ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා මෙවර ඕලෙවල් විභාගයට පෙනී ඉදලා Free Hit Lanka www.freehitlanka.com(2013 දෙසැම්බර් මස 10 වැනිදා) අයියෙ කොහෙද මේ යන්නෙ.. මම ඇහුවෙ ක්‍රිකට් ආයතනයේ රියදුරු මහත්තයෙක්ගෙන්. මොකද මිනිහ කඩි මුඩියෙ දුවන්න හදන්නෙ නම් හොද ගමනක් නෙමෙයි කියල හිතිලයි. කථාකරන්න වෙලාවක් නෑ මල්ලි.. මම මේ ඕලෙවල් විභාගෙ ඉවර වෙන්න කලින් ඉස්කෝලෙ ගාවට යන්න ඕනෙ... අයියට එච්චර ලොකු ළමයි ඉන්නවද.. මටත් ඉතින් කට තියන් ඉන්න බැරි හින්ද ආපු ප්‍රශ්නෙ දැම්ම.. මල්ලිට පිස්සුද? මගෙ ...
ක්‍රිකට් පාඩුව අවම කිරීමට බෝල මාරු කරයි Free Hit Lanka www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 03 වැනිදා සඳුදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශය තුන්දින තරගාවලිය සදහා භාවිතා කරනු ලබන පන්දු වර්ගය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වියදම් අවම කිරීමේ බලාපොරොත්තු ඇතිවයි. දේශීය එක්දින සහ තුන්දින තරගාවලිය සදහා ක්‍රිකට් ආයතනය වසරකට රුපියල් මිලියන 97 ක් වියදම් කරනු ලබනවා. ඉන් රුපියල් මිලියන 05 ක් ඉතිරිකර ගැනීම සදහා මෙලෙස පන්දු මාරු කිරීමට ක්‍රිකට් ආයතනය ...
ශ්‍රී ලංකාව තුන බේරා ගනී Free Hit Lanka පළමු දකුණු හා මධ්‍යම ආසියානු කාන්තා වයස අවුරුදු 13 න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත්වුණා. ඒ සමස්ත ශූරතාවලියේ මුහුණු දුන් තරග 05 ම අපරාජිකත්වය රැක ගනිමින්. ඔවුන්ට පමණක් පරාජය වූ ඉරානය තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තා. තෙවන ස්ථානය සමග පැවති තරගයේදී පලස්තීනය ගෝල 03 ට 01 ක් ලෙස පරදවමින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. එක් තරගයක් ජයගත් ...
මතිවානන් ඉල්ලා අස්වීමේ සූදානමක් Free Hit Lanka www.freehitlanka.com(2013 ජූලි මස 14 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ.මතිවානන් මහතා විධායක කමිටුවෙන් ඉල්ලා අස්වීමට සූදානම්වන බවට වාර්තා වනවා. ඔහු පසුගිය මාස 02 ක කාලය තුල ක්‍රිකට් විධායක කමිටුවට හෝ ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු සදහා ක්‍රියාකාරීව සහභාගී වී නැහැ. ඊට හේතුව වී ඇත්තේ ලේකම් නිෂාන්ත රණතුංග මහතාගෙන් සහ සෙසු සාමාජිකයින්ගෙන් සිදුවන කෙනෙහිලිකම් බවයි වාර්තා වන්නේ. කේ. මතිවානන් මහතා ...
ක්‍රිකට් ආයතනය ඇමතිවරයා නොමග යවයි Free Hit Lanka ක්‍රිකට් ලෝක කුසලානයේ ඇණ නැතිවීම පිළිබද පළවන වාර්තාවන්ගේ සත්‍යතාවක් නැතැයි ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා. ඒ ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබද ලිඛිතව කරුණු දක්වන ලෙස කරන ලද ඉල්ලීමකට අනුවයි. මෙහි දැක්වෙන්නේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ක්‍රිකට් ආයතනයට පැමිණීමෙන් ලෝක කුසලානයට හානියක් නොමැති බව දැකබලාගත හැකි බවයි. එමෙන්ම ලෝක කුසලානයට හානි සිදුවී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා සදහා නිවරදිකිරීම්ද යොමුකර ඇතැයි ක්‍රිකට් ...
