බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ රජයේ වගකීම Milinda Prashna 2015/02/25 – ලංකාදිප – මිලින්ද මොරගොඩ මනුෂ්‍යයාගේ පැවැත්ම සම්බන්ධව කිසියම් ඥානාවබෝධයක් පතුරවන දර්ශනය තමන් සතු බව සෑම ආගමක්ම ප්‍රකාශ කරයි. ආගම ජනතාව තුළ ඇති කරන ඥානය හෝ සමාජ විනය සම්බන්ධ කාර්ය භාරය කොපමණදැයි විවිධ අදහස් තිබේ. එම අදහස් අනුව ජනතාව තමන්ගේ ආගමික ඇදහිල්ල, භක්තිය සහ ගෞරවය ඇතිකරගන්නා බව පැහැදිලිය. බුදු දහමට රට තුළ ඇති පිළිගැනීම බලවත් එකකි. එහි දර්ශනය, ...
කොරෝනා එන්නතෙන් සමාජ පරතරය නංවයිද? Milinda Prashna 2020/12/09 – ලංකාදීප කොවිඞ් -19 වයිරසයේ පැතිරීම එදිනෙදා පැවැත්ම වෙනස් කර තිබේ. සම්බන්ධතා කෙරෙහි තද බලපෑමක් කර ඇත. කණ්ඩායම් හැගීම හෝ එකමුතු භාවය වෙනුවට සමාජ දුරස්ථභාවය කෙරෙහි වැඩි අවධානයක් පවතී. මෙම වයිරසය, ඇති නැති පරතරය නොසලකා දියුණු නොදියුණු සෑම සමාජයක්ම ආක්‍රමණය කර ඇත. අලූත් වාර්තා අනුව කොවිඞ් සදහා එන්නතක් සොයා ගෙන තිබේ. කණ්ඩායම් සිය ගණනක් ඉතාම වේගයෙන් කරන ලද පරීක්ෂණ ...
පරිපාලනය නගරයෙන් ගමට Milinda Prashna 2021/03/03 – ලංකාදීප කොවිඞ් වසංගත තර්ජනය ලෝකයේ නොයෙක් වෙනස්කම් ඇති කළේය. ජන ජීවිතය දුෂ්කර තැනකට පත් කරන ලද අතර බොහෝ රටවල් හා නගර තාවකාලිකව වසා දැමීය. සමාජ පැවැත්ම පාලනය කරන තැනට පත් විය. එන්නතක් සොයා ගැනීම යම් අස්වැසිල්ලකි. එන්නත මගින් ප්‍රතිශක්තිකරණය ඇති කෙරේ. ප්‍රතිකාර සොයා ගැනීමට එහා ගිය විසදුමක් ගැන අවධානය යොමු කරන්නට ද ඇතැම් රටවල් උත්සාහ කරමින් සිටී. රාජකාරි ...
පරිසරය මෙන්ම එදිනෙදා ප්‍රශ්න අමතක කරනු එපා Milinda Prashna පරිසර ආරක්ෂාවට පමණක් නොව වසංගතයට මුහුණදීම ද වැදගත්යස්විට්සරලන්තයේ නොබෝදා පැවැති ජනමත විචාරණයක ප්‍රතිඵල අනුව රජයේ යෝජනාව පරාජය වී තිබේ. ගෝලීය උණුසුම අඩු කරන්නට හේතුවන පියවර ගණනාවක් අලුතින් බලගැන්වීමට ස්විස් පාලක පක්ෂය තීන්දු කර තිබුණි. පැරිස් සම්මුතියට අනුව ක්‍රියාවට නැගෙන්නකි. ඉන්ධන බදු සහ ගුවන් ප්‍රවේශ පත්‍ර බදු වැඩි කිරීමට යෝජනා කළේය. කෘමි නාශක භාවිතය අඩු කරන අතර එවැනි පියවර වෙනුවෙන් පෙනී ...
