හෙල්මට් ඇන්ඩ් යට ඇඳුම් බස්සිගේ නවාතැන යාලුවො කට්ටියට මතක ඇතින බස්සි-ඩැඩාගෙ ඔපීසියෙ හිටපු සපරේ අංකල් ගැන කියාපු කතාව. ඔය වාගෙ අපූරු ටිකක් එක විදියක අංකල්ලා කීප දෙනෙක්ම හිටියා අපේ ඩැඩාගෙ ඔපීසියෙ. අද කියන්න යන්නෙත් එහෙම අංකල් කෙනෙක් ගැන කතන්දරයක්ලු.මේ අංකල් නිකම්ම නිකම් අංකල් කෙනෙක් නෙමෙයි, පී.ඇච්.ඩී. එකක් ගහපු ඩොට්ටර් අංකල් කෙනෙක්. ඔය බොහොමයක් විද්‍යාඥයින්ට වගේ මේ අංකල්ටත් තදින්ම තිබුනා ඔය අමතක වීමේ ලෙඩේ.අපි සතියෙ දවස්වලට ඉන්නෙ ...
Mission බෙහෙත් hiding !! බස්සිගේ නවාතැන මටබේත් බොන්න වෙලා…ආයෙමත්මට ඒ හද කිලිපොලායන, බඩවැල් ඇඹරිලායන, අති ඛේදනීය, දුක්ඛදායක, ගුජුප්සාජනක අත්දැකීමට මූණ දෙන්න වෙලා.මැරෙන්නඔන්න මෙන්න වගේ ඇඳේ දපලා ඉන්නකොට අම්මයි තාත්තයි දෙන්න මාරුවෙන් මාරුවට කන ළඟ ඉඳන් කෑ ගහනව බෙහෙත් ගන්න යන්න ලෑස්ති වෙන්න කියල. ඒත් මම නෙමෙයි ඔය තර්ජන ගර්ජන වලින් සැලෙන්නෙ. කොහොමත් මම ඔය ලෙඩ කියන ජාතියට පොඩ්ඩක්වත් බයක් ඇති මනුස්සයෙක් නෙමෙයි. පුරසාරම් කියනව කියල හිතන්න ...
පොද්දෝ සහ අලයෝ බස්සිගේ නවාතැන බස්සිලාගේ කැම්පස් එකේ ෆැකල්ටි අතරෙ මහා එපා කරපු බෙදීමක් තිවුනා. ඒ තමයි පොද්දෝ සහ අලයෝ. පොද්දෝ කියන කොටසට අයිති වෙන්නෙ හියුමැනිටීස් ෆැකල්ටිය, සෝෂල් සයන්ස් ෆැකල්ටිය සහ කොමර්ස් (මැනේජ්මන්ට්) ෆැකල්ටිය. අලයෝ කියන්නෙ ඉතින් සයන්ස් එකේ අපි කට්ටියට.බස්සිලා එක වසරෙ ඉන්න කාලෙ මේ දෙපාර්ශවය හරියට නයි මුගටි වාගෙ. ළඟින් ගියොත් ඇහැක් නෑ-ළඟ හිටියොත් ඇස් දෙකම නෑ. ඒත් දැන් ඉන්න අලුත් නංගිලා මල්ලිලා ...
හතළිස් හතරවෙනි කොටස : ගෙදරට කොටුවීම බස්සිගේ නවාතැන වෙනදා වාගෙ නෙමෙයි කැම්පස් එකේ නිවාඩු ලැබිලා ගෙදර ආව බස්සිට දැනුනෙ පුදුමාකාර පාළුවක්, තනිකමක්. උදේ ඇහැරුනාම මතක් වෙන්නෙ බස්සා එක්ක කෝල් කරකර කැම්පස් යන්න ලෑස්ති වෙන හැටි. කන්න බොන්න ගියත් එහෙමයි. බස්සාව සහ සුපුරුදු ෆිශ් පේස්ට්‍රිය මතක් වෙනවා නිතරම. ඇයි ඉතින් බස්සිගෙ අම්මා පේස්ට්‍රි කෑම තරයේ හෙලා දකිනවා නෙව.ඒත් බස්සාට කෝල් කරන්න වෙන එකක් නැහැ කියලා දුක් වුනේ බොරුවට කියලා ...
