෴ ආදරයේ හැඩය / Shape of Love ෴ සොඳුරු සිත ( Beautiful Mind ) “ මං කීවනේ , ඇයි ආයේ ආයේ එකම අහන්නේ ““ මට සමාවෙන්න .ආයෙ අහන්නේ නැහැ ““ ඔහොම තමයි ඉස්සෙල්ලත් කීවේ ““ මම යනවා “පුංචි ආදර කතාවක් ඉවර උනේ එහෙමයි. මම පැත්තක ඉදන් බලාන හිටියා. “ ගියා නේ . . . .යන්නැද්ද නවත්තන්න ““ ඒකිගෙ හැටි බං .ඔය ගියාට ආපහු එනවා. දැන් කී සැරයක් යන්නම ගියා ද “ඒකත් හැබෑව. තැනක් නොතැනක් ...
෴ අලුගෝසුවා / Executioner ෴ සොඳුරු සිත ( Beautiful Mind ) රටේ ගැලවුම්කාරයාඅපේ කාලයේ වීරයාපෙළ ගැසෙවු අමනයනි දැන්ශිශිර කාලය නිමයිරටේ භාග්‍යය තමයිඅගු පිලේ ලැගලා තිබූමිනිස් සිත් අහුලා ගමූපවක් කෙරුවොත් සිහිනයෙන් වත්ගෙල සිඳෙයි සිරුරින්මිනිස්කම වැජඹෙයිහේතුව පස් යට ලියන කාලේඵලය සොයා නසනාමරණය මිස නැහැ අහන්නෙ බෙහෙතක්මිනිස්කමට අගනා --------------------------------- ප/ලි :- බල්ලකු මැරුණත් මහ පාරේ“අනේ අපොයි “ කියනාමිනිසුන් සිටියලු ඉස්සර කාලේදැහැමි දිවිය ...
෴ ලේඛකයාගේ පෙම්වතිය ෴ සොඳුරු සිත ( Beautiful Mind ) උපැස් යුවල ගලවා අතට ගත් ඔහු, සති අන්ත පුවත් පතේ වූ ඡායාරූපය වෙත තම පියවි දෙනෙත් යොමු කළේ, දීර්ඝ සුසුමක් හෙලන්නට විය. වසරේ හොඳම කෘතියට හිමි සම්මානයත් අතැතිව රටේ පළමුවෙනි පුරවැසියා සමඟ එක්ව මේ සිටින්නේ තමාය.එය ද සති අන්ත පුවත් පතක මුල් පිටුවේම ය.ඡායාරූපයට යටින් පළවු පුංචි විස්තරයෙන් පවසා ඇති පරිදි වැඩි දුර කියවීමට යා යුතු වූයේ පුවත්පතේ විශේෂාංග පිටුවටයි. ...
෴ අඳුර ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සියල් සපිරි දුක් කරදර උසුලානඇවිත් බොහො දුරක් කාටත් නොකියාමලොවින් වසන් වී තනිකම කැදවානසිටී මාව නුඹ දුටුවේ නම් කෝමලොවින් වසන් වී මේ ලෙස සැඟවෙන්නඑපා ළදේ මං ඉන්නම් සැනසෙන්නනෙතේ උණු කඳුළු බිද මදකට මට දෙන්නළඳේ නුඹ හිසත් පපුවෙ සතපන්න නුඹේ උණුසුමට මදකට ලොබ බැදලානෙතේ කඳුළු ගං පතුලක සිරකරලාලොවේ අනගි මධු රස ගෙන කලතාලාමැවු ලොවේ මං උන්නේ මත් වීලානැතේ වැඩි දෙයක් නුඹ හට, ...
෴ ගින්න/ Fire ෴ හතර වන කොටස සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ගින්න/ Fire ෴ හතර වන කොටසපලමු කොටසට මෙතනින් ද දෙවන කොටසට මෙතනින් ද තෙවන කොටසට මෙතනින් ද යන්න ලිලිනාත් , පොලිස් සාජන් සහ කොස්තාපල්වරයාත් රැගත් ජිෆ් රථය පසු කරමින් ගිය ගිලන්රථයේ වේදනාබර නාදය , ලිලිනාගේ හදවත කීරි ගැස්සුවේය.කවුරු ගියත් ඔහු හෝ ඇය සුවපත් වෙත්වා යි ඇය එතසිතින්ම පැතුවේ ඒ එඩ්වඩ් විය නොහැකි දැයි තව වරක් සිතන්නට වුවා ය." ...
