විල්ලුවේ රසිකාවියත් එස්.එල්.පී.එල් ගොන්නට ? Free Hit Lanka www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 14 වැනිදා ) විල්ලුවේ රසිකාවිය පිලිබදව අප මීට පෙර තොරතුරු ගෙන ආවා මතක ඇති. ඒ ඇයව නැවත වරක් තරගාවලි සංවිධාන අංශයට යොමු කරන ලෙස බලපෑම් පවතින බව. එහෙත් අපගේ ලිපියත් සමග ඇයගේ ග්‍රහ මාර්ව වෙනස් වී තිබෙනවා. මේ වන විට ඇයට එස්.එල්.පී.එල් තරගාවලියේ කාර්යයාලයට යොමු කිරීමට නියමිත බවට වාර්තා වනවා. ඉහළ නිලධාරීන් සමග ඉතා කිට්ටු සබදතා ඇති ...
ශ්‍රී ලංකා කණ්ඩායමත් මුදලට පාවාදෙන්නන්ට හසුවෙලා ? Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 16 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සිදුකරනු ලබන හැසිරීම පිලිබදව අවධානය යොමුකළ යුතු බව විචාරකයින් පවසනවා. ඒ කණ්ඩායම තේරීමේදී සිදුකරනු ලබන ක්‍රියාකලාපයන් පිලිබදව ගැටළු පැවතීම හේතුවෙන්. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයේදී පරාජයට පත්වූයේ නවසීලන්තය හමුවේයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් තේරීම් පිලිබදව ගැටළු ඇතිවුණා. මෙම තරගයට ...
සංගක්කාරට අයිස් බාත් Free Hit Lanka www.freehitlanka.com(2013 ජූලි මස 21 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සංචාරක දකුණු අප්‍රිකාවට එරහිව විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත්වුණා. ඒ අනුව පළමු තරගය ජය ගත්තේ ලකුණු 180 කින්. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු 05 කට ලකුණු 320 ක් රැස් කළා. එය ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරහිව වාර්තාකර ඇති වැඩිම ලකුණූ සංඛ්‍යාවද වනවා. ඊට ලකුණු 169 ක් එක්කරනු ...
අමාත්‍යංශයට වෙට්ටු දමා ඔලිම්පික් ගිය හොරු නඩේ Free Hit Lanka freehitlanka.com (2012 අගෝස්තු මස 02 වැනිදා බ්‍රහස්පතින්දා)ක්‍රීඩා අමාත්‍යංශය මගින් නිකුත් කළ නිවේදනයට අනුව ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වී ඇත්තේ නිලධාරීන් 10 දෙනෙකු පමණයි. ඒ කණ්ඩායම් නිලධාරීන් 05 දෙනෙකු , ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකයින් දෙදෙනෙකු සහ ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් තිදෙනෙකු මීට අයත් වන බවයි දක්වා ඇත්තේ. නමුත් මීට අමතරව තවත් නිලධාරීන් තිදෙනෙකු ශ්‍රී ලංකාවෙන් සහභාගී වී ඇතැයි මේ වන විට ...
ඇබෑර්තු ඇත - මහේල Free Hit Lanka www.freehitlanka.com (2013 ජනවාරි මස 06 වැනිදා ඉරිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නවක දක්ෂයින් රැසක් අවශ්‍යව ඇතැයි නායක මහේල ජයවර්ධන පවසනවා. ඔහු නායකත්වය ලබා දුන් අවසන් ටෙස්ට් තරගාවලිය තුනට බින්දුවක් ලෙස ඊයේ ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළකළා. ටෙස්ට් තරග ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්වය ඉහළ නැංවිය යුතු බවත් මහේල මෙහිදී පෙන්වා දුන්නේ. ...
