උණ්ඩ තුන බම්බා හන්දිය ඔන්න ඉතින් පොඩි කතාවක් කොටන්න තරම් විවේකයක් ලැබුනා. මේක මට ඊයකින් ලැබිච්ච එකක්. හරි ඔන්න එහෙනම් කතාව.ඔන්න එක ගෑණු කෙනෙක්ට බබාලා තුන්දෙනෙක් ලැබෙන්න හිටියා. ඒ කියන්නේ තුන් නිවුන් දරුවෝ. දවසක් මේ ගෑණුකෙනා බැංකුවක් ගාවින් යනකොට සද්දයක් ඇහිලා හැරිලා බැලුවා. එයා දැක්කා මූණ වහගත්තු හොරුන් පිරිසක් බැංකුව කොල්ල කනවා කියලා. එයාට බයට කෑ ගැහුනා. මේකෙන් කලබල වෙච්ච හොරෙක් මේ ගෑණු කෙනා ...
සමාගම් ප්‍රතිපත්ති බම්බා හන්දිය ගොඩක් කාලෙකට පස්සේ ආයිත් පොඩි විවේකයක් ලැබුනා අලුත් ලිපියක් ලියන්න. මොකක් ලියන්නද කියලා හිත හිත ඉන්නකොට මතක් උනා කලින් අහල තිබ්බ කතාවක්. මේක ගොඩක් කට්ටිය කලින්ම අහල ඇති. එත් ඉතින් ලියන්න ඕනෑ කියල හිතපු නිසා ඔන්න ලියනවා.කූඩුවක් මැද ලණුවකින් බැඳී කෙසෙල් ඇවරියක් එල්ලන්න. ඊට යටින් පඩිපෙලක් සකස් කරන්න. එනම් මෙම පඩිපෙළ නැග ගොස් කෙසෙල් අවරිය ලබාගැනීමේ හැකියාව තිබිය යුතුය. එලෙසම ...
ටොමියා බම්බා හන්දිය ඔන්න කොල්ලෙක් ගියා එයාගේ පෙම්වතියගේ ගෙදරට, කෙල්ලගේ දෙමවුපියෝ හම්බ වෙන්න. මීට කලින් කෙල්ලගේ අම්මාවයි තාත්තාවයි හම්බ වෙලා නැති නිසා කොල්ල ටිකක් විතර බයෙන් බයෙන් තමයි ගියේ. ඉතින් කොහොම හරි ගෙදර සාලෙට වෙලා තමන්ගේ අනාගත මාමණ්ඩි, ඒ කියන්නේ කෙල්ලගේ තාත්තා එක්ක කතා කර කර ඉන්නකොට ටික වෙලාවකින් නැන්දම්මා හෙවත් කෙල්ලගේ අම්මා ඇවිත් කට්ටියට කෑම කාමරයට කතා කළා. කට්ටියම කෑම මේසෙට ගිහින් ...
නරකාදිය සහ සාන්තුවරයා... බම්බා හන්දිය "මචං, පොඩි ප්‍රශ්ණයක්.... සමහරුන්ට ගොඩක් සංකීර්ණ ප්‍රශ්ණ උනත් ලේසියෙන්ම විසදගන්න පුළුවන් වෙනවා.. ඒ වගේම සමහරුන්ට පොඩි පොඩි ප්‍රශ්ණ පවා ගොඩක් සංකීර්ණ වෙලා වතුර වීදුරුවක උනත් ගිලිලා මැරෙන තරමට පත් වෙනවා..." සිරිල් තමන්ගේ මිතුරාගෙන ඇහුවා."හිටපංකෝ මම උඹට කතාවක් කියන්න..."ඔන්න එක කාලෙක ජීවත් උනා එක මිනිහෙක්.. අනුන්ට කරුණාව, සෙනෙහස දක්වන එක එයාගේ ආත්මයේ ගැඹුරින්ම තිබ්බා. කොච්චර තිබ්බද කිව්වොත් ඒ මනුස්සය මැරුණම කෙලින්ම ...
හැන්ද බම්බා හන්දිය ඔන්න එක මහත්තයෙක් රාත්‍රී ආහාරය ගන්න නගරයේ පිහිටි සුපිරිම ආපන ශාලාවකට ගියා. ගිහින් සුව පහසු තැනක තිබිච්ච මේසයක වාඩි වෙලා වේටර් එනකන් බලන් හිටියා. ඒ අතරේ මෙයා දැක්ක එතනින් ගිය තවත් වේටර් කෙනෙක්ගේ සාක්කුවේ හැන්දක් තියෙන එක. ටික වෙලාවකින් තමන් වාඩිවෙලා ඉන්න මේසයේ සේවය කරන වේටර්වරයා ආවම තමන්ට ඕන කරන කෑම බීම ඕඩර් කරන අතරේදී දැක්කා මේ වෙටර්ගේත් සාක්කුවේ හැන්දක් තියෙනවා. ඉතින් කෝකටත් ...