෴ මාතෘකා නැත ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ මාතෘකා නැත ෴ මට හිතුනා මැරෙන්න . ....මට ආදරය නැති අයගෙන් පළිගන්න. සැලසුම් කරා ,සංවිධානය කරා ,මෙහෙයවන්න වුනේ මටමයි පාලනය නුඹටයිවේදනාව අඩුවෙන්ම , ක්ෂණික මරණයක්....වැදගත්ම දේ තමයිමැරෙන මොහොතෙ ඔබව මතකයට එන්න දෙන්න බැහැ.ඇස් ඇරිල තියෙන්න ඕනි ද ? නැහැ ඇස් තදින් පියවෙන්න ඕනි.ශරීරයට හානියක් වෙන්න දෙන්න බැහැ. නුඹට මාව අඳුරගන්න බැරි මරණයෙන් පලක් නැහැනරක් වෙන්න කලින් සොයා ගන්නත් ඕනි.වස ...
෴ වැසුන සිත ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ඔයාගේ හිත තදකරන් වහල, වටේට හොඳ තාප්පෙකුත් බැදල, ඉබ්බ දාපු ගේට්ටුවෙන් මාව ඇතුලට අරන්, ඉස්තෝප්පු වේ පඩි පෙළ ළඟ මාව තුරුළු කරන් මයෙ හිස සිඹලා , පපුවට තුරුල් කරන් මයෙත් එක්ක කතා කරන ගමන්, මයේ හිතට යන යතුර ඉල්ලනවා. තාප්ප නැති, ගේට්ටු නැති , මයෙ හිතට යතුරුත් නැති බව ඔයාට අමතක වුනා ද? වැහුන හිතක් එක්කආදරයෙන් බැදුනමම ෴සොසී෴ ...
෴ සමාවෙන්න මට ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සමුගෙන ගියත් යළි නෑවිත් ඉන්න සිතාසමුගෙන ගියේ කොහොම ද සමු නොදී මෙමාදුර යන නුඹේ පා සලකුණු මැකී නොයාමා සිත ඔබේ පසුපස්සෙම ඇදී ගියාසඳ එළි දිගේ ඇවිදින් නුඹ නෙත දුටිමී ඒ නෙතු අගින් වෑහෙන කඳුළ ද දුටිමී නෙතු තුල පිපී තිබු මයෙ රුව මම දුටිමීකඳුළත් සමඟ සේදී යනු නොම දුටිමීසමුගෙන වෙසෙන හැටි මට නුඹ කියාපන්පසුපස නොබල ගිය හැටි මට කියාපන්මා සිත ...
෴ රුවල් ඔරුව ෴ සොඳුරු සිත ( Beautiful Mind ) අතීත දවසක මතක එකතු කර හදා එයින් ඔරුවක් රුවල් ලෙසට ගැට ගසා මගේ සිත පිඹමි සුසුම් ලතැවුල් එන්න එපා ආයෙත් මේ ඉවුරටදෙවියන් හට මතුරා යැවූ රුවල් ඔරු ගොඩට ගසා ඇත කුමක් කරමිදෝ මා රුවල් ඔරුවල ත් කප්පිත්තන් ඉන්න ව ද?කප්පිත්තෙක් සොයන මම෴ සොඳුරු සිත ෴ ...
෴සේරි වාණිජට සින්න වූ සිත ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සමහර වෙලාවට , සමහර අයට ,සමහරුන්ව මඟ ඇරෙනවා . කිසිසේත්ම නොසිතූ විදිහට නොගැලපෙන තැනක නතර වෙනවා.. ...මඟ ඇරුන සමහර දේවල් වල වටිනකම වගේම, ඒ දේවල් ඇයි මට මඟ ඇරුනේ කියල හිතද්දි ඒවට උත්තරත් අපි ළඟ නැහැ..හැමදාමත් රන් තලිය , දුම් මැස්සෙ තියෙන්නෙ නැහැ වගේ ම, හැමදාමත් රන් තලිය කච්ඡපුටලාටම අයිති වෙන්නෙත් නැහැ. . . සේරි වාණිජ ළඟ උකස් කළ ලංසු ...
