අපි ඒකටත් විරුද්ධයි-හැබැයි සටන පස්සෙ වාලුකා සිතුවිලි අද දවසේ අයිටම් එක වෙලා තියෙන්නේ සයිටම් එකය.සයිටම් අහෝසි කරන්නට විරු සිසුවන් එක්ක දොස්තරලා දිවි හිමියෙන් සටන් කරන්නට ප්‍රතිඥා දී ඇත. ඒ කියන්නේ මරා ගෙන මැරෙන එකය.වෙන මොනාටවත් නොව රෝගීන් ජීවිත අනතුරෙන් බේරා ගන්නටය.අධ්‍යාපනය විතිණීමට එරෙහිවය.හැබැයි මේ දොස්තරලා හංදියක් හංදියක් ගානේ නිදහස් අධ්‍යාපනයෙන් ලද දැනුම අහිංසක ජහමනයාට විකුණන එක ගැන හාවක් හූවක් නැත.දොස්තරලා නොවන කොන්දොස්තරලාත් ගමේ බේත් කඩ දාගෙන අහිංසක ...
සමහරු යළි නොලියන එකමයි හොඳ වාලුකා සිතුවිලි දැන් පොත් ලියන අය සහ කර්වරුන්ට සහයෝගය පළ කරන පිරිස එකතු වෙලා PDF ලෙස කෘතීන් හොර රහසේ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීමට විරෝධය පළ කරලා යළි නොලියමි කියලා # Tag විරෝධතාවයක් පවත්වනවා. ඒ අව්වස්සෙ කවුදෝ FB යේ ලියලා තිබුණා නොලියන එකමයි හොඳ කියලා.මේකෙන් වෙන්නෙ පොත් කර්මාන්තය බිඳ වැටීමලු. ලේඛකයා ආදායමක් නැතිව පාරට වැටීමලු.හැබැයි මේ හාදයො හාදියොම තමයි අර ලංකාවෙ ...
යහපාලනය "චොර" වෙයිද ? වාලුකා සිතුවිලි දින 100 ගතවන කල් ඉවසන් ඉන්න බෑ අායිබං...ඔන්න දිවයින පත්තරේ ගිය ලිපියක් දානවා.බොරු නොවෙයි..... ඇත්තනේ මේ හාදය කියන්නේ..... කොයි පක්ෂවලටත් අරක්ගත් හැදිච්චකම් මෙන්ම නැහැදිච්චකම් ද අනන්තවත් ඇත. ඕනෑම පාලනයක් ජනතා අභිමතයට පටහැනි වන්නේත් දෝෂදර්ශනයට ලක් වන්නේත් එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. 2015 දී බුලත් කොළය පරදින්නෙත්, හංසයා ජයග්‍රහණය කරන්නෙත් ඒ නිසාය. එහෙත් දැන් දැන් දින 100 ගතකිරීම කෙසේ වෙතත් වැඩි දින ගණනක් ...
ඉපදුණාම මරණ සහතිකයක් වාලුකා සිතුවිලි සිරි ලංකාවේ පමණයි.ඉපදුණාම උප්පැන්න සහතිකය මරණ සහතිකයේ ලියන්න තරමට බංකොලොත් වෙච්චි රටක්.උප්පැන්න සහතික අයැදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයැදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න යැයි දන්වමින් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබේ.දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මෙම කඩදාසි ගැටලුව හටගෙන ඇති බවත් ඒ සඳහා විසඳුමක් ලෙස අතිරික්ත අයැදුම්පත්‍රයක් සංශෝධනය කරමින් භාවිත කරන බවත් ...
තවමත් බම්බු ගහනවද ? බම්බුව තමයි..... වාලුකා සිතුවිලි ජනාධිපති තවමත් බම්බු ගහනවද ? බම්බුව තමයි.....අගමැති තවමත් බම්බු ගහනවද ? බම්බුව තමයි.....http://otukatha.blogspot.com/2014/04/blog-post_12.htmlඇමතිනී තවමත් බම්බු ගහනවද ? බම්බුව තමයි.....http://otukatha.blogspot.com/2015/12/blog-post_8.html-සෙස්ස පස්සට ෴- සෙරන්ඩිබ් ඔටුවා ...
