වදන් බලය ඉංග්‍රීසියෙන් – Word Power in English Jangun මීට පෙර මා, අවස්ථා කීපයකදී, ඔබට, පැරණි ‘සිව්දෙස’ සඟරා ආශ්රයෙන්, ‘වදන් බලය’ නමැති මාතෘකාවෙන්, ලිපි කීපයක් ඉදිරිපත් කල බව, ඔබට මතක ඇති. අද මා සිතුවා, පැරණි ‘රීඩර්ස් ඩයිජස්ට්’ සඟරාවක් ඇසුරෙන්, ඔබේ ඉංග්‍රීසි වදන් බලය මැනෙන අභ්‍යාසයක්, ඉදිරිපත් කරන්නට. මා හිතනවා, ඔබෙන් සෑහෙන දෙනෙකු මේ අභ්‍යාසයේ යෙදෙයි කියා. පිළිතුරු සහ, ලබාදුන් නිවැරැදි පිළිතුරු ගණන […] ...
ලබ්බ උගේ, උගේ මගේ Jangun මේ කතාව මට අහන්නට ලැබුනේ මා වැලිඔය ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි අවධියේදීයි. කතාව පුංචි වුනත් මෙහි තිබෙන වචන හරඹය තමයි රසවත්. නුවරකලාවියේ (‘නුවරකලාවිය’ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර වැව, කළා වැව සහ පදවිය වැව යන වැව් වලින් සීමාවූ ප්‍රදේශය) එක්තරා ඈත ගමක මනුස්සයෙක් ළඟ ලබු කැටයක් තිබුනා. මේ ලබු කැටය පාවිච්චි කලේ බොන වතුර තබාගන්නා භාජනයක් හැටියටයි. (අද ඉන්න සමහර ...
කාන්තාර කුණාටුව – වෛද්‍ය රුවන් එම් ජයතුංග ගෙන් කෙටිකතාවක් Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත මෙම කෙටිකතාව ඔබේ රසවින්දනය උදෙසා ඉදිරිපත් කරන්නට මා හිතුවා. මීට ටික කලකට ඉහතදීයි වෛද්‍ය ජයතුංග මේ කෙටිකතාව මා වෙත ඒවා තිබුණේ. ඇත්තෙන්ම මේ කතාව හුදු උපකල්පනයක් වුවත්, එහි යම්කිසි නාට්‍යමය ස්වරූපයක් දකින්නට ලැබෙනවා. යුදබිම ගැන යම් අවබෝධයකින් තොරව මෙවැනි කෙටි කතාවක් නිර්මාණය කිරීම අපහසුයි. මීට වඩා මේ ගැන […] ...
යුද්ධයේ අතුරු කථාවක් – වෛද්‍ය රුවන් එම්. ජයතුංග Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත, ‘සංග්‍රාමයට පසු’ නමැති කෘතිය ඇසුරෙන්, ‘යුද්දේ ඉවරයිනේ ඉතිං දැන් මොකටද ආමි කාරයෝ’ යනුවෙන්, මා පසුගිය අප්‍රේල් මාසයේදී ලිපියක් ඉදිරිපත් කළා, ඔබට මතක ඇති. ඒ ලිපිය, වෛද්‍ය රුවන් එම ජයතුංග මහතාගේ දැඩි අවධානයට ලක්වී තිබෙනවා. ඒ පිළිබඳව අගයමින් එතුමා මට ඊ මේල් එකක් ඒවා තිබුන අතර, ඒ අනුව එතුමා […] ...
ඔයා බ්‍රිගේඩියර් ද, කමඩෝර් ද, ග්රූප් කැප්ටන් ද? Jangun ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිළ මොනවාද යන්න පැහැදිලි කරදෙන මෙන් ඉල්ලීම් ලැබුනේ සෑහෙන කලක සිටයි. නමුත් කල් තබා ආරම්භ කර තිබුණු වෙනත් ලිපි සම්බන්ධ පරිවර්තන කටයුතු නිසා ඒ ඉල්ලීම් ප්‍රමාද කරන්නට සිදුවුනා. ඒ ගැන මගේ කණගාටුවද ප්‍රකාශ කරමින් අද ඒ ඉල්ලීම ඉටු කරනවා. නමුත් මේ ලිපියත් එක කොටසකින් අවසන් කරන්නට නොහැකි බව මට අවබෝධ වුනේ ලිපිය සබැඳි දළ සටහන සැකසීමෙන් පසුවයි. සමහරු ...
