සැකයි මට ඔබේ කුමරි බඹසර... ලාහිරු දහසක් දිලී ........ කුමරි බඹසර, ධර්මචර්යාව, නිර්මලත්වය, පත්රව්රතාව, පතිවත, පතිව්රතය, පිරිසිදු බව, බඹසර, බ්‍රහ්මචර්යාව, ශතීත්වය ආදී එකී මෙකී නොකී විවිධාකාර නම් වලින් හඳුන්වන කුමරි බඹසර ගැන තමයි අද මාතෘකාව. ලෝකේ අනිත් රටවල කෙසේ වෙතත් පෙරදිග රටවල විශේෂයෙන් ලංකාවේ නම් හරිම වැදගත් දෙයක් කියලා සලකන දෙයක් තමයි මේ කුමරි බඹසර රැකීම. විවාහය වෙනකල් කුමරි බඹසර ආරක්ෂා කරගත්ත ගැහැණු ළමයෙක් දිහා සමාජය ගෞරවයෙන් බලනවා වගේ ...
බත සපයන නුඹේ සිතත් කුස වාගෙම පිරුණා නම්... ලාහිරු දහසක් දිලී ........ ඊයේ හදිසියේ ම වෙඩිමකට යන්න උණා පොළොන්නරුව පැත්තේ. වෙන කවුරුත් නෙවෙයි නැන්දාගේ පුතා. මෑන් හදිසියේ ම කෝල් එකක් දීලා කිව්වා අහවල් දවසේ බඳිනවා, පුලුවන් නම් එන්න කියලා. හරිනම් මඟුල් කියන ඒවා පිළිවෙලකට වෙන්න ඕන වුණත් ඒ මඟුල නම් ජංජාල ගොඩයි. (ඒ ගැන කියන්න වෙනම පෝස්ට් එකක් ඕන වෙයි වගේ) ඒ යන ගමන් හදිසි වැඩකට හිඟුරක්ගොඩ නගරයට යන්න වුණා. ඒ ගිහින් ...
Hibernate කිරීමත් Sleep කිරීමත් අතර වෙනස දන්නවාද ...? ලාහිරු දහසක් දිලී ........ Laptop එකක් හරි වෙනත් මොනාහරි බැටරියෙන් වැඩ කරන්න පුළුවන් උපාංගයක් තියෙන ඕන ම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමන් පාවිච්චි කරන බැටරිය එකේ උපරිම ම භාවිතා කරන්නයි. මොකද ඔය බැටරි අස්ප ගණන් නිසා කියලා හැමෝම දන්නවානේ. ඒ කොහොම වුනත් Laptop එකක බැටරිය භාවිතා කරද්දි පුලුවන් හැම වෙලාවෙම වගේ ප්‍රධාන විදුලියත් එක්ක සම්බන්ධ කරලා පාවිච්චි කරන්න ඕනනේ. ඒ වගේ ම යම්කිසි කාලයකට වරක් ...
මුලින් ම වෙඩි තබා ඇත්තේ බ්‍රිතාන්‍ය..... ලාහිරු දහසක් දිලී ........ පසුගිය දෙසැම්බර් මාසයේ තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙඩි වැදී මියයාමේ සිද්ධිය මුළුමනින්ම අනාවරණය කරගැනීමට ඒ සඳහා යෙදවූ විශේෂ පොලිෂ් කණ්ඩායම සමත් වී ඇත. රජයේ ඉලක්කය වී තිබුණේ 2016 වන විට මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගය බවට සංචාරක ව්‍යාපාරය පත් කරගනීමයි. සංචාරක ව්‍යාපාරය සඳහා එවැනි තත්වයක් පවතිද්දී එයට කළු පැල්ලමක් එක්කළ සිද්ධියක් බවට එම මරණය, ...
වලිගය පාගාගෙන ද ඉන්නෙ??? ලාහිරු දහසක් දිලී ........ අපි දෙයක් තේරුම් ගන්නකොට කොයිතරම් නම් සැලකිලිමත් වෙන්නෝනද, අපි එක දවසක් ඇතුළත කොයිතරම් දේවල් නම් අහනවද දකිනවද නේද... අර කියමනකුත් තියෙන්නේ 'කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි' කියලා. අපි අතර කොයිතරම් ඉන්නවාද තම තමන්ගේ පුද්ගලික මතවාද සමාජයේ වපුරන්න හදන අය. තමන් විතරයි හරි, අනිත් අය වැරදියි කියාගෙන. ඒවා සමහර වෙලාවට හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒ දේවල් නිවැරදි නම් ...
