ධර්මය සොරකම් කරන්නට ආ නිඝණ්ඨනාථපුත්ත ගෝලයා... ලාහිරු දහසක් දිලී ........ තවත් කෙනෙකුට කීර්ති, ප්‍රශංසා , ලාභ සත්කාර ලැබෙද්දි සමහර අයට ඉවසන්න අමාරුයිනේ. අනිත් අයට වැඩියෙන් ලැබෙනවා කියන්නේ තමන්ට ට ලැබෙන දේවල් අඩුවෙනවා කියන එකනේ. ඉතින් ඒක එයාලට ඇහැට කටු අනිනවා වගේ වැඩක්. මේ තත්වේ දැන් වගේ ම ඒ කාලෙත් තිබුණා. බුදුරජාණන් වහන්සේ භාරතයේ පහල වෙන්නට කලින් විවිධ ආගම්, ශාස්තෲවරු සියගණනක් ඉන්දියාවේ හිටියා. කෝටි ගණනක් මිනිස්සු හිටිය ඉන්දියාවේ විවිධ සාධක මත ...
දිරිය යුවතිය ඈ... ලාහිරු දහසක් දිලී ........ අද ඔන්න කතාවක් කියන්නයි යන්නේ. මේක ඇත්ත ම සත්‍ය කතාවක්. කතාව කියවලා ඔයාලට හිතෙන දෙයක් ඒ විදියටම කියලා යන්නත් අමතක කරන්නෙපා කියලා මුලින් ම කියනවා ඔන්න. ඒ අක්කගේ නම ගීතිකා. අයියාගේ නම සුනෙත් කියමුකෝ. ගීතිකා අක්කා හිටියෙ, අපේ ගෙවල් වලට ප්‍රධාන පාරෙන් හැරෙන පාරෙ පළවෙනි ගෙදර. ඒ අක්කට ලස්සන දිග කොණ්ඩයක් වගේ ම සැරයක් දැක්කොත් ආයේ හැරිලා බලන්න තරම් ප්‍රියමනාප ...
පසේබුදුවරුන් ගැන සිත පහදා ගන්නේ.... ලාහිරු දහසක් දිලී ........ බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නෙත් උතුම් වූ රහතන් වහන්සේ කෙනෙක්. නමුත් යම් යම් කාරණා වලින් බුදු කෙනෙක් රහතන් වහන්සේ නමකගෙන් වෙනස් වෙනවා. ඒ එක කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ සතුව පවතින විස්මිත ඥාණ සමුදාය. ඒ එක ඥාණයක් තමයි අනාවරණ ඥාණය කියන්නෙ. අතීතය, වර්තමානය හා අනාගතය යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඥාණයක් කියනවා කියන එක තමයි එයින් අදහස් වෙන්නෙ. ඒත් එක්කම ...
නගර අසූහතරදාහක් අතරේ වහළෙන් වහළෙට පැන පැන යන කුකුළෙක්... ලාහිරු දහසක් දිලී ........ කලින් සටහනේ නැවැත්තුවේ, ලෝකයේ හිටිය බොහෝ දෙනා එකිනෙකා මරාගෙන විනාශ වුණ තැනින් නේ. අම්මා පුතා ව වත් පුතා අම්මාව වත්, තාත්තා දුවව වත් දුව තාත්තව වත් අඳුරාගන්නෙ නැතුව එකිනෙකා මරාගන්න එක කොයිතරම් නම් ශෝචනීය දෙයක් ද? කොහොම වුණත් ඒ දේවල් අනාගතයේ දි සිද්ධ වේවි කියලා හිතෙනවා දැන අහන දකින දේවල් වලින් පවා. ඒත් ඒ දේවල් සිදුවෙන එක නවත්වන්න කාටවත් බැහැනේ. ...
අහසින් යන ඇතෙක් සහ අශ්වයෙක් ! සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද -2 ලාහිරු දහසක් දිලී ........ කලින් සටහන බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බලලා ම එන්නකෝ. අද ඉතුරු මාණික්‍යරත්නයන් ගැන විස්තර කියන්න කලින් පුංචි කතාවක් කියන්නයි යන්නෙ. දවසක් ගෞතම බුදුරජාණන් වහන්සේ යි අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේයි පා ගමනින් වඩිද්දි බුදුරජාණන් වහන්සේ එක තැනක නතර වෙලා පාර හරහට යන කඩි රැලක් දැකලා මෙහෙම කියනවා. "ආනන්දය මේ කඩි රැළේ කඩි අතරින් පෙර භවයක සක්විති රජ බවට පත් නොවුණු ...
