අමරදේව - නොදකින සීමාව
Cultඩබ්.ඞී අමරදේව කියන්නෙ මං කවදාවත් කිසි දෙයක් ලියන්න හිතපු කෙනෙක් නෙමෙයි. ජාතියේ මහා සංගීතඥයා ගැන මං මොනවා ලියන්නද? එහෙම ජාතික වස්තුවක් වෙනවා කියන්නෙම මට අනුව සියලූ අගයන් වාෂ්ප වෙනවා කියන එකයි. ඒත් කැටපෙ මට කතා කරලා නිකමට යෝජනා කළාම මට හිතුන ටිකක් අමරදේව ගැන ආයිමත් හිතන්න.කොරලවැල්ලෙ වන්නකුවත්ත වඩුගේ ඇල්බට් පෙරේරා, ඩබ් ඞී අමරදේව නම් වූ මහා ගාන්ධර්වයා ලෙස පිදුම් ලැබීම ...
Activism is So Gay
Cult14 වෙනිදා පස්වරු 8.30ට ෆ්රන්සුවා හොලන් (ප්‍රංශ ජනාධිපතිවරයා) හිටියෙ ප්‍රංශ ජාතික ක්‍රීඩාංගනයෙ ජර්මනිය එක්ක සෙල්ලම් කරන සුහද ෆුට්බෝල් තරගෙ බල බල. ඊට ටිකක් එහායින් එකපාරට ලොකු පිපුරුම් සද්ද දෙකක් ඇහුන. ආදරයේ නගරයට බෝම්බ සද්ද වැඩිය හුරු නෑ. ඊට පැයකට පස්සෙ ස්ටේඩියම් එකට හැතැප්ම පහකට විතර එහා කුඩා කාම්බෝජ් රේස්ටුරන්ට් එකකට එකපාර වෙඩි උන්ඩ වරුසාවක් එල්ල වුණා. නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් ඉලක්කයක් ...
සිම්පති සමාජයේ හොම්බට ඇනීම
Cultමං ප්රසන්නගෙ චිත්‍රපටිය ගැන ලියපු ලිපිය ජනක ඉනිමංකඩ ෂෙයාර් කරගෙන තිබුණ තැනකදි ලියනගේ අමරකීර්ති කමෙන්ට් එකක් දාලා තිබුණ. ‘මේ වගේ අන්තවාදී අදහස් වලින් චූන් වෙන කෙනෙකුට සාහිත්‍ය ප්‍රකාශන කරන්න පුළුවන්ද?’ වගේ අදහසක් එතන තිබුණෙ. අමරකීර්ති ඒක කුමක් අරබයා කාහට කියන ලද්දක්ද එක පැහැදිලි නෑ. ඒත් මං අන්තවාදය ගැන අන්තයකට හිතන්න ගත්ත.මට හිතෙන්නෙ අන්තවාදය ලෝකෙට අවශ්‍යම දෙයක්. අන්තවාදය නැතුව ලෝකෙ එත ...
ඇඩ්රස් නැති පෙරවදනක්.
Cult‘හිට්ලර් ගියා. චැප්ලින් ආවා. ලංකාවට ඇඩ්රස් නෑ’ ජැක්සන් ඇන්තනි එයාගෙ ෆිල්ම් එක ගැන පෝස්ටරයක් ලංකාව වටේ අලවලා තිබුණ. චිත්රපටියෙ කතාවට සම්බන්ද නැති දේශපාලනයක් මේ ඇඞ්වර්ටයිසින් කැම්පේන් එක ඇතුලෙ වැඩ කරනවා. ඒ හින්දම ඒක සෑහෙන වයිරල් මීඩියා වලත් ෂෙයාර් වෙන්න ගත්ත. ෆිල්ම් එක පැත්තකින් තියල මේ කතාව එලියෙ දේශපාලනයත් එක්ක ඉස්සෙල්ල ගලපලා බලන්න වටිනවා.මේ වචන පේලියෙ තියෙන සාර්තකබව වෙන්නෙ මේක මේ ...
