අපගේ කියුබානු සංචාරය - 09 වන කොටස - හවානාහී ගතකළ අවසන් පැය කිහිපය. ගමේ හිතවතාගේ විවිධ සටහන් *** දෙවන දිනය (5) හවානා වෙතින් නික්ම යාමට පෙර.... නගර සීමා පුවරුවවිප්ලවීය චතුරස්රයෙන් පිටත් වූ අප ඊලඟට පිවිසුනේ "El Cerro" ලෙස හැදින්වෙන (ස්පාඤ්ඤ භාෂාවෙන් El Cerro යන්නෙහි තේරුම කන්ද යන බව පැවසේ) නගර සභා ප්රදේශයටයි. 1976 වන තුරුම පැරණි හවනා නගරයේම කොටසක් ලෙස පැවති අතර මෙම නගර කොටස ආරම්භය 1803 වූ බව සඳහන්. නගර ආරම්භය එසේ වුවත් දහසයවන සියවසේ අග ...
08 වන කොටස - විප්ලවීය චතුරස්‍රය ගමේ හිතවතාගේ විවිධ සටහන් *** දෙවන දිනය (4) ප්ලාසා ඩී රෙවලූෂන්Plaza de la Revoluciónවිසිවන සියවසේ මුල් කාලයේ හවානා නගරය පුලුල් කිරීම සඳහා සැලසුම් සකස් කිරීමේදී; පැරණි, සෙන්ට්‍රල් සහ වෙඩාඩො වලින් සමන්විත සමස්ථ හවානා නගරයේ මධ්‍යට වන්නට වෙඩාඩොහී පිහිටි උස් ස්ථානය (Hill of the Catalan) උද්‍යානයක් ලෙස වෙන්කිරීමට තීරණය කරනලදි. පසුව මෙම භූමිය ප්‍රජා කටයුතු සඳහා භාවිතාවූ බව කියවේ. අක්කර 11 ක් පුරාවට ත්‍රැපීසියමක ...
කැනඩාවේ බලු කථා...(01) ගමේ හිතවතාගේ විවිධ සටහන් පසුගිය දවස් වල කියුබානු සංචාරය ගැන තොරතුරු ලියලා හෙම්බත් වෙලා. තව දින කිහිපයකම තොරතුරු ලියන්න ඕනෑ ඒක ඉවර කරන්න. වෙනින් මොනවාහරි ලියන්නත් හිතෙනවා.. පොඩි පහේ වෙනසකටත් එක්ක.. හිතවත් හෙන්රි මහතාත් (ඩූඩ්) මගේ පෝස්ට් එකකට දාලා තිබුණු කොමෙන්ටුවක තිබුණා "හරි. දැන් ලියපං උඹලා ඉන්න කැනඩාවෙ ගම්මානය ගැන. ඒ අවට දේවල්, කැනේඩියානු ජන ජීවිතය. අත්දැකීම්.." කියලා. ඉතින් මටත් හිතුනා පීලි මාරු කරන්න ...
අපේ වෙසක් ගමේ හිතවතාගේ විවිධ සටහන් දැනට වසර කිහිපයකට පෙර සාපේක්ෂව තරමක් දුර පිහිටි දුෂ්කර පෙදෙසක පදිංචියට යාමට සිදු වීමත් සමඟ සොයා බැලිය යුතු කාරණා කිහිපයක් විය. දරුවාගේ පාසැල, උතුරට වන්නට පවතින දැඩි ශීත දේශගුණික තත්වය, අපට හුරු කෑම (ලංකාවේ කෑම) වර්ග අපහසුවකින් තොරව සොයාගත හැකිද යන්න, ඉදලා හිටලා හෝ යාමට පංසලක්..... වැනි කරුණු ඒ අතර ප්‍රධාන විය. බොහෝ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් සොයා ගැනීමට හැකි ...
