කිකිළි දූපත සඳපහන කැලැත්තී මුහුද හුලඟට“පචස්” ගා වදින රැල්ලටයළිත් යළි-යලිත් දියවෙන බිමක් තියෙනවා...කොට කොටා සයින් යන එනඑහි දෙපා සතුන් ගැන දැනකිකිළි දූපතයි ඒකට නමක් කියනවා.. පහුරුගා පයින් කතිරෙටමඟ සදා හිවල් සෙනඟටකූඩුවේ යතුරු වැඳ වැඳබැතින් පුදනවා..තටු පවා ඉතුරු නැති කොටඑක එකා මරං කනකොටඑළවලා එවුන් හනිකටමුගටි ගේනවා .. නැති උනත් දැමුව බිජුවක්හොයාගෙන රවුම් කිසිවක්”රකින්නට වරෙව්” හයියෙන්කෙකර ගානවා..මොකෑ ඔය? කියා ඇහුවොත්විදා තටු කැහැටු පොරකටුමරාගෙන මැරෙන රෑනක්පොරට ...
ඔබ ඉන්න තිබුනා සඳපහන ලා රොස කොපුල් දැකරොබරෝසියා පොකුරු රෝෂයෙන් බිම බලනුදැක ගන්න තිබුනාසලා නෙති මිණි සඟලඋදා තුරු පත් තුඩගදිළිහෙනා පිනි බින්දුපරදන්න තිබුනානේක පැහැ තවරමින්රැයෙහි දිගු සිහින වලවගෙම හැබැහින් ලඟින්දැවටෙන්න තිබුනාකඳුළු කැට, සිනහ රැළිඑක හිතින් විඳගන්නමගේ තනි නොතනියටඔබ ඉන්න තිබුනා... ...
හිතමිතුරු හැම්ස්ටර් සඳපහන නිශා නිසොල්මන් පාලුව බිඳින්නේසලා ‘දැකුලු මල්’ පෙති බිම හෙලන්නේදිරූ සීලිමේ දඟ කර පනින්නේකෘන්තක මූණ පටු යහනට පෙනෙන්නේඉතා දුබල සිග්නල් කණු බිඳුන රටනිවී විදුලි සැර රවුටර නිදන විටදවා අවට සියොලඟ ගිනි නැගෙනකොටඋඹේ නිය පහුර සිහිවී රිදුණි මටදාහක් උගුල් පාසානම් අතරින්නේදාහක් යොදුන් දුර ගෙවමින් දිව එන්නේදාහක් කාසි හපකර දත මැදගන්නේදාහක් වෙරලුමල් මැදියම පූදන්නේනැවී බිමට හිරිමල් මල් නටන තුරුහැබෑවටම රොන්සුණු මුව ගැටෙනතුරුසැදී යහන්ගැබ ...
එන්න එළියට.. සඳපහන හතර පැත්තෙන් වටකෙරුව පරණ රාමුව, ඉස්සරහ දුවිලි ඇහිරුණු හීරිච්ච වීදුරුව, රිංගන්න බැරිනම් අස්සකින්, කඩාගෙන හරි, එළියට ඇවිත් බලන්න..තවත් ඔතනම, බලාගෙන නොඉඳ..පෙනේවි, කොයි තරම් කැත ද ඔය ඉන්න පින්තූරෙ කිලිටි වුන වට පිට ආයෙමත් නොහිතේවි මොහොතකට වත් යන්න ඉඩ ඇතත්, ඇතුලට... ...
ගිනි .. සඳපහන ගමින් ගම නගරයෙන් නගරය හෙමි හෙමින් ඇවිලුණි ගින්දර කන්නට තිබූ පිදුරුත් නිර්ලෝභීව අතහැර උස මහත් කෙරුවෝය ගිනි දළු වෙතම විසි කර "සුපින්වත්" පුරවැසි දන මහ දවාලෙත් හීතලෙන් වෙව්ලුව තිස් වසක් තිස්සේ ගිනි රස්නේ හුරුවෙච්ච සුදුමැළි හිත් වලට අයෙමත් ඉනුවා උණුම උණු ලේ තව පිදුරු දර කුමට පෙට්රෝල් බූලියකුත් තෙමඟුල් දවසකම හැලුනාමහෝස් ගා ඇවිලෙන්නේ ඉතින් ඔය කදිමට හබන් කුකුලනි වරෙව් දැන් ...
ජිවිතයට ඉඩදෙමි සඳපහන රෝස මහනෙල් වතුසුදු රොස් පරොස් යලි නොඅසමි රෑට විතරක් සුපිපෙන රෑ කුමාරි ට ලං වෙමි ගිමන් අහසින් මොර දෙන පවන් මිස වැසි නොපතමි ලවන් පවසින් නළියන පැලෙන්නට ඉඩ නාරිමි සොයන් සිහිළක් තැන තැන පයින් යන සිත කැදවමි හීතලට පෙන පුපුරණ වීදුරුව තුල ගිල්වමි ...
