ශ්‍රී ලංකාවට පෙන්වන්න බැරි පෞද්ගලීකකරණය සිපගන්නා තලේඛාන්වරු Milinda Prashna 2022/06/08 – ලංකාදීප කාබුල් නගරයට කිලෝ මීටර් එකසිය තිහක් දුරින් පිහිටි ලෝක ප්‍රකට බාමියන් බුදු පිලිම වනසන ලද තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය නැවතත් ලෝක අවධානය දිනා ගන්නට සමත් වී ඇත. කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපොල මෙහෙයුම් පෞද්ගලීකරණය කරන්නට තීරණය කර තිබේ. තලෙයිබාන් පිලිම විනාශ කරන්නට බලපෑ හේතු අතර ඇෆ්ගනිස්ථානයේ දරිද්‍රතාවය ද එකකි. ජනී ජනයා ආහාර හිගයෙන් පීඩා විදින අතරවාරයේ ලෝක ...
දරුවන්ට නිවාඩුව අහිමි කරන ටියුෂන් Milinda Prashna ලංකාදීප – 2015/08/05 පාසල් දරුවන්ට නිවාඩුවක් දෙන්නේ වාරයක් තුළ ඉගෙන ගන්නට කළ මහන්සියට විරාමයක් වශයෙන්ය. දරුවන් ලෙස කෙළි දෙලෙන් ගතකරන්නට ඇති අයිතිය ආරක්ෂා කරන්නටය. පොත පතින් පමණක් හො`ද පුරවැසියෙකු තැනිය හැකි නොවේ. පාසලට එපිටින් ඇති බාහිර සමාජයෙන් ඉගෙනගත යුතු කාරණා ප්‍රමාණාත්මකව දැක්විය නොහැකිය. පාසලේ පන්ති කාමරයට බාහිර අධ්‍යාපනය ලබන්නේ වටපිටාවෙන් ප්රායෝගිකවය. අවුරුද්ද වාර තුනකට බෙදා ඒ අතරවාරයේ නිවාඩු කාලයක් ...
නිදුක් නිරොගී ජන සමාජයක් ඇති කර ගනු පිණිස Milinda Prashna 2013.06.19- ලංකාදීප-මිලින්ද මොරගොඩ නිදුක් නිරෝගීව ජීවත්වීමේ වටිනාකම දැනෙන්නේ අසනීපව ප්‍රතිකාර ගන්නට සිදුවූ විටෙකය. මෙරට ජනතාවට සෞඛ්‍ය සේවාව නොමිලේ සැපයෙන අතර අවශ්‍ය නම් පුද්ගලික රෝහල් සත්කාරක සේවාව ද තිබේ. රජයේ රෝහල් වල දක්ෂ වෛද්‍යවරු සිටිති. කැපවීමෙන් රෝගී පරීක්ෂාවෙහි නිරත ඔවුහු ජීවිත බේරා ගැනීමට වෙහෙසෙන්නේ කාල වේලාවක් නැතිවය. සෞඛ්‍ය අංශයේ අනෙකුත් සේවාවල නිරත කාර්යය මණ්ඩලය ද එයට නොදෙවෙනිය. නමුත් රජයේ රෝහල ...
ආයුබෝවන් සමාචාරයේ අපේ සෞඛ්‍යමය යහපත් සිරිත Milinda Prashna 2020/03/04 – ලංකාදීප අනන්‍යතාව සම්බන්ධ ගැටළුවක් රටට තිබේ. වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසය ගැන ආඩම්බරයෙන් කතා කරයි. වසර තිස් පන්දහසක කාලයක සිට මානව ජනාවාස තිබුණ බවට සාක්ෂි ඇත. මෙපමණ දීර්ඝ අතීතයක් පවතින නමුත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව හමවේ එකගතාවයක් නැත. එයට හේතුවක් තිබේ. බෙදීම් බහුලය. ජාති, ආගම් හා භාෂා වශයෙන් මිශ්රවීමක් තිබේ. රටට එල්ල වූ ආක්‍රමණ මෙකී මිශ්රවීම හා බේදීම් ...
දෛනික පැවැත්ම සහ බොදුනු අනන්‍යතාව Milinda Prashna 2016/02/03 – ලංකාදීප මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහා මාර්ගය වහා විවෘත කරන ලෙස බල කිරීමට පොදු ජනතාවට ප්රජාතන්ත්රවාදී අයිතියක් තිබේ. දන්ත ධාතූන්වහන්සේ වැඩ සිටින මාළිගාව ආරක්ෂා කර එහි උන්නතිය වෙනුවෙන් සියලූ පියවර ගත යුතුය යන මතයෙහි සිටින්නට ද රට වැසියන්ට අවස්ථාවක් ඇත. මත දෙකක් ඇති දෙපිරිසක් තමන් දරන අදහස් වෙනුවෙන් තර්ක ගොඩනගමින් සිටී. එය මේ දිනවල නිරීක්ෂණය කළ ...
