ජීවත්වන්නට වඩා අවසන් ගමනට දරන වියදම Milinda Prashna 2012.07.25 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ලෝක ජනගහනය වැඩි වෙමින් පවතී. සෞඛ්‍ය සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව මිනිසුන්ගේ ජීවිතාපේක්ෂාව නංවන්නට සමත්ව ඇත. ලෝකය පුරා දිනපතා බිහිවන දරුවන් ජන සමාජයට දල්වන්නේ පී‍්‍රතියයි. නමුත් ජීවිත ජීවත් කිරීම ලෝකයේ හැම රටකටම සැලකිය යුතු ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. ඉඩම, ආහාර, ජලය සමාජ සුරක්ෂිතභාවය යන හැම එකකම අසමානතා වැඩෙමින් ඇති බව පෙනේ. ඉපැදීම සතුට දනවන සමාජයක ...
නඩු යන්නෝ වැනසෙන්නෝ Milinda Prashna 2019/05/29 – ලංකාදීප නඩු යන්නෝ වැනසෙන්නෝ යනුවෙන් ජන ව්‍යවහාරයක් තිබේ. නඩුවක පැටලීම ව්‍යසනයක් යැයි එකල තහවුරු වන්නට ඇත. අදට ද විවාදාත්මකය. අධිකරණය අරභයා එක්තරා භීතියක් තිබේ. එය අනව්යශ්යය. ගෞරවයක් තිබිය යුතුය. එය වෙනත් කාරණයකි. හැම දෙයකටම සීමාවක් තිබේ. අද වන විට අධිකරණයේ නඩු පවරන ස්වභාවය රට තුළ සුලබය. අධිකරණයෙන් තීරණය කළ යුතු දෙයටත් නැති දෙයටත් නඩු පැවැරීමට නැඹුරු වී ...
සාගර සම්පත් වෙනුවෙන් සැලැස්මක් Milinda Prashna 05/03/2014 – මිලින්ද මොරගොඩ රටවලට හිමි සාගර සීමා නීර්ණය කිරීමේ ජාත්‍යන්තර සමුලූව අනුව ශ්‍රී ලංකාවට හිමි මුහුදු සීමාව ඉදිරියේදී තවත් පුලූල් වනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එයට අවශ්‍ය පසුබිම වෙනුවෙන් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුව තිබේ. වසර තිහක කාලයක් යුද ගැටුම් මැද පැවැති ශ්‍රී ලංකාවට මහ මුහුදෙන් ප්‍රයෝජන ගන්නට ඇති අවස්ථා සීමිත විය. ආරක්ෂාවට බලපෑ හේතු සාගර සම්පත් ගවේශනයට ...
මහෞෂධ පඩි වැනි බුද්ධිමතකු අදට ඕනෑ Milinda Prashna 2018/11/21 – ලංකාදීප මෑත කාලයේ ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය අපේක්ෂා නොකළ වෙනස්කම්වලට ලක්විය. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර තීරණ නොගැලපීමක් වාර්තා වී තිබේ. පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ බලය අධිකරණය තුළ තර්ක කරන තත්ත්වයක් පැන නැගී ඇත. ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. බි්රතාන්යයට යටත් ව තිබුණ රට නිදහස ලබන විට සර්ව ජන ඡන්ද බලය ලැබුණි. ඡන්දයෙන් තෝරා ගන්නා නියෝජිතයෝ පාලනය කරන ...
දුප්පත්කමක් නැති ලෝකය කුමක් වැනි Milinda Prashna 2013.11.20 -ලංකාදීප – මිලින්ද මොරගොඩ ජාත්‍යන්තර ප්‍රජාව දුප්පත්කම ගැන අවධානය යොමු කළේ කලකට කලින්ය. දරිද්‍රතාවයෙන් මුදවාගෙන ලෝකය යහපත් තැනක් බවට පත්කරන්නට සමාජ බලවේග නොයෙක් වැඩසටහන් ක්‍රයාත්මක කර ඇත. ජන සමාජයේ යම් කොටසක් පීඩා වි`දින දුගී දුප්පත්කම අදටත් ඕනෑම රටක් මුහුණ දෙන සෑහෙන ගැටලූවකි. නමුත් මුහුණුවර සහමුලින්ම වෙනස් ස්වභාවයක් ගෙන තිබේ. අන්ත දුගීභාවය ගැන කතා කරනවා වෙනුවට ජනතාවගේ ජීවන මට්ටම ...