වෛද්‍යවරයා අන්තර්ජාලයෙන් නිවසට පැමිණෙන දිනය Milinda Prashna 25/11/2020- ලංකාදීප පාවහන් නැති වෛද්‍යවරයා එනම් “ඛෙයා ෆුට් ඩොක්ටර්” සංකල්පය අතීතයේ චීනයේ භාවිතා වූ සංකල්පයකි. පහසුකම් හිග එකල වෛද්‍යවරු චීනයේ දුෂ්කර ගම්මාන වල කදූ නගිමින්, බසිමින් සහ පාගමනින් ගොස් ජනී ජනයාට සේවා සපයා ඇත. චීනයේ පමණක් නොව ලෝකයේ කොතැනත් අද වනවිට වෛද්‍ය පහසුකම් දියුණුය. ජපානය තවත් පියවරක් ඉදිරියට තබා තිබේ. විශේෂඥ වෛද්‍ය සේවා අන්තර් ජාලයෙන් සැපයීමේ ව්‍යාපෘතියක් අරඹයි. එකී ...
කඨින පූජාව සහ වත්මන් බොදුනු සමාජයේ පිළිවෙත් Milinda Prashna 2014/10/08 – ලංකාදීප- මිලින්ද මොරගොඩ බොදුනුවන්ට අනුව වැසි සහිත මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමයයි. වස් කාලය ශික්ෂාපද ආරක්ෂා කරමින් වැඩ වසන හිමිපාණන් වහන්සේලාට වස් පවාරණ විනය කර්මය කිරීමෙන් ඉක්බිතිව කඨිනස්ථාරය නම් විනය කර්මය සිදු කිරීමට අවස්ථාව උදාවෙයි. වර්තමානයේ මහා උත්සවයක් ආකාරයට සැම විහාරස්ථානයකම පවත්වන කඨින චීවර පූජාවට මග පාදන්නේ එයයි. බුදුන් දවස වැසි සමයේදී පිණ්ඩපාතයෙහි ඇතුළු අවශ්‍යතා ස`දහා ...
තේ සහ කෝපි වෙනුවට අලිගැටපේර වවන කෙන්යානුවෝ Milinda Prashna 2021/02/17 -ලංකාදීප වානිජ කෘෂිකර්මය කාලානුරූපව වෙනස් කළ යුතුය. පර්යේෂණ අංශ සහ ප්‍රතිපත්ති සම්පාදකයෝ අලූත් පැති ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය. ලංකාව යටත් කරගත්තේ ලෝකයේ හොදම කුරුදු පොල සතු කරගැනීමට බව අමතක කළ යුතු නැත. පසුව අධිරාජ්‍යවාදීහු පළමුවෙන් කෝපි වගා කළ අතර පසුව තේ හා රබර් වගා කළහ. බි්රතාන්ය වතු සමාගම් තවමත් නිරතව සිටියේ නම් තේ හෝ රබර් වගා කරන්නට ...
ජනපති අපේක්ෂකයනි! බලයට එන්න කලින් ලැබෙන බලය ගැන කියන්න Milinda Prashna 2019/07/31- ලංකාදීප දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා බරපතල ලෙස සීමා කර තිබේ. බලතල අඩු කිරීම ගැන විවිධ පාර්ශව දක්වන අදහස් ගැන හැඟීමක් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්නට සූදානම් වී සිටින දේශපාලන පක්ෂ වලට හෝ අපේක්ෂකයන්ට නැත. බලය නැති ධුරයකට තරඟ කරනු සඳහා විශාල අරගලයක් ඇරඹෙමින් තිබේ. ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා නිසි බලය රහිතව ධුරය ගෙන ...
