"දිස් ඉස් යුවර් ලීඩර් ඇන්ඩ් දිස් ඉස් අවර් ලීඩර්" දුපත් වැසියා ඒ දෙදහස් හතර වර්ෂයයි. එනම් රනිලුත් ප්‍රභාත් සාම සාකච්චා කල අවධියයි. එකල දකුණේ අපිට උතුරට යන්නටත් උතුරේ ඔවුන්ට දකුණට එන්නටත් යම් හැකියාවක් ලැබුණි. ඔය අවසරයෙන් අපිත් යාපනය සහ මඩකලපු විශ්ව විද්‍යාල වලට චාරිකාවක් සංවිධානය කර ගතිමු.මා එතෙක් සිතාගෙන සිටියේ යාපනය පාලනය කලේ රජය බවයි. ඔව්, එය ඇත්ත. නමුත් යාපනය වි.වි පාලනය කලේ ප්රභාකරන් ගැන්සියයි. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලටවත්ම පිහිටියේ කොටින්ගේ ...
කට සහ වචන,,, දුපත් වැසියා අද නෙට් එකේ සර්ච් පාරක් දාගෙන ඉන්නකොට පරණ වීඩියෝ ටිකක් දැක්ක. ඒවල තිබුණු එකක් දැකල මට වෙච්ච අකරතැබ්බෙකුත් මතක්වුනා. දවසක් මමයි තව යාළුවො දෙන්නෙකුයි ෆෝම් වගයක් බාරදෙන්න කියල ගියා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයට (UCSC කියල කියන්නෙ). මට මතක හැටියට එකේ තුන්වෙනි හරි හතරවෙනි තට්ටුවට. අදාල වැඩේ කරගෙන ලිෆ්ට් එකෙන් පල්ලට බහිනව. මම ලිෆ්ට් එක ඇතුලට ගිය ගමන් අනිත් දෙන්නගේ ...
ඕනෑවට වඩා ඕනෑද?,,, දුපත් වැසියා අම්මල තාත්තල අපිව පොඩිකාලේ ඉදල හදන්නේ හොඳ පිළිවෙලට හැදිච්ච ළමයෙක් කරන්න. ගෑනු ළමෙයෙක් නම් පිළිවෙල කියන එකට ලොකු තැනක ලැබෙනව. බහුතරයක් සැලකුවහම කාන්තා පාර්ශවය පිරිමින්ට වඩා පිළිවෙලයි. ගැහැණු පිරිමි කවුරු උනත් තමන්ගෙ රැකියාව කරන ස්ථානය පිරිසිදුව පිළිවෙලට තියාගෙන ඉන්නඑක වැදගත්. මොකද එතන ඉන්නෙ තමන් විතරක් නොවෙන හින්ද.කොහොම උනත් මම හිතන්නෙ මම උපතින්ම අපිළිවෙලයි. ඉතින් රැකියාව කරන තැන කියල වෙනසක් නෑ, ...
ආදර/වශී රහස්,,, අත්දුටුවයි! ප්‍රත්‍යක්ෂයි ! දුපත් වැසියා මේ ලෝකේ ඉක්මනටම වෙනස් වෙන්නෙ මොකක්ද?? අපේ හිතද?? උත්තරේ මම නම් හරියටම දන්නේ නැති උනාට හිත හරිම ඉක්මනට වෙනස් වෙනව කියල නම් දන්නව.ඉතින් ඔය සිතුවිලි වෙනස් වෙනකොට මොළේ ස්නායු වලින් ශ්‍රාවය වන රසායනිකයනුත් වෙනස් වෙනවලු. සරලව කිව්වොත් අපිට තරහ ගිය වෙලාවට පිටවෙන ශ්‍රාවයන් වලට වඩා සතුටු වෙලාවට පිටවෙන ශ්‍රාවයන් වෙනස්..වටින් ගොඩින් කතාව පටන් ගත්තට මට ඕනෙකම තිබ්බේ පිරිමි ළමයි තමන්ගේ ...
ජන/සත්ව සංගණන අනාවැකි,,, දුපත් වැසියා පහුගිය ටිකේම ගෙදර හිටියේ නෑ. අතින් පයින් කට්ට කාගෙන යාළුවෙකුට වතුර ඇද්ද. නමුත් වෙනස් වැඩක් හින්දත් ෆීල්ඩ් වැඩ වලට පොඩි ආසාවක් තියන හින්දත් ඇගේම තියන සබ්ජෙක්ට් එකක් හින්දත් මමත් වැඩේට සෙට් උනා.වැඩිපුර බ්ලොග් ලියන්නේ කියන්නෙ කොම්පීටර ජිල්මාට් දන්න මහතැන්/මහ තැනීල හින්දත්, මේ වැඩ කොම්පීටර වැඩ වලට වෙනස් හින්දත් මේ අමුතු කේස් එක ගැන චූටි සටහනක් ලියල යන්නම හිතුන.සිද්දිය මෙහෙමයි. මගේ ...
