බස්සිගෙන් වැලන්ටයින් අයිටම් බස්සිගේ නවාතැන වැලන්ටයින් දිනේ ළඟ ළඟ එන හින්ද බස්සි හිතුවා තමන්ටම නිර්මාණය කරගන්න පුලුවන් වැලන්ටයින් තෑගි කිහිපයක් ගැන සුට්ටි උපදෙස් මාලාවක් දෙන්න. ඔවුවා ඉතින් මම කටු කාගෙන හදලා එක්කෙනෙක්ට පරිත්‍යාග කොරාපු තෑගි තමයි. ඒ නිසා අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි, මේ තෑගි වලින් ලබන්නාවූ නවම් පොහෝ දින ඔබ දෙපළගේම සිත් පහන් වේවි.සරලයි, ඒත් පිළියෙල කරන්න සැලකිය යුතු තරමේ කාලයක් නම් වැයවේවි.ඔන්න එහෙනම් රම්බර නම්බර වන්LOVE ...
සංවේගයෙන් දැනුම් දීමයි...! බස්සිගේ නවාතැන හිම මිදෙන සීතල සැඳෑවක,මිහිදන් කලෙමි මමජීවිතය..........මිදෙන්නට පෙර කොපුල් තල මත,දුඹුරු පස සිපගති කඳුලු බිඳු....පාට පාටින් හැඩට දිලිසුන,එකින් එක කැඩිකැඩී ඉහිරුන,සිහින විසිරී තිවුනි මිහිමත,සරත් සමයේ වියලි පත් මෙන්...........යොදුන් ගනනක් පොළව කණිමින්,දහදියෙන් රළු පස මොලොක් කර,මිහිදන් කලෙමි මම,ජීවිතය............පොළව ඇතුලෙන් කෙඳිරි හඬකින්,වේදනාවෙන් හුස්ම ගත්තාජීවිතය වෙලලා රිදුම් දුන්,සදා නොමියෙන ඔබේ මතකය.දෑත් බැඳගෙන අවට බලමින්,සිවුරුහම් කර ප්‍රේම ගීයක්,ඔබ ඇදුනි ඉදිරියට හෙමිහිට,පස් කැටියකට පයින් ගසමින්.ඔය දෙපා ..
රෝමියෝ............ බස්සිගේ නවාතැන මම සාමාන්‍යයෙන් මේ වගේ එවුවා මීට කලින් බස්සිගේ නවාතැනේ පල කරලා නැහැ. ඒත් මේ සින්දුව ඇහුවාම මාව අමුතුම ලෝකෙකට පාවෙලා ගියා වගේ දැනුනා. ඒ හැඟීම ඔයාටත් දැනේවිද බලන්න.අහලා බලන්න මෙන්න සන්ඩේ නයිට් ඉස්පෙසල්..... වේදිකාවේ අසුනකට බරවීදහසක් නෙතු අතරේ.. අතරමංවීආදරේ කියාදෙන්න බෑරෝමියෝ.........ශිෂ්ඨාචාරේ මානවයා හා,ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා...... //අනාගතේ ඉතිහාසය ගොඩනගනා දාවැගිරී දියවෙයි ආදරේ......රෝමියෝ............දෙතොලේ ඔබෙ රැදී දහසක චුම්භන පිසදාකොපුලේ ඇගෙ තැවරුනුදහසක ඛේඨය පිසදාසිපගනිමින් ...
කට හැකර නයනාට….. බස්සිගේ නවාතැන නයනා,අපේ සල් ගහ ලෙඩින් වැටුනා......සාමාටත්, අමරටත්, කමල්ටත් කලින්මම ඒ ගැන කිවුවෙ උඹටකමල් මට හොඳටෝම බැන්නඋන්ට කිවුවෙ නැත්තෙ ඇයි අහලා......උඹ දන්නවාද නයනා?උන් තුන්දෙනා ආව පහුවදාම අපේ සල් ගහ බලන්න.උඹ නාවට මම තරහ උනේ නෑ.මොකද,මං දන්නව උඹ රිසර්ච් එක නිසා බිසී විත්තිය.... සල් ගහේ ලෙඩ බලලා,සල් මලක් අතින් අරන් හිනැහුනා තමයි.ඒ කොලුකමට, කෙලි කමට,පොටෝ පහක් ගත්ත, බුකියෙත් දැම්ම,පුරුද්දට..... නයනා,සල් ගහ ලෙඩින් ...
