මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
සමනළ වැව පුරවන්නට... බෙලිහුල් ඔය ගලා ඇවිත්... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස් ටික මම ගෙවන්නේ සෑහෙන කම්මැලිකමකින්. කිසිම ගෝ එකක් නැති කම්මැලි දවස් ටිකක්..මේ කම්මැලිකම යන්න කියලා මොනාහරි කරන්න ඕන...පොත් කියවන එකත් දැන් අතෑරලා ගොඩක් කල්... කෝල් කරන්ඩයි පොත් කියවන්ඩයි දෙකම එකපාර කරන්න බැරි නිසා පොත් කියවිල්ලට නැවතීමේ තිත තිබ්බා.ඔය අතරෙදි තමයි අපේ කන්තෝරුවේ අපිත්තෙක්ක වැඩ කරන පරා කිව්වේ ආදර කන්දක් ගැන.. ඔන්න එවේලේ ඉදන් මගේ ඔලුවේ කරකැවි තියෙන මාතෘකාව ...
මොනරෙක් වෙලා ඉපදෙයි ඈ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද උදේ වරුවම වාගේ කරන්ඩ වෙලා තිබ්බේ අපේ ලොක්කත්තෙක්ක එකඟතා ගිවිසුමක් ගහන එක. ලොක්කාගේ ඉල්ලීම් වලින් ඉටු කරන්ඩ පුලුවන් මොනවද බැරි මොනවද කොච්චර කාලයක් යයිද වගේ දේවල් කතා කරන්ඩ සිද්ධ උනා.ඔය දේවල් ටික කතා කරලා ඉවර වෙනකොට දවල් දොලහාමාරත් පහු වෙලා. බඩේ පණුවෝ කෑ ගහන වෙලාව. ඊට පස්සේ කෑම එකත් අරගෙන අපේ කන්තෝරුවේ උඩම තට්ටුවේ තිබ්බ කෑම කාමරයට ගියා.අපේ කෑම ...
ඊයේ කීයටද ගියේ ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා "මචං උබ ඊයේ කීයටද ඔෆිස් එකෙන් ගියේ ?""අටට විතර බං! ""ඇයි උබ ඊයේ දහය විතර වෙනකන් පාඩම් කරනවා කිව්වා නේ. මොකෝ අටට ගියේ ?""මේකයි මචං උනේ. මම ඊයේ දහය වෙනකන් පාඩම් කරන්නම් කියලා හිටියා. හය විතර වෙනකොට කට්ටිය තම තමන්ගේ සෙක්ශන් වල ලයිට් ඕෆ් කරලා ගෙවල් වලට ගිහින්. අන්තිමේදි මම් හිටපු සෙක්ෂන් එකේ ලයිට් එක විතරයි දාලා තිබ්බේ.ඔහොම පාඩම් කර ...
චොකලට් ප්‍රශ්නයක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය දවස් ටිකේ විභාගයක් හන්දා අතුරුදහන් වෙලා හිටපු නිසා හුඟ දවසකින් බ්ලොග් එක දිහෑ ඇහැක් ඇරලා බැලුවේ නෑ. විභාගේ නම් ඉවරයි. ඒත් කම්මැලිකම ඉහටත් උඩින් තිබ්බ නිසා කිසිම දෙයක් ලියන්න හිතුනේ නෑ..ඊයේ සෑමා මතක් කරපු නිසා ආයෙම මොනාහරි බ්ලොග් එකේ කුරුටු ගාන්න ඕන කියලා හිතුනා. ඒත් ලියන්න කිසිම දෙයක් හිතේ නෑ. ඔන්න එතකොට තමා අපේ වැඩපොලේ කට්ටියක් චොක්ලට් ප්‍රශ්නයක් ඇදලා ...
අයිස් බාල්දි අභියෝගය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය දවස්වල මූනුපොත පුරාම වගේ දකින්න හම්බ උනේ වාරියපොළ ගෑල්ලමේක් තමන්ට විහිලු කරපු කොල්ලෙක්ට අතුල් පහර දෙන වීඩියෝව. ඒ වීඩියෝ පටය සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කලාට පස්සේ එක එක මති මතාන්තර අදහස් වලින් මුනු පොත පිරී ගිහින් තිබුනා.තාමත් ඒ සිද්ධියේ උනුසුම ගිහින් නැතුවා වගේ ඒ ගැන කතා කරන අයත් මූනුපොතේ ඉන්නවා.දැන් නම් ඇත්තටම මේ සිද්ධිය අහලා අහලම එපා ...