බැඩ්මින්ටන් සංගමය නිලූකව පාවාදෙයි Free Hit Lanka freehitlanka.com (2012-08-01)නිලූක කරුණාරත්න ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ අද හොදම බැඩ්මින්ටන් ක්‍රීඩකයින් 18 දෙනා අතර තරගය සදහා පිවිසුනා. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ඉන්දියාවේ කාශප් පරුපාලියි. මෙම තරගය වට දෙකට එකක් ලෙස ජය ගැනීමට සමත්වුනේ පරුපාලියි. පළමු තරගයේදී ලකුණු 21 ට 14 ක් ලෙස ජය ඉන්දීය ක්‍රීඩකයා දිනාගත්තා. දෙවන වටයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ නිලූක එම වටය ජය ගත්තේ ලකුණු 21 ට ...
හතේ හත වැදුනු ක්‍රිකට් ආයතනයේ තරු හතේ ක්‍රිස්මස් පාටිය Free Hit Lanka www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 13 වැනිදා ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සදහා තරු හතේ ක්‍රිස්මස් පාටියක් දැමීමට තීරණය කර සුභසාදන සංගමය තිබෙනවා. ඒ ක්‍රිකට් ආයතනයේ සේවකයින්ගේ සුභසාදන අරමුදලින්. ක්‍රිකට් ආයතනයේ සෑම සේවකයකුගේම මාසික වැටුපෙන් රුපියල් 100 ක මුදල් ක් මෙම සුභසාදන සංගමය කපා ගනු ලබනවා. එහි සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතායි. ලේකම් ...
පකිස්ථාන ක්‍රිකට් සභාපති තනතුර මාධ්‍යවේදියෙක්ට Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 23 වැනිදා) පකිස්ථාන ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ සභාපති තනතුර සදහා ජේෂ්ඨ මාධ්‍යවේදී නජාම් සේති මහතා පත්කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. ඔහු හිටපු පන්ජාබ් ප්‍රධාන අමාත්‍යවරයකුද වනවා. පකිස්ථාන ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වුනේ පසුගිය මැයි මස පළමු සතියේයි. එහිදී ශාකා අශ්රෆ් සභාපති ලෙස තේරී පත්වුණා. එහෙත් නිලවරණය දූෂිතව පැවැත්වූ බවට පවසමින් ඉස්ලාමාබාද් මහාධිකරණය වෙත ගොනුකරනු ලැබූ නඩුවකට අනුව ...
ඇණේ නැතිවුනේ බීල නටද්දී Free Hit Lanka මල්ලි මේකද නැති වෙච්ච ඇණේ. මොන ඇණේද ? ලෝක කුසලානෙ ඇණේ මල්ලි. කෝ බලන්න... ඒ වගෙ තමයි.. කොහෙන්ද මේක.. අපේ ගෙදර නෝන ගේ අතුගාද්දි අහුලල දුන්නෙ.. හැ.. ඒ කොහෙ තිබිලද ? පුටුවක් යට තිබිල.. එදා කට්ටිය බීල ජෝගි නටද්දි වැටිල වෙන්න ඇති.. අදත් හොදට සප්පායම් වෙලා හිටපු සී දත් පරනාන්දු මෙහෙම කියනකොට මටත් නිකං මංඡං වගෙ වුනා. දැයට කිරුළට යද්දි ...
