මගේ නංගී... රචනාවක්.. වැම්පයර් මගේ නංගී ගේ නම නංගීය. ඇය මට වඩා බාලය. නංගී ස්ත්‍රියකි. ඇය බැරිවෙලාවත් පුරුෂයෙක් වූවා නම් ඇගේ නම මල්ලී ලෙස වෙනස්වේ. නංගී මට වඩා බාල වුවද අම්මාට වඩා වැඩිමල්හුය. ඒ නිසා ආච්චි නංගීට කියන්නේ හැට අම්මා කියාය. නංගීගේ කාමරය මගේ කාමරයට වඩා බෙහෙවින් පිළිවෙළය. හැබැයි ගඳය. තාත්තා කියන පරිදි ඇය අපේ නිවසට පහනකි. අපේ නිවසේ පහන හැමදාම ගිනිගනී. ඒ නිසා ...
නෑසෙන ගී රස - ටෙලි නාට්‍ය ගී කිහිපයක් - එම්පීත්‍රී සහිත වැම්පයර් මට මතක විදියට අන්තිමට ලංකාවේ ටෙලි නාට්‍යයක් හරියට බැලුවේ මීට අවුරුදු අටකට විතර කළින් වෙන්න ඕන. අනූව දශකයේ අගින් පස්සෙ සෑහෙන්න හොඳ රස වින්දනයක් වගේම සමාජයට වැදගත් පණිවුඩත් රැගෙන ආපු ලාංකීය ටෙලි නාට්‍ය කලාව වාණිජකරණය වී ගොන් පාට් බවට පත්වූයේ අපිටත් නොදැනීමයි. අනේක විද අකුරු පහේ, හතරේ, තුනේ, දෙකේ ගැහැණු නම් වලින් පිරුණු ලංකාවේ ටෙලි ගැන දැන් මට ඇත්තේ කළකිරීමක් ...
බොලොග් මල් දම වැම්පයර් පයිරෙට් බෙදීමද පිටවල් කසාගැනුමද ලිපි කොපි ගැසීමද බූරු ලකුණුය සිතන් හැම සඳ හිට්ස් ඉල්ලන්නේ කොමෙන්ට් හිඟන්නේ පානිය දාන්නේ මොකට මේ හැටි චෝරු වෙන්නේ කුනුහරුප නොකියනු විසුලු කැත බස් නොකියනු අපහාස නොකරනු නහය ගාවින් පොල්ල නවතනු! හොඳ යමක් දුටු තැන අගයමින් එම නිමැයුම කොමෙන්ටුව දමමින කරනු දිරියක් සුදුසු විලසින තමන් මත ලියනට තහනමක් නැත කෙනෙකුට අන් මත ඉවැසුමට මහත්වරු නම් නොවෙති ...
කොපි කළ හින්දි ගී.. I වැම්පයර් මාතෘකාව දුටුවනම සිහියට නැඟුනේ හැටේ දශකයේ සිට අනූව දශකය දක්වා සිංහල චිත්‍රපට ගීත කලාව හා ජෝතිපාලයන් නම්, ඔබ වැරදියි. මේ කුඩා සටහන් පෙළ ලියැවෙන්නේ ඉංගිරිසියෙන් හා වෙනත් බස් වලින් මුල් ගැයුම් ඇති, ඉන්දීය සංගීතවේදීන් විසින් අනුකරණය කොට නැවත ගැයුනු ගීත පිළිබඳවයි. හැටේ හා හැත්තෑවේ සිංහල චිත්‍රපට ගී තරම් අනුකාරක ගී ප්‍රමාණයක් නොවුණත් සැලකිය යුතු තරමක් වෙනත් අනුකාරක ගීත බොලිවුඩ් ගී ...