ලිංගිකත්වය පාලනය... දුපත් වැසියා මම මීට අව්රුදු එක හමාරකට විතර ඉස්සර මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න ඩොකෙක් ගෙන් උස්සපු චාට් එකක් තිබ්බ. ඉස්සුව කීවට මම ෆොටෝ කොපියක් ගහල, ඔරිජිනල් එක තිබ්බ පොත අස්සටම දැම්ම. පස්සේ ඔන්න මමත් හිමීට අර ඩොකාගෙන් ඇහුව මොකක්ද මේ සීන් එක කියල. එයා කියපු විදියට නම් මේක 80% විතර හරිලු චීනගේ රහසක්ලු. මමත් 2ක් 3ක් හැදුව. වැඩේ හරි.නමුත් කාටවත් කොළේ දුන්නේ නෑ ...
දඹුලු විහාර රහස්,,, දුපත් වැසියා දඹුල්ල ලෙන් විහාරය කියන්නෙ අපි හැමෝම දන්න, ලංකාවෙ තියන ලොකුම ලෙන් විහාරයක්. මේක හදන්න මුලින්ම මූලික වෙලාතියෙන්නෙ වළගම්බා රජතුමා. එතුමා යුද්ධ සේනා හදන කොට හැංගිලා හිටපු තැනක්ලුනෙ. පස්සෙ නිස්සංකමල්ල රජතුමාත් මේක වැඩි දියුනු කරල තියනව.මේ විහාරය ඇතුලෙ තියනව ටිකක් විතර ලොකු වතුර භාජනයක්, නිකන් ලොකු මුට්ටියක් වගේ එකක්. මේකට එක එක වතුර බින්දුව ගානෙ වැටෙනව. ඉස්සර මිනිස්සු මේක දැක්කෙ හාස්කමක් ...
රැකියාව සහ බැණුම්,,, දුපත් වැසියා හැකියාවට රැකියාවක්, කීවාට අපි බොහෝ දෙනෙක් රැකියාවට අදාල දේවල් ගොඩක් ඉගෙන ගන්නෙ රැකියාවකට ගියාට පස්සේ. මේ හින්දම අපිටත් වරදින වෙලාවල් ගොඩක් තියනව. කොහොම උනත් අමාරුවෙන් ලබාගත් රැකියාව අපිට එපා නොවෙන විදියට තියාගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ගොඩක් වෙලාවට රැකියාව කරන තැන එපා වෙන්නෙ අනිත් අයගෙ කැපිල්ල නැත්නම් ලොක්කගෙ බැණුම්.අපි හිතාගෙන ඉන්නවට වඩා සමහර මිනිස්සු ගොඩක් වෙනස්. ලොකු පෞරුෂ තියන ...
අල්ලා දෙවියන්ගේද?,,, දුපත් වැසියා සුනාමි පැමිණි විට.එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම ජීවිත ඉල්ලා ගත යුතුය.ගංවතුර ගැලූ විට.එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම ආධාර ඉල්ලා ගත යුතුය.ලෙඩ දුක් වූ විට,එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම බේත් ඉල්ලා ගත යුතුය.බිස්නස් බංකොලොත් විට,එය අල්ලා දෙවියන්ගේ කැමැත්තට විය යුතුය. එහෙනම් අල්ලා දෙවියන්ගෙන්ම සල්ලිත් ඉල්ලා ගත යුතුය.පල්ලෙහා වීඩියෝවෙන් කියන ...
සියල්ලම ඇතිවීමට පෙර,,, දුපත් වැසියා අනෙක් බොහෝ දේ අමතකවූ දවසක, නිසසල නිස්කලංක රාති‍්‍රයක් ගෙවන විට පැහැදිළි අහසක් ඔබත් දැක තිබෙනවාද? ඔව් එහි තරු බොහෝ ගණනකි. සදත් පායා තිබෙන්නට හැකියි. එහි ඇති චමත්කාරයෙන් ඔබ්බට යමක් සිතන්නට විවෘත මනසක් අපිට හිමිද.සඳ යනු කුමක්ද, තරු යනු මොනවාද, මෙහි අවසානයක් පවතීද. කෙනෙකුට මේවා හරහා යා හැකි නම් ඉවර වන්නේ කොතනින්ද. මේවා හැදුනේ කොහොමද, කවදාද, කුමක් සදහාද???? නිමක් නැති ගැටළු ...