උලමගේ රාත්‍රිය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ සැප්තැම්බර් මාසය... වෙනත් විදිහකට කියනවා නම් සාහිත්‍යය මාසයයි.සාහිත්‍යය මාසය වෙලත් පොතක් ගැන ලිපියක් ලියවුනේ නැත්තං ඒක ලොකු අඩුවක් කියලා හිතුන නිසා අද ලිපිය පොත් වලට වෙන් කලා.පොත් කියලා බහු වචනයෙන් කිව්වට මම අද ලියන්න යන්නේ එක පොතක් ගැන.පොත තමයි භද්‍රජි මහින්ද ජයතිලක මහත්මයාගේ උලමාගේ රාත්‍රිය. මේ පොත විතරක් නෙමේ එතුමා ලියපු අනිත් භීෂණ නව කතා ටික මම කාලයක් තිස්සේ ...
ඩෙංගු සතියේ උදලු ගෑවීම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද ටිකක් වේලපහ වැඩ ඉවර වෙච්ච දවසක්. හවස තේ එකත් හදාගෙන එනකොට ඉස්කෝලේ කාලේ පොඩි සිද්ධියක් මතක් උනා.දවසක් ඉස්කෝලේ ඩෙංගු මර්ධන සතියක අපිට ( අපි කිව්වේ 11A පංතියට ) භාර උනා පාර අයිනේ තණකොල සුද්ද කරලා දාන්න. ඉතින් අපි උදලුත් අරන් වැඩෙට යන්න පිටත් උනා. ඒ යන ගමන් අපේ කොල්ලෙක් කිව්වා '' ඔන්න බලපන් මං ජයා සර් ට කියලා මේ ...
බිරිඳ, සැමියට කියන බොරු මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ගිය සති අන්තේ නොසිතූ විරූ කරදරයකට මුහුන දෙන්ඩ වෙච්ච නිසා කට්ටියත් එක්ක පොත් බලන්ඩ යන්න උනේ නෑ. ඒ නිසා සඳුදා දවසේ මමයි අපේ මලයයි පොත් ප්‍රදර්ශනය බලන්ඩ ගියා. ඒ ගිය ගමනෙදි නියම පොතක් හම්බ උනා. ඒ පොතේ නම තමයි බිරිඳ, සැමියට කියන බොරු !ඒක පිටු හාරසීයක විතර ලොකු පොතක් ! මලයයි මායි පොත ගත්තේ නෑ. පොතේ තිබ්බ බොරු ටික ෆොටෝ ...
දික්කසාද කේක් ගෙඩිය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද අපේ කණ්ඩායමේ ඔක්කෝම අය නිවාඩු ගිහින්... මම විතරයි ඉන්නේ. දන්නවනං මාත් නිවාඩුවක් දාලා ගෙදර ඉන්නවා. කොහෙද ඉතිං මෙවුන් නිවාඩු දානවයි කියලා කලින් දන්න එකක් යෑ.. !අද වැඩත් එච්චර නෑ... තිබ්බ වැඩ ටික උදෙම්ම ඉවර කර ගත්තා ... කතා කරන්නවත් කවුරුත් නෑ.. මේ පැත්තම පාළුයි.. ඒහින්දම කම්මැලියි ! කම්මැලිකම යන්ඩත්තෙක්ක බ්ලොග් ටික කියෙව්වා.. කමෙන්ට් කලා... ඒත් වෙලාව ඉතුරුයි..ඉතුරු වෙලාව ගෙවා ...
ඔබේ හඬ ඇසෙනවිට .... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා නිල් අහසේ මන්දාරම්ගිනි අව්වේ මද පවනක්අහස් ගැබ සිනාසෙයිහිරු කිරණ ඉඟිමරයිමිහිකත සිනාසෙයිපිණිමුතු දිදුලවයි මගේ හද පිනා යයිහසරැල් ගලායයිඔබේ හඬ ඇසෙනවිටඔබේ රුව දකින විටඅසිරිමත් ජීවිතය,සුන්දරයි... පියකරුයි............................................................. ප.ලි. -ධනූගේ කවි සිතුවිල්ලක්.. ...
