මියගිය අයිඑස් සටන්කරුවා සහ ලාංකික මුස්ලිම් සමාජය! Anver Manatunga මියගිය අයිඑස් සටන්කරු අයිඑස් සංවිධානයට බැඳුණු ලාංකික සටන්කාමියෙකු මියගිය පුවත ලාංකික මුස්ලිම් ජනතාව කැලඹවීමට සමත්වී ඇත. ඇත්තටම මෙම සිදුවීම බෞද්ධ අන්තවාදීන්ට නම් රසඳුනක් වී ඇත. මගේ පුද්ගලික අදහස නම් මෙය හුදකලා සිදුවීමක් බවයි. හුදකලා සිදුවීමක් යනුවෙන් මා අදහස් කලේ මෙය රටතුල සංවිධානාත්මක කල්ලියක් හරහා සිදුවු සිද්ධි දාමයක ප්රථිඵලයක් නොවන නිසාවෙනි. නමුත් මෙවැනි හුදකලා සිදුවීම් නැවත නැවතත් ඇතිවීමේ ඉඩකඩක් නිර්මාණය වී ...
මාලිගාවත්ත ක්‍රිකට් තරගය අතරතුර ගැටුම සම්බන්ධ විමසුමක්! Anver Manatunga මාලිගාවත්ත ක්‍රිකට් තරගය අතරතුර ගැටුම අපේ අසල්වැසි ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී තම රටේ කංඩායම පැරදුනහොත් ක්‍රීඩා ලෝලීන් විසින් තම රටේ ක්‍රීඩකයන්ගේ නිවාස වලට පහර දීම සාමාන්‍ය දෙයක් ලෙස ප්‍රසිද්ධ කරුණකි. බැරිවෙලාවත් එවැනි අවස්ථාවක තම ප්‍රතිවාදී රටට සහය පලකරන ක්‍රීඩා ලෝලියෙකු හමුවුවහොත් කුමක් සිදුවනු ඇතිද? ඇත්තටම මෙමගින් පෙන්නුම් කරන්නේ එම රටවල ක්‍රීඩාලෝලීන්ගේ දේශානුරාගය නොව නුගත් කමය. ...
මම නිහඩ ඇයි? Anver Manatunga ප්රජාතන්ත්රවාදය අන්වර් සහෝදරයා මේ දවස් වල ඔබ නිහඩ ඇයි? රටේ පවතින දේශපාලන වාතාවරණය ගැන ඔබේ අදහස කුමක්ද? කිහිප දෙනෙකුම මට පණිවිඩ එවා තිබුණි. ඇත්තටම මම මේ දවස් වල නිහඩ ලංකාවේ පවතින මජර දේශපාලන ක්‍රමය ගැන කලකිරීම නිසයි. මෙහි ප්රජාතන්ත්රවාදයක් තිබේද? නැත. අද රටේ තිබෙන්නේ මහින්දවාදය, මෛත්රීවාදය සහ රනිල්වාදය යනුවෙන් ප්‍රධාන මතවාද කිහිපයකි. මහා ප්රජාතන්ත්රවාදීන් ලෙස පෙනී සිටින බොහෝ දෙනෙකු තමන් ...
ඇමරිකාව තුල සමරිසි විවාහය නීතිගත කිරීම විමසුමක්! Anver Manatunga සමරිසි විවාහය නීතිගත කිරීම “ඇමරිකාව පුරා සමරිසි විවාහය නීතිගත කරලා!” “ඉතිං මට මොකෝ? ඇමරිකාවේ නෙමෙයි ලංකාවේ නීතිගත කළත් අපට ප්‍රශ්නයක් නැහැ!” “ඉතිං සමලිංගික සේවනය ඉස්ලාම් ආගමේ තහනම් නේද?” “ඔව් ඒ තහනම් මුස්ලිම්වරුන්ටනේ! සමරිසි විවාහය ඇමරිකාව නීතිගත කළත් තාම එහෙ මුස්ලිම්වරුන්ට ඒක තහනම්!” “ඒක කොහොමද එහෙම වෙන්නේ? එහෙ නෙමෙයි කොහෙත් එකයි.” මේ මා සහ ඉස්ලාමය සම්බන්ධ සංවාදයකට එක්වුවෙකු සමග ඇතිවු සංවාදයක ...
