බේරුට් නගරයෙන් අනාවරණය වන රටේ දුක්ඛිත කතාව Milinda Prashna 2020/08/26 – ලංකාදීප සති තුනකට කලින් බේරුට් නගරයේ සිදුවූ මහා පිපිරීමේ සිද්ධිය අවධානයෙන් ගිලිහී යමින් තිබේ. ඊශ්‍රායලය, සිරියාව හා සයිප්‍රස් යන රටවල් වලට මායිම් ව පිහිටි ලෙබනනනය දීර්ඝ කාලයක් යුද ගැටුම් වලට ලක්ව තිබුණි. නැවත හිස ඔසවන ප්රයත්නයක සිටියේය. ඒ අතරවාරයේ බේරුට් වරායේ ගබඩා කර තිබුණ අමෝනියම් නයිටේ්රට් තොගයක් නිසා පිපිරීම සිදු වූ බව තහවුුරු වී තිබේ. දෙසිය ගණනක් ...
ධර්මයෙහි හැසිරෙන්නාට ධර්මයෙන් ආරක්ෂාව Milinda Prashna 2020/08/19 – ලංකාදීප ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරන බව අවධානයට ගත යුතු බුදු වදනකි. ‘‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’’ – මෙවැනි පණිවුඩයක වැදගත්කම ගිහි පැවිදි දෙපිරිසටමය. ගෞතම බුදු රජාණන්වහන්සේ දේශනා කළ පරිදි ‘‘විනයෝ නාම සාසනස්ස ආයු’’ එනම් භික්ෂු විනය ශාසනයේ ආයුෂය බව දැක්විය යුතුය. නිර්වාණය අවබෝධ කරගැනීම සාසනයට ඇතුළු වන සංඝයාවහන්සේලා ගේ ඒකායන අරමුණයි. ගිහියෝ පන්සිල් රකිති. චතු පාරිශුද්ධි ...
මෝදි ජනතාවට ළංවෙන සන්නිවේදන බලය Milinda Prashna 2020/08/12 – ලංකාදීප ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මාසයකට වතාවක් ඉන්දියානුවෝ ආමන්ත්‍රණය කරති. එරට ජාතික ගුවන් විදුලියෙන් ආරම්භ කළ මෙම වැඩසටහන පසුව ඉන්දීය ජාතික රූපවාහිනිය ද සමාන්තරව විකාශය ඇරඹීය. වසර හයක් පුරා මෝදි අගමැතිවරයා ජනතාවට කතා කර තිබේ. එය හුදෙක් ජනතාව වෙත කරන දේශනාවක් නොවේ. කථෝපකතනයකි. රාජ්‍ය නායකයා වශයෙන් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් වෙත සමීපවීමට කරන බලවත් සන්නිවේදන ප්රයත්නයකි. ‘‘Mann Ki ...
අභියෝග ගොන්නක් එක්ක බලයට පත්වන ආණ්ඩුව Milinda Prashna 2020/08/05 – ලංකාදීප දස ලක්ෂ සංඛාත ඡන්ද දායකයෝ පිරිසක් පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා අද ස්වකීය ඡන්දය පාවිච්චි කරති. පිලිගත් දේශපාලන පක්ෂ, ස්වාධීන අපේක්ෂකයන් විශාල ප්රමාණයකි. ජාතික ලැයිස්තුවෙන් වරම් ලබන පිරිස සමග මන්ත්‍රීවරු දෙසිය විසි පස් දෙනෙකු පත් කර ගැනේ. උද්යෝගයෙන්, බලවත් උවමනාවකින් මහ මැතිවරණය පැවැත්වෙයි. එහෙත් දිනන ආණ්ඩුව ඉදිරියේ අති විශාල ප්‍රශ්න ප්රමාණයකි. නිදහසට පසු බලයට පත් ආණ්ඩු අතරින්, ...
යෝධ ඇමැති මණ්ඩලයක් රටට අවශ්‍යද? Milinda Prashna 2020/07/29 – ලංකාදීප තව සතියකින් 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය. අපේක්ෂකයන් අතර තියුණු තරගයක් තිබේ. පක්ෂ අතර පමණක් නොව එකම පක්ෂයයේ අපේක්ෂකයන් අතර ද මනාප තරගය බලවත්ය. වැඩිම මනාපයක් ගෙන ජය ලබන අතර ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු බලවත් ඇමැතිවරයෙකු වශයෙන් පත්වීම එකම අරමුණ බව පෙනේ. සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රටවල ඇමැති මණ්ඩලය සීමිත පිරිසකි. ධුරයකට පත් කරන්නේ රටට වැඩ කරන්නට ...
