සිංහ උයන. අසරණයා අපි කාලයක් වටේම තියෙන සංගීත සංදර්ශන බලන්න පුරුදු වෙලා තිබුනා. ඉස්කෝලේ ගමන නවත්වලත් නැහැ ඒ වෙද්දී. ගෙදරට හැම දාම කියන බොරු ටික කියල ගෙදරින් පැන ගන්නේ රෑ 12 කලින් එන පොරොන්දුව පිට. ඒ කාලේ මට හරියට මල ගෙවල්, හත් දවසේ බන ගෙවල්,පිරිත් ගෙවල්,ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ට වගේ.ඒත් මම යන්නේ වෙන වෙන ගමන්.මැරෙනවා කියල ඒ හැටි මැරෙන්න තරම් අපේ ප්‍රදේශය ...
වහල උඩ සෙල්ලම අසරණයා දවස් දෙකක නිවාඩුවෙන් පස්සේ ඉරිදා දවල් ගෙදරින් ආවේ වේලාසනින් අපි කිහිප දෙනෙක් එකතු වෙලා ගත් කුලී ගෙදරට. ඇළ ඉස්සරහ තියෙන බෝඩිම් ජිවිතෙන් වෙන් වෙලා ටික කාලයක් වෙනවා. මේ ගෙදර පිහිටලා තියෙන්නේ නුගේගොඩ ආසන්නයේ.ඒත් ගේ පිහිටි ඉඩමට ඇතුල් වෙද්දී කිසිම කෙනෙකුට හිතෙන්නේ නැහැ මේ නගර බද පිහිටි ඉඩමක් කියල. අක්කරයක් විතර විශාල ඉඩමක්. ඉඩමේ හරි මද ඇති ඉතා පැරණි නිවසක් ...
අප්‍රිකාණු ගුරුකම්. African Back Magic අසරණයා ගුරුකම් වලට ලංකාවේ ප්‍රසිද්ද දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයයි.ලංකාවේ ඈත අතීතයේ ලෝකය පුදුමයට පත්වෙන විදියේ ගුරුකම් තිබුනත් අද ඇති ගුරුකම් වල එතරම් සත්‍යක් නැහැ කියන ඒක ප්‍රසිද්ධ කරුණක්. ලෝකේ ප්‍රබල ගුරුකම් ශාස්ත්‍රයක් තියෙන්නේ ඉන්දියාවේ. එත් අප්රසිද්ධව තව කොතෙකුත් ගුරුකම් සිද්ද වෙන රටවල් කොතෙකුත් ඇද්ද. 14 වන සියවසේ සිට බටහිර රටවල් වලද මේ ගුරුකම් ශාස්ත්‍රය පැවතුනා. ප්‍රධාන වශයෙන් බටහිර රටක් වෙන ...
කරාටේ ධම්මික රටට හදුන්වාදුන් 7 වසරේ කරාටේ පන්තිය 2 කොටස.(අවසානය) අසරණයා 1 කොටස. අලුත් පාසල් වාරයේ ආරම්භ මුල් දවස හැමදාම වගේ වැඩ ගොඩයි.මාසයක් පුරා එකතුවුණු කුණු රොඩු එකතු කිරීම ඩේස් බංකු පිරිසිදු කිරීම.මකුණු දැල් ගැලවීම් වගේ දේවල්.ඩේස් පුටු හොයන්න අපිට වැඩි මහන්සියක් වෙන්න තිබුනේ නැහැ මොකද සාමාන්යෙන් ලොකු පන්තිවල අයියලා වාරෙ පලවෙනි දවසේ එන්නේ නැහැ.ඉතින් අපි එයාලගේ හොඳ ඩේස් එකක් වගේ අරන් අපේ පන්තියට එන්නේ ඉල්ලපු වෙලාවක දෙන්න හිතාගෙන.එහෙම අරන් ...
කඩු නැති කටු ගේ . අසරණයා ලෝකයේ බොහෝ රටවල කෞතුකාගාර ඇත.තම රටේ ප්‍රෞඩ ඉතිහාසය ඒ හා බැඳුන අමිල වස්තුන් වගේ දෑ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමටත්, ලෝකයේ අනිකුත් රටවලට දැනගැනීමට ඇති ස්ථානය නිසා එයට රාජ්‍ය අනුග්‍රහය ලැබේ. එවැනි ස්ථානයකට නිසි ආරක්ෂාවක් නොලැබුනොත් රටේ අනාගතයට තම රටේ ඉතිහාසේ ප්‍රෞඩත්වය පෙන්වීමට ඇති සුළු සාක්ෂි පවා නැතිව යෑම වැලක්විය නොහැක. ඝානාවේ ඇති කෞතුකාගාරය නැරඹීමට ගියපු මට දැකගන්න ලැබුනේ ...
