මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
පහේ කාසි බෑ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඉස්සර වගේ නෙමේ දැං නං හිඟන්නෝ රුපියල් දෙකේ ඒවා රුපියල් පහේ කාසි බාර ගන්නේ නෑ. ඉස්සර නම් රුපියලක් දුන්නත් පිං සිද්ධ වෙච්චාවේ ! කියලා අරගෙන යනවා. ඒත් දැන් එහෙම බෑ.. හිඟන්නෙක්ට දිය යුතු අවම මුදලක් ඒ අය විසින්ම තීරණය කරගෙන තියෙනවා.ඒ ගානට වඩා අඩුවෙන් හම්බ උනොත් විසික් කරලා යනවා එක්කෝ දීපු කෙනාටම ආයේ දීල යනවා. ඒ වගේ සිද්ධියක් මම වත්තල ...
පුංචි පහේ ප්‍රශ්නයක්... ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මාස ගානක් නොලිය හිටිය නිසා මම නම් හිතුවේ මාව සිංඩි වලිනුත් විසික්කා වෙලාය කියලා. වාසනාවට එහෙම වෙලා නෑ. බැරිවෙලාවකවත් එහෙම උනා නම් ආයෙම ඇප්ලයි කරන්න වෙනවා.අද ලියන්න යන්නේ මේ මාසෙට නියමිත දෙවෙනි පෝස්ටුව. පෝස්ටු හතරක්වත් ලියන්ඩ ඕන කියලා හිතුනට කල් මදි. අවුලක් නෑ. ඊලඟ මාසේ ඉදන්ම ලියන්න බැරුව යෑ. ලියනවා වගේම බ්ලොග් කියවන්නත් ඊලඟ මාසේ ඉදන්ම එන්න ඉන්නේ.ගිය මාසේ.. ඒ ...
ඇඳුම් ටැග් එක මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඊයේ මං කිරිබත්ගොඩ ටවුම පැත්තේ කරක් ගැහුවා අවුරුද්දට ඇදුම් ගන්ඩ. මම කවදත් ඇඳුම් ගන්නේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙන් නිසා ඒ බිල්ඩින් එකට ගොඩ උනා. අප්පේ... සෙනග...!සෙනඟ අස්සේ තෙරපිලා තෙරපිලා කොහොමහරි ටී ෂර්ට් කෑල්ලකුයි කලිසමකුයි ගත්තා...ඒක ගත්තට පස්සේ බිල දාගන්න යන තෑන මාර පෝලිමක්.. බිල් කවුන්ටර්ම පහලොවක් දාලා තියෙනවා. ඒත් සෙනග.. තිලකවර්ධන මුදලාලිට අවුරුදු ජයයි වාගේ !ඉතිං ඒ ගැන නෙමෙයි කියන්ඩ ආවේ.බිල ...
නිට්ටෑහෙළ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මතකනේ මම පෙරේදා (22 වෙනිදා) ගොඩගේ සාප්පුවට ගිහින් ගිනි අවි සහ ගිනි කෙළි කියන පොතත් අරගෙන නුගේගොඩ කියන නම හැදුන හැටිත් ඉගෙන ගත්තා කියලා. මේ පොතත්තෙක්ක මම තව පොඩි පොතක් ගත්තා.ඒ පොතේ නම තමයි පෝස්ට් එකේ ටයිටලේ... !ඒ පොත ලියලා තියෙන්නේ ගුණසේකර ගුණසෝම කියන මහත්තයා. ගුණසෝම මහත්මයාගේ ගොඩක් පොත් ලියවිලා තියෙන්නේ පානම්පත්තුව ආශ්‍රිතව. මීට කලින් පානම් පත්තුවේ හේන් ගොවිතැන් ගැන ...
මොණරාගල ගමන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මම නත්තල් නිවාඩුවට අපේ මලයාට පත්වීම ලැබිච්ච මොණරාගල දිස්ත්‍රික් රෝහලට ගියා මතක ඇතිනේ. මේ ගමන ගියේ මායි අපේ තාත්තයි විතරයි. අපේ නෝනට මෙච්චර දුරක් ඇවිත් නවතින්න අමාරු නිසා එයා වේලසනම එන්නේ නෑයි කියලා කිව්වා.ඒ නිසා මායි අපේ තාත්තයි ගමන සැලසුම් කලා මොණරාගල ගිහින් අපේ මල්ලිට නවාතැන් හම්බ වෙච්ච නේවාසිකාගාරේම නවතින්න. එතකොට නවාතැන් ප්‍රශ්නෙත් ඉවරයි නෙව.අපි දෙන්නා සැලසුම් කරගත්තු විදිහට ගිය ...