අදුරේ දිගටම සිටිමුද? ආලෝකය සොයා වේගයෙන් යමුද? Milinda Prashna 2021/12/29 – ලංකාදීප ඉන්ධන මිල වැඩි කිරීම ගැන විශාල විවේචනයක් තිබේ. ලෝක වෙළද පොලේ බොරතෙල් මිල හා රට තුළ තෙල් අලෙවියේ දී ලබන අලාභ සලකා බලන විට ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැත. වාර්තා දක්වන පරිදි මෙරටට ගෙන්වන ඉන්ධන වලින් සියයට හැටක් විදුලිය බලය උත්පාදනයටය. දැවිතෙල් සහ ගල් අගුරු වලින් විදුලිය නිපදවීම අත්හරිමින් පවතින කාලයකි. පැරණි ගල් අගුරු යුගය ආරක්ෂා කරගැනීම සදහා ...
මුහුණු වෙනස් කළත් ගමන එකනම් රටට සෙතක් වේද? Milinda Prashna 2018/11/07 – ලංකාදීප ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන පවතින අලූත් තත්ත්වය ජාත්‍යන්තර අවධානය දක්වා විහිදී තිබේ. තිතිපතා එන අලූත් විත්ති කෙරෙහි පොදු ජනතාව තුළ නොනිත් කුතුහලයක් ඇත. පක්ෂ මාරු කිරීම එක කොටසකට අනුව පිලිකුල් සහගතය. තවත් කොටසකට එවැනි දේශපාලනඥයෝ මහා වීරයන් බවට පත්ව ඇති බව පෙනේ. දේශපාලන පක්ෂ තුළ සිදුවන විපර්යාස, ආණ්ඩුවේ ආයතන වල කරන අලූත් පත් කිරීම්, ඒවායේ සිදුවන ...
අනාගතයේ පිළිකාව තුරන් වූ ලොවක්? Milinda Prashna 2019/03/13 – ලංකාදීප පිළිකාව මාරාන්තික රෝගයකි. තවත් කෙනෙකුගෙන් බෝ නොවෙන පිළිකා රෝගය මෑත කාලීනව සෑහෙන වර්ධනයකට ලක් වූ බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. පිළිකා වෛරස් කලින් හදුනාගෙන මර්දනය කළ හැකි එන්නතක් නිදපවීමට හැකිවනු ඇතැයි සුප්‍රකට ප්‍රකෝටිපති බිල් ගේට්ස් විශ්වාසය පළ කර තිබේ. හෙතෙම සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය ධනය පරිත්‍යාග කරයි. මැලේරියාව තුරන් කිරීම හා ඒඞ්ස් රෝගය පාලනය කිරීම ...
අසල්වැසියාගේ විපත සංහිදියාවට මගක් කරමු Milinda Prashna 2021/02/24 – ලංකාදීප ‘‘ කොටි පරද්දපු රටේ, සිංහයොත් එක්ක ජීවත්වෙද්දි, ඔටුවො දැන ගන්න ඕනෙ පාඩුවේ ඉන්න’’ කොළඹ නගරයේ ධාවනය වන තී‍්‍ර විලර් රථයක පිටුපස ලියා තිබුනි. එම වැකිය විශාල පැතිකඩක් හුවා දක්වයි. සංකේතාත්මකය. ජන සමාජයේ කොටසක් මෙම අදහස වෙනුවෙන් පෙනී සිටින බව නිසැකය. එහෙත් බහුතරයක් දෙනා ගේ දර්ශනය මෙබදු ද යන්න විමර්ශණය කිරීම ඉතාම වැදගත්ය. ලොකු කුඩා, උස් පහත් ...
සාම්ප්‍රදායික කොටුවෙන් ඈත්වූ විප්ලවීය රටක් Milinda Prashna 2019/02/06 – ලංකාදීප උණුසුම් කැළඹීම් ගැන රටට අවබෝධයක් තිබේ. ඇතැම් කැළඹිලි විශාල විනාශයකින් කෙළවර වෙයි. පැවැත්ම වෙනස් කරන්නට වරින් වර සිදුවන කැළඹීම් අවශ්‍යය. ඒවා ලේ හලන විප්ලව නොවේ. අලූත් අදහස් අලූත් ආකල්ප වලින් සිදුවන කැළඹීම්ය. මෙරට සෑම ක්ෂේත්රයකම පවතින ස්වභාවය තද සම්ප්‍රදායික රාමුවක කොටුවී තිබේ. හැත්තෑ එක් වැනි නිදහස් දිනය එයට හොඳ උදාහරණයකි. පෙලපාලි, ආරාධිත අමුත්තෝ, විශේෂ දේශනය, ...