එක කෙල්ලයි, කොල්ලෝ තුනයි,මාස 10යි. අසරණයා අපේ සෙට් වෙන බල ප්‍රදේශයේ අලුතින්ම ගෙනාපු ගියර් 21 ඉස්සරහ විතරක් ශෝකට් තියෙන නිල් පාට මවුන්ටන් බයිසිකලය මගේ. ඒ කාලේ ඒ බයිසිකලය සමාන වුනේ 70 දශකයේ ගමේ "මැම්බර් මහත්තයා" ගෙනාපු "ඉබ්බා කාර්" එකට ලැබුන තැනමයි.හැම දෙයකටම පාවිච්චිකලේ මගේ මේ සයිකලේ.ඒ කාලේ කාර් එක ලෙඩෙක් ගෙනියන්න, මගුල් ගෙදරක මනමාලිව ගෙනියන්න, වගේ වැදගත් වැඩවලට ගත්තත් මේකෙන් කලේ හවස පංති ඉවර වෙන ...
අපේ ගමේ "බූත වනේ".2 කොටස..අවසානය... අසරණයා අපේ ගමේ "බූත වනේ".1 කොටස.. අංජන අත දික් කරලා පෙන්නපු දිහාට අපි අත් අල්ලාගෙන කටුපඳුරු උඩින් දොළක් හරහා නයි හුබසක් වටෙන් ගිහින් පැටි මාමගේ ඉඩමේ කොනට වෙන්න ලං වුනා.අපි මිට කලින් පැටි මාමගේ ඉස්සරහ මිදුලට ගිහින් තිබුනට කුස්සිය පැත්තෙන් ගිහින් තිබුනේ නැහැ.ඉතින් අපිට ඒ පැත්ත දැනුනේ නිකන් අර කැලේම කැල්ලක් විදියට.ඉරුණු සරුංගල් අලවන්න පාප්ප ටිකක් හදාගන්න උණු වතුර ටිකක්,ඇමරිකන් ...
වේදනාකාරී දුම්රිය ගමන. අසරණයා කොහේදෝ අතුරු පාරකින් ඇවිත් වැටුනේ ගාල්ල කොළඹ පාරට. වටපිට බලද්දී දැනගත්තේ මේ ඉන්නේ මොරටුව හංදියේ බව. ගෙදර යන දවසට මම බස් එකේ යන්නේ. එදා සෙනසුරාදා මම වෙලාවට කලින් ඔෆිස් එකෙන් පැනපු නිසාත් මාසෙකට දවසක් ගෙදර යන නිසාමත් බස් එකට වඩා සැපට යන්න තියෙන කැමැත්ත නිසා ඉක්මනින් යන වාහනයක් නිසා කෝච්චියේ යන්න තීරණය කළා. මිට කලින් මම ගාල්ල කොළඹ අතර ...
අලුත් එකක පහස ලැබීමට සුදානම්.. අසරණයා මං මුලින්ම ඔයා ගැන ඇහුවේ මගේ යාලුවෝ එක්ක එකතුවෙලා කථා කරන වෙලාවකදී .එදා මං එච්චර ඔයා ගැන හිතුවේ නැ.ඒ කථාව එහෙම්මම මගේ හිතෙන් අමතක වෙලා ගියා. එත් පස්සේ තව දවසක් ආයෙත් කට්ටිය ඔයා ගැන කථා කරන නිසා මාත් ටිකක් අවධානයෙන් හිටියේ.ඉඳල හිටලා මගේ යාලුවෝ හමු වුනත් අපේ දේවල් නැතිව කථා කලේ ඔයා ගැන.වෙලාවකට ඒ හැමෝමත් එක්ක කේන්ති ගියපු වෙලාවලුත් ...
අම්මගේ පරිප්පු හොද්ද හා මගේ තිත්ත පැටියා. අසරණයා එදා ඉරිදා දවසක් උදේ ඉඳල ගෙදර හිටියේ අම්මයි මමයි විතරයි. ඉරිදා දහම්පාසල් යන්න තිබ්බත් උදෙන්ම බොරු ලෙඩක් අරන් ගෙදර නැවතුනේ දහම්පාසැල් ගියාට මගේ හිතට කිසි ගතියක් දැනුනේ නැති නිසා.දහම්පාසෙලේ ඉන්න කොල්ලෝ අපේ ගමේ වුනාට මම උන්ව වැඩිය අඳුරන්නේ නැහැ.උන් මාව ගනන්ගන්නෙත් නැහැ මම අලුත් කෙනෙක් නිසාත් වෙනත් ඉස්කෝලෙක ඉන්න නිසාත්.කුකුළා නැතිවුනාට පස්සේ මම ආයෙත් තනි වුනා.ගෙදරට හුරතල් සතෙක් ගෙන්න ...