Trojan Horse ගේ කතන්දරේ.... ලාහිරු දහසක් දිලී ........ ඔන්න හා හා පුරා කියලා දෙවෙනි වතාවට මම කතන්දරයක් කියන්නයි යන්නේ. කතන්දරයක් කිව්වට මේක තාක්ෂණික කතන්දරයක්. සමහර අයට මතක ඇති මගේ පළවෙනි තාක්ෂණික කතන්දරේ දුරකථනය ගැන. ඒකෙයි මේකේ සම්බන්ධයක් නම් නෑ ...සමහර දේවල් තියෙනවා කොයිතරම් ඉගැන්නුවත් වැඩක් නෑ, අපිට උදාහරණ වලින් කිව්වම නම් නියමෙට තේරෙනවනේ, ගොඩාක් හොඳට මතක හිටිනවනේ! මමත් Trojan Horse ගේ ක්‍රියාකාරීත්වය ගැන හරියටම තේරුම් ගත්තේ ඒ විදියට. ...
බත්තලංගුණ්ඩුවේ ගිහින් එමුද....(පළමු අඬහැරය ) ලාහිරු දහසක් දිලී ........ මේ සැරෙත් Semester end exam එක ඉවරවෙලා අපේ කස්ටිය සෙට් උනා ට්‍රිප් එකක් යන්න. ගොඩක් වෙලාවට කැම්පස් එකේ ඉද්දී අපි කස්ටිය ගොඩාක් ම කරන්නේ කොහේහරි ඇවිදින්න යන එක තමයි, ලෙක්චර්ස් යනවට අමතර ව. මීට කලින් හැමසැරේම ගියේ ලංකාව ඇතුලේ නේ. ඒ නිසා අපි හිතුවා ලංකාවෙන් එළියට ගිහින් බලන්නෝන කියලා!!! අපි තීරණය කලා ඒ නිසා බත්තලංගුණ්ඩුවේ යන්න. අපේ සෙට් එකේ හලාවත ...
සිහිනෙන් පෙනෙනා නෑදෑයෝ... ලාහිරු දහසක් දිලී ........ කෙනෙක් මැරුණ ම එයාට මොනවද වෙන්නෙ කියලා කලින් සටහනේදි කිව්වනේ. දැන් කියන්න හදන්නේ ඒ කෙනා වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා කියන්නයි. සාමාන්‍යයෙන් මියගිය ඥාතීන් ගැන කියද්දි, ඒ ගැන සමාජයේ මිනිස්සු අතර විවිධ මත තියෙනවා.ඒ අතරින් මිථ්‍යා අදහසුත් නැතුවා ම නෙවෙයි. මේ ඒවයින් කිහිපයක්. ඥාතියෙක් මියගියොත් ඒ මියගිය දවසේ ඉඳන් ඔහු හෝ ඇය දවස් 07 ක් යනකල් පින් බලාපොරොත්තුවෙන් නිවසේ ...
ෆන් එක නිරතුරු මතකෙට එන්නෙ- නොදැනිම වයසත් ගෙවිලා යන්නේ..... ලාහිරු දහසක් දිලී ........ ගොඩාක් පින් කරලා දිව්‍ය ලෝකයේ ඉපදුනු දිව්‍යාංගනාවක් තවත් දෙවියකු සමගින් කල් යවමින් ඉද්දී එක දවසක් උදේ ඒ දිව්‍යාංගනාව ආයුෂ අවසන් වෙලා දිව්‍ය ලෝකයෙන් චුත වුණා. ඒක නොදන්න දිව්‍ය පුත්‍රයා උදේ වරුව තිස්සෙ ඇයව හෙව්වා. ඒ අතර කාලයේදි ඒ දිව්‍යාංගනාව මිනිස් ලොව කාන්තාවක් විදියට ඉපදිලා විවාහ වෙලා දරුවෝ කිහිපදෙනෙකුත් බිහි කරලා නැවතත් ගොඩාක් පින්දහම් කරලා වසර හැත්තෑ ගණනක් ආයුෂ විඳලා පෙර ...
Laptop හොරු අල්ලමු.... සහ මගේ 100! ලාහිරු දහසක් දිලී ........ අළුත් අවුරුද්දත් කට ළඟටම ඇවිල්ලා නේද... හැබැයි මේ සැරෙ වෙනදාට කෑගහන කොහා නම් ආවෙවත් නැහැ. කොහාට අමතක වෙලාද නැත්තම් කොහා කෑගහනවා අහගෙන ඉන්න අපට වෙලාවක් නැති තරමට අපි කාර්යබහුල වෙලාද මන්දා. දවසින් දවස මිනිස්සු අතේ සල්ලි හිඟවෙන්න පටන් අරන් වගේම බඩු මිලත් රොකට් වේගෙන් ඉහළ යන්න පටන් අරන්. ඒක දැන් පසුගිය අවුරුදු කිහිපයකම ඉඳන් දකින්න ලැබෙන දෙයක් මට නම්. තව ...
