මරක්කල යන නම හැදුනේ කෙසේද? Anver Manatunga ලංකාවේ බොහෝ මුස්ලිම් වරුන්ගේ උප්පැන්න සහතික වල ජාතිය වශයෙන් සඳහන්ව ඇත්තේ ලංකා මරක්කල යනුවෙනි. එමෙන්ම දිවයිනේ ප්‍රදේශ බොහෝමයක මරක්කල ගම යනුවෙන් අතීතයේ සිට මුස්ලිම් වරුන් විසු ගම් ඇත. මුස්ලිම් වරුන් මරක්කල වුයේ කෙසේද? සහ මරක්කල යන නාමය කෙසේ ඇතිවුනි දැයි මදක් සොයා බැලීමට සිත්විය. මෙම ලිපිය ඒ සොයා බැලීමේ ප්රථිඵලයකි. නමුත් ප්‍රථමයෙන්ම පැවසිය යුතු කරුණක් [...] ...
බො.බ.සේ මුස්ලිම්වරුන්ට පහර දෙද්දී මුණිවත රැකි ගම්මන්පිල අසාත් සාලි පෙරලා පහර දෙනවිට පරල වෙයි! Anver Manatunga කිරි සුදට අඳින උදය ගම්මන්පිල මහතාගේ ඇතුලත ඇති මඩ ගතිය එළිවෙන තැනට දැන් කරුණු සිද්ධවෙමින් පවතී. එනම් පසුගිය දිනවල මාධ්‍ය මගින් බොදු බල සේනාව මුස්ලිම් සංවිධාන වලට සහ මුස්ලිම් වරුන්ට විරුද්ධව නොයෙකුත් බොරු චෝදනා සහ මඩ ප්‍රහාර එල්ල කරත්දී මුණිවත රැක්කාවු ගම්මන්පිල මහතා දැන් අසාත් සාලි මහතා විසින් එයට පෙරලා ප්‍රහාර එල්ල කරන විට පරල [...] Related posts: අසාත් සාලි ...
රතුපස්වල සිද්ධියෙන් මතුවු ආශ්චර්යයන් පිළිබඳ විමසුමක්! Anver Manatunga සංවේදී නායකයා කලාබරයන් සමග රතුපස්වල ප්‍රහාරයෙන් මියගිය පලමු තැනැත්තා වන අකිල ඉසංකගේ අවමගුල ඊයේ සිදුවුණා. එම අවමගුලේ වීඩියෝ දර්ශන නැරඹු අපිට එය ඉතාමත් සංවේදී කරුණක් වුණා. නමුත් ඒ සම්බන්ධව රටේ පාලකයන් සංවේදී බවක් අපි නම් තාම දුටුවේ නැහැ. පසුගිය ජනාධිපති වරණයේදී කලාබරයන් නම් කීවේ සංවේදී නායකයා මෙයා කියලයි. අනේ දැන් ඒ සංවේදී නායකයාගේ සෙන්සස් වැඩ කරන්නේ නැතිවා වත්ද? නැතිනම් ඒ ...
රාජගිරියේ ධාරුල් ඊමාන් මස්ජිදයේ නවතම තතු Anver Manatunga කඩාකප්පල්කාරී අන්තවාදී පිරිසකගේ තර්ජන හේතුවෙන් වසා දමා තිබුණු රාජගිරිය ධාරුල් ඊමාන් මස්ජිදය ඊයේ නැවත නැමදුම් සඳහා විවෘත කර ඇත. ඒ පිළිබඳ විස්තර මෙසේය. පසුගිය 2012 ජුලි මස 19 වැනිදා බෞද්ධ භික්ෂූන් ප්රමුඛ කරගත් පිරිසක්, රාජගිරිය ක්‍රීඩා පිටිය පාරේ, නොම්මර 18 ස්ථානයේ පිහිටි, ධාරුල් ඊමාන් මස්ජිදය ඉදිරිපිටට පැමිණ විරෝධය පලකරන්නට විය. ඔවුන්ගේ ඉල්ලීම වුයේ වහාම මෙම [...] ...
අදිසි හස්තය සහ ජාතිවාදය Anver Manatunga ලංකාවේ ජාතිවාදය හෝ අන්තවාදය ගැන කතාකරන විට නිතර මතුවන අදහසකි ‘අදිසි හස්තය’. ඔබ මේ ලිපිය කියවන්නේ ඒ අදිසි හස්තය කුමක්ද යන්න දැනගැනීම සඳහා නම් දැන්ම කියවීම නතර කරන්න. මා මෙහිදී පැවසීමට උත්සහ කරන්නේ අදිසි හස්තය සැමදා අදිසිව පවතින බිල්ලෙක් බවයි. අදිසි හස්තය යන සංකල්පය බෙදුම් වාදීන් විසින් භාවිතා කරන්නෙත් එනිසාමය. එනම් සාධක රහිතව එය [...] ...
