අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (දෙවැනි කොටස) The Battle Tank (Part two) Jangun කොහොමද සැපදුක්? යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාවේ පළමුවැනි ලිපිය සෑහෙන තරම් ඔබේ සිත්ගත් බව පෙනීගියා. මා හිතුවේ නැහැ යුද්ධ ටැංකි ගැන ඔබ මෙපමණ උනන්දුවක් දක්වයි කියා. හැමදාමත් ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් පවතිනවා. එය ඉතා අවාසනාවන්ත තත්වයක්. මේ දිනවල ඔබ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අර්බුදය මෙන්ම යුක්රේන අර්බුදය ගැන ජාත්‍යන්තර රූපවාහිණී නාලිකා ඔස්සේ […] ...
අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (පළමුවැනි කොටස) The Battle Tank (Part One) Jangun ටැංකි කිව්වම ඉතින් අපේ මතකයට එන්නේ ඔය එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන ටැංකි වර්ගනේ. ඒ කියන්නේ ගෑස් ටැංකි, වතුර ටැංකි, ඉන්ධන ටැංකි, වගේ දේවල්. මොකද ඒවා තමයි අපේ ජීවිතයට සමීප. නමුත් අපේ ජීවිතය තීරණය කරන ටැංකිත් තියනවා. එක අතකට අර කියපු ටැංකිත් අපේ ජීවිතය තීරණය කරනවා තමයි. මොකද වතුර බිල, ලයිට් බිල, ඉන්ධන මිළ, ගැන […] ...
පරණ කතාවක් නැවත කියවමු – හේතුහාමි පොහොර ගැහුවා වගේ Jangun වසර දෙකකට පෙර, මා වර්ඩ්ප්‍රෙස් අඩවිය පමණක් පවත්වාගෙන ගිය අවධියේ ඉදිරිපත් කළ මේ කතාව, මගේම නිර්මාණයක්. මේ දිනවල, හමුදා තොරතුරු ඇතුළත් ලිපි තුනක්, සංස්කරණය කරමින් තිබෙනවා. නමුත් එය ඉතාම වෙහෙසකරයි. හමුදා වාග්මාලාවේ ඇති වචන, සාමාන්‍ය පාඨකයාට වැටහෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම, ඉතා දුෂ්කර මෙන්ම අභියෝගාත්මක කාර්යයක්. මම ඒ ටික ඉවර කරගන්නා තුරු, ඔන්න පරණ කතාවක් […] ...
සම්සුදීන් නානා – Samsudeen Nana – වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෙටි කතාවක් Jangun අපේ රටේ තිබෙන ජනවාර්ගික අර්බුදය නැතිකොට සාමකාමී සහජීවනය සහ සංහිඳියාව ඇතිකිරීම සඳහා විවිධ යෝජනා/ව්‍යාපෘති/ප්‍රොජෙක්ට්/වර්ක්ෂොප්/සිම්පෝසියම්/එම්පෝරියම්………හුටා එව්වා නෑ නේද?/ තව අහවල් එව්වා/මේ එව්වා/ නම් ටොන් ගණනින් ඉදිරිපත් වෙනවා. නොර්වේ රාජ්‍යයෙන් ලැබුණු කෝටි ගණනක් මුදල් වියදම් කරලා වාසුදේව නානායක්කාර උන්නැහේ මේ දවස්වල සරුංගල් යවනවා ඊනියා සංහිඳියාව ඇතිකරන්න. අනේ ඒ සල්ලි වලින් අලුත්ගමදී විපතට පත් මුස්ලිම්/සිංහල පවුල් […] ...
ඇත්තටම අපි යුද්දේ පැරදුනා නම්……… If We Were Defeated…… Jangun ඔන්න ඉතින් කේන්ති ගන්න එපා මෙහෙම කිව්වා කියලා. මට මේ නිකමට හිතුන දෙයක් කිව්වේ. මේ දවස්වල මානව හිමිකම් කොමිෂන් ප්‍රශ්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අරක කොරනවලු, මේක කොරනවලු. බ්‍රිතාන්‍ය රජය අපේ රටේ හමුදාව පුහුණු කරලා අහිංසක දෙමල මිනිස්සු මරන්න උදව් කලාලු. ඒ මදිවට ඉන්දියාවේදී කොටින්වත් පුහුණු කලාලු. දැන් එක එක කතා එළියට එනවා. එක්සත් […] ...