ගෙම්බා බම්බා හන්දිය මේ කතාවනම් ගොඩක් දෙනෙක් දන්නා, ඒ වගේම ගොඩක් දෙනෙක් අහලත් ඇති කතාවක්. ඒත් මම මේක බම්බා හන්දියේ දාන්න කියල හිතුවා. පොඩ්ඩක් හිතල බලලා හිනාවෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.ඔන්න කොල්ලෙක් ඉන්නවා ලු. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්, ඒ කියන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්. මෙයා නිවාඩු දවස්වල කලේ ලග තියෙන ගඟකට ගිහින් මාළු බාපු ඒක.දවසක් මෙහෙම මාළු බාමින් ඉන්නකොට ඇහුනා සද්දයක් "මාව ගන්න, මාව ගන්න"...ඉතින් ...
ඔයා නියමයි... බම්බා හන්දිය මේක ඇත්ත කතාවක් කියලා තමයි සඳහන් වෙලා තිබ්බේ. මේක සිද්ධ වෙන්නේ පැරීසියේ, අවුරුදු කීපයකට කලින්. කට්ටිය දන්නවනේ ඔය ඔපෙරා කියන තැන්, අර "ඔපෙරා හවුස්" කියන්නේ? මේ කතාව වෙන්නේ ඔය වගේ ඔපෙරා කියන තැනක.ඔන්න එක්තරා සුප්‍රසිද්ධ ගායකයෙක්ගේ ප්‍රසංගයක් සංවිධානය කරලා තිබුනා මේ ඔපෙරා ශාලාවේ. විශාල මුදලක් අර ගායකයාට දීල තමයි කොන්ත්‍රාත්තුව අත්සන් කරලා තිබ්බේ. මේ ගායකයාගේ ප්‍රසිද්ධිය නිසාම විශාල පිරිසක් ප්‍රසංගය ...
ණයක් ගන්න පුළුවන්ද ? බම්බා හන්දිය හැමදාම විහිළු කතා, ආදර්ශමත් කතා ලිය ලිය ඉදලා එකපාරට හිතුනා, ඇත්තටම වෙච්ච කේස් එකක් දාන්න. මේක පහුගිය දවසක, මට මතක විදිහට පහුගිය සතියේ වෙච්ච කතාවක්. ඔන්න කතාව.කතාවට කලින්, මේ කතාවට දායකත්වය සපයන නළු නිළි පිරිස ගැන හැදින්වීමක් කරලා ඉන්නම් කෝ. මේකෙදී සල්ලිකාරයාගේ චරිතය රඟපාන්නේ, ඒ කියන්නේ ණය දෙන්න හදන්නේ මම. ඔව් බොලව්, ආගන්තුකයා තමයි. ණය ඉල්ලන්න එන්නේ මගේ යාලුවෙක්. අපි ...
බේබද්දාගේ නිරීක්ෂණය බම්බා හන්දිය ඔන්න ඒක ගෑණු කෙනෙක් සුපිරි වෙළඳ සැලකට (ඒ කියන්නේ සුපර් මාකට් එකකට) ගිහින් ගත්තලු,කිරි ලීටර් 1 බෝතල් 1 යි,බිත්තර 12 පැකට් 1 යි,දොඩම් යුෂ ලීටර් 1 බෝතල් 1 යි,ගෝවා ගෙඩි 1 යි,කුඩු කරන ලද කෝපි කුඩු පැකට් 2 යි,ශීත කරන ලද මස් ග්‍රෑම් 500 යි.සම්පූර්ණ කතාව » ...
සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ... බම්බා හන්දිය ඔන්න එක බාර් එකක ටිකක් විතර මහළු ගොවියෙක් වාඩි වෙලා පැයක් විතර කාලයක් බිබී ඉන්නවා. ටික වෙලාවකින් එතනට ආපු යාලුවෙක් මේක දැකලා ටිකක් විස්තර හොයන්න ඕන කියන බලාපොරොත්තුවෙන් ගොවියාත් එක්ක කතාවට සෙට් උනා."මොකද බන් මේ වගේ ලස්සන දවසක උදේ පාන්දර බොන්න පටන් ගත්තේ ?""සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ...." ගොවියා උත්තර දුන්නා."ම්ම්ම්ම්ම් මොකක්ද උනේ ඔච්චර අවුල් වෙන්න තරම්?" ...