නස්රුදීන්ගේ එල්ලා මැරීම Milinda Prashna 2019/07/03 – ලංකාදීප නස්රුදීන් ගේ උපහාසාත්මක කතා ලෝක ප්රකටය. දහ තුන්වැනි සියවසේ දී ඔහු ජීවත් වූ ප්‍රදේශය දැන් තුර්කිය ට අයත්ය. එකල එහි විසූ පාලකයා නගරයට අනවශ්‍ය මිනිසුන් පැමිණීම වලකනු සඳහා නගර ද්වාරයේ එල්ලූම් ගසක් ස්ථාපිත කළේය. මිනිසුන් සත්‍යගරුක විය යුතු බව කියා සිටි හෙතෙම නගරයට ඇතුළුවන අයගෙන් ප්‍රශ්න අසා ඔහු හෝ ඇය අසත්‍ය ප්‍රකාශ කරන බව ඒත්තු ගියහොත් ...
වෙසක් මාසේ බුද්ධ භාෂිතය හැදාරමු Milinda Prashna 2019 05 15 – ලංකාදීප වෙසක් මාසය බුද්ධ භාෂිතය හැදෑරිය යුතු වකවානුවකි. පංචශීලයෙහි සමාදන් වූ බෞද්ධයෝ බොරු නොකියති. පංච ශීලය ගිහියෙකු ආරක්ෂා කරන අවම ප්‍රතිපදාවකි. බොරු කීම හා අසත්‍ය ආරංචි පැතිරවීම යන කරුණු දෙකම එකම ගනයේ ලා සැලකිය යුතු වැරදිය. පාස්කු ඉරිදා දිනයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව, ඉනික්බිතිව ආරක්ෂක අංශ කළ සෝදිසි මෙහෙයුම් වල දී සොයාගත් අවි ආයුධ ...
දේශසීමා බෙදීම් නැති රාජ්‍ය පාලනයකට මග Milinda Prashna 2014/04/02- මිලින්ද මොරගොඩ රුසියාවේ හමුදා භටයන් යුක්රේනයේ කි‍්‍රමියාව ප්‍රදේශය ආක්‍රමණය කළේ නොබෝදාය. එහි පාලනය අතට ගත් රුසියාව මහජනතාවගේ කැමැත්ත විමසා බැලීම ස`දහා ජනමත විචාරණයක් පනත්වන ලදී. කි‍්‍රමියානු වැසියන්ගෙන් බහුතරයක් රුසියාව සමග එකතුවන බවට කැමැත්ත පළකරන ලද බව අනාවරණය වූයේ එහි ප්‍රතිඵලය නිකුත්වීම සමගය. දෙරටෙහි පාලකයෝ ගිවිසුම් වලට අත්සන් තබා යුක්රේනයෙහි නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රිමියාවේ පාලනය රුසියාවට නතු කර ගත්තේය. හමුදාවක් ...
අඩු වියදමක් Milinda Prashna 2017.09.20 – ලංකාදීප ශ්‍රී ලංකාව අති සුඛෝපභෝගී රටක් නොවේ. ජීවන මට්ටම උසස් තැනෙකට පත් වෙමින් සිටින රටකි. පොදු ජනතාව සිය වේල, දෙවේල පිරිමහගන්නේ අරපිරිමැස්මෙන්ය. අලූත් වාර්තා අනුව මෙරට ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා දරන්නට සිදුවන වියදම කලාපයේ වෙනත් රටවලට සාපේක්ෂව ඉහළ එකකි. ජීවන මටට්ම හොඳ තැනෙකට පත්වන තෙක් රට තුළ වියදම පාලනය කරගැනීම හා තමන්ට ලැබෙන මුදල කළමණාකරණය ගැන ...
එකමුතුව ඇති කරන නව පෙරැළියකින් රට තුළ වෙනසක් Milinda Prashna සෞභාග්‍යය පදනම් කරගෙන උදාවූ අලූත් අවුරුද්දේ අසිරිය තවමත් ජන හදවත් තුළ පවතී. අනන්‍ය සංස්කෘතික අංග සහ වතාවත්වල යෙදෙමින් තමන්ට හැකි පමණින් අවුරුදු සමරන ලද බව පැහැදිළිය. ජන සමාජයේ සියලූම දෙනාට පොදු අරමුණකින් එකම ආකාරයකට අලූතෙන් කාර්යය අරඹන්නට අවුරුද්ද පදනමක් විය. අලූතින් අපේක්ෂා ඇති කරගන්නටත් එහි දී අවස්ථාව ලැබිණ. දරු පවුල් එකතු වී සුහදතාවයෙන් සහ සාද කතා බහ වලින් බලාපොරොත්තු ...