කොලඹ පදික වෙලඳ ප්රශ්නය සහ ගෝඨාගේ බම්බු සංවර්ධනය! Anver Manatunga මිනිමරු ගෝඨා කොලඹ පදික වේදිකා නැවත ආක්‍රමණය කරමින් වෙලඳුන් පැමිණීම සම්බන්ධව අප විරුද්ධය. නමුත් මෙම ප්රශ්නයේ ඇතුල් පැත්ත වටහා ගත යුතුය. එනම් පසුගිය රාජපක්ෂ රෙජිමය කළේ සිය මිලිටරි බලය යොදා කොලඹ පදික වේදිකාවෙන් වෙලඳුන් එලවා සිය හෙංචයියන්ට පමණක් කඩ ලබාදීමයි. මේ නිසා සැබෑ වෙලඳුන්ට සිදුවුයේ ඔවුන්ගේ කඩ කුලියට ගෙන වෙලඳාම් කිරීමටයි. එදා රාජපක්ෂලා දුන් කඩවලින් සාතිශය බහුතරය අද කුලියට දී ...
විලපත්තු බේගල් වපුරා කරන ජාතික විනාශය Anver Manatunga ලෝක ප්‍රකට ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වූ මාටින් ලූතර් කිංග් ඇමරිකාවේ නීග්‍රෝ ජාතිකයන්ගේ අයිතිවාසිකම් සටනට එරට බුද්ධිමතුන් ඇතුළු සමාජයේ ඉහළ ස්ථරවල සහාය නොලැබීම ගැන විස්තර කරමින් තමා වැඩියෙන්ම කම්පා වන්නේ දුෂ්ටයන්ගේ පාපී ක්‍රියා ගැන නොව ශිෂ්ටයන්ගේ නිහැඬියාව ගැනයැ’යි සඳහන් කෙළේය. ඇත්තෙන්ම විල්පත්තු අභය භූමියේ වන විනාශය ගැන දකුණේ ගෙන යන සාවද්‍ය ප්‍රචාරය ගැන කිව යුත්තේ ද එයයි. මිනිස් ක්‍රියාකාරකම් නිසා ...
දේශද්‍රෝහියෝ සහ ජනතාද්රෝහියෝ! Anver Manatunga පසුගිය රාජපක්ෂ සමයේදී ඔවුන්ට විරුද්ධවු අයට දේශද්‍රෝහී ලේබලය ඇලවීමට ක්‍රියාකළා ඔබට මතක ඇත. අද පැරදී විපක්ෂයේ සිටියද ඔවුන් තවදුරටත් තමන්ට විරුද්ධ වුවන්ට දේශද්‍රෝහී ලේබලයම අලවති. ඒ ලේබලයට අමතරව දැන් ලංකාවේ දේශපාලන අම්බරයට තවත් ලේබලයක් එක්වී ඇත. එනම් වත්මන් මෛත්‍රී පාලනයට එරෙහි වීම වනාහී ජනතාද්‍රෝහී ක්‍රියාවක් ලෙස නම් කිරීමයි. ඊයේ කොලඹ රැස්වීමක් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ 20 වෙනි ...
කාන්තා ඇඳුම පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක්! Anver Manatunga සුසාන් ෆිස්ක් මහත්මිය පහතින් දක්වා ඇත්තේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් විසින් අඩ ඇඳුමින් සැරසුණු ස්ත්‍රීන් සම්බන්ධව පිරිමින් ක්‍රියා කරන ආකාරය ගැන පවත්වන ලද පර්යේෂණයක් මගින් සොයා ගත් කරුණු පිළිබඳ විස්තරයකි. අපගේ අමතර විස්තර කිරීමකින් තොරවම අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රියකගේ තත්වය කුමක්ද? කියා මෙමගින් ඔබට කරුණු අවබෝධ කරගන්නට හැකි වේ යැයි සිතන්නෙමු. කාන්තා වස්ත්‍ර අරබයා පුරුෂයින්ගේ හැසිරීම පිළිබඳව ...
