චම්පික සහ ඥානසාර පුනරුත්ථාපනය කළයුතුයි! Anver Manatunga ක්සෙනොපෝබියා වාහකයන් ගෝඨාභය රාජපක්ෂ යනු ජාතිවාදියෙක් බවත්, රටතුල නැගඑන ජාතිවාදී රැල්ල පසුපස සිටින්නේ ගෝඨා බවත් අප බ්ලොගය ජනතාව වෙත පලමුව හෙළිකළේ 2012 වසරේ මුල්කාලයේදීය. එදා පටන් ගෝඨා අන්තවාදියෙක් බවත් රටේ ඊලඟ නායකයා වීමට සිහින දකින නුගත් අළුගෝසුවෙක් බවත් අප දිගින් දිගටම ජනතාව වෙත හෙළිකළෙමු. අද වන විට ගෝඨාගෙන් සමාජයට ඇතිවන්නට ගිය ව්‍යසනය වැලකී ගොසිනි. නමුත් ජනතාව අභියස තවත් එවැනිම අවධානමක් ...
ජාතික හෙළ උරුමය කැසිනෝ පනතට විරුද්ධ වෙන්නේ සද්භාවයෙන්ද? Anver Manatunga ජාතික හෙළ උරුමය රජය කරන හැම බලු වැඩකදීම මුණිවත රකිමින් ඩබල් ගේමක් ගෙනගිය ජාතික හෙළ උරුමයට මෙදාපාර ඒක කරන්න බැරි අවස්ථාවක් උදාවී ඇත. ඒ රජය විසින් කැසිනෝ සුදුව ප්‍රවර්ධනයට ගෙන එන පනතක් නිසාවෙනි. දැන් හෙළ උරුමයට උණු හින්ද බොන්නත් බැහැ කැඳ හින්ද අහක දාන්නත් බැරි වැඩක් සිදුවී ඇත. එයට හෙළ උරුමය අපුරු නූල් සුත්තරයක් ලෑස්ති කර ඇත. එනම් පාර්ලිමේන්තුවට මේ ...
හලාල් සලකුණ රජයට පැවරීමෙන් කුමක් වේද? Anver Manatunga හලාල් සලකුණු විරෝධය සම්බන්ධව මා විසින් අදහස් දක්වමින් සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය හලාල් නියාමන කටයුතු වලින් තාවකාලිකව ඉවත් විය යුතු යැයි යෝජනා කරද්දී මුස්ලිම් සමාජයේ විවිධ අයද මා සමග විරුද්ධ විය. ඔවුන් පැවසුවේ එතකොට අපි පරාජය භාර ගත්තා වෙනවානේ? යනුවෙනි. අප අත්පත් කරගත යුත්තේ හැඟීම් පුබුදුවන තාවකාලික ජයක් නොව මේ ප්‍රශ්නයට වඩා නිවැරදි දීර්ඝකාලීණ [...] Related posts: අවුරුද්දට කලින් ...
අලුත්ගම සිද්ධියේ නූල් සූත්තරකරු පතිරාජගොඩ හිමියන් – පොසොන් පෝදා භික්ෂුවකට පහරදූන්නා කියා අත්අඩංගුවට ගත් මෞලවි අස්ගර්ගේ කතාව Anver Manatunga අලුත්ගම සිද්ධියට සම්බන්ධ වෑන් රිය මෞලවි අස්ගර් දර්ගා නගරයේ ඉල්හාමුල් ඉස්ලාම් අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය ලබා දර්ගා නගරයේම අරාබි මද්රසාවක් පවත්වාගෙන යනු ලබන මෞලවිවරයෙකි. අලුත්ගම දර්ගා නගරයෙහි සිදූවූ ගැටුමට මුලික කාරණාව වූ පොසොන් පෝදා කාදියවත්ත පන්සලේ හිමිනමට පහරදූන්නා යැයි කියන සිද්ධියෙහි පළමුවෙන්ම අත්අඩංගුවට ගනු ලැබූවේ මෞලවි අස්ගර් ය. මේ වන විට ඇප මත නිදහස ලබා සිටින අස්ගර් විසින් සිදූ වූවා යැයි ...
ඊයේ (2013 පෙබරවාරි 9) වරකාපොලදී ඇතිවු අන්තවාදීන්ගේ උද්ඝෝෂනය පිළිබඳ විමසුම Anver Manatunga ඊයේ වරකාපොල නගරය තුල අන්තවාදීන් විසින් සිදුකළ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය අසාර්ථක වී ඇත. එම අන්තවාදී සංවිධායකයන්ගේ අරමුණ වුයේ පලාතේ සිංහල සහ මුස්ලිම් වරුන් අතර තිබෙන සමගිය පළුදු කිරීමයි. නමුත් ඔවුන් ඒ සඳහා ගත් උත්සාහය අසාර්ථක වී ඇත. ඒ පිළිබඳ අපට ලැබුණු තොරතුරු මෙසේයි. මීට මාසයකට පමණ පෙර අන්තවාදී යතිවරයෙකුගේ මුලිකත්වයෙන් කිසියම් පිරිසක් විසින් වරකාපොල [...] ...