බුදු දහම පතුරවන විනය සංගායනාවක් Milinda Prashna 2012.07.04 – ලංකාදීප – මිලින්ද මොරගොඩ බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ බරණැස මිගදායේ දී, දම් සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලද බව සඳහන්ය. ඇසල මස පොහොය දිනකය. අරිට්ඨ කුමරු ප්‍රධාන ලාංකික තරුණන් පනස් හය දෙනෙකු මහණ උප සම්පදාව ලැබුවේ ද ඇසල මස පොහොය දිනයෙක බව ඉතිහාසය කියයි. බුද්ධ වර්ෂ 2260 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු සියම් රටින් උපාලි මහ තෙරුන් ...
යුද බිමේ අභියෝග සහ සාමාන්‍ය ජීවිතයට හුරුවීම Milinda Prashna 13.06.2012- ලංකාදීප – මිලින්ද මොරගොඩ ගෙවී යන සියවසේ ඇති වූ යුද්ධ ගණනාවකි. යුද ගැටුම් සමග බිහිවූ යුදකාමී රටවල් වෙති. යුද මානසිකත්වය හා යුද තාක්ෂණය එයත් සමග වර්ධනය විය. මිනිස් යුද්ධයකට වඩා තාක්ෂණික යුද්ධයක් දක්වා යුද්ධයේ ගමන වෙනස් වෙමින් තිබේ. යුද්ධයට පසු සටනට ගිය සොල්දාදුවාගේ මනස හ`දුනාගෙන ව්‍යාධි දුරු කරන මනෝ විද්‍යාව ද දියුණු තලයකට පත්ව ඇත. ගැටුමකට මැදිවන හමුදාවක බරපතල ...
වපුරන තරමට අස්වැන්න නෙලීම Milinda Prashna 2014/10/29 – ලංකාදීප- මිලින්ද මොරගොඩ ප්‍රතිඵලයක් ලබා ගන්නට නම් ක්‍රියාවක් තිබිය යුතුය. යහපත් කි‍්‍රයාකාරකමකට හො`ද ඵලයක් ලැබෙයි. අස්වැන්න හො`ද එකක් වන්නේ වපුරන තරමටය. මෙහිදී ‘තරමටය’ යන්නෙන් කියැවෙන අදහසට වඩා නොකියැවෙන දහසක් අදහස් අනාවරණය කෙරෙයි. ජන සමාජය සාකච්ඡා නොකරන සහ අවධානයට නොගන්නා පැත්ත එයයි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. අපගේ උරුමය ආහාර නිෂ්පාදනයයි. ජන සංස්කෘතියට සහ අනන්‍යතාවයට ගොවිතැන පදනම් වී තිබේ. ...
නිෂ්පාදකයා ආරක්ෂා කරන පාරිභෝගික සමාජය Milinda Prashna 2014/10/22 – ලංකාදීප – මිලින්ද මොරගොඩ වෙළ`ද පොළ ආර්ථික ක්‍රමය තුළ ප්‍රමුඛතා හ`දුනා ගැනීම ඉතාම වැදගත් කාරණාවකි. භාණ්ඩ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා මුණ ගැසෙන්නේ වෙළ`ද පොලේ දීය. මිළ, ප්‍රමිතිය, උපයෝගීතාව සහ පහසුව රහිත නම් පාර්ශව දෙකටම ගැටලූ මතුවෙයි. පාරිභෝගිකයන් වශයෙන් පොදු මහජනතාවට අඩු මිලට හො`දම තත්ත්වයේ භාණ්ඩ, පහසු මිලට, ඕනෑම තැනකින් ගන්නට හැකියාව ලැබිය යුතුය. නිෂ්පාදකයන් සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලිය ...
පාසලට කොටුනොවුනු අධ්‍යාපන රටාවක් Milinda Prashna 2014/10/15 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ‘තම අධ්‍යාපනයට පාසල් ගමන බාධාවක් කරගත්තේ නැත’ එය සුප්‍රකට සාහිත්‍යධර මාක් ට්වේන් ප්‍රකාශයකි. එයින් කියන්නේ ඉගෙනුම ලබන එකම තැන පාසල පමණක් නොවන බවය. එතුමන්ගේ ප්‍රකාශය පදනමක් කරගත් ඇමරිකාවේ තෙයිල් සංවිධාන සංසදය එරට විශ්ව විද්‍යාල ශිෂයන්ට විශේෂිත ශිෂ්‍යත්ව පිරිනමයි. එයට ඉල්ලූම් කළ හැක්කේ ඇමරිකාවේ විශ්ව විද්‍යාල ලවලට තේරී පත්වන සිසුන් අතරින් විශිෂ්ඨතම ප්‍රතිඵල සහිත ...