ඩොස්ටොව්ස්කි මරා දැමීම.
Cultඇත්තටම හොලිවුඞ් සිනමාවට සාපේක්ෂව යුරෝපියානු සිනමාව සමස්තයක් විදිහට ඒ විෂයෙහි කරලා තියෙන්නෙ කොයිතරම් අල්ප වැඩ කොටසක්ද? මේක අහපු ගමන් එකපාරට එන ප්රතිවිරෝධය අපේ රටේ ආධිපත්‍යයික සිනමා දැනුමේ කඩාපැනීමකට වැඩි දෙයක් නෙමෙයි. ඊට ටිකක් එහාට ගිහින් අපිට පුළුවන් ආයිමත් හිතන්න.හොලිවුඞ් සිනමාවට සාපේක්ෂව යුරෝපියානු සිනමාව කොයිතරම් පුංචිද?මං හිතන්නෙ හොලිවුඞ් සිනමාවට පුළුවන් වෙලා තියෙනවා අපේ යතාර්ථයට පිටින් වූ සිනමාමය විශ්වයක් හදන්න. ඒකෙ ඉන්න ...
පතී ඔතනින් අයින් වෙන්න
Cultලංකාවෙ සිනමා අධ්‍යාපනය කියන එක හොඳටම අනාත විෂයක්. චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන අයමයි සිනමාව උගන්නන්න යන්නෙත්. ඒ අයගෙ මතවාදයන්, රසභාවයන් තමයි ඒ ඉගෙන ගන්න පරපුර පරම සත්‍යය විදිහට නැවත ඉගෙන ගන්නෙ. ගොඩක්ම මේ අධ්යක්ෂවරුන්ගෙ දර්ශනවාද. චිත්‍රපටි ඉගෙන ගන්නවා කියන්නෙ මේ දර්ශනවාද ඉගෙන ගන්නවා කියලයි තේරුම් අරගෙනම ඉන්නෙ. ලැකාන්, ජිජැක්, රොන්සියර් වගේ එකී නොකී බරපතල තර්ක විතර්ක ලංකාවෙදි සිනමාව කියල පැටලෙනවා. මේකෙන් ...
මං වල් නෑ
Cultසේයා සඳමිණී කියන පුංචි දැරිය දූෂණය කරලා මරා දාපු එක ලංකාවෙ ලොකු කලබැගෑනියක් ඇති කළා. මේ දූෂකයාගේ අහවල් එක කපන්න ඕන කියන තැන ඉඳන් රටේ මරණ ද`ඩුවම නීතිගත කිරීම දක්වාම මේ ප්‍රශ්නෙ දුර දිග ගියා. කිසි දෙයක් හිතලා බලන්නෙ නැතුව මෛත්‍රීපාල සිරිසේනත් මරණ ද`ඩුවම පනවන්න එක`ග වුණා. රටේ විධායක ජනාධිපතිවරයා මේ විදිහට රැුල්ලකින් ඇළලී යන එක එක්තරා විදිහකට භයානකයි. රාජ්‍ය ...
අයියෝ හැමණෙනවා!
Cultජවිපෙට මන්ත්‍රී ආසන දහයක් විතර ආපු නැති එක ගැන ලොකු කතා බහක් ආවා චන්දෙන් පස්සෙ. ආසන ගාන ටිකක් වැඩි වුණාට ඒක අපේක්ෂිත ගානට ළං නොවුණු එකයි අවුල වුනෙ. එතකොට අපේක්ෂිත ගාන කීයක් විතර වෙන්න ඇද්ද? මං හිතාගෙන හිටියෙ ජවිපෙ ආසන පහලොවකට ළං වෙන්න ගනීවී කියල. ඒ තරං ලොකු ප්රබෝධයක් සද්දයක් සහ පිරිසක් ජවිපෙ වෙනුවෙන් හිටියා. ඒත් අන්තිමට ප්‍රතිඵල බලාපොරොත්තු කඩකරවන ...