සීසර්ගෙ අභියෝග කවි පහ,,,, දුපත් වැසියා එක කාලෙක රත්නපුරේ පුස්තකාලේ ප්‍රදානත්වයෙන් වාර්ෂිකව උත්සව සංවිධානය කරල තිබ්බ (සමහර විට තාමත් මේ වගේ උත්සව තියනවා ඇති). ටවුන් එකේම තියන නගර සබා බිල්ඩිමේ තමයි ගොඩක් වෙලාවට උත්සව පවත්වන්නෙ. මේ වල වැඩිපුර කරන්නෙ තෑගී දෙන එක සහ සින්දු නැටුම් වගේ දේවලට දක්ෂ ගමේ ළමයින්ට වේදිකාවක් හදල දෙන එක. ඊට අමතරව කවුරුහරි වැදගත් පුද්ගලයෙක්ගෙ දේශනයකුත් තියනව.මම මේ කියන දවසෙත් ඔන්න ඔහොම ...
කොරෙක්ස් රහස්,,, දුපත් වැසියා අපේ කට්ටිය අරක්කු, සිගරට්, ෆැන්ටා(ගමේ බඩු) නැතුව තවත් ජාතියක් කෙලින්ම එළිපිටම අරගෙන බොන්න පුරුදු වෙලා හිටියනෙ. ඔව් අර ෆාමසියෙන්ම අරගෙන බොන ජාතිය අන්න ඒ ගැන පොඩි සටහනක් තමයි අද ලියන්නෙ.අද ලියනව කිව්වට ලියන්න හිටියෙ සති දෙක තුනකට ඉස්සෙල්ල නමුත් මග ඇරිල ගියා, එත් සිංහල බ්ලොග් අතරේ තවත් එක්කෙනක්(සුළගිල්ල) මේ බොහොම ලගදි ඕකක් බීල වෙච්ච කතාවක් දාල තිබ්බ දාල තිබ්බ. කතාව ...
සුන්දර මතක නොමැකෙන මේ සිත් යායේ ,,,, දුපත් වැසියා මල් මද බිසෝ නූනත් නුඹ මගේ සෙවණේමල් වැනි දෑස සැලුනයි මගෙ සිත් සැරියේමතකද එදා කල කී දෑ ගිය වසරේඅද දෙතැනකය අප දෙදෙනා සිප් සතරේදුටුව නමුදු කඩනා හැටි වීදුරුවනුදුටු විලස සිටියෙමි මම දුක් බරවකලොත් නිතර මේ වගේ වැඩ අත පසුවවදනක් බණිමි එනමුත් ආදර බරවදඟ වැඩ කලත් අප දෙදෙනා එක වාගේපාඩම් කලත් නොකෙරුව අප එක රෑනේසුන්දර මතක නොමැකෙන මේ සිත් යායේනුඹට ගයන ...
කට නොහැර සිටිම්ද? දුපත් වැසියා වැඩි කතා ඕනි නැත. ලියන්නට කාරණා හිගයක්ද නැත. නමුත් නමුත්... කෙටියෙන් හෝ බැළුම් ගලේ අඩව්වක් බ්ලොග් එකකටත් දැම්මාට කිසිදු අඩුවක් නොමැත. එය බ්ලොග් කියවන්නන්ටත් බැලුම්ගල වැඩසටහන මෙහෙයවන්නන්ටත් දෙපිරිසටම වෙන සේවයකි.බැළුම් ගලේ නොකියපු නමුත් කොලබ වි.වි යාලේ සයන්ස් ෆැකල්ටියේ ඉන්න ඩීන් මහා ඇදුරු ඇතුළු අදාළ සෙට් එක දන්න, මරුවින්ගේ වැඩක් මමත් කියන්නම්. මුලින්ම බැළුම් ගලේ මරුවින් ගැන කතාව අහන්න....මෙතන ලින්ක් එකමෙන්න ...
මත්පැන් සමග ඩ්‍රයිවින් - 2 දුපත් වැසියා පහුගිය ලිපිය අවසාන උනේ. ටිකක් ගසල යනකොට රාළහාමි කෙනෙක් අත දැම්මොත් "අස්ථානයේ ඇත්ත නොකිව යුතුය" යන කතාවෙන්. එහෙනම් වැඩිය පූර්විකා නැතුව මාතෘකාවට අදාළ දේ කෙළින්ම ලියන්නම්.මුලින්ම බලන්න ඕනි 500ක් නොදී ශේප් වෙන තැනට ටෝකක් දාන්න..., සහ මෙතන ලියල තියන ක්‍රම වලින් තැනට සුදුසු විදිය පාවිච්චිය පාඨකයා සතුයි.මුලින්ම රා-හාමිට කථා කරන ආමන්ත්රණ සෙට් එක ගනිමු. 1) රාලහාමි 2) පොලිස් මහත්තය 3) ...