එම්. කේ. රොක්සාමි - අවසන් කොටස | M. K. Roksami වැම්පයර් ලිපි අංක එක සිංහල සිනමා සංගීතයේ මුලින්ම ජනප්‍රියත්වයට පත්වුණ බී එස් පෙරේරා මහතා හෘදයාබාධයකින් හදිසියේ මියයන්නේ මේ අතරතුරයි. පෙරේරා මහතා ගේ වාද්‍ය වෘන්දයේ වයලීන වාදකයා වූ රොක්සාමිට අඩක් නිමැවූ බී එස් පෙරේරාගේ කටයුත්ත සම්පූර්ණ කිරීමට ලැබුණි. රොක්සාමි නම් වාදකයා තුළ සැඟවසිටි සංගීත අධ්යක්ෂකයා කළ එලි බසින්නේ ඒ ආකාරයෙනි. එතැන් පටන් සහය සංගීත අධ්යක්ෂණයට යොමුවන රොක්සාමිට සම්පූර්ණ චිත්‍රපට සංගීත ...
නෑසෙන ගී රස - ගුණදාස කපුගේ... වැම්පයර් කපුගේ ගේ නෑසෙන ගී කිහිපයක් ............... අහන්න බලන්න මේ සඳේම සෙවනැල්ලේ අප හමුවූයේ මේ සඳේම කඳුලැල්ලේ අප වෙන්වූයේ සීත හිමවතේ හමන මාරුතේ සීත හිමවතේ හමන මාරුතේ මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ දෑස බොඳ වෙලා දෙසිත ගොළුවෙලා දෑස බොඳ වෙලා දෙසිත ගොළුවෙලා මේ වගේම රැයක එදා අප වෙන්වූයේ කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ පියාඹන්න අවසරයි පියාපතද සැහැල්ලුයි ඉතින් නිල් අහස මගෙයි මගේ ...
නන්දා මාලිනී.. | Nanda Malini - The Golden Era වැම්පයර් අසූව දශකය නන්දා මාලිනිය ගේ සංගීත දිවියේ උච්චස්ථානය සනිටුහන් වූ දශකය ලෙස නම් කිරීම උචිත යැයි හඟිමි. කප් සුවහස් කල්, යාත්‍රා, යුගයෙන් යුගයේ, හේමන්තයේදී, පවන, සත්‍යයේ ගීතය කැසට් පට මෙයට මොනවට සාධක සපයන්නාහුය. මහැදුරු සුනිල් ආරියරත්නයන් පබැඳූ ගී වලින් සමන්විතවූ මෙ සමූහය අදටත් ඇසීමට ප්‍රිය උපදවන්නා සේම එදා ජනිතකල හැඟීම් සමුදාය නැවතත් එලෙසින්ම ඇතිකරලීමට සමත්වෙයි. එනමුදු පසුව මහැදුරු ආරියරත්නයන් ගේ ...
තවත් එක් බීපු කතාවක් - Yet another alcoholic story ! වැම්පයර් ඔන්න එදත් වෙනදා වගේම වගේ බොන දවසක්. මතකේ හැටියට එදා අපි පැවිලියන් එකේ තමයි සෙන්ටිමෙන්ටල් වුනේ. කට්ටිය ලෙසටම ගැහුවා. අන්තිමට දන්නවනේ වෙන වැඩේ. වැඩිය බීපු නැති උන් වගේම බයිට් කාපු උන්ට වෙන්නේ කලාබර ආසියො රුයිත හේරො වගේ දිව බඩ එහෙම එලියෙ දාගෙන ඉන්න උන්ව බෝඩිං වලට ඇරලන්න. එතකොට තමයි බයිට් කන්න සෙට්වීමේ රඟේ තේරෙන්නෙ. මොකද ඉතින් සිහි නැතිවෙන්න ගැහුවනං ආයෙ ...