සිංහල රාවය කොල්ලුපිටියේ මස්කඩ වලට පහර දෙයි! Anver Manatunga සිංහල රාවය සිය දිවි නසා ගත් චීවරධාරියාගේ සිරුර ඉල්ලා ඊයේ දහවල් කොල්ලූපිටියේදී ප්රචන්ඩ ලෙස හැසිරුනු සිහල රාවයේ චීවරධාරීන් සහ මැර පිරිස් විසින් කොල්ලූපිටියේ නාගරික මහජන වෙළඳ පොලේ පිහිටා තිබූ මස් අලෙවි සල් 3 කට පහර දී එහි තිබූ මස් සහ භාණ්ඩ සියල්ල කඩා විනාශ කර ඇතැයි වාර්තා වේ. මැර චීවරධාරීන් පහරදීමට පැමිණ සිටි ආකාරය ප්‍රහාරයට ලක්වී ඇත්තේ කුකුළු මස් ...
පංසල තුල ඉෆ්තාර් දුන් පමණින් මුස්ලිම් පල්ලියක පිරිතක් කිව හැකිද? 2 Anver Manatunga නැවත වරක් අන්තර්ජාලය තුල මා ජනප්‍රිය කරවීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇත. සමහර විට මා ජනප්‍රිය වුවා මදියැයි ඔවුන් සිතනවා විය හැක. මෙවර ඔවුන් අල්ලාගෙන තිබෙන තුරුම්පුවම වැරදි එකකි. මන්දයත් පංසලක ඉෆ්තාර් කෑම වේලක් දී පල්ලියක පිරිතක් කීමට ඉල්ලීමයි. ඉෆ්තාර් යනු ආහාර වේලකි. දානයද යනු ආහාර වේලකි. මේ දෙකටම දහම් දෙකෙහි ගැටළුවක් නොමැති තැන මුස්ලිම් පල්ලියක [...] ...
පින්වතුනි, කරුණාකර පන්සලේ දී යුද්ධය ගැන කතාකිරීමෙන් වළකින්න! Anver Manatunga මෙයට වසර හය හතකට පෙර මා ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පදිංචිව සිටි සමයේ, සෑම මසකම දේශසීමාවන් තරණය කර වන්දනාවේ ගිය ශී‍්‍ර ලාංකික බෞද්ධ පන්සලක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ විය. වරෙක මෙම පන්සලෙහි වතාවත්වල යෙදුණු සැදැහැවත් තරුණ සුදු උපාසක මහතෙකු අපට එහි දී හමු විය. තනි සුදු වස්ත්‍රයෙන් සැරසී, පන්සලේ සියලූ වතාවත් හි යෙදුණු ඔහුට, හාමුදුරුවරුන් සමග හරිහරියට කටපාඩමින් පිරිත් කීමේ හැකියාව තිබුණි. එක් ...
අනුරපුරේ මුස්ලිම් පල්ලියක් ගිනි තැබේ! Anver Manatunga කිසියම් නාඳුනන කන්ඩායමක් විසින් අනුරාධපුරයේ කුඩා මුස්ලිම් පල්ලියකට ගිනි තබා ඇත. මෙය තක්කියා (ජුම්මා දේශන නොපවත්වන කුඩා) වර්ගයේ පල්ලියකි. මෙම පල්ලිය පිහිටියේ අනුරාධපුර නගරයට කිලෝමීටරයකට පමණ ඇතුලතින් පිහිටි මලවතු පටුමගෙහිය. එම පල්ලියේ භාරකරුවෙක් අප සමග පැවසුවේ මෙම පල්ලිය තිබෙන ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් අය ඉතාමත් සාමකාමීව වෙසෙන ප්‍රදේශයක් බැවින් ජාතිවාදී කලබලයක කිසිදු සේයාවක් නොවු [...] ...
බ්ලොග් අඩවියේ වෙනස් කම් පිළිබඳව පාඨකයන් දැනුවත් කිරීමයි! Anver Manatunga අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ පාඨක ප්‍රමාණය දිනෙන් දින වැඩි වන විට ආගම්බේධවාදීන්ගේ විරෝධතාද එන්න එන්නම දැඩි වෙමින් පවතියි. ඔවුන් විසින් කරන්නාවු නොයෙකුත් ප්‍රයෝග අතරින් කිහිපයක් මා විසින් හඳුණා ගෙන ඇත. ඒ නිසා මවිසින් එම ප්‍රයෝග වලට එරෙහිව විවිධවු පිළිවෙත් අනුගමනය කරමින් සිටිමි. මේ ඒ ගැන දැනුවත් කිරීමකි. මා විසින් හඳුණා ගත් පරිදි අප බ්ලොග් [...] ...