වාර්ගික හා ආගමික ගැටුම් එපා – කරු ජයසුරිය මහතා පවසයි Anver Manatunga කරු ජයසුරිය ශ්‍රී ලංකාව යළිත් වාර්ගික හා ආගමික ගැටුම් නැමැති ගැඹුරු අගාධය වෙත දෑස් දල්වාගෙන සිටිනු පෙනෙතියි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මහතා පවසයි. මෑත කාලයේදී රටේ ඇති වු උනුසුම් ආගමික වාතාවරණය ගැන තමාත් එක්සත් ජාතික පාක්ෂිකයනුත් ඉමහත් කණගාටුවට පත් වන බවත් කවර හෝ ආගමික සිද්ධස්ථානයකට එරෙහිව ක්‍රියාත්මක වන ප්රචණ්ඩ ක්‍රියා හෙළා දකින බවද ජයසුරිය මහතා කියයි. බෞද්ධ ...
හිවල් හමුදාවකින් මුස්ලිම් වෙලඳසැලකට ලියුමක්! Anver Manatunga සිංහ මුහුණක් ලිපි ශීර්ෂයකට දමා නිදහස් ලංකාවේ විමුක්ති හමුදාව නමින් නිකුත් කළ නිර්ණාමිකයෙකුගේ හෝ පිරිසකගේ ලිපියක් අපේ සහෝදරයෙක් විසින් එවා ඇත. මෙම ලිපිය අද දින නුගේගොඩ ප්‍රදේශයේ නිමිඇඳුම් සැලකට මෙම ලිපිය තැපැල් මාර්ගයෙන් එවා තිබුණි. මෙය කිසියම් අන්තවාදී සහ බියගුළු මානසික රෝගියෙකුගේ ක්‍රියාවක් බව පැහැදිලිය. එමෙන්ම මෙහි ජාතික හෙල උරුමයේ සහ බොදු බල සේනාවේ [...] Related posts: මුස්ලිම් කාන්තා ...
අප වෙනුවෙන් හඬ නගන්නට කවුරුත් නැතිද? – නුතන බිළිඳුන්ගේ ශෝකාලාපය Anver Manatunga කාන්තා දිනය නිමාවට පත් විය. තවත් එන්නට තිබෙන දින ගණනාවකි. නමුත් අවුරුද්දේ තවත් එක දිනයක් අප වෙනුවෙන් තිබුනත් මා ඇතුළු බිලිඳුන්ට හඬ නගන්නට ශක්තියක් නොමැතිය. ඒ අප බිලිඳුන් වූ නිසාවෙනි. එකී සිතිවිල්ල මත මේ ලියවෙන්නේ මා වන් බිළිඳුන්ගේ ශෝකාන්තයයි. අද මගේ අම්මා, තාත්තට තිබිය යුතු අයිතිය මටත් තිබිය යුතු යයි කියමින් සම අයිතිය ඉල්ලා [...] Related posts: හජ් වතාවත් ...
බුදු දහම සමග දෙමළ ජනයාගේ නෑකම – වික්රරමබාහු කරුණාරත්න Anver Manatunga එදා වගේ නෙමෙයි අද දැන් ජාතිවාදී, බලය බෙදිමට විරුද්ධවූ උදවිය ඉන්නේ බලය අතේ තියාගෙන. ඒ ඇත්තෝ කථාකරන්නේ අස්ගිරි – මල්වතු මහ නා හිමිවරුන්ට. එදා ගල්කටස්වලින් පළාත්සභා වලට විරුද්ධව මිනී මරපු අය පූජා වට්ටි පුරවගෙන මල්වතු, අස්ගිරි මහ නායක හිමිවරුන්ට තමන්ගේ දුක කියන්න යනව 13 කියන්නේ නරක ඉලක්කමක් එයින් වෙන්නේ විනාශයක් කියල අද්භූත කතන්දර ගොතල කියල [...] ...