අවුරුද්දයි- එකසිය විස්සයි- එක්දාස් තුන්සීයයි-හැටතුන්දාහයි වැම්පයර් ටිකක් හිනාවෙන්න බ්ලොග් එක ලියන අභීත අයියා මතක් කළානේ ඔන්න මගේ බ්ලොග් එකට අවුරුද්දක් පිරිලා කියලා. හැබෑව නේන්නං. මේ කාලෙ පුරාවට මේක බලපු, කොමෙන්ට් කරපු, හොඳ නරක කියලා දීපු සැමටම ස්තුතියි. හරි එහෙනං.. ආයෙත් දිගටම මොන මොනවාහරි කුරුටු ගාන්නයි හිතාන ඉන්නෙ. අවුරුද්දක්, පෝස්ට් එකසිය විස්සක්, කොමෙන්ට්ස් එකදාස් තුන්සීයක්, හිට්ස් හැටතුන්දාහක්.. රවුං ගණන් වලට සෙට් වෙලා තියෙන්නෙ. ...
නෑසෙන ගී රස... ගුණදාස කපුගේ.... වැම්පයර් සෑහෙන කාලෙකට කලින් ඩ්‍රාෆ්ට් වෙලා තිබුණ පෝස්ට් කෑලි කීපෙක තිබ්බ සින්දු ටිකක් අමුනලා එක පෝස්ට් එකක් හැදුවා. වැඩ වැඩි කමටත් වඩා කම්මැලිකම ද මන්දා.. ආයෙත් පොඩ්ඩක් වැඩිපුර මේ පැත්තෙ ගැවසෙන්නයි කල්පනාව.. කපුගේ ගෙ සින්දු කිව්වම වැඩි දෙනෙක් අහල තියෙන්නෙ අර සන්ෆ්ලවර් කැසට් තුනේ තිබුණ සින්දු පණහකට ආසන්න ප්‍රමාණෙ වෙන්න ඕනෙ. සාමාන්‍යයෙන් නෑසෙන කපුගේ ගීත ටිකක් පහලින් තියෙනවා, අහල බලන්න. ...
"කවියන්ගෙ රස හැඟුම" හින්දි කොපියක්ද? Vilbert Anthony වැම්පයර් පැරණී සිංහල ගීත ප්‍රියකරන අයට විල්බට් ඇන්තනී කියන නම අමුතුවෙන්න විදියක් නෑ. හැත්තෑව දශකයේ මීගමුවෙන් කරළියට ආ විල්බට් ඇන්තනී අසූ ගණන් වල අග හෝ අනූ ගණන් වල මුල දක්වා ගී ගැයුවා. ගුවන්විදුලියේ අනූව දශකයේ අග වෙනකන් විල්බට් ඇන්තනී ගේ ගීත ප්‍රචාරය වුණා. විල්බට් ඇන්තනීගෙ එකල ජනප්‍රිය ගී අතර.. කුංකුම චන්දන අංජන තවරා චාන්දනි සිනාසුනා..(මං කැමති එක) බඹරු මත්වෙලා මලට ළංවෙලා.. ...
ඇම්. කේ. රොක්සාමි | M. K. Roksami වැම්පයර් මව හා පියා දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් වූ එම්. කේ. රොක්සාමි, හෙවත් අප කවුරුත් හඳුනන රොක්සාමි මාස්ටර් උපත ලැබුවේ දකුණු පලාතේ ඇල්පිටීය නගරයේය. ඔවුහු පසුව කොළඹ නගරය ස්ථිර වාසස්ථාන කොට ගත්හ. දෙමාපිය සංගීත ලෝලීත්වය හා දෙමාපිය හැකියාව කුඩා රොක්සාමි ගේ සිත සංගීතය කෙරේ බැඳ තබාගැනුමට සමත්වූහ යි යන්න මුසාවක් නොවේ. එකල තබ්ලා, ස්ර්පිනා, මැන්ඩලිනය හා වයලීනය හැසිරවූ කුඩා දෑත් පසු කලෙක ...
