ඇඳුම් මැදිල්ල තමයි එපාවෙන වැඩේ – Ironing Your Cloth Jangun මේ බ්ලොග් අඩවිය හා සමගාමීව ‘අසමි දකිමි සොයමි’ නමින්ම, බ්ලොගර් බ්ලොග් අඩවියක්, අත්හදා බැලීමේ මට්ටමෙන් මා සකසා තිබෙනවා. මෙන්න එහි ලිපිනය. http://wicharaka.blogspot.com ඒ පිලිබඳ ඔබේ අදහස් ඒ අඩවියේදී දක්වනමෙන් ඉල්ලනවා. දිනපතා අඳින ඇඳුම් ස්ත්‍රික්කයකින් මැදගැනීම, සමහර අයටනම් එපාම කරුපු වැඩක්. අද කාලයේ තිබෙන බොහොමයක් ඇඳුම්, මදින්නේ නැතිව අඳින්නත් පුළුවන්. නමුත් එවැනි ඇඳුම් අතරින්, පිරිමි අය […] ...
වෛද්‍ය ජයතුංගගෙන් සටහනක් – A note from Dr. Jayathunga Jangun මම, මේ ඉරිදා, (නොවැම්බර් 10) රාත්‍රී අටට බස් එකට ගොඩවෙනවා. මම කැමතියි ඔබටත් ආදරයෙන් ආරාධනය කරන්න මා සමග බස් එකට ගොඩවෙන්න කියලා. මෙන්න මේ හෝල්ට් එකෙන් බස් එකට ගොඩවෙන්න පුළුවන්. එහෙනම් වරද්දන්න එපා හොඳේ. නොවැම්බර් 10 ඉරිදා රාත්‍රී 8.00 ට, අපි බස් එකේදී හමුවෙමු. වෛද්‍ය රුවන් එම් ජයතුංග කාලීනව කරන නිර්මාණ වලින් සමහරක් […] ...
වෛද්‍ය ජයතුංගගෙන් සටහනක් – A note from Dr. Jayathunga Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග කාලීනව කරන නිර්මාණ වලින් සමහරක් මෙම අඩවියේ පලකිරීම සඳහා මාවෙත එවන බව මීට කලින් මා ඔබ වෙත කියා තිබෙනවා. මනෝවෛද්‍ය විශේෂඥයකු වශයෙන් විදෙස්ගතව සේවය කරන අතරතුර සාහිත්‍යමය/සමාජ විද්‍යාත්මක/මනෝවිද්‍යාත්මක නිර්මාණ බිහිකරන ඔහු, අතිදක්ෂ ලේඛකයකු බව ඔහු මෙතෙක් කර ඇති නිර්මාණ වලින් පැහැදිළි වෙනවා. මෑතකදී ඔහු තම මතකය අවදි කරමින්, පැරණි ගත් […] ...
බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට්, අම්මෝ ආමි එකේ තියන ජාති (තුන්වැනි කොටස) – Organisation of an Army (Part Three) Jangun බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට් ලිපිය, කොටස් දෙකකින් අවසන් කරන්න සිතා සිටියත්, සංක්ෂිප්තව කරුණු දැක්වීමේදී, ඔබේ අවබෝධය එතරම් පුළුල් නොවනු ඇතැයි සිතුන නිසයි, කොටස් තුනකට විකාශය කර ලියන්න සිතුවේ. මේ ලිපියේ පළමුවැනි කොටසෙන් ඔබ ලබාගත් මූලික අවබෝධය දෙවැනි කොටසේදී තවත් ඉදිරියට ගෙනයන්නට හැකිවුණා. මේ තමයි ලිපියේ අවසාන කොටස. මෙහිදී අපි, හමුදාවක අන්තිම ඉහළ තලය දක්වා ගමන් කරන […] ...
බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට්, අම්මෝ ආමි එකේ තියන ජාති (දෙවැනි කොටස) – Organisation of an Army (Part Two) Jangun හමුදාවක සංවිධානය කෙබඳුද යන්න පැහැදිලි කරදීම සඳහා මා ඉදිරිපත්කරන, මේ ලිපියේ පළමුවැනි කොටසට ඔබෙන් සෑහෙන පිරිසකගේ අවධානය ලැබී තිබුණා. මේ එහි දෙවැනි කොටස. මේ කොටසේදී මම ඔබව හමුදාවක සංවිධානයේ ඉහළම තලය දක්වා රැගෙන යනවා. අවබෝධ කරගන්නට අපහසු සියල්ල ප්‍රශ්න අසා විසඳාගන්නා මෙන් විශේෂයෙන් ඉල්ලනවා. හමුදාවක් ශක්තිමත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාකරන්නේ මේ සංවිධාන ශක්තියේ ඇති ක්‍රමවත්භාවය […] ...
බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට්, අම්මෝ ආමි එකේ තියන ජාති (පළමුවැනි කොටස) – Organisation of an Army (Part One) Jangun යුද හමුදාවක සැකැස්ම නොහොත් සංවිධානය වී ඇති ආකාරය මොනවගේද කියලා දැනගන්න බොහොම දෙනෙක් කැමතියි. පහුගිය යුද සමයේදී මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් යුද තොරතුරු වාර්තා කිරීමේදී යුද හමුදා භටපිරිස් අයත් වන විවිධ ප්‍රමාණයේ කණ්ඩායම් පිලිබඳ තොරතුරු කියවූවා/ඇසුවා/නැරඹුවා ඔබට මතක ඇති. නමුත් ඒ කියන භට කණ්ඩායම් මොන වගේද කියන ගැටළුව නම් ඔබෙන් සෑහෙන පිරිසක් අතරේ […] ...
අනේ මන්දා මේ නීති ඕනෙද එපාද? – The Law and Order Jangun අපේ රටේ නීතිය වල් වැදිලා, අධිකරණය පක්ෂපාතියි, පොලීසිය සාධාරණ නැහැ කියන චෝදනා, නිතර අහන්න ලැබෙන බව අපි කවුරුත් දන්නවා. පසුගිය අවුරුදු 25 – 30 පමණ කාලය තුළ, ඉහත කී ආකාරයේ චෝදනා වැඩිවීමක් මිස අඩුවීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. බලයට පත්වන සෑම රජයකින්ම, මහජනතාව බලාපොරොත්තුවන සාධාරණත්වය ඉටු නොවුන බවයි මහජනතාවගේ මතය වන්නේ. ඒ නිසයි කාලීනව පවත්වන (සාධාරණ) […] ...
කෙමරූජ් භීෂණය – The Khmer Rouge Terror වෛද්‍ය රුවන් එම් ජයතුංග Jangun කාම්බෝජය, කම්පූචියා, එසේ නැතහොත් ඉංග්‍රීසි බසින් කැම්බෝඩියා Cambodia යන රට ගැන ඔබෙන් බොහෝ දෙනෙක් අනිවාර්යයෙන්ම අසා ඇති. ඔබෙන් සමහරෙක් මේ රටේ සංචාරය කර හෝ සමහරවිට රැකියාවක් කළ/කරන අයකු වන්නටත් පුළුවන්. කාම්බෝජය ගැන මෑත ඉතිහාසයේ ලියවෙන වාර්තා බොහොමයක් එතරම් සුන්දර හෝ රසවත් ඒවා නොවෙයි. එයට හේතුව වන්නේ දිගු කලක් මේ රට වෙලී තිබුණු භීෂණකාරී සිද්ධි සමුදායක් තිබීමයි. ලෝක ඉතිහාසයේ […] ...
අනේ ඔබාමෝ – Oh Obama Jangun අනේ ඔබාමෝ උඹ ගැන හිතනකොට අනුකම්පා හිතෙයි අම්මප බොක්කෙන්ම බල්ලොත් නොකන උඹලගේ වියවස්තාවේ ජනපති කියන්නේ අම්මප බල්ලෙක්ද සෙනෙට් එකට යටවෙන ජනපතිඳානන් කෙනෙක් වෙලා මොකටද ඇමරිකාවට ඔහොම පුලුවන්ද ලෝකෙට රජ වෙන්ඩ කොපි කරනවකො අපගේ වියවස්තාව පේනව නේද අපගේ මහ රජාණෝ මැස්සෙක් වත් නොයයි උන්දැගෙ නහය උඩින් අපිම තමයි තවමත් චන්දය දෙන්නේ පස්සා පැත්තෙ ගහගෙන අපෙ වාලධිය බලය […] ...
ජනාධිපතිතුමාගේ කතාව බැලුවද/ඇහුවද – President’s talk to ‘Al Jazeera’ Jangun අපේ ජනාධිපතිතුමා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමට සහභාගිවීමට ගිය අතරේ, අල් ජසීරා – Al Jazeera නමැති, චන්ද්‍රිකා රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. මෙය විකාශනය වුනේ පසුගිය සැප්තැම්බර් 28 වැනිදායි. එම රූපවාහිනී නාලිකාව විසින්, අදාළ සාකච්ඡාව, තම නාලිකාවට අයත් අනතර්ජාල වෙබ් පිටුවේ පළකර ඇති ආකාරය මෙතනින් බලන්න පුළුවන්. එමෙන්ම පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ සාකච්ඡාව ඇතුළත් වීඩියෝ […] ...
