මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
අපිරිසිදුම කඩ කෑම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලංකාවේ අපිරිසිදුම කෑම ජාතිය මොකද්ද කියලා ඇහුවොත් එක එක අය එක එක උත්තර දෙයි. සමහරු කියයි හෝටල් කෑම ඔක්කොම අපිරිසිදුයි නේ කියලා. ඇත්ත !!! ඔක්කොම හෝටල් කෑම අපිරිසිදුයි තමා. ඒත් මම් අහන්නේ මොකද්ද අපිරිසිදුම කෑම ජාතිය කියලා. ලංකාවේ තියෙන අපිරිසිදුම කෑම ජාතිය තමයි ඉඳිආප්ප !!!! " කොහොමද ඉඳිආප්ප අපිරිසිදුම කෑම ජාතිය වෙන්නේ ? " . වෙන්නේ මෙහෙමයි. ඔය හොටල් වල ගොඩක් වෙලාවට ඉඳිආප්ප ...
ගුවන් විදුලි නාට්ටි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ගුවන් විදුලි නාට්ටි ගැන අපේ පරම්පරාවට වඩා හොඳින්ම දන්නේ අපේ අම්මලා අප්පච්චිලෑ පරම්පරාව. ඒ කාලේ රූපවාහිනියට වඩා ජනතාවට සමීප මාධ්‍යය වෙලා තිබුනේ ගුවන් විදුලිය.. සරලව කියනවා නං රේඩියෝ එක !ප්රවෘත්ති දැන ගැනීම වගේම සිංහල ගීත හින්දි ගීත රසවිඳින්න ඒ දවස්වල තිබ්බ එකම මාධ්‍යය වෙලා තිබුනේ රේඩියෝව.. ! මේ හන්දම රේඩියෝ නාලිකා එක්ක අත්වැල් බැඳගත්ත ශ්‍රාවක පිරිසක් බිහිවෙලා තියෙනවා.. ඔය අතරින් ...
කොච්චර කාලයක් ගත වෙනවද ? මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔන්න අද ලිපියෙන් කියන්න යන්නේ කතාවක් එහෙම නෙමේ. අද ලිපියෙන් දෙන්ඩ යන්නේ ගණිත ගැටලුවක්. මේ ගණිත ගැටලුව අපිට දුන්නේ අපිත්තෙක්ක වැඩ කරන යාළුවෙක්. අපේ කණ්ඩායමේ අය කොහොමහරි එක එක උත්තර දීලා අන්තිමේදි ප්‍රශ්ණය විසඳුවා.ඔයාලත් උත්සහ කරලා බලමු !බැරි වෙන එකක් නෑ....මේකයි ප්‍රශ්නේ.එක ගෙදරක ලොකු වතුර ටැංකියක් තියෙනවාලු. ඒ ටැංකියට බට දෙකක් සම්බන්ධ කරලා තියෙනවාලු. ආයේ ඒකේ අරුමයක් නෑ.. ඕනම ටැංකියක ...
අතුරුදහන් වී සිටියෙමි. මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හුග දවසකට බ්ලොග් එක පැත්ත පළාතේ එන්න ලැබුනේ නැහැ. ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය මාස තුනකට විතර පස්සේ ඉවර වෙලා ආයෙම අපේ විභාග පටන් ගන්න දිනයක් නියම වෙලා. ඉතින් එකට පාඩම් කරන්න සිද්ද වෙච්ච නිසයි බ්ලොග් එක පැත්තෙවත් එන්න උනේ නැත්තේ. පහුගිය විභාගේ කාලේ නම් මගේ කම්පියුටර් එක හොස්ටල් එකේ තිබ්බ හන්දා පාඩම් කරලා මහන්සි උනාම බ්ලොග් පෝස්ට් එකක් කියවන්නවත් පුළුවන් ...
බිත්තරේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මගේ බ්ලොග් අඩවිය කියවන අය දන්නවා ඇතිනේ අපේ හරබර සාකච්ඡා සේරම කෙරෙන්නේ තේ වෙලාවටයි කියලා. හරි දන්නේ නැත්තං අද දැනගත්තා නෙහ්. අදත් අපි පුරුදු වෙලාවට තේ බොන්ඩ ගියහම සාකච්ඡා උනේ බිත්තරේ ගැන. !මතකයිනේ අපි දෙගොල්ලෝ කලිං දවසක බිත්තරේ කඩන්න ඕන පැත්ත වෙනුවෙං මරාගත්තා කියලා. ඒ ප්රශ්නය දවස් කීපයකින් විසද ගත්තා ! ඒ එදා නේ... අද බිත්තරේ ගැන කතාවට මුල් උනේ ...