පූජා.....පූජා වේවා...... | Joe Abeywickrama වැම්පයර් දරු දුක උහුලා තනිව වැලපෙනාබුදු බව ලබනා පියවරු වෙසෙනාපූජා.....පූජා වේවා...... මහමෙර වැනි බර සිතින් උහුලනාකඳුලැලි සමුදුර නෙතින් සඟවනාදරු දුක උහුලා තනිව වැලපෙනාබුදු බව ලබනා පියවරු වෙසෙනා මව් ඇති දාටත් සෙනෙහස පුදනාමව් නැති දාටත් තුරුලේ රකිනාසසර ගෙවෙන තුරු දරුවන් රකිනාබුදු බව ලබනා පියවරු වෙසෙනාපූජා...... පූජා වේවා...........ධර්මසිරි ගමගේ ගේ පූජා (1986) චිත්‍රපටයට ධර්මසිරි ගමගේ රචනා කල කේමදාසයන් ...
වර්ගපූර්ණිකාව ඇමරිකාවෙන් වසාදමයි...කතෲ අත්අඩංගුවට..රාවණ රජුගේ රහස හෙළිවේ.. වැම්පයර් අතීතයේ මුළු ලොවම සිය අණසකට යටත් කරගෙන සිටි රාවණා රජුගේ රහස් මුළු ලොවටම හෙළි කළ වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය ඇමරිකාවෙන් වසා දමා ඇත. එමෙන්ම වර්ගපූර්ණිකාවේ කතෲ තුමා අතඩංගුවට ගෙන ඇත. එම නිල නිවේදනය පහතින්.. සමහරවිට මේ ලිපිය කියවන විට එතුමා මේ ලිපියේ අග ඇති රාවණා රජුගේ මන්ත්‍රයකින් CIA එකේ අම්මා මුත්තා දක්වා දූරිභූත කර නැවත අඩවිය ලබාගත්තා වීමට ඉඩ ඇති හෙයින් ...
ලක්ශ්මන් විජේසේකර - ඔබේ දෙකොපුළ වසා ගලනා | Lakshman Wijesekara වැම්පයර් ලක්ශ්මන් විජේසේකර මහත්තයා කියන්නේ අනූව මුලදී සෑහෙන්න ජනප්‍රිය වුනු (ගංගා හා නිශ්ශංක ටෙලි තේමා ගීතය - සිනා පිපෙනා මේ වසන්තය- කුමාරදාස සපුතන්ත්‍රී, සමිතා මුදුන්කොටුව) අනූපහෙන් විතර පස්සෙ ආගිය අතක් නැතිවුණ... ආයෙ දෙදාහෙදි නව රිද්ම කැසට්පට රැල්ල සමග ආයෙත් කැසට් එකක් කරපු.. දැන් ආයෙත් ආගිය අතක් නැති.. සෑහෙන්න හොඳ ගීත කියපු ගායකයෙක්. මේ ගීතය නම් ඇහෙන්නෙම නැති තරම්. ඒත් මගේ හිතේ ...
නිකං ස්ටාර්ස් හා සුපර් ස්ටාර්ස් වැම්පයර් මේ වීඩියෝවෙ තියෙන එකම විශේෂත්වය නදීක ගුරුගේ හා ඉන්ද්‍රචාපගේ විශිෂ්ඨ හඬ පාලනය හා වාදනය විතරක් නෙවයි. අනිත් ඉන්න සැට් එක ඒක රස විඳින ආකාරයත් මේකෙන් නියමෙට පේනවා. රසවින්දනය පුද්ගලානුබද්ධයි. සෑහෙන්න හොඳ උදාහරණයක් මේක. නදීක ගුරුගේ කියන්නෙ මට හිතෙන විදියට අමුවෙං ගහනවා, එහෙම නැත්නං බොක්කෙං ගහනවා, කියන ලෙවල් එකේ සංගීතවේදියෙක්. වැඩිය ජනප්‍රිය නැතිවුණත් සැබෑ දක්ශයෙක්. බලල බලන්න. අහල බලල විතරක් මදි ...