කටපුංචලාගේ ලොකු අයියලා (හතරවැනි කොටස) – Machine Guns and There Applications (Part Four) Jangun තුවක්කු ගැන කියවෙන තවත් ලිපි මාලාවක අවසාන කොටස තමයි මෙසේ අද ඔබ වෙත ගෙන එන්නේ. පසුගිය ලිපි තුන මගහැරුණු කෙනෙක් ඉන්නවානම්, පළමුවැනි ලිපිය මෙතැනින්ද, දෙවැනි ලිපිය මෙතැනින්ද, තුන්වැනි ලිපිය මෙතැනින්ද, බලන්නට පුළුවන්. පසුගිය ලිපි තුනේදී, ඔබෙන් සෑහෙන දෙනෙක්, තම සිතේ පහලවූ ගැටළු විමසා, පිළිතුරු ලබාගැනීම ගැන මා සතුටු වෙනවා. ඇත්තෙන්ම, යුද්ධායුධ පිළිබඳ දැණුමක් නැති […] ...
බුදු අම්මෝ බුදුහාමුදුරුවනේ…….! Jangun බුදු අම්මෝ…………………….බුදුන් වඳින්න මෙච්චර අමාරුද? අම්මපා මේ අපේ එවුන්, බුදුන් වඳින්න කියලා යන්නේ, වෙන වෙන මගුල්වල. ඒකනේ තද වෙන්නේ. නරකද බුදුන් වැඳීමේ නීති පද්ධතිය කියලා පොතක් ගහලා, වන්දනා නඩ වලට විකුණන්න ලෑස්ති කරගත්තොත්? නෑ මං කියන්නේ, බුදුහාමුදුරුවෝ ළඟට, පටාචාරා, උපන් ඇඳුමෙන් ආවම, බුදුහාමුදුරුවෝ කිව්වේ, ‘නැඟණියනි සිහිය එළවාගන්න’ කියලා විතරයිනේ. නමුත් දැන් වෙන්නේ, බුදුන් වඳින්න […] ...
පරණ පොතක පිටුවක් Jangun පරණ පොත් වලට බොහොම දෙනෙක් කැමතියිනේ. අද කාලේ ඉන්න හුඟ දෙනෙක්, අලුත් පොත් කියලා හඳුන්වලා, අපිට දෙන්නේ පරණ පොත්ම තමා, එක අතකින් බලනකොට. මට පහුගිය දවස්වල, අහම්බෙන් පරණ පොත් ටිකක් ලැබුණා. ඉතින් මට හිතුනා, ඒ පොත්වලින් තෝරාගත් කොටස්, ඔබ සමග බෙදාහදා ගන්නට. මෙන්න අද මම ඉදිරිපත් කරන පොත් පිටුව. ඔන්න ඉතිං මෙව්වා, මේ […] ...
පැරණි පොතක තිබුණා මෙසේ…….. Jangun මේ මෑතකදී, අපේ පන්සලේ පුස්තකාලයට, පැරණි පොත් එකතුවක් තෑගි ලැබුණා. ඒ පොත් තොගය, විශ්‍රාමලත් විදුහල්පති වරයකුට අයත්, පොත් තොගයක්. වැඩිදෙනෙකුගේ දැනුම දියුණු කිරීමේ අරමුණෙන් තමා, ඒ මහතා මේ පොත් පරිත්‍යාග කළේ. එයින් කීපයක් මා ඉල්ලාගෙන ආවා, කියවා බලන්නට. මේ එයින් එක පොතක තිබුණු දේ වලින් සමහරක්. මේ ග්‍රන්ථය කොපමණ පැරණිද යන්න දැක්කාම මට පුදුම හිතුණා. […] ...
අපිට බයිසිකල් පදින්නවත් බැරිද? Jangun අනේ මන්දා, අලුතෙන් ක්‍රීඩා ඇමති කෙනෙක් පත්වෙලා ඉන්නවා. උන්නැහේට අර, එක එක ජාතියේ සෙල්ලම් දාන්න එහෙම, දැනුම තියනවනේ. ඒ නිසා, ක්‍රීඩා සෙල්ලම් ගැනත්, එතුමා යමක් කමක් කොරයි කියලා, බොහෝදුරට හිතනවා. හැබැයි, එතුමා අනික් ඔක්කොම සෙල්ලම් නවත්තලා, අපේ රටේ ක්‍රීඩා ක්ෂේත්රය නගා හිටුවීමේ සෙල්ලම තමයි පටන්ගන්න ඕනේ. සෙල්ලම් වැරදුනොත්, ඊළඟ මැතිවරණෙදී සල්ලම් වෙන බව, එතුමා […] ...