පොරවගෙන ඉන්නෙ නැතුව පොරොව ගැන ඉගෙනගන්න – The Axe Jangun හැමදාමත් මම වැඩිපුරම ඔබත් එක්ක කතාකරන්නේ අවි ආයුධ ගැන නේ. අවි ආයුධ කිව්වම යුද්ධයට අදාළ අවි ආයුධත් තියනවා, එදිනෙදා ජීවිතයට අදාළ අවි ආයුධත් තියනවා. මතකද මීට කලින් මම පිහිය ගැන කතාකළා. ඒ ලිපියටත් ඔබෙන් සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. පොරවාගෙන ඉන්නේ නැතුව පොරොව ගැන ඉගෙනගන්න කිව්වේ, අද මම පොරොව නමැති ආයුධය ගැන ඔබ සමග කරුණු කාරණා […] ...
වදන් බලය 3 – Word Power 3 Jangun මතකද මම මීට කලින් ඔබ වෙත ගෙන ආ වදන් බලය ලිපි. ඒවා මගේ නිර්මාණ නොවෙයි. පැරණි සිව්දෙස සඟරා වලින් උපුටාගත් ඒවා. මීට පෙර මා ඔබ වෙත වදන් බලය කොටස් දෙකක් රැගෙන ආවා. පළමුවැනි කොටස මෙතනින් බලන්න. දෙවැනි කොටස මෙතනින් බලන්න. ඊට අමතරව ‘රීඩර්ස් ඩයිජස්ට්’ සඟරාවෙන් උපුටාගෙන, ඉංග්‍රීසි භාෂාවෙන්ද, වදන් බලය ලිපියක්, මා ඔබවෙත ගෙනාවා. […] ...
කලකට පස්සේ – After a long time Jangun කාලෙකට පස්සේ ඔන්න ඉතිං පුංචි කතන්දර දෙක තුනක් ලියන්න හිතුනා. හිතේ තිබුනට මෙව්වා ලියන්න සුදුසු වචන තෝරාගන්න එක තමයි අමාරුම වැඩේ. කතන්දර හැටහුටහමාරක් ඔලුවේ තිබුනට, මෙහෙම පොරසිද්දියේ එව්වා කියන්න බැහැ. කොහොම ලියන්න හැදුවත් ලැජ්ජා හිතෙනවා අනේ. ඒ වුනාට මම දන්නවා හුඟ දෙනෙක් මේ කතාවලට කැමතියි කියලා. බ්ලොග් ලියන කියවන ගෑණු ළමයිනුත් ඉන්න නිසා, බොහොම පරිස්සම් […] ...
ඊළාම් යුද සිරකරුවෝ – වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපියක් – The POWs of The Eelam War Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපි සහ පොත්පත් ගැන මීට පෙර මා ඔබ සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර තිබෙනවා. එතුමාගේ වෙනත් සාහිත්‍ය නිර්මාණ කීපයක්ද මා ඔබවෙත ගෙන ආවා. එබැවින්, මේ අඩවියට පැමිණෙන ඔබට, ඔහු අමුත්තකු නොවෙයි. තිස් වසරක් තිස්සේ, අප රට ගිලගෙන තිබුණු කුරිරු ඊලාම් යුද්ධය, තවත් පරම්පරා ගණනකට අපේ මතකයෙන් ඈත නොවන බව, මා අමුතුවෙන් […] ...
අන්ත්‍රාවයි වෙඩිතියන පොලිස්කාරයෝ ඉදිරියෙන් Jangun මෙවැනි ලිපියක් ලියන්නට සිදුවීම සතුටක් නෙවෙයි කණගාටුවක්. මමත් ආරක්ෂක අංශයක හිටපු සාමාජිකයකු නිසා, තවත් ආරක්ෂක අංශයක් ගැන මෙහෙම ලියන්නටවීම ගැන මට කණගාටුයි. නමුත් මේවා නොලියාම බැහැ. ඒ නිසයි ලියන්නේ. පොලීසිය කියන්නේ වැදගත්, ගෞරවණීය, අභිමානවත්, සේවයක්. එය රැකියාවක් නොවේ. පොලීසියක් පවත්වාගෙන යාම අපි පොලීසියට බනිනවා වගේ ලේසි වැඩක් නොවේ. පොලිස් සේවාව සෑමවිටම එහි බලධරයන්ගේ […] ...
එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමද? – Are we going in a circle? Jangun පසුගිය දිනවල අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල ඇතිවූ අවාසනාවන්ත, කාලකණ්නි සිදුවීම් පිළිබඳව තවමත් බ්ලොග් අඩවි වල කතාබහට ලක්වෙනවා. ජනමාධ්‍ය හා ජඩ මාධ්‍ය, තව සෑහෙන කාලයක්, කුණු මිනීමස් රසට ඇදී එන ගිජු ලිහිණියන් මෙන්, කුණු රසය අවුස්සමින්, මහජනතාවට කට ඇරගෙන, තුෂ්නිම්භූතව, ඉන්න දේවල් පෙන්නයි, කියයි, ලියයි. මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඒවා බලා, අසා, කියවා, අවිචාරයෙන් හැසිරෙයි. ඔයටික […] ...
කටපුංචලාගේ ලොකු අයියලා (හතරවැනි කොටස) – Machine Guns and There Applications (Part Four) Jangun තුවක්කු ගැන කියවෙන තවත් ලිපි මාලාවක අවසාන කොටස තමයි මෙසේ අද ඔබ වෙත ගෙන එන්නේ. පසුගිය ලිපි තුන මගහැරුණු කෙනෙක් ඉන්නවානම්, පළමුවැනි ලිපිය මෙතැනින්ද, දෙවැනි ලිපිය මෙතැනින්ද, තුන්වැනි ලිපිය මෙතැනින්ද, බලන්නට පුළුවන්. පසුගිය ලිපි තුනේදී, ඔබෙන් සෑහෙන දෙනෙක්, තම සිතේ පහලවූ ගැටළු විමසා, පිළිතුරු ලබාගැනීම ගැන මා සතුටු වෙනවා. ඇත්තෙන්ම, යුද්ධායුධ පිළිබඳ දැණුමක් නැති […] ...
කටපුංචලාගේ ලොකු අයියලා (තුන්වැනි කොටස) – Machine Guns and There Applications (Part Three) Jangun කටපුංචලාගේ ලොකු අයියලා ගැන කියන්න පටන් ගත් ලිපි මාලාවේ තවත් කොටසකින් මෙසේ අපි හමුවෙනවා. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසට සහ දෙවැනි කොටසට ඔබෙන් ලද ප්‍රතිචාර මා බොහෝ දුරට දිරිමත් කරවන බව ස්තුති පූර්වකව සඳහන් කරනවා. බොහෝ දෙනා තමන්ට ඇතිවූ ගැටළු පිළිබඳව මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේදී මෙන්ම බ්ලොගර් අඩවියේදීත් විමසීම් කර තිබුණා. ඒ පිළිබඳවද මා […] ...
කටපුංචලාගේ ලොකු අයියලා (දෙවැනි කොටස) Machine Guns and There Applications (Part Two) Jangun කටපුංචලාගේ ලොකු අයියලා ගැන ලියවෙන මේ ලිපි මාලාවේ පළමුවැනි කොටස ඔබ කියවන්නට ඇතැයි මා සිතනවා. සමහරු කියා තිබුණා එය කෙටි වැඩියි කියා. හරි, දිගටනේ ඕනේ. දෙන්නම් දිගට. හැබැයි ඊළඟට කියන්න එපා දිග වැඩියි කියලා. ඇත්තටම සිදුවුණේ මේ ලිපිය කොටස් දෙකකට කඩන්න තරම් කොට වැඩියි, එක කොටසකින් අවසන් කරන්නට තරම් දිග වැඩියි, යන හැඟීමේ මා […] ...
කටපුංචලාගේ ලොකු අයියලා (පළමුවැනි කොටස) Machine Guns and There Applications (Part One) Jangun ‘කලකට පස්සේ වෙලකට බැස්සේ’ කියලා පැරණි කියමනක් තියනවා අහලා ඇති නේද? ඔන්න මමත් කාලෙකට පස්සේ තමයි යුද අවි ගැන එහෙමත් නැත්නම් හමුදාවට සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපියක් ලියන්නේ. මම හිතන්නේ ‘සංග්‍රාමයේ පියසටහන්‘ ලිපියෙන් පස්සේ තමයි මේ ‘හමුදා ලිපියක්’ ලියන්නේ. සෑහෙන කාලයක්. සමහරු නෝක්කාඩු කියලත් තිබුණා, අපි මේ අඩවියට එන්නේ හමුදා තොරතුරු මිසක් වෙන […] ...
