අනේ ආදරය කොච්චර ලස්සනද? සිතුව්ලි පවුර ආදරය යනු දෙදෙනෙකු විසින් කරන දෙදෙනාටම ජය අත්වන ක්‍රීඩාවක්... ඒ නිසා කවමදාකවත් ඔබේ පෙම්වතා පෙම්වතියව පරාජය කර වීරයෙක් වන්නට යන්න එපා...ආදරය යනු පරිත්‍යාගයයි. අනෙකා වෙනුවෙන් කරන කැපකිරීමයි. අනෙකා වෙනුවෙන් ජීවත් වීමයි.දෙවියන්ට හැමවිටකදීම මිනිස්සුන්ට කතා කරන්න නොහැකි නිසා දෙවියන් ආදරය මැව්වේය. ආදරය ඇති හැම තැනකම දෙවියන් වැඩ සිටිනා බව මතක තබා ගන්නහැම කෙනෙකුගේම හදවතේ දෙවියෙකුත් යක්ෂයෙකුත් ඉදියි. යක්ෂයා රජවූ විට කෙනෙක් ...
පුතු තුළින් වත් නුඹට සහනයක් ලැබේවා...! සිතුව්ලි පවුර කල්පයක් පෙරු පිරුම් මොහොතකින් සිඳ බින්දුකල්පයක් රැකි කිරට මුහු වෙච්ච ගොම බින්දුආත්මය පාරවන නුඹේ දුක රැඳි සින්දුමට පුදුම නුඹෙ දිරිය, දැවෙන හදවත රැන්දුදරුවාගෙ' නාමයෙන් මා පියන් අතැර නුඹවිඳවනා දුක් ගැහැට, මලක් සේ හැදුණු නුඹකිසිවකට හිමි සමඟ අමනාප නොවී නුඹපතිවතම රකින රන් හෙළ කතකි නඟේ නුඹහිමිගෙ' ගෙරැවුම් පවා ගීයක් ව ඇසේවාඅග හිඟය නිමා වී සිත සතුට මැවේවාහෙලන හැම ඩා බිඳම සුවයක්ම ...
අනාථ කවියා සිතුව්ලි පවුර කවියද ඔයාදදෙකෙන් එකක්තෝරගන්න කිව්වමකවි ලියපුඅතත් එක්කම කපලාවැළලුවා මම පෑනඅපේ ගෙදරවත්ත පහලඌවද මාවදදෙකෙන් එකක්තෝරගන්න කියලාමම කිව්වමඔයාඌවතෝරගත්තට පස්සෙමමවත්ත පහලට ගිහින්හෑරුවා ආපහු වළප්ලාස්ටික් පෑනදිරලා නැතත් තාමඒක එක්ක වලදාපුමගේ අතනෑ පේන්ඩදිරලා ගිහිල්ලද කොහෙද ...
සිහින කුමාරි සිතුව්ලි පවුර වෙල් ඉපනැල්ලේගo දිය අයිනේහමුවීලා... පෙම්බස් දෙඩුවා..මතකයි මතකයි හැමදා....තරු මල් යහනේසඳ කැන් වතුරේකිමිදීලා...පෙම් ගී ගැයුවා...අද වාගෙම පෙරදා...කළුවර දුරලූ - පහනක් වාගේපෝදා අහසේ - සඳ මා තුරුලේනෑ නෑ දුර නෑ - මගෙමයි කුමරීපැතුමන් ඉටුවිලාමගෙ වී දිවියේමනමාළි... මගෙ ලොව රැජිනී..නුඹමයි මාගේ කුමරී...සුදු සඳ එළියේ - සැතපී තුරුලේනැලවෙන් කුමරී - සිහින විමානේ...නැලවෙන් කුමරී - පෙම් මල් යහනේ... ...
Untitled Post සිතුව්ලි පවුර මේ ගලන කඳුළුගිනි කන්දකින් වැටෙන ලෝදිය වී නුඹ මතට කඩා හැළුනා නම්,මා දැවෙන තරමක්,නුඹට දැනගන්නට තිබුනා,.මේ ගැහෙන හදවත,වේදනා විඳින තරමක්,මගේ හදවතේ ලේ බිඳුවක් වෙලානුඹ ගලා ගියා නම්,.නුඹට දැනගන්නට තිබුනා,..මේ ලියන කවි පද,මගේ සුරතේ රැඳෙන පන්හිඳ වීනුඹට පෙනුනා නම්,මා පෙම් කරන තරමක්,නුඹට දැනගන්නට තිබුනා,. ...
