හැඟුම් වලට ඉඩ දුනිමි.. හද පතුල "හැඟුම් වලට ඉඩ දෙන්න" කියා පුවරුවක ගසා තිබුණද, එය කියවන්නට මට හැකි වුවද, හැඟුම් යනු කවරක්ද, ඒවාට ඉඩ දෙන්නේ කෙසේද යන්න ගැන එදා මට අවබෝධයක් තිබුණේ නැත..හැඟුම් කියන්නේ අපට හිතෙන දේවල් වෙන්ට ඇති කියා සම්පත් අයියා කීවේ ඔහුට තිබුණු තේරුමේ හැටියටය.. අපට හිතෙන දේවල් වලට ඉඩ දෙන එක නම් හොඳ දෙයක්.. මම මටම කියා ගතිමි.. ඒත් මං ටික ටික ලොකු ...
බැරිදා විග්‍රහය..! මිනිස්සුන්ට සල්ලි නැද්ද? හද පතුල අප රටෙහි ඔය කියන තරම් මුදල් හිඟයක් පවතිනවාද?හිඟයකට වඩා විෂමතාවයක් තමයි පවතින්නෙ...අද අපේ රටේ හුඟක් අයට වාහනයක්.. අඩු ගානේ ත්‍රීවීලර් එකක් හරි බයික් එකක් හරි තියෙනවා.. ඒ වගේම දහස් ගණන් අලුත් කාර් නිතරම පාරේ හමු වෙනවා.. එය සමස්ථයගේ ආදායම් තත්වය ඉහළ යෑමක් පෙන්වන සාධකයක් නොවෙයිද?මිනිස්සු ළඟ වාහන තියෙනවා.. ඒ වාහන වලට ලීසිං තියෙනවා. ලීසිං වලට ඇරියස් තියෙනවා..මිනිස්සු ළඟ සල්ලි නෑ ...
බැරිදා විග්‍රහය ! රනිල් ගෙදර යයි ......? හද පතුල රනිල් කිවුවාම ඉතිං රනිල් මල්ලවාරච්චි නොවේය. මේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මාමා ගැනය. රනිල් ට කවුරු මොනවා කිවුවත් මං තාමත් කැමති රනිල් ජනාධිපති වෙනවාට ය.. ඒ දේශපාලනේ ඉන්න එවුං එක්ක බැලුවාම රනිල් ට වඩා හොඳ එකෙක් හොයා ගන්ට අමාරු හින්දාය.රනිල් කිවුවාම සමහරුන්ට මතක් වෙන්නේ බටලන්ද ය. ඒ කාලේ බටලන්ද වගේ තව ලන්ද වල් ගොඩක් තිබුණේ ය. ඒක කාලයේ වරද මිස රනිල්ගේ ...
හී ගඩු පිපුණා.. හද පතුල එක දොහකට දහ දොලොස් වතාවක් හී ගඩු පිපුණා.. හීතල දැනුණා.. අප වෙනුවෙන් කෑ ගසන සියොතුනේ නුඹ වෙත පෑ හී .. සැරටම වැදුණා.. අපටත් රිදුණා.. බයක් නිසා නොව නිහඬව ඉන්නේ ඵල නැති හින්දා.. අසරණ වූ දා.. කරනු කුමංදා..හද පතුලින් ලියූ ලිපි කියෙවුවාට ස්තුතියි.. ...
ගෑණු නම් එපා..! හද පතුල මා වැනි දිළින්දාකෙල්ලෙකුට පෙම් බැන්දාඈත් හොඳ හින්දාමා ගියා ඇගෙ ගෙදර කැන්දාකාරය කෝ ඇසේතට්ටු කීයද නිවසේබැංකුව මොන දෙසේනෑ කිසිත් මට හිඳිමි සුවසේමෙය මෙයාකාරයබඳින්නට කරකාරයතිබිය යුතු බාරයඑසේ නැත්නම් මහා පාරයනැන්දම්මා කිපීපොළොවේ හැපී නොහැපීපරළව යළි පිපීකීය යනලෙස නොඉඳ සැතපීහිත වාවනු කෙසේඇගෙ මූණ වත් නොදිසේපිටවී යන ලෙසේනැගිට යන'තර බැලිමි ඇ'දෙසේකිසි වෙනසක් නැතේසිනාසී ඈ සිටිතේබලා මම දසතේකළෙමි ගෑණුන් එපා සපතේ..!හද පතුලින් ලියූ ලිපි කියෙවුවාට ...