තියරියෙන් එළියට
Cultජාක් රන්සියර්ව කෙටියෙන් කියවන්න ගත්තට පස්සෙ මට ඒ න්‍යායික වියළි සංවාදය ඇතුලෙ දැණුනෙ එක කාරණයයි. ඒත් ඒ එක කාරණය ගොඩක් ඇත්ත දැනීමක් එක්ක ගැටගැහෙන නිසාම මට රන්සියර් කලාව ගැන කියන්න හදන කතාව ඉන්ටරෙස්ටින්. මම කියන්නම් රන්සියර්ගෙ අදහස් මගේ ඔලූව ඇතුලෙ වැදිලා පරාවර්තනය වෙන විදිහ. මේකත් එක්ක ඇත්තට රන්සියර්ගෙ කිසිම සම්බන්ධයක් නැති වෙන්නත් පුළුවන්.රන්සියර් ගේන වැදගත් තර්කයක් තමයි කෘතියකදි හේතුඵල සම්බන්ධතාවයේ ...
කොකා කෝලා සහ නාසිසම්.
Cultමං පටන් ගන්නවා ලියන්න. ලියන්න පටන් ගන්න කලින් මගේ ඔලූවෙ පිලිවෙලට සංවිධානය වෙලා තියෙනවා අදහස් පෙලක්. කොකා කෝලා- සන්නස්ගල සහ ජවිපෙ. ඒත් ඒක ලියන්න කලින් හදිස්සියෙම කිසිම තේරුමකට නැතුව මට මතක් වෙනවා ඇල්කෙමිස්ට් පොත. පොතේ කතාව නෙමෙයි. ඊට කලින් තියෙන ප්‍රෝලොග් එක. මං හිතන්නෙ කොයෙලො ගෙ මේ පොත ගොඩක් දෙනෙක් කියවලත් ඇති. පරිවර්තනය වෙලත් ඇති. ඒත් මට ඒක නොලියා බෑ.”ඇල්කෙමිස්ට් ...
කතා නැති සිනමාව.
Cultඋදයාගෙ ෆිල්ම් එක ගතෙ (ජර්මන් සංස්කෘතික කේන්ද්‍රය) එකේ පෙන්නපු දවස. තාම එලියට දාගන්න බැරි වෙච්ච චිත්‍රපටි එතන පෙන්නන එක සාධනීය වැඩක් වුණත් ඒ සාකච්ඡාව චිත්‍රපටි පැත්තෙන් වැඩදායී ඵලදායී තැනකට ගෙනියන්න බැරි වෙලා තියෙනවා. අලූත් කෘතියක් රස විඳීමේ හා සාකච්ඡුාවේ විනයක් ඇති පිරිසක් විතරක් නෙමෙයි එතනට එකතු වෙන්නෙ. ඒ නිසා ඒ ඉඩකඩ ප්‍රදර්ශනය වෙන කෘතිය පැත්තෙන් හානිකර තැනක් දක්වා වුණත් යන්න ...
කෝලං නටන්න එනවද?
Cultචන්දෙ ඉවරයි. ප්‍රතිඵලය කලින් හැමෝම දැනගෙන හිටපු එකට වඩා වෙනසක් වුණෙ නෑ. රනිල් හතරවෙනි වතාවටත් අගමැති වුණා. මං හිතන්නෙ ලංකාවෙ ඉවසීම ගැන ගන්න පුළුවන් හොඳම උදාහරණය වෙන්නෙ රනිල්.මහින්ද පරාද වුණා. ඒත් විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තු එනවා කියල එයා කියනවා. දේශපාලනිකව කොයිතරම් විරුද්ද වුණත් අවුරුදු හැත්තෑවක් වෙලත් මහින්දගෙ සටන්කාමීත්වය මං අගය කරනවා. ජාතිය බේරා ගත් විශ්‍රාමික නායකයා විදිහට විවේක සුවයෙන් ඉන්න ...