ඔරලෝසුවත් විසිවෙයිද? Milinda Prashna 2019/07/24 – ලංකාදීප වෙලාවට වැඩ කිරීම නූතන සමාජයේ අනිවාර්ය කටයුත්තකි. කලින් නියම කරගත් පරිදි හරියටම කාර්යයයෙහි නිරත නොවන සමාජයක් අසමත් යැයි පිලිගැනීමක් තිබේ. නමුත් නෝර්වේ රාජ්‍යයෙහි කුඩා දූපතක වැසියෝ වෙලාවට වැඩ කිරීම අනවශ්‍ය බව පෙන්වා දෙති. ඔවුහු පසුගියදා මහජන පෙත්සමක් අත්සන් කළහ. තමන් ජීවත්වන කුඩා දූපතෙන් කාලය මනින ඒකකය ඉවත් කරන සේ යෝජනා කරති. මෙකී දූපත පිහිටා ඇත්තේ නෝර්වේ ...
ඉදිරි දශක දෙකක සිදුවිය හැකි වෙනස Milinda Prashna 31/12/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ඉදිරි කාලය තුළ විශ්වය අලූත් යුගයකට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා පළවෙයි. ලෝක ආර්ථික සංසදය ඉතා ප්රමුඛ ක්ෂේත්‍ර පහක සිදුවිය හැකි වෙනස්කම් ජන ජීවිතය පහසු සහ කිසිසේත් උපකල්පනය කළ නොහැකි යහපත් වෙනසක් ඇති කරනු ඇතැයි අනාවරණය කර තිබේ. නිෂ්පාදනය, මූල්‍ය, සෞඛ්‍ය, බලශක්තිය සහ සන්නිවේදනය මෙම අංශ පහ වශයෙන් සැලකෙයි. තාක්ෂණික වශයෙන් මෙම අංශ වල ...
බෙදීම වෙනුවට එකතු කිරීම Milinda Prashna 24/12/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාව ඇතුළු වෙමින් සිටින්නේ අලූත් යුගයකටය. මෙම යුගයේ බලවත්ම සංකේතය බවට පත්වනු ඇත්තේ අපේක්ෂාවය. පොදු ජනතාවට ස්වකීය අපේක්ෂා ඉටු කරගැනීමට ආණ්ඩු පාලනයේ දී ලැබෙන ඉඩ කඩ ඉතා වැදගත් වනු ඇත. එම අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සාධාරණ සහ යුක්ති සහගත පසුබිමක් සකස් කිරීම පාලකයන්ගේ එකම වගකීම වනු ඇත. තමන්ගේම ගෙයක් දොරක් තනා ගෙන දරු ...
රටට වැදගත් ව්‍යවසායකත්වය Milinda Prashna 2014/12/17 – ලංකාදීප – මිලින්ද මොරගොඩ තමන්ගේ ගෙදර ආහාරයට පිළියෙල කරගත් දෙයින් කොටසක් මහා මාර්ගය අසලට ගෙනැවිත් කෑම පාර්සලයක් දෙකක් විකුණා වියදම පියවාගෙන ආපසු හැරෙන්නට අපට හැකිද? එහෙම විකුණන ආහාරයක් මිලදී ගන්නට මහ මග ගමන් කරන අපේ කැමැත්තක් තිබේද? සාමාන්‍ය පවුලක දෙමවුපියන්ට තමන් උයා පිහා ගත් දේ පාරට ගෙනැවිත් විකුණා ජීවත්වීම තරමක මදිකමකි. එහෙම විකුණන ආහාරයක් මිලදීගෙන දරුවන්ට කවන්නට ...
