අයි.පී.එල් අවසානය ? Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 02 වැනිදා ඉරිදා) ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ ක්‍රීඩකයින් මුදලට තරග පාවාදෙන බව මුම්බායි පොලීසිය මේ වන විට ඔප්පු කර තිබෙනවා. මේ හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ එස්.ශ්‍රීසාන්ත් ඇතුලු ක්‍රීඩකයින් තිදෙනෙකු සමග චෙන්නායි සුපරි කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවකු වූ ගුරුනාත් මයියප්පන් ඇතුලු ඔට්ටුකරුවන් සහ තැරැව්කරුවන් 14 දෙනෙකු පසුවන්නේ පොලිස් අත්අඩංගුවේයි. මේ අතර ගුරුනාත් මයියප්පන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති එන්. ශ්‍රීනිවාසන් ...
වාස්ව පත්කළා - අජිත් - ඒක දන්නෙ දෙයියො තමයි - වාස් Free Hit Lanka www.freehitlanka.com(2013 පෙබරවාරි මස 12 වැනිදා) චමින්ද වාස්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ලෙස පත්කළ බව ක්‍රිකට් ආයතනය පවසනවා. එහි ප්‍රධාන විධායක අජිත් ජයසේකර මහතා කියා සිටියේ එම තනතුර භාරගැනීම සදහා ඔහු එකගතාව පළකළ බවයි. එහෙත් ඔහු ක්‍රිකට් ආයතනයේ වැඩ භාරගන්නා දිනය ප්‍රකාශ කළ නොහැකි බවත් ජයසේකර මහතා කියා සිටියා. ඒ තවදුරටත් වාස් සමග සාකච්ජා පැවැත්වීම හේතුවෙන් බවයි ...
ජය අපිටයි අපේ රාජ්ජේ - රන්දීව් සහ රංගන Free Hit Lanka එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 75 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා. එය පැවැත්වුනේ ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි. කෙසේ වෙතත් මෙම තරගයේ ජය එංගලන්තය සතු වෙතැයි අද දිවා බාගයේදී බොහෝ දෙනා මත පළ කළා. ඒ ජොනතන් ට්‍රොට් දියත් කළ අනගි ඉනිම හේතුවෙන්. නමුත් සුරාජ් රන්දීව්ගේ පන්දුවකට ඩිල්ෂාන් අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු ලකුණු 112 ...
හොදම කාලෙ රාහුල් ඩ්‍රාවිඩ් පිත්ත අතහරී Free Hit Lanka ඉන්දීය සුපිරි පිතිකරු රාහුල් ෂෙරාඩ් ඩ්‍රාවිඩ් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම අද නිවේදනය කරනු ලැබුවා. ඒ ඔහු ක්‍රීඩා කළ චින්නස්වාමි ක්‍රිකට් ක්‍රීඩා පිටියේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්. මෙම අවස්තාවට 200 කට අධික සමකාලීන ක්‍රීඩකයින් , පුහුණුකරුවන් , පවුලේ හිතවතුන් හා මාධ්‍යවේදීන් සහභාගී වී සිටීම විශේෂත්වයක්. මෙම අවස්තාව ඉන්දීය ජාතික රූපවාහිනිය මගින් සජීවීව විකාශය කරනු ලැබුවා. සචින් ටෙන්ඩ්ල්කාර්ට පමණක් දෙවනි වන මෙම ...
ඇමතිට පිටුපෑ අරූස්ගෙ ඉරණම Free Hit Lanka www.freehitlanka.com(2013 ජූලි මස 13 වැනිදා) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධනගෙන් කොමිස් මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති කාන්තා කණ්ඩායමේ කළමණාකරු සහ ක්‍රිකට් විධායක කමිටු සාමාජික මොහොමඩ් අරුස් මහතා සම්භන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට පත්කළ සිව්පුද්ගල කමිටුව සිය කාර්යයන් ආරම්භ කර තිබෙනවා. පන්දුවාර 20 යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ප්රචාරක දැන්වීමක් සදහා ශෂිකලා පෙනී සිටියා. ඒ ...
ලහිරු තිරිමාන්න ගැහුවේ කාටද ? Free Hit Lanka www.freehitlanka.com(2013 ජනවාරි මස 13 වැනිදා ) ඔස්ට්‍රේලියාව සමග පැවති දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා. මෙම තරගයේදී නවක ක්‍රීඩකයින් අනසක පැතිරවීම කාගේත් කථාබහට ලක්වූ කාරණාවක්. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබා දීමට නායක මහේල ජයවර්ධන තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව සියළුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 170 ක් පමණයි. හුදකලා සටනක නිරත ...