වගා වැඩ පිළිවෙළක් නැතිව ආනයන තහනම Milinda Prashna 2020/07/22 – ලංකාදීප කහ කුඩු නැතිව ආහාර පිලියෙල කරන්නට ගෘහණියෝ සමත්ව සිටිති. පරිප්පු ව්‍යංජනයක් සකස් කරන විට කහ ස්වල්පයක් එක් කරති. කහටක් ඇති එලවලූවක් සකස් කරන අවස්ථාවක කහ කුඩු ටිකක් මිශ්‍ර කර හොදින් අත ගා ගැනීම ගැන නොදන්නෝ නොවෙති. මාස කිහිපයක සිට වෙළද සැල්වල කහ කුඩු නැත. රට පුරා කහ හිගයක් පවතින අතර මෙරට වගා කරන සීමිත අස්වැන්න ඉතා ...
කාර්ය මණ්ඩලවලට බිරිය දූලා පුතාලා දාගන්න අපේ මැති ඇමතින්ට ප්‍රංශ පාඩමක් Milinda Prashna 2020/07/15 -ලංකාදීප ජනතා වරමෙන් බලයට පත් වන නියෝජිතයන් මහජන මුදල් අවභාවිතාව ගැන පරෙස්සම් විය යුතුය. ප්‍රංශයේ හිටපු අගමැතිවරයාට එරෙහිව ලැබුණ අධිකරණ තීන්දුව හොද උදාහරණයකි. ප්‍රංශ ජනාධිපතිධුරය දක්වා ගමන් කළ හැකි හොද අනාගතයක් තිබුණ දක්ෂ පාලකයෙකු වූ ෆැන්කෝසි ෆිලන් ගේ දේශපාලන කටයුතු වසර දහයකට තහනම් කර ඇති අතර එය ඉතා කණගාටුදායක අවසානයක් සනිටුහන් කර තිබේ. ප්‍රංශ අධිකරණයේ විභාග වූ නඩු ...
ඉලක්කම් තුනක අභියෝගයක් Milinda Prashna 2020/07/01 – ලංකාදීප සියුම් අභියෝගාත්මක අවධියක පසුවන ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු ඉලක්කම් තුනක් තිබේ. කෘෂිකාර්මික අංශයෙන් යැපෙන මෙරට ශ්‍රම බලකාය සියයට විසි පහකි. සමස්ථයෙන් හතරෙන් එකක් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට හතකි. රජයේ සේවයෙහි නිරත පිරිස සම්පූර්ණ ශ්‍රම බලකායෙන් සියයට පහලොවක් බව දැක්වෙයි. එම පිරිස ඉටුකරන මෙහෙවර සහ රටට ඇති කරන උත්පාදනය ගැන අප සියළු දෙනාටම ...
පිබිදෙන යුගයකට අලූත් රාමුවක් Milinda Prashna 2020/06/24 – ලංකාදීප ලෝක ප්‍රජාව අනපේක්ෂිත ඉරණමකට මුහුණ දුන් නමුත් ක්‍රමයෙන් එයින් නිදහස් වෙමින් සිටි. කොවිඞ්-19 වයිරසයේ බලපෑම ගැන මෙයින් අදහස් කෙරේ. මිලියන ගණනක් රෝගී විය. ලක්ෂ ගණනක් ජීවිත බිලිගෙන තිබේ. ඛේදවාචකයෙන් පාඩම් ඉගෙනගත් රටවල් නැවත යළි නැගී සිටිමින් අතර අලූත් ජවයක් සහ නව්‍යකරණයක් ද නිරික්ෂණය කළ හැකිය. අලූතින් ඇතුළුවන යුගය තුළ මෙතෙක් නොතිබුණ පැති වලින් අවස්ථා මතුවෙමින් තිබේ. ...
විපත් අවස්ථාවකදී පිහිටට සහන සලසන සපිරි ක්‍රමයක් ඔිනෑ Milinda Prashna 2020/06/ 17 – ලංකාදීප බැංකු හා මුල්‍ය අංශයෙහි ක්‍රියාකාරිත්වය ගැන පොදු ජනතාවට බරපතල ප්‍රශ්න තිබේ. මෑත කාලය තුළ බරපතල තත්ත්ව ගණනාවක් ඇති විය. ණය ගෙවා ගත නොහැකි වූ ගොවිහු දිවි නසා ගැනීම දේශපාලනය උණුසුම් කළේය. රන් භාණ්ඩ උකස් කළ දුප්පත් ජනතාවට ඒවා බේරා ගත නොහැකි වී තිබුණි. රන් උකස් පොලී කපා හරින බව ඡන්ද පොරොන්දුවක් බවට හැරිණ. ක්ෂුද්‍ර ණය ...
