ඉන්කා මමියක මරණයේ තතු හෙලිවේ දසදෙස සිසාරා මෙම මමියේ අතීතය පිළිබඳ හරිහැටි විස්තරයක් සඳහන් නොවෙතත් 1890දී බැවේරියානු කුමාරිකාවක වන තෙරේසා කුමරිය විසින් මමිය අත්පත් කරගත් බව සඳහන් වෙනවා. ඉන්පසුව වසර 100කට අධික කාලයක් මෙම මමිය තිබී ඇත්තේ ජර්මනියේ බැවේරියානු ප්‍රාන්ත පුරාවිද්‍යා භාණ්ඩ එකතුවේයි.වසර 1600ක් පමණ පැරණි ලෙසට සැළකෙන මෙම මමිය සොයාගෙන තිබෙන්නේ දකුණු ඇමෙරිකාවේ ඇටකාමා කාන්තාරයෙන්. මෙය වයස විසි ගණනක් වූ ඉන්කා කාන්තාවකගේ මමියක් ලෙසට සැළකෙනවා.ඇයගේ හිසකේ ...
අරුම පුදුම ජල පාලම - ජර්මනිය දසදෙස සිසාරා සාමාන්‍යයෙන් අපි නිතරම අහන දකින පාලම් හදලා තියෙන්නේ වතුරට බහින්නේ නැතුව වතුර පාරකින් එගොඩ වෙන්න. නමුත් මේ කියන්න යන පාලම එවැනි සාමාන්‍ය පාලමක් නෙවෙයි. මේ පාලමේ විශේෂත්වයක් තියෙනවා. මේ පාලම යටින් වතුර ගලා බහිනවා වගේම මේ පාලම මතත් වතුර ගලා බහිනවා. ජර්මනියේ පිහිටා තිබෙන මේ පුදුමාකාර පාලම හඳුන්වන්නේ මැග්ඩබර්ග් ජල පාලම නමින්. ජර්මනියේ එල්බෙ-හැවල් ඇළ මාර්ගය හා මිටෙලන්ඩ් ඇළ මාර්ගය ...
සඳ ගමන ප්‍රෝඩාවක්ද???? දසදෙස සිසාරා 1969 ජූලි මස 20 වන දින ඇමෙරිකානු ගගනගාමීන් දෙදෙනෙකු වන නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ බස් ඕල්ඩ්රින් ඇපොලෝ 11 යානයෙන් සඳ මතට ගොඩ බැස්සේ මුලු මහත් මිනිස් ඉතිහාසයේම යෝධ ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්. මෙම ඓතිහාසික අවස්ථාව එදා මුලු ලෝකය පුරාම සජීවීව රූපවාහිනියෙන් විකාශය කෙරුනා. මිනිසා මුලින්ම සඳ මත පා තැබූ ඒ ඓතිහාසික මොහොත නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් එදා විස්තර කරන ලද්දේ මෙලෙසින්."මෙය මා ...
පිඹුරෙක් කිඹුලෙකුව ගිලී!! දසදෙස සිසාරා පැය පහක් තිස්සේ සිදුකල සටනකින් පසුව පිඹුරෙකු විසින් කිඹුලෙකුව සම්පූර්ණයෙන්ම ගිල දැමූ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. මෙම සිද්ධිය සිදුව තිබෙන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඊසා කඳුකරය ආසන්නයේ පිහිටා ඇති මුන්ඩාරා විල් ඉවුරේදීයි. සිදුවීම සජීවිව සියැසින් දැකගැනීමට අසල්වාසීන් සමත්ව ඇති අතර මෙහි වීඩියෝවක්ද යූටියුබ් හරහා ප්‍රචලිත උනා."කිඹුලාව ගිල දැමීමෙන් අනතුරුව පිඹුරාගේ කුස තුල කිඹුලාගේ හැඩය පැහැදිලිවම දකින්නට තිබුනා. ඒක තමයි අපූරුම දෙය. කිඹුලාගේ ...
ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන ක්‍රම 6ක් (නොමිලේ) දසදෙස සිසාරා ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න බිට්ටොරන්ට්, Uටොරන්ට් වගේ සොෆ්ට්වෙයාර්ස් ගොඩක් තිබුනත් ටොරන්ට් ෆයිල්ස් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න උවමනා අයත් ගොඩක් ඉන්න පුලුවන්. මේ ලිපිය ඒ අය වෙනුවෙන්.ටොරන්ට් ෆයිල්ස් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන එකේ වාසි කිහිපයක් තියෙනවා. අප්ලෝඩ් කිරීමක් කරන්න උවමනා නැති කම, ස්පීඩ් එක වැඩි වීම මේ වාසි විදිහට හඳුන්වන්න පුලුවන්. ඒ වගේම ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන එක බ්ලොක් කරලා තියෙන අන්තර්ජාල සම්බන්ඳතා ...
"The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව දසදෙස සිසාරා 2013 වර්ෂයේදී නිකුත් වූ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූ "The Conjuring" අධ්‍යක්ෂණය කරනු ලැබුවේ මැලේසියානු ජාතික චිත්‍රපට අධ්යක්ෂකයෙකු වන ජේම්ස් වොන් විසින්. මෙම චිත්‍රපටයට සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිපදවූවක්. The Conjuring නරඹන අතරතුරේදී කොඳු නාරටිය සීතල වී මුලු ඇඟම හිරිවැටී යන්නේ වරක් දෙවරක් නොවේ.චිත්‍රපටයට පදනම් වූ සත්‍ය කතාව එඩ් සහ ලොරේන් අඹු-සැමි යුවළ (වොරන් යුවළ) ඇමෙරිකානු අද්භූත සිදුවීම් පරීක්ෂක (Paranormal Investigators) ...
නූතන යුගයේ ගුප්තජනකම අභිරහස - Dyatlov Pass Incident දසදෙස සිසාරා රුසියාවේ යූරල් කඳුකරයේදී 1959 වර්ශයේදී සිදුවූ අද්භූත සිදුවීමක් ලොව පුරා "The Dyatlov Pass Incident" නමින් ප්‍රසිද්ධියට පත් උනා. කඳු නගින්නන් දස දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩාමයකින් නව දෙනෙකු පැහැදිලි කරගත නොහැකි වූ අද්භූත ආකාරයකින් මිය ගියා. සෙල්සියස් අංශක -30 ක තරම් අඩු උෂ්ණත්වයක් සහිත තත්වයකදී අති දුශ්කර ගමනක නිරතව සිටියදීයි මොවුන්ට මරණයට මුහුණ දෙන්නට සිදු උනේ. 1959 පෙබරවාරි 2 වනදා රාත්‍රියේ මෙම ...
අපායේ දොරටුව දසදෙස සිසාරා 1971 වර්ශයේදී ටර්ක්මෙනිස්තානයේ ඩිවේස් ගම්මානයට යාබද කාන්තාරයේ ස්වාභාවික වායු නිධි සොයා සෝවියට් භූ විද්‍යාඥ කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටියහ. මොවුන්ට වායු නිධි සහිත ගුහාවක් හමු වූ අතර මෙම ගුහාව පරීක්ෂණ කටයුතු කරන අතරතුරේදී කඩා වැටුනේ විශ්කම්භය මීටර් 170ක් පමණ වන විවරයක් ඇති කරවමිනි. මෙම සිදුර තුලින් විෂ වායු පිටවනු ඇතැයි බිය වූ විද්‍යාඥ පිරිස මෙම සිදුරට ගිනි තැබුවේ එතුල ...