පොලිසිය ත්‍රස්ත නීතිය යටතේ මුස්ලිම් දේශපාලන නායකයා අත් අඩංගුවට ගැනීම – කේ. රත්නායක විසිනි Anver Manatunga අසාත් සාලි ශ්‍රී ලංකා පොලිසියේ කොලඹ අපරාධ විමර්ශන ඒකකය විසින් මුස්ලිම්-දෙමල ජාතික සන්ධානයේ නායක අසාද් සාලි, ත්‍රස්තවාදය වැලක්වීමේ පනතේ නීති යටතේ මැයි 2 දා අත් අඩංගුවට ගත්තේ ය. ඔහුට විරුද්ධ ව ඇති පැමිනිලි ඔස්සේ සාලිගෙන් ප්‍රශ්න කර ගෙන යන බව පොලිසිය ප්‍රකාශ කර ඇතත් රඳවා ගැනීමේ නියෝග යටතේ ඔහු රඳවා ගෙන සිටින්නේ දැයි පැහැදිලි නැත. ආරක්ෂක අමාත්‍යාංශයේ උසි ගැන්වීම ...
ඩිලාන් පෙරේරා ඇමතිවරයාගේ රටවිරු සොමිය Anver Manatunga ඩිලාන් පෙරේරා මේ වනවිට රටට වැඩිම ආදායමක් ගෙන එන අමාත්‍යාංශය ලෙස විදේශ රැකියා අමාත්‍යාංශය පත්වෙලා ඉවරයි. නමුත් එලෙස තමන්ගේ ශ්‍රමය දහඩිය අන්රටකට පුදලා රටට මුදල් රැගෙන එන විදෙස් ගත ශ්‍රමිකයන්ට මේ රජය විසින් කරපු මගුලක් නැහැ. බොරුවට ගිරිය පුප්පගෙන කෑගහන ඩිලාන් පෙරේරා ඇමතිවරයා කරපු දෙයකුත් නැහැ. එයා කරලා තියෙන එකම දේ විදෙස් ගත ශ්‍රමිකයාට “රට විරුවන්” කියා නමක් දාපු එක ...
හැම ආගමක්ම එකයිද? Anver Manatunga හැම ආගමකම තියෙන්නේ එකම දෙයයි. යහපත් දේ කරන්න අයහපත් දේ නොකරන්න කියලයි. මේකට ආගමක්ම ඕනද? හැම ආගමකම තියෙන්නේ මේ දේ නම් ඇයි මිනිසුන් මෙලෙස බෙදී වෙන් වී සිටින්නේ? සමහර විට ඔබටත් මේ ප්රශ්නය නැගී ඇතිවාට කිසිදු සැකයක් නැහැ. ආගමක් යනු මිනිසෙකු විසින් ලොව දෙස බලන්නාවු ආකල්පය Attitude බවට අපට සරල වශයෙන් දැක්විය හැක. එනම් [...] ...
ගව ඝාතනය පිළිබඳ යථාර්ථය Anver Manatunga ලාංකීය කිරිගොවියා වැට්ටවීමේ කුමන්ත්‍රණය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් තම ජීවිතය පුජා කරමින් ඉල්ලීම් කිහිපයක් රජය හා රට ඉදිරියේ තැබූ සේක. උන්වහන්සේගේ ආදාහන උත්සවය ඇමතු බහුතරයක් විසින් රැස්ව සිටි පිරිස වෙත පවසා සිටි කරුණු අතුරින් වඩාත් වැදගත් තැනක් ගත්තේ ගව ඝාතනයයි. මෙය ආගම්වාදී හා වර්ගවාදී දේශපාලනයට ද ඉතාම සංවේදී සටන් පාඨයක් බව අප සැවොම ඉතා හොඳින් දන්නා කරුණකි. මෑතකදී එක් කණ්ඩායමක් විසින් ...
මුඛ පිළිකා හා පෙනහළු පිළිකා රූප දුම්වැටි පැකට්වල අනිවාර්යයි Anver Manatunga ලංකාවේ විකිණෙන සියළුම දුම්වැටිවල සහ දුම්වැටි පැකට් වල මින් ඉදිරියට “මුඛ පිළිකා” සහ “පෙනහලු පිළිකා” රූප සටහන් අනිවාර්යයෙන් ඇතුළත් කළයුතු බවට වන ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වී ඇත. ගැසට් පත්‍රය දුම්වැටි සහ මධ්‍යසාර පනත යටතේ ඉදිරිපත් කෙරුණකි. නමුත් මෙයට අනුමැතිය ලබාදීම කාලයක සිට සිරවී තිබෙන බවට [...] ...
