බොඳවූවාඅනේ මගේ මද්දුමයාඅයියණ්ඩිත් අඬගහගෙනලේ ඉල්ලපු වඩිගයාටහිස බිලි දුන්නා...දළදා හාමුදුරුවනුත්සැතපීලා උන් මොහොතකඋන් මාවත් සැඟවූවාබෝගම්බර දිය රැළි යට... ...
•වැලි පොල් කට්ටට SANDUMAL "හෙට ගෙට එන වැඩිහිටි කාලෙට දැන්.. මේන් ආයුබෝවන්..." මගේ දෝණියේ, මං දෝණිට අද ලොකූ කතාවක් කියන්නයි මේ ලෑස්ස්තිවෙන්නෙ. දුව දැන් මේ කියවන්නෙ දූගේ අම්මි ලියපු බොහොම පරණ සටහනක්. කොච්චර පරණයිද කියනවානම්, මේ සටහන හරියටම දූගෙ වයසමයි. හ්ම්... මයෙ දෝණිට පුදුමයි නේද. පුදුම වෙන්න එපා දුවේ, ඔයා ඉපදිච්ච දවසෙයි අනාගතේ දවසක උදාවෙන්න තිබ්බ මේ මොහොත වෙනුවෙන් මං ඔයාට මේක ලිව්වෙ. මේ ...
•එක යායක මල් පීදුනු බිම් තීරේ SANDUMAL "ඔබට මතක නැති වුනාට අද වාගේ මතකයි මට..."කරට උඩින් ඇති මහා බර කන්ද එදානම් පුලුන් රොදක් සේ දැනිච්ච විදිය... ඒත් අද.. ඒ බර මහ මෙරකටත් වඩා වැඩියි. ඒත්.. හිතාගන්නත් බෑ. ඇත්තටම මේ එදා නොදැණුන මහ බර අද දැනෙන්නේ ඇත්තටම කරටද, නැත්නම් හදවතටද..යන්නෙ එදා ගිය පාරෙමයි. ඒ බඩවැටිමයි..ඒ කඳු හෙල් මයි. ඒත් ඇයි මේ...එදාට වඩා අද බර වැඩියි.අතීතෙට ගිය හිතත් එක්ක ...