කොයි තරම් අපූරුද? කවි හුළඟෙ පාවෙන එක බස්සිගේ නවාතැන කොයි තරම් අපූරුද?කවි හුළඟෙ පාවෙන එකපුස්තකාලෙක ගාම්භීරෙට ඉන්න එකඇණයකින් ලී මිටක එල්ලීපාර අද්දර නටන එකකාරෙකක, බස් එකක, නැත්නම් පයින් හරි ගෙදරකට යන එකආදරෙත් එක්කම ඔතපු බත් මුලකඋණුහුමක් වැදී තෙත් වෙන එකකෑම මේසෙදි ඇස් කොනක දැවටෙන එකයාන්තම් රිදුනටකොයිතරම්නම් මිහිරිදබැදුම් සුවඳක් කැවෙන එකඔන්න පොඩ්ඩක් රිදෙනවා ඇතිහාල්මැස්සෝ, කට්ට කරවලඔතනකොටඒ වුනත් පාඩුවක් නෑ නෙවහාල්මැස්සෙක් උනත්මුහුද පතුලේ මුතු වැවෙන හැටි කියනකොටකොයිතරම් සතුටු දඅලුත් කිරිකැටියෙක් බලන්නටකෑම ...
හැබැහින් දුටු සිහිනය බස්සිගේ නවාතැන ඔන්න ඉතින් සුපින්වතුනෙ, බස්සි පෙරේද පාන්දර හතට ඇහැ ඇරිය. මොකටෙයි? සයිබරේ සිහින බක්මහ උළෙල බලන්ට යන්ට නෙව. ඕන් ඉතින් බස්සයි බස්සියි බත්තරමුල්ලට ඇවිත්, ටුක් ටුක් මල්ලියෙක් එක්ක ආවලු පැලවත්ත බුද්ධදාස ග්‍රවුන්ඩ් එකට. අපේ ගෲප් පොතෝව ග්‍රවුන්ඩ් එකට යනකොට නමයයි කාලට ඇත්තේ සූ ගාලා හැටක් විතර දුව පනිනව වත්තේබස්සා : මේ ඔයාට හොඳටම සුවර්ද ග්‍රවුන්ඩ් එක මේකමයි කියල?බස්සි : ඔව් ...
ගෑණු ඉව? බස්සිගේ නවාතැන "බස්සෝ.... අනේ මට ඔය ටී ෂර්ට් එක දෙන්නකෝ......" "ඒ මොකටද? මේ මම ගෙදරට අඳින එකක්නෙ. ඔයාට මොකටද මේ පරණ ටී ෂර්ට් එක?""මොනාද අනේ... ආස හින්දනෙ ඉල්ලන්නෙ..." "මේකෙ දාඩිය මැට්ටියේ. මම හෝදල ගෙනත් දෙන්නම්.""හෝදන්න එපා මැට්ටෝ. මට ඕනෙ ඔය විදියටමයි. සර්ෆ් එක්සෙල් සුවඳට නෙමෙයි."කාලෙකින් බ්ලොග කුරුටු ගාන්නත් අතපසු වුනා. කොහෙද ඉතින්, මක්කාවත් ලියන්න අතටවත් හිතටවත් නිස්කාංසුවක් නෑ නෙව මේ ටිකේ. වැඩ ...
නවාතැනේ සාදයක්!! කන්න බොන්න හිනාවෙන්න :) බස්සිගේ නවාතැන එන්න. එන්න. ඇවිත් ඉඳගන්න. ආරංචිය දැනගෙනමද ආවෙ? හරිම සන්තෝසයි. එන්න ඇතුලට. වාඩිවෙන්නකො තියෙන විදියට හත් අට පොළකින්. ඉතින් ඉතින්.... ආ අන්න අරගොල්ලොත් එනවා, මම කතාකරලා එන්නම්. හැමදාම ආවට අද ඉතින් බස්සිට විශේෂ දවසක් නෙ මෙයා.ගන්න. බලන්නකෝ රහයිද කියලා. මේවනම් මමමයි හැදුවෙ. ආ ඔයා පැණිරසට එච්චර කැමති නෑ නේද? ඔයා එන බව දැනගෙනම මම මේවා ගෙනාව. ඔව් අනේ... මෙයා හොඳ සින්ගර් ...