ශ්‍රී ලංකා සංචාරයට පකිස්ථානයේ විරෝධය Free Hit Lanka www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 19 වැනිදා ) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විරෝධය එල්ල වී තිබෙනවා. ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ලබන වසරේ ජූනි මස සංචාරයකට එක්වීමට නියමිතව තිබුනේ තුන්කොන් තරගාවලියක් සදහායි. මෙම තරගාවලිය සදහා එක්වීමට නියමිතව ඇති අනෙක් රට වන්නේ ඉන්දියාවයි. කෙසේ වෙතත් මෙම තුන්කොන් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන කාල සීමාවේ පකිස්ථානය ...
කිත්රුවන් ක්‍රිකට් ලේකම්වරියක් සමග ගාල්ලේ මධුසමය ගතකරලා Free Hit Lanka www.freehitlanka.com(2014 අගෝස්තු මස 10 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ නවක ක්‍රීඩක කිත්රුවන් විතානගේ ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියක් වන ගයාත්‍රි වික්‍රමසිංහ සමග රාත්‍රියක් ගතකර ඇතැයි අනාවරණය වී තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු කිසා සිටියේ ඒ පිලිබද මේ වන විට විනය පරීක්ෂණයක් පැවැත්වීමට අවධානය යොමුව ඇති බවයි. ක්‍රිකට් ක්‍රීඩකයින් නවාතැන් ගත් ගාල්ල සුප්‍රසිද්ධ හෝටලයේදී ඔවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස හැසිර ඇතැයි සදහන්. කිත්රුවන්ගේ ...
ජපානෙට ඔලිම්පික් අහිමි කිරීමට රටවල් දෙකක් පෙරට Free Hit Lanka www.freehitlanka.com(2013 ජනවාරි මස 08 වැනිදා අඟහරුවාදා) 2020 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සත්කාරකත්ව ලබා දීමට නගර තුනක් ලංසු ඉදිරිපත් කර ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසනවා. ඒ ජපානයේ ටෝකියේ නගරය, තුර්කියේ ඉස්තාන්බුල් නගරය සහ ස්පාඥයේ මැඩ්රීඩ් නගරයයි. ඔවුන් ඉදිරිපත් කර ඇති ලංසු ලියවිලි වල පිටු 100 බැගින් අඩංගුව ඇතැයිද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසනවා. එහි තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩා පිටි , ...
ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉන්දියාව සුනු විසුනු කරයි Free Hit Lanka ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු අද සුනු විසුනු වී ගියා. ඒ පකිස්තානය සමග පැවති තරගය ඉන්දියාව ජය ගැනීමත් සමගයි. මේ අනුව ප්‍රසාද ලකුණු 09ක් පකිස්තානයට හා ලකුණු 08 ක් ඉන්දියාවට හිමිවී තිබෙනවා. බංග්ලාදේශය ශ්‍රී ලංකාව සමග වන තරගය ප්‍රසාද ලකුණක්ද සහිතව ජය ගතහොත් අවසන් තරගය පකිස්තානය හා බංග්ලාදේශය අතර පැවැත්වෙනු ඇති.අද පැවති තරගයේ කාසිය වාසිය දිනා ...
බල්ලගෙ වැඩේ බූරුවට දෙන මානව සම්පත් කළමණාකරු Free Hit Lanka තරහ අවසර ! ගැත්තාට සමාවනු මැන. බල්ල බූරුව කිව්වට කිපෙන්න එපා. ඒ අපේ ගමේ බාසාව නෙව. එහෙ මෙහෙම කියන්නෙ සුදුස්සො ඉද්දි නුසුදුස්සන්ට තනතුරු දෙනකොට. අපේ කිරිකැට් මණ්ඩලෙත් බැලුවහම අන්න ඒ වගේ. නැත්නම් අහස උසට ණය වෙනවයැ. මේක නිදානයක් කියල කට්ටිය පහුගිය කාලෙ ගොඩ දාපු හැටියට දැන් පසුත් නෑ. හැබැයි මල්ල පිරිච්ච කෙනෙකුත් නෑලුනෙ. කෙහොම උනත් මෙතන ඉන්න ඈයො වැඩි හරියක් ...