කැනඩාවේ ශීත කාලයෙන් බිදක්......⓪ ̯ ⓪ *$*?:( !!! ගමේ හිතවතාගේ විවිධ සටහන් "තවත් ශීත කාලයක් අත ළඟ ...... ⓪ ̯ ⓪ *$*?:( !!! " මාතෘකාව යටතේ; කැනඩාවේ වසර කිහිපයක සීත කාලය තුලදී මා ලැබූ මිහිරි මෙන්ම අමිහිරි අත්දැකීම් ස්වල්පයක් ඔබ හා සමඟ බෙදා හදා ගැනීමේ අරමුණින් ලිපියක් සැකසීමේ අදහසක් ඇතිවිය.මා පුද්ගලිකව ලැබූ අත්දැකීම් මෙන්ම ඊට අදාලව අන්තර්ජාලය හා අන් අයගෙන් අසා දැනගත් තොරතුරු ඇසුරෙන් පෙල ගස්වන්නට යෙදුනු මෙම ලිපිය, අවසානයේ තරමක් ප්‍රමාණයෙන් ...
තවත් ශීත කාලයක් අත ළඟ .......⓪ ̯ ⓪ *$*?:( !!! ගමේ හිතවතාගේ විවිධ සටහන් තද සීතල (මොහොතකට නොව) සෑහෙන වෙලාවකට අමතකව......කැනඩාවේ දේශගුණය පිළිබඳව කථා කරනවිටදී; බොහෝ දෙනෙකු තුල ඇතිවන්නේ කැනඩාව සැම විටම සීතලෙන් බරව ඇති රටක් ලෙසට වන සිතුවිල්ලකි. (මෙහි පැමිණීමට පෙර අපද එසේ සිතා සිටියෙමු) ඇතැම්විට හිමෙන් වැසී පවතින චිත්‍රයක්ද මැවෙනු ඇත. එය එසේවුවත්, අවුරුද්ද මුලුල්ලේම මෙහි එකිනෙකට වෙනස් විවිධාකාර දේශගුණික/කාලගුණික තත්වයන් ඇති වේ. සමහර කාල වලදී අත්දකින්නට ලැබෙනුයේ මැදපෙරදිග රටක ඇති තද ...
කැනඩාවේ බලු කථා...(02) ගමේ හිතවතාගේ විවිධ සටහන් අපූරු උපස්ථායකයෝ.....පසුගිය දිනක මා හට අහම්බෙන් වාගේ අසල වූ උද්‍යානයක් වෙත ගමන් කරන ආබාධිතයන් පිරිසක් දැකගන්නට ලැබුණා. ඔවුන් බොහොමයක් දෙනා සමග ඔවුන්ගේ වැඩකාර-බලු සුරතලුන්ද වීම එහි වූ විශේෂත්වයයි.වැඩකාර යැයි සදහන් කලේ; මෙවැනි ආබාධිතයන්ගේ ඇතැම් එදිනෙදා කටයුතු වලදී නන් අයුරින් උදව්-උපකාර කිරීමට සෑදී පැහැදී සිටින බලු උපස්ථායකයෝ. දෙපාරක් කල්පනා නොකල මා, යායුතු ගමනත් මොහොතකට අමතක කොට (සේයාරුවක්-දෙකක් ලබා ගැනීමේ අදහසින්) උද්‍යානය ...
ශීත කාලයේ තවත් තොරතුරු ස්වල්පයක් ගමේ හිතවතාගේ විවිධ සටහන් ඔබට යම් හෙයකින් මෙම ලිපියේ, කලින් පලකරන ලද මුල් කොටස් කියවීමට අවස්තාවක් නොලැබුණේ නම් සහ ඒසඳහා ඔබගේ වටිනා කාලයෙන් ස්වල්පයක් මිඩංගු කල හැකි නම්; පහත සඳහන් ලිංකු වලින් එම අදාල කොටස් වෙත යා හැකි බව කරුණාවෙන් සලකන්න.(1) තවත් ශීත කාලයක් අත ළඟ .......(2) කැනඩාවේ ශීත කාලයෙන් බිදක්...... පෙර කොටස් වලින්, ශීත කාලයේ අප හමුවට පැමිණෙන්නාවූ කුණාටු ඇතිවන ආකාරය පිළිබඳ කරුණු ...
