ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.... ලාහිරු දහසක් දිලී ........ මේ දවස් ටිකේදි කරන්න ලැබුණ ප්‍රොජෙක්ට් එකේ මගේ කොටස දඩ බඩ ගාලා ඉවර කරලා නිවාඩු පාඩුවේ ඉන්න ගමන් කරන්න දේකුත් නෑනෙ කියලා කල්පනා කරකර ඉද්දි (ඇත්තටම හිත හිත ඉන්නෙ හවස කොහොමද ටිකක් කලින් ඔපීසියෙන් පනින්නෙ කියලා ගෙදර යන්න! ) කැම්පස් එකේ එක වසර ඉද්දි වුණ සිද්ධියකුයි අපේ සැට් එක පිරිතකට ගිහින් වුණ සිද්ධියකුත් මතක් වුණා. එක වසර සිද්ධිය නම් මතක් ...
හොඳම යාළුවෝ (ගැහැණු/පිරිමී ) වෙන්න පුළුවන් කාටද???? ලාහිරු දහසක් දිලී ........ යාළුවෝ...මාළුවෝ අපි හැමෝටම ඉන්නවනේ. ඒ වුනත් විශ්වාසවන්ත යාළුවෝ ඉන්නේ කීදෙනාද නේද? එහෙම යාළුවෝ නම් ඉන්නේ බොහොම ටික දෙනයි. තව සමහරු පණ දෙන්න වගේ ඉන්නවා, මොනාහරි සිද්ධියක් වුණා ම තමයි එයාලගේ යාළුකම තේරෙන්නේ. හරියට කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට වගේ! ඇයි තව සමහරු ඉන්නවා අපේ හැමදේම අහගෙන ඉඳලා රට වටේ පතුරවන අය...අපි හැමෝටම ඔය වගේ අය අඩු වැඩි වශ්යෙන් ඉන්නවා. අද කතාව ...
දිලුම් සොහොයුරා ගේ අවසන් කටයුතු ගැනයි මේ... ලාහිරු දහසක් දිලී ........ සයිබර් අවකාශයේ ආදරණීය ඉලංදාරියාගේ අවසන් සුසුම් පොද වා තලයට මුසු ව ගොසින් අදට හරියට ම දින තුනකි. ආදරණීය දෙමාපියන් ගේ, එකම සොයුරාගේ, ළබැඳි මිතුරන්ගේ සෝ සුසුම් නොඅසමින් දෝ හේ නිසල ව උඩුකුරු ව සයනය කරමින් සිටියි. නිබඳ සොවින් වැළපෙන ආදරණීය අම්මා ගේ විලාපය ඔහුට ඇසෙන්නේ නම්.... නැඟී සිටින්නට හේ දෙවරක් නොසිතනු ඇත. ඔහුගෙන් පිය වදනක්, සිනහවක් නොලැබූවෙකු නොමැති තරමට රැස් ...
ගුටි කෑමෙන් ඉගෙන ගැනීම හෙවත් පළමු පාඩම...! ලාහිරු දහසක් දිලී ........ අම්මෝ... ගුටි කන ඒව නම් මතක් කරන්න එපා කියලා ගොඩක් අය කියයි. මොකද සමහරු කියනවනේ කෑමෙන් කෑම හොඳම කෑම ගුටි කෑම කියලා. හොඳ හොඳ හෝටල් වලින් කාලා තියෙන අය නම් මේ ගැන දන්නවා. හැබැයි ඉතින් ඉකෝලේ කාලේ එහෙම මතක් වෙලා හිනා යන වෙලාවල් එහෙම අප්‍රමාණයි. ගුටි කන එකෙත් වර්ග කීපයක් ම තියෙනවනේ. එකක් තමයි ගෙදරින් ගුටි කෑම. ඒ නම් ආදරේට ...
අඟේ ඉඳන් කන කපනා, මිතුරු වෙසින් වළ කපනා යාළුවෝ... ලාහිරු දහසක් දිලී ........ සමහරු අහනවා ඔයාට මාව විශ්වාසයි ද? නැත්තම් සැකයිද කියලා... තවත් අය කියනවා මට මුළු ලෝකෙටම වඩා ඔයාව විශ්වාසයි කියලා. ඔයාට මේ මුළු ලෝකෙ ම නැතිවුණත් මම ඉන්නවා කියලත් කියන වෙලාවල් එහෙමත් තියෙනවනෙ. එහෙමත් නොකියන අය මෙහෙම කියනවා. මට ඔය කවුරු නැතිවුණත් මට මාව විශ්වාසයි කියලා. ඇත්තටම එහෙම කිව්වට අපිට අපිව විශ්වාස කරන්න පුළුවන්ද? ටිකක් නිවී සැනසිල්ලෙ හිතලා බලන්නකෝ මේ කියන ...
