තනා දෙනු මැනවි මට පුතනුවකු, ස්වාමීනි...! Sinhavalokana digg_url = "http://sinhavalokana.blogspot.com/2010/01/blog-post.html";digg_title = "තනා දෙනු මැනවි මට පුතනුවකු, ස්වාමීනි...!";digg_bgcolor = "#D5EEFF";digg_skin = "normal";digg_url = undefined;digg_title = undefined;digg_bgcolor = undefined;digg_skin = undefined;මම දෙතුන් වතාවක්ම කිව්ව මගෙ කවි උල්පත හිඳිල ගිහින් කියල. ඒත් මම නිකමටවත් බැලුවෙ නැහැනෙ බිංදුවක් වත් ඉතිරි වෙලා තියද කියල. ඔය අතරෙ මට ...
යළි උපන් හිතක් Sinhavalokana මේ කවිය මාතින් ලියවුනේ මගේ අත් දැකීමක් පසුබිම් කරගෙන. කාලෙකට ඉස්සර මම වැඩ කරපු කාර්යාලයක හිටියා ගෑණු ළමයෙක්. ලස්සන පෙනුම ඇති ළමයා... ඒත් මම මුලින්ම ගිය දවස් වල මෙයා හරි සැරයි. මොනවා හරි ඇහුවොත් ගස්සලා උත්තර දෙන්නෙ. ඕනැ වෙලාවක බැලුවොත් රවාගෙන ඉන්නෙ... වැඩි කතාවක් බහක් නෑ කා එක්කවත්... ඒත් හිටපු ගමන් මේ ළමයගෙ හැසිරීම එහෙම පිටින්ම වෙනස් වුනා. හැම වෙලේම හිනා වුන ගමන්... වැඩ කරන් ගමන් ...
නෙලන්න බැරි මල්... Sinhavalokana වචන දහසකින් කියන්න බැරි දේවල් එක ඡායාරූපයකින් කියන්න පුළුවන්ලු... මං හිතන්නෙ ඒ කතාව ඇත්තටම ඇත්ත. මේ තියන සේයාරුව මගෙ කැමරාවට හසු කර ගත්තෙ නේපාලෙ කාත්මන්ඩු නුවරදි. මම නැවතිලා හිටිය නවාතැනේ ජනේලෙන් පෙනුන දසුනක්. මම එහෙ හිටපු දවස් ටිකේ උශ්ණත්වය බිංදුවෙනුත් අංශක කිහිපයක් පහළට බැහැල තිබුනෙ. ඒත් ඉවසන්න බැරි හීතලේ වුනත් මම හැමදාම උදේ අවදිවෙලා ඉස්සරහ සඳළුතලයට ගිහින් ඈතින් පේන ...
I am not really busy; just disorganized... Sinhavalokana බොහොම දවසකින් බැරි උනා බ්ලොග් එක තියනවද කියලවත් බලන්න. "වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ..." පහුගිය දිනවල ගොඩක් වැඩ තිබුනා... ඒත් සමහර වැඩ අතපසු වෙන්නෙ කාර්ය බහුලත්වය නිසාමද? මට මතක් වෙනව කොහෙ හරි කාර්යාලයක තිබිල මගෙ සිත් ගත් කියමනක්... I am not really busy, just disorganized. අකැමැත්තෙන් හරි පිලිගන්න වෙනව ඕක තමයි ඇත්ත. එක වෙලාවකට මට හිතෙනව මමත් ගෙදර ඉඳල වැඩ ...
කුරුටු ගී පොතෙන්... Sinhavalokana "පිළිගැන්වීම...!" මමත් නොදැන මගෙ සිත තුල නිදා සිටිය මගෙ කවිකම නිදි දැහැනින් පුබුදා ලූ ඔබයි මගේ සරස්වතී... ඔබේ නමින් ලියූ සියක් කව් අතරින් අතලොස්සක් එක් තැන්කර මෙසේ ඔබට පිළිගන්වමි... පිළිගනු මැන...! මම ලියන ඒවායේ නොයෙකුත් අඩුපාඩු ඇති... වියරණ දොස්, අක්ශර වින්‍යාස දොස් වගේ ඒවා. මා කෙරෙහි කරුණාවෙන් එවන් තැන් පෙන්වා දෙන ලෙස මේවා කියවන උගත් ඔබෙන් මා උදක්ම ඉල්ලා ...