පාපන්දු ලෝක කුසලානයේ සතුටින් සුපිරි පොප් ගායිකාව නිරුවත් වෙයි - ජායාරූප Free Hit Lanka www.freehitlanka.com(2014 ජූලි මස 15 වැනිදා ) පාපන්දු ලෝක කුසලානය ජර්මනිය දිනාගත් අතර එහි අනුශූරතාව හිමිවුනේ ආජන්ටිනාවටයි. ඒ ගෝල 01 ට 0 ක් ලෙසයි. කෙසේ වෙතත් මෙම ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය නැරඹීමට 79,000 ක ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණ සිටියා. ඒ අතර රටවල් රැසක ජනාධිපතිවරුන්ද වුණා. මෙම තරගය නැරඹීමට පැමිණි සුපිරි පොප් ගායිකා රිහානා ජර්මනිය ජයග්‍රහණය කරත්ම සිය උඩුකය නිරාවරණය කර සතුටු ...
නයිට් ක්ලබ් සහ මලල ක්‍රීඩකයින්ගේ හොරකම Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 16 වැනිදා) ජාතික මලල ක්‍රීඩා පුහුණු සංචිතය සදහා විටමින් සහ කිරිපිටි ක්‍රීඩා වෛද්‍ය ඒකකය විසින් නොමිලේ ලබාදෙනවා. එහෙත් එම ප්‍රධානයන් නිසිලෙස භාවිතා වනවාදැයි සොයා බැලීම සදහා කිසිදු වැඩපිලිවලක් නැහැ. පසුගියදා අප ක්‍රීඩා සංචිතයේ විශේෂ ගවේශනයක් සිදුකළා. එහිදී අනාවරණය වූයේ මෙලෙස නොමිලේ ලබාදෙන කිරිපිටි සහ විටමින් විකිණීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටයුතු කරන බවයි. ඔවුන් ඇතමුන් එම මුදල් වියදම්කර වෙනත් ...
ක්‍රීඩා ජේෂ්ඨ සහකාර ලේකම්වරු ඉවත්වෙයි Free Hit Lanka ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් මේ වන විට ඉවත්ව යමින් සිටිනවා. ඒ ක්‍රීඩා අමාත්‍යවරයා සමග වැඩ කටයුතු කල නොහැකි බව පවසමින්. මෙලෙස ඊයේ දිනයේදී ක්‍රීඩා අමාත්‍යංශ ජේෂ්ඨ සහකාර ලේකම්වරු දෙදෙනාම ඉවත්වී ගොස් තිබෙනවා. ඒ නිමල් මිත්‍රරත්න හා එස්.එච් හරිස්චන්ද්‍ර යන මහත්වරුන්. මෙලෙස ඔවුන් ඉවත්ව ගොස් ඇත්තේ ස්ථාන මාරුවීම් ඉල්ලා කරනු ලැබූ ඉල්ලීම් වලට ලැබුණු ප්‍රතිචාරවලට අනුවයි. මීට පෙර ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය ...
අයි.සී.සීය හෑල්ලු කල ශ්‍රී ලංකීය අභිමානය Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 6 වැනිදා බ්‍රහස්පතින්දා) චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවුනේ එංගලන්තයේදීයි. එහි සමාරම්භක උළෙල වර්ණවත්ව පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කර තිබුණා. තරගාවලියට එක්ව ඇත්තේ එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් අටයි. එම කණ්ඩායම්වල ජාතික කොඩි ක්‍රීඩා පිටියට රැගෙන එන විට පළමුව එම කණ්ඩායමේ නායකයින් තරගාවලිය සදහා සුභ පැතුම් එක්කළා. අනතුරුව ජාතික කොඩිය රැගෙන ක්‍රීඩා පිටියේ නියමිත ස්ථානය දක්වා ගමන් කරන ...
කිරිකැට් වැනේ දොලවත්තේ ආප්ප කයි Free Hit Lanka www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 20 වැනිදා ) ශ්‍රී ලංකාව කියන්නේ ආශ්චර්යමත් රටත් තමයි ආයුබෝවන්. මොකද මේ වෙන දේවල් වල හැටියට ඒත තමයි නියම කථාව. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු කියල කියනව අහල ඇතිනෙ. ඉතින් මෙහෙම පිස්සු නටනව විතරක් නෙමෙයි මේ මිනිස්සු හරිම ත්‍යාගශීලියි. තමන්ට සලකන විදිහට තමයි කට්ටිය සලකන්නෙ. මේ අතර තියනව අරුම පුදුම ආයතනයක්. ඒ කිරිකැට් ගහන අයියලව බලාගන්න ...