මහින්ද චින්තනය තුළ රජයේ සේවකයා ශක්තිමත් කර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වාගේම සේවා තත්ත්වය වර්ධනය කිරීමටත්... ලාහිරු දහසක් දිලී ........ පහුගිය ටිකේ මේ ගැන මොනවහරි ලියන්න ඕන කියලා හිතුවත් දවසින් දවස කල් ගියා මේ ගැන ලියන එක. රාජ් අයියා ලියලා තිබුණ සටහන කියෙව්ව ම මටත් හිතුණා ඔය සම්බන්ධයෙන් මම දන්න සිද්ධි දෙකකුත් ලියලා දාන්න. රාජ්‍ය සේවය සහ දේශපාලනය අතර තියෙන සම්බන්ධය මොනවගේ එකක්ද කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පහුගිය දශක කිහිපය ඇතුළත ඒක කොයි විදියටද ගරා වැටුණේ, ඒ ගරා ...
Bootable CD දැන් කැලේ... ! ලාහිරු දහසක් දිලී ........ ඉස්සර කාලේ, ඒ කිව්වේ දැනට අවුරුදු 10 කට කලින් floppy disk එකක අයිතිකාරයෙක් කියන්නේ හරිම ලොක්කෙක් විදියට තමයි අනිත් අයට පෙනුනේ. හික් හික්.. මම උනත් ඒ අය දිහා කට ඇරගෙන බලාගෙන ඉඳලා තියෙනවා ඕන තරම්. මොකටද ආයේ බොරු කියන්නේ. ඒ නිසා ම සමහරු ක්ලාස් යද්දි පොත් අතේ අරන් යනවා වගේ අතේ අරන් ගියෙ ෆ්ලොපියක්. කෙල්ලන්ට පේන්න අරන් යන්නෙත් ෆ්ලොපියක්. සමහර ...
කාලයේ වැලි තලාවෙන් වැසී ගිය උතුම් මැණික... ලාහිරු දහසක් දිලී ........ සාමාන්‍යයෙන් අපි කවුරුත් නිතර කතා කරන්නේ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතයේ ලෙඩ රෝග සුවපත් කිරීම ගැනනේ. රැකියාවක් වෙනුවෙන් අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් සතුටක්/ ආශ්වාදයක් ලැබීම ආදී දේ ගැන තමයි අපි සාමාන්‍යයෙන් ජීවිත කාලය ඇතුළත මහන්සි වෙන්නෙ. ඒ අය අතරට මේ කියවන ඔබත් ලියන මමත් අඩුවැඩි විදියට ඇතුළත්. කෙටියෙන් ම ...
ලෝක කාන්තා මහා සම්මේලනය… ලාහිරු දහසක් දිලී ........ ඔන්න එකමත් එක කාලෙක තිබුණලු ලෝක කාන්තා මහා සමුළුවක්… මේක අවුරුද්දක් අවුරුද්දක් ගානේ වරද්දන්නේ නැතිව පවත්වගෙන යන එකක්ලු. මේ කතාවට අදාල සමුළුව නම් පැවැත්වුනේ මේ දවස් වල වැඩිපුරම කතා බහට ලක් වෙන ස්විට්සර්ලන්තේ ජිනීවා නුවරලු… කොහොමින් කොහොම හරි න්‍යාය පත්‍රයට අනුව සමුළුව පටන් අරගෙන ඉස්ඉස්සෙල්ලාම තිබුනේ පසුගිය සමුළු වාරයේදී සම්මත කරගත්ත යෝජනා ක්‍රියාත්මක වීම පිලිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමලු. ඔන්න ඉතිං ...
මගේ හිත ඔයා ලඟ ද මං ලඟද...? ලාහිරු දහසක් දිලී ........ මේ වගෙ දෙයක් ගැන ලියන්න ඕනේ කියලා ගොඩාක් දවස් හිතාගෙන හිටියට එක එක කරුණු නිසා ඒක කල් ගියා. අද නම් මේ ආදරණිය හිත ගැන ලියනවාමයි කියලා හිතාගත්ත නිසාම කොහොමහරි සටහන ලියාගන්න පුලුවන් වුනා. බුද්ධියට වඩා හැඟීම් වලට මුල් තැන දෙන සමාජයක් ඇතුලේ හිත ගැන ගොඩාක් අර්ථ දැක්වීම් අපිට දකින්න පුලුවන් ටිකක් ඇස් කන් ඇරගෙන හිටියොත් එහෙම....! මේ ගැන ගොඩක් දෙනෙකුට ...