ක්‍රිකට් රොබින් හුඩ් ගෙටවෙයි Free Hit Lanka www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 11 වැනිදා ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙළද කළමණාකරු වජිර දසනායක මහතා අද තම නිල කාමරයෙන් ඉවතට නොපැමිණ ඇතැයි වාර්තා වනවා. ක්‍රිකට් ආයතනයට වෙළද අනුග්‍රාහයක් ලබා දීම සදහා පසුගියදා ඒ.සී.එල් කේබල් ආයතනයෙන් ඉදිරිපත් වී තිබුණා. මේ අනුව ඔවු න් ලබා දීමට ඉදිරිපත්ව ඇත්තේ විනිසුරුවන් සදහා අනුග්රාහකත්වයයි. ඊට ක්‍රිකට් ආයතනයට රුපියල් මිලියන 4 ක් ලබා දීමට ඔවුන් කැමැත්ත ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් Free Hit Lanka එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ ස්ථානයන් අහිමි වී ඇත්තේ චානක වෙලගෙදරට සහ චාමර සිල්වාටයි. වෙලගෙදර පාදයේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඔහු වෙනුවට ශමින්ද එරංග කණ්ඩායමට එක්කිරීමට පියවර ගත් බවයි තේරීම් කමිටුව කියා සිටින්නේ. වෙලගෙදරට ඉක්මන් සුවට පතන අතර එරංගට සුබ පතන බවත් ...
දකුණු අප්‍රිකා සංචාරය ඉල්ලමක් වූ කොමිස් කාක්කෝ Free Hit Lanka www.freehitlanka.com(2014 ජූලි මස 17 වැනිදා ) දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ට ඉල්ලමක් වී තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු කියා සිටියේ ලබාදෙන කෑමවේල සදහාත් ඔවුන් කොමිස් ලබාගැනීමට කටයුතු කරන බවයි. මෙම සංචාරයයේ එක් තරගයක් පල්ලෙකැලේද ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. ඊට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සංවිධාන කටයුතු සදහා නුවර බලා පෙරදින පිටත් වී තිබෙනවා. එහිදී ඔවුන්ට ...
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජකීය හා විශාඛා අධ්‍යාපනය Free Hit Lanka [ක්‍රීඩා අමාත්‍යාංශය]ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නියෝජනය කරන කොළඹින් පිට පළාත්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නේවාසික පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑම සදහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ විශේෂ මැදිහත්වීම මත කොළඹ රාජකීය විද්‍යාලයේ හා විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට අදාළ විද්‍යාලවල විදුහල්පතිවරුන් අවසර දී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.ආසියාතික මලල ක්‍රීඩා උළෙල 2012 ...
2007 පසු ඉන්දියාව බංග්ලාදේශයට පරදී Free Hit Lanka ආසියානු කුසලානයේ අද ඉන්දියාව සමග පැවති තරගය කඩුලු 05 කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත්වුණා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම 2007 ලෝක කුසලාන තරගාවලියෙන් පසු බංග්ලාදේශය හුමුවේ පරාජයට පත්වූ පළමු අවස්තාවද මෙය වනවා. මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දු රැකීමට බංග්ලාදේශය තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05 කට 289 ක් ලබා ගත්තා. එහිදී තම ...
අක්‍රිය දිස්ත්‍රික් සංගම්වල ඡන්ද අයිතිය අහිමිකිරීමේ තීරණයක් Free Hit Lanka www.freehitlanka.com(2013 ජනවාරි මස 29 වැනිදා) මේ වසරේ පැවැත්වෙන ක්‍රීඩා සංගම් නිලවරණවලදී ක්‍රියාකාරී නොවන දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වලට ඡන්දය ලබාදීමේ අයිතිය අහිමිවන බව සියලුම ජාතික ක්‍රීඩා සංගම්වලට දන්වා ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.ජාතික ක්‍රීඩාවන් පෝෂණය කිරීමේදී ජාතික ක්‍රීඩා සංගම්වල වැඩපිළිවෙළ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාකාරී වැඩපිළිවෙළකට දායක විය නමුත් ඇතැම් දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් ක්‍රියාකාරී නොවීම නිසා ක්‍රීඩා අනාගතයට බලපෑමක් සිදුවිය හැකි බැවින්, සියලු ...