එක්වෙමු - වෙනසක් කරමු! බස්සිගේ නවාතැන සියල්ල සිදුවී හමාරය. මහින්ද ජනාධිපතිවරණයෙන් පරාද ය. ඔව්. මම මෛත්‍රීපාල ජයග්‍රහණය කලා යැයි කියන්නට ඉක්මන් නොවෙමි. මන්දයත්, මගේ මානයන්ට අනුව මෛත්‍රීට ඇති සැබෑ අභියෝගය ජයගත යුත්තේ ඉදිරියටය.මහින්ද රාජපක්ෂ පළමුවර ජනාධිපති වන සමයේ මට ඡන්ද අයිතිය නොතිබුනි. නමුත් එකල අපි ඔහු වෙනුවෙන් මහත් ආඩම්බරයෙන් 'කඩේ ගියෙමු'. කඩේ ගිය අපි ගෙදර ආවේ හිස් අතින් නොවේ. වසර තිහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව තුල ...
හතලිස් හත්වැනි කොටස : බස්සා Vs බොරළුගොඩ බස්සිගේ නවාතැන බස්සට මේ ලඟදි දවසක ඔපීසියේ අයියා කෙනෙක් කියනවා ලු මේන් මෙහෙම;"මල්ලි උඹේ කෙල්ලද බං අර බස්සිගේ කතන්දරේ ලියන්නෙ? අපේ වයිෆ් ඕක කියවලා ගෙදර ගිය වෙලේ ඉඳන් මට විස්තර විචාරය දෙන්න පටන් අරං දැන්."දවසක් බස්සයි බස්සියි ඩිනර් අනුභවය සඳහා ගිහින් ඉන්න වෙලාවක බස්සගෙ ෆෝන් එකට message එකක් එනවා මෙන්න මෙහෙම."අඩේ අර බස්සගෙයි බස්සිගෙයි කතාව ලියන්නෙ උඹේ කෙල්ලද බං. එතකොට උඹ ...
තාත්තා හැමතැනම ඉන්නවා බස්සිගේ නවාතැන යන්නටම ගිහින් බව හොඳටෝම දැනෙනවාහිත කෑලි කැඩී බිම වැටෙනවාකොට්ටයක කමිසයක සුවඳ ඇහැ කෙවනවාතවම ඔබ ඉන්න බව දන්නවාසතියකට එක ගානෙ ගෙනා නවකතා පොත්රාක්කෙන් එබී එබී බලනවාසුදු නැපිය අන්දාපු මහත බෝනික්ක තවපුස්තකාලේ මුරට ඉන්නවාගිහින් එන්නම් කියල කම්මුලක් අතගාපුදිගු ඇඟිලි පහස තව දැනෙනවාගිය උපන්දිනේ මට දුන්නු සුදු ටී කමිසෙහත්දොහේ පිංකමට අඳිනවාවතුර මල ළඟට නාගන්න එන බට්ටිච්චොතාත්තා කෝ කියා අහනවාගියාමයි කිව්වාට නැහැනෙ මම රැවටුනේතාත්තා ...
කාර්ඩ්, වැලන්ටයින් සහ පඳුරු තැලීම් බස්සිගේ නවාතැන මේ උදා වෙලා තියෙන්නෙ අවුරුද්දේ බොහොම වැදගත් කාලයක්. ඉස්කෝලෙ යන කාලෙනම් මගේ ඩිමාන්ඩ් එක ඉහල යන කාලෙ. කොහොමත් ඒ කාලෙ මං වැලන්ටයින් දවසට සතියකට විතර කලින් ඉඳන් හද්ද බිසී. එකා එකාගේ කාඩ් වලට මැසිම වගේ කවි ලියනවා, හද කම්පා වෙන පඬිවදන් ලියනවා එක විජ්ජුම්බරයයි . මගේ පූරුවේ වාසනාවට වෙන්නැති මගේ කවි බිසිනොස් හැකියාව යුනි එකේ කාටවත් මෙව්වා උනේ නෑ. ඔය ...