ලෝකයේ විශාලතම වාහන.... ලාහිරු දහසක් දිලී ........ අද අපූරු ඡායාරූප තුළින් අරන් එන්නේ Mover වර්ගයට අයත් ලෝකයේ දැනට භාවිතා වන විශාලතම වාහන පිළිබඳවයි. බලන්නකෝ කොහොමද කියලා.....
සුප්‍රසිද්ධ වර්ණපාල තියරිය... ලාහිරු දහසක් දිලී ........ සාමාන්යෙන් කැම්පස් ඉන්න, හිටපු අය නම් මේ ගැන හොඳටම දන්නවා, සමහරු නම් පාවිච්චි කරලත් ඇති. කැම්පස් නොයන, නොගිය හරි යන්න බලාගෙන ඉන්න අයට දැනගන්නත් එක්කලා වර්ණපාල තියරිය කියන්නයි මේ හදන්නේ. මේ වර්ණපාල තියරියේ ඇත්තටම ප්‍රධාන චරිතය තමයි හිටපු උසස් අධ්‍යාපන ඇමති මහාචාර්ය විශ්වා වර්ණපාල මහත්තයා. ඒ කියන්නෙ මේක ඇත්තටම සිද්ධ වුණ දෙයක් හොඳද. ළඟදි දවසක පත්තරේක එතුමත් එක්ක තිබුණු සාකච්ඡාවක් ...
ලෝකයේ ලොකු ම බොරුව සහ ගොබෙල්ස් න්‍යාය... ලාහිරු දහසක් දිලී ........ පොඩි බොරුවට වඩා ලොකු බොරුවට පුහුදුන් මිනිසා සැනකින් ගොදුරු වේ. සුළු දේකට වුවද පොඩි බොරු කීමට හැමෝම ප්‍රිය කරති. ලොකු බොරු කීමට කිසිදාක පෙළඹෙන්නේ නැත. වෙනත් කාටවත් ලොකු බොරු නිපදවන්නට ද බැරි බව විශ්වාස කරති. එම නිසා විශාල බොරුවලට ආයුෂ ද බොහෝ වෙයි .....මේ තමයි ගොබෙල්ස්ගේ න්‍යාය පිළිබඳ ව ප්‍රකට ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ නිර්වචනය. බොරු කියන්න හොඳ නෑ කියලා ...
මාර වැඩ කරන මාරයා... ලාහිරු දහසක් දිලී ........ අපිට මාර සීන් එකනේ වුණේ, ඒක නම් මාර වටිනවා, අද මාර කේස් එකක්නේ වැටුණේ, එද්දි මාර වැඩක් වුණානේ, ඌ මාර ගැහිල්ලක්නේ ගහන්නේ, මාර නෝන්ඩියක්නේ වුණේ, ඒ යකා මාර මිනිහෙක් නේ, මාර කෑමක් තමයි කෑවේ... වගේ මාර වචන ගොඩක් තියෙනවා මාරයා ගැන. හැබැයි කවුරුවත් වරදවා තේරුම් ගන්න එපා මේ කියන්න යන්නේ උතුරු පළාතේ බයිසි මොටෝවෙන් කරක් ගහන, මාරයාගේ හෝරාව ලියන මාරයා ...
ඇත්තටම මම එයාට ආදරෙයි ද...? ලාහිරු දහසක් දිලී ........ එයාගේ හිනාවට මගේ හිත ඇදී ලා යනවා වගේ මට දැනෙනවා ...හරි අමුතු ලස්සනක් තියෙන්නේ......පොතක් දිගෑරගත්තත් ඒ ඇස් දෙකමයි මට මැවි මැවී පේන්නෙ..මම සිහින ලෝකෙක අතරමං උනා...යන එන මග පුරාවටම මගේ ඇස් හෙව්වේ ම ඒ රූපේ...එයාව දකිද්දිම මගේ හද ගැස්ම වැඩි වෙනවා....අනේ ඒ රූපේ මගේ ම වෙනවානම්.....මටවත් මාව අයිති නැති ලෝකෙක මම එහෙම පැතුවාඅනේ මම වගේ මී හරකෙක්......එයා දන්නෙවත් නෑ මම ...