වඩාත්ම උතුම් තැනැත්තා කවුද? Anver Manatunga අද අපි බොහෝ විට සිතා සිටින්නේ අප සමාජයේ මිනිසුන් අතර වඩාත්ම උතුම් අය නම් ආගමික පුජක පක්ෂය බවයි. ඒ අය අපට ආගමික ගුරුහරුකම් ලබා දෙන නිසා ඔවුන් අපට වඩා උසස් අයය යැයි සිතති. මෙහි කිසිදු සත්‍යයක් නැති බව මේ ලියුම් කරුගේ අදහසයි. ඉස්ලාම් දහමෙහි පුජක පැලැන්තියක් නැතත් අද මෞලවි කියා ආගමික විද්වතුන් පිරිසක් [...] ...
තණකොල සහ පුන්නක්කු – ගාමිණී වියන්ගොඩ Anver Manatunga ගාමිණී වියන්ගොඩ අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි. මැජික්කාරයන් පෙන්වන දේවල් බලා සිටින්නා ‘දකින්නේ’ නැත. එය විජ්ජාවක් වන්නේ එබැවිනි. විස්මය දනවන්නේ, එසේ පෙන්වා දෙන දෙය ‘නොදැකීම’ මගිනි. නොපෙන්වා යමක් පෙන්වන විජ්ජාව කරන්නේ කෙසේ දැ යි ...
ඥානසාරගේ පොරටෝක් සහ හකීම් බොරුවට උඩුබුරලීම විමසුමක්! Anver Manatunga බිස්කට් වෙලෙන්දෙකු ගත් හලාල් සහතිකය දැන් අන්තවාදීන් සහ මධ්‍යස්ථවාදීන් යන දෙපැත්තම බලාසිටින්නේ හලාල් විරෝධී සටනට කුමක් වේද? යන්නයි. එදා වගේම අදත් ඥානසාර මීඩියා වලින් පොරටෝක් සහ කොරටොක් දැම්මද ජනතාව ඒ ගැන අවදි වන බවක් නොපෙනේ. ඒත් රවුෆ් හකීම් ටිකක් දඟලන බවක් පෙනේ. ඒ ඇත්තටම බොදුබලසේනාව නිසා නොව අසාත් සාලි නිසයි. දැන් අසාත් සාලි දේශපාලනය කරන්නේ හකීම්ගේ නිජබිම වන මහනුවර දිස්ත්රික්කයේය. ...
ආතර් සී. ක්ලාර්ක් අනාවැකිය හරි යයිද? Anver Manatunga ආතර් සී. ක්ලාර්ක් මහතා විදේශිකයෙක් වුවද සිය දිවියේ අවසාන කාලයේ ලංකාවේ ජීවත්ව සිට පුරවැසියෙක් ලෙස අංක එකේ සැලකිලි ලබා මියගිය විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකි. ආතර් සී. ක්ලාර්ක් මහතා විසින් කියන ලද අනාවැකියක් මේ දිනවල අන්තර්ජාලය තුල පැතිරේ. ඒ ඔහු විසින් ලියන ලද ගැඹුරු මුහුද නම් වු පොතේ සඳහන් පාඨයකි. එමගින් කියැවෙන්නේ වසර 2050 දී ලෝක ආගම [...] ...
බල සේනා සංකල්පය බුදු දහමට සුදුසු නෑ – ධම්මදීප සභාවේ ප්‍රකාශය ඔබේ විමසුමට! Anver Manatunga බල සේනා යන සංකල්පය බුදු දහමට එතරම් සුදුසු නොවන බව ධම්මදීප සභාව පවසයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ධම්මදීප සභාව හදුන්වාදීමේ මාධ්‍ය සාකච්ඡවකදී මේ අදහස් පල විය. බෞද්ධ ආගමික විසදුමක් තුළ හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගමිකයන්ට කරදරයක් හානියක් වේ නම්,එය ධර්මානූකූල ආගමික විසදුමක් නොවන බවත් මෙරට සිදුවන අන්‍යාගමික ආක්‍රමණ හා ධර්ම විරෝධී කි‍්‍රයාමාර්ග වෙනුවෙන් විසදුම් ගතයුත්තේ රජය හෝ ආණ්ඩුව නොව ...
ඇයි මේ අවලාද?….. ඇයි මේ ජාතිවාද?….. අපට සාමයෙන් සිටිය නොහැකිද ? Anver Manatunga සිදු වන සියල්ල දෙස මා උපේක්ෂාවෙන් බලා සිටිමි. අප මේ ගමන් කරන්නේ කොයි දිසවකටදැයි මට නොතේරේ. තිස් වසරක් තිබුණු යුද්ධයේ බියකරු බව මා අත්දැකීමෙන් දනිමි. තවම මා ඒ ගැන සිතමි. මගේ මතකය අදින් වසර 30 ඈතට දිව යයි. මම හැදී වැදුනේ කල්මුනේ. මගේ පියා කල්මුනේ විවධ සේවා සමුපාකාර සමිතියේ වැඩ පරීක්ෂක තනතුරට පත්වීම ලබා අපි එහි [...] ...