බ්ලොග් ලියන අපි... Sinhavalokana මට අද මේල් එකක් ආවා... මම වගේම බ්ලොග් එකක් ලියන කෙනෙක් ගෙන්... පහලින් තියෙන්නෙ මම ඒකට යවපු පිළිතුරින් උපුටා ගත් කොටසක්. මට හිතුන ඒක මෙතන පල කරොත් හොඳයි කියල... බ්ලොග් ලියන අපි ගොඩක් ඉන්නෙ සංවේදී අය... මම කියන්නෙ අනුන්ගෙ ඕපදූපයි දේශපාලනෙයි ගැන ලියන අය නෙවෙයි; ඔයාල අපි වගේ අය ගැන... මේක විනෝදාංශයක් වගේම සුන්දර වේදනාවක්... හරියට කහන එක වගේ... ...
වදන්... Words by Boyzone Sinhavalokana අද මම සටහන් කරන්නම් කලකට ඉහත මා විසින් සිංහලට අනුවර්තනය කල ඉංග්‍රීසි ගීතයක පද වැලක්. මෙය ඔබ කවුරුන් හෝ කොහේ හෝ කියවා ඇති. එහෙමනම් මට කියන්න. තවත් මේ වගේ සිංහලට හරවපු ගීත කීපයක් තියනවා. ඔබ කැමතිනම් ඉදිරියේදී ඒවාත් පල කරන්නම්. ඔබ වඩා කැමති කාගේ කුමන ගීත වලටද කියා කිව්වොත් මට තෝරාගන්න ලේසියි... මට පෞද්ගලිකව ලියනවා නම් sinhavalokana@gmail.com----------------------------------------------වදන්...කිසි දිනෙක නොවියැකෙනමදහසක් පුබුදන්නමදහසට ...
කුරුටු ගී පොතෙන්... Sinhavalokana ස්තුතිය...!මා අසලම සිටින ඔබටමට පණ නල පිඹින ඔබටමා පෙරටම යවන ඔබටමම තුති පිරිනමමි කෙලෙස...?කාත් කවුරුවත් නොමැතිවමා තනිවී සිටින විටකමගෙ තනිකම නිවන ඔබටමම තුති පිරිනමමි කෙලෙස...?යා යුතු හසරක් නොමදැනවල්මත්වී සිටින විටකමා නිසිමග යවන ඔබටමම තුති පිරිනමමි කෙලෙස...? ...
ඔබත් සංවේදීද...? Sinhavalokana "මම හරිම සංවේදී..." මේ වචන තුන අද දවසට මට දෙවතාවක් අහන්න ලැබුනා. සරල සිංහලෙන් කියනවනම් සංවේදී පුද්ගලයෙක් කියන්නෙ ඉතාම පොඩි දෙයකින් පවා සැලෙන දුකට, වේදනාවට පත්වෙන කෙනෙකුට. අපි අතරෙ එහෙම අය ඉන්නවා. "අධි සංවේදී පුද්ගලයා" (Highly Sensitive Person - HSP) යන යෙදුම 1996 දී මුලින්ම හඳුන්වා දුන් මනෝ විද්‍යාඥ එලේන් . එන්. ආරොන් (Elaine N. Aron) කියන විදිහට සමාජයෙන් සියයට ...
නමක ඇත්තේ කිම What's in a name Sinhavalokana මගෙ බ්ලොග් එකට මම දාල තියන නම ගැන පොඩි පැහැදිලි කිරීමක්, නිදහසට කරුනු කීමක් නැතහොත් පාපොච්චාරණයක් කරන්න ඕන කියල මට නිකමට හිතුන. What's in a name,That which we call a rose;By any other nameWould smell as sweet..(නමක ඇත්තේ කිමඅප රෝසය කියන මලඅන් කවර නමකින් වුවමිහිරි සුවඳම පතුරයි...)ශේක්ස්පියර් උන්නැහැ එහෙම කියල තියනව. ඒ වගේම අපේ සිංහල උන්නැහැ කෙනෙක් කියල තියනව මෙන්න ...