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය... ලාහිරු දහසක් දිලී ........ සීහ කියන්නේ හරිම දක්ෂ සේනාපතියෙක්. සීහ සේනාපති කිව්ව ම ඒ කාලේ දඹදිව අස්සක් මුල්ලක් නෑර ම දන්නවා. ඒ තරමට ප්‍රසිද්ධයි. ඔන්න දවසක් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා සීහ සේනාපතියා ඉන්න නගරෙට. හැම තැන ම ප්‍රසිද්ධ වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙච්චර කාලෙකට කවුරුවත් නොකියන ධර්මයක් කියලා. ඒ නිසා මිනිස්සු හැම අතින් ම වැළ නොකැඩී ඇදිලා යනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. ඉතින් ...
අපට වැරදුනාවත් ද..? ලාහිරු දහසක් දිලී ........ අපි හරි නිදහසේ නේද ඉන්නෙ? අපිට කන්න හිතුණ වෙලාවට කන්න පුලුවන්. කොහෙහරි යන්න ඕන කියලා හිතුණොත් හිතෙන ඕන තැනක යන්න පුලුවන්. අද වැඩ කරන්න බෑ කියලා හිතුණොත් නිවාඩුවක් දාලා දවල් වෙනකල් නිදාගන්නත් පුලුවන්. ඉන්න හිටින්න අපේ ම නොවුණත් ගෙයක් දොරක් තියෙනව. ලෙඩට දුකට බෙහෙත් තියෙනව. අඳින්න විවිධාකාර ඇඳුම් තියෙනවා. ඉතින් අපි හරි වාසනාවන්තයි නේද? ඇත්ත. මිනිස්සු විදියට අපි හරි වාසනාවන්තයි. ...
ආදර්ශය ලාහිරු දහසක් දිලී ........ මෙයට බොහෝ කල්ප ගණනකට කලින් බුදුරජාණන් වහන්සේ නමකට වස් තුන් මාසය තුළ උපස්ථාන කිරීමට පිරිසක් ලෑස්ති වුණා. ඒ අතරින් සමහරු ඉතාමත් ශ්‍රද්ධාවන්තයි. බොහෝ මිනිසුන් සමග ඒ දානය පූජා කිරීමට පිටත් වුණා. ඒ මිනිසුන් අතර සමහර පිරිසක් සැදැහැවත් නැහැ. ඔවුන් ඒ පිළියෙල කළ දාන වස්තුව සොරෙන් කෑවා. ඒ වගේම ඒ දන් පිළිවෙල කරන ගෙට ගිනි තබා බොහෝ අකුසල් කර ගත්තා. කලකට ...
අළුත් ම ඉන්ටනෙට් ප්‍රොටෝකෝලය IPv6.... ලාහිරු දහසක් දිලී ........ අපි අන්තර්ජාලය පුරා සැරිසරන අවස්ථා වලදි, එහෙමත් නැත්නම් ලෝකය පුරා ඇති කෝටි සංඛ්‍යාත පරිගණක අතර දත්ත හුවමාරු වෙන්නේ ඊටම ආවේණික විශේෂ ක්‍රමයකින් කියලා ඔයාලා දන්නවනේ. ඒ තමයි IP Address හරහා. දැන් දැන් පරිගණක විතරක් නෙවේ ස්මාට් ෆෝන්, අයිපෑඩ්, නෝට්බුක්, අළුත් ම රූපවාහිනී, ශීතකරණ, වායු සමීකරණ වගේ උපකරණ ත් IP Address හරහා දත්ත හුවමාරු කරගන්න එකතු වෙලා ඉන්නවා(ඔයාලා Home network ගැන ...
Google Headquarters පැත්තේ රවුමක් යමුද...? ලාහිරු දහසක් දිලී ........ ඔයාලා තාමත් හිතාගෙන ඉන්නේ ඔයාලා වැඩ කරන්නේ හරි ම තැන කියලද? කිව්ව්ට අහන්නේ නෑනේ, එහෙනම් මේ ටික බලලා ම තේරුම් ගන්නකෝ. ඊට පස්සේ ඔයාලා ම තීරණය කරන්නකෝ හරිද තැන කියලා! වැඩ කරන අතරේ පුංචි විවේකයක්! එහෙ මෙහෙ පීනන මාළු බල බල මනසට විවේකයක් ලබාගන්න ගමන් ම මේ පුටු වලින් ඉබේ ම සම්බාහනයක් ලැබෙනවා. ම්ම්ම් කොහොමද ඒක? තමන් වැඩ කරන පරිගණකයේ මොනා ...