ද්‍රෝහිකම.. හද පතුල යාළු මිත්‍රයන්ට.. දෙමවුපියන්ට.. සහෝදර සහෝදරයින්ට.. දරුවන්ට වගේම ඕනම කෙනෙකුට.. උදවු නැතුවම බැරි වෙලාවට උදවු කරන්ට.. හැබැයි ඕනවට වඩා එයාලා ගැන හොයා බලන්ට යන්ට එපා.. එහෙම හොයා බලන එක එයාලට කරන ද්‍රෝහි කමක්..අර ඉහත කියපු කස්ටිය ඇතුළුව තමන්ව ආස්සරේ කරන හෝ නොකරන ඕනම කෙනෙක්ගෙන් බැරිම වෙලාවක උදවුවක් ඉල්ලන්ට.. හැබැයි.. පුංචි පුංචි දේවල් වලට එයාලට කරදර කරන්ට එපා.. එහෙම කරදර කරන එක ...
සොඳුරිය..ට හද පතුල නෙතු අග සුපිපෙන කඳුළැලි ....මුතුවන්මුව මත ලෙල දෙන සිනහව .....අමවන්සුළඟට නැලැවෙන කෙහෙරැළි තඹවන්මට නැත අන් කිසිවක් ලොව .නුඹ වන්මොනවා නුඹ මට කෙරුවත් ...තරහින්පනවා දඬුවම් වැඩි දුර .......නොගිහින්එනවා යළි මගෙ අසලට .......විගහින්දෙනවා ඉඟි බිඟි ම'වෙතට ..හොරැහින්රැකගෙන පති දම් සහ මගෙ ..දරුවන්පණ මෙන සලකා දෙගුරු ද හොබවන්බැතියෙන සැරසී කිස තොස .නිමවන්මම දෙන පෙම මදි නම් මට ..කමවන්හද පතුලින් ලියූ ලිපි කියෙවුවාට ස්තුතියි.. ...
ඉරිසියාකාරයා හා සියාතු ගේ ගෙදර හද පතුල සියාතු ගේ ගෙදර සියාතුගේ වෙලා දැන් සෑහෙන දොහක්ය. සියාතුගේ පවුලේ නීතියට අනුව එකෙකුට අයිතිකාරයා වෙලා දිගට ම ඉන්ට බෑ ය. ගෙදර ජීවත් වෙන අය ගේ වයස, උගත් කම, හැකියාව වගේ ඒවා සලකා බලා සැරින් සැරේ බද්ද මාරු කොරන්ට උවමනාය. කරුමේ කියන්නේ මේ ගෙදර සියාතුගේ හත්මුතු පරම්පරාවෙන්ම පැවතගෙන අය ජීවත් වන්නේ ය. ගේ පොඩ්ඩ උනා ට දස්ස ගෘහ නිර්මාණ සිල්පියෙකු විසින් ...
සුබ උපන්දිනක් වේවා සොඳුරිය..! හද පතුල සඳුදා උදයේ සිට සිකුරාදා වන විට ඔබ ගෙවනා කටුකදිවිය නොතේරෙන්නෙ නෑ මට හතරේ කණිසම වදී ඔබ කුස්සියටමවැදී උයයි පිහයි එක යුද්දෙට හය වෙද්දිත් මම නිදී ලෑස්ති වෙන්නට පෙර තෙල් ගා තැවිලිත්කර අප්පච්චිට සලකන එක අගයමි ලෙස පෙම් බර පොඩි උන් වත් ඇහැරවා ලදහොත් කෑමත් කවා හනි හනිකට දුව යන්නේ රැකියාවට දුර ගෙවා නිවසට හැන්දෑවට එයි මඳහස කැටි කොට දරුවන්ගේ ...
කැත ම උනත් ඇත්ත කතා.. හද පතුල කාලය.. ආසන්න වශයෙන් 1997 වසර..අවස්ථාව .. රජයේ රූපවාහිනි නාලිකාවක.. සැටලයිට් නෝනා සමඟ කළ සාකඡ්ඡාවක්..නිවේදකයා.. පාලිත පෙරේරා (ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරක)ප්රශ්නය : මීට ඉස්සර කොටි බෝම්බ පුපුරුවද්දි.. එක්කෙනෙක් ඇවිත් තමයි පිපිරෙවුවෙ.. ඒත් දැන් කණ්ඩායම් වශයෙන් පැමිණීමේ ප්රවනතාවයක් තියෙනවා නේද? එයින් තේරෙන්නෙ ඔබගේ පාලනය යටතේ ආරක්ෂාව දුර්වල වෙලා කියන එක නේද?(ඒ කාලයේ කණ්ඩායම් වශයෙන් ඇවිත් පිපිරවීම් 2-3 ක් කළා.. මහ බැංකු බෝම්බය ...