හොඳ රවුටර් එකක් Jangun පෙරේදා මා බිරිඳද සමග නගරයට ගියේ සිංහල අලුත් අවුරුද්ද සැමරීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමටයි. බිරිඳ බඩු මිලදී ගන්න අතර මට එකවර මතක් වුනේ, ‘සුපර් ග්ලූ’ නමැති මැලියම් ටියුබයක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් තිබෙන බවයි. මම ඒ අසල ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සලකට ගොඩ වැදුනේ, පොත් සාප්පු වල ඇති සුපර් ග්ලූ වලට වඩා හොඳ වර්ග, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසල්වල ඇති බැවිනි. ...
නිර්භීත සතුරා බිස්මාර්ක් Battleship Bismarck (පළමුවන කොටස) Jangun දෙවැනි ලෝක යුද සමය පසුබිම් කරගත් යුද වාර්තා, මූලාශ්‍ර ලෙස ගෙන නිපදවූ, සිනමා පට, රූපවාහිනී වැඩසටහන්, මෙන්ම පොත්පත්ද ඔබ පරිශීලනය කර ඇති. ‘බිස්මාර්ක් – Bismarck’ යන නම දෙවැනි ලෝක යුද සමයේදී ලොව හෙල්ලූ නමක් බව ඔබට මතකද? නැතහොත් එවැනි නමක් අසා තිබේද? මේ කියන්නට යන්නේ ඒ අභීත සතුරා හෙවත් බිස්මාර්ක් යුද නැවේ කතාවයි. සෑම විටම සත්‍යය ප්‍රබන්ධයට වඩා රසවත් මෙන්ම ...
අපි මෙහෙමයි බදු ගෙවන්නෙ,අපි මෙහෙමයි බදු ගෙවන්නෙ,අපි මෙහෙමයි බදු ගෙවන්නෙ, කොන්ද කඩාගෙන Jangun මේ බ්ලොග් එක කියවන බොහෝ දෙනෙක් දන්නවා මම ‘පැන්සොන් කාරයෙක්’ බව. රාජකාරියේ යෙදී ඉන්න කාලෙදිනම් මම මාසෙකට දුරකථන බිල්පත් ගෙව්වා රු 5000 ක් හෝ ඊට ටිකක් වැඩියෙන්. නමුත් දැන් එහෙම ඇමතුම් ගන්න අවශ්‍යතාවක් නැහැ. ස්ථාවර දුරකථනය තියාගෙන ඉන්නේ අන්තර්ජාලය පාවිච්චි කිරීමට සහ ඉතා හදිසි අවස්ථාවකදී ඇමතුම් ගැනීමට පමණයි. ජංගම දුරකතනයෙන් තමයි සියලු ඇමතුම් ගන්නේ. පැකේජ් එකක් දාගෙන ඉන්නේ පෙර ගෙවුම් ...
බේබද්දෝ Jangun මේ කතා කීපය යලිත් මතකයට නැගුන නිසා ලියන්නට හිතුනා. සමහරවිට මේ ඔක්කොම ඔබ කලින් අසා ඇති. එහෙම අය අනේ මට බනින්න එපා. මේ කතා නොදන්නා අයත් ඇතිනේ. 1. කන පැලෙන්න බීගත්ත යාළුවො තුන් දෙනෙක් දුම්රියපළට ආවා. ‘කෝච්චියට නැගීම කොහොම වෙතත් කෝච්චියට බෙල්ල තියයිද මේ යක්කු’ කියලා හිතපු දුම්රිය ස්ථානාධිපති වරයා, ඔවුන්ට නොදැනෙන්න, පෝටර් වරයෙකුත් සමග ඔවුන් අසලින්ම වාගේ සිටියා. දුම්රිය ...
අපේ කාලයේ තුවක්කු Jangun අපි ගතකල පාසල් ශිෂ්‍යභට ජීවිතය හමුදා භටයකුගේ ජීවිතයට සෑහෙන තරම් ආසන්නව තිබුණි. පළමුවෙන්ම ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයකු ලෙස අපි ඇන්ද නිළ ඇඳුම යුද භටයකුගේ නිළ ඇඳුමට සර්වප්‍රකාරයෙන්ම සමාන විය. අපේ නිලධාරින් හොඳ පුහුණුවකින් යුත් අයවලුන් වූ අතර, එදා අපට සිටි නිත්‍ය හමුදාවේ උපදේශකයන්, සෑම විටම අපව උනන්දු කරවුයේ, ඉතා ඉහල හමුදා විනයක් පවත්වා ගැනීමටය. ඒ සමගම ඉංග්‍රීසි භාෂාව සැහෙන තරම් පාවිච්චි ...