බ්ලොග් කරුවන්ගේ පැටිකිරිය අසරණයාගේ ඇසින්. අසරණයා බ්ලොග් එකක් පටන් ගෙන සති දෙකක් ඇතුලත හිට්ස් ලක්ෂ ගානක් බලාපොරොත්තු වුනු ගොනෙක් මං.එහෙම මානසික වැටිලා දණහිස් තුවාල වෙලා ඉන්න අවස්ථාවේදී මාව දිරිමත් කරලා බ්ලොග් එකේ තියෙන අඩුපාඩු පෙන්නලා ටිකෙන් ටික සාර්ථක වෙන විදිය කියල දුන් නවක බ්ලොග් කරුවන් හා පැරණි බ්ලොග් කරුවන්ට මට හැකි අයුරින් ඇගයීමට ලක් කරන්න මට හිතුනා.දැනට මාස දෙකකට කලින් අරඹපු මේ බ්ලොග් එක දැන් ...
තවත් එක් ලිංගික පාඩමක්. අසරණයා දවසක් රැයක වැඩ ඉවර වෙලා ගෙදර යද්දී මගේ රියදුරත් සමග (මගේ කිවුවේ ආයතනයෙන් ගෙදර යන්න ඔෆිස් එන්න දීල හිටපු කෙනා) ඕපාදුප කතාකරන්න හිතුනා.රට තොට ගැන වගේම ඔහුගේ පෞද්ගලික ජිවිතේ ගැනත් අහන්න හිතුනේ ජිවන රටාවේ තියෙන වෙනස් කම් ගැන දැනගන්න.වයස 40 ක් වෙන එහෙත් 30 ක් විතර පෙනෙන මේ පුද්ගලයා ගේ විවාහක අවිවාහක බව දැනගෙන බිරිඳ වගේම දරුවන් ගැනත් නිකමට ...
මහ කැලේ වැල. අසරණයා අවුරුද්දේ දවස් 365 න් 364 ක්ම වැඩ කරන ආයතනයක වැඩ කරන අපිට මුලු ආයතනයටම නිවාඩු ලැබෙන්නේ දෙසම්බර් 25 නත්තල් දවස. මාත් එක්ක ඉන්න අනිත් දෙන්නටත් අපි තුන්දෙනාම එකට ඉන්නේ අවුරුද්දකට එක දවයි. රට,තොට බලාගන්න පුළුවන් දවසේ අප්‍රිකාවේ සුන්දර තැනක් බලන්න අදහස් කරන් තිබුනා. ඊට කලින් දවසේ 24 වෙනිදා රෑ අපේම ආයතනේයේ අපේ රටට අල්ලපු රටවල් දෙකේ දෙන්නටත් අපේ අදහස ...
කෙල්ලෙක් කේක් සහ බස් හෝල්ට් අසරණයා විශාල ශබ්දයක් ඇහෙනවත් එක්ක මට යන්තම් ඇහැ ඇරුනා.මං ඒ සද්දේ ආපු දිහා ඉතා ඕනෑකමින් අහගෙන ඉද්දි මට දැනුන ඒ හොඳ හුරුපුරුදු කට හඬක් බව.ඒ අපේ අම්මගේ දින චර්යාවෙන් එකක් වූ මට බැනීම.සාමන්‍ය පෙළ කරලා ගෙදර ඉද්දි මං උදේ නැගිටින්නේ අපේ අම්මගේ කරුණාබර වදන් වලින්."දැන් නිදාගත්තා ඔය හොඳටම ඇති.A /L කරන්න පටන් ගන්න කුම්බ කරණය වගේ දවල් වෙනකන්ම නිදි."අපේ අම්මගේ ...
අපේ ගමේ "බූත වනේ"..අවසාන කොටස අසරණයා මෙතෙක් කතාවගමේන්ම ලොකුම සරුංගලේ උඩ යවද්දී කඩාගෙන ගිහින් වැටුනේ මහා කැලයක් මැද්දට.සරුංගලේ හොයාගෙන එද්දී අපිට පාර හොයාගන්න බැරුව අපි ඒ කැලේ නීති විරෝදී වගාවන් කරන පිරිසකට අහුවෙනවා.දවසකට පස්සේ අපි ඔවුන්ගෙන් පැනලය යද්දී පොලිසිය යයි හිතල උන්හෙම වෙනත් පිරිසකට යලිත් අහුවෙනවා. ඒ පිරිස මාව කැලේ අනිත් උන්ගේ වාඩියේ තියලා අංජන විතරක් කැලෙන් එලියට අරන් යනවා.අද එතන සිට.අපේ ගමේ "බූත වනේ".1 කොටස..අපේ ...