මාර්කටින් බුවෙක් සමග කුඩේ යටින් ගියෙමි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල අපට හවසට හවසට වහින හන්දා මගේ ගමන් මල්ලේ අනිවාර්ය දේවල් ගොඩට කුඩයකුත් එකතු කරගෙන ඉන්නවා. නැත්නම් මේ වහින වැහි වලට තෙමුනොත් හෙම්බිරිස්සා හැදෙන එක නවතින එකක් නෑ..හෙම්බිරිස්සාව තමා මට තියෙන සුළභම අමාරුම ලෙඩේ... !අද කියන්ඩ ආවේ හෙම්බිරිස්සාව ගැන නෙමේ. ඔහොම වහින දවසක මම් වැඩ ඇරිලා අපේ පාරේ බස් එකකට ගොඩ උනා ගෙදර යන්ඩ. කොහොමින් කොහොමහරි පෑ එකහමාරකට විතර ...
නොදැකපු මිතුරෝ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අවුරුද්දට වඩා වැඩි කාලයක් ගොඩක් අයගේ බ්ලොග් කියව කියවා හිටියට ඒ බ්ලොග් ලියන්නේ කවුද කියලා මම් මීට කලින් දැනගෙන හිටියේ නෑ. දැනගන්න උනෙත් නෑ. මොකද ගිය අවුරුද්දේ සංසදයේ ගෙට්ටුව වෙලාවේ මට විභාග තිබ්බා. ඒ නිසා ඒ අවුරුද්දේ ගෙට්ටුව මිස් උනා.කොහොමහරි මේ අවුරුද්දේ ගෙට්ටුවට කලින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ තිබ්බ පොත් ප්‍රදර්ශනය බලන්න බ්ලොග් ලියන කට්ටිය එකතු උන වෙලාවේ කට්ටිය අදුන ...
එක එක පාටවල් වල එක එක තේරුම් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද තමා අපේ කන්තෝරුව මේ අවුරුද්දට ඉස්ස ඉස්සෙල්ලහම වැඩ පටන් ගන්නේ !ඒ නිසා මං අද ටිකක් උදෙං ආවා.කන්තෝරුවට ගොඩ වෙනකොටම වාගේ,"ආහ්.. උබ අද මනස්ථාපනයේ පාට ඇඳගෙන ඇවිත් තියෙන්නේ...." කියලා එකෙක් කියපි. කතෝලික අය මනස්ථාපනයේ පාට විදිහට සලකන්නේ දම් පාට ලූ,. මං අද දම් පාට ෂර්ට් එකක් ඇඳන් ඇවිත් තියෙන නිසයි ඒකා එහෙම කිව්වේ.ඔය වගේ එක එක පාටවල් වලට එක එක ...
නැතිවුන රොබරෝසියා ගහ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද උදේ මූනු පොතට ගොඩ වෙනකොට දැක්කේ අපේ පේරාදෙණිය තිප්පොලේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර එලිමහන් රංග පිඨය මැද තිබ්බ රොබොරෝසියා ගහ කපලා දාපු (හෝ කඩා වැටුනු) පින්තූර ටික. මේ පින්තූර ටික ගොඩක් දෙනා අතරේ හුවමාරු වෙලා තිබ්බා.පහලින් තියෙන්නේ ඒ පින්තූරේ... !මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර එලිමහන් රංග පීඨය එහෙම නැත්නම් කෙටියන්ම කියනවා නම් "වල" මැද තිබුනු ඔය රොබරෝසියා ගහ නාට්ටි බලපු අපිට ඒ ...
ඔබේ පෙම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දිය පොදක් නොමැති කතරක දිය පොදක් සේ....මගේ දිවියම ඔබෙන් ආලෝකමත් උනා.....කෙළවරක් නැති දිවි කතරේ අතරමං වූ මා හට....ඔබේ පෙම පහන්තරුවක් උනා.............-------------------------------------------------------------------ප.ලි. - ෆෝන් එකට ගහපු හෙඩ්සෙට් එකේ වයර් එක හප හප ඉන්න දවස්වල අහම්බෙන් පොතක ලියවෙච්ච සිතුවිල්ලක්.... ...