වීරයා මැරුනේ පෑන හිරවීමෙන්ද? බස්සිගේ නවාතැන කාලෙකින් මොකුත් නොලියවෙනකොට (දැන් මට වෙලා තියෙනව වගේ) අදාල පුද්ගලයට වැළඳිලා ඇති කියල සැක කරන්න පුලුවන් ප්‍රධාන රෝග දෙකක් තියෙනව මුලින්ම මතකෙට එන.1. රයිටර්ස් බ්ලොක්2. බිසීවීමේනියාවඔය කියන බිසීවීමේනියාවෙන් පෙලෙන දවස් වලත් මම අඩුම තරමේ දවසකට කවි දෙක තුනක්වත් ලියනව ඔෆිස් යන එන අතරෙ පාරට රස්තියාදු වෙන කාලය ඇතුලතදි. ඒත්, පහුගිය ටිකේ එහෙමවත් නොලියවුනු නිසා මම හොයා බැලුව මොකක්ද මේ රයිටර්ස් ...
ඔබ නොදන්නවා වගේ ඉන්නවා බස්සිගේ නවාතැන “ඔබ මට ආදරෙයි නොකියා – නොදන්නවා වගේ ඉන්නවා…”Crush එහෙකට කියන සිංහල වචනෙ මොකද්ද හැබෑට? මටනම් ඒ ගැන කිසිදු අදහසක් නෑ. ඒත් නිකමට වාගෙ ඉන්ගිරිස් - සිංහල ඩික්ෂනරියක ඔය වචනෙ ටයිප් කොරල බලන්නකො. මට හිතෙන්නෙ ඒ Crush එක තමන් ගැන හාංකවිසියක් දන්නෙත් නෑ, තමන්ව තුට්ටුවකටවත් මායිම් කරන්නෙත් නෑ කියල තේරුම් ගත්තාම ඇතිවෙන හැඟීම මොකද්ද කියන එක නම් ඔය සිංහල තේරුමෙන් ...
පාළම උඩ බස්සිගේ නවාතැන උදේටකොළඹට දෙපෙළටකොළඹින් තනිපෙළටහවසටකොළඹින් දෙපෙළටකොළඹට තනිපෙළටදෙපෙළට නෙමේ පේළි එකහමාරටවාහන ගොඩ - නළා හඬපැය බාගයක් - පාළම උඩ"කෝ කෝ පස්සෙන් සල්ලි ගන්න.""පස්සෙන් සල්ලි ගන්න පුලුවන්නම් අපි බස්වල යනවද මල්ලි?"හිනා......හතර අත තෙරපිල්ලදාඩියට මුසුව එන දුහුවිල්ලගිනියම් සුළං රැල්ල"අධිවේගේ හදාපුවම,ඇහැකිලු මේ බස් දාන්න""හ්ම්ම්ම්.....තව මාස දෙකලු නේද මෙයා?"චීන්නුපාළමේ වැට ගලෝනව නේද!එහායින් තව පස්දෙනෙක්පේළියට පොළව කනිනව වේද!මල කෙළියයි!FINAL DESTINTION - 5!! ...
හතළිස් පස්වෙනි කොටස : සාප්පු සවාරි සහ හිරකූඩු බස්සිගේ නවාතැන සාමාන්‍යයෙන් පිරිමි ළමයි සාප්පු සවාරි යන්න අකැමැතීලු. ඒක බස්සිගෙ යාලු කිරිල්ලියො ගොඩාක් දෙනෙක් නිතරම කරන පැමිණිල්ලක්. මේ හේතුව නිසාම බස්සිටත් නිතරම යාලුවන්ගෙ තනියට සාප්පු සවාරි යන්න ආරාධනා ලැබෙනවා නිතරම. බස්සිලාගෙ කැම්පස් එක තියෙන්නෙ රෙදිපිලි සාප්පු වලට ප්‍රසිද්ධ පලාතක නිසා මේ ගමන් බිමන් වලට ඒ තරම් කාලයක් ගතවෙන්නෙත් නෑ.පිරිමින්ගේ සාප්පු සවාරි ගැන කවුරු කොහොම කතා කිවුවත් බස්සා නම් බස්සිත් එක්ක ඇඳුම් ...