හලාල් ලාංඡන ගැටළුවෙහි මැදිමතය විය යුත්තේ කුමක්ද? Anver Manatunga හලාල්ද? හරාම්ද? පසුගිය කාලයේ හලාල් ලාංඡන අර්බුධය ඇතිවු විට මුස්ලිම් විරෝධීන් හලාල් භාන්ඩ වර්ජනය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන විට මුස්ලිම් සමාජය තුලද කිසියම් පිරිසක් හලාල් ලාංඡනය නොමැති සමහර භාන්ඩ වර්ජනය කරන්නැයි ඉල්ලා ප්‍රචාරයන් ගෙනයන ලදී. එකල පුද්ගලිකව මම එම ප්‍රචාර වලට කිසිදු සහයෝගයක් නොදැක්වීම සම්බන්ධව සමහරු මගෙන් ප්‍රශ්න කරන ලදී. නමුත් මගේ අදහස වුයේ මුස්ලිම් ජනතාවට හලාල් ආහාර ලබා ගැනීමේ අයිතියක් ...
කාන්තා වස්ත්‍රය සහ ලිංගික උත්තේජනය Anver Manatunga කාන්තා වස්ත්‍රය සහ ලිංගික උත්තේජනය මිනිසා බඳු විෂම ලිංගික (Hetero Sexual) සත්වයින් තුළ ලිංගික හැඟීම් ඇති වන්නේ එක්තරා අන්තරාසර්ග (Endocrine) ග්‍රන්ථියකින් වහනය වන හෝර්මෝන වර්ගයන් නිසා බව පර්යේෂණාත්මක මනෝ විද්‍යාවෙන් හා ජීව රසායන විද්‍යාවෙන් පෙන්වා දී ඇත. අධිලිංගික හෝ අවලිංගිකතාව මේ ග්‍රන්ථි වල අධික්රියාකාරිත්වය හෝ අවක්රියාකාරිත්වය මත කෙළින්ම රඳා පවතී. ප්‍රති විරුද්ධ ලිංගිකයන්ගේ දර්ශනය, ගන්ධය, ස්පර්ශය, ශබ්දය ආදී ඉන්ද්රිය ග්‍රහණ ...
ප්රජාතන්ත්රවාදී රටක ඉස්ලාමීයවාදියෙකුගේ භූමිකාව කුමක්ද? Anver Manatunga ඉස්ලාම් ප්රජාතන්ත්රවාදය “ඔබ ප්රජාතන්ත්රවාදියෙකු නොවේ නම් ඔබ ප්රජාතන්ත්රවාදය උදෙසා පෙනී සිටින්නේ ඇයි?” දිනක් මා හමුවු සිංහල සහෝදරයෙකු ඇසු පැනයකි. ඇත්තටම ඔහුට තිබෙන ප්රශ්නය නම් මා ප්රජාතන්ත්රවාදියෙකු නොව ඉස්ලාමීයවාදියෙකු ලෙස සිටින තත්වයක් තුල ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් උදෙසා පෙනී සිටින්නේ මන්ද? යන්නයි. මම ඔහුගෙන් පෙරලා ප්‍රශ්නයක් ඇසුවෙමි. එනම් “ප්රජාතන්ත්රවාදී රටක් වන ලංකාව තුල අද ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සම්බන්ධව වැඩියෙන්ම පෙනී සිටින්නේ සහ ...
යුද්ධය දිනු නායකයාට කෙලවු අල්ලපු ගමේ කිරම මුදළාලි! Anver Manatunga කිරම සහ ඥානසාර කිරම මුදළාලි බෞද්ධ සාහිත්‍යයට කළ මගුලක් නැත. කිරම මුදළාලි කරේ ගොඩගේ මුදළාලි කළ දේමය. ගොඩගේ මුදළාලි සිංහල සාහිත්‍ය තුලින් ගොඩ ගියේය. නමුත් සිංහල සාහිත්‍යය තවම තිබුණු තැනමය. කිරම මුදළාලිද බෞද්ධ සාහිත්‍යය තුලින් ගොඩ ගියේය. නමුත් බෞද්ධ සාහිත්‍යයද එතැනමය. නමුත් කිරම ගොඩගේට වෙනස්ය. ඊට හේතුව නම් කිරම මුදළාලි යුද්දෙ දිනපු නායකයාට කළ හදියයි. මන්දයත් තමන්ට සම්පත් බැංකුවෙන් කෝටි ...