ක්‍රීඩා ඇමති පුහුණුකරුවකුගේන් කෝටි 100 ක් ඉල්ලයි Free Hit Lanka බැඩ්මින්ටන් පුහුණුකරු ශිමාල් අපෝන්සු මහතා තමන්ට අපහාසයක් කල බව කියමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ පසුගියදා ජාතික පුවත්පතකට මෙම පුහුණුකරු ලබාදුන් සම්මුඛ සාකච්ජාවක් පාදක කරමින්. ඔහු ජාතික බැඩ්මින්ටන් ශූරිය වන අචිනි රත්නසිරිගේ පුහුණුකරුයි. අචිනිට එරහිව පසුගියදා බැඩ්මින්ටන් සංගමයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වුණා. නමුත් අවසානයේ ඇය නිවරදිකරු කරමින් නිදොස්කොට නිදහස් කළා. එහෙත් මෙම ...
පාපන්දුවේ මූල්‍ය අක්‍රමිකතා සෙවීම සී.අයි.ඩීයට Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 26 වැනිදා) ජාතික පාපන්දු සංගමයට සුනාමි ආධාර සහ ගෝල් ව්‍යාපෘතිය සදහා ජාත්‍යන්තර පාපන්දු සංගමයෙන් හිමිවූ මුදල් අක්රමික ලෙස යොදවා ඇතැයි චෝදනා එල්ලවුණා. මේ අනුව ක්‍රීඩා අමාත්‍යංශය සහ පාපන්දු සංගමය වෙන වෙනම විමර්ශන කමිටු දෙකක් පත්කරනු ලැබුවා. පාපන්දු සංගමය හිටපු සභාපති රියා අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත්කල අතර ක්‍රීඩා අමාත්‍යංශය බ්‍රිගේඩියර් ප්‍රියන්ත සමරතුංග මහතාගේ ...
ඩිල්ෂාන් ඇමරිකානු ඩොලර් 75,000 කට විකිණේ Free Hit Lanka www.freehitlanka.com(2012 දෙසැම්බර් මස 20 වැනිදා ) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් බංග්ලාදේශ ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ ඇමරිකානු ඩොලර් 75,000 ක මුදලකට අද අලෙවි වුණා. එහි වැඩිම මුදලකට අලෙවි වුනේ පකිස්ථාන ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩියි. ඒ ඇමරිකානු ඩොලර් දෙලක්ෂ හැත්තෑපන් දහසක මුදලකටයි. මෙවර තරගාවලියට එරට ක්‍රිකට් ආයතනය ඇතුලත් කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මාලන් සැමුවෙල් ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ ...
විනිසුරු ගුටි කෙලියේ - පාසල් රග්බි නිලධාරීන් බඩු කෙලියේ Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 03 වැනිදා සඳුදා) පාසල් රග්බි සංගමයට චෝදනා එල්ලවන්නේ මෑතක සිට නොවෙයි. එය කාලයක සිට තරගාවලි නිසි ලෙස සංවිධානය නොකිරීම හේතුවෙන් ජාතික රග්බි සංගමයෙන් එල්ලවන්නක්. පාසල් රග්බි සංගමය සිදුකරන එකම කාර්ය වන්නේද ලීග් සහ පිලිමලුන් පිටු දැකීමේ තරගාවලියන් පමණයි. එහෙත් එම තරගාවලි සංවිධානය කරනු ලබන්නේ කිසිදු රග්බි දැණුමක් නොමැති පාසල්වල විදුහල්පතිවරු පිරිසක් විසිනුයි. ඔවුන්ගේ එකම අරමුණ වන්නේ තරගාවලිය ...