අසාද් රාවුෆ් සහ බිලී බවුඩ්න්ව නෙරපයි Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 25 වැනිදා) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරු සංචිතයෙන් අසාද් රාවුෆ් සහ බිලී බවුඩ්න් යන විනිසුරුවන් දෙදෙනාව ඉවත්කළ බව අද නිවේදනය කරනු ලැබුවා. පසුගිය වසරේ ඔවුන් දක්වන ලද ක්‍රියාකලාපයන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ක්‍රියාත්මක කළ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ. විනිසුරුවන් 12 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයෙන් පකිස්ථාන විනිසුරු අසාද් රාවුෆ් ඉවත්කිරීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේදී ...
නාමල් රාජපක්ෂගෙන් මිලියන ගණනක බදු පොල්ලක් Free Hit Lanka freehitlanka.com (2012-07-01)නාමල් රාජපක්ෂ මහතාට එරහිව නීති මගින් කටයුතු කිරීම සදහා කොළඹ මහනගර සභාව සූදානම් වනවා. ඒ පසුගියදා පැවති කාල්ටන් ස්පෝට්ස් සත් සාමාජික රග්බි තරගාවලිය සදහා නිසි අවසරයක් නොලබා පැවැත්වීමට එරහිවයි. සාමාන්‍යයෙන් විනෝද කටයුත්තක් හෝ තරගාවලියක් පැවැත්වෙන්නේනම් ඒ සදහා පූර්ව අනුමැතියක් නගර සභාවෙන් ලබා ගත යුතුයි. එහිදී විනෝද කටයුත්තක් නම් ඒ සදහා විනෝද බදු ගෙවීමද සිදු කළ යුතු වනවා. නමුත් නාමල් ...
මැතිව්ස් ගෙදර Free Hit Lanka ආසියානු ක්‍රිකට් කුසලානය සදහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් උප නායක ඇන්ජලෝ මැතිව්ස් නැවත දිවයිනයට කැදවීමට තීරණය කර තිබෙනවා. ඒ පාදයේ මතුව ඇති ආබාධය හේතුවෙන්. මෙම ආබාධය සුව වෙමින් පැවතියත් විවේකයක් ලබා දීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මෙම ආබාධයම පැවති තිසර පෙරේරා මීට පෙර විවේක ගන්වනු ලැබුවා. කෙසේ වෙතත් කණ්ඩායමට මැතිව්ස් වෙනුවට ...
ක්‍රිකට් ආයතනය මාධ්‍යට දණ ගසයි Free Hit Lanka www.freehitlanka.com(2012 නොවැම්බර් මස 22 වැනිදා) මාධ්‍ය සම්භන්ධතා සදහා නව කෙටුම්පතක් සකස්කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එහි විශේෂ උපදේශකයකු ලෙස නිර්දේශ ලබා දුන් හරූන් ලෝගාඩ් මහතාගේ වාර්තාවට අනුව මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ. ක්‍රිකට් ආයතනයේ පරිපාලනය, මූල්‍ය කළමණාකරණය සහ ක්‍රිකට් සැකැස්ම පිලිබදව ඔහු නිර්දේශ ලබා දුන්නා. එම වාර්තාවේ දැක්වෙන කරුණු කෙටිකාලීන සහ දිගුකාලීන ලෙස අධියර දෙකකින් ක්‍රියාත්මක කිරීමටයි තීරණය ...
ඉන්දියාව ජාමෙ බේරා ගනී Free Hit Lanka www.freehitlanka.com(2013 ජනවාරි මස 06 වැනිදා ඉරිදා) පකිස්ථානය සමග පැවති තෙවන සහ අවසන් එක්දින තරගය ලකුණු 10 කින් ජය ගැනීමට සත්කාරක ඉන්දියාව ඊයේ සමත්වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 43 කදී සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 167 ක් පමණයි. මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 36 යි. පන්දු යැවීමේදී ශයිඩ් අජ්මාල් කඩුළු 05 ක් බිද දැමුවා. පිලිතුරු ලෙස පකිස්ථානය ...