අමුතු බඩුවක් ,,,, දුපත් වැසියා Spellbinder නැත්නම් මායා බන්ධන කලකට ඉස්සර සෑහෙන ජනප්‍රිය වෙච්ච කතාවක්. ටාසන්, රොබින්හුඩ්, නයිට් රයිඩර්, ඕශන්-ගර්ල් ගෙන් පස්සෙ ආපු කතාව. නිළියන් අතරින් ලස්සන ඕශන් ගර්ල් උනාට මායා බන්ධන කතාවෙ තියන කුතුහලය ඊට ගොඩක් වැඩියි. සයන්ටිෆික් පැත්තට පොඩි බරක් තිබුනට ඒකත් ඕනිම කෙනෙකුට තේරෙන විදියට ලස්සනට ගලාගෙන යනව.කතාවෙ නළුවා පෝල්. නිළිය රියානා එතකොට දුෂ්ටයා, ආශ්කා ඇතුළු අමතක නොවෙන චරිත ගොඩක් තිබුන. ඒ ...
සිව්වැනි බිරිඳ ,,, දුපත් වැසියා ඔන්න එක රටක බොහොම පොහොසත් වෙළෙන්දෙකුට බිරින්දෑවරුන් හතරදෙනෙක් හිටියා. ඔහු එයාල හතර දෙනාට සැලකුවේ ප්‍රමාණයෙන් වෙනසු වූ හැඳි කීපයකින්.එයා හතර වන බිරිඳට තමයි වැඩියෙන්ම ආදරය කලේ. එයා ගැන හොඳට සොයාබැලූ අතර සෑම හොඳ දෙයක්ම අරන් දුන්නා.දෙවන තැන ලැබුනේ තුන්වන බිරිඳට. එයාව හැමකෙනාටම පෙන්වන්න එයා වඩා කැමති වුනා. නමුත් ඇය වෙනත් අයෙකු හා යයි කියා පොඩි බයකුත් තිබුනා.තුන්වන තැන ලැබුනේ දෙවන ...
මේපාර කලු සුදු කාර්,,,, දුපත් වැසියා පසුගිය මාසයේ 23 වෙනිද මම දැම්ම අපේ රටේ ඉන්න අන්තම හොරෙකුයි හොරා ඉන්න තැන කරන්න යන උත්සවයකුයි ගැන පොඩි කතාවක්. කෙලින්ම කව්වොත් හොරා තමයි තැපැල් එකේ "දිසා" කියන්න. දිසා විතරක් නෙමෙයි තව කට්ටියකුත් ඉන්නව, නමුත් ලොක්ක මහ හොරා හින්ද තමයි කෙලින්ම ලොක්කගෙ නමම කියල පටන්ගත්තේ.මේ පුද්ගලය ගැන පොඩි විස්තරයක් තියනවා දිවයින පත්තරේ. මෙතනින් ගිහින් බලන්න පුළුවන්. එළිපිටම හොරකං කරන විලි ...
වයිට් ද බ්ලැක් ද,,,, දුපත් වැසියා මේ ටිකේ හොදටම වහිනව. වැඩක කරන්නත් කම්මැලි හින්ද පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නකොට මගේ ඔළුවට ආව පොඩි පහේ ගැටළුවක්. මිනිස්සුන්ට ගන්න පුළුවන් හොදම සැප මොකක්ද,,,,,බුදු වදනට අනුව නම් "නිරෝගී කම උතුම්ම සැපතයි". ඔය නිරෝගී කමේ සැපත දැනෙන්න නම් ලෙඩක් හැදෙන්නම ඕනි. තියන සැපත නැති උනාම හොදට තේරෙනව අගේ. යම් කෙනෙකුට සුව කරන්න බැරි ලෙඩක් හැදුනොත් මොනව හිතෙයිද,,,, ගොඩක් දුක්බර අවස්ථාවකට ...
මොක කෑවත් අන්තිමට ග්ලූකෝස්,,,, දුපත් වැසියා පහුගිය දවසක බස් එකේ යනකොට පිටිපස්ස සීට් එකේ හිටපු මල්ලිලා දෙන්නෙක් බර සාකච්චාවක්. දෙන්නට ලිහාගන්න බැරි ගැටේ තමයි "දියවැඩියාව හැදුනහම මොකද සමහර කෑම ජාති කන්න එපා කියන්නෙ. පාන් කෑවත්, බත් කෑවත්, කුරක්කන් කෑවත්, සීනි කෑවත් අන්තිමට ග්ලූකෝස් වෙලා නේද ලේ වලට යන්නෙ. ඉතින් ඕව මොකවත් හොද නෑනෙ." මේ බ්ලොග් ලෝකෙ ඉන්න සමහර කට්ටියටත් මේ ප්‍රශ්නෙ ඇති. එහෙනම් සරලම උත්තරය මේකයි.දියවැඩියාව ...