ගෙදරට වී කාර්යාල වැඩ කිරීමේ සම්ප්රදාය කියාදුන් කොරෝනා Milinda Prashna 2020/06/10 – ලංකාදීප ජන ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් තිබේ. ඉකුත් කාලය ජනතාවට බියකරු අත්දැකීමක් විය. ජීවිතබේරා ගැනීම ශ්‍රී ලංකාව ලත් ජයග්‍රහණයකි. සහන සැලසීමේ පියවර වෙනුවෙන් විශාල පිරිවැයක් දරා තිබේ. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ නොනවතින අරගලයක නිරත විය. රාජ්‍ය සේවයේ නිලධාරීහු පවා ක්ෂණික තීරණ ගෙන රට අවදානමකට පත්වීම වලකන්නට සමත්විය. කොවිඞ් -19 වයිරසය සම්පූර්ණයෙන්ම තුරන් වී නැත. නැවතත් ...
කොරෝනා මැඩගෙන නව ගමනකට ආරම්භයක් Milinda Prashna 2020/06/03 – ලංකාදීප කොවිඞ් 19 ලෝක වසංගතය කෙබදු අවසානයක් කරා ගමන් කරන්නේ ද යන්න නිශ්චිත නැත. ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වනු ඇත. ආර්ථිකය බිද වැටේ. සියළු වියදම් අභිබවා සෞඛ්‍ය පිරිවැය ඉහළ යන්නට ඉඩ තිබේ. වයිරසය පරාජය කරන ප්‍රතිකාර සොයා විද්‍යාත්මක පර්යේෂණ සිදුවන බව ලෝකයේ දසතින් අනාවරණය වෙයි. ව්‍යාප්තිය පාලනය කර ජන ජීවිත ආරක්ෂා කරගන්නට ශ්‍රී ලංකාව සමත්විය. ලෝකයේ ඉතා ...
ප්‍රතිකාර, ආර්ථිකය හා මානසික ශක්තිය Milinda Prashna 2020/03/18 – ලංකාදීප අර්බුදකාරී අවස්ථාවක නිවරැුදි තීරණ ගැනීම ඉතාම වැදගත්ය. කොවිඞ් -19 වයිරසය වසංගතයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් එකසිය තිහකට වඩා වයිරසයේ බලපෑමට ලක්ව සිටී. අලූත් දශකයකට එනම් වසර 2020 න් පසු එළැඹෙන කාල වකවානුවට සැහැල්ලූවෙන් මුහුණදෙන බලාපොරොත්තු සහිතව සිටි ජගත් ප්‍රජාව ආරම්භයේ දීම නොසිතූ අභියෝගයක් අභිමුවෙහි පසුවෙයි. ලෝක ඉතිහාසය ...
නායකත්වය නැති නායකයෝ Milinda Prashna 2020/03/11 – ලංකාදීප නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතා මෙරට දේශපාලන ඉතිහාසය තුළ කැපී පෙනෙන චරිතයකි. පළමු මාක්ස්වාදී පක්ෂය වශයෙන් ලංකා සමසමාජ පක්ෂය පිහිටුවන කණ්ඩායමේ සිටි ප්‍රබලයෙකි. 1907 වසරේ බලපිටියේ දී උපත ලබා ඇති හෙතෙම 1989 පෙබරවාරි 27 වැනි දා ජීවිතක්ෂයට පත්වූ අතර වර්තමාන දේශපාලන පරම්පරාවේ වැඩිදෙනෙකු නොදන්නා බව නිසැකය. නිදහස ලැබුණ කාල වකවානුව හෙතෙම අත් විදින්නට ඇත. සිංහල ...
ආයුබෝවන් සමාචාරයේ අපේ සෞඛ්‍යමය යහපත් සිරිත Milinda Prashna 2020/03/04 – ලංකාදීප අනන්‍යතාව සම්බන්ධ ගැටළුවක් රටට තිබේ. වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසය ගැන ආඩම්බරයෙන් කතා කරයි. වසර තිස් පන්දහසක කාලයක සිට මානව ජනාවාස තිබුණ බවට සාක්ෂි ඇත. මෙපමණ දීර්ඝ අතීතයක් පවතින නමුත් ශ්‍රී ලාංකේය අනන්‍යතාව හමවේ එකගතාවයක් නැත. එයට හේතුවක් තිබේ. බෙදීම් බහුලය. ජාති, ආගම් හා භාෂා වශයෙන් මිශ්රවීමක් තිබේ. රටට එල්ල වූ ආක්‍රමණ මෙකී මිශ්රවීම හා බේදීම් ...