මම ගැලෙව්වනේ රවුටරේ Jangun සාමාන්‍යයෙන් මම මසකට වරක් මගේ පරිගණක පද්ධතිය පිරිසිදු කරනවා. මෙහිදී බොහෝවිට කරන්නේ සී.පී.යු. එක, මොනිටරය, ප්‍රින්ටරය, යු.පී.එස්. එක, සියුම් කෙඳි සහිත බුරුසුවකින් පිස දැමීම, මොනිටරයේ තිරය ඒ සඳහා විශේෂ දියරයෙන් පිසදැමීම යන කටයුතුයි. (ප්‍රින්ටරයේ සහ සී.පී.යු. එකේ ආවරණ ගලවා පිරිසිදු කරනවා. මොනිටරය එල්.සී.ඩී. නිසා ආවරණ ගලවන්නේ නැහැ) අද මට නිකමට හිතුනා 2009 දී මිලදීගෙන අද දක්වා කිසිදු කරදරයකින් තොරව ක්‍රියාකරන ...
බන්දුල ඇමතිතුමෝ, මේං කොරනවානං වැඩක් Jangun ආයිබොවං බන්දුල ඇමතිතුමෝ, මේ ලියුං කරදහිය ලියන්ඩ පටංගත්ත ගමං මට මතක් උනේ, ඔබතුමා 1970 ගණන්වල, අවිස්සාවේල්ලේ ‘සම්පත විද්‍යාපීඨයේ’ ගුරුවරයෙක් හැටියට වැඩ කොරපු කාලේ. ඔබතුමාගේ ‘වෙස්පා ස්කූටරෙත්’ මතකයි. අර පියතිලක මහත්තයව එහෙම මතක ඇති නේද? අනේ අම්මපා ඒ කාලේ නේද ඇමතිතුමෝ? හුටා………. ඒ කාලේ මම ඔබතුමාට ඇමතිතුමෝ කියලා නෙවෙයිනේ කතාකලේ. මතකයි නේද අවිස්සාවේල්ලේ සමූපකාර හෝටලයේ ටී […] ...
ඕයි සනත් නන්දසිරී…………………….. බුද්ධාගම කන්න එපා! Jangun සනත් නන්දසිරි කියන්නේ, කිසි කමකට නැති මිනිහෙක්. 1960 දශකයේ ඇවිලුණු ගිනිදැල් කියලා, (ලව් එක බ්රේක් නම් ගිනිතියාගනින් කියලා නේද ඒ සිංදුවෙන් කියන්නේ?) මහා ගිනි විජ්ජුම්බර ගීතයක් කියාගෙන, මේ මිනිහා යන්තම් ගීත ලෝකයට ආවා. ඊට පස්සේ මිනිහා, බොහොම අමාරුවෙන්, ඔය එක එක්කෙනාට වැඳ වැඳ, යන්තම් සින්දු කිව්වා. අපි හරිම අප්පිරියාවෙන් එව්වා ඇහුවේ. අදත් ඉතින් අහන්ඩ […] ...
My3 ඔයාට බම්බුව තමයි ඔන්න Jangun ඔන්න My3 තරහ වෙන්ඩනම් එපා. මාමා අද ලියුමක් එවලා තිබුණා. මාමා අස්සන් නොකළට මේක මාමගෙ චින්තනේට පහ වෙච්චි…… හුටා….. පහළ වෙච්චි, මල් මසුරං අදහසක්ලු. පොහ්………..My3 ට තවම බැරිඋනානේ, My3 චින්තනෙන් අපිට නොමිලේ දත් හාරන කටුවකුයි, කංහැන්දකුයි දෙනවා කියලවත් කියන්ට. බලන්ටකෝ පහළ තියන ලියුම. අද තමා තැපෑලෙන් ලැබුණේ. මාමා ගානේ ගෙදරටම පොං එකක් ගෙනැල්ලා දෙනවලු. […] ...
ඔබ හමුදාවට බැඳෙන්න කැමතිද Would you like to join the Army Jangun ඔබ සෑමදෙනාම පාහේ බලා සිටින්නේ සංග්‍රාමයේ පියසටහන් ඊළඟ කොටස එනතුරු බව මම දන්නවා. නමුත්, හිටපු හමුදා නිළධාරියකු වශයෙන්, ඉතා වැදගත් කරුණක් ලෙස සළකා, මේ විශේෂ ලිපිය ලියන්න හිතුනේ, කාලීන මාතෘකාවක් ලෙස එය ඉතා උචිත බව පෙනීගිය නිසයි. මේ දිනවල ආරංචියක් තියනවා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට Sri Lanka Army Volunteer Force වෘත්තිකයන් බඳවා […] ...