අන්තවාදය ගැන විමසුමක් Anver Manatunga අන්තවාදය විමසුමක් සුළු ජාතිකයන් යැයි නම් වුනු සමාජයන් විශේෂයෙන් මුස්ලිම් සමාජය දැන් යම් ආකාරයක සැනසුම් සුසුම් හෙළමින් සිටින අවදියයි. ඒ අවුරුදූ දෙකක් පුරාවට රාජ්‍ය බලයේ අනුහසින් ජාතිවාදි ත්‍රස්තවාදය රට පුරා පෝෂණය කරමින් ගමන් කළා වූ අතලොස්සක් වූ අන්තවාදි සංවිධාන වල පීඩනයෙන් යම් තරමක හෝ ගැලවීමක් ඔවුන්ට ලැබී ඇති බැවිනි. මෙම පශ්චාත් වකවානුවේ සිතන්නට කාලය කාටත් පැමිණ ඇත. එදා එම අන්තවාදි සංවිධාන ...
සිරිධම්ම හාමුදුරුවන්ගේ තර්ක තර්කනයට අනුකූලද? Anver Manatunga පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ තමන් කෙලෙස් නසා රහත් වී ඇති බව පවසනා පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ උපන් දිනයට සියළු මස්/මාළු වර්ග වලින් අනුන දානයක් පිළියෙල කිරීම සම්බන්ධව ඉමහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. බුදු දහමට අනුව මස් කන්නට බෑ යන්න ඔප්පු කරන්නට තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි එහිමියන් අනෙකුත් භික්ෂුන් වහන්සේලාට අභියෝග කරන්නේය. එම අභියෝගය බෞද්ධ සමාජයෙහි කිසිවෙක් භාරගනු නැති බව අප දනිමු. ...
තමිල්නාඩු දේශපාලනය සහ ලංකා දේශපාලනය Anver Manatunga මහින්ද සහ ජයලලිතා ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන තත්වය අප සියල්ලෝම දනිමු. පසුගිය කාලයේ එහි හිටපු මහඇමතිනිය වන ජයලලිතා ජෙයරාම් අයථා මුදල් ඉපැයීමක් සම්බන්ධව සිරගත කෙරුණු විට ඇය වෙනුවෙන් මිනිසුන් සියදිවි නසා ගැනීමට පවා ඉදිරිපත් වුනා. එදා තමිල්නාඩු දේශපාලනය ගැන කතා කරමින් අප සිනහසුනෙමු. නමුත් අද අපේ රටේ තත්වය කුමක්ද? ඇත්තටම අපේ රටද තමිල්නාඩුවට දෙවන නොවන බව මගේ අදහසයි. තමිල්නාඩුවේ පමණක් ...
බුර්කාව සහ ෆුල් ෆේස් හෙල්මට්ටුව Anver Manatunga නිකාබය නැවතත් රටට මාතෘකාවක් ලැබී තිබේ. සද්භාවයෙන් විවේචනයන් කරන්නවුන් මෙන්ම මුව හමට තලමින් පාළු ගෙයිහි වළං බිඳින්නාවු ස්වයං වින්දිකයන් ද මේ මාතෘකාව අරභයා කරණම් ගසමින් සිටියි. කළ යුත්තේ කුමක්ද? කළ හැක්කේ කුමක්ද යන්න ගැන සිතිම පසෙක තබා නැවතත් ඉස්ලාම්ෆෝබියාවට නතු වෙමින් ජාතිවාදය මේ දෙරණ තුළ හිස ඔසවන්නට කරුණු කාරණා ගොනු කරමින් සිටියි. ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීම කිසිසේත් අනුමත කළ ...
