Objectvistලාගෙ අන්ත බදු විරෝධය රැන්ඩම් සිතුවිලි බදු වලට මගේ විශේෂ කැමැත්තක් නැහැ. ඒත් ඔබ්ජෙක්ටිවිස්ට්ලාගෙ මේ අන්ත බදු විරෝධය විකාරයක්. අයන් රෑන්ඩ් ට අනුව මිනිස්සුන්ට තියෙන්නේ ඍණ අයිතීන් (negative rights) පමණයි. ඔබ්ජෙක්ටිවිස්ට් රාජ්‍යයක එකම අරමුණ මිනිසෙක් තවත් මිනිසෙකුගෙ නිදහසට බාධා කිරීම වැළැක්මීම පමණයි. ඒ නිසා ඔබ්ජෙක්ටිවිස්ට්ලාට අනුව පොලීසියක්, උසාවි හා හමුදාවක් පවත්වාගැනීම රජයක කාර්යභාරය වෙනව. හැබැයි ඊට වැඩිපුර කිසි දෙයක් රජයක් නොකළ යුතුයි. කොටින්ම මේ කතන්දරේට අනුව ...
ධනවාදය, නිදහස් වෙළදපල සීයයට සීයක් ආතල් නැහැ රැන්ඩම් සිතුවිලි මම බොහෝ දුරට ධනවාදි අදහස් දරන්නෙක්. බොහෝ දුරට ලිබර්ටේරියානු අදහස් දරන්නෙක්. ඒත් මම මාව ධනවාදියෙක් හෝ ලිබර්ටේරියානුවෙක් ආදී වශයෙන් හදුන්වාගන්න අකමැතියි. ඒකට හේතුව මිනිසුන් තමන්ව එසේ හදුන්වාගත් පසු ඒ අදහස් ආගම්වාදීන් තම ආගම් අදහන ආකාරයටම irrational ලෙස විශ්වාස කරන්න පටන් ගැනීම. මමත් මනුස්සයෙක් නිසා මාත් ඒ වලට වැටෙන්න ඉඩ තියෙන නිසා මම එසේ නොවැටී ඉන්න උත්සහ කරනව. මම හිතනව සියලු දෙනාම තම විශ්වාසයන් හැකිතාක් දුරට ...
ආදරය මායාවක් නෙවෙයි. රැන්ඩම් සිතුවිලි Lord Acton වරක් දෙයක් පැවසුවා: “Power tends to corrupt, and absolute power corrupts absolutely. Great men are almost always bad men.” දඩයක්කාර යුගයේදි මානව සමාජය ඊට පසුව ඇති වුන කෘෂිකාර්මික සමාජයට වඩා සමානාත්මක සමාජයක්. දඩයක්කාර යුගයේදි බලවත් ගෝත්‍රික නායකයන් සිටියා අඩුයි. ඊට හේතුව සම්පත් හිගතාව. ඒ කෙසේ වෙතත් බලය නිසා මිනිසුන් (විශෙෂයෙන් පිරිමි මිනිසුන්) දුෂිත වීම පරිණාමිකව තේරුම් ගැනීම පහසුයි. ඔබ ඔබගේ ...