කවි ලියන සඳ සඳපහන රාත්‍රිය සිතුවමකි මනහර වැගිරෙනා සඳ උකුම උකු සඳ දිය නිරුදක සඳවතින් තේමා හරිමින් වට පිට හුදෙකලා කවියෙක් අකුරු ගෙන පන්හිඳට රටාවට අමුණයි පෙම් කවක ආදරේ සොඳුරු තැන් මතුවන.. ...
ඒ ආලෝකමත් අවදිය සඳපහන ඒ ආලෝකමත් අවදියසියලු පැහැබර කිරණඅප මත පතිත කළවැසි-සුළං දුහුවිලි ඇලීඇස් බොඳ නොවන්නටපෙරා පිටතින් තබාගත්වා-මුවාවේ මතකය,දැන් නම් අතීතයකලු ගලක හැපෙනා මොහොත ගැනසැලසුමක් නොතිබුණා නොවෙයිතියුණු වීදුරු සැතකින්මරාගෙන මැරෙන්නට උව පිළිවනතිරිවාණා කැට මෙන් විසිරීබෙලසුන් කයින් වැතිරීදැන් මේ කියන්නේඒ ගමන අවසන් බව ද? ...
පසුතැවිල්ල සඳපහන ගෙනියන්න බැරි නිසා ඉහ තියන් යනෙන තැන රහසේම හංගලා තියපු..හෙමි හෙමින් කලු ගැහෙනු පෙනෙයි කවුරුත් නොදක රිදී රුව මං හිතින් නෙළපු.. රත්තරන් හරි ගණන් හිතන්නත් බැරි තරං සුකුමාර අත් වලම නිදපූ..මත්ව සිතිවිලි මතින් ඉහ බමණ වෙලාවක මැටි වැඩක මහත පෙර කරපු. ...
දූත ගීතය සඳපහන සැරද(?) මහ රජ !!ඉතින් අප පැමිණියෙමු ඔබ කෙරෙහි අනු[කම්පාවෙන්]එවූ ඇරයුම් පිළිගෙන දුරු කතර ගෙවාගෙන හොවැන්ග්හෝ නිම්නයෙන් පැන..බය නැතුව අරගන්න ඕo තියෙනවා ඕනේ සේරම සල්ලි මොකටද දැන්මම පස්සේ බැරියැ පොලිය එක්කම මෙන්න හැලුවා මල්ල ම අහුලා ගත්තොත් නියම පල්ලම රට වැසි දනන් හැම තවත් හැඩ වෙයි කොන්ඩේ බැන්දම ...
ඇහැරින්න සඳපහන ඇහැරින්න..ඉක්මනට, ලඟයි දැන් ඊගාව නැවතුම..බුරුල් කර ආසන පටිය,ලංවුනොත් නරක ද දොර ලඟට හෙමිහිට.. අන්තිමට දැකපු හීනයේ විදියට, බලා ඉන්නවා විය හැක.. මල් පොකුරකුත් තුරුළු කරගෙන, හිනා වෙවී ඔබ එනතුරු, අයෙමත්,ජීවිතය ...!!!! ...
අං පාර සඳපහන හැම රෑම හීනෙකින් - කර ඇඹෙන හැටි දකිනකඩුලු කඹ කඩාගෙන - පනින ඇන ඇන දුවනහති වැටී නතරවී - හණගැසූ තැන කසනඅං පාර (නො)වැරදුන - බෝ හිසින ලේ ගලන කුළුණු කලු වලාකුළු දුමට ඉහළින් නැගුනහිස්කරත් මුදු බරැති හැඟුම් පොදි ලෙහි රැඳුනවියරු ඇස ගැටුනු කල වන වදුල තෙත හිඳුනහලයි ගිනි අඟුරු යලි ගෙයි උඳුන්වල රැකුන ...
රේඛා සඳපහන නැවෙමින් හැඩ වෙමින් පෙනෙමින් සැඟවෙමින් දිවෙමින් පැටලෙමින් මඟ කියයි අනියමින් දවසකට මිලට ගත් සුලාලිත සිතුවමෙහි සොඳුරු තැන් සොය සොයා ඇවිදින්න මඳ අඳුරු මිහිරෙන් මත් ඇඟිලි තුඩගට... ...
මහතෙකු සිටී සොඳින් (?) සඳපහන කලකට ඉහත ගෙන ආ අලුතඑය කදිම කවි පොතකි මියුරු පබැඳුම් පිරි.. මත්ව තින්ත සුවඳින් වරින් වර සිඹි...බොහෝ දුර ගෙවා ගොස් මගෙ ලඟට යලි පැමිණි එය එකම එක කවකි අද ,පැරණි කඳුලක තෙත අකුරු අතරට වැටී වියළුණු..අමතක කල බව මොහොතකට අමතක වුන.. සොඳින් සිටිනා පිණිස 'මහතෙකු' විලස ...( මහතෙකු සිටී සොඳින් - පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත පද්‍ය සංග්‍රහයකි ) ...