ප්රජාතන්ත්රවාදයට ගෙවන මිල Milinda Prashna 2014/12/10 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ප්රජාතන්ත්රවාදී පාලනය සම්බන්ධ දීර්ඝ කාලීන අත්දැකීම් සහිත ශ්‍රී ලංකාව පසුගිය දශක හයහමාර ඇතුලත එහි විවිධ පැති සම්බන්ධයෙන් නොයෙක් ආකාරයෙන් ක්‍රියාකර තිබේ. ප්රජාතන්ත්රවාදයේ මූලික ගුණාංගය මහජන කැමැත්ත දිනාගැනීමයි. ආණ්ඩු පාලනයට සම්බන්ධ වන මහජන නියෝජිතයන් තෝරා ගන්නේ පොදු ජනතාවගේ බහුතර කැමැත්තෙන්ය. ඡන්දය එහි ප්‍රධානතම සංකේතයයි. ජන නායකයෙකුට ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට සිදුවෙයි. ජනතාවගේ කැමැත්ත දිනාගැනීම ...
ප්‍රතිපත්ති වෙනුවට ප්රතිරූප Milinda Prashna 2014/12/03 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ප්රජාතන්ත්රවාදය ප්රජාතන්ත්රීය කරන්නේ කෙසේද? යන්න වර්තමානයේදී අවධානයට ගතයුතු ප්‍රධාන මාතෘකාවන් අතර මුල් තැනක් හිමිවිය යුතු කාරණාවකි. ප්රජාතන්ත්රවාදය බහුතරයේ කැමැත්තය. බහුතර මතය අනුව රටක් පාලනය කිරීම ප්රජාතන්ත්රවාදී ක්‍රමය ලෙස සැලකේ. ප්රජාතන්ත්රවාදය ලොව හොදම පාලන ක්‍රමය විය නොහැකිය. නමුත් අද ලෝකයේ වැඩිම රටවල් ගණනක් අනුගමනය කරන යුක්ති සහගත පාලන ක්‍රමය ලෙස පිළිගැනෙන්නේ ප්රජාතන්ත්රවාදයයි. පක්ෂ දේශපාලනය ...
ආර්ථිකයේ අලුත් අවස්ථා Milinda Prashna 2014.11.26 -ලංකාදීප- මිලින්ද මොරගොඩ මුදලාලි යන වචනය සිංහල ශබ්ධකෝෂයට එකතු වන්නේ දෙමල වහරකින් බව විද්වතුන්ගේ අධ්‍යයන වලින් අනාවරණය කරයි. මුදලාලි බවට පත්වන්නේ මුදල් උත්පාදනය කරන දක්ෂ උත්සාහවන්තයෙකු යන සංඥාර්ථයෙන් බව අවබෝධකරගත හැකිය. ධනය උත්පාදනය සම්බන්ධ න්‍යාය සහ සංකල්ප වැඩි දියුණු වී ඒවා ව්‍යවසායකත්ව බවට පත්ව ඇති අතර යමක් අලූතෙන් උත්පාදනයෙන් තොරව පවතින්නට හැකියාවක් නැති බව වර්තමානයේ තහවුරු වෙමින් තිබේ. ...
දඩයමට එරෙහිව මාධ්‍ය එකතුව Milinda Prashna 2019/06/26 – ලංකාදීප රුසියාවේ ප්‍රධාන පුවත් පත් තුනක් එකම දවසේ එකම ප්‍රධාන සිරස්තලය සහිතව පසුගිය දා නිකුත් විය. එයින් නතර නොවූ අතර ඒකාබද්ධ කතුවැකියක් පළ කළේය. එම විශේෂ සිද්ධිය රුසියානු භාෂාව නොදන්නා ලෝක වාසින් ගේ අවධානයට ලක් කරන්නට බටහිර මාධ්‍ය සමත් විය. මෙම වාර්තාකරණයට බලපෑ හේතුව රුසියාවේ ප්‍රකට ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමයි. එකී වාර්තාකරණය ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය වහාම ...