අසුබ පෙරනිමිති මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපි ගොඩක් වෙලාවට සුබ කටයුත්තකට ගෙදරින් පිටත් වෙනකොට රාහු කාලය, මරු සිටින දිශාව සුබ වෙලාවල් ඔය එකී මෙකී නොකී දේවල් බලලා එලියට බහින්නේ.එහෙම එලියට බැස්සත් පාරට එනකොට දකින කෙනා අනුව සුබ අසුබ පල තීරණය කරන්න උත්සහ ගන්නවා.ගෙයින් එලියට බහින කොට හිස් බාල්දියක් අරගෙන වතුර ගන්න එක කෙනෙක් එහෙම දැක්කොත් එදා කරන්න යන වැඩේ අසාර්ථක වෙනවා කියලා හිතනවා. එතකොට ඉතින් කරන්න ...
සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මට කාලෙකට පස්සේ ලස්සන ගීතයක් අහන්ඩ ලැබුනා. මීට කලින් මේ ගීය අහලා තිබ්බට හිතට වදින විදිහට මේ ගීතය ඇහුවේ අද. මේ ගීය අහන්ඩ මූලික පසුබිම හැදුනේ අපේ අම්මා මට දවසක් දීපු දුරකතන ඇමතුමක් නිසා. අපේ මලයා මීට සති දෙහෙකට විතර උඩදි පත්වීමක් ලැබිලා මොණරාගල ගිහින්. ඒ නිසා ගෙදර හිටියේ මායි අපේ නෝනයි අම්මයි තාත්තයි විතරයි.මායි අපේ නෝනයි සතියකට අපේ ගෙදරින් ...
මගේ හොඳම යාළුවා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මගේ ජීවිතයට සම්බන්ධ ගොඩ දෙනෙක් ගැන බ්ලොග් අඩවියේ ලියලා තියෙනවා. ඒත් මගේ හොඳම යාළුවා ගැන තාම පෝස්ට් එකක් ලියලා නෑ. අද ඒ අඩුව සම්පූර්ණ කරන්ඩ ඕන කියලා හිතුනා.අසංක සංජීව ! ඌ තමා මගේ හොඳම යාළුවා !මූව මට මුන ගැහුනේ එකේ පන්තියේදි. එදා ඉස්කෝලේ එකේ පංතියට අළුතෙන් ළමයි භාර ගත්තු දවස. පළවෙනි දවස නිසා හැම ළමයම අම්මලාත් එක්ක ඉස්කොලෙට ඇවිත් හිටියා. ...
ලයිට් ගෙම්බා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මාස ගණනක් නොලිය ඉදලා ආයෙම ලියන්ඩ පටන් ගත්තට පස්සේ එක දිගටම ලියන්ඩ හිතෙනවා. ඒ වගේම තමා ඒ දවස්වල ලියන්ඩ හිතාගෙන ඉදලා කම්මැලිකමේ අතෑරලා දාපු ලිපිත් ටික ටික ලියාගෙන යනවා. ඒ නිසා ඉදිරි මාස දෙකක කාලයට මොන මොනවාහරි ලිපි නං අහේනියක් නැතුව තියෙයි.ඒවා පසුවට....අද කෑම පැයේදි කතා උනා එක එක ජාතියේ ගෙම්බෝ ගැන.එක එකා නානාප්‍රකාර දේවල් කියෙව්වා."ගස් උඩ ඉන්න ගෙම්බෝ ගස් ...
අදින් ඉවරයි.... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය දවස් ටිකේම මහන්සි උනේ මගේ අන්තිම විභාගේ ගොඩ දාගන්න. ඔන්න ඒකත් අදින් ඉවරයි. ඒක මතක් වෙනකොට හිතට ලොකු සැනසීමක් දැනෙන්නේ. මොකද පාඩම් කරන එක විභාග කරන එක කියන්නේ එපාම වෙන වැඩක්.වෙන විභාග වගේම අන්තිම විභාගෙත් පුලුවන් උපරිමයෙන් ගොඩ දාගන්න මහන්සි උනා. මගේ අන්තිම සටනට සුබ පතපු හැමදෙනාටම ස්තුතියි.ඒ උනාට වෙනදා වගේ විභාගයක් ඉවර උනාම තියෙන සතුට මේ විභාගේ ඉවර ...