පුස්තකාලෙක කතාවක් බම්බා හන්දිය ඔන්න මම තව පොඩී කතාවක් දාන්නයි යන්නේ. ඇත්තටම මේක ගොඩක්ම පොඩි කතාවක්. පොඩියි කියන්නේ පොඩිම පොඩි එකක්. හරි පිස්සු කියෙව්වා ඇති නේ? ඔන්න එහෙනම් කතාව.ඔන්න එක්තරා පුස්තකාලෙකට ආවා කොල්ලෙක්. මොකටද ආවේ කියල මමනම් දන්නේ නැහැ. ඉතින් මේ කොල්ලා ඇතුලට යනකොට දැක්කා කෙල්ලෙක් වාඩිවෙලා ඉන්නවා. එතන හිස් පුටුවක් තිබිච්ච නිසා එතන වාඩිවෙන්න හිතාගෙන ගිහින්, කෝකටත් කියල කෙල්ලගෙන් හෙමීට ඇහුවා,"මේ මම මෙතන ...
ව්‍යාපාරිකයා සහ ආදායම් බදු බම්බා හන්දිය ඔන්න එක දවසක ධනවත් ව්‍යාපාරිකයෙක්ට ලියුමක් ලැබුණා. දිග ඇරලා බැලුවම එයාට තේරුනා තමන්ව ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බව. මේක ලැබිච්ච වෙලාවේ ඉඳන් ඒ ව්‍යාපාරිකයා ගොඩක් කලබලෙන් පසු උනා.කොහොම හරි යන්න ඕන නිසාත්, කිසි කරදරයකට පැටලෙන්න අකැමති නිසාත්, එයා තීරණය කළා කොහොම හරි අදාළ දවසේ ආදායම් බදු නිලධාරීන් හම්බවෙලා මොකක් හරි පිලියමක් යොදනවා කියලා.ඉතින් කල්පනා කර කර ඉඳලා අන්තිමේදී තමන්ගේ ...
චාටර්ම වයස බම්බා හන්දිය ඔන්න එහෙනම් තවත් කතාවක්. මේක ටිකක් වයසක පොරවල් සම්බන්ධ කතාවක්. ඔය ඉතින් කවුරුත් දන්නවා නේ මෙයාල ඉදල හිටලා ඔය එක එක කතාවලට සෙට් වෙනවා කියල.එක දවසක් වයසක සීයලා තුන්දෙනෙක් ලොකූ කතාවකට සෙට් වෙලා ඉන්නවාලු හොටෙල් එකක. කතාවේ මාතෘකාව උනේ "චාටර්ම වයස" මොකක්ද කියන එක. ඔන්න ඉතින් එක එක්කෙනා තමන්ගේ මතයන් ප්‍රකාශ කරමින් සිටිනවා."අවුරුදු 50 තමයි චාටර්ම වයස, හැමතිස්සෙම දැනෙනවා චූ ...
නිර්වස්ත්‍ර කොලනිය බම්බා හන්දිය ඔන්න ළමයි තවත් පොඩි කතාවක්.... පහුගිය දවස්වල දාපු කතා ඔක්කොම ටිකක් විතර වල පැත්තට බර ඒවා කියලා කීප දෙනෙක්ගෙන්ම පැමිණිලි ආවා. ඉතින් මම හිතුවා වල් නැති කතාවක් හෙවත් නොවල් කතාවක් ලියන්න. බයිලා ඇති නේ. කතාවට බහිමු එහෙනම්. කලින්ම කිව්වා ඔන්න මේක හිනා යන කතාවක් නම් නෙවෙයි.ඔන්න එක මනුස්සයෙක් ට්‍රිප් එකක් ගියා නිර්වස්ත්‍රව මිනිස්සු ඉන්න කොළනියකට. අර ඉංග්‍රීසියෙන් කියන්නේ Nudist Colony ...
උසාවියට ගිය ආච්චී බම්බා හන්දිය ඔන්න ආච්චි කෙනෙක්ව උසාවියට කැදෙව්වා.විත්තියේ නීතීඥයා: ඔයාගේ වයස කීයද ?ආච්චී: මට දැන් 88ක් වෙනවා.විත්තියේ නීතීඥයා: කරුණා කරලා ඔබගේම වචනවලින් කියනවද මොකක්ද උනේ කියලා ?ආච්චී: මම ගිය සතියේ දවසක උදේ මගේ ගෙදර සාලේ තියෙන ඔන්චිල්ලාවේ මගේ පාඩුවේ වාඩිවෙලා පොඩි රෙස්ට් එකක් ගත්තා. ඒ වෙලාවේ තරුණ කොලු ගැටයෙක් වත්තේ වැටෙන රිංගලා ඇවිත් ඔන්චිල්ලාවේ මගේ ළඟ වාඩි උනා.සම්පූර්ණ කතාව » ...