මාළුන්ගේ නඩුව අහන්න කවුරුත් නැද්දෝ! Anver Manatunga අධිකරණ නියෝගයක් නිසා පුරා වසර පහකට ආසන්න කාලයක් පානදුර වෙරළ තීරයට ආසන්නව නවතා තිබුණු, සයිප්‍රස ධජය යටතේ පැමිණි, තර්මෝපීලී සියෙරා Thermopylae Sierra නම් වු නෞකාව පසුගිය දිනෙක මුහුදේ ගිලී නොපෙනී ගියා. මෙම ගිලුණු නැවෙන් තෙල් කාන්දු වීම නිසා මේ වන විට බටහිර වෙරළ තීරය දැඩි සමුද්‍ර දුෂනයකට ලක්වෙලා. මේ සිද්ධිය අරබයා මට නැගෙන සැකයන් ඉදිරිපත් [...] ...
බටහිර බුරුමයේ මහා විනාශයක් සිදු වූ බවට එරට රජය පිළිගනියි – BBC Anver Manatunga බටහිර බුරුමයේ ආගම්වාදී ගැටුම් පැතිර යමින් තිබුන සතියක කාලය ඇතුළත, රෝහින්ග්‍යා (Rohingya ) මුස්ලිම් සුළුතර ප්‍රජාවට එරෙහිව ප්‍රහාර රැසක් එල්ල කොට ඇති බව බුරුම බලධාරීන් විසින් පිළිගෙන තිබේ. බුරුම ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් BBC යට අදහස් දක්වමින්, ප්රචණ්ඩ ප්‍රහාර සිදු වූ ඇතැම් තැන්වල ගම්මාන පිටින්ද තවත් තැන්වල නගරවල සමහර කළාපද ගිනිබත් කරනු ලැබ ඇති බවයි කියා [...] ...
අල් කුරානයේ 9: 5 වැනි වැකිය පිළිබඳව විග්‍රහයක්! Anver Manatunga අල්-කුර්ආනයේ පදයන් වැරදි ලෙස අර්ථකථනය කර අන්තර්ජාලයට මුදා හැරීම ආගම්බේධවාදීන් ඉස්ලාමයට විරුද්ධව කරන්නාවු තවත් සාහසික සහ ම්ලේච්ඡ ක්‍රියාවකි. මෙසේ වැරදි අර්ථ ගැන්වු අල්-කුර්ආන් වැකි ගැන අපගේ අදහස කුමක්දැයි අසමින් සමහරු අප බ්ලොග් අඩවියට ඉදිරිපත් කරති. අල් කුරානයේ 9: 5 වැනි වැකිය පිළිබඳව විග්‍රහයක් ඉල්ලා සිටි හෙයින් ඒ පිළිබඳව පහත සඳහන් කොටස ගෙන හැර දක්වන්නට [...] ...
අභියෝග මැද ජීවිතය Anver Manatunga මට විරුද්ධව අපහාස කරන්නන්ගේ වේගය වැඩි වී ඇත. මේ නිසා එකම අවස්ථාවේ චෝදනා ගණනාවක් එල්ල කරමින් සිටිති. මේ සියල්ල මා විසින් වර්ග කළෙමි. ඒ චෝදනා වලට අනුව මම බාලඅපරාධ කරුවෙකි, සමලිංගිකයෙකි, වංචාකරුවෙකි, සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නෙකි, එමෙන්ම සමහරුන්ට අනුව මම ලංකාවේ ජිහාඩ් නායකයාය. ඔවුන් විසින් මේ සියළුම චෝදනා එල්ල කර බලා සිටින්නේ මා [...] ...
CHOGM ගැන මගේ අදහස! Anver Manatunga පොදුරාජ්‍ය මංඩල රාජ්‍ය නායක සමුළුව අන්වර් හැමදෙයක් ගැනම ලියන එකේ CHOGM ගැනත් ලිව්වොත් හොඳයි. මේක මගේ සහෘද පාඨකයෙක් ලියා එවු ප්‍රතිචාරයක්. මම මෙච්චර කල් CHOGM ගැන මොකවත් ලිව්වේ නැත්තේ ඒක ගැන මට තියෙන්නේ අපුලක් නිසයි. මේක ඇත්තටම ඉස්සර සුද්දන් ලෝකය යටත් කරගෙන හිටපු එක නැවත සිහිගන්වන එකක්! ලෝක දියුණුවත් සමග වැහැරුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී කඩමාල්ල නැවත දිගහැර චුන් එක ගන්න අවස්ථාවක්! ...