නිමා කරනු මිස වැඩ ඇති තමා අත... Sinhavalokana බොහොම දවසකින්, ඒ කියන්නෙ මාසෙකින් විතර, බ්ලොග් එකට කිසි දෙයක් ලියන්න බැරිඋනා. නිදහසට කියන්න කරුනුනම් ඕනතරම් තියනවා. ඒත් ඒව කියල වැඩක් නෑ..."නිමා කරනු මිස වැඩ ඇති තමා අත,පමාවට කරුනු මට උවමනා නැත"මොනවා හරි වැඩ අතපසු වීමක් උනහම අපි හැමෝම නිතරම ඉදිරිපත් කරන නිදහසට කාරනය තමයි "වැඩ වැඩියි" කියන එක. ඒත් ඒ කියමන කොයි තරම් දුරට ඇත්තද? ඔය ගැන කියන කොට ...
IF - රඩ්යාඩ් කිප්ලිං - ඔබට හැකි නම් Sinhavalokana මම ගොඩාක් ඉස්සර කියවපු ඉංග්‍රීසි කවියක් රඩ්යාඩ් කිප්ලිං ගෙ "If". මුලින්ම කියවපු දවසේ සිටම මගෙ හිතට තදින්ම කා වැදුනු කවියක්. මට හිතුනා ඉංග්‍රීසි කියවල තේරුම් ගන්න බැරි අයගෙ හිත සුව පිණිස එය සිංහලට නගන්න. ඉතින් මට පුළුවන් විදිහට ඒ කවියේ ඡායානුවාදයක් කළා. කියවල බලන්න හොඳද කියල. මගේ අනුවාදය ගැන ඔබේ අදහස් කියල යනවනම් තවත් හොඳයි... මුල් ඉංග්‍රීසි කවිය කියවන්න ඕනනම් ...
කූඩුව හැර ගිය ගිරවාට... Sinhavalokana කැලයෙම ඉපිද කැලයෙම ඇති දැඩිව හැදී පෙර කරුමයට මිනිසුන් අතරකට වැදී දුක් කම් කටොල්ලෙන් මෙතුවක් දවස් විඳී නිදහස් වී ගියා නුඹ කූඩුවෙන් මිදී ...
නිබ්බුත පද Sinhavalokana හද පුදසුන මත පිදුන සෙනෙහසට ලොවේ සියලු දෙන එරෙහිව එද්දී හදවත සෝකෙන් පුපුරු ගසද්දී ඉවසා සිටිනා ළඳක් සිටීනම් එවන් හදක් ලද ළඳ නිවුනේ වෙයි එවන් ළඳක් ලද හිමි නිවුනේ වෙයි... පියනගනා මග ගල්මුල් මතුවී කටු පඳුරින් බාධක ඉදිවෙද්දී මුවින් නොබැන ඒ සියල්ල ඉවසා ඉදිරියටම යන ළඳක් සිටීනම් එවන් හදක් ලද ළඳ නිවුනේ වෙයි එවන් ළඳක් ලද හිමි නිවුනේ වෙයි... දසතින් ...
මරණය රතු රෝස මලකි...! Sinhavalokana දිවිකුසුමන් වියැකෙන දිනඅප වෙනුවෙන් පෙති පිබිදෙනමරණය රතු රෝස මලකිසියලු සතගෙ හිස පැළඳෙන දිවියෙන් අප ලද සෝ දුක්එහි සුවන්දින් පිසදා ලනමරණය රතු රෝස මලකිඅවසන් මොහොතේ පිබිදෙනදිවි ඇති තුරු හෙලූ කඳුලුපිණි බිඳු අතරින් හිනැහෙනමරණය රතු රෝස මලකිකිසි කලෙකත් පර නොමවෙනයලි දිවියක් ගැන නොසිතනඅයට සහන සුවය ගෙනෙනමරණය රතු රෝස මලකිහැම දෙන එක ලෙස නොදකිනනටුවේ කටු ගැනම සිතනඅයට නිතර බිය දනවනමරණය රතු රෝස මලකිකිසි ...