ව්‍යවසායකත්වය සම්බන්ධ ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍යය. Milinda Prashna 2012.07.11 – ලංකාදීප – මිලින්ද මොරගොඩ සියලූම දෙනාගේ අපේක්ෂාව සමාන අවස්ථා ඇති සමාජයක්. සියලූ දෙනාටම අභිමානවත්ව ස්වශක්තියෙන් නැගෙන්නට පසුබිමක්. නමුත් යථාර්ථය එහෙම නෙවෙයි. නොයෙක් බලපෑම්, අභියෝග සහ බලවේග හමුවේ අසරණ වෙන්නෙ පුද්ගලයන්. ප්රජාතන්ත්රවාදය සහ එහි ගුණාංග ගැන ගැඹුරින් අවධානය යොමු කරන සමාජ, යුක්ති ගරුක අවස්ථා මහජනතාවට පිරිනමන්නට විශෙෂ අවධානය දක්වන බව පෙනේ. නිසි අධ්‍යාපනය ලබමින් පියවරෙන් පියවර ඉදිරියට යන පහසුව ...
රාජ්‍යයක් නොකළයුතු කරුණු 3ක් ගැන වියට්නාමයෙන් පාඩමක් Milinda Prashna 2019/06/12 – ලංකාදීප වියට්නාමය ලෝකයේ බලවත් ජාතීන්ගෙන් සෑහෙන බැට කෑ රාජ්‍යයකි. ප්‍රංශය, ජපානය හා ඇමරිකාව යනාදී වශයෙන් රටවල් වියට්නාමය යටත් කරගෙන සිටියේය. ස්වකීය අධිරාජ්‍යවාදී ඒකාධිපති පාලනය පෙරලා නිදහස් රටක් ගොඩනගා ගන්නට වියට්නාමය සූදානම් වන විට මෙකී රටවල් වියට්නාමය යටත් කරගන්නට ප්රයත්න දැරීය. අසල්වැසි චීනය සමග පවා අඛණ්ඩව වියවුල් සහගත තත්ත්ව වල පැටලී සිටියහ. කිසිම රටකට යටත් වෙන්නට සූදානම් නොවූ ...
බලපුළුවන්කාරකම් වලින් සාම්ප්‍රදායික බැදීම් කැඩීම Milinda Prashna 2018/08/29 – ලංකාදීප බලපුළුවන්කාරකම් වලින් සාම්ප්‍රදායික බැදීම් කැඩීම පැරණි ඉතිහාසයක් ඇති සමාජ වල සම්ප්‍රදායික ලක්ෂණ තිබේ. එයින් කොටසක් ගරු කළ යුතු ගති ලක්ෂණ සේ සැලකිය හැකිය. ගතානුගතික දේවල් ද පවතී. භාෂාව ආගම සහ සංස්කෘතික ලක්ෂණ අනුව මේවා සමාජ පැවැත්මට එකතු වී තිබේ. අනන්‍යතාවය ගොඩනැගෙන්නේ මේවා පදනම් කරගෙනය. ආත්ම ශක්තිය ඇති කරන්නේ සහ ජන සමාජය තුළ විශ්වාසය ගොඩනැගෙන්නේ ද අනන්යතාවයෙන්ය. ...
අවධානයෙන් සිටිය යුතු හෝරාවක් Milinda Prashna \ 2019/04/24 – ලංකාදීප ත්රස්තවාදයට තැනක් නොතැනක් නැත. රැයක් හෝ දවාලක් ගැන වෙනසක් නොමැත. අලූත් අවුරුදු නිවාඩුවට පසු එළැඹුන පළමු පාස්කු ඉරිදා රටට ඉතාම අවාසනාවන්ත දවසක් බවට පත් කළේය. මරාගෙන මැරෙන ප්‍රහාර ගණනාවක් බව මාධ්‍ය වාර්තා කර තිබේ. දේවස්ථානයට රැස්වී සාමය හා සමාදානය ප්‍රාර්ථනා කළ අහිංසක ජනතාව බිලිගෙන ඇති අතර ප්‍රධාන දේව මෙහෙයට පසු තරු හෝටල්වලට පැමිණි පිරිසක් ද ...