සිරිලංකා දේශපාලනයේ සැඟවුණ ඇත්ත හෙවත් උනුත් එකයි...මුනුත් එකයි... වාලුකා සිතුවිලි http://www.youtube.com/watch?v=39sk0t-tT5Aසිරිමාගේ සාගත අවුරුදු 7 පිටුදකින්න ජේ.ආර්. ගෙනැල්ලජේ.ආර්.ල ප්‍රේමදාසලගේ රනිල්ලගේ 17 අවුරුදු දුර්දාන්ත පාලනය අහෝසි කරන්න චන්ද්‍රිකා ගෙනැල්ලචන්ද්රිකා වෙනුවට මහින්ද ගෙනැල්ල, මහින්ද එළවන්න ෆොන්සේක ගේන්න හදල බැරි වූ තැන ආයෙම දූෂිත මහින්ද රැකගැනීමේ හෝරනිල්/චන්ද්‍රිකා/සම්බන්දන්/හකීම් පිරිවරා ගත් සිරිසේන ගෙන ඒමේ තට්ටු මාරු අදේශපාලනික භාවිතයට එරෙහි හඬක් නිසාමේ තීරණාත්මක මොහොතේ “වාළුකා සිතුවිලි“ වල ඉඩ සිරිලංකා දේශපාලනයේ සැඟවුණ ඇත්ත හෙවත් උනුත් එකයි...මුනුත් එකයි... ...
චිච්චියට වින කටින අංගජාතයෝ එක්ක අරාබි වහලියෝ වාලුකා සිතුවිලි යන්නම් කියා යන්න ගියාට සිද්ධ වෙන දේවල් දැක්කම කට පුක වහන් ඉන්න බෑ ආයිබං...ඒ හංද මෙන්න වෙන බ්ලොග් රෝලක ලියල තිබුණ කයියක් එතනින් ගලවල මෙතෙන්ට ගත්ත..අරාබිකරයේ විවිධ රට වල එක් එක් ආකාරයේ නීති ඇත්තේය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති ඕමානයේ වෙනස් ආකාරයක් ගනී. කුවේටයේ නීති කටාර් රාජ්‍යයට අදාළ නොවේ. සෞදියේ නීති බහරේන් රාජ්‍යයට ගව් ගාණක් දුරය.ඒ ගැන තේරුම් ගැනීම අසීරු නැත.ඒ ...
විශ්වවිද්‍යාලයට බහිරව සංස්කෘතියක් ගෙනෙන එස්.බී. නම් බහිරවයා..... වාලුකා සිතුවිලි අතීතයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයෙකු වූ සෙම බණ්ඩා (එස්.බී.) ගේ රිලා නැටුම් වලින් විනාශ වන ශිෂ්‍ය පරම්පරාව වෙනුවෙනි.සබරගමුව විශ්වවිද්‍යාලය ආරම්භයේ සිටම කි‍්‍රයාත්මක වූයේ අවම පහසුකම් මධ්‍යයේය. ශිෂ්‍යයන් දිගින් දිගටම එම අඩුපාඩු පෙන්වමින් විශ්වවිද්‍යාලයීය පරිපාලනයට බලපෑම් කළ අතර එම ශිෂ්‍යයන් මර්දනය කිරීම සඳහා දෙවතාවක්ම ශිෂ්‍ය සංගම් අහෝසි කර තර්ජනය කිරීම්, අත්අඩංගුවට ගැනීම් සිසුන්ගේ නිවෙස්වලට ආරක්ෂක අංශවලින් තර්ජනය කිරීම් මෙන්ම සිසුන් බියගැන්වීම සඳහා ...
පූර්ණ ලෙස බලය බෙදීම යනු රට බෙදීමයි වාලුකා සිතුවිලි මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ - කල්‍යානන්ද තිරණාගමහංසයා ලකුණින් තරග කරන සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය පිළිබඳව මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ කල්‍යානන්ද තිරණාගම මහතා දැක්වූ අදහස් පහත පරිදි වේ. ප්රශ්නය - ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කරලා තිබෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය ලබාදෙන්න. එම තීරණය ඔබ දකින්නේ කෙසේද? පිළිතුර - මීට දින කිහිපයකට පෙර දෙමළ ...