ව්‍යවස්ථාදායකය අභිබවා යන බි්රතාන්ය අධිකරණය Milinda Prashna 2020/02/26 – ලංකාදීප බි්රතාන්යයේ කරන ලද නවතම සමාජ සමීක්ෂණයකට අනුව අධිකරණය කෙරෙහි එරට වැසියන්ගෙන් සියයට අසූ එකක විශ්වාසයක් තිබේ. දේශපාලනඥයන් ගැන ඇති විශ්වාසය සියයට දහ හතරක් දක්වා පහත වැටී ඇත. ජනතා ඉල්ලීම මත යුරෝපා හවුලෙන් ඉවත්වන ප්රයත්නයක සිටින අතරවාරයේ පසුගිය මහ මැතිවරණයෙන් ද ජනතා කැමැත්ත දිනාගත් දේශපාලනඥයෝ කෙරෙහි අවිශ්වාසයක් ඇයි? අනෙක් පැත්තක් ද තිබේ. බි්රතාන්ය අධිකරණයට හිමි ස්වාභාවික බලය ...
ජනතා ප්‍රශ්ණ අබියස හිරවෙන නායකයෝ Milinda Prashna 2010/02/19 – ලංකාදීප ඉතාලියේ වෙනෙටෝ කලාපයේ කුඩා නගරයක මෑතක දී බලයට පත් නගරාධිපතිනිය සිය නගර වැසියන් වෙනුවෙන් වෙනම මනෝ උපදේශකවරයෙකු පත් කර ඇත. නිතිපතා වාර්තාවන දස දහසකුත් එකක් ප්රවෘත්ති මැද මෙම සිද්ධිය විශේෂ එකක් වශයෙන් ලෝක අවධානයට ලක් වී තිබේ. නගරාධිපතිනිය ඇන්ටොනෙල්ලා ආර්ජෙන්ති ය. මැතිවරණයේ දී ඇයට සෑහෙන ජනතා ප්‍රසාදයක් ලැබුණි. බලයට පත් වූ වහා බාධාවකින් තොරව ජනතා ප්‍රශ්න ...
මාර්ග තදබදයට පිටරටින් යෝජනා හා විසදුම් Milinda Prashna 2020.02 .12 – ලංකාදීප රථ වාහන තදබදයෙහි ස්වභාවය ගැන අලූතින් යමක් සදහන් කිරීම අවශ්‍ය නැත. කොළඹ නගරයට එන සහ එහි සිට පිටත්ව යන සැතපුම් විස්සක වට ප්‍රමාණයක ජීවත්වන සියළුම දෙනා එයින් පීඩා විදිති. මහනුවර, ගාල්ල හෝ මාතර වැනි අනෙක් නගරයක ස්වභාවය ද එයට නොදෙවෙනිය. කොළඹ නගරය වටා පිහිටි උප නගර පවා අධික වාහන තදබදයක පවතින අතර කාලය හා ධනය ...
සතුට හා ඉවසීම වෙනුවෙන් අමාත්‍යංශයක් Milinda Prashna 2020/02/04 – ලංකාදීප එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ සතුට සහ ඉවසීම වෙනුවෙන් අමාත්‍යංශයක් පිහිටුවා තිබේ. එහි ඇමැතිධුරයට පත් කරන්නේ විසි දෙහැවිරිදි තරුණයෙකි. ලෝක ප්‍රජාවගේ ඉවසීම හා සතුට අරමුණු කරගෙන සමුළුවක් ද පසුගිය වසරේ නොවැම්බරයේ දී සංවිධානය කර තිබුණි. රටවල් සෑහෙන ප්‍රමාණයකින් අමුත්තෝ දහස් ගණනක් එයට සහභාගී වූහ. මැදපෙරදිග ධනවත් රටක සිදුවූ මෙම අලූත් පත් කිරීම සැනසිල්ල සොයන සියළු පාර්ශවයන් හි ...
දේශපාලනඥයන්ගේ සුදුසුකම් සෙවීම අවශ්‍යමද? Milinda Prashna 2020/01/29 – ලංකාදීප දේශපාලනඥයන්ගේ පිරිහීම ගැන සෑහෙන විවේචනයක් තිබේ. පක්ෂ හෝ විපක්ෂ බේධයක් නැත. දේශපාලනඥයෝ කෙරෙහි යම් අකමැත්තක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. රට බෙදන්නට, රට විකුණන්නට හෝ දේශපාලනයෙන් හරිහම්බකරගන්නට පමණක් වෑයම් කරන පිරිසක් යැයි කල්පනා කිරීම නුසුදුසුය. සිදුවීම්, විකෘති මත පැතිරවීම ඔස්සේ දේශපාලනඥයෝ සැහෙන කලූ චරිත සේ හුවා දක්වති. දේශපාලනය ද එක්තරා වෘත්තියක් වන අතර එය සමාජයේ නියෝජනයකි. ...