No කප් කේක්! හෑ!!! (16+) බස්සිගේ නවාතැන "ශාන්ත ජෝන්ගෙ වීදියේ කඩේමාලු වෙළඳාම මාලු වෙළඳාම යශාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ"මම ආසම සින්දුවක්. සංගීත පන්තිය ඉවර වෙන්න කලින් මාස්ටර් අපි එක එක්කෙනාට කැමති සින්දුවක් කියන්න කියනව. ඔය සින්දුවට ආස මම විතරයි. මාස්ටර් සමහර දාට කියනව "පොඩි එකියේ වෙන එකක් කියාපංකෝ" කියල. ඒත් මේ සිංදුවට අමනාපයි කියල පංතියෙ අක්කල අයියල තබ්ලාවෙන් ගහල මගෙ තට්ටෙ පැලුවෙ නෑ. අපූරුවට පසුබිම් වාදනය ඉදිරිපත් ...
හිතේ දුකට එතකොට කවි කියවෙනවා............ බස්සිගේ නවාතැන බස්සි එක වතාවක් කැම්පස් කොකු ගැන ලියැවුන කුරුටු ගී එකතුවක් පළ කලා මතක ඇතිනෙ. මතක නැත්නම් ඉතින් මෙන්න ලින්ක් එක. අද ලියන්නෙත් කුරුටු ගෑ ගී ගැනම තමයි.සරසවි ජීවිතේ අමතක කරන්න බැරි අංගයක් තමයි සරසවි කුරුටු ගී. බස්සි සරසවි කුරුටු ගී වලට ආදරේ කරන්න පටන් ගන්නකොට අවුරුදු දහයක් විතර පොඩි කුරුලු පැට්ටෙක්. ඒ දවස්වල පළමු වතාවට කුරුටු ගී රසවින්දෙ බස්සිගෙ අයියා ...
රතු මල් කුඩෙන් කල පොලිස් රාජකාරි බස්සිගේ නවාතැන නත්තල් කාලෙත් ලඟ ලඟ එනවා. අපේ අම්මලාගෙ ඔපීසියෙ හැම අවුරුද්දකම තියෙනවා අපූරු නත්තල් උත්සවයක්. නත්තල් කැරොල්, විනෝද ක්‍රීඩා, නැටුම් ගැයුම්, නැති දෙයක් නෑ ඒකෙ. අපිත් බෞද්ධ වුනාට හැම අවුරුද්දකම යනවා ඒකට.උත්සවයේ හොඳම හරිය තමයි ඔපීසියේම ඉන්න බඩ තඩි ජොලි අංකල් කෙනෙක් නත්තල් සීයාට ඇඳගෙන ලොකූ ගෝනියකට ටොෆි චොකලට් පුරවාගෙන පිට්ටනිය මැදින් එකපාරටම මතු වෙලා වේදිකාවට එන එක. එහෙම ඇවිදින් ...
ජාලයේ සරන අසහනකාරයෝ බස්සිගේ නවාතැන බස්සි ෆේස්බුකියේ සිරි ලංකාවේ ෆැශන් පිටු ගැන හොයන්නට හැදුවේ පොඩි පහේ මාර්කටිං වැඩකටය. නමුත් සර්ච් බාර් එකේ Sri Lankan කියා ටයිප් කොරන විට පැමිනි suggestions දැක බස්සිගේ ඇස් උඩ ගියේය.මාර්කටිං වැඩේ පැත්තක දමා ඒ පිටු එකින් එකට ඉගිල්ලී බැලුවේ හිතේ ඇතිවූ කුතුහලය නිසාමය.බොහොමයක් පිටුවල ඇති පින්තූර වල ඉන්නේ වෙන කවුරුවත් නොව අපි වාගේම අක්කලා, නංගිලාය. පාටියකට ගිහින් ඩාන්ස් කරන, මුහුදු ...