ඔබත් පොහොසතෙක් ද ? බම්බා හන්දිය ඔන්න එහෙනම් තවත් ආදර්ශමත් කතාවක්... මේක සිද්ද වෙන්නේ ගොඩක් ධනවත් පවුලක.ඔන්න එක කාලෙක හිටියා ගොඩාක් ධනවත් මනුස්සයෙක්. එයාට හිටියා පුතෙක්. දවසක් මේ ධනවතාට හිතුන තමන්ගේ පුතාව විනෝද ගමනක් එක්කන් යන්න. මේ විනෝද ගමනේ පරමාර්ථය උනේ දුප්පත් මිනිස්සු ජීවත් වන විදිහ පෙන්නන්න. විනෝද ගමනේ ගමනාන්තය ඉතා දුප්පත් පවුල් ජීවත් වන ඈත ගම්බද පලාතක්.ඉතින් කොහොම කොහොම හරි සතියක් විතර මේ ගම්බද පළාතේ ඉතාමත් ...
ඉබි පවුලේ විනෝද ගමන බම්බා හන්දිය පොඩි නිවාඩුවකට පස්සේ හිතුනා තව ලිපියක් දාන්න... දිගටම විහිළු කතා ලියන එකේ පොඩ්ඩක් ආදර්ශයකට ගත හැකි කතාවක් දාමු කියලා හිතලා තමයි මේක ලියන්නේ. ඔන්න එහෙනම් කතාව. මේ කතාව නම් ආච්චිලා හරි නාකි සීයලා හරි සම්බන්දයෙන් නෙවෙයි. කොටින්ම මේක ඉබි කතාවක්. සමහරු කලින්ම මේක අහලත් ඇති. අහල නැති අයට කියවන්නයි, කියවල තියෙන අයට ආයිත් මතක් වෙන්නයි මේ කතාව දානවා. ඔන්න කියවන්න.ඔන්න ...
ආදරේ කරන්න හේතුව බම්බා හන්දිය ඔන්න හැමදාම විහිළු කතා ලිය ලිය ඉදල එකපාරටම ටිකක් සීරියස් කතාවක් ලියන්න හිතුනා. මේක ඇත්තටම ඉස්සර මම අහල තිබ්බ කතාවක්. දැන් මේක ලියන්න හිතුනේ එක්කෙනෙක්ව මතක් වෙලා. අපි දෙන්න කතා කර කර ඉදිද්දී මම එයාට කිව්වොත් "මම ඔයාට ආදරෙයි" කියල එයා හැරෙන තැපෑලෙන්ම අහනවා "ඒ මොකද ඔයා මට ආදරේ ?" කියලා. දීපල්ලාකෝ ඕවට උත්තර. ඉතින් හැමදාම වගේ මට දීගන්න උත්තරයක් ...
මගේ වයස කීයද ? බම්බා හන්දිය ඔන්න තවත් නාකි කතාවක්... මේකේ එක ආච්චි කෙනෙක් ගැන තමයි කියවෙන්නේ.ඔන්න එක ආච්චි කෙනෙක් තීරණය කළා ලු, තමන්ගේ උපන් දිනය දවසේ ඔය බියුටි කචල් කරන තැනකට ගිහින් තමන්ගේ මුණේ තියෙන ඔය රැළි එහෙම අයින් කරලා, පොඩි ෆේෂල් එකක් එහෙම දාලා පොඩ්ඩක් හැඩ වෙන්න. එයා ඒ වෙනුවෙන් රුපියල් 40,000 විතර වියදම් කළා. වැඩේ කෙරුණට පස්සේ තමන් ගැන පොඩි ආඩම්බරයක් ආව ලු ...
රස්සාව බම්බා හන්දිය ඔන්න එහෙනම් තව එකක්... මේක ඉතින් රස්සා සම්බන්ධ කතාවක්. මේක කියවලා කට්ටිය මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ. මොකක් උනත් ඔන්න කතාව එහෙනම්.ඔන්න ඒක මනුස්සයෙක්, ඇත්තම කිව්වොත් කොල්ලෙක්, ගියාලු තැපැල් කන්තෝරුවකට (අර පෝස්ට් ඔෆිස් කියන්නේ). ගියේ රස්සාවකට අයදුම් කරන්න. ඔන්න ඉතින් එදාම රස්සාවට අයදුම් කරලා ඉන්ටර්වීව් එකත් එදාම සෙට් උනාලු.සම්පූර්ණ කතාව » ...