අමානුෂික බදු වාලුකා සිතුවිලි උපයන වීට බදු ගෙවීම ලෝකයේ සෑම රටකම පාහේ සිදු වෙන්නක්. රජය ආදායම් ලබා ගන්නා ප්‍රධානතම ක්‍රමවේදයක් වන්නේ බදු අය කර ගැනීමයි. එහෙත් මේ බදු අය කරගැනීම කිසියම් ආකාරයක සාධාරණ හා මානුෂික ස්වරූපයකින් සිදු විය යුතුයි.ලෝකයේ බොහෝ රටවල බදු අනුපාතය ඉතා ඉහළ බවට සමහරු තර්ක කරනවා මෙන්ම ඒ බව උපුටා දක්වනවා. ඒත් මේ අය අමතක කරන කාරණය වන්නේ ඔවුන් මෙලෙස බදු ...
තලතා නෝනා නං යංතං ගොඩ වාලුකා සිතුවිලි සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව සිටි ශ්‍රී ලාංකිකකාන්තාවගේ දඬුවම ලිහිල් කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත.ඒ අනුව මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් දක්වා ලිහිල්කිරීමටද එරට අධිකරණය තීරණය කර ඇති බව විදේශ කටයුතුඅමාත්යංශය සඳහන් කරයි. ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්සලකා බලා සෞදි බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇති බවද නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හර්ෂ ද සිල්වා ...
කාන්තා වහල් සේවයට තිත... වාලුකා සිතුවිලි කාලාන්තරයක් තිස්සේ කාන්තාවන් වහල් සේවයට යැවීමට එරෙහි වෙමුයනුවෙන් නැගූ හඬ ඉටු වීම ජයක්.මෙන්න ඒ සටන්...තලතා 21 න් යවන්නත් හැදුවාවිදෙස්ගත ශ්‍රමිකයින් ගොනාට ඇන්දීමේ කලාව...ගෘහ මූලික පොන්නයොයි...... දේශපාලන පොන්නයොයි....නිලූකා දමයන්ති සොයුරිය... එක් බිල්ලක් පමණි.... ...
"වාලුකා සිතුවිලි" විරාමයකට......දින 100 කට පස්සෙ යහ පාලනයෙන් හමුවෙමු.... වාලුකා සිතුවිලි වාලුකා කාන්තාරෙ ජීවත් වෙමින් මැදපෙරදිග ජන ජීවිතය හා භාවිතය මෙන්ම ලාංකික සමාජ, දේශපාලන හා සංස්කෘතික සිද්ධීන් පාදක කොට ලියැවෙන කතිකාවක් ගොඩනගන්න සෙරන්ඩිබ් ඔටුව පටන් ගත්තෙ හරියටම අවුරුද්දකට කලිං.ඒ කියන්නෙ හරියටම 2014 ජනවාරි මාසෙ.චොකා බයිලා මැද්දේ... සැමරූ සුනාමියේ සද්දේ...http://otukatha.blogspot.com/2014/01/blog-post.htmlසුනාමිය සමරන්න හැතැප්ම ගව් ගාණක් දුරු රට ඉඳං බාධක කම්කටොලු මැද්දෙ තම හැකි පමණින් කැප වුණ ආදරණීය මිනිසුන් ගැන ලියන්න පටං අරං ඊට ...
සුබ ගමන්...ආයුබෝවන්... වාලුකා සිතුවිලි යහ පාලනෙත් චොර වුණා නොවැ...මොනවා ලියන්නද තවත්...ඔටුකතා හමාරයි...සෙරන්ඩිබ් ඔටුවා සමග රැඳුණු හැමට ඔටු ප්‍රණාමය...සමුගන්න අවසර......!වාලුකාවට ආයුබෝවන්......!!!.- සෙරන්ඩිබ් ඔටුවා ...