මගේ තනිකඩකම/ my unbearable solitude සොඳුරු සිත ( Beautiful Mind ) මගේ තනිකඩකමTaken by Sonduru@ Weligama BeachCanon EOS 1100Dදකිනා අසනා සැවොම දුකින්ඒ ගැන විමසනවාහිස රදයක් වී නෙතකින් රහසේකඳුළක් ගිලිහෙනවා“ තාමත් ඔහොම ද? ““ දැන් කාලෙත් හරි “සිනා මුවින් දොඩලාවචන හී වලින්හදවත පතුලටයාවි තදින් විදලාමේ නිල් අහසත් කළුවර වීහිරුත් යාවි බැසලාසඳ තරු අතරේ සොයමි නුඹේ රුවනැති දෝ සැඟවී ලාලස්සන මල් සොයමින් යන බඹරුන්ඒ ද මාව දැකලාසුවඳ දන්න නුඹ අද දුර ඈතයිඉනු බැහැ ...
ම යන්න ................ සොඳුරු සිත ( Beautiful Mind ) හැළුනු ම යන්න මම ගෙ මයන්න හැලිල තියෙද්දිඅහුලල ගෙනාවේ ඔයා මං ඒ මයන්න ආදරයෙන් ලගට ගද්දි මයන්නෙ ඇමිණිලා තිබ්බ ඔයන්න කුත් ඇවිත් තිබ්බ දැන් ඉතින් මයනු වලට මැදි වෙලා අලුත් අකුරකුත් තියෙද්දි මට කවදාවත් ආයෙත් මම වෙන්න බැරි වෙයි ද ?කරුණාකරලඔයාගේ ඔ යන්න අරන් ගිහින්මගෙ ම යන්න ගෙනත් දෙන්නම යන්න නැති මංසොඳුරු ...
෴ ඉරිදා පැතුම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) ෴ ඉරිදා පැතුම ෴මහ පොළවට ගොඩක් උඩින් නිල් අහසට ටිකක් යටින් මම ආසම තැනක් ඇතේ මේ මිහිපිට ලන්තේ හැන්දෑ වරුවට කලියෙන් දහවල ගෙවෙනට කලියෙන් මම එතනට එනවා නුඹට මතක නේ දෝමම ආසම ඩෙනිම ඇදන් සුදු ටී ෂර්ටය සමගින් ගෙවුනු රබර් පයේ දාන් මා එනකම් හිටපන් මං දැක්කම නුඹේ හිනා වත පුරවා දීපන් ඒ ඇති මට මගේ දවස සුවඳ කරන් තියපන්වෙලාව ...
නෝක්කාඩුවක් සහ උත්තරයක් සොඳුරු සිත ( Beautiful Mind ) නෝක්කාඩුවක් සහ උත්තරයක් පෙම්වතියමට ආරංචියි නුඹඇවිදින් අහසටතාරුකා වලට යහමින්එළිය බෙදපු බවමම එනකොට නුඹආපසු ගොස් ඇතහැමදාමත් වගේ අදත්පරක්කුයි ද මම ?පෙම්වතා නුඹ සිතනා හැටිමට නම් පුදුමෙකිනුඹට දෙන්න ආලෝකයමගේ ළඟත් නැතිමටත් වඩා දිලිනුඹ දුටුවෙත් නැතිආලෝකය මට ද දුන්න සරා සඳයි නුඹසඳේ එළිය සඳ දන්නැතිමගේ සඳයි නුඹ ...
෴ මගේ අවුරුද්ද ෴ සොඳුරු සිත ( Beautiful Mind ) සිහින් සිරි පොද වැස්ස ද නොතකා , හදිසියේ ම නිවසින් එළියට බට මා වාහනයේ සුක්කානම හැරෙන හැරෙන අතට යාමට ගත්තේ කොයි වේලාවක සිටදැයි මට මතක නැත. මා ආදරබර ස්වාමියා සමඟ ඇතුවු දීර්ඝ වුත් ,සිත් රිදවන සුළු වූත් ,සැ රපරුෂ වූත් දුරකතන සංවාදය අවසානයේ දී මෙසේ අභිනික්මන් කළ බව පමණක් සිහි ඇතත්.. . . ගමනේ අවසානයක් සිහි ...