වසරේ ක්‍රීඩකයා විරාට් කෝලි Free Hit Lanka www.freehitlanka.com(2012 නොවැම්බර් මස 22 වැනිදා) ඉන්දීය ක්‍රිකට් ආයතනය මගින් පවත්වනු ලබන ක්‍රීඩක සම්මාන උළෙලේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට එරට උප නායක විරාට් කෝලි සමත්වී තිබෙනවා. කොමන්වෙල්ත් බැංකු තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරහිව නොදැවී ලකුණු 133 ක් ලබා ගනිමින් ඉන්දියාවට ජයග්‍රහනය ලබා දීම මෙම සම්මානය ඔහුට ලබා දීමට දක්වා ඇති දක්ෂතා අතර වනවා. මේ අතර ජීවිත කාලයට එක් වරක් පමණක් ...
මිත්‍රත්වය ඇද වැටේ - සක්සස් අසාර්තකයි Free Hit Lanka පස්වන ජාතික ජිම්නාස්ටින් ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තරිදු පත්තප්පෙරුම අද සම්මාන හිමිකර ගත්තා. මෙහි දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ රිද්මා සමනලීයි. ඇය ජාතික ශූරතාවක් දිනාගත් පළමු අවස්ථාවද මෙයයි. තරගාවලියේ පිරිමි සමස්ත ශූරතාව නව ටොරින්ටන් ක්‍රීඩා සමාජය හිමිකරගත්තා. ඒ මීට පෙර වසර හතරෙහිම ශූරයින් වූ මිත්‍රත්ව කණ්ඩායම අනුශූරයින් කරමින්. කාන්තා සමස්ත ශූරතාව දිනාගැනීමට කොළඹ වයි. එම්. බී. ඒ ක්‍රීඩා සමාජය සමත්වුනා. ඒ ...
ක්‍රිකට් සභාපති පුටුවට මොහාන් දැල එලයි Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 23 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ දිනවල බල පෙරලියක් සිදුවෙමින් පවතින බව අප අවස්ථා කිහිපයකදී අනාවරණය කළා. එහි අලුත්ම තත්වය නිර්මාණය වී ඇත්තේ උප සභාපතිවරයකු වන මොහාන් ඩි සිල්වා මහතා ක්‍රිකට් සභාපති තනතුරට පත්වීම සදහා කටයුතු කරමින් සිටීමයි. ඔහු පසුගිය දිනවල චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය කිරීම සදහා එංගලන්තයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන් සදහා අවස්ථා ...
අම්මෙක් නැති දරුවෙක් Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 18 වැනිදා) 08 වන ආසියානු දැල්පන්දු ශූරතාවය සදහා සත්කාරකත්වය දක්වනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. එය පසුගිය වසරේ අගෝස්තු මස පැවති අතර අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුවයි. අති විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් ඉදිරියේ පැවති තරගයේ ආරම්භය ශ්‍රී ලංකාවට වාසිදායක වූවා. එහෙත් තරගයේ අවසන් අධියර වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩිකාවන් ආදේශ කිරීම නිසිලෙස සිදු ...
දිනේෂ් චන්දිමාල්ට එක්දින සහ පන්දුවාර 20 උප නායකත්වය Free Hit Lanka www.freehitlanka.com(2013 ජනවාරි මස 29 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සහ පන්දුවාර 20 යි 20 කණ්ඩායම්වල උප නායකත්වය දිනේෂ් චන්දිමාල්ට ලබා දීමට නියමිතව ඇතැයි වාර්තා වනවා. නව තේරීම් කමිටු සාමාජිකයින්ගේ පළමු හමුව පැවැත්වෙන හෙට දිනයේදී ඒ පිලිබදව අවසන් තීරණය ගනු ඇති බවද සදහන්. අනතුරුව එය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනුමැතිය සදහා යොමු කිරීමට නියමිතයි. මේ වන විට මෙම කණ්ඩායම්වල නායකත්වය ...