හා හොඳයි හොඳයි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපට මේ දවස්වල පෑ තුනකට වඩා වැඩි කරන්ට් කැපිල්ලක් තියෙනවා. කරන්ට් කපපු ගමන් යූ. පි. එස්. එකෙන් විනාඩි තිහක් විතර අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ ඒකත් පන ඇදලා මැරිලා යනවා.ඉතින් යූ.පී.එස් එකත් මලහම කරන්ඩ කිසිම වැඩක් නැති නිසා ඔහේ කියව කියව ඉන්නවා.අපේ වැඩපොලේ ඉන්නවා ලංකාවට කම්පියුටර් ආපුම කාලේ ඉදන් වැඩ කරපු මනුස්සයෙක්.ආපුම කාලේ කියන්නේ ඩොස් වල වැඩ කරන කාලේ. ඒ මනුස්සයා ...
ස්පීකර් දෙකක් ඕන බං මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ ටිකේ හෙම්බිරිස්සාවක් හැදිලා හරි අමාරුයි. හෙම්බිරිස්සාව විතරක්ම නෙමේ කැස්සකුත් තියෙනවා. උදෙන්ම ඇහැරෙන්ඩ බෑ එක විඩේට කිවිසුම් විසි තිස් ගානක් යනවා පීනසේට... !ඒ හන්දා මම මල්ලිට කියලා බේත් ටිකක් ලියවා ගත්තා. හවස් අතේ ලියාගත්තු බෙහෙත් ගන්ඩ හන්දියට ආවා. මලයා ඉන්න හන්දා දෙයියනේ කියලා බේත් ගන්ඩ ඉස්පිරිතාලවල් වල පෝලිම් වල ඉන්ඩ, ලේ චෙක් කරගන්ඩ එහෙම කරදරයක් නෑ.ඒ දේවල් මලයම හොයලා බලලා ...
නව ජනාධිපතිවරයෙක්- යහ පාලනයක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය ටිකේ ඡන්දේ ඡන්දේ කිය කියා හිටියා. ඕං දැන් ඒකත් ඉවරයි. කොහොමින් කොහොමහරි මෛත්‍රිපාල මහත්මයා නව විධායක ජනාධිපතිවරයා විදිහට තේරී පත් උනා.හරි ඒවයිං කාරි නෑ...කොහොමහරි මහින්ද ජනාධිපතිවරයාගේ පාලනය පරාද කලැයි කියමු. තාම මෙතුමට ඡන්දේ දීපු ජනතාව දිනුවේ නෑ.. ඒ ජයග්‍රහණය තමා හැබෑ ජයග්‍රහණය වෙන්නේ. ඒ ජයග්‍රහණය ලබන තෙක් ජනතාව දෑස් දල්වා බලා සිටී.ඒ නිසාම නව ජනාධිපතිවරයාට යුතුකමක් තියෙනවා තමන්ව මේ ...
උද්ඝෝෂණ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාලෙකට පස්සේ මොනාහරි ලියන්න කියලා බ්ලොග් අඩවියට ගොඩ වැදුනා. රාජකාරි වැඩත් එක්ක ලිපියක් ලියන්න විවේකයක් හොයාගන්න එක සෑහෙන අමාරු වැඩක්. වෙලාවකට හිතෙනවා අවුරුද්දටම තියෙන්නේ දෙසැම්බර් මාසය විතරයි ද කියලා. ඒ තරමටම වැඩ ගොඩක් කරන්න සිද්ධ වෙලා තියෙනවා.රීඩර් එකේ තියෙන බ්ලොග් ටිකවත් කියවගන්න වෙලාවක් නැති තරම්. මොනා උනත් වෙලාව තියෙන හැටියකට කියවන්න හිතන් ඉන්නවා. බ්ලොග් ලියන්න කියවන්න ආස හිතුනත් කම්මැලිකම ඊටත් ...
කැමති අකමැති මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා තමන් කැමති දේවල් කරන්නට ඕනෑම කෙනෙක් කැමති ය. එහෙත් හැමවිටම කැමති දේ කරන්නට ලැබෙන්නේ නැත. කැමති දේවල් කිරීමට ලැබීම සතුටක් වන අතර අකමැති දේ කිරීම අකමැති දේ අහන්නට ලැබීම දුකකි. එසේම, අපි කැමති දේවල් කිරීමට සිද්ධ වෙන කාල සීමාවට වඩා අපි අකමැති දෙයක නිරත වීමට ලැබෙන කාළය වැඩි ය. දැන් කැමති දෙයක් කරන්නට ලැබුනොත් වැඩි කල් නොගොස් අකමැති දේක නිරත ...