අතුරුදහන් වූ ගම්මානය දසදෙස සිසාරා සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී පුද්ගලයන් අතුරුදහන් වීම ගැන අපට වරින් වර අසන්නට ලැබෙනවා. නමුත් ගම්මානයක ජීවත් වූ සම්පූර්ණ ජනගහනයම අතුරුදහන් වීමක් ගැන නම් එලෙස නිතර අසන්නට ලැබෙන්නේ නැහැ. මේ කියන සිදුවීම නම් ඒ ආකාරයේ සිදුවීමක්.කැනඩාවේ නුනවුට් හි කිවලික් ප්‍රදේශයේ ඇන්ගිකුනි නම් විල අසල තිබූ ඉනියුට් ගම්මානයේ (කැනේඩියානු එස්කිමෝවරුන් ජීවත් වන ගම්මාන මෙසේ හැඳින්වේ) ජීවත් වූ සියලුම දෙනා කිසිම සළකුණක්වත් නොතබා සම්පූර්ණයෙන්ම ...
අන්තර්ජාලය හරහා නොමිලේ සජීවීව TV බලන්න දසදෙස සිසාරා අන්තර්ජාලය හරහා නොමිලේම ක්‍රීඩා වැඩසටහන් සජීවීව නරඹන්න. එදිනෙදා යෙදෙන වැඩකටයුතුත් එක්ක තමන් කැමතිම ක්‍රීඩා වැඩසටහන් සජීවීව රූපවාහිනිය හරහා නැරඹීම අපහසු වෙන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් වෙන්න පුලුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. පහළින් දීලා තියෙන links වෙත ගොස් තමන්ට නැරඹීමට අවශ්‍ය තරගයට අදාළව ලබා දීලා තියෙන servers වලින් එකක් තෝරගන්න එක විතරයි.පළමු වෙබ් අඩවිය (ක්‍රිකට් තරඟ පමණි)දෙවන වෙබ් අඩවිය (සියලුම ක්‍රීඩා ...
යුරෝපයේ විසූ විශාලතම මාංශ භක්ෂක ඩයිනෝසරයා දසදෙස සිසාරා ජීවත් වූ කාලයේ ආහාර දාමයේ ඉහලම පුරුක මොවුන් වන්නට ඇතපෘතුගාල විද්‍යාඥයන් පිරිසක් පසුගියදා අති විශාල මාංශ භක්ෂක ඩයිනසෝරයෙකුගේ ෆොසිල සොයාගැනීමට සමත්ව තිබෙනවා. මේ දක්වා සොයාගෙන ඇති සත්වයන් අතරින් යුරෝපයේ විසූ විශාලතම මාංශ භක්ෂක සත්වයා ලෙසට මෙම ඩයිනෝසරයා අභිශේක ලබන බවට එම විද්‍යාඥයන් පිරිස පවසා සිටිනවා. මෙම ඩයිනසෝරයාගේ අස්ථි ෆොසිල සොයාගෙන තිබෙන්නේ ලිස්බන් නගරයට උතුරු දෙසින් ඇති 'ප්රේයා ඩා වර්මෙලා' නම් ...
සිව්වැනි මානය හා කාල තරණය දසදෙස සිසාරා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G. Wells විසින් 1895දී රචනා කරන ලද කාල තරණය තේමා කොටගත් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් වන "The Time Machine" ප්‍රකාශයට පත් වීමත් සමගම මිනිසාට කාලය හරහා අතීතයට හෝ අනාගතයට ගමන් කල හැකිදැයි යන්න ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නට පටන් ගත්තා. මෙසේ ඇරඹුණු කාල තරණ සංකල්පය පසුගිය සියවසේදී වැඩි වශයෙන්ම කතාබහට ලක්වූ මාතෘකා වලින් එකක්.1905 වර්ශයේදී ඇල්බට් අයින්ස්ටයින් ...