තිස්තුන්වෙනි කොටස : ලෙඩ බැලීම බස්සිගේ නවාතැන ඊයෙ බස්සිගේ කෝච්චි ගමන ගැන කිවුවට හොස්පිට්ල් එකේ ඉන්න කුරුල්ල ගැන කිවුවෙ නැහැ නෙව. ඒ නිසා ඕන් බස්සි අද එතැන් සිට ඉදිරියට කතන්දරේ කියාගෙන යනවා.බස්සා බස්සිගෙ අතින් අල්ලගෙන ස්ටේෂන් එකෙන් එලියට ආවා. රාගම කියන්නෙ බස්සිට හුරු පුරුදු ටවුන් එකක් නෙමෙයි. බස්සගෙ අතේ එල්ලිලා බස්සා යන පැත්තට තටු ගහන එක තමයි බස්සි ඒ වගේ වෙලාවට කරන්නෙ. ගොඩක් වෙලාවට කිචිබිචි ගගා කියෝකියෝ ...
ඇත්ත වුනොත් තිත්ත වෙන නත්තල් බොරුව බස්සිගේ නවාතැන නත්තල් සීයා එදාමෙදාතුර කුඩා දරුවනුත්, වැඩිහිටියනුත් සමෝසමේ අදහන්නට කැමැති මිත්‍යා විශ්වාසයක්. නත්තල් උත්සව දිනයේදී එකිනෙකා අතර සිදුකෙරෙන තෑගි හුවමාරු කිරීම් නත්තල් සීයා අතින් සිදුවෙනවායැයි කියන විචිත්‍ර මනංකල්පිතය මහත් ආශ්වාදයක් දනවන්නක් ලෙසිනුයි සැලකෙන්නේ.නත්තල් සීයා හෙවත් සැන්ටා ක්ලෝස් පිළිබඳ වන ප්‍රවාදය ඇරඹෙන්නේ පුරාණයේ ජීවත්වුන සාන්ත නිකුලස් දේවගැතිතුමා දිළිඳු දරුවන්ට නත්තල් දිනයේදී තෑගි බෙදා දුන් බවට වන පුරාවතක් සමඟයි. නත්තල් සීයාගේ රූපය නිර්මාණය ...
පරිණත යාත්‍රිකයෝ සහ නුපුරුදු පිහිනුම්කරුවෝ බස්සිගේ නවාතැන අද කාලෙ හැමදේම යන්නෙ රැල්ලට. රැල්ලට යන්න එපා කියල නවකයන්ට බනින එකත් එක්තරා විදියක රැල්ලක් වෙලා. ඒ කියන්නෙ මුලු ලෝකෙම යන්නෙ රැල්ලට.මම හිතන විදියටනම් දෙයක් කරන්න රැල්ල ස්පර්ශ නොකර බැහැ. වැල්ලෙ ඉඳගෙන රැල්ල නරඹන උදවිය වෙනුවෙන් රැල්ලට බහින්නම වෙනව. මේක කවියට, සංගීතයට, නර්තනයට, රංගනයට, චිත්‍ර මූර්ති වලට විතරක් නෙමෙයි, සකලවිධ කලාවන්ටම පොදුයි. සකලවිධ කලාවන්ටම පොදුයි කියන ප්‍රකාශයේ ඉඳන් බලනකොට ඉවුම් ...
හතළිස්දෙවැනි කොටස : පුස්තකාලයේ දවසක් - 2 බස්සිගේ නවාතැන දවල්ට බේස් කැන්ටිමෙන් කාලා දෙන්නත් එක්ක ගිහින් අල බැම්මේ වහනවා. එතන ඉඳගෙන ඉන්නකොට ඈතින් පුස්තකාලෙ පේනවා."අපේ පොත් ටික ලයිබ්‍රරි එකේ නේද?" බස්සි කම්මැලිකමේ අහනවා.මේ වතාවෙ බස්සා තමයි බස්සිව පුස්තකාලෙට ඇදගෙන යන්නෙ.පැයක් විතර යනකොට ඔලුව බරවෙනවා. ඇස් දෙක පියවෙනවා. දවාලෙ උණුසුමත් එක්ක බෑ කියන්න බැරි නිදිමතක් දැනෙනවා. බස්සා ආපහු ලොකූ ඈනුමක් අරිනවා."මාව පැයකින් ඇහැරවන්න බස්සියෝ." බස්සා බස්සිගෙ රෙෆරන්ස් පොතකට ඔලුව ...