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දොට්ට නිලධාරීන්ගේ පවුල් ඇතුලට Free Hit Lanka freehitlanka.com(2012 ඔක්තෝබර් මස07 වැනිදා ඉරිදා) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙනවා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදීයි. මෙම තරගය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර සදහා පැවතියේ විශාල ඉල්ලුමක්. බොහෝ පිරිස් නිදිවරමින් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අලෙවි කිරීමේ මධ්‍යස්ථානවල රැදී සිටියා. එහෙත් බොහෝ පිරිසකට ප්‍රවේශ පත්‍ර ...
බොක්සිං තහනම් කිරීමට යයි Free Hit Lanka ජාතික බොක්සිං ක්‍රීඩාව තහනම් කල යුතු බවට ක්‍රීඩා අමාත්‍යංශයට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වනවා. ඒ ජාත්‍යන්තර ප්රවනතාවන් සැලකිල්ලට ගනිමින්. බොක්සිං ක්‍රීඩාවේ යොදෙන ක්‍රීඩකයින්ට නොපෙනෙන ශරීර අභ්‍යන්තරයේ හානි සිදුවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. මෙම අනතුරු හේතුවෙන් දීර්ඝ කාලීන ආබාධ ඇතිවිය හැකි බවට එහිදී අනාවරණය වී ඇතැයි සදහන්. විශේෂයෙන්ම මොළයේ ආබාධ ඇතිවිය හැකි බවටයි වෛද්‍යවරු පවසන්නේ. දැනට ස්වීට්ස්සර්ලන්තයේ , ...
ක්‍රීඩා අමාත්‍යංශයට ඇමතිතුමන්ගේ උපන්දිනය වරදී Free Hit Lanka www.freehitlanka.comක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. මේ පිලිබදව ඊයේ ක්‍රීඩා අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. එහි දැක්වුනේ ඇමතිතුමන්ගේ වයස 48 ක් බවයි. එහෙත් පසුව එම වයස 49 ක් බව දක්වා නැවත නිවරදිකිරීමක් එවා තිබෙනවා. සාමානයයෙන් වෙනත් අමාත්‍යවරයකුගේ උපන්දිනයක් වැරදීමේ හැකියාවක් ඇතත් තම අමාත්‍යංශයේ අමාත්‍යවරයාගේ උපන්දිනයම වැරදුනු සුවිශේෂ අවස්ථාවක් ලෙස මෙය සටහන් වනු ඇති. කෙසේ වෙතත් ක්‍රීඩා ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් පැහැර හරියි Free Hit Lanka www.freehitlanka.com(2014 ජනවාරි මස 05 වැනිදා ඉරිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වාර්ශික කොන්ත්‍රාත්තු ගාස්තු තෙවන අධියරේ ගෙවීම් මේ වන විට පැහැර හැර ඇතැයි වාර්තා වනවා. ක්‍රිකට් ක්‍රීඩකයින් අවස්ථා කිහිපයකදී ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ එම ගෙවීම් හැකි ඉක්මනින් සිදුකරන ලෙසයි. එහෙත් ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති ණය ලැබෙන තුරු ක්‍රීඩක ගෙවීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බවත් වාර්තා වනවා. ක්‍රිකට් ක්‍රීඩකයින් ...
මලල ක්‍රීඩා අතුරුකමිටුව නැවත යුද හමුදාවටම Free Hit Lanka [ක්‍රීඩා අමාත්‍යාංශය] 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 වන වගන්තිය ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලියාපදිංචි 2012-03-31 දින සිට තාවකාලිකව අත් හිටුවා ක්‍රීඩා පනතේ 33 වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව, 2012.04.01 දින සිට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ කාර්යයන් ඉටු කිරීම සදහා තාවකාලික කාර්ය ක්‍රමයක් වශයෙන් බි්රගේඩියර් ප්‍රියන්ත සමරතුංග මහතාගේ ...