සක්මන් සඳ කෙටි නැති හද (unshortened) මාර්ගය මිනිසුන්ගෙන් විනිර්මුක්තව තිබේ. ගෙදර බලා යන අවසන් කඩ වෙලෙන්දන් සාප්පු වසා දමා ගෙදර දුවන්නට සැරසෙති. නගර මධ්‍යය අමු සොහොනක් මෙනි. වෙලාව රාත්‍රී 9ට පමණ වන්නට ඇත.ඔහු කතාවකින් තොරවම රිය පදවයි. මට වෙහෙසක් දැනේ. දිනය නිම වී ඇත. නිවසට යා යුතුය. එහෙත් සිත පිරී නැතැයි හැඟෙයි.ඔහු නගර වීදියක රිය නවතා බැස ගනියි. යන්නේ කොහෙදැයි, කුමක් කරන්නේ දැයි කිසිදා මම නෑසිමි. ...
උදුම්බරා කෙටි නැති හද (unshortened) දස වසකට පෙර .... දෙසැම්බරයේ දවසක ... සන්ධ්‍යාව ඉතා අඳුරුය. ගුප්තය. අස්ථි කූඩුව දක්වාම සම ඇට නහර විනිවිද ගිය , දරාගත නොහැකි තරම් සීතලකින් සිත ආතුර කොට තිබේ. අක්බාර් පාලමෙහි මඳ පින්නෙන් තෙත්වූ සිමෙන්ති බැම්මෙහි දෑත් ගසා ගෙන මම බලාපොරොත්තු දල්වා සිටින්නේ කණාමැදිරි දකින්නටය.'අද කණාමැදිරිත් නැහැ' මා සිත කියවමින් , කලකට පෙර මා ලියූ අකුරු සිහිගන්වන්නටදෝ ඔහු බැම්මෙන් පහළ අඬා ...
සඳ දුටුවෙමි කෙටි නැති හද (unshortened) අවසන් දින එකක් නොව කිහිපයක්ම ගෙවී ගියේය. ඒ කෙසේ වෙතත් , ඒ අවසාන දිනය, නොසිතන මොහොතක මා වෙත එන බැව් මම දැන සිටියෙමි. උවමනාවෙන්ම හද තලා පෙලා, විටෙක බලෙන්ම රිදවා ගනිමින් මම නුදුරෙහි එන එම වේදනාවට පෙරහුරු වූයෙමි. අමනාපයක් නොදැනේ. මන්ද ඔහු මට ජීවිතය සමග සිනහසෙන අයුරු ඉගැන්වූ හෙයිනි.ඔහුගේ නිරන්තර උණුසුම ලද ඒ තෙමස මට සිහිවෙයි. ඒ මීට දශකයකට කලිනි. ...
අවසානයක් නොවූ එදින... කෙටි නැති හද (unshortened) අද මම අක්බාර් පාලම උඩ තනිවම සිටගෙන සිටිමි. මුලු මහත් ජීවිත කාලයටම අක්බාර් පාලම උඩ තනිවම සිටින්නේ පළමු වතාවටය. සිත්වින්දීගේ මිතුරියකගේ උපන්දින සාදය ට පැමිණි ජේත්තුකාර තරුණ අම්මලා මග හැර මම පැයක් දෙකක් නිස්කලංකේ තනිවීමට ඉටා ගතිමි. දසවසකට පෙර වූ ඒ අතීතය මිහිරිද අමිහිරිදැයි පැහැදිලිව වර්ග කිරීමට මම නොදනිමි. ඔහුත් මාත් එක් වතාවක් නොව සියක් වතාවක් පුරුද්දට මෙන් අක්බාර් පාලමෙහ්න් ...
නිදහසේ සුලඟ කෙටි නැති හද (unshortened) 'අනේ....'ගම දෙවනත් කරමින් පැමිණ නැවතුනු බයිසිකලය දැක මම දුර්මුඛ වෙමි. ඔහුගේ දෑස් මගේ විස්මය සහ බිය දැක එලිය වෙයි. 'මොකද? ඉක්මනට මේක දාගෙන නගිනව !' හෙල්මටයක් පාමින් ඔහු ආයිත් ගම දෙක වෙන්නට බයිසිකලය රේස් කරයි. 'කොහෙන්ද මේ කරත්තෙ හොයා ගත්තෙ?' කිසිදා නැග නැති මේ හුචක්කුවට නැගීම පසෙක තබා මා ගෙදර යන්නට සූදානම්ය. මොටෝ සයිකල් වලට මම දක්වන්නේ භයක් නොව එය ...