පිබිදෙන යුගයකට අලූත් රාමුවක් Milinda Prashna 2020/06/24 – ලංකාදීප ලෝක ප්‍රජාව අනපේක්ෂිත ඉරණමකට මුහුණ දුන් නමුත් ක්‍රමයෙන් එයින් නිදහස් වෙමින් සිටි. කොවිඞ්-19 වයිරසයේ බලපෑම ගැන මෙයින් අදහස් කෙරේ. මිලියන ගණනක් රෝගී විය. ලක්ෂ ගණනක් ජීවිත බිලිගෙන තිබේ. ඛේදවාචකයෙන් පාඩම් ඉගෙනගත් රටවල් නැවත යළි නැගී සිටිමින් අතර අලූත් ජවයක් සහ නව්‍යකරණයක් ද නිරික්ෂණය කළ හැකිය. අලූතින් ඇතුළුවන යුගය තුළ මෙතෙක් නොතිබුණ පැති වලින් අවස්ථා මතුවෙමින් තිබේ. ...
තාක්ෂණය ජන සමාජයට ඇතිකරන අභියෝග Milinda Prashna 2016/02/10 – ලංකාදීප තාක්ෂණය ජන ජීවිතයට ඇතිකරන පහසුව ගැන කතාකරන්නේ අලූත් සොයාගැනීම් වල නිරත විද්‍යාර්ථීන්ය. නොනැවතී නවතම මෙවලම් නිපදවන ලෝකයේ දියුනු රටවල් ශ්‍රමය සහ පිරිවැය සීමාකරන අඩු මිලට නිපදවා වෙළඳ පොළ සාර්ථක වෙන්නට තැත් කරති. සංවර්ධනය සහ නවීන ස්වයංක්‍රීය යුගය ගැන සතුටුදායක පණිවුඩ නිකුත් කරති. නමුත් ඒ හා සමාන්තරව අභියෝග ගණනාවක් මතු වෙමින් තිබේ. රැුකියා අවස්ථා එයින් අවධානයට ගත ...
ජනතා සිහින බොඳකරන ජනතා නියෝජිතයෝ Milinda Prashna 2018/08/22 – ලංකාදීප ජනතාව හා පාලකයන් අතර ආකල්ප හා අවශ්‍යතා වෙනස්කම් තිබේ. දෙපාර්ශවය අතර ඉතාම සමීප භාවයක් අපේක්ෂා කළ නොහැකිය. පරතරය අසාමාන්‍ය මටට්මක් දක්වා වර්ධනයවීම සාධාරණ තත්ත්වයක් නොවේ. ජනතාවගේ පැවැත්ම ගැන අවධානය නොකරන ජනතා නියෝජිතයෝ ස්වාර්ථය තකා තීන්දු ගන්නා බව මෑත කාලය තුළ නිරීක්ෂණය කළ හැකි විය. ජන සම්මතවාදය එය නොවන අතර ප්රජාතන්ත්රවාදී පැවැත්මට හානියකි. ශ්‍රී ලාංකේය රටවැසියන් ඉල්ලන්නේ මොනවාද? ...
වෘත්තීයවේදීත්වයේ ඒකාධිකාරය රටට යහපතක් නොවේ Milinda Prashna 2015/11/11 – ලංකාදීප සංචාරක හෝටල සහ සූපවේද ක්ෂේත්රය මෑත කාලය තුළ මෙරට වේගයෙන් දියුණුවට පත්වූ බව නිරීක්ෂණය කළ හැකිය. ඉදිරි වසර කිහිපය තුළ විදේශ විනිමය උත්පාදනය අතින් ඉහළම තැනට පැමිණෙන්නට සංචාරක අංශයට අවකාශයක් තිබේ. වැඩිම රැකියා අවස්ථා සපයන අතර ආර්ථික නවෝදය වෙනුවෙන් එහි ප්රබෝධය වෙනුවෙන් අවශ්‍ය තීරණ ගැනීමට අවධානය යොමු කළ යුතුය. අලූත් දැනුම සහ ජාත්‍යන්තර අත්දැකීමි රටට ගැලපෙන ...
මාර යුද්ධය Milinda Prashna 2017/10/04 – ලංකාදීප බුද්ධ චරිතය ගැන දන්නා සෑම සියළුම දෙනාටම මාර පරාජය යනු කුමක්දැයි යම් අවබෝධයක් තිබේ. 1956 මැතිවරණ සමයේ දී මාර යුද්ධය නමින් කාටුන් චිත්‍රයක් ජනතාව හමුවට පැමිණියේය. මාර පරාජය ගැන නොදන්නා ජන කොටස් පවා මාර යුද්ධය කාටුනයෙන් කියන්නේ කුමක්දැයි මැනවින් අවබෝධ කරගත්තේය. එය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතු වූ බව රහසක් නොවේ. එක්සත් ජාතික ...