දැක්ම සිතුව්ලි පවුර "අපේ යක්කුන්ට තේරෙන්නෑ මල්ලි හයි වේ හදලා හැමතැනම සී ප්ලේන් එකේ යතෑකි රට වටේම කොච්චර කළත් අගයක් නෑ අපේ උන්ට"එහෙම කියලාධර්මේ අයියා එල්ලුනාකෝච්චියේෆුට් බෝඩ් එකේ"ඕයි යනවලකො පොඩ්ඩක් ඇතුලට පේන්නැද්ද දොරේ යන්නෙත් මිනිස්සුම තමයි තමුසෙලා විතරක් සැපට ගියාම හරිද?" ...
අසිරිමත්ම සිදුවීම සිතුව්ලි පවුර පහුගිය සතිය හරිම කාර්ය බහුලව තමයි ගත උනේ.අත්දැකීම්, කකුල්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවං උනා.ජීවිතේට වටින කියන පාඩම් රැසක් එක්ක මිනිස්සු අඳුර ගන්න, ජීවිතේ තේරුම් ගන්න වැදගත් සිදුවීම් බහුල සතියක්.ඇත්තටම කියන්න හැදුවෙ පහුගිය සතියේ මගේ ඇස් දෙකෙන් ලෝකේ සිද්දවෙන අසිරිමත්ම සිදුවීම දැකගන්න මට වාසනාව ලැබුණා කියලා.දරු ප්‍රසූතියක් හැබෑවට දකින්න ලංකාවෙනං ගොඩක් දෙනෙක්ට ලැබෙන්නෙ නෑ.අපි පහුගිය සති දෙකේම හිටියෙ දි සොයිසා කාන්තා ...
රෙජීම වෙනසක අරුනලු: 'ඔක්යුපයින්ග් වෝල් ස්ට්‍රීට්' හෙවත් මනුශ්‍යත්වය කරා නැවතත්........... සිතුව්ලි පවුර ලොව පුරා නිදහස් සුළං හමන්නට පටන්ගෙන ඇත. සැබෑ ප්රජාතන්ත්රවාදය....ජනතාවගේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අරගල බිම් නිර්මානය වෙමින් තිබේ. ටියුනීසියවෙන්, ඊජිප්තුවෙන්,ලිබියාවෙන් සිරියාව හරහා නිව්යෝර්ක්, ලංඩන්,ඇතන්ස්, මැඩ්රිඩ් මෙල්බර්න් වෙත මේ නිදහස් සුළඟ හමා එමින් ඇත. බෙලා, මුබාරක්,සලේ, ගඩාෆි, අසාද් වැනි පුද්ගල ඒකාධිපතියන්ට එරෙහිව මෙන්ම ඊනියා ලිබරල් ආර්තික ක්‍රියාවලිය හරහා ලෝක ආර්ථික දේශපාලනය හසුරුවන මූල්‍ය සමාගම් ඇතුලු බහු ජාතික කොම්පැනි වල ආර්ථික ඒකාධිපතියන්ටද එරෙහිවද මිනිසුන් ...
බ්ලොග් ලියන අපිට අදහසක් කපුගේගෙන් සිතුව්ලි පවුර සබඳ අපි කඳු නොවෙමු~ උනුන් පරයා නැඟෙන~ සුනිල දිය දහර වෙමු~ එකම ගඟකට වැටෙන~ වියරු ගිනි දැල් නොවෙමු~ වනය අවුලාතබන~සිහිල දෙන වැස්ස වෙමු~ දැවෙන කැලයට වසින~ නපුරු හීනය නොවෙමු~ ළමුන් නිදි සුව බිඳින~ සොඳුරු අඬහැරය වෙමු~දනන් නින්දෙන් මුදන~ -(ගුනදාස කපුගේ) ...
අවසන් හුස්ම . . . සිතුව්ලි පවුර ඒක මහ පාලු මූසල ගඳ ගහන තැනක් . මම කාටවත්ම දොස් කියන්නේ නෑ මේ තැන මට උරුම වුණු එක ගැන .අපේ අම්මා හරි අහිංසකයි . හිත හොද ගෑනි හැමදාම බඩින් කියන කතාවට මම එකඟ වුණේ ඒ නිසාම නම් නෙවෙයි . මොකද ඒක අම්මගේ වරදක්ම නොවුන නිසා . එතනදි අම්මාගේ වරද වුණේ ගැහැනියක් වීම විතරයි කියලයි මට හිතුනේ . මගේ තාත්තව ...