දඹදෙණියට ගිය ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා එදා සෙනසුරාදා දවසක්... හරියටම දිනය කිව්වොත් මේ මාසේ දාහතර වෙනිදා. ගෙදර ඉන්ඩත් කම්මැලියි. ඔන්නොහේ කොහේහරි රවුමක් දාලා එන්ඩ ඕන කියලා හිතුනා. ඊට පස්සේ කල්පනා කෙරුවා කොහේද යන්ඩ හොඳ කියලා.එතකොටම තමා මතක් උනේ මම දඹදෙණි යන්ඩ හිතාගෙන උන්නා නේද කියලා. අම්මවත් දැනුවත් කරලා ලෑස්ති උනා දඹදෙණි යන්ඩ. මුලදි නම් හිතාගෙන හිටියේ ගෙදර කට්ටිය එක්ක යන්ඩ. ඒත් අම්මට කඳු නගින්ඩ බැරි නිසා ...
පෑන කෝ ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සමහර මිනිස්සු තමන්ගේ උවමනාවට ඉල්ලගෙන යන කිසිම දෙයක් වෙලාවට ගෙනත් දෙන්නේ නෑ. ඉල්ලගෙන යනකොට නම් කියන්නේ වැඩේ ඉවර වෙච්ච හැටියෙම ගෙනත් දෙන්නං කියලා. ඒත් සතියක් හමාරක් එක්කෝ මාසයක් විතර යනකන් තියාගෙන ඉන්නවා.මමම ගිහින් හොයාගෙන එන්න ඕන. එහෙම හොයාගෙන ගියත් අරයා ඉල්ලං ගියා මෙයා ඉල්ලං ගියා කියලා තව කා ලඟට හරි ගිහින් අහන්ඩ ඕන. අන්තිමේදි ඉල්ලගෙන යන්නේ වෙන කෙනෙක් ! ඉල්ලගත්තු ...
2048 මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා 2048 කියලා කියන්නේ මේ දවස්වල අපේ යාළුවෝ ටික සෙල්ලම් කරන පරිගණක ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ දහනම වයසැති ඉතාලි ජාතික ගේබ්‍රියල් සිරුලී...! ගේබ්‍රියෙල් කියන්නේ ලාබාල වෙබ් අඩවි නිර්මාණකරුවෙක් !මේ ක්‍රීඩාවේ නීති රීති හරි සරලයි.සෙල්ලම් කරන්ඩ තියෙන්නේ පරිගණක යතුරු පුවරුවේ ඊ තල යතුරු වලින්. මෙහෙමයි සෙල්ලම කරන්න තියෙන්නේ යතුරු පුවරුවේ ඊතල යතුරු භාවිතා කරලා එකම ඉලක්කම තියෙන කොටු එක තැනකට ...
ආහාරය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද ටිකක් වැඩ අඩු දවසක්. පොඩි කම්මැලිකමකුත් එක්ක වැඩ කරගෙන යනකොට අපේ එවුං තේ බොන්ඩ යන් කියලා කතාකලා. මාත් මග් එකත් අරං තේ බොන්ඩ ආවා. දන්නවානේ අපේ හැම වාද විවාදයක්ම යන්නේ තේ වෙලාවටයි කියලා. අද අපි කතා උනේ ආහාර ගැන !කෑම ගැන කතා වෙන්ඩ මූලික හේතුව උනේ අපේ කන්තෝරුවේ එකෙක්ව ගෙදර බල්ලා දෙවතාවක්ම කාලා. උදේ බේත් දාගන්ඩ ගිහින්. කලින් වතාවේ ...
සමන් දෙවි පිළිරුව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මම බ්ලොග් කලාවට ආපුම දවස්වල සමන් දේවාලය ඉදිවීම ගැන ජනප්‍රවාද කතාවක් ලිව්වා. ඒක කියවන්ඩ බැරි උනා නම් මෙතනින් දුවලා ගිහින් කියවන්ඩ. අද උදේ මම පොත් රාක්කය අස්කරනකොට අපේ මල්ලි ඉස්කෝලෙන් ගියපු සබරගමු චාරිකාවට ඕන කරන විස්තර ලියපු කොළයක් හම්බ උනා. ඒ කොළයේ තිබ්බ විස්තර වලින් තෝරගත්තු ටිකක් පහලින් ලිව්වා. තව විස්තර තියෙනවා. ඒවා පුලු පුලුවන් වෙලාවල් වලදි ලියන්නම්.පහලින් තියෙන්නේ මලයාගේ ...