විනිසුරු අවුලේ මාලුබාති රාජකීයේ Free Hit Lanka www.freehitlanka.com(2013 ජූනි මස 09 වැනිදා ඉරිදා) පාසල් රග්බි ලීග් තරගාවලිය මේ වන විට අත්හිටුවා තිබෙනවා. ඒ විනිසුරුවන් තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙනුයි. ඊට බලපෑවේ මහනුවර ධර්මරාජ විදුහල සහ මරදාන සාන්ත ජෝසෆ් විදුහල අතර පැවති තරගයේදී විනිසුරුට පහරදීමට ප්‍රේක්ෂකයින් කටයුතු කිරීමයි. අනතුරුව එම විදුහල්වල රග්බි භාරආචාර්යවරුන්ට මාස හයක තහනමක් පැනවුණා. එහෙත් විනිසුරු සංගමය ඉන් සෑහීමකට පත්ව නැහැ. මේ හේතුවෙන් ඔවුන් තවදුරටත් තරගාවලියෙන් ඉවත්ව ...
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගින්නක් Free Hit Lanka රුසියාවට වඩා ලොකුයි කියනවනෙ ඉරිසියාව. ඉතින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉරිසියාව හින්ද මේ වෙනකොට වැඩ ගොඩක් අවුල් වෙලා. ලගින් කව්රු හරි ගියත් ඉන්නෙ බයවෙලා. මොකද ඇහැක් නැතිවෙන්න පුළුවන්. දිය යටින් වගෙම උඩිනුත් ගින්දර ගෙනියන අය වැඩිවෙලා. මේ හැමෝම බලන්නෙ ඇග බේරගෙන ඇමතිතුමාගෙන් ලකුණක් දා ගන්න. ඒ මදිවට මහින්දානන්ද අලුත්ගමගේ කියන්නෙ කියන හැමදෙයක්ම අහන කෙනෙක් කියලයි රාවය. මේ විදිහට අන්තිමට දිය රෙද්දෙන් ...
කඩ්ඩට බයේ සුසන්තිකා අතුරුදන් ? Free Hit Lanka freehitlanka.com(2012 නොවැම්බර් මස 03 වැනිදා සෙනසුරාදා) ආසියානු මලල ක්‍රීඩා සංවර්ධන මධ්‍යස්ථානය මගින් පවන්වනු ලබන කාන්තා පරිපාලන පුහුණු සම්මන්ත්රණයටසහභාගී නොවීම පිලිබදව මලල ක්‍රීඩා සංගමය එහි උප සභාපතිනි සුසන්තිකා ජයසිංහ මහත්මියගෙන් නිදහසට කරුණු විමසා තිබෙනවා. ඉන්දුනීසියාවේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සදහා ශ්‍රී ලංකා නියෝජිතවරිය ලෙස නම් කර තිබුනේ සුසන්තිකාවයි. එහෙත් ඇය ඒ සදහා නොපැමිණි බව එහි සංවිධායකයින් පසුගියදා ශ්‍රී ලංකාවට දැනම් දුන්නා. මෙම ...
සන්දා නිසා ජිවිත රැසක් නැති වේවිද මන්දා Free Hit Lanka අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛ උල්ලංගනය කරමින් ජාතික වූෂු සංගමය ක්‍රියාත්මක වන බවට වාර්තා වනවා. මේ අනුව පැවැත්වීමට තහනම් කර ඇති සන්දා ඉසව්ව පාසල් මට්ටමින් ක්‍රියාතමක කිරීමට ජාතික සංගමය පියවර ගෙන ඇතැයි සදහන්. 2008 වසරේදී පාසල් වූෂු තරගයක් අතරතුර ක්‍රීඩකයකු මියගියා. නමුත් ඉන් පසුව තීරණය වුනේ වූෂු ක්‍රීඩාවේ තාවුළු ලෙස හදුන්වන සංදර්ශන කොටස පමණක් පාසල් මට්ටම්න් ක්‍රියාත්මක විය යුතු බවටයි. ඒ පිලිබද ...
ඩිල්ෂාන්ට ටෙස්ට් තරගාවලියත් අහිමි වෙයි ? Free Hit Lanka www.freehitlanka.com(2012 නොවැම්බර් මස 13 වැනිදා) තිලකරත්න ඩිල්ෂාන් සංචාරක නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ කොන්දේ ඇතිවූ ආබාධය මේ වන විටත් පැවතීම හේතුවෙන්. ඩිල්ෂාන් මෙලෙස ආබාධයකට ලක්වූයේ නිමාවූ තෙවන එක්දින තරගය අතරතුරදීයි. අනතුරුව අවසන් එක්දින තරග දෙකට ක්‍රීඩා නොකොට ඔහුව විවේක ගැන්වීමට තේරීම් කමිටුව පියවර ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය සදහා හෙට සිට පුහුණුවීම් ...