"එරල් මුහුද". Aral Sea. අසරණයා "එරල් මුහුද" මෙය පිහිට ඇත්තේ මධ්‍යම ආසියාවේය.රතු මුහුද,මල මුහුද, කළු මුහුද තරම්ම විශාල නැති එහෙත් නැව් ගමනාගමනය වන විශාල ධිවර කර්මාන්තයක් තිබුන මුහුදකි. උතුරින් කස්කස්ථානයටත් දකුණින් උස්බෙකිස්ථානයටත් මායින්ව පිහිට ඇත. එරල් මුහුදේ තේරුම නම් "ගොඩබිමේ මුහුද" යන්නයි.මෙය මුහුදක් ලෙස හැඳින් වුවාත් එය ලෝකයේ හතර වන විශාලතම "විල"මෙයයි. එහි විශාලත්වය වර්ග කිලෝ මීටර 68,000ක්.එහි උපරිම ගැඹුර මීටර් 68ක්. ගැඹුරේ සාමාන්‍යක් ...
වත්මන් අද්යපනයේ ඇති භයානක ප්‍රතිඵල හේතුවෙන් අතුරුදහන් වූ මිතුරා අසරණයා . ඔහුගේ නම රුවන් චාමර.රුවන් අපේ ඉස්කෝලෙට ආවේ වෙනත් කනිෂ්ඨ විද්‍යාලයකින් 6 වසරට.රුවන් මගේ පන්තියට වැටුනේ 7 වසරේදී.ඒ කාලේ ඉඳල ටිකක් කම්මැලි කොල්ලෙක්.කරාටේ ධම්මිකගේ ප්‍රශ්න වලදී මෙයා අපේ පන්තියේ හිටියේ.ඒ කලේ රුවන් පන්තියේ හිටියේ හරියට දැන් ඉන්න වෛද්‍ය ඇමති වගේ.හොඳත් නැහැ නරකත් නැහැ.(පතෝලා වගේ).රුවන්ට ඒ කාලේ පෙට්ටියා කියන නමින් අපි කතාකලේ.ඒත් තවත් පෙට්ටියෙක් හිටියා.ඌට කිවුවේ පෙට්ටි තුෂාර. නම තුෂාර ...
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder. අසරණයා අපි පොඩි කාලේ TV චැනල් දෙකක් තුනක් විතරක් තිබුන කාලේ ළමයි වෙච්ච අපිට සතියේ එක දවසක් බලල අයෙත් එන සතියේ ඒ දවස එනකං කතා කරන්න පුළුවන් විදියේ පිට රටින් ගෙනාපු ටාසන්,රොබින්සන් අන්දරය,රොබින් හුඩ්,මායා බන්ධන වගේ බොලඳ නැති නාට්‍ය කිහිපයක්ම තිබුනා. ඒ නිර්මාණවල ඇති වටිනාකම ගැන කියනවනම් තවමත් ඒ කතා කිහිප සැරයක් බැලුවත් එපා වෙන්නේ නැති ගතිය තවම තියෙනව්. ළමා ...
සුනීතාගේ මංගල තෑග්ග අසරණයා මගේ යාලුවෙක් වුනු සමන් මට වඩා පන්ති දෙකක් ඉහලින් ඉගන ගත්තේ.සමන්ගේ අක්කා සරසවි අධ්‍යාපනය හදාරමින් හිටියේ.කාලෙකට පස්සේ කැම්පස් ඉවර වෙලා ගෙදරට වෙලා ඉද්දි අපි එහෙ ගියපු දවස් වලට දකිනවා කැරකි කැරකි ඉන්න සමන්ගේ අක්කාව.ඒ කාලේ ටිකක් ගැමි ගතිය තිබුණු වෙල් යායක් ළඟ තිබුණු ගෙදරක මෙයාලා ජිවත් වුනේ.ඒත් සමන්ලගේ අක්කා සුනීතා කැම්පස් ගියපු මුල් දවසේ ඉඳල හැසුරුනේ බටහිර පන්නෙට.ගමේ ඉඳල ...
මඟ දිගට බ්ලොග් කරුවෝ. අසරණයා දවල් කෑම කාලා බත් ඇටේ බඩේ හරස් වෙන්නත් කලින් කහට කෝප්පයක් බිවුවේ ඕනෑ කමට නෙවෙයි පුරුද්දට.ගිම්හාන කාලේ හන්දා එලියට බහින්න තියෙන්නේ පුදුම ආමරුවක්.උඩ බලද්දී දකින්න තියෙන්නේ වළාකුලක්වත් නැති හිස් අහසක්.ගෙයින් එලිය හරියට "නයා කට ඇරියා වගේ" පුදුම රස්නයක් තියෙන්නේ.මේ මොනවා වුනාත් ළහිරු කියපු විදියට මේ වෙලාවට ගියොත් තමයි ලියන මහත්තයා අල්ලගෙන මේ ලියමන ගැන හරි විස්තරයක් දැනගෙන එන්න වෙන්නේ.මගේ ...