07 වන කොටස - සෙන්ට්‍රො හවානා සහ වෙඩෙඩො ගමේ හිතවතාගේ විවිධ සටහන් *** දෙවන දිනය (3) සෙන්ට්‍රො හවානා සහ වෙඩෙඩොමැල්ලෙකොන් ජැටිය ඔස්සේ පැරණි හවානා නගරය පසු කලවිට පිවිසෙනුයේ, අධික ජනගහනයකින් යුතු මෙන්ම විශාල ලෙස මහල් නිවාස පිහිටා ඇති "සෙන්ට්‍රො හවානා" නගර ප්රදේශයටයි. ඉන් ඔබ්බට වන්නට ඇත්තේ "වෙඩාඩො" ලෙස හැදින්වෙන; අහස උසට ඉදිකෙරුණු තට්ටු ගොඩනැගිලි (සුකෝපභෝගී හෝටල්/ මහල් තට්ටු නිවාස සංකීර්ණ, රාජ්‍ය අංශයේ ගොඩනැගිලි..... ) වලින් සමන්විත හවානා නුවර ඇති ප්‍රධාන ව්‍යාපාරික ...
අපගේ කියුබානු සංචාරය (0-) - "සැන්ටා ක්ලේරා" & "ට්‍රිනිඩෑඩ්" ගමේ හිතවතාගේ විවිධ සටහන් Santa Clara (සැන්ටා ක්ලේරා) සැන්ටා ක්ලේරා නගරය කියුබාවේ විල ක්ලේරා පලාතේ අගනගරයයි. 17 වන සියවසේ අග භාගයේදී පමණ ආරම්භ වූ මෙම නගරයේ මුල් පදිංචි කරුවන් පවුල් කිහිපයකට අයත් වූ අතර ඉනුත් බහුතරය ප්‍රධාන පවුල් දෙකක සාමාජිකයන්ගෙන් සමන්විත වූ බවකුයි සඳහන් වන්නේ. මෙම හේතුව නිසාම මෙහි භූමීයේ වැඩිපුර කොටසක අය්තිය මෙම පවුල් දෙක අතර පැවතී ඇත.කියුබානු විප්ලවයේ අවසන් සටන පැවත ඇත්තේද ...
හේමන්තයේ අයිස් ********* ගමේ හිතවතාගේ විවිධ සටහන් ශීත කාලයේදී මා ලැබූ අත්දැකීම් සහ අසා දැනගත් තොරතුරු ඇසුරින් ලිපියක් සැකසීමේ අදහසක් ඇතිවිය. තනි පෝස්ටුවක් ලෙස සකස් කිරීමට ඇරබුණ මෙය, අවසානයේ කොටස් තුනකට වෙන්කොට පලකිරීමට සිදුවුයේ; ඊට අන්තර්ජාලය ඔස්සේ සොයාගත් තොරතුරුද එක්වී නොදැනුවත්වම ප්‍රමාණයෙන් විශාලවූ බැවිනි.සෑම වසරකම දෙසැම්බර් මස අවසානයේ සිට මාරතු මස මුල් සති කිහිපය දක්වා වන කාලය තදින්ම සීතල ඇතිවන කාල පරිච්ඡේදය වේ. මෙම කාල වකවානුව තුල ...
06 වන කොටස - යටත් විජිත හවානා ගමේ හිතවතාගේ විවිධ සටහන් *** දෙවන දිනය (2) හවානාහවානාකියුබානුවන්ගේ දේශපාලන, සංස්කෘතික හා කාර්මික හඳවත ලෙස සැලකෙන හවානා, කියුබාවේ අගනුවර වන අතර එය හබානා පලාතේ පිහිටා ඇත. හබානා කියුබාවේ කුඩාම පලාතද වේ. මිලියන දෙකක පමණ විශාල ජනගහනයක් මෙහි ජීවත් වේ.1519 දී පිහිටුවන ලද මෙම නගරය මැක්සිකෝව හා ඒ අවට තිබූ ලතින් අමෙරිකානු යටත් විජිත වලින් ලබා ගන්නා ලද රත්රන් සහ රිදී රැගෙන ස්පාඤ්ඤය බලා යන ...
05 වන කොටස - හවානා වෙත ගමේ හිතවතාගේ විවිධ සටහන් ***දෙවන දිනය (1) හවානා යන අතර මඟ... හෝටලය ඉදිරි පසඋදෑසනම හැද පැලද, කෑම ශාලාව විවෘත කිරීම සඳහා නියමිත වූ වේලාවට කෑම ශාලාව වෙත ගියද එහි දොරවල් විවෘතව නොතිබිණි. කෙසේ වෙතත් තවත් විනාඩි විස්සකට පමණ පසු දොරටුව විවෘත කළ අතර එයද අපට පෙර ශාලාව අසලට පැමිණ සිටි සංචාරකයන් කිහිප දෙනෙකු, කිහිප වතාවක් තරමක් දැඩිව දොරටුවට තට්ටු කළ පසුය.ඉක්මන් උදෑසන ආහාරයෙන් පසු, ...