විලිලැජ්ජා නැති කෙල්ල බස්සිගේ නවාතැන “මං ආදරෙයි ඔයාට”මං කෑගහලා කිවුවා.ඔව්. ඒක හැමෝටම ඇහුනා.මට හංගන්න දෙයක් තිබුනෙ නෑ.මම හිතුන දේ කිවුවා. කියන දේ කෙරුවා. ආදරේ කලා හදවතින්ම.කවදාවත් ආපස්සට යන්න නෙමෙයි. ඉස්සරහටම යන්න.ඔයත් එක්ක.“මොකක්?” ඔයා මූණ ඇකිලුවා. “ඒකි විලිලැජ්ජා නැති කෙල්ලෙක්.” ඔයා යාලුවන්ට කිවුවා. “ඒකි විලිලැජ්ජා නැති කෙල්ලෙක්”ඔයාගෙ යාලුවො එයාලගෙ යාලුවන්ට කිවුවා. “උඹ විලිලැජ්ජා නැති කෙල්ලෙක්”හැමෝම මා දිහාට ඇඟිල්ල දික් කලා. “මම බොරු කියන්න ලැජ්ජයි. පවු කරන්න ...
උගත් මැවිසුරු බළලුන් බස්සිගේ නවාතැන අඹ ගහේ කොළ ගණිනහඳේ මුහුණත මනිනබරැති හිස පහත් කරඋපැස උඩහින් බලනසමනළෙක් තටු ගහණවේගයත් කෝණයත්බළල් නැටි අගිස්සෙන්සමීකරණෙක ලියනක්ලියෝපැට්රාවගෙත්දිගු නහය හකුලුවනමේ උගත් බළල්ලුන්මාලිගාවට එපාමයි කියනඅති වියත් හිසැති බළලුන්රූපවාහිනි අසල නිදි කිරනපාපිස්න උඩ ගොරව ගොරවා නිදනපිරමීඩ තනන්නත්උමං සැලසුම් අඳින්නත්මිසරයට හෝ වෙන ඈතකට නැවක පටවා යැවිය යුතු වනනිදන කාමරයෙන්“චිප්” කියා එලවීම සුදුසු වනමුස්න පහරක් දෙකක්වැදුන මුත් කිසි දුකක් නොදැනෙන ...
විරාම ලකුණු බස්සිගේ නවාතැන "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක හදවත මත. වීදුරු බිත්ති හරහා ඔෆිස් එක ඇතුලට ගලාගෙන එන්න තතනන වැහි කළුවර, දීප්තිමත් විදුලි බුබුළු තුන්සිය ගණනක එළිය හමුවේ පැරදිලා, වීදුරු මත ඇතිල්ලි ඇතිල්ලි තාවර වෙමින් උන්නා."ම්හ්" "රායා?" ජේසන්, අංශ ප්‍රධානියා මගේ මුහුණට එබුනා. මගේ ඇස් නැවතුනේ ඔහුගේ කඩවසම් ...
මාලුවෝ ඉගිල්ලෙනු කියැවූවෙමි.... (Flying Fish) බස්සිගේ නවාතැන ඉගිල්ලෙන මාලුවන්ට ලංකාවේ පාලකයෝ මෙච්චර අකැමති මන්දැයි දැනගැනීමට බස්සිට තිවුනේ මාරම කුතුහලයකි. ඒ නිසාම ඉගිල්ලෙන මාලුවෝ ක්‍රැක් එකක් ඇතුලෙන් හොරෙන් හොරෙන් ජාලයේ ඉගිල්ලෙන දවස උදාවෙනතුරු බස්සි ඇඟිලි ගනිමින් උන්නේය. ගිය සතියේ මාලු ටික ඉගිල්ලෙනු අහම්බෙන් දුටු කල බස්සි වහවහා බස්සා ලවා මාලු ටික බා ගත්තේය.බස්සි තුන් වතාවක් ඉගිල්ලෙන මාලුවෝ බැලුවේය. ඒත් මදිය. බලන බලන හැම වතාවකම අලුතින් කියැවීමට යමක් මාලුවන් ...