නෝවාගේ නැව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ අවුරුද්දේ මාර්තු මාසේ 10වෙනිදා නෝවා කියලා ඉංග්‍රීසි චිත්තරපටියක් නිකුත් උනා. ඔන්න දැන් ඒ චිත්තරපටියෙම කොපියක් අන්තර්ජාලයෙන්ම බාගත කරගෙන බලන්ඩ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. චිත්‍රපටිය නිකුත් වෙලා මාස කිහිපයකින් බලන්ඩ තියෙන එකත් මරු වැඩේ.. ! ඒවයින් කාරි නෑ... චිත්‍රපටිය බලන්ඩ තියෙනවා නෙව.මේ චිත්‍රපටියෙන් කියැවෙන්නේ බයිබලයේ පුරාණ ගිවිසුම කාළයේ ජීවත් වෙච්ච නෝවා කියන මනුස්සයෙක් ගැන. නෝවාගේ කාළයේදි මිනිස්සු විවිධ දුරාචාර වලට ...
මොණර ගල ගවේෂණය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පළවෙනි දවසේ අපිට යන්ඩ ඕන කරලා තිබුනේ මොණරාගල රජමහා විහාරයට. එකටම තමා මයුරගිරි ලෙන් විහාරය කියලත් කියන්නේ.. මොණරාගල නගරයේ ඉදලා විහිදෙන කඳු පන්තියේ එක කන්දක් මතයි මේ විහාරය පිහිටලා තියෙන්නේ.මේ විහාරය ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ පොලොන්නරු යුගයේදී එවකට අට දහස් රට පාළනය කරපු සුගලා දේවිය දළදා වහන්සේට පුද සත්කාර කිරීමට ඉදි කරපු දළදා මාලිගාව නිසා. මේ දළදා මාලිගාවේ නටබුන් අද දකින්න ...
ෆේස්බුක් වයිරස් එකක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාලෙකට පස්සේ මොනවහරි ලියන්න කියල අද තමයි ටිකක් විවේඅයක් ලැබුනේ. විවේකය මදි කමට ලොකුම හේතුව උනේ මට අළුත් පරිගණක භාෂාවක් ඉගෙන ගන්ඩ සිද්ධ වෙච්ච එක. ඒ භාෂාව ඉගෙන ගන්න කාලය ගත උනා වාගෙම ඒ භාෂාව පාවිච්චි කරලා එක එක වැඩ කෑලි දාන්නත් සිද්ධ උනාඒකට තමා වැඩිමනක්ම කාළය ගත උනේ. උදේ හිටන් හවස් වෙනකන්ම ඒ මත්තේ නැහුනට පස්සේ ගෙදර ගිහින් ආයේ ...
ආච්චිගේ මරණය හා අමුතු චාරිත්‍ර මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මට මේ සතිය උදා උනේ කණගාටුදායක ආරංචියක් අහන්න ලැබීමත් එක්ක. මට වඩා මේ ආරංචියට දුක් උනේ අපේ නෝන. ඒ අපේ නෝනාව පොඩි කාලේ බලාකියා ගත්තු ආච්චි අම්මා අන්ත්‍රා වීමේ කනගාටුදායක ආරංචිය නිසා. මේ ආරංචිය ඇහුවට පස්සේ මායි අපේ එක්කෙනායි එයාලගේ ගෙදර ගියා ආච්චි අම්මගේ අවමංගල්ලෙට සහභාගි වෙන්ඩ. ඒ ගිහිං අපි දෙන්නා ඒ කටයුතු වලට උදව් උනා. කාලයක් තිස්සේ ලෙඩ වෙලා ...
කොම්පියුටරේ ලෙඩේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මතකනේ මම කලින් පෝස්ට් එකකදී කිව්වා මට කොම්පීතරයක් හදන්ඩ ලැබුනයි කියලා. එදා ඒ කොම්පීතරේ රැම් එක ගලවලා පිහිදාලා හයි කලාට පස්සේ ටීක් ටීක් සද්දේ නැවතුනා. ඒ උනාට කළු පාට තිරයෙන් එහාට්ට ඇවිත් වින්ඩෝස් ලෝඩ් වෙන්නේ නෑ...මම දහ අතේ කල්පනා කලා මොකද මේ කොම්පීතරේ අවුල කියලා.මම කල්පනා කරන වාරයක් පාසා නෑනන්ඩි ඇවිත් ඇවිත් හිනා වෙනවා.උන්දෑට ඕන කෝමහරි මට විහිලු කරන්ඩ.."අපෝ කොම්පියිටර් ...