04 වන කොටස - වරදේරො අර්ධද්වීපය ගමේ හිතවතාගේ විවිධ සටහන් ***පලමු වන දිනය වරදේරො අර්ධද්වීපය.....උදෑසන ආහාර ගැනීමෙන් පසු අද දිනය වරදේරො වල ගත කිරීමට පෙර දින අපි තීරනය කළෙමු. හෝටලයේ පිළි ගැනීමේ ශාලාවේ කියුබාවේ තොරතුරු සහ චාරිකා සංවිධාන තොරතුරු සඳහන් සඟරා තබා තිබීම සංචාරකයන්ට ඉතා පහසුවට කරුණකි. වරදේරො අර්ධද්වීපය.වරදේරො අර්ධද්වීපය, "ක්වාමා චැනල්" ලෙස හැදින්වෙන ඇල මාර්ගයෙන් කියුබාවේ ප්‍රධාන භූමියෙන් වෙන් වන අතර නැගෙනහිර දෙසින් නොගැබුරු "කාර්ඩිනස්" බොක්කත් බටහිර දෙසින් "ලැගුණා ...
03 වන කොටස - වරදේරො ගුවන් තොට ගමේ හිතවතාගේ විවිධ සටහන් ***වරදේරො ගුවන් තොටට පැමිණිමෙන් පසු.... කියුබාව කියුබානු සමූහාණ්ඩුව කැරිබියානු මුහුදේ පිහිටි දූපත් රටක් වන අතර; කියුබාව, ඉස්ලාඩිලා ජුවෙන්ඩඩ් සහ ආචිපිලාගෝස් නම් දුපත් වලින් සමන්විතය. කැරිබියානු කලාපයේ ඇති දූපත් අතුරින් කියුබාව වඩා විශාලතම කැරිබියානු දූපතද වේ. මෙය ඇමෙරිකාවේ ෆොලිරීඩා තුඩුවේ සිට සැතපුම් 90 ක් පමණ දකුණට වන්නට, පිහිනන කිඹුලකුගේ හැඩයට පිහිටා ඇත. හවානා එහි අගනුවර වන අතර, කියුබාව තුළ පිහිටි ...
02 වන කොටස - වරදෙරෝ වෙත ගමේ හිතවතාගේ විවිධ සටහන් *** වරදෙරෝ වෙත.....අපේ ගමන් විස්තරයඅපි ගමණ පිටත් උණේ 2011 නත්තල් දිනට පසු දින, අපේ නගරයේ තියෙන කුඩා ගුවන් තොටුපලින්. ඒ දින වල මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 18 පමණ වුවත්, සීත කබා මදකට අමතක කොට අප සාමාන්‍ය ඇදුම් වලින් සැරසුනේ උෂ්ණ පලාතක ඉදිරියට එන සුමානය ගත කරන බැවිනි.අපගේ ගමණාන්තය කියුබාවේ "මැතන්ෂාස්" කියන පලාතේ "වරදෙරෝ" අර්ධද්වීපය. මෙහි සිට එහි යාමට පැය ...
01 වන කොටස - හැඳින්වීම ගමේ හිතවතාගේ විවිධ සටහන් *** අවසරයි හිතවතුනේ..... කෙටි හැඳින්වීම.පසු ගිය දින වල මට අහම්භෙන් වගේ සිංහලෙන් ලියන ලද බ්ලොග් අඩවියන් සැලකිය යුතු ප්‍රමාණයක් දැක ගැනීමට ලැබුන අතර ඉඩ ප්‍රස්ථාවන් ලැබෙන ලැබෙන විදිහට ඒවා හැකි පමණින් රස විදී බව (සම්පාදිත සියල්ලටම ස්තුති පූර්වකව) මෙහි ලා සදහන් කරනුයේ හද පිරි සතුටිනි. ඒ අතුරින් වඩාත්ම මා සිත් ගත් ලිපියන් වූයේ; දේශීය සහ විදේශීය සංචාර වල විස්තර ...