කෘතවේදී මිනිස්සු.. 1! සිමෙන්ති මිටිය. හද පතුල මහත්තයා පුළුවන්නං තව සිමෙන්ති කොට්ට දෙකක් වත් ගෙනත් දාලා යන්න.. බාසුන්නැහේ අප්පච්චිට කිවුවෙ.. හෙට අප්පච්චි වැඩට ගිහාම ආයෙ එන්නෙ දවස් දෙක තුනකින් බව දන්න හින්දා.. ඉතිං අප්පච්චිත් අප්පච්චිගෙ දඬුමොනරෙ නැඟලා ටවුන් එකට ගිහිං සිමෙන්ති කොට්ට දෙකක් අරං ආවා.. ඒත් ගෙදට්ට ඔන්න මෙන්න කියලා තියෙන හංදියෙදි එක කොට්ටයක් බිමට වැටුණා.. මෝටර් සයිකලේ පාර මැද්දෙ නවත්තලා ඕක පටවගන්න දුක් විඳින්නෙ මොකටද ...
නව මං පෙතෙහි අගේ.. හද පතුල එකමත් එක රටකි ඇති සමුදුරු මැද්දේකඳු පෙළ මනරම්ය දිය උල්පත් ඇද්දේකෙත්වතු තිබේ හේනුත් තියෙනෙව' බැද්දේතවමත් ඇහෙනවා සියොතුන්ගේ සද්දේ මුව මී ගෝණ ඉත්තෑ සා පොවුවන්දගව සූකර බළල් බලු අග සවුවන්දකවදත් දහම හුරු ඇත් කුල සෙවුවන්දඑබිමෙහි තවත් ඇත හොර රා බිවුවන්ද මිණිකැට තිබේ පොළොවේ ඔබ මොබ නිතරගං දිය ගලයි හැඩ වී කඳු හෙල් අතරමහ වැවු හැඩයි බැලුවෙමි මම වී නතරවෙන මොන ...
දැම්මෙමි මමත් එහෙනම් ලස්සෙට ..කොඩිය හද පතුල දවසක් දෙකක් නොව තෙවසරකට .....වැඩිය හෙමිහිට නමුදු නැංගෙමි පඩියෙන් .......පඩිය ලද සහයෝගෙ ඔබ ගෙන් ගෙන දුනි ...එඩිය දැම්මෙමි මමත් එහෙනම් ලස්සෙට ..කොඩිය කවියෙන් පටන් ගත්තෙමි යන්තම් ....අමුණා හරියට කවි හදන්ටත් ඉඩ කඩ ..........ලැබුණා පැදියට ගැදියටත් සහයෝගය ..........තිබුණා බැරිදා විග්‍රහය ජීවිතයට .....................එබුණා පළවෙනි කමෙන්ටුව ගෙන ආ මිතුරු .....දුකා "මනුසත්" දෙවැනි.. "බිඟුවා" ලෙංගතුම ...එකා ඔය වගෙ බොහෝ අය සිටියා තනිය ......මකා ...
පුතේ අද පරදින්න.. හද පතුල හඬ හඬා ඉකිලන්නඑපා එ ද පැකිලෙන්නපුතේ මගෙ ගුණ පුන්ණසටන අත නොහරින්නසෙනේහය පතුරන්නදමේ ගොස මතුරන්නසදාකල් පවතින්නගුණ සුවඳ විහිදන්නඅසීරුයි ඉවසන්නපරාජය විඳගන්නහෙට යළිඳුනැගිටින්නපුතේ අද පරදින්න හද පතුලින් ලියූ ලිපි කියෙවුවාට ස්තුතියි.. ...
Payroll Software එකක වැදගත්කම.. 2 හද පතුල Payroll Software එකක වැදගත්කම.. 1 ලියලා සෑහෙන දවසක්.. ඒ කියන්නෙ මාසයක් විතරම ගියා.. දෙවැනි කොටස දාන්න ඉස්පාසුවක් ලැබුණේ අද තමයි ඕං.. C Form, Form C3 Return, R4 Form, Form II Return, PAYE Tax Deduction, T-10 වගේ අතිශය වැදගත් Statutory Reports කිහිපයක් ගැන පළමු ලිපියෙන් අපි කතා කළා..Salary Sheet, Coin Analyze, Loan Status වගේ Reports වල තියෙන වැදගත්කමත්.. Payslip එක ...