සිරිල් ටියුඩර් ප්‍රනාන්දු, නොහොත් සී.ටී. ප්‍රනාන්දු | C.T. Fernando වැම්පයර් සිරිල් ටියුඩර් ප්‍රනාන්දු, නොහොත් සී.ටී. ප්‍රනාන්දු ශ්‍රී ලාංකික පොප් සංස්කෘතියේ නිර්මාතෲ යැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ. ග්රැමෆෝන් යුගයේ අවසාන කාලසීමාවේදි ශ්‍රී ලාංකික ශ්‍රාවකයන්ට "අමුතු" යමක් කිරීමට සී.ටී. ප්‍රනාන්දු සමත්වූ වග මාගේ හැඟීමයි. ඔහුගේ තනු වලට හා හඬ හැසිරවීමට ඉංගිරිසි තනු/ගීත වල ආභාශය නොඅඩුව ලැබී තිබුණද පද රචනා ව තුලින් ඔහු සිංහල රසිකයාගේ සිත දිනාගැනුමට සමත්විණ. පල්ලියේ ගායක ...
නෑසෙන ගී රස - සුනිල් එදිරිසිංහ (එම්පීත්‍රී සහිත) වැම්පයර් සුනිල් එදිරිසිංහ කියපු ගමන් මතක් වෙන සිංදු ගොඩක් තියෙනවා නේද? පාරු පාළමෙන්, සඳකඩ පහනක, ශිල්ප සොඳින්, සොර දෙටුවෙක් වගේ ඒවා.. සාමාන්‍යයෙන් මම නෑසෙන ගී රස ලේබලය යටතේ යොමු කරන්නේ එතරම් ජනප්‍රිය නොවුන එහෙත් දෙවරක් අහන්නට සිතෙන ගීත. පහතින් ගීත 4ක් තියනවා, අහල බලන්න. . එම්පීත්‍රී සබැඳුම් www.mp3srilanka.com දරමිටි බැඳගෙන නියඟය අවුලා සූරිය දෙවියෝ වැඩ ඉන්නේ වැවට දිරාගිය කඳ උඩ ඉඳගෙන ...
නෑසෙන ආදර ගීතයක් - ශෙල්ටන් පෙරේරා Shelton Perera වැම්පයර් කිකිණි වැල් ගිගිරි දැල් රසය ගල ගලා හඬද ඒ එන්නෙ මේ සුළගෙ මුසුවෙලා පිපෙන කුසුම් පිපීයන් නොපිපුණු මල් පිපීයන් සඳ කැල්මෙන් නැහැවිලා වන දෙව්ලිය හිනැහියන් ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා වසන්තයේ සුළං රැල් දිගන්තයේ හමාවී ආදරයේ ගීතිකා සතර දිගින් ඇසේවී ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා සශී පෙරේරා, ශෙල්ටන් පෙරේරා මක් කිව්ව.. ශෙල්ටන් පෙරේරා අඳුරන්නෙ නෑ? එහෙනං පට්ස් ගාල මෙතනින් බලාගෙන එන්න.. පටිගත ...
පයි දිනය වෙනුවෙන් පයි ගැන විස්තර වැම්පයර් අද තමයි ලෝක පයි දිනය. කල්පනා කරල බැලුවොත් ඇයි අද පයි දියන කියල හිතාගන්න අමාරු වෙන එකක් නෑ. අද පයි දිනයෙ පයි වෙලාව තමා එකයි පනස් නවයයි තත්පර විසි හය! මේ සටහන පයි ගැන අමුතු අමුතු කාරණා සොයන්නන්නට. පයි ගැන ඔබ තුමන් ලා දන්නා වැඩි විස්තරත් කොමෙන්ටුවකින් දාලා යන්ට. 1. පයි කියන්නේ දැනට ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන දෙයක්. පයි කියන්නේ ...