මිහිදු රහතන්වහන්සේ අද වැනි දිනයක වැඩියා නම් Milinda Prashna 2021/06/23 – ලංකාදීප පොසොන් පුර පසොලොස්වක දිනය හෙටට යෙදී තිබේ. බුදු දහම ලක් බිමට ලැබුණේ අදවැනි දිනකය. ඉන්දියාවේ විසූ අශෝක රජතුමා ගේ අනුදැනුම මත මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කර තිබේ. එවකට ලංකාව පාලනය කළේ දේවානම් පියතිස්ස රජතුමාය. දෙරට අතර සබදතාවයක් පැවැති බව පැහැදිලිය. රජතුමා ඇතුළු ලාංකිකයෝ බුදු දහම අවබෝධ කරගැනීමට සමත් ද යන්න පරීක්ෂා කරන ලද ආකාරය ...
රැකියා ඇතත් මිනිස්සු නැත මිනිසුන් ඇතත් රක්ෂා නැත Milinda Prashna 2019/03/20 – ලංකාදීප ස්ථිර රැකියාවක් සොයා ගැනීම පුද්ගල සමාජ අවශ්‍යතාවයකි. ඉගෙනගැනීමෙන් පසු යහපත් ආදායමක් ලැබෙන සහ හොඳ පිළිගැනීමක් ඇති වෘත්තියක් අපේක්ෂා කෙරේ. ලැබෙන අවස්ථා හා පවතින රැකියා අවස්ථා අතර පරතරයක් තිබේ. එහි විෂමතා ඇත. ඇමරිකාවෙන් ලැබෙන වාර්තාවක් අනුව එරට වෘත්තීය අවස්ථා මිලියන 7.6 ක් තිබේ. මෙම හිඟය පියවා ගැනීම අපහසු නැත. රැකියා රහිත ඇමරිකානුවන් මිලියන හයක් සිටින බව අනාවරණය ...
සංස්කෘතික ප්‍රශ්න වලින් දෙදරන පක්ෂ නායකත්වය Milinda Prashna 2022.01.19 ලංකාදීප බ්‍රිතාන්නය අගමැති බොරිස් ජොන්සන් මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට කරන විරෝධතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. ඔහුගේ කාර්ය මණ්ඩලය උදෙසා අගමැති නිල නිවසේ පවත්වන ලද සාදය බරපතල වරදක් බව ප්‍රකාශ වී තිබේ. කොවිඩ් අවදානම මැද, සෞඛ්‍ය විධිවිධාන නොසලකා, එම සාදය සංවිධානය කිරීම ගැන විවේචන එල්ල වෙමින් තිබේ. තමන්ගේ පක්ෂ නායකයා ද වන අගමැතිවරයා ගේ හැසිරීම වැරදි ...
ඉක්මන් ගමන් – වන්දිය ජීවිතයෙන් ද? Milinda Prashna 15.02.2012 – ලංකාදීප – මිලින්ද මොරගොඩ මගට බහින්නෙ රාහු කාලය බලලා. ගිහින් එන්න. එහෙම නොකියන හදවතක් නැහැ. එහෙම නමුත් හදිස්සියක් ඇයි? මොහොතක වැරදීමකින් අහිමි වෙන්නෙ ජීවිත. සදාකාලිකවම අසරණ වෙන්නේ දරු පවුල්. සැනසිල්ල මනුෂ්‍ය ජීවිතයකට වැදගත්. සියලූ දෙනාම පාරට බහින්නෙ බලාපොරොත්තු එක්ක. අහන දකින සිදුවීම් පෙන්වන්නේ විනය පිරිහීම. මෑත කාලය තුළ වාර්තා වූ රිය අනතුරු ප්‍රමාණය විශාලයි. වාහන වැඩිවීම හේතුවක් ...
ආගමික සහජීවනය උදෙසා වැඩ පිළිවෙලක් Milinda Prashna 2015/10/07 – ලංකාදීප රටට ස්වකීය අනන්‍යතාවයක් තිබුණි. එය බලවත් උරුමයකි. එකී උරුමයේ ශික්ෂණය ඇතිකරන්නේ ආගමික දර්ශනයයි. රටක පැවැත්ම ගොඩනගන්නේ බෞද්ධ සහ අන්‍ය ආගමික විනයයි. ශ්‍රී ලංකාව අවුරුදු දෙදහස් ගණනක් නිවී සැනසිල්ලේ ජීවිත පැවැතියේය. පසුව අවුරුදු පන්සියයක් බටහිරට යටත් රටක් බවට පත්වෙයි. රට නිදහස් වන නමුත් එයින්පසු ඉකුත් වසර හැට හත තුළ පෙන්වන්නේ යම් යම් ආකාරයට මතුවන ගැටුම් සහ ප්රචණ්ඩත්වයයි. ...