අලියා ඉස්සරහින්
Cult1979 ෆිල් ඩොනාහියු කියන ඇමරිකානු මාධ්‍යවේදියා මිල්ටන් ෆ්රීමන්ව ඉන්ටවිව් කරනවා.''ෆිල් - ලෝකෙ තියෙන අඩු සංවර්ධිත රටවල් දකිද්දි, ඒවායෙ දුප්පත්කමෙන් මිරිකිලා ඉන්න මිනිස්සු දකිද්දි, දියුණු රටවල් වලට විතරක් අසාධාරණ විදිහට බලය සීමා වෙලා තියෙද්දි, මෙච්චර තණ්හාවක් එලිපිටම පේන්න තියෙද්දි ඔයාට එක මොහොතකටවත් හිතුනෙ නැද්ද සැකයක් ධනවාදය ගැන? ආශාව මත පදනම් වෙච්ච සමාජයන් ගැන?මිල්ටන්- මට කියන්න එක සමාජයක් ආශාව මත පදනම් වෙලා ...
සාද්ගේ රමණය සහ පැසොලිනිගේ මරණය
Cultඩිජිටල් ෆිල්ම් ඇකඩමියෙ සතියෙ සිනමා සාකච්ඡුාව වෙනුවෙන් පැසොලිනිගෙ ‘සාලො’ පෙන්නුවා කියල මට මතක් කළේ භූපති. කලින් වතාවක් දෙකක් මේ පෝස්ටරය මගේ ඇහේ වැදුනත් නතර වෙලා බලන්න ඉස්පාසුවක් තිබුනෙ නෑ. ඇකඩමියෙන් මේ කරන චිත්‍රපටි ප්‍රදර්ශනය හා සංවාදය ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම උනන්දුවෙන් සහභාගි වෙන පිරිසක් ඒකට හැදුන එකත් හොඳ ලකුණක්.ඒත් සාලො පෙන්නපු කතාව ඇහුන ගමන් මගේ ප්රශ්නය වුනෙ ‘මොන එකකට ...
සන්නාට කඬේ යාම
Cultසන්නස්ගල චන්දෙ ඉල්ලන එකට මගේ යාලූවො ගොඩක් අකමැතියි. සාමාන්‍ය ජනතාවට වඩා ළ`ගින් සන්නස්ගලව දන්න ඇසුරු කරන ගොඩක් අය තමයි මේ පිරිසට අයිති. සන්නාගෙ කපටිකම්, බොළඳකම්, කඬේ යැවීම් වගේ තමන් පුද්ගලිකව දන්න අත්දැකීම් එක්ක මහා දේශපාලනයට ආවොත් කොහොම වෙයිද කියන උපකල්පනයක් තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ.මාත් ඒ ගැන හිතුව.එක විදිහකට මේක සන්නස්ගල විසින් කරගන්නා සිය දිවි නසා ගැනීමක්. කොයිතරම් සාධනීය පැති ...
සිනමාවට බැඳි හාද...
Cultදවස් ගානක් කැලෑ ඇතුලෙ ෂූට් කරලා ආපහු ගෙදර එද්දි මාව ඇතුලෙන් දෙකට තුනට ඉරිලා. මට මාව අමතක වෙලා තිබුණ. දවස් ගානක් එක දිගට තිබුණ ඇසිඞ් ටි්රප් එකක් වගේ. ෂූට් එකක් කියන්නෙ රමණයක් තරම් ලස්සන මරණයක්.ලංකාවෙ සිනමාව තවදුරටත් හුස්ම ගන්නෙ කොහොමද කියන එකට හරි උත්තරේ වෙන්න ඕන ඒ හා සම්බන්ධව වැඩ කරන මිනිස්සු අතලොස්සකගෙ තියෙන නොසන්සිඳෙන පේ‍්‍රමය කියලයි මං හිතන්නෙ. ඒක ...
ගල් ගහන්න එන්න.