Never the Same Moment ! කෙටි නැති හද (unshortened) එදා වෙනදාට වඩා බොහෝ වේගයෙන් රාත්‍රිය එලැඹි දිනයකි. ඒ කලකට ඉහත සීතල දුරුත්තය. අහස උසට නැගී සිටි උස ගස් අප දෙසම එබී බලන ඉරියව්වෙන් රිය ඉදිරිපස වීදුරුවට නෑමී සිටින්නාක් මෙන් මට පෙනෙයි. හාත්පස කරුවල බලා සිටියදීම වෙලා ගනියි. සීතලෙන් හිරිගඬු පිපෙද්දී වැස්ස ආලයට ඉඟි කරයි. ආලයෙන් මත්වූ දෙදෙනෙකුට මීටත් එහා සොබාදහමෙන් ආශිර්වාදයක් අවැසිද?වම් පසින් වේගයෙන් ගලා යන දොල මහවැලි ඉවුරේ ...
එක හැන්දෑවක .. කෙටි නැති හද (unshortened) හාත්පස අඳුර හෝ එලිය නොපෙනෙන විසල් පෙම් තුරු වියණ වෙත හීනි රතු හිරු බිඳිත්තක් වැටෙයි. එහෙත් එයින් විසල් තුරෙහි අප හිඳ සිටි අතු කඳට එලිය නොවැටෙයි. එක් පයක් පොළවෙහි ගසාගෙන, අනෙක් පය අවිනීත නොසැලකිල්ලකින් අතු කඳෙහි රඳවාගත් හෙතෙම , දෑත් හිසට යටින් තබාඑන සුවසේ තුරු හෙවණෙහි නිදයි. නොනවත්වා ඇරෙන වැසෙන ඇස් වලින් අහස සහ තුරු හිස දෙස බලා සිටියි. නිහඬතාවය ...
කණාමැදිරි එලි කෙටි නැති හද (unshortened) සුපුරුදු රිය නැවතුමෙහි මම ආයෙත් හවසක නැවතී සිටිමි.මට හෝරා දෙකක් මෙහි කල් තිබේ. ඒ හෝරා දෙක තුල අන් එකද සිතුවිල්ලකින්වත් මගේ මනසට ආලෝකය නොවැටිය යුතු වෙයි. එහෙයින් මම යෝධ පෙම් තුර අස්සෙන් පෙනෙන අක්බාර් පාලමට පමණක් එබෙමින් සිතෙහි අනෙකුත් ජනෙල් පියන් වසා දමමි.දිවා කල පොළොවෙන් උණා ආ දාහය සෙමෙන් සැන්දැවේ සිසිල සමග මුසු වෙයි. ඒ වෙලාව තුල තිබෙන්නේ උණුසුමත් නැති ...
එකත්පස්ව උන් සිත කෙටි නැති හද (unshortened) සිත්වින්දීගේ අම්මා අදත් පේරාදෙණියෙහි යෝධ පෙම් තුර අසල මාරුතියෙහි හිඳ සිටින්න්නීය.සුක්කානමට හිස ගසා ඈ ඇගෙන්ම පැනයක් අසන්නීය. .'බට්ටී , උඹ ඇත්තටම එයාට ආදරේ කලාද?ඔව් මම එහෙම කළා.'ඒක එයාගෙ ගැන හිතේ පිරිච්චි ලොකූ අනුකම්පාවක් උදව් කිරීමක් වගෙ හැගීමක් වෙන්න බැරිද? 'එහෙම නැහැ. මම එයාට කවදාවත් අනුකම්පා කලේ නැහැ.'එහෙමත් නැතිනම් ඒක ඔයාගෙ බොලඳ තරුණ හිතේ එයා ගැන ඉපදුනු වීරත්වයක් වගේ අභිමානයක් වෙන්න ...