කේළමා අවලමා ට ඌණ පූරණයක් – A suppliment to the post about ‘The Drone’ Jangun පසුගිය මාසයේ මැද භාගයේදී මා ඔබවෙත ඉදිරිපත් කළ ‘කේළමා, අවලමා, ඔත්තුකාරයා,‘ නමැති ලිපිය ඔබට මතක ඇතැයි සිතනවා. මේ කෙටි ලිපිය ඒ ලිපියට ඌණ පූරණයක් ලෙසයි ඉදිරිපත් කරන්නේ. එම ලිපියේ දෙවැනි කොටසේ අවසානයේදී මා සඳහන් කළා ඔබට මතක ඇති, නියමුවන් රහිත ප්‍රහාරක ගුවන් යානා සෑදීමේ තරගය ඉතා වේගවත්ව බලවත් රටවල් අතර සිදුවන බව. එහි අලුතෙන්ම […] ...
මගේ පුස්තකාලයෙන් – A Glimps from My Library Jangun මගේ පුස්තකාලයෙන් වරින් වර ඔබට විවිධ ආකාරයේ පොත් හඳුන්වාදෙන බව දැන් ඔබ දන්නවා. මෙවර මා ඔබට හඳුන්වා දෙන්නේ අමුතු අදහස් ඇති, අමුතු ශෛලියකින් ලියවුන පොතක්. ඇත්ත වශයෙන්ම අපේ රටේ ඉතිහාසය පිළිබඳව නැවත සිතන්නට පොළඹවන මෙම කෘතියෙහි අවසානයට, වර්තමානය සහ අනාගතය ගැනත් කතුවරයාගේ අපූරු අදහස් සමුදායක් දැක ගන්නට ලැබෙනවා. මේ අපූර්වත්වය නිසාමයි මේ පොත ඔබට […] ...
මොකද කියන්නේ, එහෙනම් අපි බෝම්බයක් හදලා ගහමුද? The Hand Grenade Jangun බෝම්බ ගැන ලිපියක් ලියන්න කියලා, මා වෙත ඉල්ලීම් ආවේ, සෑහෙන කලක සිටයි. නමුත්, වෙනත් ලිපි වලට ප්‍රමුඛත්වය දෙන්න සිදුවීම නිසා, ඒ ඉල්ලීම ඉටු කිරීම කල් දැමුනා. ඔන්න අද ඔබේ ඒ ඉල්ලීම ඉටුවෙනවා. මේ ලිපියෙන්, මා ඔබට අත් බෝම්බ ගැන හැකිතරම් කරුණු කියාදෙන අතර, අවසානයේදී, බෝම්බයක් හදන හැටිත් කියාදෙනවා. මේ ලිපිය ප්‍රමාද වෙන්න තවත් හේතුවක් වුනේ, […] ...
ළඟට එන්න එපා……… ගහනවා ටොම්බාගෙන් – Tomba? what’s that Jangun ‘ටොම්බ’ කියන වචනය මම මුලින්ම කියවුයේ, මායා රංජන් (මහානාම දිසානායක) මහතාගේ දිගාමඩුල්ලේ ආශ්චර්යය (ආසියාවේ ආශ්චර්යය නෙවෙයි ඈ ) ඒ පොතේ කියන ආකාරයට, දිගාමඩුල්ලේ ගැමි ජනතාව ‘ටොම්බ’ කියලා කියන්නේ, සතෙකුගේ වලිගයට. මට මතකයි ඒ කතාවේ එක තැනක, විෂ සෑදීම සඳහා, සර්පයන් රාශියක් මරා, ඔවුන්ගේ හිස කපා, ඉන්පසු කබරයකු අල්ලාගෙන, ඒ සර්ප හිස් අර කබරයාට ගිල්ලවන […] ...
අනේ…….! මගේ පළවෙනි එක (දෙවැනි ලිපිය) – Oh…..! My First One (2nd Article) Jangun මම හීනෙන්වත් නොසිතු විදිහට ආයේ සැරයක් ලියන්න වුනානේ අනේ මගේ පළවෙනි එක ලිපියට තවත් කොටසක්. ‘සිතුදේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා’ කියලා පරණ සිංදුවකුත් තියෙන්නේ. අර මම කලින් ලියපු අනේ මගේ පළවෙනි එක වගේම, මේ ලිපියත් ලියන්න, අහම්බෙන් තමයි නිමිත්ත පහළ වුනේ. පසුගිය ලිපිය ලියන්න හේතු සාධක වුනේ මගේ පින්තූර ඇල්බම් එකක තිබුන […] ...