කඳුළු කතාව (Legend of Tears) බස්සිගේ නවාතැන කඳුළ කියන්නේ අපි කාටත් පොදු අත්දැකීමක්. දුක් කඳුළු, සතුටු කඳුළු, කිඹුල් කඳුළු විතරක් නෙමෙයි ෆිල්ම් කඳුළු, ලූණු කඳුළු සහ දූවිලි කඳුළු විදියටත් කඳුලේ විවිධ ප්‍රභේද හඳුනාගන්නට පුලුවන්.බස්සි අද තොරණේ විස්තරේ ගේන්නේ මෙන්න මේ කඳුළු ගැනයි.ඩුං ටුරුටුං ඩුටුං ඩුටුං ඩුම් !!!ඇහැ මුදුනේ අශ්‍රැ ග්රන්ථිකඳුලු දියර හදන්නේයඇහැ සෝදා පහළ අතටගලා පිටට පනින්නේයකඳුළු වැටෙන වැටෙන ගානෙසමහරු කවි පද ලියනවඒ උනාට කඳුළු වලත්කැටගරි බෙදුමක් ...
හතළිස් එක්වෙනි කොටස : පුස්තකාලයේ දවසක් - 1 බස්සිගේ නවාතැන බස්සා බොහෝම අකැමැත්තෙන් තමයි පුස්තකාලෙට යන්න එකඟ වෙන්නෙ. ඒත් විභාගෙට දවස් දෙක තුනකට කලින් විභාග භීතිකාව වැලඳුන බස්සිගෙන් එයාට බේරෙන්න ලැබෙන්නෙ නෑ.අන්තිමේදි පොත් දුසිමක් විතර කරපින්නා ගත්තු බස්සියි, පිටු හතර පහක ටියුට් එකක් රෝල් කර ගත්තු බස්සයි පුස්තකාලෙට ඇතුලු වෙනවා.උදේ හතහමාර වෙනකොට පුස්තකාලෙ පෝලිමට එකතු වුනේ නැත්නම් බස්සිගේ ප්‍රියතම ආසනය අහිමි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ ආසනය නැති වුන ...
හොකී ගහන ගෑනු බස්සිගේ නවාතැන අදනං බස්සි හදන්නෙ යාලුවො කස්ටියට පොඩි පහේ දැනමුතුකමක් දෙන කතාවක් කියන්ට. මේක වැඩිපුරම වැදගත් වෙන්නෙ පෞද්ගලික අංශයේ රැකියා කරන සහ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කස්ටියට තමයි ඕන්."සන්නිවේදන කුසලතාවය" ඔන්න ඕක හරියට නොතිබුනොත් බොහොමයක් පෞද්ගලික ආයතන වල ජොබ ගැටගහගෙන ඉඳීම බොරු. රාජ්‍ය අංශයේ ජොබ රැක ගැනීමට මේක ඒ තරම් වැදගත් හැකියාවක් නූනත් ඕනෑම තැනකදි ඉහලට යන්න බලාපොරොත්තු වෙනවානම් කට පාවිච්චි කරන්ට ඕනෙ ...
සැලෙන ලෙලෙන උකුළු තලේ - Science behind big butts බස්සිගේ නවාතැන “මිහිකත නළවාලා – මග මල් ගන්වාලා” කියලා අයිවෝ ඩෙනිස් අංකල් ගායනා කරනවා අපි ඇහුවෙ බබාල කාලෙදිමයි. ඔය ගීතයෙන් කියන්නෙ හෙළ ගුරුලිය නළවමින් යන ගමනට මිහිකත නැළවෙන හැටි නෙව. මිහිකත නැලවිලා නැවතෙනවනම් විතරක් මදැයි, ඒ දැකලා පාර දෙපැත්තේ මලුත් පිපෙනවලු.ඩෙනිස් අංකල් ඔය නැළවිල්ල ගැන ඉස්සර කියාපු තවත් සිංදුවක් තියෙනවා. ඒක නම් අපේ පරම්පරාවේ කස්ටිය අහලත් නැතුව ඇති සමහරවිට.“සැලෙන ලෙලෙන උකුළු තලේදියට ...