පුංචි කාලේ අපි.... හැටි තව මතකද ? ලාහිරු දහසක් දිලී ........ . අලුතින් ඉපදුණ පුංචි දරුවෙක් දැක්ක ම මොනවද හිතෙන්නෙ. හරි ම සතුටක් දැනෙනවා නේද? ඒ හැඟීම මිනිස් තිරිසන් අපි කාටත් පොදු දෙයක්. පාට නම් අම්මගේ වගේමයි. නහයයි කටයි නම් වාත්තු කළා වගේ. දරුවා නම් තාත්තගේ කපාපු පළුව... ඔය වගේ නොයෙකුත් කථා අහන්න ලැබෙනවා. කොහොම වුණත් නිරෝගී දරුවෙක් තමයි හැම දෙමව්පියෙක්ගෙම පැතුම. අම්මට තාත්තට නම් රටක් රාජ්‍යයක් ලැබුණා වගේ සතුටුයි. නෑදෑයෝ ...
Marketing නම් මාකටින්... ලාහිරු දහසක් දිලී ........ දුප්පත් දෙම්ව්පියන් යුවළකගේ පුතෙක් වුණ පුංචි බ්‍රැඩ් ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා ලොකු සමාගමක සේල්ස්මන් ජොබ් එකකට අයැදුම් කළා. රස්සාව ලැබුණේ සමාගමේ ගම්බද පළාතක තිබුණ ශාඛාවකට. ටික කාලයක් ගියා ම බ්‍රැඩ් ගේ වැඩ හොඳ නිසා සමාගමේ නගර ශාඛාවකට මාරු වීමක් ලැබුණා. එහේ වැඩට ගිය මුල් දවසෙම ලොක්කා බ්‍රැඩ් ව කැඳවලා සද්දයක් එහෙම දාලා කිව්වා එයාට බ්‍රැඩ් ගේ හැකියාව චෙක් කරන්නෝන කියලා. "මම ...
අද මම එද්දි දැක්කනේ මාර ලස්සන කෙල්ලෙක්.... ලාහිරු දහසක් දිලී ........ අද මම එද්දි දැක්කනේ මාර ලස්සන කෙල්ලෙක්.... හරියට නිකම් xxxx වගේ, ආයේ කියලා වැඩක් නෑ. මම දැක්කමයි ඒතරම් ලස්සන කෙල්ලෙක්!!!! අපි ඕනතරම් එහෙම කියලා ඇති නේද? ඒ වගේ ම ඕන තරම් ඇහිලත් ඇති. අපි පාරේ තොටේ එහෙ මෙහේ යද්දී අපි දකිනවානේ කොහොමත් එක සැරයක් දැක්කම ආයේ සැරයක් හැරිලා බලන්න තරම් හිතෙන ලස්සන ගැහැණු ළමයි. සමහරු සුදුයි, තළෙළුයි, උසේ හැටියට මහත, ...
ඇසිල්ලකින් කාන්තාවක් වුණ සොරෙය්‍ය සිටුවරයා... ලාහිරු දහසක් දිලී ........ කර්ම විපාක කියලා කියන්නෙ අපි හැමෝටම භේදයකින් තොරව ම අපි කරන කියන හිතන දේවලට අනුව අත්විඳින්න වෙන දෙයක්නේ. ඒක බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලා ට පවා පොදු වුණ දෙයක්. අපි කරන හොඳ වැඩ වලට පින් එකතු වෙනවා වගේ ම නරක දේවලට ඒ හා සමානව ම පව් ත් රැස්වෙනවා. අපි කලින් ආත්ම වල කරලා තියෙන පින් බලවත් වෙලා තියෙන තරමට පව් වල ...
හදවත ලෙඩ වෙන්නේ මෙහෙමයි..... ලාහිරු දහසක් දිලී ........ හික්ස්... හදවත් රෝග වර්ග නම් ගොඩක් තියෙනවානේ එක එක අයට එක එක කාලෙට හැදෙන. සමහර ඒව නම් දවසින් දෙකෙන් හොඳ වෙනවා. සමහර ඒවා නම් සති, මාස ගණන් ගත වෙන ඒවත් තියෙනවා. ලේසියකට හොඳ කරන්න බැරි ඒවත් තියෙනවා. මම හිතන්නේ ඊටත් වඩා සමහර හදවත් තියෙනවානේ හැමදාම ලෙඩ වෙන ඒවා. ඒවා තමයි නඩත්තුව අමාරු ම !! හැමදාම බෙහෙත්දෙන්න ඕනනේ. ඒත් මම නම් ...