18 + ලෝකයේ පළමුවැනි නිරුවත් චිත්‍රපටිය – First Ever Nude Movie of the World Jangun බුදු අම්මෝ…….මට බලන්න ලැබුනානේ ලෝකයේ පළමුවැනි නිරුවත් චිත්‍රපටියේ දර්ශනයක්. නිරුවත් කිව්වට මේක වැඩිහිටියන්ට පමණයි වර්ගයේ එකක්. ඒ වුනාට නිරුවත් ජවනිකා තියනවා. අම්මෝ………මට කලන්තේ හැදෙන්න ආවා ඒ ජවනිකාවේ තියන දේවල් දැකලා. ඒ කියන්නේ මේ තරම් ඇඳුම් ගොඩක් අඳින කාන්තාව මොන තරම් අවාසනාවන්තද කියලා මට හිතුනා. මෙන්න තියනවා මම දැකපු ජවනිකාව. හැබැයි මට බනින්න එපා කුණුහරප පෙන්නුවා […] ...
සතුරා සමග සෙනෙහසින් – Stockholm Syndrome Jangun මේ කතාව කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් මා කියන්නට උත්සාහ කරනදේ ඔබ වටහාගනු ඇතැයි කියා මා තුළ දැඩි විශ්වාසයක් තියනවා. සමහරු කියනවා මම මානසික වශයෙන් පීඩනයට පත්වෙලා ඉන්නවා කියලා. දොස්තරවරු කියනවලු ඒ තත්වයට කියන්නේ Stockholm Syndrome කියලා. මට ඒ මොකවත් තෙරුම්ගන්නවත්, පිළිගන්නවත් අවශ්‍ය නැහැ. මට වැදගත් මගේ කතාවයි. මම […] ...
අපි දැකපු කාර් (හතරවැනි කොටස) Vintage Cars in Our Time (Part Four) Jangun මේ පරණ කාර් ලිපි මාලාව මෙතරම් ජනප්‍රියවේ යයි මා මුලින් සිතුවේ නැහැ. නමුත් බොහොමයක් දෙනා මේ ලිපි මාලාව අගය කර තිබෙන අතරම, තමන්ගේ දැණුමද, ලිපි වලට දක්වන ප්‍රතිචාර ලෙස එක්කිරීම නිසා, ලිපි මාලාවට ආලෝකයක් ලැබුණා. මීට කලින් ලියවුන කොටස් තුන කියවා නැති අයට, පළමුවැනි කොටස මෙතැනින්ද, දෙවැනි කොටස මෙතැනින්ද, තුන්වැනි කොටස මෙතැනින්ද, කියවන්න […] ...
අපි දැකපු කාර් (තුන්වැනි කොටස) Vintage Cars in Our Time (Part Three) Jangun දැන්නම් මේ ලිපි පෙළට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙන බව පෙනෙනවා. එමෙන්ම මට අමතක වූ කරුණු සහ මා නොදැන සිටි කරුණුද මතක් කර දෙන සියළු දෙනාට හද පත්ලෙන්ම ස්තුති වන්ත වෙනවා. එවැනි තොරතුරු නිසා, මේ ලිපි මාලාව තවත් දුරට ගෙන යා හැකි බවක් පෙනෙනවා. නමුත් අනවශ්‍ය ලෙස දීර්ඝ ලිපි මාලාවක් ඉදිරිපත් කිරීමට මගේ […] ...
අපි දැකපු කාර් (දෙවැනි කොටස) Vintage Cars in Our Time (Part Two) Jangun මතකයි නේද මේ කතාවේ පළමුවැනි කොටස. මතක නැතිනම් මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න. කතාවේ පළමුවැනි කොටසේදී මා අතින් සිදුවුණු අඩුපාඩු කීපයක් නිවැරදි කර ගැනීම, අද ලිපියේදී මුලින්ම කලොත් හොඳා කියලා හිතුනා. ඒ අඩුපාඩු පෙන්වාදුන් winiwidimi, ඔස්ටින් අයියා, සහ තවත් නිර්නාමික බොහෝ දෙනෙකුට මගේ අවංක ස්තුතිය පිළිගන්වන්නට කැමතියි. ඔවුන් පෙන්වාදුන් අඩුපාඩු සම්පූර්ණ කරගෙන එමෙන්ම […] ...