Radar (රේඩාර් ) නැති කාලේ ප්ලේන් ආව හැටි.... ලාහිරු දහසක් දිලී ........ මට ඊ මේල් එකකින් ආව ඡායාරූප ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා. ඒකේ තියෙන්නේ රේඩාර් තාක්ෂණය හොයාගන්න කලින් කොහොමද ගුවන්යානා හඳුනාගත්තේ කියලා. බලන්නකෝ කොහොමද කියලා, හිනායනවා නේද? හැබැයි ඉතින් මේ විදියටවත් බලන්නේ නැතුව සතුරු යානයක් ඇවිත් බෝම්බ දාලා ගියොත් එපා කියන්නයැ...ඒ නිසා මේක ඒකාලේ හැටියට ලොකු තාක්ෂණයක්. ඊට කලින් කියලා ඉන්නම්කෝ මේ රේඩාර් කියන්නේ මොකක්ද කියලා. රේඩාර් කියන්නේ චලනය වන හෝ ...
ලැබෙන Email, Desktop එකට ම ගෙන්නා ගන්න... (Gmail) ලාහිරු දහසක් දිලී ........ Google සමාගමෙන් නොමිලේ ලබාදෙන, අපි හැමෝම වගේ පාවිච්චි කරන දෙයක් තමයි Gmail කියන්නෙ. Hotmail සහ Yahoo වගේ නොමිලේ සේවාවන් ලබාදෙන්නන් අතරින් Google සමාගම ඉන්නේ ප්‍රමුඛතම ස්ථානයේ. එහෙම හැමෝම අතරේ ජනප්‍රිය වෙන්න හේතුව ඔවුන් ලබාදෙන සේවාවේ තියෙන ගුණාත්මක බව නිසා වෙන්නෝන. කාලෙකින් ටෙක්නිකල් සම්බන්ධ දෙයක් ලියන්නත් බැරිවුණ නිසා ම අද කියන්න යන්නෙ කොහොමද ඊමේල් පණිවුඩයක් ඩෙස්ක්ටොප් එකට නොටිෆිකේෂන් එකක් විදියට ගෙන්නාගන්නේ ...
අන්දරේ බිරිඳට කියූ කවි.... ලාහිරු දහසක් දිලී ........ ලොකු කුඩා භේදයකින් තොරව අපි කවුරුත් ආදරය කරන චරිතයක් තමයි අන්දරේ කියන්නෙ. අන්දරේ රජවාසල කවටයා කියලා හැමෝම දන්නවනෙ ඉතින්. අන්දරේ ගොනා වගේ හිටිය හැටි, සීනී කෑව හැටි අපි ඇහුවේ පොඩි කාලෙනේ. ඒ වගේ ම ඔයාලා දන්නවා ඇති අන්දරේ දක්ෂ කවියෙක් බවත්. ඒ කවො ගොඩක් අහලා තිබුණට සමහර වෙලාවට හම්බවෙනවා අහලා නැති ඒවත්. බලන්නකෝ ඔයාලත් මේවා අහලා තියෙනවද කියලා.දවසක් අන්දරේ සිය ...
ධර්මය සොරකම් කරන්නට ආ නිඝණ්ඨනාථපුත්ත ගෝලයා... ලාහිරු දහසක් දිලී ........ තවත් කෙනෙකුට කීර්ති, ප්‍රශංසා , ලාභ සත්කාර ලැබෙද්දි සමහර අයට ඉවසන්න අමාරුයිනේ. අනිත් අයට වැඩියෙන් ලැබෙනවා කියන්නේ තමන්ට ට ලැබෙන දේවල් අඩුවෙනවා කියන එකනේ. ඉතින් ඒක එයාලට ඇහැට කටු අනිනවා වගේ වැඩක්. මේ තත්වේ දැන් වගේ ම ඒ කාලෙත් තිබුණා. බුදුරජාණන් වහන්සේ භාරතයේ පහල වෙන්නට කලින් විවිධ ආගම්, ශාස්තෲවරු සියගණනක් ඉන්දියාවේ හිටියා. කෝටි ගණනක් මිනිස්සු හිටිය ඉන්දියාවේ විවිධ සාධක මත ...
සොරකම් කරන්න කරන්න ධනය දෙන රජතුමා...! ලාහිරු දහසක් දිලී ........ ලෝකයේ ඉන්න ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි පරලොවක් තියෙනවද නැද්ද, අපි කරන කියන දේවල් වල විපාක තියෙනවද, මරණයෙන් පස්සෙ අපිට මොකද වෙන්නෙ කියන එක. එහෙම වෙනවා නම් කෝ ඒවට සාක්ෂි? මේ ප්රශ්නය ම ඒ කාලේ හිටිය පායාසි කියන උප රජතුමාටත් ඇතිවුණා. ඒ ගැන විමසුවා ම කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ අපූරු උපමාවක් කියනවා. අපරාධ කළ කෙනෙක් රාජපුරුෂයන්ට අහුවෙලා රජතුමා හිසා ගසා ...
කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්... ? ලාහිරු දහසක් දිලී ........ සිතක සංකල්පනා ලියන මධුරංග ට වගේ ම මටත් මේ දවස් වල ස්ට්‍රෙස් එක ටිකක් තියෙනවා. ඒකට හේතුව දැනට කරගෙන යන ප්‍රොජෙක්ට් එක, ඉවර වෙන්න ළඟ හින්දා. අන්තිම හරිය කොහොමද කරන්නෝන කියලා සෙනඟ පිරුණු බස් එකේ ඉඳගෙන කල්පනා කරමින් යද්දි මගේ දැහැන බිඳුණේ බස් එකේ දාලා තිබුණ රේඩියෝවේ අයියා කියෙව්ව එක පත්තර සිරස්තලයක් ඇහිලා. ඒක අහලා ලොකු කළකිරීමක් ඇතිවුණා අපි වගේ ...
ගබ්සාව(Abortion) සහ ඒ පිළිබඳ බෞද්ධ ආකල්පය..... ලාහිරු දහසක් දිලී ........ සරලවම ගබ්සාව කියන්නේ මොකක්ද කියලා බලමුකෝ. කලලය නොමේරූ අවධියෙදි ම ගර්භාෂයෙන් ස්වභාවික ව ඉවත්වීම හෝ බාහිර බලපෑමකින් ඉවත් කිරීම තමයි ගබ්සාව කියන්නේ. ස්වයං ගබ්සාව (Spontaneous Abortion) සහ ප්‍රේරිත ගබ්සාව (Induced Abortion) තමයි ගබ්සාවේ ප්‍රභේද. අද කියන්න යන්නේ ප්‍රේරිත ගබ්සාව (Induced Abortion) හෙවත් බාහිර බලපෑමකින් සිදුකරන ගබ්සාව සහ එහි බෞද්ධාගමික පසුබිම ගැනයි. ගබ්සාව එහෙමත් නැත්තම් Abortion කියන දේ දැන් දැන් ආගමික, ...
භික්ෂුව සහ දේශපාලනය.... ලාහිරු දහසක් දිලී ........ පසුගිය දවසක එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට ගේන්න සූදානම් වෙන පූජ්‍ය පක්ෂයට දේශපාලනය තහනම් කරන අදහස ගැන සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණා නේ. මේකෙන් ගොඩක් ම කලබල වෙලා තියෙන්නෙ ධර්ම රාජ්‍ය සංකල්පයෙන් දේශපාලනයට පිවිසුණ ජාතික හෙළ උරුමයනේ. ඒ අය රට පුරා අදහස් විමසමින් සහ ජනතාව දැනුවත් කරමින් යනවා කියලා පත්තර වලත් තිබුණා. ඇත්තටම භික්ෂූන් වහන්සේලා ...
අපි නොදන්න EPF...! ලාහිරු දහසක් දිලී ........ ගොඩක් දෙනා වැටුප අඩු වුණත් රජයේ සේවයට කැමති වෙන්නේ විශ්‍රාම ගත්තට පස්සේ ලැබෙන පැන්සොන් එක නිසානේ. ඒ වුණත් හැමෝටම රජයේ සේවයට එකතු වෙන්න වාසනාව නෑ කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ. රජයේ සේවයට එන්න ඉස්සර නම් ඕන වුණේ බුද්ධිමත්/උගත්කමයි, හැකියාවයි තමයි, ඒත් ලංකාව දියුණු වෙන්න වෙන්න ඒකට තවත් දේවල් එකතු වෙලා තියෙන බව පේනවා. දේසපාලුවන් ට කඩේ යෑමේ හැකියාව, සල්ලි ...
ඔබත් සූදානම් ද ? ලාහිරු දහසක් දිලී ........ සුපුරුදු පරිදි එදිනත් බ්රාහ්මණතුමා තම පුත්‍රයා ද කැටුව පිටත් වූයේ සී සෑමේ කටයුතුවල නිරත වීමේ අපේක්ෂාවෙනි. වෙහෙසක් නොමැතිව දෙදෙනා වෙනදා මෙන් යුහුසුලූව තමන්ගේ වැඩකටයුතු වල නිරත වූහ. හිටිහැටියේ තමන්ට නුදුරින් වියළි තණ ගිනිදල්වමින් සිටි තම අදරැති පුතු බිම ඇද වැටෙනු දුටු බ්රාහ්මණතුමා වහා වහා එතැනට පැමිණියේය. ගිනි රස්නයෙන් කෝපයට පත් අසල ගසක සිටි නාගයෙක් තම පුතුට දෂ්ඨ කොට කැළය දෙසට ...