Dating සහ date rape pills... ලාහිරු දහසක් දිලී ........ ඩේටින්...ඩේටින්! ඩේටින් කියන්නේ මොකක්ද? මේකට හරියන සිංහල වචනයක් නම් හම්බවුණේ නෑ මට. පිටරටවල නම්, ඒ කියන්නේ ගොඩක් වෙලාවට බටහිර රටවලට මේක අළුත් දෙයක් නොවුනට ලංකාවට නම් තරමක් අළුත් වචනයක්. අළුත් කියලා කිව්වට වචනේ විතරයි, ඒකෙන් තියෙන දේවල් නම් ලංකාවේ මිනිස්සු පටන් ගන්න ඇත්තේ සුද්දටත් කලින් වෙන්නෝන...හිච්චි සන්දියේ ඉඳන් එකට වැලිබත් උයලා කෝම්පිට්ටු හැදුව පුංචි වුන් සෙට් එකෙන් ඉබේටම හැලිලා, සිරිපාලගේ ...
Data encrypt කරන්න Truecrypt පාවිච්චි කරන්න... ලාහිරු දහසක් දිලී ........ මේක එන්ක්‍රිප්ට් කිරීමක් විදීයට කිව්වත් එන්ක්‍රිප්ට් කිරීමක්ම මත් නෙවෙයි, හැබැයි එන්ක්‍රිප්ට් කිරීමක් නෙවෙයි කියලා කියන්නත් බෑ....ම්ම්ම්ම් මොකක්ද මේ හතර බීරී කතාව? තව ටිකක් ඉස්සරහට කියවගෙන යන්නකෝ, එතකොට තේරේවි මම එහෙම කිව්වේ ඇයි කියලා! සාමාන්‍යයෙන් අපේ පරිගණකයේ තියෙන ෆයිල්, ෆෝල්ඩර් අපි ආරක්ෂා කරගන්නේ මුරපදයක් දාලා නේ. අන්තර්ජාලයේ තියෙන සාමාන්‍ය මෘදුකාංග වලින් මේ දේ කරන එක ටිකක් විතර වදයක්( මගේ අත්දැකීම් අනූව! ...
"My favorite country is India" සහ ජාතිවාදය ... ලාහිරු දහසක් දිලී ........ ප්රභාකරන් කියන ත්රස්තවාදියා මැරිලා දැන් අවුරුදු දෙකකුත් ඉවර වෙලා තියෙන වෙලාවක ඇයි මේ වගේ දෙයක් කතා කරන්නේ කියන එක සමහර දෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර අයට හිතෙන්න පුළුවන් මේ ලියන්නේ කා ගැන හරි තරහින් කියලා. ම්ම්ම්.. දැන් නම් තරහක් නෑ හිතේ ලොකුවට, ඒත් මේක ලියන්න පාදක වුණ සිද්ධිය ඇහුව වෙලාවේ නම් හිතට ලොකු තරහක් දැනුණා. දැන් ඔයාලා බලනවා ඇති මොනාද ...
අවුරුදු පහෙන් විවාහ වෙන ගෑණු ළමයි... ලාහිරු දහසක් දිලී ........ කලින් සටහනේ දි දැනගත්තනේ කොහොමද මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 ඉඳන් අවුරුදු 1000 කට අඩුවුණේ කියලා. සොරකම් කරන්න පටන් අරන්, ප්‍රාණඝාතය කරලා ඒවයින් බේරෙන්න බොරු කියලා, කේලාම් කියලා වගේ එක එක විදියේ පව් වැඩ කරලා තමයි ඒ විදියට ආයුෂ අඩු වුණේ. හැබැයි ඉතින් මේක ක්ෂණික ව සිදුවුණ දෙයක් නම් නෙවෙයි, අවුරුදු කෝටි ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් වුණ දෙයක්. එහෙනම් අද කියන්න යන්නේ ...
කොසොල් රජතුමාගේ අපූරු උප්පරවැට්ටි..... ලාහිරු දහසක් දිලී ........ කොසොල් රජතුමා එහෙමත් නැත්තම් පසේනදී කෝසල රජතුමා බුද්ධ කාලයේ ඉතාම ප්‍රකට චරිතයක්. බුදුරජාණන් වහන්සේ ගේ සම වයසේ හිටිය කොසොල් රජතුමාට මගධාධිපති බිම්බිසාර රජතුමා ඥාතියෙකුත් වුණා. කොසොල් රජතුමා දවසක් වීදි සංචාරය කරන අවස්ථාවකදී දෙවඟනක් වගේ ඉතාමත් සුන්දර රූමත් කාන්තාවක් දැක්කා. ඇයගේ රූප සම්පත්තියට වශී වුණ රජතුමා, ඇය පිළිබඳ රාග සිතුවිලි ඇතිකර ගත්තා. මේ සුරූපී කාන්තාව ගැන තොරතුරු විමසූව රජතුමාට දැනගන්නට ලැබුණේ ...