මධ්‍යස්ථ ඌරෙක් සඳපහන දිය අගලකින් වටවුණ- මඩ ගඳ ඌරු කොටුවක්හරි මැද අයිතිකරගෙන - වැජඹුනා සූකරයෙක් වමට පය තිබ්බොත් - දකුණටත් යයි අඩියක්උතුරට ඇවිද්දොත් - අනික් අහටත් දුවයි සැරයක්නවතියි අන්තිමේ - හිටි තැනම ඒ උගේ හැටියක්ගරුසරුව ඇතුව කියැවෙයි“හා! මධ්‍යස්ථ ඌරෙක්” අගල අසලට ආ කල - නාඳුනන වල් (ඌරු) නඩයක්හෙලා දැක දැක දඩයම - හඬතලයි බිම උලා කුරයක්නත්තලට අවුරුද්දට - “පෝක්” වෙනකොට අසල්වැසියෙක්කුටුකුටු ගගා ...
ගොළු බෙල්ලා සහ කොලු-බෙල්ලා සඳපහන කොම්බුවක් වගේ කැරකුණ හරි අපූරු ගේ පොඩ්ඩෙන් හෙමින් පිටට ඉහ පොවමින් යන්න හදන හැම වෙලේම පුංචි ඇඟිල්ලෙන් හෙමිහිට පුංචි පුංචි තට්ටු දැමූ කුහුලෙන් දිළිහෙන ඇස් ඇති පුංචි එකෙක් උගේ ගමන පමා කළා..කලබල වී ඒ හැම සැරේම ගුලි ගැහුනා ඌ ගේ ඇතුලෙ ම..ඉතින් ඊට පස්සේ,ගොලුබෙල්ලා හෙමින් හෙමින් ඇවිද ගියා රිදී පාට ඌ ගිය මග මැකිලා ගියා පුංචි දවස් හරි වේගෙන් දුවල ...
ප්‍රශ්න !!! සඳපහන විබාගෙට නාහන බොහෝ දේ ඇත මුණගැහෙන අය බොහෝ විට අහනඑක පොතක් ඇතුලේ වත්,උත්තරය නොතිබුන දුක, සතුට මොකුත් නැති ඇල් මැරුණ හිනාවක් විතරක් ම මුව අගට උණවනහඳ එක්ක තනි වෙන්න හිතනකොට කළු වළා මතුවෙන පිනි පොදට බයේ මම දුවන් විත් කාමරේ ගුලිවෙන පිටු අතර ඇවිදලා වෙහෙස වුනු ඇස් නිදා නොනිදන ආයෙමත් පහුවදා වෙනදාට වගේම ඉර ඇවිළෙන විබාගෙට නාහන බොහෝ දේ ඇත ...
මෙතැන් සිට වත්.. සඳපහන ලිවෝය මෙතෙක් කතාව උන්..උන්ට ඕනෑ විදියට..කියවන්න තබා ළඟට ගන්නත් බැරිතරම් ..ගඳ ගහන පරිච්ඡේදඑකිනෙක..පෝලිමට හිටවා නොසෙල්වෙන්නට අණකොට.. කටු කම්බි වියරණින් කිටිකිටියේ හිරකොට..බලන් ඇහැ ඇර අවට එකම දැන්වීමකි හාත්පස ...විශ්වීය බසෙකින් සිත්සතන් අමතා කියන..ලේ කඳුළු දහදිය උවමනා කර ඇති වග හැරෙන්නට කැමතිආදරෙන්..සුවඳ තීන්ත බවට..මෙතැන් සිට වත් අකුරු කරනට අපේ කතාව ඇත්තට ම අපිට ඕනෑ විදියට...!!! ...
සඳ, ඇවිත් කොහොමද ? සඳපහන කොයි තරම් හිතාදර හඳකට වුනත් ඉන්න හිටින්න බැරි තරම් හැඩි වෙලා හරියට මේ ආකාස කුටිය..ඉරා විසි කල වලාකුළු කෑලි දැමූ පොඩි කර තාරකා ගුලි ඇඳුණු තැන තැන උල්කා ඉරි පැටලී ගැට ගැහුණු මන්දාකිනි වගක් නෑ ඕව ගැන දැන් මට..ඒත් සුදු සඳ,ඇවිත් කොහොමද ?? ...
තටු නොසිඳි හිත සඳපහන දැවී නලියයි නෙක පහන් වැටිසුළඟ පැටලෙන, වට පිට.. පලාපෙත්තෙකි තටු කපා ගත්සියතින්ම පෙර කලකට..බලා එළි දෙස දුරින් දිලිසෙන පණපිටින් යයි ඉවතට .. බිමින් ඇවිදිනඋට, ඉගිල්ලෙන හිතක් ඇත පෙර පිනකට.. ...