ද්‍රව ශ්වසනය දසදෙස සිසාරා ගොඩබිම වෙසෙන සියලුම සතුන් අවුරුදු දස දහස් ගණනක් තිස්සේ ජීවයේ උපතේ සිට මේ වන තුරුත් ශ්වසන ක්‍රියාවලිය සිදුකලේ එකම ආකාරයකටයි. ජලයේ වෙසෙන ජීවින් හැරෙන්නට අනෙකුත් සියලුම ජීවින්ගේ ශ්වසන පද්ධතිය හැඩ ගැසී තිබෙන්නේ වාතයෙන් (වායුගෝලයෙන්) පමණක් ශ්වසනයට අවශ්‍ය කරන ඔක්සිජන් ලබාගත හැකිවන අයුරෙනුයි. ජලය තුල ඔක්සිජන් අන්තර්ගත වුවත් එම ඔක්සිජන ආශ්වාස කිරීමට හැකියාවක් ගොඩබිම වෙසෙන සතුන්ට නැහැ. එම හැකියාව ඇත්තේ ජලයේ ...
නයඟරා ඇල්ල සම්පූර්ණයෙන්ම සිඳී යයි!!! දසදෙස සිසාරා නයඟරා ඇල්ල කියන්නේ කොයි කවුරුත් දන්නා පරිදි ලොව විශාලතම දිය ඇළි වලින් එකක්. ඒ වගේම මෙම දිය ඇල්ල සංචාරකයන්ගේ පාරාදීසයක්. අති විශාල නයඟරා ඇල්ල සම්පූර්ණයෙන්ම සිඳී ගිය අවස්ථාවක් ගැන අසා තිබේද? මේ කියන්නට යන්නේ එවන් අවස්ථාවක් ගැනයි. මේ සිද්ධිය සිදු උනේ මීට අවරුදු 45කට පෙරයි. හරියටම කියනවානම් 1969 ජූනි මාසයේදි. මේ සිද්ධිය උනේ ස්වාභාවිකව වර්ෂාව අඩුවී යාමෙන් නම් නෙවෙයි. මේක ...
පතුලක් නැති ආවාටය - බෙරියෙස්සා විල, කැලිෆෝනියාව දසදෙස සිසාරා මිනිසා විසින් තැනූ නිර්මාණ අතරින් ඉතාම සිත් ඇදගන්නාසුලු ස්ථානයක් ගැන තමයි මේ විස්තරය. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නාපා ජනපදයේ ඇති බෙරියෙස්සා නම් විලෙහි තනා ඇති මොන්ටිචෙලෝ නම් අමුණෙහි අතිරික්ත ජලය බැස යාමට (අමුණ පිටාර ගැලීම වැළැක්වීමට ) තනා ඇති පිටාර සිදුර තමයි පතුළක් නැති ආවාටය ලෙස හැඳින්වෙන්නේ. මෙය ලොව විශාලතම පිටාර සිදුර ලෙස සැළකෙනවා. මෙහි විශාලතම විශ්කම්භය අඩි 72ක් වන අතර ...
මිනීමස් විකුණන නයිජීරියානු අවන්හලක්!!! දසදෙස සිසාරා මිනීමස් විකුණන නයිජීරියානු අවන්හලක් එරට පොලීසිය මගින් වටලා තිබෙනවා. මෙම වැටලීමේදී සෙලෝපේන් වලින් ඔතන ලද මිනී ඔළු දෙකක් හමුවී තිබෙන අතර එම සාක්ෂිය හේතුවෙන් අවන්හලේ කාර්ය මණ්ඩලය ඇතුලු 11 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් පෙබරවාරි මස 12 වනදා (2014.02.12) පොලීසියට ලැබුනු ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකොට තිබෙන අතර සිද්ධියෙන් පසු අවන්හල වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. මෙම සිදුවීම ...