Cultගණිකාව කියන්නෙ හරිම සරාගී වචනයක්. ඒ වචනෙ ඇහුණ ගමන්ම ගොඩක් පිරිමින්ගෙ හැ`ගීම් අවදි වෙනවා. මේ වචනෙ තියෙන සුවිශේෂීත්වය වෙන්නෙ හැ`ගීම් අවදි වෙන අතරෙම තමන්ගෙ සදාචාරය ගැන පොඩි වහගැනිල්ලකුත් කරගන්න පුළුවන් එක. පත්තරවල ගණිකා නිවාස වටලන ප්රවෘත්ති මේ තරම් පළවෙන්නෙත්, හිරු වගේ නාලිකාවල සීඅයිඒ කිය කිය නිතර ගණිකා නිවාසවලටම පනින්නෙත් මේ ජාතිය අවදි කිරීම වෙනුවෙන්.ගණිකාව, බඩුව, ගොනා මේ විදිහට සමාජ ශෝදක ...
ඕකත් විප්ලවයක්ද?
Cultපහුගිය ජනවාරි 08 වෙනිද සිද්ද වුනේ සරල සාමාන්‍ය බල පෙරලියක් කියන තැන ඉඳන් අත්වැරැුද්දක්, කුමන්ත්ර්රණයක් කියන තැන දක්වා විවිද කතා කියන කට්ටිය ඉන්නවා. මහින්දට කඬේ යන පිරිස් විතරක් නෙමෙයි කවදාහරි මහා ඔක්තෝම්බර් විප්ලවයක් වෙනකල් බලන් ඉන්න වර්ගයේ වාමාංශිකයොත් මේ අතර ඉන්නවා. සමාජයේ සිද්ද වෙන වැදගත් සවිඥාණක වෙනස්කම් වලට බරක් තියන්න බැරි වෙන එකම මේ අයගෙ දේශපාලන නොදැනුම සටහන් කරනවා.මගේ ජීවිත ...
රීමේක් වැඩ කෝටියයි - ප්‍රවේගයෙ විසිල් බල්ටියයි
Cultමහින්දගෙන් පස්සෙ ලංකාවෙ සිනමාව ගොඩ යන ලකුණු පහල වෙන්න අරගෙන. ඊට කලින් මේ නව රැල්ල වගේ එක ඇති වුණත් මහින්ද චින්තන සිනමාව නිසා ඒ චිත්‍රපටි කම්පියුටර් ඇතුලෙම නතර වුණා. තව ඒවා හැදුනෙම එලියෙ ෆෙස්ටිවල් මාර්කට් එක දිහා බලාගෙන. ඒ වී කරල් පෙන්නලා මෙහේ දුවන අරමුණ හෝ අන්තර්ජාතික සිනමාකරුවෙක් වීමේ ෂෝර්ට් කට් වාසනාව උරගෑමක් විදිහට. ඒත් මහින්දගේ ගෙදර යාමත් එක්ක සිනමාව ...
ආශා සියොතුන් ඉගිල ගියාවේ
Cultමං බ්ලොග් එකට ලියන ලිපි වලින් වැඩියෙන්ම ෂෙයාර් වෙන්නෙ සහ ප්‍රතිචාර ලබන්නෙ දේශපාලනය නැත්්තං ආර්ට් ගැන ලියන ලිපි. අඩුවෙන්ම ෂෙයාර් වෙන්නෙ පුද්ගලික ජීවිතේ ප්‍රශ්න කරන ලිපි. ගොඩක් වෙලාවට අඩුවෙන්ම ජනප්‍රිය දේ තමයි නැවත නැවත කරන්න ඕන වෙන්නෙ.අමිල ගලප්පත්ති මෑතක පාර්ටියකදි මට වටින කතාවක් කිව්ව.‘මචං උඹ මැක්‍රො දේවල් ගැන ලියන ආර්ටිකල් වලට මං එච්චර කැමති නෑ. ඒවා අපරාදෙ කියල මට හිතෙන්නෙ. ...