තිස් හත්වෙනි කොටස : හැපි බර්ත්ඩේ ටූ යූ බස්සිගේ නවාතැන බස්සාගේ විසි දෙවැනි උපන්දිනේ දවස එනකම් බස්සි මග බලාගෙන හිටියා. කැම්පස් දවසක් වුනත් එදා දවසෙ සියලු වැඩ අතඇරලා බස්සා එක්ක මුලු දවසම ගතකරන්න බස්සි තීරණය කලේ ඊට මාසෙකට විතර කලින්.හැම උපන්දිනයකටම බස්සාට තමන්ගෙ අතින්ම හදාපු බර්ත්ඩේ කාඩ් එකකක් දෙන එක බස්සිගෙ පුරුද්දක්. මේ වැඩේට උවමනා වෙන අඩුම කුඩුම ටික අරන් ඇවිත් වැඩ පටන් ගන්නෙ සතියකට විතර කලින්. කොහොමත් උපන්දිනේට ...
කළ නොහැක්කක් නොමැත මේ සුජාතාවන්ට බස්සිගේ නවාතැන බස්සි පහුගිය දවස් ටිකේ වැඩ ඇරිලා කෙලින්ම දුවන්නෙ බස්සි ඩැඩාව බලන්න හොප්පිටල් එකට. අපේ බස්සත් ඒ හැමදාකම මාත් එක්ක ආවා විතරක් නෙමෙයි තාත්තගෙ තනි රකින්න බස්සිත් එක්ක රෑ එලිවෙනකම් තාත්තාගෙ ළඟටම වෙලා උන්නා. බස්සි ඩැඩා පුතෙක් නැති නිසා දුකින් නෙව හිටියෙ. ඔන්න පිනට ලැබෙන පුත්තු.පහුගිය බදාද රෑත් තාත්ත ගාව ඉඳලා බස්සයි බස්සියි බ්‍රහස්පතින්දා උදේම සූදානම් උනා ජොබට යන්ට. උදේට තේ ...
කොකු ලිපියට පසුවදනක් බස්සිගේ නවාතැන මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ බස්සි කාලෙකට කලින් කොකු ගැන ලියාපු පෝස්ට් එකකට පසුවදනක් විදියට. ඒ පෝස්ට් එක අපේ ලොකු මස්සිනා කියවලා ඊයෙ පෙරේදා ඒකට එයා දන්න, කොකු ගැන ලියැවුන කැම්පස් කුරුටු ගී තොගයක්ම කමෙන්ට් කරලා තිවුනා. ඉතිං බස්සි හිතුවා හුදී ජන පහන් සංවේගය උදෙසා ඒ කවි ටික සහ බස්සි විසින් සොයාගත් තවත් කවි කිහිපයක් මෙහෙම පල කරන්න.මේක කොක්කක් දාගන්න ...
බොරු කියන්නෙ පරෙස්සමෙන් බස්සිගේ නවාතැන සිරිපාල වැඩට ගිහින් එනකොට සතියකට දෙතුන් සැරයක්වත් පිටකොටුවෙ ඉන්න වෙළෙන්දන්ට ඇන්දෙනවා. සිරිපාලගෙ ගෑණි සුමනාවතීට මේක හරිම හිසරදයක්. ඇයි දෙයියනේ මේ මිනිහා පේව්මන්ට් එකේ අයියලාගෙ ටෝක්ස් වලට අහුවෙලා පලක් නැති බඩු මුට්ටු ගෙදරට උස්සාගෙන එන්නෙ මාසෙ කන්න තියෙන තුට්ටු දෙක පූජා කරලා නෙව.ඕං ඉතින් ගිය සඳුදත් සිරිපාල ගෙදර එනකොට තඩි පාර්සලයක් අමාරුවෙන් කුදලාගෙන ආපි."මොකක්ද මනුස්සයෝ ඔය අටමගල?" සුමනාවතී ගත් කටටම ඇහුවෙ ...