වීදුරු ගෙවල් වල සිට ගල් ගසන ගීත රචකයා.... වාලුකා සිතුවිලි (ෆේස්බුක් පෝස්ට් එකකින් උපුටා ගත්තකි.)කමල් ශාන්ත වීරසිංහ නමින් ෆේස්බුක් ෆේක් ප්‍රොෆයිල් එකක් පවත්වාගෙන යමින් මහින්ද රාජපක්ෂට පලු යන්න බනින, 2015 දී මහින්ද දිනාවි යැයි සිතා "සොඳුරුතම මිනිසා" නමින් පක්කලි ගීතයක් ලියූ, 2005 දී මහින්ද වෙනුවෙන් කලා සංගම් ඇටවූ, පසුව මහින්ද ජනාධිපතිගේ මාධ්‍ය උපදේශක රෝහණ වීරසිංහගේ පිහිටෙන් ඕස්ට්‍රේලියාවට ගොස් පිඟන් හෝදමින් සිට බැරිම තැන ලංකාවට පැමිණ සිංදු ලියන්නට පංති පටන්ගත්, යුගයේ ...
සුද්දගෙම සූට් බූට් ඇඳගෙන...... නිදහස සමරන ටයි කෝට්කාරයෝ........... වාලුකා සිතුවිලි එකදාස් නමසිය හතළිස් අටේ පෙබරවාරි හතරවෙනිද ලංකාවට(සිලෝන් නමින් හැඳින්වුණ පුංචි කොදෙව්වට) ඉංග්‍රීසිකාරය “නිදහස“ දුන්නෙ බන්දේසික තියල දෙන කේක් ගෙඩියක් වගේ. කපාගෙන කාපල්ල කියල. ඒකනෙ.........එදා ඉදං අද වෙනතුරු ලංකාව පාලනය කරපු එව්වො වැඩි දෙනෙක් රට භක්ෂණය කරන්න ගත්තෙ ලවක් දෙවක් නැතිව. තමන්ට අප්පොච්චගෙන් ලැබුණ බූදලයක් වගේ. අනේ අම්මපා................ අල්ලපු රට වන ඉංදියාවට වගේ නිදහස ලබා ගන්න සටනක් දියත් කරන්න කිසිලෙසකින් වත් ...
කර්මය පළදීම නොහොත් කුඩු වී මිය යාම වාලුකා සිතුවිලි තරුණ තරුණියන් ප්‍රධාන 60,000කට ආසන්න පිරිසක් චිරස්චින ලෙස ඝාතනය වූ 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ලෙන්ද නිදසුන් එමටය. බොහෝ දෙනෙකු ඝාතනය කළේ වධබන්ධන වලට මුහුණදීමෙන් පසුවය. ගෞරවනීය මරණයක් වෙනුවට මහමඟ ටයර් සෑයවල් උරුම විය. කර්මය පලදීමේදී සමාජ තරාතිරම් කිසිවක් වැදගත් නැත. රජකම් කලත් කලකම් පළදේ යනුවෙන් කියමනක් ඇත.බොහෝ දෙනෙකුට ස්වභාවික මරණයක් හිමි නොවීය. එය ස්වභාදහමේ නියතය විය. ඇතැම් ...
බීරි අලින්ට වීණා නොහොත් පොන්නයින් ගැන කතාව වාලුකා සිතුවිලි තව හොයලත් දීපල්ලකො.ලැජ්ජ නැතිව හොයල දෙන්න කියනවනෙ අම්මපා...මේවම ආංඩුද...? පාංඩුද...?ගෑනු රට යවන සේරම පොන්නයෝ බව මේවයින් පේන්නෙ නැද්ද?අතුරුදන් වුණා, කටු ගැහුවා, අඬු කැඩුවා, මරල දැම්මා කිය කිය තවත් අපේ කාන්තාවන් රට යවල ජීවත් වෙන්න ලැජ්ජ නැත්තෙ පොන්නකම නොවෙන්නං වෙන මොකක්ද?ඇත්ත නොවෙන්නං...රට කරවන උනුත් පොන්නයො වගේනෙ හැසිරෙන්නෙ.මේ තියෙන්නෙ කාලයක් තිස්සේ මැදපෙරදිග ඉඳං කිව්ව කතා තමයි.මේව ඉගිං බීරි අලින්ට වීණා වයනව වගේ ...