අර ආමි එකේ කට්ටියට මොකක් වෙයිද? – Military Disciplinary Procedure Jangun මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා යුද හමුදාව මුහුණ දුන් ඉතා අවාසනාවන්ත සිදුවීමක් ලෙස රතුපස්වල සිද්ධිය ඉතිහාසයට එක්වෙනවා. මේ සිද්ධිය නිසා ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමයට සිදුවූ හානියේ බරපතළකම වැටහෙන්නේ, ඉදිරි කාලයේදී, ඒ පිළිබඳව යුද හමුදාව විසින් මෙන්ම, සිවිල් අධිකරණය මගින්ද, ගනු ලබන ක්‍රියාමාර්ග (පින්තූරය ගත්තේ මෙතනින්) වලින් අත්වන ප්‍රතිඵල අනුවයි. එමෙන්ම අපේ රටවැසියන් මෙන්ම ජාත්‍යන්තර ප්රජාවද මේ […] ...
කේළමා, අවලමා, ඔත්තුකාරයා, මිනීමරුවා, (දෙවැනි කොටස) – The Drone (Part Two) Jangun කේළමා, අවලමා, කතාවේ පළමුවැනි කොටසට ඔබෙන් සෑහෙන පිරිසකගේ අවධානය යොමුවී තිබීම ගැන සතුටු වෙනවා. මේ එම ලිපියේ දෙවැනි කොටසයි. මේ කොටසේදී Drone යානා පිළිබඳව විශේෂ කරුණු රැසක් ඔබ සමග සාකච්ඡා කරන්නට මා බලාපොරොත්තු වෙනවා. මේ කොටස මීට කලින් ඔබ වෙත ගෙන එන්නට සිතා සිටියත් පසුගිය දිනවල බලාපොරොත්තු රහිත ලෙස මා අධික කාර්ය බහුළ තත්වයක […] ...
කේළමා, අවලමා, ඔත්තුකාරයා, මිනීමරුවා (පළමුවැනි කොටස) – The Drone (Part One) Jangun ඉහත මාතෘකාවේ සඳහන් වචන වලින් අපි යමෙකු අමතනවානම්, එසේ කරන්නේ, පහන් හැඟීමකින් නොව හෙළා දැකීමේ, ගර්හා කිරීමේ, අපහාස කිරීමේ, අදහසින්. වාග් මාලාව අතින් අපේ භාෂාව කොතරම් පොහොසත් ද යන්න හිතාගන්නට බැරි තරම් විශාලයි. එහෙත්, කණගාටුවට කරුණ වන්නේ, අපේ රටේ අද මව් භාෂාව දෙවැනි තැන්හි ලා සළකන, කටයුතු කරන, පිරිසක් බිහිව සිටීමයි. මෙයට හේතු කීපයක් මා දකිනවා. […] ...
“ප්රභාකරන් සාධකය” සහමුලින්ම පරාජය කිරීම – වෛද්‍ය රුවන් එම් ජයතුංග Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග, ඔහු විසින් කලකට ඉහතදී ‘සිංහලයා පුවත් අඩවිය’ වෙනුවෙන් ලියන ලද, ‘ප්රභාකරන් සාධකය සහමුලින් පරාජය කිරීම’ නමැති ලිපිය, ඊ මේල් මගින්, මා වෙත එවා තිබුණා. එය කියවූ පසු මා හිතුවා, එය ඔබේ අවධානයටත් ලක්කළයුතු බව. මේ සඳහා වෛද්‍ය ජයතුංගගේ අනුමැතිය ලබාගැනීමෙන් පසුවයි, මෙසේ ඔබවෙත මේ ලිපිය ගෙන එන්නේ. මෙහිදී එක් කරුණක් […] ...
හමුදා පොතේ කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි…….. – The Crowd Dispersal Jangun මේ ලිපිය, තමන්ගේ නිර්මාණයක් ලෙස සංස්කරණය කොට පළකළ එක්තරා බ්ලොග් අඩවියක, මේ ලිපියට සබැඳියාවක්වත් දක්වා නැති නිසාත්, තවත් පුවත් වෙබ් අඩවියක ද ලිපිය තමන්ට අයිති එකක් සේ සලකා සංස්කරණය කොට පළකර, අගට මගේ බ්ලොග් නම කුඩා අකුරුවලින් දක්වා, කිසිදු සබැඳියාවක් පෙන්වා නැති නිසාත්, ඒ ගැන මා එම අඩවියේ දැමු කමෙන්ට් එකවත් පළකර නොමැති අතර, මගේ කතෘත්වය […] ...