බලාපොරොත්තුව... Sinhavalokana (උප මාතෘකාව - අවදිව සිටින්නාගේ සිහිනය)නිදන්ට ගොස් වැතිරුනු කල යහනේනින්ද නොදී මා වළකන සිහිනේරෑ තුන්යම නොනිදා නිදි යහනේඅවදිව සිටියදි මා දුටු සිහිනේකිසි දිනෙකත් එලි නොවෙනා සිහිනේසැබෑ ලොවේ මා නොදකින සිහිනේදිවියට වෙර වීරිය දෙන සිහිනේසැබෑ වෙයන් මතුදා ඒ සිහිනේසැම දින එක ලෙස නොදකින සිහිනේපසුපස යනවිට පැන යන සිහිනේපැන යන විට පසුපස එන සිහිනේසැබෑ වෙයන් මතුදා ඒ සිහිනේසිතට තුරුලුවී හිනැහෙන සිහිනේයළි සිත ...
'හෙට ඉරක් පායයි' ......................... ද??? Sinhavalokana මහගම සේකර මහත්තයගෙ 'හෙට ඉරක් පායයි' පොත අද මට අහම්බෙන් වගේ හම්බවුනා. ඒක අතට අරන් බලන කොට මුලින්ම පෙරලුන 8 වෙනි 9 වෙනි පිටුවල තියෙන්නෙ මෙන්න මේ කවිය. 'වසා දමමි මුලු මහත් අතීතය වසා දමමි අනාගතය වර්තමානය පමණි ජීවිතය' එකෙනෙහිම අතීතය හොරෙන් විත් පෙනෙන නොපෙනෙන දුරට පෙන්වයි ඇඟිල්ල දික්කර අර බලපන් අර බලපන් අනාගතේ සොඳුරු සිහින මගේ හීන කවදා හරි ...
හුදකලාව… Sinhavalokana මම අර කියපු (මට) ලස්සන කවි පෙල තමයි මේ. මේක මාතින් ලියවුනේ මීට වසර ගනනාවකට පෙර. ඒත් එහි කියවෙන ඇතැම් දේවල් එදාට වඩා අදට මගෙ ජීවිතයට ගැලපෙනවා. මට කාත් කවුරුවත් නැත්තෙම නෑ. (කවුරු නැතත් ඔයාල ඉන්නවනෙ...!) ඒත් ඒ කාටවත් නිවන්න බැරිවුන තනිකමක් මගෙ හිත ඇතුලෙ එදත් තිබුන... අදත් තියනවා. සැබවින්ම තනිකම නිවන්න සිරුරින් ළඟ හිටියට මදිනෙ, හදවතින් තේරුම් ගන්නත් ඕනනෙ... ...
"අශුභ දවස" සහ "උපන් දිනය" Sinhavalokana උපන් දිනය ගතවෙලා දවසක් දෙකක්ම ගත වුනා. ඒත් උපන් දිනය වෙනුවෙන් දාන්න හිතපු පෝස්ට් එක තාම මග. කමක් නෑ... Better late than never කියල තියනවනෙ... මේ චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා මීට අවුරුදු ගණනාවකට පෙර දිවයින ඉරිදා සංග්‍රහයට ලියපු කවියක්. මුලින්ම කියවපු දවසේ වගේම අදත් හදවතින්ම ආදරය කරන ලස්සන අරුත්බර කවියක්. අපි කියවලම බලමු... "අශුභ දවස" දින දසුනකින් ගිලිහුන කොලයක් ...
තනිකම… Sinhavalokana digg_url = "http://sinhavalokana.blogspot.com/2010/01/blog-post_24.html";digg_title = "තනිකම…";digg_bgcolor = "#D5EEFF";digg_skin = "normal";digg_url = undefined;digg_title = undefined;digg_bgcolor = undefined;digg_skin = undefined;අද මම තනියම...! අදින් පසුවත් තව කොච්චර කාලයක් මට තනියම ඉන්න වෙයිද දන්නෙ නෑහැ. ජීවිතේ අවසාන මොහොත දක්වාම තනියම ඉන්න වුනත් එහෙම ඉන්න පුලුවන් කියල මට විශ්වාසයි. තනිකම ...