ප්රජාතන්ත්රවාදය ප්‍රචණ්ඩත්වයට යටකිරීමට ඉඩ දිය යුතුද? Milinda Prashna 2022/07/20 – ලංකාදීප අද දවස ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එකතුවන තීරණාත්මක දිනයක් විය හැකිය. මෑත භාගය තුළ බරපතල සිද්ධි සෑහෙන ප්‍රමාණයක් සිදුවිය. මැදි ආදායම් රටක, ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය මුහුණ දුන් දැවැන්ත අර්බුදය විචාර බුද්ධියෙන් විමසිය යුතුය. ආර්ථිකය අර්බුදයකට පත්වන අතරවාරයේ නොසන්සුන් වූ පිරිස් ආණ්ඩු විරෝධී අරගලය මැකිය නොහැකි පැල්ලම් ගණනාවක් ඉතිරි කර තිබේ. ජනාධිපති නිල නිවෙස, ලේකම් කාර්යාලය හා අගමැති ...
බලශක්ති අර්බුදයෙන් කැළඹෙන ලෝක ප්‍රජාව Milinda Prashna 2022/07/13 – ලංකාදීප ඛනිජ තෙල් වෙළදාම ඉතාම සංකීර්ණ තැනකට පත්ව ඇත. ජනී ජනයා පැය ගණන් තෙල් පෝලිම්වල සිටින අතර තෙල් ලීටර කිහිපයක් ලබාගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇති බව පෙනේ. තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානවල ඇති ගැටුම් ජන සමාජය පත්ව ඇති ශෝචනීය තත්ත්වය දක්වයි. පොලිසිය ගැටුම් පාලනය කිරීමට අසමත්ව ඇති අතර යුද හමුදාව කැදවීමට රජයට සිදුවී තිබේ. නොවැලැකවිය හැකි අවස්ථාවක හැර ...
විශේෂඥයන්ගේ මත ඉවත දමා සුඵ පිරිසකගේ හඩට යට විය යුතුද Milinda Prashna 2022//06/29 – ලංකාදීප ක්‍රමය වෙනස් කරන අරගලවලට ඉතිහාසයක් තිබේ. මෑත ඉතිහාසය තුළ පාලන ක්‍රමය හා ආර්ථික ව්‍යුහය ගැන විශාල මතවාද තිබුණි. ප්රජාතන්ත්රවාදයත් විවෘත ආර්ථික ක්‍රමයත් හැර විකල්ප අවස්ථා නැති තැනට ජාත්‍යන්තරය පත්ව සිටී. පරිවර්තනයක් සදහා ලේ, දහඩිය සහ කදුළු හෙළන ලද අති විශාල ජනකොටසකගේ ප්රයත්නය මත වර්තමානය බිහි වී ඇත. ආපසු, නැවත නැවතත් පැරණි වලවල්ම හාරා, ඒවායේ වැටී වේදනාවට පත් ...
පක්ෂ නායක තේරීම්වලට ජනතාව අනුගත විය යුතුද? Milinda Prashna 2022/06/22 – ලංකාදීප ඡන්දදායකයන් හා මහජන නියෝජිතයන් අතර පරතරය තවත් වටයකින් දුරස් වී තිබේ. අරගලය ඇරඹෙන මොහොත වන විට මැති ඇමැතිවරු ඇතුළු මහජන නියෝජිතයන් කෙරෙහි වෛරයක් සමාජය තුළ තිබුණි. ආර්ථික දුෂ්කරතා දරුණු විය. අතෘප්තියට පත් ජනී ජනයා විරෝධතා අවුලවන ලද අතර අවසානයේ උද්ගත වූ ව්‍යසනයෙහි තරම ඉතාමත් බිහිසුණු එකක් විය. ප්‍රශ්න විසදාගත හැකි ක්‍රමයක් ප්රජාතන්ත්රවාදී රාමුව තුළ තිබේ. බහුතරයේ ...
ධර්මයත් සමාජයත් සුරකින කථිකාවතක් Milinda Prashna 2020/06/15 – ලංකාදීප පොසොන් පුර පසලොස්වක දිනය ඊයේ ට යෙදී තිබුණි. මිහිදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම, පොසොන් පොහොය දිනයෙක සිදුවිය. දඩ කෙළියෙහි නිරතව සිටි දේවානම් පියතිස්ස රජු සමග මිහිදු රහතන් වහන්සේ පවත්වන ලද සංවාදය ඉතා ප්රකටය. දහම අවබෝධ කරගන්නට තරම් ප්‍රඥාවන්ත සමාජයක් ද යන්න සනාථ කරගැනීම සදහා එය පවත්වා තිබේ. එවැනි සංවාදයක් අද නැවතත් අවශ්‍යය. ජන සමාජය ...