ඇමරිකාව තුල සමරිසි විවාහය නීතිගත කිරීම විමසුමක්! Anver Manatunga සමරිසි විවාහය නීතිගත කිරීම “ඇමරිකාව පුරා සමරිසි විවාහය නීතිගත කරලා!” “ඉතිං මට මොකෝ? ඇමරිකාවේ නෙමෙයි ලංකාවේ නීතිගත කළත් අපට ප්‍රශ්නයක් නැහැ!” “ඉතිං සමලිංගික සේවනය ඉස්ලාම් ආගමේ තහනම් නේද?” “ඔව් ඒ තහනම් මුස්ලිම්වරුන්ටනේ! සමරිසි විවාහය ඇමරිකාව නීතිගත කළත් තාම එහෙ මුස්ලිම්වරුන්ට ඒක තහනම්!” “ඒක කොහොමද එහෙම වෙන්නේ? එහෙ නෙමෙයි කොහෙත් එකයි.” මේ මා සහ ඉස්ලාමය සම්බන්ධ සංවාදයකට එක්වුවෙකු සමග ඇතිවු සංවාදයක ...
මෙම බ්ලොග් අඩවිය සඳහා උපදෙස් මාලාව Anver Manatunga අන්වර් මනතුංග බ්ලොග් අඩවිය සඳහා මා විසින් උපදෙස් මාලාවක් පලකිරීමට තීරණය කළේ බොහෝ දෙනෙකු අනෙක් වෙබ් අඩවි තුලින් කරන්නාවු විෂමාකාර දේවල් මෙම අඩවිය තුලද කිරීමට වෑයම් කරන බැවිනි. එම නිසා දැනට මා සතු අත්දැකීම් භාවිතයට ගනිමින් මෙම උපදෙස් මාලාව සැකසුවෙමි. මෙම උපදෙස් මාලාව ඉදිරියේදී සංශෝධනය විය හැකි බවද කරුණාවෙන් සලකන්න. මෙම උපදෙස් මාලාව දැනටමත් [...] ...
මුස්ලිම් ජනගහන වර්ධන භීතිකාව නොහොත් “ඔන්න බබෝ බිල්ලා” Anver Manatunga බිල්ලා එනවා කියා දරුවන් බය කිරීමට අම්මලා පෙලඹෙන්නේ දරුවන්ව කීකරු කර ගැනීමටය. නුදුරු අනාගතයේදීම ලංකාව මුස්ලිම් රටක් වන්නේයැයි කියා මිනිසුන් බය කිරීමට අන්තවාදීන් පෙලඹෙන්නේත් එක්තරා ආකාරයක යටි අදහසක් නිසයි. ජනගහන වර්ධනයෙන්, මුස්ලිම් අය මෙරට අත්පත් කර ගන්නේයැයි කියන කාරණය මෙම ලිපියෙන් විග්රහ කිරීමට බලාපොරොත්තු වෙමි. 1953 දී පවුල් සැලසුම් සමිතිය (Family Planning Association) පිහිටවීම [...] ...
රාජපක්ෂ නම කන රාජපක්ෂලා Anver Manatunga අසාත් සාලි අසාත් සාලි අත්අඩංගුවට ගැනීමේ අර්බුධය අවසන් වුයේ රාජපක්ෂ පාලනයට දැඩිලෙස අවාසිදායක තත්වයක් නිර්මානය කරමිනි. රජයට සම්බන්ධ වෙබ් අඩවි විසින් අසාත් සාලි සමාව ගත්තා යැයි ප්‍රකාශ කළද එය පුස්සක් බව මාධය මගින්ම හෙළිවිය. චෝදනා 18 ක් සම්බන්ධව ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් සාලි මහතා කිසිදු කොන්දේසියකින් තොරව නිදහස් කිරීමට රජයට සිදුවිය. සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේදී සහ අසාත් සාලි මහතා ...
බාහිර අලංකාරය (ආටෝපය) කුමට ද? Anver Manatunga බාහිර අලංකාරය (ආටෝපය) කුමට ද? ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි ඇතැම්විට බැලූ බැල්මටම අපට පෙනී යන්නේ පිරිසුදුකම හෝ පි‍්‍රයමනාප බවට වඩා අනවශ්‍ය විච්චූර්ණ වලින් බොහෝ දෙනා රූපය අලංකාර කිරීමට උත්සාහ දරන බවය. බොහෝ දෙනාට තම සිරුරේ පවිත්‍රතාවය රැක ගැනීමට වතුර ස්නානය කිරීමට වේලාවක් නැහැ. තවත් අය නිතර ස්නානය ශරීරයට අහිතකර බව තමන්ම තීරණය කර [...] ...