ඔය ගෙදර කොප්පේ නේ ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද කියන්ඩ යන කතාව සිද්ධ උනේ මම සිරිපා කරුණා කරපු දවස් වල. අපි උදේම්ම පරණ පාරේ යන මොණරාගල බස් එකක නැගලා රත්නපුරේට ඇවිදින් එතැනින් පලාබද්දල බස් එකක එල්ලිලා සිරිපා කරුණා කරන්ඩ පලාබද්දල ආවයි කියමු.පලාබද්දලින් බැහැලා උදේ කෑම කන්න ලෑස්ති උනා.අපි උදේ කෑමට ගෙදරින් එනකොට හදාගෙන ආපු සීනි සම්බෝලයත්තෙක්ක පාන් කෑවා. කාලා ඉවර වෙලා මම යෝජනා කළා ලඟ තිබ්බ කඩෙන් ප්ලේන්ටි ...
අයිසන් වල්ගාතරුව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ ටිකේ චෝගම් හන්දා කොළඹ පාරවල් තැන් තැන් වලින් වහලා දමලා. ඒ නිසා සාමාන්‍ය වෙලාවට අමතරව ටිකක් වැඩි වෙලාවක් යනව. ඒ මදිවට සෑහෙන ට්‍රැෆික් එකක් එකතු වෙලා. ඔය නිසා මම අද වැඩට ගියෙත් නෑ. නිවාඩුවක් දාලා ගෙදර හිටියා.ගෙදර ඉඳන් කරපු එකම වැඩේ චෝගම් බලපු එක !වැඩේට නං සෑහෙන්ඩ වියදම් වෙලා තියෙනවා වාගේ.... ! ;)මේ චෝගම් එකක් හන්දා තව ටිකෙං කියන්ඩ ...
පිදූ රං ගල පිදුරන්ගල වීය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාලෙකට උඩදි අපි සීගිරියෙයි පිදුරංගලයි ගියා. පිදුරංගල විහාරය වැඳලා කන්ද නගින කොට මැදකදී මගේ දනිහ පැන්න. ඒ නිසා මට ගල මුදුනටම යා ගන්න බැරි උනා. පිදුරංගලින් පහලට බැස්සෙත් අපේ දෙන්නෙක්ගේ වාරුවෙන් වත්තම් වෙවී. ඒ නිසා මට හරියාකාරව පිදුරංගල බලාගන්ඩ බැරි උනා. ආයෙම දවසක නම් අනිවාර්යෙන්ම යන එක යනවාමයි.පිදුරංගල වැඳලා සීගිරියට එනකොට සීගිරිය ගල නගින පඩිපෙල කිට්ටුවම වගේ ඉන්නවා අමරේ මාමා ...
මෝස් ගණකය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මීට මාස කිහිපයකට විතර උඩදි අපේ කන්තෝරුවේ වැඩ කරන කමල් අයියා ලැප්ටොප් එකෙන් සර්කීට් එකක රූපයක් බලාගෙන ඉන්නවා. මාත් ටික වෙලාවක් ඒ සර්කීට් එක දිහා බලාගෙන ඉදලා "මොකද්ද කමල් අයියා ඔය සර්කිට් එක ?" කියලා ඇහැව්වා.කමල් අයියා ගැන කියනවා නං අවුරුදු 54ක් වයස අවුරුදු තිහක විතර පරිගණක ක්ෂේත්රයේ පලපුරුද්ද තියෙන ප්‍රවීනයෙක්. ඒ වගේම විවිධ විවිධ දේ අත්හදා බැලීම් කරලා බලන්න ...
සම්ප්රදාය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාලෙකට පස්සේ පුංචි පහේ දේශනයක් අහන්ඩ ලැබුනා. ඒ දේශනයේ කියවුනේ සම්ප්‍රදායන් ගැන. දේශකයා තමන්ගේ දේශනය මුලින්ම පටන් ගත්තේ ප්‍රශ්න කිහිපයකින්.ඒ ප්‍රශ්න තමයි,ඇයි අඟහරුවාදයි සිකුරාදයි මිනි වළලන්ඩ හොඳ නැත්තේ ?ඇයි ඒ දවස්වලට නාන්ඩත් හොඳ නැත්තේ ?ඇයි අඩු මාස වල (පෙබරවාරි හෝ දින තිහක් තියෙන මාස) වල විවහා උත්සව ගන්නේ නැත්තේ ?ඔය වගේ ප්‍රශ්න කිහිපයකින් තමයි දේශනය පටන් ගත්තේ...ගොඩක් වෙලාවට අපට මේ ...