අළුත් ම ඉන්ටනෙට් ප්‍රොටෝකෝලය IPv6....- 2 ලාහිරු දහසක් දිලී ........ මේ ගැන මම දැම්ම මුල් ම සටහන කියවන්න බැරි වුනා නම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ, මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වේවි. එහෙම නතිවුනොත් සමහරවෙලාවට අගක් මුලක් තේරෙන්නේ නැතුව යාවි. මම කලින් කිව්වනේ ලෝකේ පුරා IP address බෙදන රාජකාරිය අයිති ICANN කියන සමාගමට කියලා. මේ සමාගමට අයත් IANA (International Assigned Numbers Authority) කියන සමාගම තමයි මුලු ලෝකයම කලාප වලට බෙදලා ඒ ...
ඇයි අපි නොතෙමෙන්නේ..... ලාහිරු දහසක් දිලී ........ මේ දවස් වල තොරතෝංචියක් නැතුව වහිනවනේ. නියම වැඩේ කියන්නේ හැමදාම වගේ වහින්නේ ඔෆිස් එකෙන් එළියට බහින්න ඔන්න මෙන්න තියලා. ඉතින් සමහර දවස් වලට කුඩයක් තියෙන අය, නැති අය කියලා වෙනසක් නැහැ නාගෙන තමයි යන්න වෙන්නෙ. ඒ ඉතින් වැස්ස ගැන සුපුරුදු කතාව නේ. හැබැයි මේ කියන්න යන්නේ ඊට වෙනස් දෙයක්. මිනිස්සු වුණ අපි වැස්ස වෙලාවට උත්සහ කරන්නෙ මොන ම විදියකින් හරි ...
මට්ටකුණ්ඩලී කතා වස්තුව ... ලාහිරු දහසක් දිලී ........ සැවැත් නුවර කෙළවර කර ඇති පාලු සොහොන් බිමකි. බොහෝ කල් ගිය මෙන් ම අලුත් මළ සිරුරු ද එහි බොහෝ සෙයින් දක්නට ලැබෙයි. ඇතැම් මළ සිරුරු වන සතුන් ගේ ගොදුරු බවට පත් ව ගොසිනි. ඇතැම් ඒවායේ නෂ්ට ව ඇත්තේ සුදු පැහැ ගැන්වුණු ඇට කැබලි පමණකි. ජනයාගෙන් ශුන්‍ය වූ සොහොනෙහි කෙළවරක මහ හඬින් ඉකි ගසමින් වැළපෙන බමුණෙකි. පාලු සොහොනෙහි හිඳින බමුණා, මියගිය ...
දුවේ ඔයා වර්ජින් ද ? ලාහිරු දහසක් දිලී ........ වෙනදා ලියන ටෙක්නිකල් කතා වලින් පොඩ්ඩක් ඈතට ගිහින් අද කියන්න යන්නේ පොඩි කතාවක්. මේක වුනේ අපේ නෝනා ගේ කොලේජ් එකේ...( හෙහ් හෙහ්.. නෝනා කිව්වට මම තාමත් පෝරුවට නැග්ගේ නෑ තාම, ආදරේට එහෙම කියන්නෙ!). මේ දවස් වල එහේ ස්පෝර්ට් මීට් වලට ලෑස්ති වෙනවා. ඒකට ඕන කරනවලු ග්‍රීක් වර්ජින් (Greek Virjin) ලා හත් දෙනෙක්! දැන් ඔයාලා බලනවා ඇති මේ මොක්කුද කියලා නේද! ...
දුරකථනය ගැන අපි නොදන්න කතාවක්....? ලාහිරු දහසක් දිලී ........ අද කියන්න යන්නේ නම් ටිකක් විතර වෙනස් විදියේ කතාවක්. දුරකථනය නිර්මාණය කලේ ( 'සොයා ගත්තා' කියලා දැම්මා නම් කවුරු හරි අහන්න බැරි නෑ ඒක නැති වෙලා තිබුනද කියලා... හික් හික් ! ) ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල් කියලා අපි ඉගෙන ගන්නේ පොඩි කාලේ නේ. ඒක වුනේ 1876 වගේ කාලෙක. ඒත් දුරකථනය සොයාගත් අළුතම ඒක හිතුව තරම් ජනප්‍රිය වුනේ නෑ. බෙල් තමන් ...