ධාර්මික, සෞඛ්‍යමය, ප්‍රතිපත්තිමය, සමාජයීය හා ජාතික අවශ්‍යතා සඳහා... හද පතුල පසුගිය දිනෙක මම මිතුරෙකු සමඟ දොඩමළු වීමි. එය ඉතා වැදගත් සාකඡ්ඡාවක් විය. අප එහිදී තීරණ කීපයකට එළඹුනෙමු.. එම තීරණ ධාර්මික පදනමින් හෝ සෞඛ්‍යය පදනමින් හෝ ප්‍රතිපත්තිමය පදනමින් ගත් තීරණ විය. ඔබටත් මෙම තීරණ වලට එළැඹෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු..1. මිළ ඉහළ ගිය විදුලි බිල නොගෙවා සිටීම හා එයට සහායක් ලෙස.. ටෙලිෆෝන් හා වතුර බිල් ද නොගෙවා සිටීම(වෘත්තීය ක්‍රියා මාර්ගයකට සහාය ...
දිලෙනු ගගනත සුපිපි සඳ මෙන හද පතුල සතුටින් ඔද වැඩෙනසෙනෙහෙන් අපව සනහනමිතු දම් නිති රකිනනුඹ මගේ දියණියයි සැම දිනදැන් හය වසරකීපීදෙන නැවුම් මලකීවූවද ලොකු එකීතාම නුඹ මට තෙමස් සෙයකීමනුදම් හැඳිනගෙනගුණදම් නිති වඩවගෙනසිරිදම් සිතට ගෙනදිලෙනු ගගනත සුපිපි සඳ මෙනහද පතුලින් ලියූ ලිපි කියෙවුවාට ස්තුතියි.. ...
අවුරුදු 3 ක් කියන්නෙ ව්‍යාපාරයකට ලොකු දුරක්.. ද? හද පතුල Perfect Software Solutions(Pvt) Ltd කියන්නෙ මගේ මූලිකත්වයෙන්, තවත් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් හා සහයෝගයෙන් ඇරැඹුණු ආයතනයක්. අපි අපේ ආයතනය වෙනමම ව්‍යාපාරයක් විදිහට පටං ගත්තේ මීට අවුරුදු තුනකට කලිං.. අපි ව්‍යාපාරය පටං ගන්නකොට.. අපට තිබුණෙ.. එකම එක Software Product එකයි.. PSSPay - Payroll Solution ඒත් අපට QB Lanka සමාගමේ සහ Softkey සමාගමේ සහයෝගය තිබුණා.. ඒ වගේම EBS Lanka ආයතනය, SOHANEC Total ...
සුදු වන කරමලය හද පතුල නිතර දකින කුකුලා ගේ කරමලය සුදුයි කියලා කියනවනේ. ඇත්තටම මම මේ කියන්ට යන්නේ ඒ කතාව නං ඇත්තමයි කියලා.අපි වැඩියෙන්ම ආදරය කරන දෙන්නා තුන්දෙනා අතරෙ අපි හැසිරෙන විදිහෙන් ම ඒ ටික හිතා ගත්තහැකි නේ. අනික් අය අතින් වෙන සැළකිය යුතු වැරදි ඉවසන්ට පුළුවන් වන අපට මේ ලෙංගතු මිනිස්සුන්ගෙ චූටි වැරැද්දත් ඇති හිත රිදෙන්න. මගේ අම්මා, අප්පච්චි, බිරිඳ සහ දරු දෙදෙනා තමයි ...
මගෙ ආදරේ මේ වෙන්නැතී හද පතුල නිති මීරි බස් තෙපලන්නැතීහිස අත ගගා සනසන්නැතීවෙන කාටවත් මං දෙන්නැතී මගෙ ආදරේ මේ වෙන්නැතීබිඳුණු පෙම් දම් නොසොය' නොබලාලැබුණු සුවයක මිහිර විඳලායුතු කමුත් අකුරට ම කරලානොම යදිමි පෙම නුඹෙන් පෙරලාහස තොස පවා විමසන්නැතීරට තොට පුරා සැඟවෙන්නැතීහොඳ තැනකවත් ගැවසෙන්නැතීමම මා ගැනත් තව දන්නැතීහද පතුලින් ලියූ ලිපි කියෙවුවාට ස්තුතියි.. ...