යක්ෂයාගේ පොකුණ දසදෙස සිසාරා සැම්බියාව සහ සිම්බාබ්වේ දේශසීමාවේ වික්ටෝරියා දිය ඇල්ල පිහිටා ඇත. ලොව විශාලතම දිය ඇලි වලින් එකක් වන වික්ටෝරියා ඇල්ලේ උස අඩි 355ක්. වික්ටෝරියා දිය ඇල්ල අයිති වෙන්නේ සැම්බියා ගඟටයි.මෙම දිය ඇල්ලේ ඉහළ පිහිටා ඇති අපූරු ස්වාභාවික පොකුණ තමයි යක්ෂයාගේ පොකුණ ලෙසින් හැඳින්වෙන්නේ.මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ යක්ෂයාගේ පොකුණ පිහිටා ඇති ස්ථානයයිවියළි කාලයේදී ජලය අඩු වීමත් සමග මෙම පොකුණ සංචාරකයන්ගේ නාන තටාකයක් බවට පත් ...
ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න! සීමා නොමැතිව!! නොමිලේ!!! දසදෙස සිසාරා මෙම වෙබ් අඩවියේ මීට පෙර පළකල ලිපියක් හරහා ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කලහැකි ක්‍රම හයක් ඉදිරිපත් කලා. නමුත් මේ වනවිට එයින් කීපයක්ම ක්‍රියා කරන්නේ නැහැ. දැන් කියන්න යන්නේ ඒ සියල්ලම අමතක කරන්න කියලයි. ඔව් ඒ සියල්ලම අමතක කරන්න. මෙම විෂයෙහි දැවැන්ත පෙරලියක් සිදුකරමින් නවතම වෙබ් අඩවියක් කරලියට පැමිණ තිබෙනවා. මේ ලිපිය ලියන්නේ එම වෙබ් අඩවිය පිළිබඳ කරුණු දැක්වීමටයි.වැඩි කතා නැතුව ...
වසර 100කට පෙර මුහුදට බිලිවූ දූපතක් නැවත මතුවෙයි!! දසදෙස සිසාරා 1905 වර්ශයේදී ඇතිවූ විනාශකාරී ටයිෆූනයක් (ටයිෆූනයක් යනු දරුණු විනාශකාරී සුළඟකින් යුත් නිවර්තන කුණාටුවක්) හේතුවෙන් සම්පූර්ණයෙන්ම මෙන් මුහුදට බිලිවූ නඩික්ඩික් අතල (අතලක් යනු මැද ජලාශයක් සිටින සේ සෑදුනු හිරිගල් දිවයිනක්) වසර සියයකට පසුව නැවතත් මතුව තිබෙනවා. පැසිෆික් සාගරයේ තිබී මුහුදුබත් වූ මෙම දිවයිනට බලපෑ විනාශයෙන් එහි වාසය කල සියල්ලන්ම පාහේ මරණයට පත්ව තිබෙන අතර දිවි බේරාගැනීමට හැකිව ඇත්තේ මිනිසුන් දෙදෙනෙකුට පමණයි. ...
වසර 1700ක් පැරණි ඊජිප්තු පාසලක් සොයා ගැනේ!!! දසදෙස සිසාරා අපි හැමෝම දන්නා පරිදි ඊජිප්තුව කියන්නේ ගොඩක් දියුණු ශිෂ්ඨාචාරයක් තිබුනු රටක්. අධ්‍යාපනය මෙම පැරණි ශිෂ්ඨාචාරයේ පවා නියත අංගයක් වූවාට සැකයක් නැහැ. මෑත කාලිනව පුරාවිද්‍යාඥ්‍යන් පිරිසකට හැකිවෙලා තියෙනවා ඉතාමත්ම පැරණි පාසලක නටඹුන් කැණීම් මාර්ගයෙන් මතු කර ගැනීමට. ධක්ලා ඕසිස් හි ඇමීඩා නම් ප්‍රදේශයෙන් තමයි මෙම පුරාතනික පාසල සොයා ගෙන තිබෙන්නේ. මෙම ස්ථානයට නයිල් ගඟේ සිට සැතපුම් 200ක පමණ දුරක් ඇති අතර ...