කාර්ය බහුල සතියක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය සතියේ පුදුම වැඩ කන්දරාවක් තිබුනේ. අනිත් එක තමා රස්සාවට ගොඩක්ම අළුත් නිසා දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් ගොඩක් වැඩියි කියලා හිතුනා.ඒ නිසා ඒ දේවල් ඉගෙන ගන්නත් කාළය යොදවන්න සිද්ද උනා. කැම්පස් එකේ උගන්නපු සීමාවෙන් එහා දේවල් තමයි වැඩ කරන කොට ඉගෙන ගන්න තියෙන්නේ. අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන එකත් නියමයි.ඒත් සමහර එවුවා තේරුම් ගන්න සෑහෙන වෙලාවක් යන එක ...
සිරගත උනෙමි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සෑහෙන කාලෙකින් කොහේහරි කන්දක් නගින්ඩ යන්ඩ උනේ නෑ. ඒකට හේතුව මේ තියෙන වැහිවර කාළගුණය. මේ කාළගුණය හන්දා සති අන්තයේ ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්නේ. ඒ වගේම තමා බ්ලොග් එකෙත් මොකක් හරි ගමනක් ගැන වීස්තරයක් වැටුනේ නෑ....ඔහොම හිත හිත ඉන්නකොට තමා මතක් උනේ මම නොලියපු චාරිකාවක් තියෙනවයි කියලා. ඒ තමා බෝගම්බර ගමන.දවස හරියටම කිව්වොත් මේ අවුරුද්දේ මාර්තු මාරේ විසි එක්වෙනිදා. සිකුරාද දවසක්. ...
දත් බුරුසුව සහ සම්මුඛ පරීක්ෂණය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හුඟ දවසකින් ලිපියක් ලියන්න බැරි උන නිසා අද බ්ලොග් අඩවිය පැත්තේ ආවා. පහුගිය ටිකේ වැඩ කටයුතු නිසා ලිපි ලිවීම අතපසු වෙලා තිබුනේ. ඒකටත්තෙක්ක අද ලියන්ඩ බැරි යෑ.. :)මීට සති කීපයකට කලින් සෙනසුරාදා දවසක මායි අපේ උන්දැයි නුගේගොඩ ටවුමට ආවා. ඒ ආවේ අපේ උන්දැට ඉස්කෝලෙක ගුරු පත්වීමකට තිබ්බ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙන්ඩ.ඒ ඉස්කෝලේ පුද්ගලික අංශයට අයිති ඉස්කෝලයක්. අපේ උන්දෑ ඉල්ලලා තිබුනේ ...
කාලයකට පස්සේ.... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා වෙනදා වගේම වැඩ ඇරිලා ගෙදර ඇවිත් රෑ කෑමත් කාලා දවසේ බ්ලොග් පෝස්ට් ටික කියවන්ඩ කොම්පීතරේ ලඟට ආවා.ඇවිත් කොම්පීතරේ ඔන් කරන බොත්තම එබුවම වෙනදා ඇහෙන ටීක් සද්දය ඇහිලා ටික වෙලාවකින් කොම්පීතරේ ඕෆ් උනා. මම් ආයෙම ඔන් කරන බොත්තම එබුවා. ආයෙත් අර ටීක් සද්දේ !!කොම්පීතරේ මොන කුණුහරුපයක් කියනවද මන්දා. කොච්චරවත් ඔන් කරන බොත්තම එබුවට පණ එන්නෙම නෑ. කළුපාට ස්ක්‍රීන් එක (බයෝස්) විතරමයි ...
කරන කලට පවු.... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දවසක් හවස්වරුවක අපි කට්ටිය යාළුවෙක්ගේ කාමරේකට සෙට් වෙලා ඔහේ වල්පල් කියව කියව හිටියා.එහෙම හිටපු වෙලාවක අපේ එකෙක් පොඩි කතාවක් කිව්වා. මේකයි ඒ කතාව !එක කැම්පස් එකක වෛද්‍ය පීඨයේ රැග් සීසන් එකේදි සින්නෝ එකතු වෙලා ජූනියර් බැච් එකේ කට්ටියට රැග් දෙනවා. ඔන්න එක වතාවකදි ගෑල්ලමයි සෙට් එකක් එකතු කරලා එක වරකට එකා බැගින් මෝචරිය ඇතුලට යවනවාලූ. ඒ යවන හැම ගෑල්ලමයෙක්ටම ටොපි ...