මේ දේශපාලන නරාවලේම ගිලෙමුද? නැත්නම්............... සිතුව්ලි පවුර මේ දුගඳ හමන දේශපාලනයට තිත තබන්නට අපි තවත් බලා හිඳිමුද? තම තමන්ගේම එවුන් බල්ලන්, බලලුන් මෙන් කා මරා ගන්නා තරමට ජරාජීර්නව පල්වී පනුවන් නලියන මේ ක්‍රමය අවසන් කරන්නට සිතමුද? නැත්නම් මේ නරා වලේම ලැග එහි අසූචි අනුභව කරමින් එහිම ගිලී යමුද?දෙවියන් පලා ගිය පිං බිමේ කුඩ්ඩන්,පිස්සන්,හොරුන්,තක්කඩියන්,මංකොල්ලකාරයන්,කුම්භාන්ඩයන්,පිසාචයන්, පිනුම් ගසද්දී, අපි කට ඇරගෙන බලා සිටිමු.හුරේ දමමු.විසිල් ගසමු. සුපර් කුඩ්ඩා,සුපර් පිස්සා, සුපර් තක්කඩියා ...
පිනාගේ කුප්පිය 06 - කොටස් වෙළදපොල ගැන තව දුරටත් සිතුව්ලි පවුර මේ පොස්ට් එක දාන්න මාසයකටත් වඩා කාලයක් ගත උනාට සමා වෙන්න. මොකද මම ජොබ් එක කරන්නේ කම්පියුටර් එකක් ලග නෙවෙයි. රට වටේ ඇවිදලා අදයි කාලෙකින් නෙට් එක පැත්තට ආවේ. පහු ගිය සති තුනට කිලෝ මීටර් තුන්දහාස් පන්සීය ගානක් මම ඇවිදලා තිබුනා. ඉතින් කොහොමද බ්ලොග් පොස්ට් දාන්නේ. දැන් මම කලින් දීපු සිලබස් එකෙන් පිට පැනලා යනවා කියලා බනින්න නම් එපා. මුල්‍ය ...
දොස්තර සිහිනය විකුණං කෑමේ ආශ්චර්යය සිතුව්ලි පවුර රාජ්‍ය අනුග්‍රහය යටතේ වෛද්‍ය උපාධිය විකිණීම දැනටමත් ලංකාවේ ඇරඹී හමාරය.මේ ගැන විවිධ තර්ක විතර්ක මතුවන මේ මොහොතේ හුදු ද්වේශයෙන් මෙය පිටුදැකීම හෝ වැළඳගැනීමට පළමුව මේ පිලිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතුව බැලීම වටී. මේ සියල්ලට කලින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාවය කොතරම්දැයි අප සොයාබැලිය යුතුය.2010න් පසු වෛද්‍යවරුන්ට ලංකාවේ රැකියා නොලැබෙන බව මීට
මේ වචන අයින් කරමුද ? සිතුව්ලි පවුර නාකියා.. අපි කවුරුත් යන්නේ වයසට තමයි..තරුණකම හැමදාම් තියෙන්නේ නැහැනේ.. එක කාලෙකදී ශරීරයේ උපදින ශයිල වලට වඩා මිය යන ශයිල වැඩි වෙනවා එතකොට දිරාපත්වෙන එක අපි කාටත් පොදුයි.. සමහර අසනීප වලට තරුණ කාලෙදිම මිනිස්සු දිරාපත් වෙනවා. ඉතින් වැඩිහිටි කෙනෙකුට අපහාස කරන්නේ මොකටද ?පොට්ටයා/ කණා අපි කවුරුත් වයසට යනකොට ටික ටික අන්ද වෙන්න පටන් ගන්නවා .. තරුණ කාලේදී ආලෙන් අන්ද වෙනවයි කියනවා. ...
පොත් සිතුව්ලි පවුර පොත්.... පොත්... පොත්....ගිය මාසේ පුරාවටම හැමෝම කතා කරපු මාතෘකාව තමා පොත්. සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ ඔක්තොම්බර් කියන්නේ කියවීමේ මාසය කියලා තමා කියන්නේ. ඒ කියන්නේ සැප්තැම්බර් ගත්ත පොත් ගොඩ කියවන එක වෙන්න ඕනේ.මන් නම් හිතන්නේ සාහිත්‍ය මාසේ කියන එකත් මේ පොත් වෙළෙඳෝ හදපු එකක්, අපිටත් පොඩි වාසියක් තියෙනවා වෙන මාස වලට වඩා ටිකක් ලාබෙට පොත් ගන්න පුළුවන් එක. ඒත් ගොඩක් පොත් ...