කතෝලික විවහා ලියාපදිංචිය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල මම කරන වැඩ වලින් රස්සාවට මූලික තැන දුන්නට පස්සේ ඊලඟට මහන්සි වෙන්නේ මගේ වෙඩිමේ වැඩ කටයුතු වලට. මගේ හිතේ තියෙන ආකාරයට වැඩ කටයුතු කරගන්න මට නිදහස හම්බ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සියළුම වැඩ වෙන්නේ මගේ හිතේ තියෙන ආකාරයට.ඒක ගැන නෙමේ අද ලිපියෙන් ලියන්ඩ හිතුවේ....අද ලිපියෙන් කියන්නේ කතෝලික අයගේ විවාහයක් ලියාපදිංචි වෙන ක්‍රියාවලිය ගැන.කතෝලික අයගේ විවාහය ලියාපදිංචි වෙන්නේ ...
ටාර්සන්ගේ රැවුල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය සතිඅන්තය හරිම කාර්යබහුල සති අන්තයක්. ඒකට ප්‍රධානම හේතුව මම මේ දවස්වල කරගෙන යන සාමාන්‍ය පෙළ පංතියේ ළමයි ටික මේ දෙසැම්බර් මාසේ සාමාන්‍ය පෙළ ලියන්ඩ සූදානම් වීම. ඒ නිසාම මේ ටික ප්‍රශ්න පත්තර වගේකට උත්තර ලියෙව්වා.ඒ උත්තර සාකච්ඡා කලා... වැරදි නිවැරදි කිරීම් කලා !ඒ නිසා බ්ලොග් පැත්ත පලාතේ එන්ඩ උනේ නෑ... ඒ නිසා ඒ ටික හිස්බඩම කියෝ ගත්තා. කමෙන්ට් කලා. ...
අසල්වැසියෝ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපේ කරදරයකදි එහෙමත් නැත්නම් දුකකදි අපේ නෑයන්ට කලින් ඇවිදිල්ලා අපට උදව් කරන කට්ටියක් තමයි අපේ අසල්වැසියෝ කියලා කියන්නේ. අසල්වැසියෝ ඉන්න එක වෙලවකට හොදක් උනාට පෙලක් වෙලාවට මාර වදයක් වෙන වෙලාවලුත් තියෙනවා. --------------------------------------------------------------- අපි හිතමු අපි උසස් පෙළ සාමාන්‍ය පෙළ වගේ විභාගයක් කරලා ගෙදර ඉන්නවා කියලා. අන්න ඒ වෙලාවට, "පුතා සාමාන්‍ය පෙළ කළා නේ ? කොහොමද ප්‍රතිඵල එහෙම ? " කියලා අහනවා. විභාගේ පාස් ...
වෙද සිසුන්ට ජල ප්‍රහාර මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඊයේ දවසේ කොළඹදී විශ්ව විද්‍යාල සිසුන් පවත්වපු උද්ඝෝෂණයට පොලිසියෙන් කඳුළු ගෑසුයි ජල ප්‍රහාරයකුයි එල්ල කලා. ඒ උශ්ඝෝෂණය, ඒකෙනුත් නවත්තන්න බැරි වෙච්ච නිසා බැටන් පොලු ප්‍රහාරයකුත් එල්ල කළා. පස්සේ පස්සේ කීපදෙනෙක්වත් අත් අඩංගුවට ගත්තා කියලා ප්රවෘත්ති වලටත් කිව්වා.කාළයකට ඉහතදී මාත් ඔහොම උශ්ඝෝෂණයකදී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක් වෙලා තියෙනවා. ඒකත් ඔය වාගේම නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සිද්ධියකට කොළඹ ආපු වෙලාවක.මුලින්ම කියන්න තියෙන්නේ මේ ...
නිලි වැස්ස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔහු රජෙකි. නමුත් ඔහු ද පිරිමියෙකි. පිරිමියෙකුට වෙනත් ගැහැනියකගේ ඇසුර සොයා ගොස් නැවත තම බිරිඳ හෝ අග මෙහෙසිය ළගට ආ හැකිය නමුත් ගැහැනියකට සිය ආසාවන් සන්තර්පණය කල හැකි පිරිමියෙකුගේ ඇසුරට ගොස් නැවත ඔහුගේ ස්වාමියා නැත්නම් රජතුමා හා සමග විසිය නොහැක.තම ගැහැනිය වෙනත් පිරිමියෙකු හා නිදි වැදීම තම පිරිමි කමට කරන ලද නිගාවක් ලෙස ඔහු සිතයි. නමුත් ඔහු වෙනත් ගැහැනුන් සමග ...