ඉස්ලාමය හා සාමයික සහජීවනය Anver Manatunga ඉස්ලාමය හා සහජීවනය අප ජීවත් වන්නේ බහු සංස්කෘතික හා බහු ජනවාර්ගික සමාජයකය. මුහම්මද් තුමාණන් (අල්ලාහ්ගේ සාමය හා ආශීර්වාදය එතුමා කෙරෙහි අත්වේවා) හා අල් කුර්ආනය අපට උගන්වන්නේ සෑම දෙනා සමග සමගියෙන් හා සාමයෙන් ජීවත් වන්නටය. ශ්‍රී ලාංකිකයින් ලෙසට අප පොදු කටයුතු වලදී සෑම ජන කොට්ඨාසයක් සමගම සහයෝගයෙන් කටයුතු කළ යුතු වන්නෙමු. විශේෂයෙන්ම මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන් සමග අප ජීවත් වන පරිසරය ...
ඥානසාරට දඬුවම් නැද්ද? Anver Manatunga චීවරධාරී ඥානසාර සමහරු අපෙන් විමසන්නේ අන්වර් සහෝදරයා අළුත් ආංඩුවෙන් ඥානසාර කරපු ඒව ගැන හොයන්නේ නැද්ද? යනුවෙනි. පෙරේදා (2වැනිදා) බොදුබලසේනාවට විරුද්ධව නඩු දෙකක් අධිකරණය තුල විභාගයට ගැනුනා. ඒකට ඥානදාර ආවේ නැහැ. ඔහුගේ නීතිඥවරයා කීවේ අසනීප නිසා ආවේ නැහැ කියලා. නමුත් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළේ නැහැ. සාමාන්‍ය අපි වගේ කෙනෙක් එහෙම කළොත් වරෙන්තු නිකුත් කරනවා. එතැන තවත් චීවරධාරීන් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් වුනා. ...
අන්දහම් සමග සහජීවනයෙන් කටයුතු කළ බුදුන්වහන්සේ Anver Manatunga ආර්ය අශ්ඨාංගික මාර්ගය අද සමහර භික්ෂුන් වහන්සේලා අන්‍යආගමිකයන් සම්බන්ධව කතා කරන ආකාරය දෙස බලන කල බෞද්ධ නොවන අය තුල ඇතිවන්නේ බුදු දහම කෙරෙහි නොපහන් තත්වයකි. ඇතැම් අන්තවාදී සංවිධාන හා විවිධ වෙබ් අඩවි මගින් සිංහල හා මුස්ලිම් ජනයා අතරේ අති භයානක වෛරයක් ගොඩනැගීම සඳහා බුදු දහම හා තවත් අසත්‍ය තොරතුරු යොදා ගනිමින් සිටිති. එදා බුදුන් වහන්සේ අනෙකුත් ආගම් සහ ආගමික නායකයන් ...
ඉස්ලාම් සහ වත්මන් මුස්ලිම් ව්‍යාපාරිකයා Anver Manatunga ඉස්ලාම් සහ මුස්ලිම් ව්‍යාපාරිකයා මුස්ලිම්වරු ව්‍යාපාර කිරීමට දක්ෂයන්! මෙය අපගේ සමාජය තුල රැව්දෙන වදනකි. නමුත් මා අසන්නේ මුස්ලිම් තොප්පියක් දැමු පමණින්, රැවුල තිබු පමණින්, නම මොහොමඩ් වු පමණින් මුස්ලිම් ව්‍යාපාරිකයෙක් වේද? යනුයි. අද සමාජයේ සමහරු හිතාගෙන සිටින්නේ තමන් මුස්ලිම් ව්‍යාපාරිකයන් බවයි. නමුත් ඔවුන් මුස්ලිම් වුවද ඉස්ලාමයේ මුලධර්ම මත වෙලඳාම් නොකරයි නම් ඔවුන්ට මුස්ලිම් ව්‍යාපාරිකයන් යැයි කිව හැකිද? පොදුවේ අද ව්‍යාපාරිකයා ...