පොඩි ජෝක්ස් එකක් :) සිතුව්ලි පවුර මේ ලඟදි දවසක අහපු විහිලු කතාවක්..අනන්ත අප්‍රමාන විහිලු කතා අහලා තිබුනත් මේ කතාව අහලා තිබුනේ නෑ..මං වගේ අහල නැති අයත් එක්ක කතාව බෙදා ගන්න හිතුනා..මේකත් අර හැමෝම අහල තියන සනීපනෑඩෝ වගේ එකක් තමයි..ඔන්න කතාව..දවසක් මිනිහෙක් පිහි ඇනුමකින් තුවාල වෙලා ඉස්පිරිතාලේට ආවලු වෛද්‍ය වරයෙක් හොයාගෙන..ඩොකා : තමුන්ගේ නම කියන්න බලන්න!ලෙඩා : ඇන්නේ පියසේනඩොකා : හරි හරි..අපි එයා ගැන පස්සේ බලමු..දැන් ...
වන මැද . . . සිතුව්ලි පවුර තටු නොමේරුවපැටවෙකිදෙමාපිය රැකවරනහොර හොරෙන්මතක අතහරිනතැතදරන ඉගිලෙන්නකිරිල්ලකටමිතුරුව . . .කටුව බිඳගෙනලොවට බට සැනෙකින්මහිත ඇදුන මුත්තහනම්ය තවමමෙ වන මැදඅතු අතරරමනයනුඹට . . .ඇබින්දක්ඉවසාපන් පැටවකබරියකටහසුවන්න මත්තෙන්තලුමරා රසකර ගිලිනඋණුසුම්ව තටුදිගැරෙන තුරුවත්මේ විසල් වන මැදඇත පිරිතිරීබෝම වුණු විපරීතමගහැර ඉගිලෙන්න . . . ...
"හැන්සි ක්‍රොන්යේ" ඇද වැටුනු ඇෆ්රිකානර් කුමාරයා හා ක්‍රිකට් පිටියේ ඔට්ටු සෙල්ලම්.-(සැප්තම්බර් 25 ට යෙදුනු හැන්සි ක්‍රොන්යේ ගේ 42 වැනි උපන්දින මතක සැමරුම වෙනුවෙනි). සිතුව්ලි පවුර ප්‍රථම බෝම්බ ප්රහාරයවසර 2000 අප්‍රේල් 7 යනු ක්‍රිකට් ලොව සසල කල දිනයකි. නව දිල්ලි ඒකාබද්ධ පොලිස් කොමසාරිස් කේ.කේ. පෝල් පුවත්පත් සාකච්චාවක් කැඳවමින් 'මහත්වරුන්ගේ ක්‍රීඩාවේ' කීර්ති නාමය සුනු විසුනු කල ප්‍රථම බෝම්බ ප්‍රහාරය එල්ල කරනුයේ එදිනය. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ගේ සිත් කම්පාවට පත් කරමින් ඔහු පවසන්නේ මුදලට තරඟ පාවාදීම් සාක්ෂි සහිතව ඔප්පු කල හැකි සාධක තමන් සතු බවයි.ඇද වැටුනු ...
ලව් ගොඩ දැමීමට කලාවේ දායකත්වය...... සිතුව්ලි පවුර මේක බොහොම ඉස්සර මම ලියපු එකක්.ඇත්තටම කිව්වොත් අපි එතකොට පළමු වසරේ ශිෂ්‍යයො.අපේ පළවෙනි තීරණාත්මක විභාගයෙන් පස්සෙ රිපීට්වූවන් ගොඩ දැමීමේ මහා රිපීට් කැම්පේන් එක තිබ්බ දවස්වල.ඔන්න ඔය කාලේ තමයි අපේ පණ්ඩිත්ගෙ පළමු ප්‍රේම සිතුවිල්ල පහල උනේ.දාහක් බාධක කම්කටොළු මැද්දෙ මේක ගොඩ යැවීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මගේ දායකත්වය දැක්කුවෙ මේ ජාතක කතාව ලියලා නෝටිස් බෝඩ් එකේ ගහලා.ලව් එකනං ගොඩ ගියා.තවම අපිට හිතාගන්න ...
ගේම් ඩිරෙක්ට් බාගමු සිතුව්ලි පවුර කාලෙකට පස්සේ සිතුවිලි පවුරට ලිපියක් දාන්න හිතුවා. කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනානේ. ගේම් පිස්සන්ට (මේ මම වගේ) අයට හරියන වැඩක් මේක. අපි දන්නවනේ ගොඩක් ගේම්ස් බාගන්න ඕනේ ටොරන්ට් මගින් කියලා. ඒත් ඊට වඩා ඉක්මනින් ඩිරෙක්ට් ලින්ක් මගින් බාගන්න පුලුවන් කියලා ඔයගොල්ලෝ දන්නවද? ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුව මේ පෝස්ට් එකට බහිමුකෝ. මේ වෙබ් අඩවියක්. මේ අඩවියේ විශේෂත්වය වෙන්නේ මේ ...