සුභ පැතුමක් සහ ලියුමක් සොඳුරු සිත ( Beautiful Mind ) බිරිඳගේ ලිපියමෙතනින් ගිහින් ස්වාමියාගේ ලිපිය බලන්න . . . . . . මතක ඇතිව ඒ බ්ලොග්කරුගේ 150 වෙනි පෝස්ටුවට සුබ පැතුමකුත් එකතු කරන්න. . . .මෙන්න පිළිතුරු ලිපිය . . . . . . . .මගේම ආදරණිය ස්වාමිපුරුශයා වෙත ලියමි,ලිපියේ ඉහත ඔබ ලියා ඇති දේ පිළිගන්නා අතර ප:ලි කොටසට පිළිතුරු සැපැයීම භාර්යාව වන මාගේ වගකීම බැව් සිතෙනා නිසා මෙලෙස සටහන් ...
෴ කියවීම ෴ සොඳුරු සිත ( Beautiful Mind ) කියවීම.... හොඳ පුරුද්දක්.පුංචි කාලේ ඒ හොඳ පුරුද්ද නිසා , කොයි කරම් නම් බැනුම් අහල ඇද්ද. " ලොකු ළමයෝ . . . කනව ද කියවන වද ? මම කියල තියේ නේද කෑම මේසෙට පොත් ගේන්න එපා කියලා “ ඒ අම්මා.. . . ! ! ! තාත්තගේ නිහඬ බව කියවීමට රුකුලක් වුනත්, තාත්තා දිනපතා පත්තරය නොවරදවා ගෙදෙට්ට ගෙනාවත්, පත්තරය හැර ඔහු පොත් ...
ඇවිදින බාබර් සාප්පුව සොඳුරු සිත ( Beautiful Mind ) ඇවිදින බාබර් සාප්පුව---------------------------------මම ඉස්කෝල ගියපු වසර 13 දිම මට තිබුනෙ ඉතාම කෙටි කොණ්ඩයක්. කොණ්ඩය වවල අග්ගිස්ස වෙනකම්ම කරල් දෙකට ගොතල , පිටි පස්සට දාලා පද්ද පද්ද යන්න කොච්චර නම් ආස වුනත් ගෙදරින් ඒකට කිසිම අනුබලයක් ලැබුනෙ නැහැ. ඒ විතරක් නෙමෙයි , කොණ්ඩ ගස් පොඩ්ඩක් වැවීගෙන එද්දි , නලලට කොණ්ඩ කැලි වැටෙද්දි , කොණ්ඩ ගස් අස්සෙන් ඇහැ දාලා බලද්දි ඇස් වපරවෙනවා ...
පාළුයි......... සොඳුරු සිත ( Beautiful Mind ) පාළුයිමෙච්චර ලොකු තැනකකොච්චර කට්ටිය හිටියත්අච්චර පුංචි හිතේ පාළුවමකන්න බැහැ රත්තරනේ.................ඔච්චර දුර ඉදගෙනත්මෙච්චර දුක් දෙන්නේකොච්චර ආදරේ ද කියලාපෙන්වන්න ද රත්තරනේ........................මහ බොළඳයි නෙහ්.................කවිය වගේම පින්තූරයත් මගේපාළුවෙන් ලීවමමසොසී ...
ළඟින් ඉන්න එන්න..........Stay With me සොඳුරු සිත ( Beautiful Mind ) ළඟින් ඉන්න එන්නනුඹ මට හරි දුරයි හරියට නිල් අහස වගේවිටක දි මා තෙමනාවැහි අරගෙන එනව වගේවිටකදි පිපෙන මලටහිරු කිරණක් දෙනව වගේතව විටකදි මැලවෙන මාමුවා කරන හෙවන වගේආදරයෙන් නුඹ මා සිත දුර ඉදගෙන සැනසූවත්නෙත ඉනු කඳුළු පොදක්සුළඟ එවා පිස දැමුවත්ළඟ ඉදගෙන උණුසුමවිඳින සිහින සිත ගාවත්දුර මිස ළඟට නොඑනනුඹ මට මොකට ද තාමත්නේද ?බැරි දේවල් ඉල්ලන් නැතිමම෴ සොසී෴ ...